අරුණි ශපීරෝ‍ වෙතින්

මෙරිලන්ඩ් හඩ්සන් පවුලට ආධාර පිණිස චිකන් ඇන්ඩ් ඩම්ප්ලින්ග් කෑවෙමි

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 24, 2012

මම වාසය කරන අර්ධ ද්වීපය පිහිටන්නෙ චෙසපීක් බොක්ක හා අත්ලාන්තික් සාගරයට මැදින් ය. මෙහි කොටසක් ඩෙලවෙයාර්, කොටසක් මෙරිලන්ඩ් හා කොටසක් වර්ජීනියාවට අයිති නිසා ඩෙල්මාර්වා යන නමින් හැඳින්වේ.

ඩෙලවෙයාර්හි ප්‍රධාන ආදායම් උපයන වෘත්තීන් වූයේ ඉංග්‍රීසි භාෂාවේ C අකුරෙන් පටන් ගත් ඒවාය; කාර්, කෙමිකල් කොම්පැණි, ක්‍රෙඩිට් කාඩ් කොම්පැණි, හා කුකුල් මස් නිෂ්පාදනයයි. ආණ්ඩුවේ රෙගුලාසි වැඩිවීම නිසා කාර් හදන කර්මාන්ත තුරන් විය. ඉතිරිව ඇත්තේ රසායන කොම්පැණි අල්පයකි. ක්‍රෙඩිට් කාඩ් බැංකු බොහොමය ද බංකොළොත්ය. අද කුකුල් කර්මාන්තයත් අවදානමකට වැටී සිටිය දී පළාතේ වැසියන් එකතු වී ජීවිකාව බේරා ගන්නට සටන් වදිනා හැටි ගැන සටහනකි මේ.

ඩෙල්මාර්වා දූපත ඇමෙරිකාවේ මස් පිණිස කුකුලන් වැඩියෙන් ම ඇති කරන පළාතයි. මස් පිණිස කුකුලන් ඇති කරන කුකුල් කොම්පැණි 5 ක ප්‍රමුඛත්වයෙන් සති පතා කුකුලන් මිලියන 11 කට ආසන්න සංඛ්‍යාවක් බැගින් නිෂ්පාදනයේ මෙහි ස්වයං ව්‍යාපාරික ගොවි පවුල් 1,700 ක් නියැළෙති.

කුකුල් කොම්පැණි වලට කුකුලන් ඇති දැඩි කරන්නේ ස්වයං ව්‍යාපාරික පවුල් විසිනි. කුකුල් ගොවිපල හා ආම්පන්න ඔවුන් සතු ය. කුකුල් කොම්පැණියෙන් සපයන්නේ කුකුල් පැටව්, තාක්ෂණික සහාය, කුකුල් ආහාර, බිම අසුරන කඩදාසි පෙලට්, කුකුල් නිවාස උණුසුම්ව තබන්නට ප්‍රොපේන් ගෑස්, කුකුලන්ගේ සෞඛ්‍ය රකින්න හා ඇති දැඩි කරන්නට තාක්ෂණයයි.

ඩෙල්මාර්වාහි කුකුල් ආහාර නිපදවන මෝල් 10 ක් ද, බිත්තර උණුසුම් කර කුකුලන් ගන්නා හැචරි 13 ක් ද, කුකුල් මස් පිළියෙල කරන කම්හල් 10 ක් ද වෙයි. කුකුල් කර්මාන්තයෙන් පළාතේ 14,000 කට පමණ රැකියා ලැබේ.

රටේ රෙගුලාසි වැඩි වීම නිසා පළාතේ කුකුල් කොම්පැණි බංකොළොත් බවින් වැසී යන්නට පටන් ගෙන ය.

හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන් ආණ්ඩුවේ හැදියාව මෙසේ යැයි වරක් කියන ලදි. “ව්‍යාපාරයක් දුවන්නේ නම් ආණ්ඩුව බදු වැඩි කරයි. තවත් යන්නේ නම් රෙගුලාසි පනවයි. යා ගන්න බැරි වූ විට සහනාධාර දෙයි.” ඒ ව්‍යාපාරයකට දුවන්නට ඉඩ දී සිටියොත් ආණ්ඩුවට කරන්නට වැඩක් නැති වෙන නිසා ය!!!

හඩ්සන් පවුල ස්වයං ව්‍යාපාරික කුකුලන් ඇති කරන්නෝ ය. ඔවුන්ගේ ඉඩමේ ඕෂන් සිටි නගරයෙන් මිලට ගෙනැවිත් ගොඩ ගැසූ පොහොර ගොඩක් විය. මේ පොහොර ඔවුන් තම කුකුල් ගොවිපල ඇති ඉඩමේ වවන එළවළු සඳහා ය. වතුර ආරක්ෂා කරන්නට යැයි කියාගත් සංවිධානයකින් මේ පොහොර ගොඩෙන් කුකුල් අපද්‍රව්‍ය පළාතේ වතුර මාර්ග වලට සේදී යනවා යැයි චෝදනාවක් ගෙනැවිත් නඩු පැවරූහ. ඔවුන් නඩු පැවරුවේ හඩ්සන් පවුලට එරෙහිව පමණක් නොවේ. හඩ්සන් පවුල කුකුලන් ඇති කරන කුකුල් කොම්පැණියට ද විරුද්ධව ය. එහෙත් ඔවුන් ඕෂන් සිටී නගරයට විරුද්ධව නඩු කියන්නේ නැත.

රොබට් එෆ්. (ටෙඩ්) කෙනඩි ඇමෙරිකාවේ වාමාංශික අදහස් පිරි සෙනෙට් සභිකයෙක් වූයේය. 80 ගණන් වල මැද භාගයේ දී ඔහු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැණින. දඬුවමක් ලෙසට ඔහුට පැය 800 ක මහජන සේවය නියම කෙරිණ. ඒ සඳහා ඔහු යන්නේ හඩ්සන් ගංඟා පදනමට ය.

2000 සිට වඩාත්ම පුළුල් ලෙස විහිදී ගිය පරිසර ආරක්ෂා සංවිධාන දාමයක් කෙනඩි යටතට පත්වේ.

මෙරිලන්ඩ් හි විශ්ව විද්‍යාලය විසින් “නොමිලේ” නීති උපදෙස් දෙන සේවයක් ඇත. මේ නීති උපදෙස් ලබා දෙන්නේ මෙරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ආචාර්යවරුන් හා එහි නීති ශිෂ්‍යයන් වෙතිනි. විශ්ව විද්‍යාලයත්, ඒ සේවාවත් ප්‍රාන්තයේ බදු මුදලින් දිවෙන්නකි.

පසුගිය දිනෙක මෙරිලන්ඩ් ආණ්ඩුකාරයා මෙරිලන්ඩ් විශ්ව විද්‍යාලයට මතක් කර සිටියේ ඔවුන්ගේ වැය දරන්නේ කවුදැයි අමතක කරන්න එපා යැයි කියාය.

මෙරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ නීති උපදෙස් ලබන්නේ පළාතේ බදු ගෙවන හඩ්සන් පවුල නොව නිව් යෝර්ක් වල මූලාස්ථානය ඇති වතුර ආරක්ෂා කරන සංවිධානයයි. හඩ්සන් ඉඩමේ වූ නගරයෙන් විකුණු පොහොර වල කුකුල් අපද්‍රව්‍ය නොමැති බව ඔප්පු විය. එහෙත් නඩුව ඉල්ලා අස් කරගෙන නැත. නඩුවේ වියදම දැනට ඩොලර් 300,000 කි.

රටේ ප්‍රධාන ජනමාධ්‍යයන් මුල දී කුකුල් ගොවිපළ විසින් පරිසරයේ වතුර විනාශ කරන ආකාරය ගැන මහ හඬින් ප්‍රවෘත්ති නිවේදනය කළහ. එහෙත් කුකුල් අපද්‍රව්‍ය පොහොර වල නැති බව ඔප්පු වූවාට පසුව නිවේදන නැවතුනා මිසක එසේ නොතිබූ බව කියන්නට කාලයක් මිඩංගු නොකළහ.

ධනවාදී ආර්ථික ක්‍රමයක තරඟයෙන් එකිනෙකා පරදවා ආදායම වැඩි කරගන්නට වෙහෙසන කුකුල් ගොවීහු එකිනෙකා හා එකතු වූහ. ආණ්ඩුවේ රෙගුලාසි වලින් සහ පරිසරය ආරක්ෂා කරන මුවාවෙන් ව්‍යාපාරිකයන්ට බොරු චෝදනා ගෙනෙන සංවිධාන වලින් ගැලවෙන්නට ඔවුන් හඩ්සන් පවුලේ නඩු වියදම් සඳහා මුදල් එකතු කරති.

චිකන් ඇන්ඩ් ඩම්ප්ලින්ග් සහ අතුරුපස මේස පිරුනේ පළාතේ අය විසින් තෑගි කරන ලද ආහාර වලිනි. ඒවා කන්නට මුදල් ගෙවා පළාතේ වැසියෝ එක්වූහ. මෙවැනි අවස්ථා කිහිපයක් පළාත පුරා තැන තැන සංවිධානය කරන්නේ අනිකුත් ගොවියන් විසිනි. මා සහභාගී වූව පැවැත්වුනේ ස්වේච්ඡා ගිනි නිවන හමුදා බිල්ඩිමක ය.

එපමණක් නොව ගොවි රේඩියෝ නාලිකා වලින් මේ ගැන කතාබහ පැතිර ගොස් රටේ ඈත ප්‍රාන්ත වල ගොවියන් ද හඩ්සන් පවුලේ ගොවිපල බේරා ගන්නට ආධාර මුදල් එවති.

මෙයට මෙරිලැන්ඩ් ප්‍රාන්තයේ කෘෂිකාර්මික ලේකම්වරයා (පින්තූරයේ දකුණේ ඉන්නේ) බඩී හෑන්ස් ද පැමිණ සිටියේය.

පුරවැසියන්ගේ අයිතීන් ආරක්ෂා කරගන්නට වෙහෙසිය යුත්තේ පුරවැසියන් ම ය. එවිට අහක බලාගෙන ඉන්නා ආණ්ඩුවට ද, ව්‍යාපාරිකයන්ට විරුද්ධව බොරු චෝදනා ගෙනෙන පරිසරවේදී සංවිධාන වල මුලාවන් ද හෙළි වේ.

අද ඔබ ජපානයේ දී කෙන්ටකි ෆ්‍රයිඩ් චිකන් අවන්හලකින් කුකුල් මස් කෑවා නම් ඒ කුකුල් මස් ඩෙලවෙයාර් වලින් සපයන ලද්දකි!!!

Advertisements

11 Responses

Subscribe to comments with RSS.

  1. N.S.A. Niriella said, on ජනවාරි 25, 2012 at 12:22 පෙ.ව.

    සාමූහිකත්වය……ඒක කොච්චර හොඳද…?

    • arunishapiro said, on ජනවාරි 25, 2012 at 8:04 පෙ.ව.

      N.S.A. Niriella,

      ඇමෙරිකන් ජනාධිපති බරාක් ඔබාමා සාමූහිකත්වය කියා දකින්නේ ඇති අයගෙන් බලහත්කාරයෙන් අරගෙන නැති අයට බෙදා දීමයි. මේ ගොවියෝ සාමූහිකත්වයෙන් කරන්නේ සිය කැමැත්තෙන්, තම මුදල් ගෙවා තමන්ට කෑම පිඟානක් ලැබ එයින් සගයෙකුට උදව් කිරීමයි.

      ලොකු වෙනසක්!

  2. kumaraya said, on ජනවාරි 25, 2012 at 1:59 පෙ.ව.

    අපේ රටෙත් ගොවියො සහ මහජනතාව [පටු දේශපාලන අරමුණු වලින් තොරව] එකමුතු වෙනවා නම් …

  3. ඉන්දික උපශාන්ත said, on ජනවාරි 25, 2012 at 2:42 පෙ.ව.

    ඔව්ව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ. මේ වනවිට ලංකාවට ඇදී එන විදිශීය කුකුල් ව්‍යාපාරිකයින් නොහොත් ව්‍යාපාරික කුකුළන් නැවැත්වීමට කරනු ලබන කුමන්ත්‍රණයක යටිඅරුතකින් ඔය හමුව වූ බවත් එයට එන් ජී ඕ වලින් යැපෙන සුද්දාට කත් අදින ලාංකික සම්භවයක් ඇති ස්ත්‍රියකගේ සහභාගීත්වය ලැබුණබවත් ලෙමන්ප්ෆ් මාධ්‍ය ජාලාව වාර්ථාකරනව.

  4. chandi said, on ජනවාරි 25, 2012 at 4:35 පෙ.ව.

    කොච්චර හොඳ සාමුහික ක්‍රියාවක්ද ? අරුණි. ඩම්ප්ලින්ස් කියන්නෙ චීන බනිස් වලට නේද? ස්තූතියි පෝස්ට් එකට.

    • arunishapiro said, on ජනවාරි 25, 2012 at 8:14 පෙ.ව.

      චාන්දි අක්කා, ඩම්ප්ලින්ග් කියන්නෙ තිරිඟු (පාන්) පිටි නැත්නම් අර්තාපල් අල පිටි වලින් හදන පිටි බෝලයෙන් හැඩ ගස්වා ගත්තකට. ඈත අතීතයේ සිට ලෝකෙ හැම පැත්තෙන් ම වගේ මේ හා සමාන ආහාරයක් බිහිවෙලා තියෙනවා. අපි කෑවේ පාන්පිටි වලින් හදපු හතරැස් කොටු වගේ මැද්දෙ මුකුත් නැති සිහින් පෙති. රෝස් කරපු කුකුල් මස් වෙනම දුන්නා. මෙන්න රට රටවල ඇති ඩම්ප්ලින්ග් ගැන තව විස්තර.

  5. kathandarakaraya said, on ජනවාරි 25, 2012 at 9:07 පෙ.ව.

    /* ඩෙලවෙයාර්හි ප්‍රධාන ආදායම් උපයන වෘත්තීන් වූයේ ඉංග්‍රීසි භාෂාවේ C අකුරෙන් පටන් ගත් ඒවාය; කාර්, කෙමිකල් කොම්පැණි, ක්‍රෙඩිට් කාඩ් කොම්පැණි, හා කුකුල් මස් නිෂ්පාදනයයි. */

    මොනවා, මං හිතුවේ ඒ සේරම “ක” යන්නෙන් පටන් ගන්න ඒවා කියලානේ!

  6. Shanthi Chandrasekera said, on ජනවාරි 28, 2012 at 4:34 පෙ.ව.

    uk welath ewage karanawa. pahugiya sunamiya welawe api e vidihata mudal gewa kama warga ekathukarala ewata gewala , scot dance karala sulu mudalak ekathukarala lankawata ewwa. ewa kage sakkuwata giyada kiya danne naha. rasawathwa leveeme obe kalawata mama kamathi.

    • arunishapiro said, on ජනවාරි 28, 2012 at 9:20 පෙ.ව.

      Shanthi Chandrasekera,

      ස්තූතියි ශාන්ති. ඔව් බහුතර මිනිස් ස්වභාවය නම් තවත් මිනිසෙකුගේ දුක දැක සිත උණුවීමයි. එයින් වාසි හොයාගන්නා අය ටිකක් ඉන්න නිසා අනිත් අයටත් වැටෙන්නෙ නරක නාමය!!

      2004 සුනාමිය කාලේ මම වාසය කරපු ටෙනසි ප්‍රාන්තයේ විසූ ඇමෙරිකන් අය සෑහෙන්න උදව් යැව්වා, ලංකාව කොහේදැයි තියෙන්නෙ කියා නොදන්න අය පවා. මේ එවැනි එක උත්සාහයක්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: