අරුණි ශපීරෝ‍ වෙතින්

තහනම් කරන්නට කළින් ලංකාවේ අම්මලා ගැන ජෝක්ස්

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 6, 2012

සබැඳිය මුහුණු පොතේ දැම්ම සඳලිටත් එය දැක මෙහෙම අම්මා කෙනෙක් ලැබුනේ නැති ප්‍රීතියෙන් මට සබැඳිය එවූ ටිකිරිටත් ස්තූතියි.

Advertisements

44 Responses

Subscribe to comments with RSS.

  1. kushan said, on ජනවාරි 6, 2012 at 1:50 ප.ව.

    According to the accent this seems to be created by some shit indians !!!!

    • arunishapiro said, on ජනවාරි 6, 2012 at 3:27 ප.ව.

      kushan,

      ඇහැව්වම මටත් ඉන්දියන් වැඩක් දැයි සිතුණ.. ඒත් අයියෝ සහ හයියෝ දෙකම කියන අය ලංකාවේත් ඉන්න නිසා …

  2. ෴ සොඳුරු සිත ෴ said, on ජනවාරි 6, 2012 at 2:52 ප.ව.

    අම්ම කෙනෙක් කියන්නේ ‘විහිළුවක් “ ද?

  3. ෴ සොඳුරු සිත ෴ said, on ජනවාරි 6, 2012 at 2:55 ප.ව.

    සිංහල අම්ම කෙනෙක් කොහොම ද කියල අපි දන්නවා… ඇගේ ආදරය සෙනෙහස වැඩියි. හැම අම්මම මෙහෙම ද නැද්ද කියලා මම දන්නෙ නැහැ.ඒත් මේක හැම අම්මෙක්ටම කරපු “කැත විහිළුවක් “ නෙමෙයි ද?

    • arunishapiro said, on ජනවාරි 6, 2012 at 3:41 ප.ව.

      ෴ සොඳුරු සිත ෴,

      මෙයා සිංහල “අම්මා” කෙනෙක් ද නෙමෙයි, අනික, කතා කරන්නෙත් ඉංග්‍රීසියෙන්!!

      අම්මලා ගැන කොතරම් විහිළු තියනවා ද? අම්මා කෙනෙක් කියන්නෙ විහිළුවක් නොවුනාට ඇයි අම්මලා කරන කියන වැඩ, අනිත් අය කරන කියන වැඩ වගේ ම, විහිළු වලට පාත්‍ර වන්නට බැරි?

      ආදරය හා සෙනෙහස අතරත් දරුවාට වැඩෙන්නට නිදහස දීම අතරත් වෙනසක් තියනවා. මේ විහිළු වලින් දක්වන්නේ ආදරය සෙනෙහස කියා සිතීම ආදරය සෙනෙහස පෙන්වා දරුවෙක්ට මඟ පෙන්වන්නේ කෙසේදැයි නොදැනීම.

      නැහැ, මේක හැම අම්මෙක්ට ම කරපු ‘කැත විහිළුවක්’ හැටියට සලකන්න බැහැ. මෙහි කියන හැම විහිළුවක් ම ලංකාවේ දී හා ලංකාවේ උපන් පිටරට වාසය කරන අම්මලා විසින් තම දරුවන්ට කියනවා මම අසා තියෙනවා. ඒත් ඒ වගේ ම මේ විදියට හැම ලාංකික අම්මා කෙනෙක් ම හැසිරෙනවා යැයි සිතීම ද වැරදියි.

      විහිළු කියන්නෙ පවතින තත්වයක් වැඩියෙන් හුවා දක්වා පෙන්වන්නක්. නැත්නම් ඉතින් මේක docuemntary එකක් වෙනවනෙ!!!

      මේක දකින අම්මලා උත්සාහයක් ගන්න ඕනා මේ වගේ දරුවන්ගේ වර්ධනයට බාධා කරන පීඩනය ඔවුන් වෙත පනවා නොසිටින්න. නැත්නම් ලංකාවේ ඇති දැඩි කරන දරුවො තොත්ත බබාලා වෙනවා.

      • W.A. Wijewardena said, on ජනවාරි 6, 2012 at 11:22 ප.ව.

        I agree with Aruni. a mother is precious only to her own children and not to others. This is because mothers always side with their children hoping their children would be the best and will one day rule all others. Even the simple folk saying that ‘it is like asking a soothsaying from the thief’s mother’ is a crude joke on mothers. I had a friend whose mother was very nice to us when we visited his house. But that nice mother wanted her son to get the highest grades at exam; she wanted us too to pass, but with lower grades than her son. Look at these two Sinhala lullabies.
        මගේ පුතා හරි හපනා
        දවසට කොළඹට යනවා
        සිලිං පහක් පඩි කනවා
        ඉන් සිලිමක් මට දෙනවා

        මගේ පුතාගේ වත්තේ
        රන් කැකිරක් හට ගත්තේ
        වෙන කොල්ලන්ගේ වත්තේ
        තිත්ත කැකිරි හට ගත්තේ

        Why do mothers behave like this? According to the evolutionary biologist Richard Dawkins (The Selfish Gene), they are guided by the selfish motive to ensure the survival of their own genes which they have passed onto their children and not due to any particular love for them. So, a mother will love her own children most and all other children less than that.
        So jokes about this weakness and all other weaknesses of mothers as human beings are a must to give them a good behavioural lesson in the current society.

        • arunishapiro said, on ජනවාරි 7, 2012 at 10:37 පෙ.ව.

          W.A. Wijewardena,

          කවි පෙළට ස්තූතියි. අනික, රිචඩ් ඩෝකින්ස්ගෙ තියරියෙන් තාත්තලා ගැන කියන දේවල් ගැන සටහනක් දාන්නත් ඕන කියල මතක් වුනා!

          යුදෙව් අම්මලා ගැන සෑහෙන්න විහිළු කතා ගෙතිලා තියනවා. පහත ඉන් ටිකක් බෙදා ගන්න හිතුවා. මේ අයගෙ අම්මලා යුදෙව් වුනා නම් මෙහෙම කියයි:

          මෝනා ලිසාගේ යුදෙව් අම්මා:
          “මේක ද හිනාවක් කියන්නෙ, මෙච්චර ගාණක් තාත්තයි මායි ඔයාගෙ දත් බඳින්න ගෙව්වට පස්සෙ?”

          ක්‍රිස්ටෝපර් කොලම්බස්ගෙ යුදෙව් අම්මා:
          “ඔයා මොනා හොයාගත්ත කිව්වත් මට කමක් නැහැ, ලියුමක් එවන්න තිබුණා!”

          මයිකල් ඇන්ජලෝගේ යුදෙව් අම්මා:
          “ඇයි බැරි ඔයාට අනිත් ළමයි වගේ බිත්ති වල අඳින්න? මේ ජරාව වහළෙන් අයින් කරන එක කොච්චර අමාරු ද?”

          නැපෝලියන්ගෙ යුදෙව් අම්මා:
          “හරි හරි, ඔයා රිපෝට් කාඩ් එක්ක කබාය අස්සෙ ගංහලා නැත්නම්, අත එළියට අරගෙන මට පෙන්නන්නකො!”

          ඒබ්‍රහම් ලින්කන්ගෙ යුදෙව් අම්මා:
          “ආයෙත් තොප්පිය දාගෙන! ඇයි බැරි ඔයාට අනිත් ළමයි වගෙ බේස්බෝල් කැප් එකක් අදින්න?”

          ජෝර්ජ් වොෂිංටන්ගෙ යුදෙව් අම්මා:
          “ඊ ළඟ පාර පොටමැක් ගඟෙන් අනිත් පැත්තට සල්ලි විසි කළොත් ඔන්න පොකට් මනී ආයේ දෙන්නෙ නැහැ!”

          තෝමස් එඩිසන්ගේ යුදෙව් අම්මා:
          “සහතිකයෙන් ම මම ආඩම්බර වෙනවා ඔයා විදුලි ලයිට් බල්බය හොයාගත්ත එක ගැන. දැන් ඉතින් ඕක නිවලා දාලා ගිහින් නිදා ගන්න.”

          පෝල් රිවියේර්ගෙ යුදෙව් අම්මා:
          “ඔයා කොහේ යන්න ඕන කියල හිතුවත් මට කමක් නැහැ, කොල්ලො, මැදියම් රෑ කියන්නෙ ඔයාට අපි දාලා තියන ඇඳිරිනීතිය පහුවෙලා ගොඩාක් කල් ගිහින්!”

          දැන් මේ දෙන්නට නම් ඇත්තටම යුදෙව් අම්මලා හිටපු අයනෙ!

          ඇල්බට් අයන්ස්ටයින්ගෙ යුදෙව් අම්මා:
          “ඒත් ඒක ඔයාගෙ අවසන් වසරෙ ඡායාරූපය! බැරි වුනා ද ඔය කොණ්ඩෙ ගැන මොකක් හරි කරන්න?”

          මෝසස්ගෙ යුදෙව් අම්මා:
          “ඒක හරි හොඳ කතාවක්! දැන් මට ඇත්තට ම කියන්න ඔයා කොහෙද අවුරුදු හතළික් ගිහින් හිටියෙ කියලා.”

          ඔක්කොම ගත්තෙ මෙතැනින්.

      • දුකා said, on ජනවාරි 7, 2012 at 1:07 පෙ.ව.

        අක්කගේ කතාවට මම එකඟයි.

        මගේ ඔලුවේ සුලි දෙකක් තියෙනවා එහෙම අය ගිලිලා මැරෙනවා කියා අපේ අම්මා මට පොඩි කාලේ ඉඳන් ගඟක මූදක නාන්න යන්න දුන්නේ නෑ.

        අදටත් මට පීනන්න බෑ . . . (මගේත් උවමනාව නැති කම තමා)

        මම අම්මට කියන්නේ සුලි දෙකක් තිබුනු නිසා මට පීනන්න උගන්වන්න තිබ්බනේ කියලයි.

        එතකොට හදිසියේ වත් ගිලෙන්න ගියොත් බේරෙන්න පුලුවන්නේ කියලා.

        ආදරේ වෙනුවෙන් එපා එපා කියන එක නියම ආදරේ කියලා මම නම් හිතන්නේ නෑ . .

        • arunishapiro said, on ජනවාරි 7, 2012 at 10:02 පෙ.ව.

          දුකා,

          මගේ අම්මා (මේ බ්ලොග් කියවන්නත් එන) මගෙ සුදු අප්පුහාමිට ඇමෙරිකාව ගැනත් කියා දෙන්න එනවා!!! එහෙම වෙලාවක මම මතක් කළාම තමයි අම්මාටත් වැටහෙන්නෙ පුරුද්දට කරන වැඩේ කොච්චර විකට ද කියල.

      • ඉන්දික උපශාන්ත said, on ජනවාරි 7, 2012 at 8:17 පෙ.ව.

        ලංකාවෙ කොහොමත් හදන්නෙ බබාල නෙමෙයි තොත්ත බබාල. මාත් කොච්චර අමාරුවෙන්ද අපේ නෝනගෙන් කොල්ල බේරගන්නෙ. මොනා ඉගෙනගත්තත් අර කයිසාරුවත්තෙගෙ ජාතියෙ ගහක්. ආදෑඉ වැඩි ආසියාවෙ අම්මල ගොඩක් ඔහොම තමයි!

        • arunishapiro said, on ජනවාරි 7, 2012 at 9:57 පෙ.ව.

          ඉන්දික උපශාන්ත,

          තොත්ත බබාල විදියට හදලා ඊට පස්සෙ තොත්ත බබාල විදියට වැඩ කරන කොට අනේ බලන්න මෙයා තොත්ත බබෙක් වගේ කියලා බනිනවාත් එක්ක!!!

  4. Prabath said, on ජනවාරි 6, 2012 at 6:18 ප.ව.

    Looks like a man to me. To be specific, a cross-dresser.

  5. Saman said, on ජනවාරි 6, 2012 at 7:23 ප.ව.

    Mona bmbuwak da oi mee. Indian accent eka api aduranne nehe kiyala hithuwa da? Me koheda yana modaindian kollo set ekak

  6. kathandarakaraya said, on ජනවාරි 6, 2012 at 7:28 ප.ව.

    මේක ජෝක් එකක්. ඔය මිනිහෙක් නේ ඉන්නේ.

    ජෝක්කරන කොට අන්තයටම ගිහින් කරන එක සාමාන්‍ය දෙයක්.

    • පැන්ඩා said, on ජනවාරි 7, 2012 at 12:23 පෙ.ව.

      එකඟයි….ඇයි අපේ මිනිස්සුන්ට ජොක් එකක් ජෝක් එකක් විදිහට ගන්න බැරි මේක අම්මට අපහස කිරිමක් නෙවෙ… මේක හදපු ජෙහාන් කියන කෙනාගෙ යුටියුබ් චැනල් එකක් තියෙනව, ඒ චැනල් එකෙ මෙයා ගෙ ජොක් විඩියො ගොඩක් තියෙනව..එයා කරන්නෙ සමාජයේ පවතින සිද්ධි අලුතෙන් එන ප්‍රඩක්ට්ස් හාස්‍යයට ලක් කීරීමක් විතරයි කියල මට හිතෙන්නෙ..

      මම දැක්ක විඩියො එකට කමෙන්ට් දාල තියෙනව සමහර අය මේ වගේ ” මෙක මම බැලුව අපේ අම්මත් මේ වගේමයි.. මම මේක අම්මටත් පෙන්නුව අපි දෙන්නම හොදට විනොද වුනා.නයිස් විඩියො “

      • arunishapiro said, on ජනවාරි 7, 2012 at 9:39 පෙ.ව.

        පැන්ඩා,

        ජෝක් එකක් අනුන්ට කරල සිනහ වෙන බොහොම අය ඒක එල්ල වෙන්නෙ තමන්ට වුනොත් තරහ යන අයයි!!! ඒකත් මිනිස් ස්වභාවයක් පැන්ඩා.

        ජෝක් එකක හා අපහාසයක වෙනස හඳුනාගන්නත් දැනීමක් නැහැ සමහරුන්ට. ඒ නිසා සමහර අය අපහාස කරනවා කියලත් කරන්නෙ ජෝක්ස්!!!

        ජෝක් එකක් කියන්නෙ යම් සත්‍යයක් සිද්ධාන්ත කරගෙන එය හුවා දක්වන්නට අතල්‍යලංකාරය එකතු කිරීමයි. මේ ජෝක් එක රසවත් වෙන්නේ ම කොල්ලො දෙන්නෙක් අම්මලා වගේ රඟපාන නිසත්, ඔවුන් කියන වදන් හැම එකක් ම හැම අම්මා කෙනෙක් ම කියලා නැති වුනත් අම්මා කෙනෙක් යම් විටෙක එයින් එකක් හෝ කියා තියෙන නිසාත්.

        අපහාසයක් කියන්නෙ සත්‍යයක් නැති බොරු ගෙතීමකින් අයෙක් ගැන තවත් අයව රැවටීමට උත්සාහ ගැනීම.

        මමත් මෙයාගෙ චැනල් එකේ රසිකාවියක් වෙනවා!

        පැන්ඩාට එකතු වෙලා මේක බලලා විනෝද වෙන්න පුළුවන් අම්මා කෙනෙක් ඉන්නවා කිව්වම අම්මා කෙනෙක් හැටියට මටත් සෑහෙන්න සතුටක්! ඔයාගෙ අම්මාව මමත් අගය කරනවා කියන්න.

      • පැන්ඩා said, on ජනවාරි 7, 2012 at 3:00 ප.ව.

        අනේ අරුණි සමාවෙන්න මගෙ සිංහල දොශයක්…මෙක වාක්‍ය ( “මම බැලුව අපේ අම්මත් මේ වගේමයි.. මම මේක අම්මටත් පෙන්නුව අපි දෙන්නම හොදට විනොද වුනා.නයිස් විඩියො “ ) මම ජෙහාන්ගෙ චැනල් එකට දාල තිබුන කමෙන්ට් එකක් උපුටා දැක්කුවේ…ඒ වාක්‍යය මගේ අත්දැකීමක් නෙවෙ..හැබැයි මේක සින්හල විඩියොවක් වුනා නම් මේක අපේ අම්මට ඉතා හොදින් වැටහිලා අපේ අම්මටයි මටයි එකට හිනා වෙන්න තිබ්බ..
        මොකද මේ විඩියො එකෙ වගේ කන්න ගියාම අපේ අම්ම සැහෙන්ට වද වෙනව කන්න ලමයො කිය කියා..ගමනක් යන්න හැදුවම අර වගේම කවුද කින්ද මන්ද එලවන්නෙ කවුද එලවන්න ඕනි වේගය වගේ හැමදේම කියනව..

        අර වාක්‍යය උපුටා දැක්වීමෙන් මම අදහස් කලේ මේක හාසයක් මිස උපහාසයක් නොවන වග..අම්මල දරුවො එකට ඒක අපහාසයක් ලෙස නොසලකා හාස්‍යය රසය විදින බව පෙන්වන්න..

        මේ විඩියොව නිසා මට නම් මීට පස්සෙ අපේ අම්මා අපිට තියෙන ආදරේ වැඩි කමට මෙහෙම දේවල් කියන කොට කෙන්ති නොගෙන ඉන්න පුලුවන් වෙයි මේක මතක් කරල..

        • arunishapiro said, on ජනවාරි 7, 2012 at 10:16 ප.ව.

          පැන්ඩා,

          සමාව ඉල්ලනවා නම් මමයි ඉල්ලන්න ඕනා. පැන්ඩා දාලා තියන පිළිතුරේ පැහැදිලිව කියලා තියනවා //විඩියෝ එකට කමෙන්ට් දාලා තියනවා සමහර අය මේ වගේ// කියලා ඉතුරු ටික ලියලා තියෙන්නෙ .. ඉතින්, හරියට කියවලා නැත්තෙ මමනෙ, සමාවෙන්න.

      • පැන්ඩා said, on ජනවාරි 8, 2012 at 9:43 පෙ.ව.

        මේ තියෙන්නෙ ජෙහාන් xmas එකට ගෙදර ආපු විඩියො එක,….අම්මල දරුවො ආගන්තුකයො වගේ නැතුව මෙහෙම විහිළුවක් කරල සතුටින් ඉන්න එක කොච්චර හොද ද..ලංකාවෙ අම්මල කීයෙන් කී දෙනා ද මේ වගේ වැඩුනු දරුවෙක් කැගහල පොඩි කාලෙ වගේ බදා ගන්නෙ.ගම් වල සංස්කෘතිය මීට වඩා පොඩ්ඩක් වෙනස්.අපිට මෙහෙම අම්මගෙ ආදරෙ පෙන්නන මොහොත තමයි අපි ගමනක් යනකොට එහෙම නැත්තං මල් පූජා කරල අම්මට වැන්දම ආදරෙන් ඔලුව අතගාල ආශිර්වාද කරල ලගට ගන්න මොහොත..

        ඒත් මම දන්නව ලංකාවෙ අනන්ත මේ අවස්තාව මේ දෙවිදිහෙන්ම නොලැබෙන අය…ඒ අම්මලගෙ හිතේ ආදරේ නැතුව නෙවෙ..නොකා නොබී දරුව වෙනුවෙන් පන වුනත් දෙනව..ඒත් එක එහෙමයි කියල දරුවට දැනෙන්න දෙන්නෙ නැ..මේක වෙන්නෙ දරුවො ඔලෙවල් වගෙ ලියල ලොකු මහත් වෙන කොට..ඒත් දරුවන්ට යාලුවො වගේ අම්මල ඕනිමත් ඒ කාලෙම තමයි කියල මම හිතන්නෙ..අද ලංකාවෙ කොල්ලො කීයෙන් කී දෙනාටද තරුණ වියේදි මග තොටෙ හම්බුවෙන එහෙම නැත්තං පාරෙ යද්දි දකින් ලස්සන ගැනු ලමයෙක් පෙන්නල ලස්සන කෙල්ල නේද අම්මෙ කියල අහන්න පුලුවන්..

        මම දන්නව තාමත් අපේ වයසෙ විස්ස විද්දාලෙ ඉන්න මගෙ යාලුවන්ට කැම්පස් එකෙ යාලුවෙලා ඉන්න කෙල්ල ගැන අම්ම එක්ක කතා කරන්න බැරි අම්මල ගැන..

        මේක ප්‍රශ්නයක් නෙවෙ ද ?

        • arunishapiro said, on ජනවාරි 8, 2012 at 10:06 ප.ව.

          පැන්ඩා,

          දරු සෙනෙහස පිටතින් නොපෙන්නපු අතීතයක් ලෝකයේ හැම පැත්තකම තිබුණ. සමහරු ඒකෙ අනිත් පැත්තට ගිහින් අම්මලා තාත්තලා දරුවෝ එක්ක යාළුවෝ විදියට හැසිරීම හරි යැයි ද හිතනවා. දෙකම හොඳ නැහැ. යාළු කෙල්ල හෝ කොල්ලා ගැන අම්මා තාත්තා එක්ක කතා කරන්න නොයාමත් සහ යාළුකමේ හැම විස්තරයක් ම බෙදාගන්න යාමත් අතර මැද පිළිවෙත හැම විටම වටහා ගැනීමට අසීරු වූවක්!!!!

  7. අබරන් සීයා said, on ජනවාරි 6, 2012 at 11:37 ප.ව.

    guys read before comment
    Staring Sanushka Ranasinghe and Jehan Ratnatunga

  8. dayal-bathee said, on ජනවාරි 7, 2012 at 12:48 පෙ.ව.

    මගේ රට, මගේ මව, මගේ ජාතිය, මගේ ආගම, මගේ මව් බස,
    මේවා මට උපතින් ලද දේ.
    කෙනෙකුගේ අම්මාත් ඔහුට හෝ ඇයට ආගමක් වගේ.
    කෙනෙකු සිතනවා නම් මෙය කැත විහිලුවක් කියල ඒ පුද්ගලයා සමග වාදයක් කරන්න පුලුවන්;
    ඒත් වැඩක් නෑ.
    ලඟ සිටියොත් හොම්බට දෙකක් ඇන ගැනීමේ නිදහස ඇත.

    • arunishapiro said, on ජනවාරි 7, 2012 at 9:54 පෙ.ව.

      dayal-bathee,

      මගේ කියාගන්නා දේවල් වලින් තමයි පුද්ගලයාගේ අන්‍යන්‍යතාවය ඇතිවෙන්නෙ. ඒක අවශ්‍යයි. තිබිය යුතුමයි.

      ඒත් ඊට ඇති අයිතියට “ළඟ සිටියොත් හොබ්මට දෙකක් ඇන ගැනීමේ නිදහස” ඇතුලත් නැහැ. නිදහස ඇත්තේ කැත විහිළුවක් යැයි එහෙම හිතන අයට පිළිගන්නට ඉඩ දීමත්, එහෙම කැත විහිළුවක් නොවේ යැයි හිතන අයට එය පිළිගන්නටත් ඉඩ දීම පමණයි.

  9. Kandyan said, on ජනවාරි 7, 2012 at 8:16 පෙ.ව.

    ඉන්දියන් කොමඩි එකක කෑල්ලක් වගේ……

    • arunishapiro said, on ජනවාරි 7, 2012 at 9:51 පෙ.ව.

      Kandyan,

      නැහැනෙ බලාගෙන ගියාම … උඩින් අබරන් සීයා දාලා තියෙන්නෙ මේ දෙන්නගෙ නම් දෙක.

      අපි හුරු වෙලා ඉන්නෙ මේක අපහාසයක්, මේක පිටින් කවුරු හරි ඇවිත් අපිව හාස්‍යයට ලක් කරන්න හදපු වැඩක් වගේ දකින්න ඉක්මන් වීමට.

      ජෝර්ජ් බුෂ් පුතාව ලෝකයේ ඕනෑම විහිළුවකට යොදා ගැනීම කමක් නැහැයි කියා සිතන අය ලෝකයේ වැඩියි. මැලේසියාවේ ස්මාට් කාර් විකුණන්න එතරම් බුද්ධිමත් නැතැයි (ඇබිත්තන් සත්‍යය!) පෙන්වන ඔහුගේ මුහුණ යොදා ගැනෙන බවක් ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව පළ කර තිබුණා; බුෂ් පුතා ස්මාට් කාර් එකක් තරම් වත් බුද්ධිමත් නැහැයි කියන්නට.

      ඒත් ටොයෝටා කොම්පැණිය ඇමෙරිකන් නළුවෙක් වෙන බ්‍රැඩ් පිට්ගේ ඡායාරූපයක් මැලේසියාවේ දී පාවිච්චි කරද්දී එය ආසියානුවන්ට අපහාසයක් යැයි තහනම් වූ බව ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව කියනවා. හැඩැති පිරිමි රුවක් සඳහා බ්‍රැඩ් පිට්ගේ රුව පාවිච්චිය බටහිර සම්මත ලස්සනක් වැඩියෙන් හුවා දැක්වීම යැයි විරෝධය එල්ල වූ කාරණාවයි. සඟරාව කියන විදියට බ්‍රැඩ් පිට්ගේ රුව ලොව හැම තැනක ම ඉන්නා පිරිමින්ගේ ඇඟේ මාළු නටවන්නකි!!!

      ජෝර්ජ් බුෂ් මෝඩ යැයි දක්වන්නට ඉඩ දුන්නට බ්‍රැඩ් පිට් ලස්සන යැයි කියන්නට ඉඩ නොදෙන මැලේසියාවේ දෙබිඩි ප්‍රතිපත්ති රඟනා අය කරන කියන දේවල් ගැන මැලේසියාවේත්, සෙසු ලෝකයේත්, සිතන්නට හැකි ජනතාවට පැහැදිලි කරන්න තවත් කිසිවෙක් අවශ්‍ය නැහැනෙ.

  10. අමා said, on ජනවාරි 7, 2012 at 10:52 පෙ.ව.

    මේක ඉතින් අම්මලාට අපහාසයක් නෙවිනේ…නිකම් හිනාවෙන්න කරපු දෙයක්.
    මේ ඉන්නේ ජෙහාන් රණසිංහ මම දන්නා තරමින් ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයෙක්. jehnr නමින් ගොඩක් හිනා යන වීඩියෝ තියෙනවා යු ටියුබ් එකේ…කොටින්ම එයා එයාගේ අම්මව බලන්න නත්තලට ලංකාවට ගිය (මේක නම් හාස්‍ය වීඩියෝවක් නෙවි) එකකුත් තිබුන.

    • arunishapiro said, on ජනවාරි 7, 2012 at 10:19 ප.ව.

      අමා,

      ඔව් අමා නංගි මාත් දකින්නෙ මේක අම්මලාට කරන අපහාසයක් විදියට නෙමෙයි, නිකම් හිනාවෙන්න කරපු දෙයක් විදියට.

  11. Beetle said, on ජනවාරි 8, 2012 at 1:37 පෙ.ව.

    මේකත් මරු…

  12. Sudath said, on ජනවාරි 8, 2012 at 4:45 පෙ.ව.

    බොහෝ දෙ‍නකුට විහිළුව සහ අපහාසය වෙන්කරගන්න බෑ වගේ. නොතේරුම්කමද නැත්නං කුහකකමද ඒත් නැත්තං අවස්ථාවාදයද කියල හිතාගන්න අමාරුයි.

  13. emailkavikaari said, on ජනවාරි 8, 2012 at 8:04 පෙ.ව.

    අම්මට දීපු සප්‍රයිස් එක ලස්සනයි. මමත් දෝණිත් ඕක බැලුවා. මමත් සමහර වෙලාවට ඕනවට වැඩිය ආරක්ෂා කරනවද මංදා

    • arunishapiro said, on ජනවාරි 8, 2012 at 10:02 ප.ව.

      emailkavikaari,

      ඕනෑවට වැඩිය කරන දේවල් ගැන මතක් වෙන්න ඇඟිල්ලෙ පීත්ත පටියක් හරි බැඳගන්න ඕනා දැන් නංගිගෙ දෝණියැන්දා නිවාඩුවට ආපුවම!!!

  14. emailkavikaari said, on ජනවාරි 9, 2012 at 5:42 පෙ.ව.

    Stop the Sri Lankan Government from killing millions of stray dogs………………………….http://www.thepetitionsite.com/1/stop-the-sri-lankan-government-from-killing-millions-of-stray-dogs/

    • arunishapiro said, on ජනවාරි 9, 2012 at 8:18 පෙ.ව.

      emailkavikaari,

      මම බල්ලන්ට හරි ආදරෙයි. බල්ලන්ට ඇති ආදරය නිසාම මම දඩාවතේ හැදෙන බල්ලන් මරා දැමීමට එකඟයි කිව්වොත් අවුල් ලිහා ගන්න ගොඩක් අයට බැරි වේවි. උන්ට ඇති ජීවිත බඩගින්නේ ද, මැක්කන් පිරි හොරි වලින් කසන හමෙන් ද, යට කරගෙන ගිය වාහන නිසා කැඩුනු අඬු එල්ලා ගත් වේදනාවන් වලින් ද, පනුවන් වැළඳීම නිසා වේදනා විඳ හෘදයාබාධ වලින් මිය යාමෙන් ද, තවත් එවැනි ම දුක්ඛිත ජීවිත ගෙවන පැටවුන් බෝ කරන්නට ද මිසක් බල්ලෙක් විදියට ඉපදීමෙන් මිනිස් සෙනෙහස ලබමින් සැප ජීවිතයක් ගෙවන ඒවා නෙමෙයි.

      බල්ලෝ මරණවාට අකමැති අය කරන්න ඕනා දඩාවතේ යන්න බල්ලන් පාරට ගිහින් අත් නොහැරලීමට. (මම බල්ලෝ පාරට දාලා නැහැ.)

      බල්ලෝ මරණවාට අකමැති අය කරන්න ඕනා දඩාවතේ යන බල්ලෙක් දැක්කාම ගෙදර අරන් ගිහින් හදාගන්න එක (මම එහෙම අරන් හදා ගත්තා.)

      ඒ දෙකම කරන්න බැරි නම් දඩාවතේ යන බල්ලෝ මරණ එක ගැන තමන් කිසිත් කීමෙන් ඵලක් නැහැ.

      කළින් ලියූ සටහන් දෙකක්:

      සත්ව කරුණාව

      මා හැර යන්නට ඇයට සහාය වුනෙමි. මේ මගේ පාරෙන් අරන් හදා ගත් බැල්ලිය ගැනයි.

  15. emailkavikaari said, on ජනවාරි 9, 2012 at 9:35 පෙ.ව.

    මගෙ ලඟ ඉන්න බැල්ලියන් ස්ටෙරලයිz කලෙත් බල්ලො වැඩිකරගන්ට අකමැති නිසාම තමා. ඒ අය කව දාවත් පැටව් ගැහැවෙ නැහැ. එ අයගෙ පැටවුන් ලැබීමේ අයිතිය ගඟේ ගියා. ගඟට උඩින් කොක්කු ගියා. පස්සෙ මටම දුක හිතුනා. ඔයාගෙ ඔක්කොම පෝස්ට්ස් ලියවා තියෙනවා. මට ඕනැඋනේ ඔයා මේ ගැන හිතන හැටි සහ ඔය රටෙත් මේ වගෙ දේවල් වෙනවාද කියා දැනගන්ටයි.

    පසු ලිපි; මොරටුව වි විද්‍යාලයෙත් මේ ප්‍රශ්නය දරුණුවට තියෙනවා. VC බල්ලො මැරෙවුවොත් ළමයි මොනව කියයිද??

    • arunishapiro said, on ජනවාරි 9, 2012 at 9:52 පෙ.ව.

      How many animals enter animal shelters each year? And how many are euthanized?
      The HSUS estimates that animal shelters care for 6-8 million dogs and cats every year in the United States, of whom approximately 3-4 million are euthanized. At this time, there is no central data reporting agency for animal shelters, so these numbers are estimates; however, the Asilomar Accords method is gaining momentum as a standard for more accurately tracking these numbers. Annual statistics for approximately 150 shelters across the country are posted at asilomaraccords.org. You can help us develop a more accurate picture of the problem by encouraging your local shelters to report their data.

      In the 1970s, American shelters euthanized 12-20 million dogs and cats, at a time when there were 67 million pets in homes. Today, shelters euthanize around 4 million animals, while there are more than 135 million dogs and cats in homes. This enormous decline in euthanasia numbers—from around 25 percent of American dogs and cats euthanized every year to about 3 percent—represents substantial progress. We will make still greater progress by working together to strike at the roots of animal overpopulation.

      මේකේ ඩිරෙක්ටර් පෝල් ශපීරෝ කතා පවත්වද්දී අහන්න ගිහින් තියෙනවා!!! එයා නෑදෑයෙක් නෙමෙයි.

      • emailkavikaari said, on ජනවාරි 9, 2012 at 10:11 පෙ.ව.

        තොරතුරට ස්තුතියි.

        ඔයාගෙ බැල්ලියගෙ ජීවිතය අවසන් කල හැටි ලියැවුන ලිපිය ගැන මම මගෙ පුතා එක්ක දවසක් කිව්ව. මම එයාගෙං ඇහුවෙ කවදා හරි අපෙ බැල්ලියන්ටත් ආතරයිටිස් වේදනා වැඩි උනොත් ඒ දෙයම කරනවාද කියා. එවිට ඔහු කීවේ ඒ වෙලාවේ හැටියට වේදනා විඳීම බලා සිටින්නට බැරි තත්වයක් නම් එම තීන්දුව ගන්ට වෙයි කියායි. ඔහු එළවලු පමණක් ආහාරයට ගන්නෙක්. දෝණිත් එහෙමයි. ඒ සතුන්ට ඇති කරුණාව නිසාමයි. නමුත් මගෙ දෝණි මේ බලු සංහාරයට විරුද්ධයි.

        • arunishapiro said, on ජනවාරි 9, 2012 at 10:30 පෙ.ව.

          emailkavikaari,

          ආතරයිටිස් වලට නම් වසර දෙකක් විතර බෙහෙත් පෙත්තකින් වේදනාව දැනෙන්න නොදී තියාගත්තෙ. ඒත් බැල්ලියට ඇල්සයිමර්ස් හැදිලාත් තිබුණ, කන්නෙ බොන්නෙ කොහොම ද යන්න පවා අමතක වෙලා ගිහින්. කටට කෑම දැම්මම ඒවා එළියට වැටෙනවා ගිලින හැටි අමතක වෙච්ච නිසා. ඒත් අවසන් තීරණය ගන්න හේතු වූයේ බැල්ලියට මළ මුත්‍රා කරන්නට ද අපහසු වූවාම. දවස් දෙකක් තුනක් කිසිත් පිට නොකර ඉන්න පටන් ගත්තාම.

          බලු සංහාරයට විතරක් නෙමෙයි ඕනෑම ජීවියෙකුගේ ප්‍රාණය නැති කිරීමට අපි හැමෝම විරුද්ධ වෙන්න කැමැතියි. ඒත්, ලෝකයේ දුප්පත් මිනිස්සු හැමදාම සිටීවි වගේ ම, වගකීමෙන් තොරව බල්ලො බලල්ලු හදන අයත් ලෝකයේ සිටීවි. කොච්චර නීති ගෙනවාත් අකමැති අයෙක් ගෙන් වැඩක් ගන්නත් බැහැ, අයෙක් ලවා සුරතල් සතුන් ගැන වගකීමෙන් කටයුතු කරවන්නත් බැහැ.

  16. emailkavikaari said, on ජනවාරි 9, 2012 at 9:42 පෙ.ව.

    බලන්න ඔටාරා කරන දේ.http://www.embark.lk/archive-past-treatments.php මා ගාව ඉන්න අයත් යන එන මං නැති නිසයි මට බාරගන්ට සිදු උනේ

  17. Prabath said, on ජනවාරි 10, 2012 at 10:12 ප.ව.

    මම මගේ දුවට video එක පෙන්නුවට පස්සේ එයා මට තාත්තලාගේ එක එවලා තිබුණ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: