අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකන් වෙරළ මුර කරන හමුදාව!

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 17, 2012

ඇමෙරිකන් වෙරළ මුර කරන හමුදාව අපේ රුවල් නැව ළඟට ආපු එක වෙලාවක අපි ගිය නැව අයිති කැප්ටන් සාර්ජන්ට් හබලක් අතට අරගෙන “වෙරළ මුර කරන හමුදාවෙන් පැනලා යන මගේ ක්‍රමය” කියලා නැව ඇතුලේ හබල් ගාන හැටි රඟ පෑවා. මේ ඒක දැකලා වෙරළ මුර කරන හමුදාව හැරිලා ආපහු ගිය හැටි සුදු අප්පුහාමි අතින් වූ විඩියෝව.

බලය ඇත්තෝ තම බලය වැඩි කරගන්නට ගන්නා නිති උත්සාහය අවම කරන්නට හැක්කේ ව්‍යවස්ථාව රකිනා නීති පිළිපදින සමාජයකට පමණි. අළුත් විජට්ටු ඇතිව කැමරා බිහිවීම නිසා අද යමක් සිදුවෙද්දී ම එය ලෝකය පුරා බෙදාහරින්නට පුළුවන. ඒ නිසා පොලීසියෙන් පහර දෙන විට, අත් අඩංගුවට ගන්නා විට, කැමරාවෙන් පින්තූර ගන්නා අය ලොව බහුල වුණි. ඉන් “මහජන ආරක්ෂාව” සලසන අයගේ බලය අඩු විය!!! කැමරාවලට එරෙහිව යුධ ප්‍රකාශ වුණි. බලය ඇත්තා හැමදාම හදන්නේ බලය වැඩි කරගන්නටත්, ඇති බලය රැක ගන්නටත් ය. එහෙත් රටේ ව්‍යවස්ථාව රකිනා අය ඉන්නා නිසා ඔවුන්ට ඇමෙරිකාවේ දී ඉඩ අවම වෙයි. ඇමෙරිකානු ව්‍යවස්ථාවේ පළමු සංශෝධන අයිතිය ආරක්ෂා කරමින්, ව්‍යව්සාථානුකූල නීතිය රැකි තීන්දුවක් මෙසේ නියම විය.

ලතාවන් අවුල් කරන නිදහස නැතිව ඉදිරි ගමනක් නැත. විරෝධතා, ඝට්ටන, වියවුල් වලට බිය වී දැඩි නීති වලින් රට පාලනය කරන්නට ගිය සමාජ එක තැන හිර වී සිටිති. බලය වැඩි කරගන්නට උත්සාහයක් ගන්නා අය හැමදාම සිටිනවා සේ ම, ජනාධිපතිවරයා සිට පළාතේ පොලිස් නිලධාරියා දක්වා යම් අයෙක් ව්‍යවස්ථානුකූල නීති කඩන්නේ නම් ඒ වෙනුවෙන් විරෝධය දක්වන ඇමෙරිකානුවන් සිටීම ද මහා ඇමෙරිකන් පර්යේෂණයයි!!!

විසල් ආණ්ඩුවට විරුද්ධව ඇමෙරිකාව පටන් ගත් දා පටන් පුරවැසියන් විසින් විරෝධතාවය දැක්වූවා. ඇමෙරිකාවේ නිදහස් ප්‍රඥප්තියේ මැද කොටසේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ මහරජ්ජුරුවන්ට විරුද්ධව කරන චෝදනා වල එකක් තමයි අසීමිත බලැති ආණ්ඩුව. ඒ නිසා තමයි ඇමෙරිකන් ව්‍යවස්ථාවේ බලය බෙදී යන ලෙසින් ආණ්ඩුව තුන් කට්ටුවකින් හැදෙන්නෙ. මිනිස් ස්වභාවය දන්නා අය අතින් ලියැවුනු ව්‍යවස්ථාවක්. බලය අල්ලා ගන්නට ලොව කැමැත්ත හා උත්සාහය නැති රටක් ඇතැයි සිතීම මිනිස් ස්වභාවය නොදන්නා අය රවටන්න හැකි වූවක් මිසක් සත්‍යයක් නෙමෙයි.

මිනිස් ස්වභාවය දන්නා අය විසින් ලියන ලද ව්‍යවස්ථාවෙන් කරන්නේ “මහා ඇමෙරිකන් පර්යේෂණයක්” (The Great American Experiment). එනම් ලොව එතෙක් විසඳා නැති විදියකට ගැටළු විසඳන්නට හැකි රටක් බිහි කිරීම. රටට ආ සංක්‍රමණිකයන් අතර පරම්පරා අයිතීන් වලින් නොව ස්ව උත්සාහයෙන් ඉඩම් හිමියන් වන්නට, රදළ කුලය නිසා නොව උත්සාහය නිසා නීතිඥවරයෙක් හෝ වෙළඳ ව්‍යාපාරිකයෙක් වන පර්යේෂණ වලට ඉඩ ලැබුණ.

18 වැනි ශ. ව. දී ලෝකයේ ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවක් ගැන ද පර්යේෂණ පැවැත්වුණා. ඒ අදහස් තවමත් හරි හැටියට අවබෝධයට නොහැකි ඇමෙරිකානුවන් ද ඇතුළු පිරිස ලොව බොහොමයි. ඒත් … ඇමෙරිකානු ඉතිහාසයේ ප්‍රථම වරට මහත් ජනතාවක් 2012 දී ඇමෙරිකන් ව්‍යවස්ථාව ගැන සොයා බලන්න උත්සුක වෙලා බව රොන් පෝල් නැමති ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති අපෙක්ෂකයාට ඇති කැමැත්තෙන් පෙනී යනවා.

මහා ඇමෙරිකන් පර්යේෂණය අවසන් නැහැ. තෝමස් එඩිසන්ගේ චිත්‍රපටි කැමරාවෙන්, ගෝලීය උණුසුම අඩු කරන බිල් ගේට්ස් විජට්ටුවෙන්, කුණු විකුණලා ධනපතියෝ වෙන අයගෙන්, ගුවන්යානා වලට හැරවෙන කාර් වලින් ඇමෙරිකන් පුරවැසියන්ට විතරක් නෙමෙයි ලෝක පුරවැසියන් වෙනුවෙන් ද තවමත් පර්යේෂණ පැවැත්වෙනවා. සමහර දේවල් ලෝකයා දන්නෙවත් නැහැ. නිදසුනක් හැටියට චිලේ රටේ දවස් 69 ක් හිර වෙලා හිටිය පතල්කරුවන්ව Copiapó පතලෙන් බේරාගන්නට ඔවුන් හිර වී ඉන්නා හැටියට අනුව පොළව කනින යන්ත්‍රයට (Schramm T130XD) අළුත් කෑලි හදන්න, පතල කඩා වැටුනාට පස්සෙ පටන් ගන්නෙ, ඇමෙරිකන්කාරයෙක් (Center Rock, Inc., of Berlin, Pennsylvania). යන්ත්‍රයට අළුත් කෑලි හදලා පාර්සල් පෝස්ට් වලින් තැපැල් කරලා යවන්නෙ!! අළුත් විදියකට ගැටළුව විසඳන්න සමත් වෙන ඇමෙරිකානුවන් පතල් කනින කේෂ්ත්‍රයේ ද ලොව අනිත් රටවල් සියල්ලට ම වඩා ඉදිරියෙන් ඉන්නා බව පෙන්නනවා.

ඇමෙරිකාව තෙල් වලට යුද කරනවා කියන අය නොදන්නා කාරණයක් තමයි තෙල් නිධි රටක තිබුණාට මදි, කැනීම්, ගැනීම්, පිරිසිදු කිරීම් සියල්ල කරන්න දන්නෙ නැත්නම් ඵලක් ගන්න බැහැ කියන එක. අමුද්‍රව්‍යයක් තිබුණාට මදි. එයින් වැඩක් ගන්න හැකියාවක් දන්නෙ නැත්නම්.

තෙල් කැනීම් හා පිරිසිදු කිරීම් තාක්ෂණය ලෝක වෙළඳපොලට අනිත් රටවල් වලට වඩා ඉහළින් හා අඩු මිලට ඉදිරිපත් කරන්නේ ඇමෙරිකාවේ පුද්ගලික කොම්පැණි. ඇමෙරිකන් ආණ්ඩුව සතු තෙල් කොම්පැණි නැහැ!!! පටන් ගත් දා පටන් අළුත් විදියකට ගැටළු විසඳන්න හුරු වෙච්ච මිනිසුන් ඉන්නා රටක්. ආණ්ඩුවක් කියන විදියට ජීවත් වූ මිනිසුන් අඩු රටක්. ඔවුන්ට වඩාත්ම ඉහළ නිෂ්පාදන ලෝකයට බිහි කරන්න තවමත් හැකියාව ඇතැයි වැටහෙන්නෙ, හිතන්න නිදහසක් ඇත්නම් තමයි අළුත් දෑ ලොවට බිහි කරන්න පුළුවන් යැයි, වැටහෙන අයට පමණයි.

සෝවියට් රුසියාවේ කඩා වැටීමෙන් පස්සෙ රුසියාවට නැඟී සිටින්න ඇමෙරිකාව ඇමෙරිකන් පුරවැසියන්ගේ බදු මුදල් වලින් ණය ආධාර දී අත දුන්නේ ඇයි? චීනය කඩා වැටුණාට පස්සෙ චීනයට නැඟිටින්න ඇමෙරිකාව ඇමෙරිකන් පුරවැසියන්ගේ බදු මුදල් වලින් ණය ආධාර දී අත දුන්නේ ඇයි?

රුසියාව අද යුරෝපයේ බොහෝ රටවල් වලට තෙල් සපයන්නට සමත් වෙනවා. ඒත් ඇමෙරිකාවේ තාක්ෂණයට ළං වෙන්න ඔවුන්ට තම රටේ පවතින හිතන හැටි වෙනස් කරන්න සමත් වෙන්නේ නැත්නම් බැහැ. චීනයටත් හිතන හැටි වෙනස් නොවන තෙක් එයම බලපානවා.

මහා ඇමෙරිකන් පර්යේෂණය සඳහා කැප වූ පිරිසක් තවම ඇමෙරිකාවේ ඉන්නවා. පුරවැසියන්ට සිතන්න නිදහසක් දුන්නාම ලෝකයේ ඕනෑම රටක පුරවැසියන්ට සංවර්ධනය වෙන්න පුළුවන් යැයි විශ්වාසයෙන් අනිත් රටවල් වලට ඔවුන් උදව් කරන්නෙ කැමැත්තෙන්. ඇමෙරිකාවේ සමහර අයට මේක වටහා ගන්න බැරි නිසා, ඔබාමා වැනි අය පුරවැසි චින්තනයට වැට බැඳ, ආණ්ඩුවේ සැලසුම් වලට තැන දෙන්නට යෑමෙන්, කොහොම ද අනිත් රටවල බහුතරය මෙය වටහා ගනියි කියා හිතන්නෙ?

ඒ අය දකින්නේ ඇමෙරිකාව තම යුද බලයෙන් ලෝකය “අල්ලා” ගන්නට “යත්න දරන” බවක්. නැහැ, ඇමෙරිකාව නැමති රට උපන් දා සිට එය යුද බලයෙන්, තාක්ෂණයෙන් පමණක් නෙමෙයි, පුරවැසි අයිතීන් හා එරටේ පුරවැසියාගේ යහපත විතරක් නෙමෙයි ලෝක පුරවැසියාගේ යහපත වෙනුවෙන් ද, බැරී බ්ලම්බර්ග් වැනි අළුත් විදියකට හිතා ගැටළු විසඳන්නට සමත් වූ අය පිරි, ලෝකයේ ම ඉදිරියෙන් ඉන්නා රටක්. අල්ලා ගන්න දෙයක් නැහැ … නිදහස කුමක් දැයි අවබෝධයෙන් තොර නිසා දැනටමත් බොහෝ අය පරාජය වී අවසන්. ඔවුන් පැරදී ඉන්නේ තමන් විසින්ම වැට බැඳගත් පටු චින්තනයේ මානසික වහල් බවින්.

Advertisements

15 Responses

Subscribe to comments with RSS.

  1. chandi said, on ජනවාරි 18, 2012 at 12:31 පෙ.ව.

    ලොකු විස්තරයක් දැනගත්තා. ස්තූතියි! අරුණි. හරිම සතුටින් කියෙව්වේ. ඇමෙරිකාව කියන්නේ ලෝකෙ ඔනේම රටක සිට ගිය පුද්ගලයෙකුට වුවත් ඉතාම ඉහලට දියුණු වෙන්න පුලුවන් රටක් කියා මගෙ මල්ලී කියනවා. ඒ ඔහු අපේ පුංචි රටෙන් ඉගෙන ගන්න ගිහින් ව්‍යාපාරික ලෝකෙ හිනිපෙත්තටම නැංග නිසා කියල මම හිතන්නෙ. අනෙත් සාමාන්‍ය අයෙකුටත් එසේ විය හැකිදැයි ප්‍රශ්ණයක්. කොහොම උනත් නිදහස් චින්තනයෙන් හා පුරවැසියාගේ යහපත තකා වෙහෙසෙන රටක් විදිහට මම දකිනවා. හරිද ? මන්දා.

    • arunishapiro said, on ජනවාරි 18, 2012 at 8:39 පෙ.ව.

      chandi,

      //අනෙත් සාමාන්‍ය අයෙකුටත් එසේ විය හැකිදැයි ප්‍රශ්ණයක්.// මම ඇතිවෙන්න උදාහරණ දාලා තියෙනවා චාන්දි අක්කා මේ අඩවියේ ම සාමාන්‍ය අයෙක් මේ රටේ ඉහළට ගිය හැටි ගැන. ඔප්රා වින්ෆ්‍රි ගැන කියවන්න.

      පුරවැසියාගේ යහපත තකා වෙහෙසෙන රටක් නෙමේ අද නම්!!!! ඇමෙරිකාවේ නිදහස් චින්තනය ස්ථාපනය කර දී ඇත්තේ රටේ නිර්මාතෘවරුන්. එය ආරක්ෂා කරගන්න පුරවැසියන් ඉන්නා තෙක් එය රැකේවි. මෙහෙම වැරදි මඟක රට යද්දී එය නැවත හරි මඟට ඇද ගත යුත්තේ පුරවැසියන් .. අද පෙනෙන්නෙ ඊට කැමැත්තක් ජනතාව තුල ජනිත වී ඇති බවයි. ඒ කැමැත්ත රට යහමඟට ගෙන යාමට සෑහේ දැයි දැනගන්න ලැබෙන්නෙ මුල්වටයේ ජනාධිපතිවරණ අපෙක්ෂකයන් තෝරා ගත්තාම. එසේ වූයේ නැත්නම් තවත් කාලයක් අයිතීන් ආරක්ෂාව සඳහා ඇමෙරිකන් ආණ්ඩුවට බලපෑම් කරන්නට ව්‍යවස්ථාව ආරක්ෂා කරන පුරවැසියන් ඉන්නවා.

    • arunishapiro said, on ජනවාරි 18, 2012 at 8:40 පෙ.ව.

      Sudath,

      අනුන් ලියන ඒවට උත්තර දෙන්න ගියොත් මට කියන්න ඕනා දේවල් වලට කාලේ කොයින් ද?!!! ඒ අය එයාලා කැමති විදියට කියා ගත්තාවේ, මම මට කැමති විදියට ලියනවා. කියවන්නා තමන් කැමති විදියට කියෙව්වාවේ!!!

  2. රාජ් said, on ජනවාරි 18, 2012 at 3:00 පෙ.ව.

    ලැහැස්තිවන්න! මේ ලිපියට එරෙහිව යුධ ප්‍රකාශ කරන්නන් වැඩිපුර සිටියහැක.

  3. චමිල said, on ජනවාරි 18, 2012 at 4:41 පෙ.ව.

    මාත් මේ කීප සැරයක්ම ඇවිත් බලල ගියා යුධ ප්‍රකාශකරලද කියල… සෑහෙන කාලයක ඉඳන් මේ බ්ලොග් එක කියවනව අදහස් නොදැම්මට. මං දැක්ක දේ (සහ යාලුවෙක් එක්කත් කතා වෙච්ච දේ ) තමයි කවුරු යුධ ප්‍රකාශ කලත් අරුණි සතේකට මායිං නොකර අරුණිගෙ ගමන යනවා. නිර්භීත ගමනක් !!!

    • arunishapiro said, on ජනවාරි 18, 2012 at 8:47 පෙ.ව.

      චමිල,

      ආයුබෝවන්!

      රුපියල් වල සතයක් ද? ඩොලර් වල සතයක් ද?!!! 🙂

      ඇමෙරිකාවට බනින්න ඕන තරම් අය ඉන්දැද්දී, ඕන කෙනෙකුට ගන්න පුළුවන් හොඳ දේවල් මෙහෙමයි කියන්න එක් අයෙක් වත් ඉන්න ඕනෑනෙ. රාජ්ට කිව්වා වගේ මම නම් ඔය යුද්ධ වලට කැමති නැහැ. ඒත් පුද්ගලික දේපල ආරක්ෂා කරගන්න ඕනෑම අවස්ථාවක සටන් වදිනවා!!!!

  4. Hishan Melanga said, on ජනවාරි 18, 2012 at 11:10 පෙ.ව.

    brain washing eh?

    • arunishapiro said, on ජනවාරි 18, 2012 at 10:20 ප.ව.

      Hishan Melanga,

      මොළ සුද්ද වෙන්නෙ මීට විරුද්ධ අදහස් කියවන්න ඉඩ නොදී මෙය පමණක් කියවන්න බලහත්කාරකම් කරනවා නම් .. මොළ සුද්ද කරන රටවලින් පැනලා යනකොට වෙඩි තියනවානේ .. දැන් මේක කියවන්නෙ නැතිව කතිරේ ක්ලික් කරලා ගියාට කවුරුත් මැරෙන්නෙ නෑ නේද?!!!!

  5. Sudath said, on ජනවාරි 19, 2012 at 9:06 පෙ.ව.

    විකිපීඩියාවට මක් වෙයිද දන්නෑ.

  6. Sujatha Amarasinghe said, on ජනවාරි 25, 2015 at 7:37 ප.ව.

    This was in 2012…………………


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: