අරුණි ශපීරෝ‍ වෙතින්

2012 අනතුරුදායක ලෙසින් ජීවත්වන වසර වෙයි ද?

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 4, 2012

දොම්නස ලොව නන් දෙස පැතිර වූ, ගැටළු තවත් අවුල් වියවුල් කළා මිස විසඳා නොගත් වසරක් ලෙසින් 2011 නිමාවට පත්විය. 2012 අනතුරුදායක ලෙසින් ජීවත්වන්නට සිද්ධ වන වසරක් ලෙස අවුරුද්ද පටන් ගනිද්දී ම පෙනී යන්නකි. 2012 ඒකීය පුද්ගලයන්ට වඩා ආණ්ඩු වලට අනතුරුදායක වෙයි ද?!!!

ආණ්ඩුවක් ඕනෑ ඇයි? බොහෝ දෙනෙක් සිතන්නේ රටකට ආණ්ඩුවක් ඕනෑ ජනතාව මෙහෙයවනු සඳහා බවයි. එහෙත් ආණ්ඩුවක් ඕනෑ එකම එක අවශ්‍යතාවයක් සපුරන්නට ය. ආණ්ඩුවක් ඕනෑ රටේ වාසය කරන ජනතාවගේ පුද්ගලික දේපල ආරක්ෂා කර දෙන්නට පමණි. පුද්ගලික දේපල කියූ සැනින් බහුතර පිරිසකගේ මනස දුව යන්නේ ධනවතුන්ට හිමි වස්තු වෙතට ය. එහෙත් වඩාත්ම අගනා වූ පුද්ගලික දේපල නම් ඒකීය පුද්ගල නිදහසයි. එහි අහිමිය දුප්පතාටත් පොහොසතාටත් එක සේ බලපායි. ඒකීය පුද්ගල නිදහස නොමැති වූ විට පුද්ගලයාට ධන වස්තු එක්කාසු කරත හැකි හැකියාව සමඟින් ස්ව ප්‍රාණය ද රඳන්නේ නිදහස කප්පාදු කරන පාලකයකුගේ සිතැඟියාව අනුව ය. එනම්, වැඩියෙන් ධන වස්තු එක්කාසු කරත හැක්කේ ද, ජීවිතය රැකගත හැක්කේ ද, පාලකයාට කත් අදිනා අයට පමණි. ඒකීය පුද්ගල නිදහසට තැනක් නැති විට, දුප්පතාට ධනවතෙක් වීමේ හැකියාව සමඟ ජීවත්වීමට හැකියාව ද කප්පාදු වෙයි. හේතුව ජනතාව මෙහෙයවනු පිණිස ඇති ආණ්ඩු වැඩ කරන්නේ පාලකයාගේ සිතැඟියාව අනුව මිස රටේ ඒකීය පුද්ගල නිදහසට තැනක් නොදී නිසා ය.

කතන්දර පොතකින් බිහිවන සාර්ථක සිනමා නිෂ්පාදන ඇත්තේ ඩිංගකි. කතන්දර පොතට වඩා සිනමා නිර්මාණය ඉහළ වූ අවස්ථා ඊටත් අඩු ය. වියවුල් දේශපාලන පසුබිමක ආදර වෘත්තාන්තයක් වූ “අනතුරුදායක ලෙසින් ජීවත්වන වසර” The Year of Living Dangerously (1982) එම නමින් ම Christopher John Koch අතින් ලියැවුනු පොතින් බිහි වූ චිත්‍රපටියකි.

විදෙස් ආක්‍රමණ, ස්වභාවික ව්‍යසන, පුරවැසියන් පටන් ගත් උවදුරු සියල්ල ගනිද්දී රටක පාලකයෙක් ඒ රටට කර ඇති හානිය අර සියල්ලට වඩා අති මහත් ය. ජෝර්ජ් බුෂ් පුතා සහ බරාක් ඔබාමා කර ඇති හානියෙන් ගොඩ එන්නට ඇමෙරිකානුවන් කොපමණ වෙහෙසක් ගන්නේ ද යන්න ඊයේ පැවති අයෝවාහි ඊ ළඟ ජනාධිපති සොයන මුල් වටයෙන් දකින්නට ලැබුණි. ලොව අන් කිසිම රටක දකින්නට නොහැකි සුළු ජාතියක්, සුළු ආගමක් නියෝජනය කරන්නෙකුට (මිට් රොම්නිට මා චන්දය නොදෙන්නේ දේශපාලන ප්‍රතිපත්ති වලට එරෙහි නිසා මිස ඔහුගේ ආගම සලකා නොවේ) රටේ විධායක බලය දුන් හා දෙන්නට සුදානම් ඇමෙරිකානුවන් ගැන ඇති වන්නේ තවත් ළැදියාවකි. අද අළුයම ප්‍රවෘත්ති කියවද්දී ඇමෙරිකාවට ඇති මගේ ආදරය තවත් වැඩි විය!!!

2012 දී බලාපොරොත්තු තබන්නට හැකි දෑ බොහොමයකි. රොන් පෝල්ට ලැබෙන සහයෝගය හා තරුණ පිරිස් ඔහු වටා එකතු වීම නිසා බුෂ් පුතාගෙන් හා ඔබාමා වෙතින් කප්පාදු වූ ඒකීය පුද්ගල නිදහස යළි දිනයෙක ඇමෙරිකාවේ බැබලෙන බවට බලාපොරොත්තු තබාගත හැකිය. අමෙරිකාවේ යළි ඒකීය පුද්ගල නිදහස බැබලෙද්දී ඒ ගැන සෙසු රටවල ද හැඟීමක් ඇති වෙන්නට ඉඩ ඇතැයි බලාපොරොත්තු තියාගත හැකිය. ඊ ළඟ ඇමෙරිකන් ජනාධිපති කවුරු වුවත් බුෂ් හා බරාක්ගේ ප්‍රතිපත්ති වලින් වෙනස් වන නිසා ඇමෙරිකාව බංකොළොත් නොවී ලංකාවට IMF ණය එවා බඩගින්නේ ඉන්නට සිද්ධ වන ජනතාව පාරවල් වල කැරලි කෝලාහල කිරීමෙන් වළක්වා ගත හැකි බවට බලාපොරොත්තු තබාගත හැකිය!!! ඇපල් රූපවාහිනියට රිමෝට් විජැට්ටුවක් නැතිව සිරි එකතු වී කටහඬින් වැඩ ගත හැකියාව ඇති වේ යැයි බලාපොරොත්තු තබාගත හැකිය!!! මගේ සටහන් කියවන්නට එන අය අතරින් ටික දෙනෙක් මා සමඟ අමනාප වුව ද, සොච්චමක් මා ලියන දැයෙන් තම ඇඟේ ලේ උණු කරගත්ත ද, වැඩිදෙනා හරියට වටහා ගත නොහැකි මේ මොන අණ්ඩර දැයි සිතුවත් මා ලියන හෑලි කියවන්නට කැමති බවට බලාපොරොත්තු තබාගත හැකිය!!!!

එසේම 2012 වසරේ දී The Lord of the Rings සිනමා තුන් පුරාණයේ පටන් ගැන්ම වන The Hobbit චිත්‍රපටියක් ලෙසින් කතන්දර පොතට ළං වන්නට පුළුවන් තරම් වත් සාර්ථක නිර්මාණයක් වෙනු ඇතැයි බලාපොරොත්තු තබාගත හැකිය!!!!

Advertisements

19 Responses

Subscribe to comments with RSS.

  1. රාජ් said, on ජනවාරි 4, 2012 at 10:13 පෙ.ව.

    “ඒකීය පුද්ගල නිදහස” වටිනාකමෙන් වැඩිමඑක. ලේසියෙන් ලබාදියහැකි එක. ‍දෙන්නෙම නැතිඑක.

    • arunishapiro said, on ජනවාරි 4, 2012 at 3:46 ප.ව.

      රාජ්,

      ඔව් රාජ්, එහෙම වෙලා තියෙන්නෙ බහුතරයට ඒ ගැන ඇති වැටහීම මඳ නිසයි. සංක්‍රමණික මෙන් ම මෙහි ඉපදුන ඇමෙරිකානුවන්ට ද එය ඇමෙරිකන් ව්‍යවස්ථාවෙන් ලබා දී ඇත්තක් බව නැවත මතක් කරන්නට සිද්ධ වෙලා.

  2. N.S.A. Niriella said, on ජනවාරි 4, 2012 at 10:46 පෙ.ව.

    “ඒකීය පුද්ගල නිදහස” ලංකාවෙදි නම් ප්‍රායෝගික වෙන්නෙ නෑ කවදාවත්. ඒ පාලකයො නීති මගින් එය අහිමි කරල තියෙන නිසාම නෙවෙයි. බැමි මුදා හැරියත් තමාව දිගේලි කර තිබූ සීමාවේන් එහාට යන්න මේ මිනිසුන්ගේ කිසිම සූදානමක් නෑ. යන කෙනෙකුට යන්න දෙන්නෙත් නෑ. බැමි බිදිම් ගැන කවර කතාද…!?

    • arunishapiro said, on ජනවාරි 4, 2012 at 4:04 ප.ව.

      N.S.A. Niriella,

      එහෙම කියන්න බැහැ. කොතරම් බාධක තිබුණත් ලංකාවේ ද ඉන්නවා අනුන් විසින් පැන වූ සීමාවෙන් එහාට යන්නට සමත් වූ අය. උදාහරණ: කෙටි ධාවන ශූරිය සුසන්තිකා ජයසිංහ, කෝදාගොඩ සිට කොළඹ පැමිණ පාන් පුච්චා ව්‍යාපාරයක් ගොඩ නැඟූ කේ. ඒ. චාල්ස් පෙරේරා (Perera and Sons), මවුන්ට් ලැවීනියා හෝටලයේ සූපවේදී පබ්ලිස් සිල්වා යනාදීන් ඒ අතරින් මතකයට ආව අය.

      ලංකාවේ විතරක් නෙමෙයි, කිසිම රටක බහුතරය තමන්ගේ බැමි මුදා හැරියත් තමාව දිගේලි කර තියෙන සීමාවෙන් එහාට යන අය නෙමෙයි, මෙහෙත් එහෙමයි, බහුතරය කැමති ආරක්ෂිත කොටුවක ජීවත් වෙන්න. මෙහෙ ඇති එකම වෙනස රටේ ව්‍යවස්ථාවෙන් ඒකීය පුද්ගල නිදහස ආරක්ෂා කර තිබීම. එයින් තමයි ලංකාවට වඩා වැඩියෙන් මෙහෙ දී ස්ටීව් ජොබ්ස් වැනි අයට නව නිර්මාණ වලට ඉඩක් ඇත්තේ. එසේම කාලයෙන් කාලයට පුරවැසියන් විසින් තෝරාපත් කරගන්නා පාලකයන් ඒ ඒකීය පුද්ගල නිදහසට වැට කපද්දී, ආර්ථිකය කඩා වැටෙද්දී, පාලකයන්ගේ බලය අඩු කරන්නට හෝ ඔවුන්ව ගෙදර යවන්නට හැකියාව ඇත්තේ.

  3. dayal-bathee said, on ජනවාරි 4, 2012 at 3:31 ප.ව.

    බරාක් සහ බුශ් ජූනියර් එකම මල්ලට වැටිච්ච එක තමයි මට අප්සට්!

    • arunishapiro said, on ජනවාරි 4, 2012 at 4:21 ප.ව.

      dayal-bathee,

      පාලකයා යනු නිතරම පාලන බලය වැඩි කරගන්නට වැර දරන්නෙකි. බලයට එන දේශපාලන පැත්ත කුමක් දැයි ඵලක් නැත. කොයි පැත්තෙන් හෝ ඉදිරිපත් වන්නේ ඉන්නා අයට වඩා අපිට පුළුවන් ජනතාව වෙනුවෙන් කරන්න යැයි කියාගෙන වුවත් අන්තිමේ දී කරගන්නේ තමන්ගේ බලය හා තමන්ගේ සිතැඟියාව අනුව වැඩ මිස ජනතාවගේ යහපත පිණිස නොවේ. ජනතාවගේ යහපත සලසා ගන්නට දන්නේ ජනතාව මිස ආණ්ඩු කරන්නට එන පාලකයෝ යැයි සිතීම තමයි මූලික වැරැද්ද.

      බුෂ් පුතා ගෙනාවා දේශප්‍රේමි පනතක්. බරාක් ඔබාමා අතින් එය අහක් වේ යැයි බොහෝ දෙනෙක් සිතුවත් ඔහු ඊට තවත් අවුල් නීති රැසක් එකතු කළා මිසක එය අහක් කළේ නැහැ. බුෂ් පුතා විසින් වසර 8 ක කාලයක දී මිලියන 1.5 ක් නිතී විරෝධී කටයුතු කළ පුරවැසියන් නොවන්නවුන් රටින් පිටුවහල් කර තියෙනවා. වසර 4 ක් පිරෙන්නට පෙර දැනටම බරාක් ඔබාමා පිටුවහල් කරපු සංඛ්‍යාව මිලියනයක් වෙලා. ඔහු පුරවැසියෙක්ව රටේ නීතිය අනුව නිසි අධිකරණයක් ඉදිරියට පමුණවන්නේ නැතිව මරණයට පත් කළා. බුෂ් පුතාගේ සහ බරාක් ඔබාමාගේ සමහර කටයුතු නීති විරෝධී වෙන්නෙ රටේ ව්‍යවස්ථාව අනුව නොව ඔවුන් දෙදෙනා විසින් කොංග්‍රසය හා සුපිරි විනිසුරු මඩුල්ල ඉක්බවා යමින් පනවා ගත් පනත් නිසා. ඒ ගැන විමසීම් දැන් කෙරෙනවා ජනතාවට රටේ ව්‍යවස්ථාව නැවත මතක් වෙද්දී. නමුත් හැම විටම රටක පාලකයෙක් කරන්නෙ පිටින් ඇති හතුරෙකු ගැන බිය වද්දා රටේ පුරවැසියන් තම බලය වැඩි කරගන්නට නම්වා ගැනීමයි. මතකනෙ එෆ්. ඒ. හයෙක් ලියූ දාස භාවයට යන පාර.

  4. Prabath said, on ජනවාරි 4, 2012 at 8:52 ප.ව.

    2011: The Year of Living Dangerously
    Posted on Dec 30, 2011 | Category: Weekly Market Commentaries

    By Bernie Williams
    Vice President, Discretionary Money Management

    2011 was the year of living dangerously. We are not talking about the 1982 movie featuring a reporter living in Indonesia. We are referring to the turbulent worldwide investment waters navigated by investors. Stocks, particularly those of the overseas variety, fared poorly this year, while lower-risk assets such as U.S. Treasury and municipal bonds in general provided excellent overall returns.

    We were surprised that long-term U.S. treasury bonds were the best 2011 performers of the major asset classes that we track. The 10-year achieved a total return of more than 15%, mostly from price appreciation. This sector benefited from a worldwide flight to quality, as investors focused more on the return “of,” as opposed to a return “on,” their money. Although we expect Treasury yields to remain low going into 2012, we continue to underweight this sector in our diversified managed portfolios, because we don’t believe investors are being well paid for the risk of rising interest rates.

    We were not surprised that large-capitalization U.S. stocks, high-yield corporate bonds, and tax-free municipal bonds outperformed most other risk assets, such as foreign stocks, so we benefited from our overweight position in these investment sectors. The S&P 500 index’s total return (including dividends) of 2.11% for the year, while only slightly positive, significantly outperformed all of the other major foreign stock markets, most of which were deep in the red.

    Primarily because of our view that Europe is entering a recession, compounded by the sovereign debt woes of its weaker countries, we hold our domestic bias going into the new year. We believe the U.S. economy will avoid recession, but its rate of growth may be anemic. We continue to favor both large-capitalization U.S. stocks and high-yield bonds. At a multiple of under 12x estimated earnings for 2012, we believe large U.S. stocks represent good value. We also like the prospects for the high yield bond sector, currently sporting an average yield of more than 8.0%, which we believe compensates investors for the default risk and volatility inherent in these securities.

    Although we hope that 2012 will not be a dangerous year for investors, we believe that the volatile markets experienced recently may continue, fueled by Europe’s need to solve its sovereign debt issues. And while volatility is often times unsettling, it can provide opportunities by undervaluing specific investments, particularly for the long-term oriented investor. We will remain watchful of the risks and opportunities that 2012 may provide, and we wish a happy, healthy and prosperous new year to all of our members and investors.

    Major Economic Releases Scheduled for Next Week:

    Institute for Supply Management Manufacturing Index
    Institute for Supply Management Non-Manufacturing Index
    Vehicle Sales
    Employment Report
    Initial Jobless Claims

    • arunishapiro said, on ජනවාරි 5, 2012 at 9:10 පෙ.ව.

      Prabath,

      ප්‍රභාත්, ගොඩාක් ස්තූතියි මේ සබැඳියට. ඒත් මම හිතන්නෙ කොටස් වෙළඳපොලට ද 2011 ටත් වඩා 2012 වැඩියෙන් අනතුරුදායක වෙයි කියලයි. මොකද 2011 දී මුහුණ පෑ ගැටළු කිසිවක් කිසිම රටක් විසින් විසඳා නොගත් නිසා. ව්‍යාපාර හා පුද්ගලික බදු රෙගුලාසි වල කිසිත් වෙනසක් නැතිව ආයෝජනය කරන්න දිරියක් ලැබෙන්නෙ කොහොම ද? 2012 ත් සල්ලි ඉතිරි කරගත්තු මිනිස්සු තමන්ගෙ සල්ලි පොදි වල වාඩි වෙලා ඉන්න වසරක් වේවි කියා මට හිතෙනවා. ඒකම ඇති කොටස් වෙළඳපොල අනතුරුදායක කරන්න.

      හැබැයි කොටස් වෙළඳපොල ආයෝජනයන්ට වඩා ලෝකයේ නන් දෙසින් ආණ්ඩු වලට (ඇමෙරිකාවත් ඇතුළුව) සිය පුරවැසියන් වෙතින් ඇතිවිය හැකි අනතුරුදායක තත්වය වැඩියි. ආර්ථිකය හොඳ නම් ගොඩක් වැරදි වලට සමාව දෙන්න පුරුදු වෙලා ඉන්න බහුතරයාගේ මිනිස් ස්වභාවය ආර්ථිකය නරක් වෙද්දී සුළු දෙයටත් කෝපාවිෂ්ට වීමයි.

      • arunishapiro said, on ජනවාරි 6, 2012 at 1:51 ප.ව.

        Prabath,

        මේකත් එකතු කරනවා Wall Street Journal වල ගිය එකක්. බලාගෙන යනකොට මට විතරක් නෙමේ අනතුරුදායක බව දැනිලා තියෙන්නෙ.

        The Year of Governments Living Dangerously
        The Fed’s low-interest policy is doing little to help banks and doing a lot to put public pension funds in jeopardy.
        By GEORGE MELLOAN

        What words could best describe the most baleful influence on the global economy in the year 2011? How about “governmental dysfunction?”

        The European banking crisis that has threatened global finance is about nothing more or less than the failure of the governments of Greece, Italy, Portugal, et al., to control their budgets, raising doubts about the value of their bonds. Rather than trim their bloated public sectors, they have preferred to beg for bailouts.

        The U.S. government has run deficits exceeding a trillion dollars for the last three fiscal years, forcing it to borrow heavily from the Federal Reserve, China and Japan. Despite warning signals from credit-rating agencies, Washington is doing no better than the Europeans in bringing spending under control.

        Private banks in the U.S., Asia and Japan have been enlisted to help finance massive public deficits. As a Christmas present to beleaguered governments, the European Central Bank on Dec. 21 pumped $640 billion into European banks. French President Nicolas Sarkozy suggested pointedly that they use it to buy sovereign debt. So much for the ECB’s one-time resolve to hold the line on sovereign-debt bailouts.

        U.S. and Japanese banks, whose main business once was lending to the private sector, also are responding to various inducements to load up on government-issued paper. In simple terms, governments are increasingly plundering the private sector to raise cash. Meanwhile, the Federal Reserve’s low-interest-rate monetary policy is doing little to help the banks and doing a lot to put public pension funds in jeopardy. Teachers, policemen, firemen and the like won’t be able to count on the benefits defined in their contracts if the funds continue to have extreme difficulty in getting a decent return on investments.

        The Republican House and its budget chairman, Paul Ryan, have at least put the budget problem on the agenda. But hopes for big achievements have been disappointed. Congress finally passed the fiscal-year 2011 budget last April—six months late—but with only a minuscule cut in discretionary spending. Unsurprisingly, Congress once again missed its Sept. 30 deadline for passing a new budget.

        The fiscal-year 2012 appropriation bills offer no hope of reform. According to a Heritage Foundation analysis, the drafts now moving through Congress spend more than the House Budget Resolution last spring—a resolution that called for only a $30 billion reduction from FY 2011 discretionary spending of $1.0498 trillion. Obsolete or ineffectual departments like Agriculture, Commerce, Labor and Education will still receive their accustomed share of taxpayer billions.

        Budgetary stasis is unhappily only part of the problem of dysfunctional government. Federal regulatory agencies, the Environmental Protection Agency in particular, have gone out of control. Washington is still laboring under the hallucination that it can change the climate of the planet (they assume it needs to be changed) by writing rules and regulations. The latest EPA brainstorm will force the shutdown of enough coal-fired power plants to put the nation in danger of serious power shortages. Scare tactics, like posing a nonexistent threat of mercury poisoning, is part of the game.

        And then there is Dodd-Frank, that massive law passed in 2010 to punish “Wall Street” for a 2008 financial meltdown that was mostly the fault of the bill’s two authors, Sen. Chris Dodd and Rep. Barney Frank. They were the two main defenders in Congress of Fannie Mae and Freddie Mac, the two government-sponsored enterprises mainly responsible for poisoning the world securities market with toxic mortgage-backed securities.

        Dodd-Frank left it to regulators to write the detailed rules for how banks and securities houses will henceforth run their businesses. And boy, do those guys know how to write rules. The proposed guideline for just one of the many strictures in Dodd-Frank runs 288 pages. It deals with the so-called “Volcker rule,” which will prohibit banks from trading securities for their own account. Former FDIC chairwoman Sheila Bair, writing in Fortune, describes it as a “Rube Goldberg contraption of regulation,” noting that the Glass-Steagall Act, which applied something similar to the Volcker rule from 1933 until it was repealed in 1999, ran to only 32 pages.

        The Pelosi-Reid Congresses from 2007 through 2010 were responsible for such effusions. There’s also ObamaCare, yet another massive bill that turns over the vital details to the federal bureaucracy. Businesses, doctors and hospital administrators can only await with fear what confusions and delusions the bureaucrats produce out of their efforts to mastermind the many millions of decisions that must be made daily in a vital and complex industry.

        Judging from opinion polls showing increasing public contempt for what goes on in Washington, voters are frustrated by their seeming inability to get the attention of the beast. The ups and downs in the polls of the Republican presidential candidates reflect an anxiety over whether any of them are up to the job.

        Of course, there is a president now, Barack Obama. But he resigned from active duty last summer, preferring to spend most of his time giving speeches in his campaign for re-election. Like the Republicans, he too is running against the government. That’s a curious position to take, given that what he is running against is very much his creation.

        Mr. Melloan, a former columnist and deputy editor of the Journal editorial page, is author of “The Great Money Binge: Spending Our Way to Socialism” (Simon & Schuster, 2009).

  5. “මගේ සටහන් කියවන්නට එන අය අතරින් ටික දෙනෙක් මා සමඟ අමනාප වුව ද, සොච්චමක් මා ලියන දැයෙන් තම ඇඟේ ලේ උණු කරගත්ත ද, වැඩිදෙනා හරියට වටහා ගත නොහැකි මේ මොන අණ්ඩර දැයි සිතුවත් මා ලියන හෑලි කියවන්නට කැමති බවට බලාපොරොත්තු තබාගත හැකිය!!!.”

    සත්තකින්ම !

    ඇමෙරිකානු විදියට ලංකාව වගේ පොඩි රටක ජනාධිපති තෝර ගන්න එක කොච්චර සාර්ථකද දන්නේ නෑ. හනිල ලංකාවේ ජනාධිපතිවරයෙක් දෙන ප්‍රතිපත්ති පොර්න්දු ප්‍රතිපත්තියක් නැති ජනතාවටත් මතක නැති එකේ , ඉහත සදහන් කරපු කරුණ ප්‍රායෝගික කරන්න අමරු වෙයි කියලා හිතනවා.

    • arunishapiro said, on ජනවාරි 5, 2012 at 9:25 පෙ.ව.

      ක්ෂිතිජ විජේමාන්න | විත්ති,

      ක්ෂිතිජ පුතා කියන කතාව මෙහෙ අයත් කියනවා, මෙහෙත් ජනාධිපති අපේක්ෂකයා තෝරා ගන්න ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා. ඒත් මම හිතන්නෙ තරඟය වැඩි වෙන තරමට නුසුදුස්සන් හැලී යනවා කියලයි. එවැනි තියුණු තරඟයට මුහුණ දෙන්න බැරි නම් එයා ජනාධිපති වැඩේ කරන්නෙ කොහොම ද? අනික මෙහෙ සතුටු විය හැකි තවත් දෙයක් තමයි, අපේක්ෂකයෙක් කොච්චර සල්ලි වියදම් කරත් චන්දය ලැබෙන්නෙ වියදම් කරන සල්ලි අනුව නෙමෙයි කියා පෙනෙද්දී. රික් පෙරී, ටෙක්සාස් හි ආණ්ඩුකාරයා වැඩියෙන් ම සල්ලි වියදම් කරලා අඩුවෙන් චන්ද ලැබූ අයෙක්. මීට ඉහත මැතිවරණයක දී ස්ටීව් ෆෝර්බ්ස් නැමැත්තා සෑහෙන්න සල්ලි වියදම් කරලා මුල් වටයේ දී ම හැලිලා ගියා.

      ඒත්, පුතා කියන දෙවැනි කාරණය, ජනාධිපති අපේක්ෂකයෙක් හැටියට දෙන පොරොන්දු වල නම් ලංකාවේ මෙහෙ කියා වෙනසක් නැහැ. ඔබාමා වසර 3 කින් රටේ තත්වය වෙනස් කරනවා නැත්නම් එක වාරයක ජනාධිපති වෙනවා යැයි කියූ රෑ පටිය මේ දිනවල අන්තර්ජාලයේ ජනප්‍රිය වූවක්. මොකද එයා ඊයේ පෙරේදා අයෝවාහි දී කරන්න තියෙන වැඩ නිම කරන්න තවත් වසර 4 ක් ඉල්ලා සිටි නිසා. අන්තර්ජාලයට පිහිට වෙන්න මාධ්‍ය කොතරම් පාක්ෂික වුවත් ජනතාවට අදහස් හුවමාරුවට ඉඩ ලැබීම නිසා මතක නැති චන්දදායකයන්ට ද ඒවා ඔරිජිනල් හඬ හා රූ පටි පෙන්වලා මතක් කර දෙන්න පුළුවන්.

      අපි ගොඩක් දේවල් ප්‍රායෝගික නැතැයි සිතන්නෙ තමන් කරන්න අකමැති නිසා ද? අනුන් ලවා කරවන්න බැහැයි සිතන නිසා ද? කිසිම දෙයක් අනුන් ලවා කරවන්න බැහැ, තමන් විසින් කළ යුතු යැයි කියා සලකා බලන්නට ගත්ත දාට ප්‍රායෝගික නැතැයි සිතෙන ගොඩක් දේවල් ප්‍රායෝගික කරගන්න මාර්ග පෙනෙන්නට පටන් ගන්නවා!!!

  6. W.A. Wijewardena said, on ජනවාරි 4, 2012 at 10:10 ප.ව.

    It is always nice to start a new year with a bag full of hopes because it is the hope which will at least keep us alive in a world of desperation and destitution. But at the end of the year, if we a patient enough to look back and make a frank assessment of what we have attained and what we have not, we would see that the bag containing failures is much bigger than the bag containing gains. But we do not do that assessment and move forward for for the new year with a similar bag again full of new hopes!
    Then, after several years, it is writers like the author of The Year of Living Dangerously that have to remind us of the silly things which we have done in the past!

    • arunishapiro said, on ජනවාරි 5, 2012 at 9:31 පෙ.ව.

      W.A. Wijewardena,

      බලාපොරොත්තු නැත්නම් ජීවිතයට අරමුණක් නැහැනෙ. හරියට යන්න තැනක් හිතා ගන්න නැතිව මුහුදේ හැම අත පාවෙන රුවල් නැවක් වගෙයි!!!! බලන්න යන්න ඕනා මොන දූපත ද කියල තෝරා ගැනීමක් කළා ම තමයි රුවල් නැව ඒ පැත්තට ගෙනියන්න හැකියාව ලැබෙන්නෙ. ඔබ කියනා සේ මුහුදු බත් නොවී පණ රැක ගන්නට හැකි වෙන්නෙත්.

      තවත් එකක් එකතු කරන්න කැමැතියි මෙතැනට. පසුගිය වසරේ අපි අතින් අතපසු වූ දේවල් දැකලා විතරක් මදි, අපි අඩුපාඩු හදා ගන්නත් උත්සාහයත් ගත්තෙ නැත්නම් ඉස්සරහට යාමක් නැහැ.

  7. aravinda said, on ජනවාරි 5, 2012 at 4:16 පෙ.ව.

    ලංකාවට IMF ණය එවා බඩගින්නේ ඉන්නට සිද්ධ වන ජනතාව පාරවල් වල කැරලි කෝලාහල කිරීමෙන් වළක්වා ගත හැකි බවට
    1. Do you know from 50% of IMF laon they take back (IMF) as a consulant fees.?
    2. Do you know 10%~ 15% need to pay as interest?
    3. Do you know 10% ~20% will spend for bribe(IMF+donor countri’s key persones+receiver country key
    persons
    4. And with most worst conditions.In here mentioned little only.that are mentioned in their booklet.
    GAY marrage should be legalise(at least it is not legal in all USA or UK.)
    All goverment universities should be privertized.
    Should reduce invesment on goverment hospitals
    Should add ammenment to SL constitution( any person can go to US court against any SL person(It seems to be like USA/IMF are thinking SL is colony of USA)

    Can you show any single good condition mentioned in IMF loan beneficial to receiver country.( check JAPAN/KOREA/GERMAN/EU/CHINA’s loan conditions.You can say IMF is not belongs to the single country.But fact is IMF is dancing on USA/UK melody.

    • arunishapiro said, on ජනවාරි 5, 2012 at 9:58 පෙ.ව.

      aravinda,

      අරවින්ද, ඔයා සලකන්නෙ නැති වැදගත් ම කාරණය මොකක් ද කියලා හිතන්න. ඕනෑම අයෙක්, ආයතනයක්, රටක් තවත් අයෙකුට, ආයතනයකට, රටකට ණයක් දෙන්නේ ඇයි? ඔයා ණයක් දෙනවා ද ආපහු පොලිය එක්ක ණය පියවාවි කියා බලාපොරොත්තු නොවී?

      ඇයි ලංකාව IMF වලින් ණය ගන්නෙ? ඒ ගන්න ණය වලින් ජනතාවගේ බඩගින්න නිවන්නට වැය වෙන්නේ කොච්චර මුදලක් ද? ඔයා දක්වන 3 වැනි කාරණය (මෙහෙ නම් අල්ලස් පිටරටක අයෙකුට හෝ දුන්නා යැයි පෙන්විය හැකි නම් හිරගෙදර තමා) කාගේ වරදක් ද? අනිත් දේවල් … සමරිසි විවාහ යනාදිය, ණයක් දෙන කොන්දේසි හැටියට ඒ ආයතනය ඉදිරිපත් කරන්නේ ඒ අයට ණය දිය හෝ නොදී සිටිය හැකි බලය තියෙන නිසා නේද? ඒ බලය IMF ට දෙන්නේ ණය ගන්නා රටවල් නෙමෙයි ද?

      ණය දෙන ඒජන්සියක් ණය ගන්නාගේ සුබ සාධනය ගැන සිතා බලන්නේ එකම හේතුවක් වෙනුවෙන් පමණයි. එනම්, ණය ගන්නාට ණය ආපසු ගෙවිය හැකි දැයි ගැන පමණයි. ඒක තමයි තිත්ත ඇත්ත. ආදරයට ණයක් ගන්න පුළුවන් සමහර අම්මලා තාත්තලා ගෙන් විතරයි.

      හැබැයි දැන් වෙලා තියෙන්නෙ ආපහු ණය ගෙවිය හැකි දැයි පවා සොයා නොබලා ඒජන්සිය බලවත් වීමට ණය දීම කරගෙන යාම. IMF විසින් ලංකාවට දෙන ණය පියවන කාලයක් හෝ ආකාරයක් මට නම් පේන්නෙ නැහැ.

      IMF නටන්නේ යුරෝපීය (බ්‍රිතාන්‍යටත් වඩා ප්‍රංශය එහි බලවත්) තනු වලට හා ඊටත් වැඩියෙන් ඇමෙරිකන් තාලයට. ඇයි? වැඩියෙන් ම IMF මුදල් ආයෝජනය කර ඇත්තේ ඇමෙරිකන් පුරවැසියන්ගේ බදු මුදල් නිසා. ඕනෑම මුදල් ගණුදෙනු සිදුවන කාර්යයක දී වැඩියෙන් මුදල් දෙන අයගෙ තාලයට තමයි කටයුතු සිද්ධ වෙන්නෙ. මම පුද්ගලිකව IMF විසින් කිසිම රටකට ණය දෙනවාට කැමැති නැහැ. මොකද මම ගෙවන බදු මුදල් මගේ කැමැත්ත පෙන්වන්නට මාර්ගයක් නැතිව ඇමෙරිකන් ආණ්ඩුව විසින් IMF ඒජන්සියට දෙන්නක්, (IMF අය හා ප්‍රතිපත්ති ඇමෙරිකන් පුරවැසියන්ගේ චන්දයෙන් වෙනස් කරන්න බැරි නිසා). රොන් පෝල් ඇතුළු නිදහසේ මිතුරන් සංවිධාන සමූහයක් මේ ගැන දැන් සෑහෙන කාලයක සිට මෙහෙ ආණ්ඩුවට බලපෑම් කරගෙන යනවා. මේ තාක් කලක් ප්‍රධාන මාධ්‍ය මාෆියාව ඒ අදහස් පැතිර යාම වළක්වා සිටියත් දැන් අන්තර්ජාලයේ පිහිටෙන් ඉතා ඉක්මණින් අදහස් පැතිර යාම පටන් ගෙන. අද රොන් පෝල්ට ඇති කැමැත්ත 2008 ට වඩා බෙහෙවින් වැඩි ඇමෙරිකන් පුරවැසියන් තම ආණ්ඩුව තම රටේ ව්‍යවස්ථාව කප්පාදු කරන හැටි අවබෝධය ලබන නිසා.

      IMF ණය කොන්දේසි හා ණය ගණන් හිලව් එහි වෙබ් අඩවියෙන් කියවන්න පුළුවන්. ඒත් ජපානය, ජර්මනිය හා චීනය දෙන ණය ගැන හොයා ගන්නේ කොහෙන් ද? IMF කොන්දේසි ඒ රටවල් තුනට වඩා අහිතකර නම් ඇයි ලංකාව තව දුරටත් IMF ණය ඉල්ලන්නෙ? ඉල්ලන්නෙ නැතිව බලහත්කාරයෙන් ඇවිත් දෙනවා නෙමෙයිනෙ. මම දැකි විස්තර වලින් අනුමාන කරන්නට හැක්කේ තවමත් IMF ණය පොලී ගණන් අර රටවල් වලින් ඉල්ලන පොලී ගණන් වලට වඩා අඩුයි. මුග්ධ කොන්දේසි තමයි වැඩි.

      • aravinda said, on ජනවාරි 6, 2012 at 4:32 පෙ.ව.

        (මෙහෙ නම් අල්ලස් පිටරටක අයෙකුට හෝ දුන්නා යැයි පෙන්විය හැකි නම් හිරගෙදර තමා)
        All countries has low. But practically not. can prove americans are not corrupted?
        ඇයි ලංකාව IMF වලින් ණය ගන්නෙ?ඒ ගන්න ණය වලින් ජනතාවගේ බඩගින්න නිවන්නට වැය වෙන්නේ කොච්චර මුදලක් ද
        SL did not take any loan from IMF to buy foods. They took all loans for other purposes..more than 70% IMF loan projects are failed when it compare to other loan projects. Target achievements of other loan projects are more than 80%.
        Why only IMF fail? They are doing business. If 1st project is fail they are very happy. Because of they can give 2nd loan to recovery that fail. That is the way their supporting USA’s companies to looting money from poor country.
        ඇයි ලංකාව තව දුරටත් IMF ණය ඉල්ලන්නෙ? ඉල්ලන්නෙ නැතිව බලහත්කාරයෙන් ඇවිත් දෙනවා නෙමෙයිනෙ.
        May be you does not inside story. each country has IMF agent. IMF is allocating money for each country. His duty is make a project proposal to utilize that money. That project useful or not useful does not matter. He has to artificially create a requirements using local government bodies and NGO’s(local and foreign) to utilize that money.
        All details are included in details in that proposal.
        Ex. Consulting company, Vehicles, machinery, man power Supplier Company, correspondent bank etc. Those companies are paying money to him for that.
        Then he is bribing local politicians to get approval for his project.
        Finally it will come to stage as a government project. Check the status of IMF loan projects.90% projects are failed.
        ඔයා ණයක් දෙනවා ද ආපහු පොලිය එක්ක ණය පියවාවි කියා බලාපොරොත්තු නොවී
        IMF does not received their loan money from lot of contries.(near 70% did not returned)Then why IMF does not stop to give loans to them and continue it?.Because of that is their buissness and they want support to USA companies.
        IMF විසින් ලංකාවට දෙන ණය පියවන කාලයක් හෝ ආකාරයක් මට නම් පේන්නෙ නැහැ.
        Do not lies.Check the status.SL already returned privious loans untill 1986. Do not forget SL had stuck with civil war near 30years.
        වැඩියෙන් ම IMF මුදල් ආයෝජනය කර ඇත්තේ ඇමෙරිකන් පුරවැසියන්ගේ බදු මුදල් නිසා
        Actually IMF is not giving money from your levy. That is wrong idea. That idea created by government and media as a show piece. In USA all big companies are free from tax. IMF is supporting to that USA companies.
        Check how much money collect from peoples as a levy and how much spend for peoples.
        You can find there is no enough money to give IMF.
        By forcing and bribing there are giving loan to any country to earn money.
        If project is approved 50% of total amount will reached to USA at same time. At that time they already received their total investment. Excess 50% is their profit
        මේ තාක් කලක් ප්‍රධාන මාධ්‍ය මාෆියාව ඒ අදහස් පැතිර යාම වළක්වා සිටියත්
        Now you are accepting you do not have a media freedam.When I was told that earlier you never agreed with me.

        • arunishapiro said, on ජනවාරි 6, 2012 at 12:49 ප.ව.

          aravinda,

          ලෝකයේ රටවල් වල දූෂිත බව පෙන්වන දත්ත.

          හැබැයි ඒකට වඩා වැඩි සැලකිල්ලක් දෙන්න ඕන මේ දත්ත සමූහයට. මැලේසියාව ඇමෙරිකාවට ඉහළින් ඉන්න නිසා (බුෂ් පුතාගෙ දේශප්‍රේමි පනත නිසා තමයි මෙහෙ තත්වය නරක් වෙලා තියෙන්නෙ) සමහර විට ඇමෙරිකාවට අකමැති අය මේ දත්ත සමූහයට කැමති වේවි … ඒත් ලංකාව ඉන්න තැන දැක්කම නම් මට බනීවි!!!

          ලංකාවේ වියදම් තරමට ආදායම් නැති නිසානෙ ණය ගන්නෙ. ණය වලින් කෙළින් ම ආහාර නොගත්තට ණය ලැබෙන නිසයි ආහාර ගන්නට මුදල් වැය කරන්න පුළුවන්. ලංකාව කියන්නෙ තමන් කන බොන දේවල් තම රටේ ආදායමෙන් සපුරා ගන්න බැරි රටක්. ලංකාවේ විදුලි බලය හා ඉන්ධන අංශය පාඩු විඳිමින් දුවන රටක්, ඒවාට සල්ලි නැත්නම් බඩගින්නෙ නෙවෙයි ද ඉන්න වෙන්නෙ? පාරවල් අවශ්‍ය බඩු ප්‍රවාහනයට. බඩු ප්‍රවාහනය කරන්නෙ පිටරට බඩු පටවනවාට වඩා රටේ ඉන්නා අයට කන්න බොන්න දේවල් ප්‍රවාහනයට සහ කන්න බොන්න මිල දී ගන්න සල්ලි හොයන්න රැකියාවට යන්න නේද?

          Why only IMF fail? ලංකාව ගත්තු වෙන ණයකින් සාර්ථක වෙච්ච වැඩ පිළිවෙලකට උදාහරණයක් දෙන්න පුළුවන් ද?

          //supporting USA’s companies to looting money from poor country// ලංකාවේ ඇතුලතින් මුදල් සොරාගෙන යන ඇමෙරිකන් කොම්පැණි මොනවා ද?

          යම් ආයතනයක ඒජනත්ත කෙනෙක්ට රටක ඉන්න අවසරයක් දෙන්නේ රට නෙවෙයි ද? අයෙක් සිටිය පමණින්, බැංකුවත් තිබ්බ පලියට ණය ගන්න යැයි නීතියක් ලෝකයේ එක රටකට තවත් රටකට දාන්න පුළුවන් වෙන්නේ කොහොම ද? සල්ලි ඉල්ලන රටවලට විතරයි ණය දෙන්නෙ. විස්තර මෙතැනින් ඒ ඒ රට ගැන හොයාගන්න පුළුවන්.

          (We welcome initiatives taken by the IMF by way of introducing a new Precautionary Credit Line and reforms to the Flexible Credit Line. Both measures have strengthened crises prevention instruments available to member countries. Making the Financial Sector Assessment Program (FSAP) mandatory for systemically important countries and the IMF-FSB Early Warning Exercise would help identify vulnerabilities early and prevent spill-over effects. We also welcome the World Bank’s enhanced financing under zero-interest in the areas of health, education and agriculture to help developing countries.) මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ඉදිරිපත් කරන වාර්තාව කියන විදියට ලෝක බැංකුව සෞඛ්‍ය, අධ්‍යාපනය හා කෘෂිකර්මය සඳහා පොලීත් නැතුව ණය දෙන ගැන පවා සතුටින් සඳහන් කරන්නෙ ලංකාව වෙනුවෙන් ණය ඉල්ලන ආචාර්ය සරත් අමුණුගම. එයා බොරු ණය ව්‍යාපෘති හදලා ආණ්ඩුවේ අනුමැතිය නැතිව ලංකාව ණය කරනවා නම් ඒ ගැන පියවරක් ගත යුත්තේ ලංකාවේ ආණ්ඩුව නොවේ ද?

          //ඔයා ණයක් දෙනවා ද ආපහු පොලිය එක්ක ණය පියවාවි කියා බලාපොරොත්තු නොවී// කෝ අරවින්ද ඔයා ඒකට උත්තරයක් දුන්නෙ නැහැනෙ?

          //IMF does not received their loan money from lot of contries.(near 70% did not returned)Then why IMF does not stop to give loans to them and continue it?.Because of that is their buissness and they want support to USA companies.// ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආයෝජනය කරන රටවල් සංඛ්‍යාව හා ඔවුන් ආයෝජනය කරන මුදල් විස්තර මෙතැනින් බලන්න.

          ඊ ළඟට ඇමෙරිකාව ලංකාවෙන් බඩු වැඩියෙන් ම මිල දී ගන්නා රට වෙද්දී (22.1%) එංගලන්තය (12.1%) ජර්මනිය (5.2%) බෙල්ජියම (4.9%) ඉතාලිය (4.8%) හා ඉන්දියාව (4.5%) ලංකාවෙන් වැඩියෙන් බඩු ගන්නා ඊ ළඟ රටවල් වෙති. ලංකාව විසින් බඩු වැඩියෙන් ම මිල දී ගන්නා රටවල් මෙසේ ය: ඉන්දියාවෙන් (18.9%) චීනය (12.4%) ඉරානය (7.7%) සිංගප්පූරුව (7.5%) දකුණු කොරියාව (4.8%)

          මේ දත්ත වලින් පැහැදිලි වෙන්නෙ ඇමෙරිකන් කොම්පැණි ලංකාවේ බඩු ලෝක වෙළඳපොලේ ඇති තරඟ මිලට මිල දී ගැනීම මිසක් ලංකාවේ කිසිවෙක් සැලකිය යුතු ප්‍රමාණයක ඇමෙරිකන් බඩු ගන්නෙ නැතිබව. වැඩියෙන් ම ලංකාවේ මුදලින් බඩු ගැනෙන්නේ ඉන්දියාවෙන්. එහෙම නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය දීලා ඇමරිකන් කොම්පැණි වලට ඇති ලාභය කුමක් ද?

          //IMF විසින් ලංකාවට දෙන ණය පියවන කාලයක් හෝ ආකාරයක් මට නම් පේන්නෙ නැහැ.
          Do not lies.Check the status.SL already returned privious loans untill 1986. Do not forget SL had stuck with civil war near 30years.//

          මෙන්න දත්ත. ලංකාව ණය ගෙවලා තියෙන හරිය ඔයාම බලාගන්න. ණය ගැනීම 1986 න් නැවතුනේ නැහැනෙ. අනික, ලංකාවේ සිවිල් යුද්ධයක් පටන් ගත්තේ කවුද? ඒක රටක් විසින් වියදම් වැඩියෙන් කිරීමේ නිදහසට කාරණයක් ද?

          //වැඩියෙන් ම IMF මුදල් ආයෝජනය කර ඇත්තේ ඇමෙරිකන් පුරවැසියන්ගේ බදු මුදල් නිසා
          Actually IMF is not giving money from your levy. That is wrong idea. That idea created by government and media as a show piece. In USA all big companies are free from tax. IMF is supporting to that USA companies.// ඇමෙරිකාවේ කොංග්‍රස කරන දේවල් ගැන වාර්තා කියවන්න කැමති නම් මෙතැනින් පුළුවන් ඇමෙරිකන් කොංග්‍රසය කාලයෙන් කාලයට ජාත්‍යන්තර අරමුදලට සල්ලි දෙන හැටි ගැන. නැත්නම් අරවින්දට දැන ගන්න පුළුවන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පිහිටවන්න පුරවැසි බදු මුදල් දාපු හැටිත්, ජනාධිපති ක්ලින්ටන් සමයේ දී එහි ආයෝජන වැඩි කරන්න ක්ලින්ටන් කොංග්‍රසයෙන් බදු මුදල් ඉල්ලා ගත් සැටිත්, (The Clinton Administration has asked Congress to appropriate $17.9 billion in U.S. taxpayer dollars to fund an increase in the 18 percent share the U.S. holds in the IMF.) ග්‍රීසියේ බංකොළොත් බවින් බේරා ගන්න බදු මුදල් යවන හැටිත් ගැන මාධ්‍ය නොවන බ්ලොග්කරුවන් ලියන දේවල් වලින්.

          //මේ තාක් කලක් ප්‍රධාන මාධ්‍ය මාෆියාව ඒ අදහස් පැතිර යාම වළක්වා සිටියත්
          Now you are accepting you do not have a media freedam.When I was told that earlier you never agreed with me.// නැහැ මාධ්‍ය නිදහස නැහැයි කියා තවමත් පිළිගන්නේ නැහැ අරවින්ද. මාධ්‍ය නිදහස තියෙනවා, ඒත් මාධ්‍යයේ ඉන්න මෝඩ මාධ්‍යකරුවන් වමේ අදහස් වලට හා දකුණේ අදහස් වලට නැඹුරු වී (ආණ්ඩුවට බය නිසා නොව) සිටීම නිසා ප්‍රධාන මාධ්‍ය වලින් අහන්නට ලැබෙන්නේ පැත්තකට බරවෙච්ච අදහස්. අද ඇමෙරිකාවේ සී.එන්.එන් හා ෆොක්ස් යන දෙපැත්තේ ප්‍රවෘත්ති අහද්දී දැනෙන්නෙ රටවල් දෙකක ඉන්නවා කියල. ඒක මාධ්‍ය නිදහස. හැබැයි මාධ්‍යවේදීන් ඔවුනට ඇති නිදහසින් කරන්නේ පැත්තේ මතය පැතිරවීම. ඒ නිසා අද අන්තර්ජාලයෙන් අනේක වූ විකල්ප මාධ්‍ය බොහොමයක් බිහි වී තියෙනවා. වැඩිපුර ජනතාව ප්‍රවෘත්ති සඳහා යන්නේ ඒවාට.

          නැවත නොලැබෙන මුදල් අපේ කැමැත්ත නොවිමසා බලහත්කාරයෙන් අරගෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඔහොම රටවලට ණය දෙන්නේ ඇයි යන්න ලංකාවේ අයට විතරක් නෙමෙයි ඇමෙරිකන් පුරවැසියන්ටත් වටහා ගන්න බැරි කාරණයක්. මේ ගැන දැනුවත් වීම් වැඩි වෙද්දී අරවින්දට නුදුරු කාලයක දකින්න පුළුවන් වෙයි ඇමෙරිකන් පුරවැසියන් ඒ ණය තම බදු මුදල් වලින් අවසර නැතිව ගන්නවාට එරෙහිව පෙළපාලි යෑම. ඒක තමයි 2012 අනතුරුදායක වසරක් වෙන්නෙ. පුරවැසියන් විසින් ලෝක ආණ්ඩු වලින් කරනා (දුප්පත් රටවල පාලකයෝ තම පසුම්බි පුරවා ගැනීම ද, පොහොසත් රටවල පාලකයෝ බලය වැඩි කර ගැනීමට ද) මෝඩකම් වලට එරෙහිව අරගල පටන් ගන්නේ.

          අරවින්දට හැකියාව ලැබුනොත් යම් දිනයෙක පුද්ගලික ව්‍යාපාර වලට කරත හැකි විපත්තියට වඩා ලෝකයේ මහත් විපත්තියක් කර ඇත්තේ ආණ්ඩු වලින් බව යැයි අවබෝධයට අන්න එදාට ලෝකයේ ඇති තොරතුරු අතරින් සත්‍ය මොනවා ද අසත්‍ය මොනවා දැයි පෙන්වන්නට ලියා ඇති මගේ සටහන් ද වැඩියෙන් වැටහේවි.

  8. chandi said, on ජනවාරි 5, 2012 at 11:19 ප.ව.

    2012 වසර හැම රටකටම වාසනාව සතුට ගෙනේවා කියල පතමි.
    අරුණි මෙය කොහොම වෙයිද ? කියල හිතා ගන්න බැහැ. හැම රටකම ආර්තිකය අවපාතයකට වැටිල නිසා. නමුත් බලාපොරොත්තු වෙනව ලෝකයටම යහපතක් ගෙනේවි කියල. ඔයාටත් පවුලේ අයටත් සතුටින් පිරි වාසනාවන්ත නව වසරක් වේවා!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: