අරුණි ශපීරෝ‍ වෙතින්

වෙන්වීමේ සාංකාව

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 10, 2012

ප්‍රියයන් ගෙන් වෙන්වීම දුකකි. එහෙත් වෙන්වීම නිසා දරාගත හැකි දුකකට වඩා දරුණු ලෙසින් ඇති තත්වය ව්‍යාධියකි (disorder). වෙන්වීමේ සංකාව (separation anxiety) නැමති හිතේ ලෙඩේ බල්ලන්ට ද ඇත!! ගෙදර කට්ටිය බල්ලව තනියම දාලා ගියොත් දත් වලට අහුවෙන හැම දෙයක් ම හපන බල්ලො (ව්‍යාධියේ ලක්ෂණයක්) එයින් පෙළන්නෝ ය. ඒ නිසයි සමහර අය නිවාඩු යනකොට බල්ලවත් අරගෙන යන්නෙ.

කාලෙන් කාලෙට ඇමෙරිකන් ජනාධිපතිවරුන්ට හැදෙන මේ වෙන්වීමේ සාංකාව මේ දවස්වල බරාක් ඔබාමාටත් හැදිලා. කොහොම ද කියල පැහැදිලි කරන්නම්.

ඇමෙරිකන් ව්‍යවස්ථාව හැදෙන්නෙ නිදහස් ප්‍රඥප්තියෙන් පසුව. මූලික හේතුව ජෝර්ජ් වොෂිංටන් කිව්ව විදියට ආණ්ඩුවට සල්ලි නැති නිසා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් අහක් වුනාට පස්සෙ ඒ කාලේ තිබිච්ච ප්‍රාන්ත ටික තම තමන්ගෙ වැඩක් බලා ගත්ත. ඒත් රට වෙනුවෙන් කියා කිසි මුදලක් ගෙව්වෙ නැහැ. එතකොට රට ආරක්ෂා කරන්න මුදල් කොහෙන් ද? ඒ නිසා අවශ්‍ය වුනා ප්‍රාන්ත එකතු කර රටේ ආරක්ෂාවට බදු එකතුව සඳහා රටට ව්‍යවස්ථාවක්.

ඔබාමා ඇතුළු සමහරු හිතනවා රටක ව්‍යවස්ථාවක් කියන්නෙ මඟ පෙන්වන රීති සමූහයක් කියල. රටක ව්‍යවස්ථාවක් නම් රටවැසියන් හා රට පාලකයන් අනුගමනය කළ යුතු හා නොයුතු නීති රැසක්.

ඇමෙරිකන් ව්‍යවස්ථාවෙන් නීතිමය බලය දෙන ඇමෙරිකන් ආණ්ඩුව හැදෙන්නේ එක හා සමාන බලතල යුතු කොටස් 3 කින්. නීති සම්පාදක (ජනතා නියෝජනයෙන් කොංග්‍රසය හැදී ඇත්තේ නිවස හා සෙනෙට් යන සභා දෙකෙන්); විධායක (ජනාධිපති); අධිකරණය (සුපිරි උසාවිය). මේවායේ බලතල තුන් කට්ටුව අතර බෙදා යන හැටි ව්‍යවස්ථාවේ පළමු වගන්ති තුනෙන් විස්තර වෙයි.

බලය වෙන් කිරීම (separation of powers) මඟින් ආණ්ඩුවක් බලවත් වීම සීමා කිරීම ඇමෙරිකන් ව්‍යවස්ථාවේ මූලික අරමුණ විය.

බුෂ් පුතා පටන් ගත්, ඔබාමා තවත් වැඩියෙන් අල්ලා ගන්නා විධායක බලය නීති සම්පාදක හා අධිකරණ ඉක්බවා යෑම නිසා ව්‍යවස්ථාවෙන් දුන් අයිතීන් ගැන දන්නා පුරවැසියන් ඒ ගැන යමක් කරන්නට නිති අවදියෙන් සිටිති.

ඒ නිසයි, අද ඔබාමාට වෙන්වීමේ සාංකාව හැදී ඇත්තේ!!!!

නිදහස් ප්‍රඥප්තියේ දීර්ඝ වූ මැද කොටස දිහා බැලුවොත් එංගලන්තයේ මහරජ්ජුරුවන්ට විරුද්ධව ගෙනා චෝදනා කියවන්නට හැකිය. මහරජ්ජුරුවෝ බලහත්කාරයෙන් ජනතාව වෙතින් රටේ නීති සම්පාදනයේ දී ඔවුන්ව නියෝජනය වීමෙන් ඉවත් කරන්නට හැදුවේ ය. එය තක්සේරු කළ නොහැකි අයිතියක් නැති කිරීමකි. ඒකාධිපතියන්ට පමණක් සතු වූ බැරෑරුම් තත්වයකි.

මහරජ්ජුරුවෝ මහජන සුබ සාධනය සඳහා වූ නීති පිළිගැනීම ප්‍රතික්ෂේප කළේය. ඉන් ඔහු ජනතාව නියෝජනය කිරීම කෙලෙසන ලදි. ඔහු නීති සම්පාදකයන් අසාමාන්‍ය තැන් වල දී රැස්කර, අපහසුතාවයට ලක් කරමින් වෙහෙසට පත් කර, ඔහුගේ කැමැත්තට නතු කරගත්තේ ය. මහරජ්ජුරුවෝ විධායක හා අධිකරණ බලය බෙදී යෑම නොසලකා හරිමින් විනිසුරුවන්ව තම අභිප්‍රාය පමණක් සලකන්නට ඔවුන්ගේ තනතුරු කාලයන්, ඔවුන්ගේ පඩි වෙනස් කළේය.

ඇමෙරිකන් නිර්මාතෘවරු කළේ සරල දෙයක් නොවේ. ඔවුන් එදා ලෝකයේ බලවත්ම වූ බලයට (බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට) එරෙහිව යුද වැදුණහ. කවදාවත් ලොව නොතිබි මූල ධර්ම පද්ධතියකින් ආණ්ඩුවක් පදනම් කරන්නට සමත් වූහ. මහරජ්ජුරුවන් මෙන් පාලකයා වෙතින් ජනතා බලය කප්පාදුව වැළැක්වීම සඳහා බලය බෙදා හරින ක්‍රමයකට ව්‍යවස්ථාව සැකසූහ.

ව්‍යවස්ථානුකූල අයිතිය දන්නා ඇමෙරිකානුවන් 2010 මැද මැතිවරණයෙන් බලයට පත් කළ නීති සම්පාදකයෝ නිසා වසරක් බලයේ සිටි ඔබාමාගේ බලය බෙදී ගියේය. ආණ්ඩුවේ හිතුමතයට අයවැය පාස් කරගන්නට අද නොහැකිය. අධිකරණය අද ඔබාමා විධායක බලයෙන්, එදා වැඩි නියෝජනයක් තිබි නීති සම්පාදකයන් එකතුවෙන් පැනවූ අළුත් නීති (දේශ සීමා, සෞඛ්‍ය පනත, පරිසර ආරක්ෂක රෙගුලාසි) විනිශ්චය පටන් ගෙන ය.

බලය මෙසේ වෙන්කර ඇති නිසා, අයිතීන් දැනුවත් හා ඒවා රකින්නට කැප වූ පුරවැසියන් සුළු කොටසක් තවමත් ඉන්නා නිසා, ඇමෙරිකාවේ ජනාධිපති, ලෝකයේ ජනාධිපතිවරුන් අතර අඩු ම බලයක් ඇත්තා වෙයි. එසේම ජනතා නියෝජනය තිබි පමණින් වැඩියෙන් නියෝජනය වන ජනතාවගේ කැමැත්තක් කරන්නට ද ව්‍යවස්ථාවෙන් ලැබෙන්නේ නැත. සියළු පුරවැසියන්ගේ අයිතීන් එක හා සමාන ලෙස සැලකීමට සිද්ධ වන නිසා, යම් පිරිසකට වැඩි නියෝජනයක් තිබූ පමණින් සුළු කොටසකගේ අයිතීන් කප්පාදුව නොහැකිය.

1787 දී ඇමෙරිකන් ව්‍යවස්ථාව අත්සන් කෙරිණ. ලෝකයේ තවමත් වැඩියෙන් ඉන්නේ මහරජවරුන්ගේ කැමත්ත පිළිගන්නා ලෝක ජනතාවකි. ජනතාව විසින් ජනතාව පාලනය වන මේ 1787 මූල ධර්මය ගැන අවබෝධය ලොව දුර්ලභය.

2011 ලංකාවේ සමහර අයගෙ සංවාදය සුද්දා වැසිකිළි ගිහින් අත හෝදනවා ද කොලේ පාවිච්චි කරනවා ද කියන තැන හිරවෙලා. තමන්ගෙ රටේ වාසය කරන ජනතාවගේ නිවාස ආශ්‍රිතව වතුර පහසුකම් පවා නැතිව මහත් ජනතාවක් ජීවත් වෙද්දී සුද්දා පස්ස හෝදන හැටි ගැන රුදාවෙන් ඇති ඵලය කිම? 1710 දී විතර සුද්දා බිඩේ හැදුවේ. ලංකාවේ හැදිච්ච මගේ ගෙදරත් බිඩේ තිබ්බා. 2011 දී සුද්දා පාවිච්චි කරන්නෙ යන යන තැනක අරන් යන්න පුළුවන් විශබීජ නාශක දැමූ, සුවඳ කැවූ, සුමුදු කොල. ඊට පස්සෙ හෝදා ගන්න ඇල් වතුර හෝ උණු වතුර දෙකම ඇති පමණට මහජන වැසිකිලි ඇති රටක තියෙනවා.

ඒ මදිවාට සුද්දා යන රුවල් නැවටත් වැසිකිලි හා ජලනල පහසුකම් හදාගෙන. එතැනින් නැවතෙන්නෙ නැතිව වෙන්වීමේ සාංකාව ඇති බල්ලාව ගෙදර දාලා යන්නෙ නැතිව ඌවත් නැවේ අරගෙන යනවා. බල්ලා වැසිකිලි පාවිච්චිය නැති නිසා සුපිරි නැව් වල උද්‍යානත් හදලයි තියෙන්නෙ. ලොකු උද්‍යාන හදන්න ලොකු නැව් නැති අයට පුළුවන් බල්ලට විතරක් තණකොල පිඩැල්ලක් අරගෙන යන්නත්.

මේ නැවේ ටෙනිස් පිටියකුත් තියෙනවා. නැව එහාට මෙහාට පැද්දෙද්දී ටෙනිස් පිටිය පැද්දෙන්නෙ නැතිවෙන්න නිර්මාණයට යොදවපු ඉංජිනේරු තාක්ෂණය ඇහුවම මිනිස් උත්සාහයන් ගැන දැනුනෙ ඉහවහා ගිය සතුටක්.

ගැටළුවක් දෙන්න විසඳුමක් සොයන්නම් -මොළයෙන් වැඩගන්නා
හැම ගැටළුවක්ම වෙන කාගෙ හරි වැරැද්දක් -රටක් ඉබේ ආශ්චර්යමත් වෙනකම් බලා සිටින්නා

Advertisements

20 Responses

Subscribe to comments with RSS.

  1. jackson said, on ජනවාරි 10, 2012 at 11:05 පෙ.ව.

    ඔයාගේ වෙබ් එක ගොඩක් හොඳයි.. අපි හිතනවා ඔයාට හොඳ හැකියාවක් තියනවා කියලා.. අපේ සිංහල කොල්ලන්ගේ කෙල්ලන්ගේ දක්ෂතා එලි දක්වන්න හොඳ media එකක් මේ නොදියුණු ලකාවේ නැහැ.. ඒවා තිබුනත් ඒවායේ මෝඩයයි අදක්ෂයි තමයි රජ කරන්නේ.. කොහොම උනත් මම ඔබට සුබ පතනවා දිගටම ලියන්න… ඔබගේ අඩවිය තුලින් සිත පිරිසිදුවම ලෝකයටත් මනුෂ්යානටත් හොඳක්ම කරන්න.. .
    ස්තුතියි..
    අපි
    Sri Lanka E-news Link
    අපි ඔබගේ වෙබ් අඩවිය ගූගල් PR අඩවියක් කරන්නෙමු..
    (We are genius to make the Google PR of your site increase.)

  2. chandi said, on ජනවාරි 10, 2012 at 1:09 ප.ව.

    හිනා යන්නෙ සුද්දා අත හා අනෙක් තැන් සෝදන්නෙ කොහොමද? කියල අහන අය හරියට ඒව පාවිච්චිය වත් දන්නෙ නෑ. ලංකාවෙ වැසිකිලියකට ගිහාම වමනෙ යන්න එනවා. මේක වෙන්වීමේ සාංකාවට අදාල නැහැ හොදේ.

    • arunishapiro said, on ජනවාරි 10, 2012 at 10:11 ප.ව.

      chandi,

      වතුර නැතිකම් වැඩියෙන් ම. වැසිකිලි පහසුකම් නැතිකම නිසා තරුණ ශිෂ්‍යාවන් කොපමණ දෙනෙක්ට ලංකාවේ මාසයකට දවසක් දෙකක් පාසැල්, විශ්ව විද්‍යාල වල පංති වලට සහභාගී නොවන්නට සිද්ධ වෙනවා දැයි සොයන සමීක්ෂණයක් කළොත් අපි කෙල්ලො හැටියට දන්නවා කොච්චර දත්ත ලැබෙයි ද කියලත්!!! ඔව් චාන්දි අක්කා වෙන්වීමේ සාංකාවට අදාල නැහැ නේන්නම්!!!

  3. W.A. Wijewardena said, on ජනවාරි 10, 2012 at 1:34 ප.ව.

    A great article which everyone should read!

  4. kevin perera said, on ජනවාරි 10, 2012 at 2:10 ප.ව.

  5. kevin perera said, on ජනවාරි 10, 2012 at 2:50 ප.ව.

    අරුණි ඔයා බටහිර යුදෙව් කුමන්ත්‍රණ කාරියක්ද කොහෙද. අර කැළණිය නාථ දේවාලෙන් එලවපු සිල්වා කපු මහත්තයගෙන් අහැව්ව නම් ඔයාට සුද්ද සින්හලෙන්ම කියල දෙයි සුද්දො අපේ දැනුම ඔක්කොම හොරකන් කරන් ගිහින් තමයි ඔයි නැව්, ටොයිලට්, කොම්පුටර් ඔක්කොම හදල තියෙන්නෙ.ඔයාට තේරෙන්නේ නෑ රටක් ඉබේ ආශ්චර්යමත් වෙනකම් අපි නිකම් බලන් ඉන්නේ නෑ අපි වංශෙ කබල් ගානව නේ. අපේ හෙල රජවරු අවුරුදු දෙදාස් පන්සීයක ශ්‍රී විභූතිය සද්දෙන් කියන්න කියන්න..පර සුද්දට බනින්න බනින්න අපේ රට ආශ්චර්යමත් වෙනවා.

    • වික්‍රමාරච්චි said, on ජනවාරි 10, 2012 at 9:29 ප.ව.

      @kevin perera,

      ඔය සුද්ද අපෙන් හම දෙයක්ම ගත්ත කියන කතාව නාථ කපු මහත්තය විතරක් නෙවෙයි මේ අපේ වෙද මහත්තයත් කියන කතාවක්නෙ. ආයුර්වේදෙ ගොඩක් දියුණුලුනෙ බටහිර වෛද්‍ය ක්‍රමයට වඩා. පුහ්. ගිහිල්ල කියවලම බලන්නකො. http://wedagedara.blogspot.com/2012/01/blog-post_10.html

      • arunishapiro said, on ජනවාරි 10, 2012 at 10:41 ප.ව.

        වික්‍රමාරච්චි,

        වෙද මහත්තයාගෙ සටහන කියවන්න විදියක් නැහැ අර විකේතකය හදාගන්න තෙක්.

        සුද්දා ලෝකෙ හැම අත ගිහින් එකතු කරන් ආවේ තමන්ටත් රටටත් හොඳ අදහස්. ඒ නිසා සමහර විට දියුණුවට තිබිච්ච දේවල් ඒ ඒ රටවල පරිහානියට යද්දී ඒවා වඩාත් හොඳින් ආරක්ෂා කරන්නට සුද්දන්ට හැකියාව ලැබුණ. ඉන්දියාවේ සංස්කෘත භාෂාව වැඩියෙන් ම ආරක්ෂා කළේ ජර්මන් භාෂා ශාස්ත්‍රකරුවන්. ලංකාවේ ත්‍රපිටකය ලෝකයට බෙදා හැරියෙ බ්‍රිතාන්‍යයේ පාලි ත්‍රිපිටක සංගමය. ටිබෙට්හි දලෙයි ලාමාට වැඩියෙන් ආරක්ෂාව දෙන්නෙ ආසියානු බෞද්ධයෝ නෙවෙයි, රිඩච් ගියර් වැනි ඇමෙරිකානු බෞද්ධයෝ. චීනයෙන් මාලිමා ශාස්ත්‍රය හා වෙඩි උණ්ඩ හදන්න ඉගෙන ගෙන පස්සෙ GPS සහ පරමාණු හැදුවෙ බටහිර!!!

    • arunishapiro said, on ජනවාරි 10, 2012 at 10:21 ප.ව.

      kevin perera,

      //අරුණි ඔයා බටහිර යුදෙව් කුමන්ත්‍රණ කාරියක්ද කොහෙද.// 😀 ඔව් ඔව්, ඊ ළඟට මට සී.අයි.ඒ. වලින් ගෙවන්නත් පටන් ගන්න කම් බලාගෙන ඉන්නෙ!!!

  6. emailkavikaari said, on ජනවාරි 10, 2012 at 9:27 ප.ව.

    කෙවින්ගෙ කුමන්ත්‍රනය මොකක්ද?

    • arunishapiro said, on ජනවාරි 10, 2012 at 10:23 ප.ව.

      emailkavikaari,

      කෙවින්ගේ කුමන්ත්‍රණය සත්‍ය හෙළි කිරීමයි නංගියේ. අනුන්ගෙ වැරැද්දක් වුනාම වැඩිපුරම බටහිර කුමන්ත්‍රණ කියලානෙ කියන්නෙ. මගෙ වාසගම යුදෙව් වාසගමක්. මම ඉන්නෙ බටහිර. ඉතින් එකයි දෙකයි තුනයි එකතු කළාම බටහිර යුදෙව් කුමන්ත්‍රණකාරියක්!!!

  7. indika27 said, on ජනවාරි 11, 2012 at 12:03 පෙ.ව.

    ඔබ නිතරම වරද්දා ගන්නවා..අමෙරිකන් ජනතාව අමෙරිකාවට ආස ඇති..නමුත් අපි අපේ රටට ආසයි..අපේ රටේ හිම,ගිනිකඳු,භූමිකම්පා මුකුත් නෑ..මිනිස්සු හරිම හොඳින් ජීවත් වෙනවා..ඒත් ඔබ හිතනව මිනිස්සු දුකින් කියල..එහෙම එකක් නෑ…නිවුස් වල යන්නෙ පච..නැගෙනහිර පලාෙත ඉන්නව යූ එන් එකෙ ඒජන්ට් කෙනෙක් එයා දවසක් මට හමුවෙලා කිව්වෙ..එයාලට රිපෝට් කරන්න තියෙන්නෙ මිනිස්සු විඳින දුක ගැනලු..එහෙ වෙච්ච සංවර්ධනය,දියුණුව මිනිසුන් වෙනස් වෙච්ච හැටි ඒව දියුණු රටවලට අදාල නෑ..රජය විසින් මිනිසුන් පීඩාවට පත්කරනවාය මිනිසුන් පෙලනවාය යන දේ තමා ඒ අය ඉස්මතු කරන්න හදන්නෙ..
    මං නිකමට කියන්නෙ ලංකාවෙ අද රුපියල් දාහට අඩුවෙන් මනුස්සයෙක් හොයාගන්න පුලුවන්ද අත් වැඩකට..රුපියල් දාහ කියන්නෙ ඩොලර් නවයක් වෙන්න පුලුවන්…ඒත් ඒක ටිකක් විශාල ගණනක්..රුපියල් 1200ට ත් මිනිස්සු නැතිව කොළඹ සයිට් තියෙනව සිවිල් ෆීල්ඩ් එකේ…
    කම්මැලි මිනිස්සුන්ට කවුරු ආවත් වැඩක් නෑ..ඒ අය එතැනමයි…රජයට බැනීම කියන්නෙ අපිට ෆන් එකක්..නිවුස් කියන්නෙ රෑට යන ටෙලි නාට්ටියක් වගේ එකක්..ඔය කියන තරම් අපේ රට කැත නෑ…අන්ස්කිල් ලේබර් හෝ වෙනත් සුලු රැකියා සඳහා කොතරම් ඉල්ලුමක් තියෙනවද කියල සති අන්ත ලංකාදීප පත්තරේ බැලුවත් හොයාගත හැකි වෙයි..
    දැන් දැන් චීන්නු ඉන්දියන් කාරයො මෙහෙ ආවම එලවගන්න අමාරුයි..මොකද උන්ට උන්ගෙ රටට වඩා ඔයා ඔය කියන කැත අපේ රට හොඳ නිසා..සතුට පෙන්වා සතුටින් විනෝද වීම අමෙරිකන් ගතිය..දුක පෙන්වා දුක හරහා විනෝද වීම ලාංකික ගතිය..ඔය තරම් දඟලන්න ඕනි නෑ ටෙලි නාට්ටි දෙකක් අරන් බලන්න අමෙරිකන් සහ ලාංකික..ඔය කතාව තමා තියෙන්නෙ..ඒක තේරුම් ගැනීම තමා වටින්නෙ…

    • arunishapiro said, on ජනවාරි 11, 2012 at 9:57 පෙ.ව.

      indika27,

      //ඔබ නිතරම වරද්දා ගන්නවා..// ඒකනෙ කියන්නෙ … කවුරු කොච්චර කිව්වත් මම පිළිගන්නෙ නැහැනෙ 😀

      වැඩේ මේකයි ඉන්දික, ඇමෙරිකන් ජනතාව හැමෝමත් ඇමෙරිකාවට ආස නැහැ, මේ දවස්වල මෙහෙ ජනාධිපති අපේක්ෂකයෝ ඇමෙරිකාවේ හැදිය යුතු වැරදි පෙන්වනවා ගජරාමෙට. හැබැයි ලංකාවේ නම් ලංකාවට ආස නැති කෙනෙක් නැහැනෙ, සුනිල් පෙරේරා සිංදු කියනවා වගෙ පෙන්වන්න වරැදි නැහැනෙ!!! ඒත්, සුනිල් පෙරේරාගෙ සිංදුවේ එක වැරැද්දක් දැක්කා: නිවැරදි වෙන්න ඕනෑ මෙහෙමයි කියල හිතුවා:
      හොඳම සුපිරි මහ මාර්ග වැඩිය ඇත්තෙ මොන රටේ ද?
      ඇමෙරිකාවේ, ඇමෙරිකාවේ,
      අලි නාවන තඩි වලවල් පාරේ ඇත්තෙ මොන රටේ ද?
      ජර්මනියේ, ජර්මනියේ,
      ජර්මනියේ එහෙම වුනත් ඇමෙරිකාවේ එහෙම වෙන්නෙ නෑ!!!!!

      //දුක පෙන්වා දුක හරහා විනෝද වීම ලාංකික ගතිය.// ඔයාත් කෙවින් පෙරේරාගේ //තමාව වධ බන්දනයට ලක් කර ගැනීමෙන් දුකම මොන තරම් සතුටක්දෝ කියල ස්වපීඩාවට පත් වෙලා ආතල් එකක් ගන්නේ// තියරිය පිළිගන්නවා වගෙයි!!!

      ඉන්දික ලියපු ප්‍රතිචාරයේ එකම එක අඩුපාඩුවක් පෙන්වන්නම්: යූ එන් කියන්නෙත් ඇමෙරිකාවේ පුරවැසියන් ගෙවන බදු මුදල් එයාලට කැමති විදියට වියදම් කරමින් ලෝකෙ හැම තැනම බලය අල්ලා ගන්න දත කන සංවිධානයක්. ඇමෙරිකාවේ අය නම් ලංකාව තියා පිටරටවල් තියෙනවා කියලා අහලා වත් නැහැනෙ!! කිසිවෙක් නොදන්නා රටක් සඳහන් කරන්න ඕනා වුනාම හැම තිස්සෙම ගන්නෙ ලංකාව. හ්ම් … එහෙම අරගෙන ම දැන් ලංකාව ගැන හැමෝම දන්නවා “කවුරුත් අහලා නැති රටක්” කියලා!!!!

  8. රාජ් said, on ජනවාරි 11, 2012 at 7:10 පෙ.ව.

    බොහොම සතුටුයි ලිපියට. මම දවසකුත් කිව්ව මේගැන ලියන්න කියල. මගේ ඉල්ලීම ඉෂ්ඨ වෙලා.

    • arunishapiro said, on ජනවාරි 11, 2012 at 9:59 පෙ.ව.

      රාජ්,

      මගෙත් ප්‍රියතම මාතෘකා වලින් එකක් … ඇමෙරිකන් නිදහස ගැන කතා කරද්දී ලංකාවට ගරහනවා කියලා බාර ගන්න අය ගැන කරන්න දෙයක් නැහැ .. ඒත් ඒකීය පුද්ගල නිදහස කුමක්දැයි හඳුනා නොගන්නේ නම් ඊට අයිතියක් කියන්න කවදා ලැබේ ද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: