අරුණි ශපීරෝ‍ වෙතින්

කරුණාකරලා එකතුවෙන දිනය තෙක් ජීවත් වෙන්න

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 25, 2011

ටයිම් සඟරාව විරෝධතා දක්වන්නාව 2011 වසරේ පුද්ගලයා වශයෙන් කවරය සරසන්නට යොදා ගති. ටයිම් සඟරාව ගැන මා කළින් ලියූ සටහනක් මෙතැන. ටයිම් සඟරාව අරාබි වසන්තයේ සිට ඇතැන්ස් ග්‍රීසියටත් එතැනින් ඇමෙරිකාවේ වෝල් වීදියටත්, අනතුරුව රුසියාවේ මොස්කව් කරා පැතිර ගිය විරෝධතා දක්වන්නන් ගැන කියයි.

එහෙත් වර්තමාන විරෝධතා දක්වන්නා වැඩ පටන් ගත්තේ ඊට කළින් සිට ය. ප්‍රචණ්ඩ ක්‍රියා වලින් තොර වූ, වර්ජන, මහජන රැළි සහ අන්තර්ජාලයේ ක්‍රියාකාරී වීමෙන් කෙළින්ම රජයට තම අප්‍රසාදය දක්වන නූතන මහජන විරෝධතා 2009 දී දකින්නට ලැබිණ. තේ පාටි සංවිධාන කියා ගත්තවුන් 2009 ජනවාරි 24 දා ඇමෙරිකාවේ සෝඩා බීම වලට ගැසූ බද්දක් නිසා ද, පෙබරවාරි 27 වැනිදා ජෝර්ජ් බුෂ් පුතාගේ මහජන මුදලින් ව්‍යාපාර බේරා ගැනීමේ වැඩ සටහනට විරුද්ධව ද, ඇමෙරිකන් බදු දිනය වූ අප්‍රේල් 15 වැනිදා ඉහළ බදු වලට එරෙහිව ද, ජූලි 4 දා ඇමෙරිකන් නිදහස් දිනයේ ද, සැප්තැම්බර් 12 දා නිව් යෝර්ක් නගරයේ සැප්තැම්බර් 11 ප්‍රහාර සංවත්සරය ද, නොවැම්බර් 5 වැනිදා සෞඛ්‍ය පනතට එරෙහිව වොෂිංටනයේ ද විරෝධතා පැවැත්වූහ.

ඇමෙරිකාවේ දකුණ හා වම දෙකටම එරෙහිව ජනතා විරෝධතාවයක් එසේ ගෙන ඇවිත් තේ පාටි සංවිධාන (ඒවා දේශපාලන පක්ෂ නොවේ) මැද මැතිවරණයෙන් දකුණට හා වමට දෙපැත්තටම නතු නොවන දේශපාලනඥයන් බලයට පත් කළහ. අද ඇමෙරිකාවේ ලිබටේරියන් මතවාදීයෙක් වන රොන් පෝල් ජනාධිපති අපේක්ෂකයන් අතර දෙවැනි තැන තරඟයේ යෙදෙයි. රොන් පෝල්ට ජයවේවා! විරෝධතා දක්වන්නන්ට ජයවේවා!

තවම මම ගමනේ යෙදී සිටින නිසා ඉඩ ඇති විදියට රට රටවල විරෝධතා දක්වන්නන් ගැන ලියන්නම්. කුමන රටක වුවත් විරෝධතා දක්වන්නට අය සිටිය යුතුයි. රටක් හැදෙන්නේ එහෙම අයට ඉඩක් ඇත්නම් පමණයි.

උඩ ඉන්න දෙය්යෝ “අරාබි වසන්තය” උතුරු කොරියාවට උදා කරන්න උත්සාහයක් ගනී! මැයෙන් රයිගම්හන්දිය දැමූ සටහන අගෙයි. බූවාගේ අඩවියේ අකුරු වෙනස් වෙලා නිසා මගේ ඇපල් පොත හදාගන්න ඉඩක් ලැබෙන කම් කියවන්න විදියක් නැහැ.

ස්ටාලින්ගේ රුසියාවේ මරණයට පත් වූ අයට හිතාගන්න බැරි වුනේ ඇයි සෙසු ලෝකයා තමන්ව බේරාගන්න එන්නෙ නැත්තෙ කියලා. පැනලා ආපු අය විතරයි දැන ගත්තෙ බටහිර රටවල හිටපු වෝල්ටර් ඩුරාන්ටි වැන්නන් පුලිට්සර් තෑගි ලබමින් මොන බොරු කිව්වා ද කියල. ඒ නිසා වෙන්නැති ඊයේ දකුණු කොරියාවෙන් බැලුම් වල පුරවලා මෙහෙම පත්‍රිකා උතුරට යැව්වෙ. “උතුරේ ඉන්නා අපේ කොරියානු සහෝදරයන් වැටී ඉන්නා ඛේදවාචකය ලෝක ජනතාව අමතක නොකරති. කරුණාකරලා එකතුවෙන දිනය තෙක් ජීවත් වෙන්න.” “The people of the world do not forget the ordeal that our North Korean brothers are undergoing,” the leaflets said. “Please be alive until the day of unification.”

නිදහස නැති රටක වාසය කරනා අය අතර හිතන්නට හැකියාව ඇති සොච්චමක් පමණක් වචනයක්, හැසිරිල්ලක් පාලකයන්ට රිසි නොවූ පමණින් ජීවිතය අහිමි විය හැකි බව දනිති. අනිත් අයට ඒ වැටහීම නැතත් ඔවුන්ගේ ක්‍රියා කලාපය හැඩ ගැස්වී ඇත්තේ බඩ ගා වැඳ වැටී ජීවිතය රැක ගන්නට ය.

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. kevin perera said, on දෙසැම්බර් 25, 2011 at 12:56 ප.ව.

    //නිදහස නැති රටක වාසය කරනා අය අතර හිතන්නට හැකියාව ඇති සොච්චමක් පමණක් වචනයක්, හැසිරිල්ලක් පාලකයන්ට රිසි නොවූ පමණින් ජීවිතය අහිමි විය හැකි බව දනිති. අනිත් අයට ඒ වැටහීම නැතත් ඔවුන්ගේ ක්‍රියා කලාපය හැඩ ගැස්වී ඇත්තේ බඩ ගා වැඳ වැටී ජීවිතය රැක ගන්නට ය.//
    අරුණි මෙන්න මෙතන තමා ඔයාට වැරදුන තැන. මේවායේ මිනිස්සු ඒකාධිපතියන්ට යටත් වෙලා ඉන්නේ බලය/භය කියන තැනින් නොවෙයි වසඟය තුලින්. රියානගේ ඇස් ඇන්ඩ් එම් සිංදුවත් මෙතනට සම්බන්දයි.(Sadists and Masochistic )මනෝ විද්‍යාව දන්න ඔයා දන්නව නේ මේ වගේ රටවල (ලංකාව වගේ)මිනිස්සු මේ මානසික අපත්තිදායක තත්වයට සමූහයක් ලෙස පත්වෙලා රෝගී වෙලා ඉන්නෙ DSM IV වල මේවා ගැන කියල නෑ. එකාධිපති /රජුන් ට කියල තමාව වධ බන්දනයට ලක් කර ගැනීමෙන් දුකම මොන තරම් සතුටක්දෝ කියල ස්වපීඩාවට පත් වෙලා ආතල් එකක් ගන්නේ ඔයා කිව්වම ඔයාලට කිසි නිදහහසක් නෑ කියල උන් අහනව ඇමරිකන් පට්ට වේ…යේ උම්බට පිස්සුද අපි හරි ආතල් එකේ රජාට කියල ස්ව පීඩාවට පත් වෙමින් ඉන්නේ කියලා.

    මෙන්න සිංහල බෞද්ධ ජනප්‍රිය චින්තනය http://sinhalabuddhist.com/2011/12/kim-jong-il/

    I call them mass hysteria of Mass Masochistic people in S and M countries…….

    Na na na na
    Come on
    Come on
    Come on
    I like it
    Like it
    Come on

    Sticks and stones may break my bones
    But chains and whips excite me

    S-S-S & M-M-M
    S-S-S & M-M-M
    S-S-S & M-M-M
    S-S-S & M-M-M

    Robyn Rihanna Fenty

    • arunishapiro said, on දෙසැම්බර් 26, 2011 at 10:29 ප.ව.

      kevin perera,

      ලෝකයේ කිසිම රටක වැඩි පිරිසක් බය නිසා එහෙම යටත් වෙලා ඉන්නවා කියල නෙමෙයි මම කියන්නෙ. එසේම වසඟය නිසා ද නොවේ. ලෝකයේ හැම රටකම ඉන්නා බහුතරයට හිතන්න ඕනෑකමක් නැති නිසාවෙන් ඊට හැකියාවක් ද නැතිකම නිසා. එහෙම හිතන්න ඕනෑකමක් ඇති වී ඊට හැකියාවක් සහ දැනුමක් ලැබෙද්දී බහුතරය අතරින් සැලකිය යුතු පිරිසක් ඒ ඉන්නා පරාජිත මානසිකත්වයෙන් ගොඩ එන්න උත්සාහ ගන්නවා.

      ඇමෙරිකාවේ ඉන්න බහුතරය ද තවමත් රොන් පෝල් පෙන්වා දෙන අපේ අතිශය අගනා වූ නිදහස දවසින් දවස කප්පාදු වෙන හැටි අවබෝධයෙන් තොරයි. ඒත් ඒ අයගේ නිදහස ද රැකී ඇත්තේ රොන් පෝල් වැනි ඇමෙරිකාවේ නීතිය හා ව්‍යවස්ථාව රකින්න කැප වූ අය ඉන්නා නිසා. ඒ නිසයි උවමනාවක් හෝ හැකියාවක් නැති අයගේ වචන හෝ හැසිරීම පාලකයන්ට රිසි නොවූ පමණින් ජීවිතය නැති වෙන්නෙ නැත්තෙ. අපි දිනපතා පාලක බලය වැඩි කරගන්න උත්සාහ ගන්නා අය සමඟ හැප්පෙන්නෙ ඔවුන්ට සම්පූර්ණ බලය අල්ලා ගන්න ඉඩ නොදෙන්නයි. පසුගියදා යෙමෙනයේ දී ඇමෙරිකන් මිසලයකින් මරා දැමූ ත්‍රස්තවාදී ඇමෙරිකන් පුරවැසි අන්වර් අල්-අව්ලාකි ගැන රොන් පෝල් ඇතුළු ලිබටේරියන් මතවාදීන්ට ඇත්තේ ඔබාමා ආණ්ඩුව ඇමෙරිකන් ව්‍යවස්ථාදායක නීතිය කැඩුවා ද යන ගැටළුවයි. නිදහස ඇති රටක් ද නැත්නම් නිදහස නැති රටක් ද යන්න නීතිය රටේ පුරවැසියන් කාටත් එක සේ ක්‍රියාත්මක වෙනවා ද නැද්ද යන්න මත තීරණය වෙන්නක්.

      පොලිස්කාරයාට මීනීමරුවෙක් අල්ලා ගත්තාට මිනීමරුවාට වෙඩි තියා මරා දාන්න නීතියෙන් අවසරයක් නැහැ. මිනීමරුවා උසාවියට ඉදිරිපත් කර වරදකරු බවට ඔප්පු කර උසාවිය විසින් දඬුවම් ලබා දිය යුතුයි. පොලීසියත් උසාවියත් ඊට පස්සෙ බන්ධනාගාරය හා මරණ දඬුවම වෙන වෙනම බෙදී ඇත්තේ සම්පූර්ණ බලය සම්පූර්ණ දූෂිතයෙක් බිහි කරන නිසා. අපව ආරක්ෂා කරන පමණින් සම්පූර්ණ බලය පොලීසියට දෙන්නේ නැතිවා වගේ අපිව ආරක්ෂා කරන සම්පූර්ණ බලය පාලකයාට ද සුදුසු නැහැ.

      උදාහරණයක් මෙහෙම: සෝවියට් රුසියාව කාන්තාවට චන්දය දාන්න අවසරය දෙන්නෙ 1917 දී. ලංකාව 1931 දී. ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යක්ව සිටිය දී 1935 දී කාන්තාවට දීපු චන්ද අවසරය 1947 දී නිදහස් රටක් වශයෙන් කාන්තාව වෙතින් අහක් කළේ නැහැ. ඒත් ස්විට්සර්ලන්තය කාන්තාවට චන්ද අයිතිය දෙන්නෙ 1971 දී …. නමුත් මම ගිහින් තියන අපන්සල් නැමැති ස්විස් කැන්ටන්හි (Appenzell Innerrhoden) කාන්තාවන්ට තවමත් චන්ද දාන්න අවස්ථාවක් නැහැ. ලංකාවේ ඉන්දියාවේ කාන්තාවන් ඉහළම දේශපාලන පුටු හොබවලා තියනවා. ඒත් හිතන්න පුළුවන්කමක් තියන කාන්තාවක ගෙන් ඇහැව්වොත් තමන් නිදහසේ ඉන්න කැමති රට කුමක් ද කියා ඔයා හිතන්නෙ රුසියාව ද, ලංකාව ද, ඉන්දියාව ද නැත්නම් ස්විට්සර්ලන්තය ද කාන්තාවක් විසින් තෝරා ගන්නේ?

      ඒකීය පුද්ගල නිදහස අගයන රටක් පුරවැසි අයිතීන් රකින්නේ එය නීතියෙන් ආරක්ෂා වන අයිතියක් නිසා. නිදහස අගයන්නේ නැති රටක නීතියට තැනක් ද නැහැ. මෙතැන දී පුරවැසියාගේ ‘කැමැත්ත’ යන්න සාධකයක් නොවේ. පුරවැසියා කැමති වුවත් අකමැති වුවත් ඒ පුද්ගලයාගේ නිදහස ආරක්ෂා කිරීම රටේ නීතියෙන් රැක දෙනවා.

      සුබ පැතුම් වලට ස්තූතියි.

  2. kevin perera said, on දෙසැම්බර් 25, 2011 at 11:24 ප.ව.

    සුභ නත්තලක් සහ සුබ ගමන්

  3. kathandarakaraya said, on දෙසැම්බර් 26, 2011 at 12:49 පෙ.ව.

    ඔව් ලෙහල බලන්න තියෙන එක ඔබල බලන්නේ ඇයි?

  4. chandi said, on දෙසැම්බර් 26, 2011 at 7:37 පෙ.ව.

    // නිදහස නැති රටක වාසය කරනා අය අතර හිතන්නට හැකියාව ඇති සොච්චමක් පමණක් වචනයක්, හැසිරිල්ලක් පාලකයන්ට රිසි නොවූ පමණින් ජීවිතය අහිමි විය හැකි බව දනිති. අනිත් අයට ඒ වැටහීම නැතත් ඔවුන්ගේ ක්‍රියා කලාපය හැඩ ගැස්වී ඇත්තේ බඩ ගා වැඳ වැටී ජීවිතය රැක ගන්නට ය.// මේ ගැන හොඳ සටහනක් තියෙනවා වන හංසියෝ පොතේ. කොතරම් මේ ඒකාධිපති පාලකයන්ට ගැතිවෙලා හිටියද කීවොත් තම බිරිඳ ගබ්සාවකින් පෙළන වෙලාවක ඈව ඉතා අසරන තත්වයකට ඇද දමනවා ස්වාමියා විසින් ඇයව වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෙනියන්නෙ නැතිව. මේක චීනයට, කොරියාවට කියල වෙනසක් නෑ නංගි. සුබ ගමන්!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: