අරුණි ශපීරෝ‍ වෙතින්

රුවල් නැවක යන්න එන්න

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 20, 2012

රුවල් නැවක් මුහුදෙ යන්නෙ ඇදිලා පාවෙලා. මෝටර් බෝට්ටු වගේ වතුර කපාගෙන නෙමෙයි. රුවලෙන් ඇදී යන අඩි 52 ක රුවල් නැවක් ඒ ප්‍රමාණයේ මෝටර් බෝට්ටුවක් යන සද්දෙට වඩා බෙහෙවින් අඩුයි.

නැව් යන වේගය කියන්නෙ “නොට්” (knot) වලින්. හුලං හමන අත අනුව තමයි තමන් යන පැත්තට වේගයෙන් යන්න පුළුවන් වෙන්නෙත්!! මේ යන්නෙ නොට් 7 ක වේගයෙන්, එක රුවලක ආධාරයෙන්, ඉන්ධන පාවිච්චියක් නැතිව.

රුවල් නැවකින් ඇමෙරිකාවේ මයාමි වලින් බහාමාස් වලට යන්නත් පුළුවන් ඉන්ධන වැයක් නැතිව. දුර නාවුක සැතපුම් 40 ක් පමණ. මෝටර් බෝට්ටුවකින් යනවා නම් පැය දෙකහමාරක් තුනකින් යන්නත් රුවල් නැවකින් නම් පැය අටක ගමනක්. රෑට පටන් ගෙන උදේට එහි නැඟිටින්න තමයි යෑම වඩාත් සුදුසු. හැබැයි එහෙම යනවා නම් කැප්ටන් සාර්ජන්ට් වගේ අයෙක් හොයා ගන්න ඕනා විශ්වාසවන්ත. නැතුව අර ඉතාලි කොස්තා කොන්කෝර්ඩියා එකේ කප්පිත්තා වගේ නැව ගිලෙන්න පැය දෙකකට කළින් කිසිම කරදරයක් නැහැ කියල අන්තර්ජාලයේ පින්තූර දදා ඉන්න අයෙක් නෙමෙයි!!!

අනතුරක්, අවදානමක් පිළිනොගත් පමණින් එය ඉබේ ම පහ වී ගිහින් සියල්ල සාමයෙන් සමාදානයෙන් නිමා වෙන්නෙ නැහැ. අනතුර හා අවදානම දකින්න හැකියාව ඇති අය ඒ සඳහා පිළියම් සොයා ගන්නවා. අනිත් අය පෙන්වා දුන්නත් පිළිනොගෙන තමන් විසින් මවාගත් ලෝකයක හිරවෙලා සිට අන්තිමට බංකොළොත් නැත්නම් මුහුදුබත්!!!

අද හැඳින්වීම: බුර්ජුවාසී (bourgeoisie)

මාක්ස්වාදය හා බොහෝවිට පාවිච්චි වන වචනයක් වන මෙය යොදා ගැනෙන්නෙ නිෂ්පාදනය කරන්නට හැකි අයිතිය තියනා අයව හඳුන්වන්න. ධනවාදී ඉහළ සහ මධ්‍යම පංතිය ගැන කියන්න.

2011 වෙද්දී ලෝකයේ ආණ්ඩුවේ රස්සාවල් නොකරන බොහෝ පිරිස වැටෙන්නෙ හැබැයි බුර්ජුවාසී පංතියට!!!

අද ලෝකයේ මිලියන 200 ක ජනතාවක් තමන්ට ඇති නිෂ්පාදනය කරන්නට ඇති හැකියාවත් අරන් තමන්ගෙ රටේ නිෂ්පාදනයට අයිතිය කියන්න බැරි නම් වෙන රටකට යනවා!!! බුර්ජුවාසි හැත්ත!!!!

Advertisements

22 Responses

Subscribe to comments with RSS.

  1. ගෝල්ඩ් fish said, on ජනවාරි 20, 2012 at 12:06 ප.ව.

    මාත් හරි ආසයි රුවල් නැවක යන්න…

    • arunishapiro said, on ජනවාරි 21, 2012 at 5:50 පෙ.ව.

      ගෝල්ඩ් fish,

      මේ ලංකාවේ ම හදපු රුවල් නැවක් ගැන. මේ ගැන මම කළින් ද කියවා තියෙනවා. සුළඟේ බලයෙන් උපද්‍රවයක් නැතිව ලංකාව වටා යන්න සේවාවක් පටන් ගත්ත දාට රට වටේ එමට පුද්ගලික කුඩා නැව් තොටුපළවල් බිහි වේවි ද? lankabizstuff.blogspot.com/2012/01/sri-lanka-sail-board.html

      මයාමි නගරයට වැඩියෙන් ම ආදායම් උපයන ව්‍යාපාර 3 අතරින් එකක් තමයි පුද්ගලික නැව් තොටුපොලවල්.

  2. Inesh said, on ජනවාරි 21, 2012 at 12:46 පෙ.ව.

    ඔය කියන බුර්ජුවාසි හැත්තට තමන්ගේ රටට කරන්න කිසිම උදව්වක් නෑද්ද?

    • arunishapiro said, on ජනවාරි 21, 2012 at 6:01 පෙ.ව.

      Inesh,

      බලන්න ඒ බුර්ජුවාසීන් කොච්චර මෙහෙයක් කරනවා ද කියලා තමන්ගෙ රටට: 2009 දී බිලියන 3.3 ක් විදේශ ආදායම ගෙනැවිත්. 2010 වෙද්දී බිලියන 4.1 ක් දක්වා රටට ගෙන්න මහන්සි වෙලා තියෙන්නෙ. Foreign remittance inflows from Sri Lankans working abroad swelled to $4.1 billion in 2010 from $3.3 billion in 2009.

      • Inesh said, on ජනවාරි 22, 2012 at 5:40 පෙ.ව.

        “රට ප්‍රපාතයකට යන නිසා තමන් පමනක් එයින් ගෑලවිමට විදේශිය රටකට සන්ක්‍රමණය වී නිදුකින් සිටීමට තිරණය කිරිම මිනිසත්කමට කරනු ලබන ගෞරවයක් විය නොහෑක.”—132—ස.ප.ස 2—සුමනදාස සමරසින්හ.

        • arunishapiro said, on ජනවාරි 22, 2012 at 9:54 පෙ.ව.

          Inesh,

          //132—ස.ප.ස 2// මේ කොතැන ද?

          ලංකාවේ උපන්නාට මට ලංකාවේ පුරවැසිකම නැත. මට ඇත්තේ එකම රටක පුරවැසිකමක් පමණි. මම ඇමෙරිකන් පුරවැසියෙක්මි. මේ දවස්වල ඇමෙරිකාව ප්‍රපාතයකට යන බව දකිමි. ඒ නිසා විදේශීය රටකට සංක්‍රමණය වී නිදුකින් සිටීමට කිසිම අදහසක් නැත!!! මම මහත් වෙහෙසක් ගන්නේ ඇමෙරිකාව යළි නිර්මාතෘවරුන් පිහිට වූ ව්‍යවස්ථාදායක ආණ්ඩුවකින් යුතු වූ රටක් බවට ආපසු ගෙනි යන්නට ය. එයට මගේ ඉතිරි ජීවිත කාලය වැය කරමි.

          සුමනදාස සමරසිංහ ලියූ පෙර කරුමය හා නැවත ඉපදීම පොත පටන් ගන්න කළින් ඔහු කාලාම සූත්‍රය මෙසේ උපුටා දක්වනවා:
          “කාලාමයෙනි, තොප විසින් සැක කරන්නට නිසිම ම යැ, විචිකිත්සා කරන්නට නිසි ම යැ, සැක කටයුතු තැන විචිකිත්සාව උපන. කාලාමයෙනි, තොපි යමක් අනුශ්‍රව කථායෙනුදු නොගනුව, පරම්පරා කථායෙනුදු නොගනුව, තෙල මෙසේ වී ලැයි ද නොගනුව, අපගේ පෙළ හා යෙදෙතී ද නොගනුව, තර්කග්‍රායෙනුදු – න්‍යාග්‍රාහයෙනුදු නොගනුව, ආකාර පරිවිතර්කයෙනුදු නොගනුව, අප සිතා ඉවසා ගත් දෘෂ්ඨිය හා සැසඳෙතැයි ද නොගනුව, භව්‍යරූපතායෙනුදු නොගනුව, මේ මහණ අපට ගුරූහ යි ද නොගනුව. කාලාමයෙනි, මේ දහම් කුසල් ය, මේ දහම් අකුසල් ය, මේ දහම් වරද සහිත ය, මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිත ය, මේ දහම්හු සපුරන ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස පවතින්නාහ යි තෙපි යම් කලෙක තුමුම දැනගත්තාහු නම් එකල්හි තෙපි එය දුරු කරවු.” -ගෞතම බුදුන් වහන්සේ, අංගුත්තර නිකාය (189 පිටුව)

          ඉහත උපුටා දැක්වීම යටින් තාත්තා මෙහෙම ලියලා තියෙනවා. “(ලෝකයේ සෑම විද්‍යාඥයෙක්ම තම සොයාගැනීම් කර ඇත්තේ ඉහත කී ධර්ම කාණ්ඩය අනුව යෑමෙනි.)

          තාත්තා කියපු දේවල් වුනත් “තුමුම දැනගත්තාහු නම් එකල්හි තෙපි එය දුරු කරවු” කියන එක මම පුරුදු කරගත්තෙ 1980 ගණන් සිට!!!

      • Inesh said, on ජනවාරි 23, 2012 at 2:35 පෙ.ව.

        සමාවන්න,මා සිතුවේ ඔබ lankawe පුරවෑසියෙක් බවයි.ඒ හේතුවෙන්ම පිලිතුරු සෑපෙව්වෙමි.
        සාර්ථකත්වයේ පරම සතයය 02- 132 පිටුව

        Americawa ප්‍රපාතයට යන angle එකට වඩා lankawa ප්‍රපාතයට යන angle එක වෑඩිය.

  3. නවම් said, on ජනවාරි 21, 2012 at 1:27 පෙ.ව.

    //අවදානම දකින්න හැකියාව ඇති අය ඒ සඳහා පිළියම් සොයා ගන්නවා. අනිත් අය පෙන්වා දුන්නත් පිළිනොගෙන තමන් විසින් මවාගත් ලෝකයක හිරවෙලා සිට අන්තිමට බංකොළොත් නැත්නම් මුහුදුබත්!!!//

    ඊටපස්සෙ අවුවටයි වැස්සටයි හැපිච්ච ගල්වලටයි බැන බැන හිත හදාගන්නව තමන්ගෙ නොසැලකිල්ල ගැන අවබෝධකරගන්න කිසිම උවමනාවක් නැතුවම. එහෙමත් කප්පිත්තෙක් තමයි තේරුම් ගන්නෙ රේඩාර් එකේ පෙන්නාපු අයිස්බර්ග් එක ගැන අවශ්‍ය තරම් අවධානයක් යොමුකලේ නෑ නේද කියල. අපේ නැවුත් ඔහොමද මංද…

    ඔය bourgeoisie කියන්නෙ මෙහේ අය “බූර්ෂුවා පන්තිය” කියන එකට වෙන්න ඕනෙ. ඒක එහෙමනං අද තමයි ඒකෙ තේරුම දැනගත්තෙ.

    • arunishapiro said, on ජනවාරි 21, 2012 at 6:24 පෙ.ව.

      නවම්,

      “ඉතාලියේ එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නෙ නෑ” … ලංකාවේ නැව් වලින් සෝමාලි මුහුදු කොල්ලකාරයෝ පරද්දන්නත් සමත් බව ඊමේල් කවිකාරි දැම්මානෙ සබැඳියක්!!!

      මාක්ස්වාදය, කොමියුනිස්ට්වාදය පැතිර යන්නට උපකාර වුනා කාල් මාක්ස් ලියපු දේවල්. අළුත් වචනයක් ගෙනැල්ලා ලෝකයේ සමාජයේ වෙන දේවල් පැහැදිලි කරන්න පුළුවන් යැයි සිතන්න විශ්ව විද්‍යාල ආචාර්යවරු හරි දක්ෂයි. ඒවා කියවන වැඩි පිරිසත්, මේ තමන් බුද්ධිමතුන් යැයි කියා ගන්නා අය කියන නිසා, දෙකට නැවිලා පිළිගන්නවානේ. කාල් මාක්ස් විවාහ වෙන්නෙ Baroness Johanna Bertha Julie “Jenny” von Westphalen නම් බුර්ජුවාසී කාන්තාව එක්ක. කාල් මාක්ස් බුර්ජුවාසියෙක් හා විවාහ වෙන්නෙ ආදරයෙන් වෙළිලා … ඒත් රදළයෙක් රදළයෙක් හා විවාහ වෙන්නෙ වස්තුව රැකගන්නලුනෙ!!!!

  4. kevin perera said, on ජනවාරි 21, 2012 at 4:45 පෙ.ව.

    ඇරුනි මං හිතන්නේ මේක ප්‍රංශ වචනයක් මේ සඳහා “බූර්ෂුවා” යන වචනය ලංකාවේ සිංහල රචකයන් විසින් කාලයක් තිස්සේ භාවිතා කරනවා. ඔයා මේකට තවත් අලුත් වචනයක් හඳුන්වලා දුන්නාම ලතාවන් අවුල් වෙනවා නේද?

  5. chandi said, on ජනවාරි 21, 2012 at 7:17 පෙ.ව.

    රුවල් නැවක යන්න නම් බයයි වගේ අරුණි.

    //අද ලෝකයේ මිලියන 200 ක ජනතාවක් තමන්ට ඇති නිෂ්පාදනය කරන්නට ඇති හැකියාවත් අරන් තමන්ගෙ රටේ නිෂ්පාදනයට අයිතිය කියන්න බැරි නම් වෙන රටකට යනවා!!! //
    ඔන්න ඔහේ සමහර අයත් මෙහෙ එනවා ඒවා අපේ රටේ නිශ්පාදන කරන්න කියලා ඊයෙ නිවුස් වලට කිව්වා.

    • arunishapiro said, on ජනවාරි 21, 2012 at 10:04 පෙ.ව.

      chandi,

      අනිත් නැව් පෙරළුනාට රුවල් නැවක් පෙරලුනා කියල අහන්න ලැබෙන්නෙ නැහැ … හදලා තියෙන විදිය නිසා. සමහර විට ගියොත් බය නැතිවෙන්නත් ඉඩ තියේවි, බය වැඩිවෙන්නත් ඉඩ තියේවි!!!

      ඔව් ඔව් මමත් අහලා පුරුදු නමක් .. මෙහෙ දාලා ඔහෙ එන්නෙ ඇමෙරිකාවට වඩා ලංකාවේ පඩි හොඳ නිසා වෙන්නැති කියලා හිතුනට, නිදහස් වෙළඳපොල තරඟයකින් ලබා ගන්නා රස්සාවක් නෙමෙයිනේ ද කියලත් මතක් වුනා!!!!

  6. මුහුදු ගමනක සම්පූර්න සුන්දරත්වය විඳින්න නම් . . .. . රුවල් බෝට්‍ටුවකම යායුතුයි . . . .

    • arunishapiro said, on ජනවාරි 21, 2012 at 10:08 පෙ.ව.

      ඕනයා,

      ඔව්, මමත් රුවල් නැවකට තමා කැමති. මෝටර් බෝට්ටු වල සද්දෙ වැඩියි, හයියෙන් යද්දී ගැස්සිල්ලත් වැඩියි. සුපිරි නැවක යද්දී මුහුද තියෙන්නෙ ගව්වක් විතර ඈතින්!!!

  7. රාජ් said, on ජනවාරි 23, 2012 at 1:13 පෙ.ව.

    මම නං කැමති රුවල් නැව්වල රුවල් අදින තියරියට. ඒක ඉතාම විද්‍යානුකූලව කලයුතු වැඩක්. හැබැයි බල විභේදනය සිද්ධාන්ත හොයාගන්න කල්ප කාලාන්තරයකට කලින් අපේ මුතුන්මිත්තෝ රුවල් නැව් වලින් ලෝකය පුරා සැරිසැරුව.

    • arunishapiro said, on ජනවාරි 23, 2012 at 9:27 පෙ.ව.

      රාජ්,

      //අපේ මුතුන්මිත්තෝ රුවල් නැව් වලින් ලෝකය පුරා සැරිසැරුව//??? කොහෙද ගියේ? කවුද ගියේ? කියා දාන්නත් පුළුවන් නම් ලොකු දෙයක්. පරාක්‍රමබාහු යුගයේ දී ආසියාවේ වෙළඳාම හා ගණුදෙනු සඳහා රුවල් නැව් ගමන් ගැන කියවා තියෙනවා. ඒත් ලෝකය පුරා ගිය සටහන් කියවා නැහැ.

      • රාජ් said, on ජනවාරි 23, 2012 at 11:12 ප.ව.

        හෝව් හෝව්! මට නිකමට වගේ හිතුන වැරදි අදහසක් එයි කියල. අපේ මුතුන්මිත්තන් කිව්වෙ සිංහල වර්ගයා ගැන හිතල නෙවේ. පොදුවේ ලෝකයේ ජීවත් වූවන් ගැන හිතල. රුවල් නැව් හදපු මුල් කාලෙ වෙනකොට බල විභේදන තියරි ඇවිල්ල නෑ කියලයි මම කිව්වෙ. ටැපළුනා නේද?:-)

        • arunishapiro said, on ජනවාරි 23, 2012 at 11:27 ප.ව.

          රාජ්,

          වැරදෙන්නත් ඇති … අරාබියේ, ඉන්දියාවේ, චීනයේ ඉතිහාසය රුවල් නැව් ගමන් ගැන කියා තිබුණට, යුරෝපයේ රුවල් නැව් ගමන් ගියාට, ලෝකයේ එක පැත්තකට පමණක් සීමා වෙනවා නේද? චීනයේ ගමන් අප්‍රිකාවෙන් ද, යුරෝපයේ ගමන් අයිස්ලන්තය පැත්තට, මැද පෙරදිග හා ආසියාවට ද පැතිරෙනවා. ඒත් “ලෝකය පුරා” ගිය ගමන් පටන් ගැනෙන්නේ පස්සෙ.

          බල විභේදන සිද්ධාන්ත සොයා ගැනෙන්නේ කොයි කාලයේ ද?!!! මට හිතෙන්නෙ ඊට වඩා වැදගත් වූයේ සිතියම් හදා ගැනීම කියා. අත්ලාන්තික් සාගරය තරණය කරන සිතියම් හදාගත්තට පස්සෙ නේද ලෝකය පුරා සැරිසරන්න හැකියාව ලැබෙන්නෙ?

          තාමත් වැරදිලා ද දන්නෑ …


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: