අරුණි ශපීරෝ‍ වෙතින්

පොහොර විප්ලවය

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 26, 2012

1900 ගණන් වලට වඩා 15% කින් වැඩි වී ඇති නගරාශ්‍රිතව ජීවත් වන ලෝක ජනතාව, 2012 දී නැවතත් ලෝක ඉතිහාසයේ වැඩියෙන් ම නගරාසන්න ජීවත්වෙන සංඛ්‍යාව ඉහළ වූ තැනකට ගෙනැවිත් ඇත. මීට වැඩියෙන් ම දායක වන්නේ චීනයයි. චීනයේ බිලියන 1.35 ක ජනතාවගෙන් බාගයක් 2011 අවසානය වෙද්දී නගර පදිංචියට ඇවිදින්. ඇමෙරිකාවේ රටේ බාගයක් නගර පදිංචියට ගියේ 1920 ට පෙර ය.

ජනතාව නගරයේ පදිංචියට ගිය නිසා ලෝකයේ සශ්‍රීකත්වය වැඩි වූවා මිස අඩු වී නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවා පසුගිය වසර 50 තුල ලෝකයේ දරිද්‍රතාවය ඊට වසර 500 ක කාලයක දී අඩු වූවාට වඩා වැඩියෙන් අඩු වී ඇති බව පිළිගන්නට සිද්ධ වී ඇත. (The proportion of humankind living in poverty has fallen faster in the past 50 years than in the previous 500 years.) එහෙත් එය සිද්ධ වූයේ ඔවුන් කළ හපන්කමක් නිසා නොවන බව දන්නේ ලොව අල්පයකි!!!!

අඟලෙන් අඟල, ඵලදාවෙන් ඵලදාවට නොයෙකුත් ක්‍රම විධි භාවිතාවෙන් මිනිසා වඩාත්ම දුර්වල පොළවෙන් ද ආහාර නිපදවන්නට අද සමත් වෙති.

1798 දී Robert Malthus නැමැත්තා ජනප්‍රිය වූ Eassay on the Principle of Population ලියා අනාවැකියක් ඉදිරිපත් කළේ ආහාර සැපයිල්ලට ජනගහණයේ වර්ධනය හා වේගයෙන් යා නොහැකි බවයි. මන්ද, සම්පත් සීමිතයි කියා සිතූ අය සේ, ඉඩම් වලින් ද ලබා ගත හැක්කේ යම් ප්‍රමාණයකට වූ ඵලදාවක් පමණක් යැයි ඔවුන් සිතූ නිසා ය.

19 වැනි ශ. ව. දී වාෂ්ප වලින් දුවන නැව්, දුම්රිය මාර්ග, ඊරි කැනාල් මාර්ගය, සීතකරණ හා අස්වනු නෙළන විජට්ටුව නිසා ඇමෙරිකාවට මහත් තොග වශයෙන් තිරිඟු යුරෝපයේ කාර්මික කර්මාන්ත වල යෙදි අයගේ කුසගිනි නිවන්නට යවත හැකි විය. එසේම තිරිඟු වලින් පෝෂිත වූ හරක් මස් සහ ඌරු මස් ද පිටරට පටවත හැකි විය.

2012 වෙද්දී ධාන්‍ය අස්වනු නෙළන තාක්ෂණය දියුණු වූ විජට්ටුවකින් එක මනුෂ්‍යයෙකුට එක දවසක දී පාන් රාත්තල් මිලියන බාගයක් හදන්නට ඇති තරම් තිරිඟු පිටි සඳහා අස්වනු නෙළත හැකිය!!!! වැදගත් කාරණයක් මෙහි දී මතකයේ තබා ගත යුතුයි. මොවුන් උදේ 8 සිට සවස 5 දක්වා වැඩ කරන රජයේ සේවකයෝ නොවේ!! අකුරට වැඩ කරන යුනියන් සේවකයෝ ද නොවේ!!! සිය කැමැත්තෙන් වැඩ කරන ස්වයං ව්‍යාපාරික ගොවීන් වෙති. ඔවුන් ගිම්හානයේ දී වැඩියෙන් වැඩකර හේමනත්යේ දී වැඩියෙන් නිදා ගනිති!!!

1830 දී දකුණු ඇමෙරිකාවේ කුරුළු දූපත් සහ දකුණු අප්‍රිකානු වෙරළාසන්න පළාත් වල කොමොරන්ට්, පෙන්ගුවින් හා බූබි කුරුල්ලන්ගේ අශූචි ගොඩවල් වලින් සියවස් ගණනාවක් තිස්සේ ඒකරාශී වූ නයිට්‍රජන්, පොස්පරස් පිරි නිධි දකින්නට හැකි වුණි. ගුආනෝ නැත්නම් මේ ගොඩ ගැසුණු මුහුදු පක්ෂීන්ගේ අශූචි හෑරීම ඉතා ලාභදායක විය. වසර කිහිපයක දී කුඩා දූපතක් වූ Ichaboe ටොන් 800,000 ක ගුආනෝ ඵලදාවක් ලබා දුනි. 1840 ත් 1880 ත් අතර දී ගුආනෝ නයිට්‍රජන් යුරෝපීය කෘෂිකර්මයේ මහත් වෙනසක් කරන්නට සමත් වුණි.

ඒත් වැඩි කලක් නොගොස් ඒ හොඳම ඵලදාව පාවිච්චි කර අවසන් වී ගියේය.

20 වැනි ශ. ව. උදාවීමත් සමඟ (1900 ජනවාරි) පොහොර අර්බූදයක් ලොව පැවතිණ!!!!

“තිරිඟු ප්‍රශ්නය” නම් සිරස්තලයෙන් දේශනයක් පවත්වන්නේ බ්‍රිතාන්‍යයේ සම්මානනීය රසායන විද්‍යාඥයෙක් වූ Sir William Crookes විසිනි. ඔහු තර්ක කළේ වැඩිවෙන ජනගහණයට සරිලන්නට ඇමෙරිකාවේ වගා කරන්නට තරම් ඉඩම් අක්කර ප්‍රමාණයක් නැතිවීම හේතුවෙන්, යම් විද්‍යාත්මක ක්‍රමයකින් වායුවෙන් නයිට්‍රජන් රසායනිකව හැඩගස්වන්නට නොහැකි නම් “සියළු සංස්කෘතියන් කන්න ඇති තරමට නැතිව මිය යනු ඇතැයි” කියාය. ශ්‍රේෂ්ඨ කොකේසියානු ජාතිය ලෝකයේ ඉදිරියෙන් ඉන්නා ජාතිය නොවී පැවැත්මෙන් ඔවුන්ව නැති වී යන්නේ ලොව තිරිඟු වලින් හදන පාන් කෑමෙන් ජීවිතය රැක ගන්නා ජාතීන් ඉතිරි වී යෑම නිසා යැයි ද ඔහු කීය.

ඔහු කළ අභියෝගය, එනම් නයිට්‍රජන් හදන්න රසායනික ක්‍රමයක් සොයා ගැනීම වසර 15 ක දී සිද්ධ වුණි!!!

Fritz Haber සහ Carl Bosch දෙදෙනා නව ක්‍රමයකින් ඉතා විශාල ප්‍රමාණයන් ගෙන් අකාබනික නයිට්‍රජන් පොහොර හදන්නට සමත් වූහ. ඒ වාෂ්ප, මෙතේන් හා වායුවෙනි. ඒත් ඊටත් වඩා විසල් වශයෙන් කෲක්ස් විසින් කියූ අනාවැකිය ඉටු නොවන්නට හේතු වූයේ අභ්‍යන්තර දහන එන්ජිමයි (internal combustion engine).

එදා ට්‍රැක්ටර් වලට තිබි මහත් ම වාසිය නම් ඒවායේ පැවැත්මට වගා ඉඩම් අවශ්‍ය නොවීම ය. අද අපි ට්‍රැක්ටර් වලට ආහාර පිණිස තිරිඟු වගා කරන්න පටන් ගෙන!!

1915 දී මුළු ඇමෙරිකාවේ අශ්ව ජනගහණය මිලියන 21 ක් යැයි කියැවේ. එවක ඇමෙරිකාවේ ඉඩම් ප්‍රමාණයෙන් තුනෙන් එකක් ඔවුන්ගේ ආහාර වගාව සඳහා වෙන් වී තිබිණ. ඉතින්, කරත්ත අදින අශ්වයන් වෙනුවට ට්‍රැක්ටර් පාවිච්චිය පටන් ගැනීමෙන් මිනිස් ආහාර සඳහා ආහාර වගාවට ඉඩම් වැඩි වුණි. එසේම මෝටර් රථ ප්‍රවාහනයෙන් රේල්ලුව ළඟට නිපදවූ ආහාර ගෙන යන්නට ද පිටිසර ගොවියාට හැකියාව ලැබුණි.

1920 දී ඇමෙරිකාවේ ධාන්‍යාගාරය ලෙස සැලකෙන මැද පළාතේ සරු පොළව රේල් පාරකින් සැතපුම් 80 කින් ඈතක විය. අශ්ව කරත්තයකින් දවස් පහක ගමනකි. ධාන්‍යයේ මිල අගයට වඩා සත 30 කින් වැඩි වියදමක් (ප්‍රවාහනයට) යන්නකි.

1920 දී තිරිඟු වගා කරන්නෝ හිමාලයෙන් ගෙන ආ පැලෑටියකුත් ඇමෙරිකන් පැලෑටියකුත් බද්ධ කර ජවයෙන් පිරි ශක්තිමත් අළුත් ප්‍රහේදයක් (Marquis) නිෂ්පාදනයට සමත් වූහ. එයින් ඇමෙරිකාවේ උතුරින් වන කැනඩාව දක්වා වගාවෙන් පුරවන්නට ඔවුන් සමත් වූහ.

ඉතින්, ට්‍රැක්ටර් වලත්, පොහොර වලත්, නව ප්‍රභේදයේත් ආධාරයෙන් 1931 වෙද්දී, එනම් සර් කෲක්ස් ඔහුගේ අනාගත සාගතය දරුණු වේ යැයි කියූ වර්ෂය උදාවෙද්දී, තිරිඟු සැපයුම එදා තිබි ඉල්ලුමට වඩා බෙහෙවින් වැඩි කරගන්නටත්, තිරිඟු මිල පහළ ගොස් යුරෝපය පුරා තිරිඟු වගා කළ බිම් සත්වයන්ට තණකොළ කන්නට වෙන් වූ භූමි බවට පත් කරන්නට සමත් වෙති.

මොළයෙන් හිතන්නට බැරි සුද්දා අනාගත සාගතයක් ගැන විද්‍යාත්මක අනාවැකි කියද්දී මොළයෙන් සිතන සුද්දෝ ඊට පිළියමක් සොයා ගත්හ.

තව විස්තර සඳහා කියවන්න: Matt Ridley ලියූ The Rational Optimist (2010). මැට් රිඩ්ලි ජීව විද්‍යාඥයෙකි. ඔහු ‘ද ඉකොනොමිස්ට්’ සඟරාවේ විද්‍යා කතුවරයා ලෙසින් සේවය කර ඇත.

***

මේ දිනවල ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව විද්‍යා ලිපි ලියන පත්‍රකලාවේදියෙකු සොයති. විස්තර මෙතැනින්!!!

***

අද හැඳින්වීම: කම්කරුවෝ (proletariat)

මාක්ස්වාදී තියරියේ වචනයක් වන වැඩ කරන ජනතාව හඳුන්වන්නට යොදා ගන්නකි කම්කරුවෝ යන්න. කම්කරුවන්ට නිෂ්පාදනය කරන උපක්‍රම (means of production) අයිති නැත. ඒ නිසා ඔවුන් තම ශ්‍රමය විකුණා දිවි රැක ගනිති.

අද ඉංජිනේරුවන්, වෛද්‍යවරු, නීතිවේදීන්, ගණකාධිකාරීන්, ගුරුවරුන් …. කීයෙන් කී දෙනාට ද නිෂ්පාදනය කරන උපක්‍රම අයිතිය ඇත්තේ?

ශ්‍රමය විකුණා දිවි රැක ගන්නා අපි හැමෝම කම්කරුවෝ නෙමෙයි ද?!!!!

Advertisements

10 Responses

Subscribe to comments with RSS.

  1. indika27 said, on ජනවාරි 26, 2012 at 11:50 පෙ.ව.

    කාල් මාක්ස් නේද??
    නිෂ්පාදන උපක්‍රම නැති ඉනෝවේටිව් නැති අධ්‍යාපනය ලත් අය වැඩිපුර පඩි ගැන්ම වැරදියි නේද??
    අපේ කන්තෝරුවල ඉන්න ඉංජිනේරු මහත්තුරු වැඩකරන්න යොදාගන්නෙ මයි‍කොසොෆ්ට් කන්තෝරු පැකේජය විතරයි…
    ඩිෂිෂන් නැතුව මිලියන ගනන් ආයතනික මුදල් හිරවෙලා…ඒත් අපිට කරන්න දෙයක් නෑ….
    මිලියන පනහක් දවසක් ප්‍රමාද වීම මේ අයට ගානක් නෑ..
    මමත් ඔය කන්තෝරු පැකේජය දන්නව…එයාලත් දන්නවා..අවසානෙ ලැබෙන්නෙ එකම අවුට්පුට් එකයි …ඒත් සැලරි ඩිෆර්න්ස් එක හතර ගුණයක් විතර…

    • arunishapiro said, on ජනවාරි 26, 2012 at 12:02 ප.ව.

      indika27,

      වැඩිපුර පඩි කියලා දෙයක් නිදහස් වෙළඳපොලක නැහැ. එතැන තියන්නේ ඉල්ලුමක් ඇති ශ්‍රමයට ලැබෙන පඩි.

      දැන් ඉන්දික27 වැඩ කරන කන්තෝරුව ඉල්ලුමක් ඇති ශ්‍රමයට පඩි දෙන තැනක් වෙන්න බැහැ … මොකද නිදහස් වෙළඳපොල යටතේ වැඩ කරන අයට දවසක් ප්‍රමාද වෙලා මිලියන පනහක් වතුරේ යවන්න හැකියාවක් නැහැ.

      සහතිකයක් ලත් පමණින් එයා වැඩි පඩියකට සුදුසු යැයි සැලසුම් ගහන්නෝ විසින් තීරණය කිරීමෙන් තමයි ශ්‍රමයට ගැලපෙන වැටුප නොලැබී යන්නේ. ඊට අවස්ථාවක් ලැබෙන එකම තැන නිදහස් වෙළඳපොල.

      තව ඉස්සරහට හැම රස්සාවකට ම පුහුණු සහතික දෙන එක වැඩි වෙද්දී … සහතික තියන තරමටයි වැටුප් තීරණය වෙන්නෙ, මොනවා දන්නවා ද කියන එක මත නොවේ!!!

  2. W.A. Wijewardena said, on ජනවාරි 26, 2012 at 12:49 ප.ව.

    Though the food problem was solved by the world in the last century, it may no be the same in the current century. With the world’s population rising to 9 bn by 2025, there are more mouths to feed by that time by using the limited extent of land available and only an increase in the agricultural productivity could rescue the world. That productivity improvement will come from GM foods and research should now be conducted to allay the fears of people of them so that th world could at least expect to feed all the people it has produced.

    • arunishapiro said, on ජනවාරි 26, 2012 at 1:01 ප.ව.

      W.A. Wijewardena,

      මම ඊ ළඟ සටහන් වල දී ඒ ගැන ලියන්නයි ඉන්නෙ.

      වගා ඉඩම් (limited extent of land) හෝ තාක්ෂණය ගැන මිනිස්සු තුල වන බිය (fears of people) නෙමෙයි ලෝකයේ ම කුසගිනි නිවාලන හැකියාවට වැට කපන්නෙ.

  3. අමා said, on ජනවාරි 27, 2012 at 12:01 පෙ.ව.

    //මොළයෙන් හිතන්නට බැරි සුද්දා අනාගත සාගතයක් ගැන විද්‍යාත්මක අනාවැකි කියද්දී මොළයෙන් සිතන සුද්දෝ ඊට පිළියමක් සොයා ගත්හ.//

    ප්‍රශ්න මතුවෙනකොට අභියෝග වැඩිවෙනකොට ‘බැහැ’ කියල දමල ගහන්නේ නැතුව ‘අනේ මම පව්’ කියල අඬන්නේ නැතුව ‘එක්කෝ ඕනේ නැහැ’ කියල කම්මැලි වෙන්නේ නැතුව, කොහොම හරි උත්සාහයෙන් ප්‍රශ්න විසඳන චින්තනය ශ්‍රේෂ්ටයි! 🙂

    • arunishapiro said, on ජනවාරි 27, 2012 at 9:38 පෙ.ව.

      අමා,

      එහෙම අය ටික දෙනෙක් තමයි ඇට්ලස් යෝධයින් සේ සෙසු සියල්ලන් ඔසවා ගෙන යන්නේ!!!

      කෙවින් පෙරේරා දාපු, අමා නංගි අහපු අයින් රෑන්ඩ්ගේ වාර්තාකරණ චිත්‍රපටිය ටිකිරි බලන්න ගිහින් මට වාර්තාවක් දුන්නා .. ඒක පටන් ගන්න කළින් ආපු අය සේරම එකිනෙකා නොදන්න අය වුනත් සිනමා ශාලාවේ දී එකිනෙකාට අතට අත දීලා කතාබහ කරන්න පටන් ගත්තාලු. තරුණ අය බොහොමයක් පැමිණ සිටීම වැදගත් වෙනසක්. සිත්තම දිග හැරෙන්න කළියෙන් නිෂ්පාදනයට සහභාගී වූ අයෙක් තමා එයට අත දැම්මේ ඇයි කියාත්, පළාතේ ව්‍යාපාරිකයන් තමන් අයින් රෑන්ඩ් කියවන්නට යොමු වූයේ ඇයි කියාත් පුංචි කතා කිහිපයක් පැවැත්වූවාලු. වාර්තාකරණයෙන් දිග හැරී ඇත්තේ ද අයින් රෑන්ඩ්ගේ “ඇට්ලස් හැකිළුණු” පොත කියවපු අයගේ තොරතුරු. එක කෙල්ලෙක්ගෙ පෙම්වතාගේ තාත්තා එයට පොත දීලා තියෙනවා කියවන්න. කෙල්ල කියන්නෙ ඒක කියෙව්වට පස්සෙ එයා පෙම්වතාට වඩාත් සුදුසු සහකාරියක් වූවා කියල. තවත් තාත්තා කෙනෙක් තමන්ගෙ පුතාට ව්‍යාපාරය බාර දෙන්න කළින් පොත කියවිය යුතු යැයි කොන්දේසියක් දාලා. පොත කියවා ජීවිතය ජයගත් අයගේ කතන්දර වලින් නිමැවුන චිත්‍රපටිය ආයෙත් වරක් තිරගත වුවොත් නැවතත් බලන්න යනවා යැයි ටිකිරි කිව්වා.

  4. dawkinssdodo said, on ජනවාරි 27, 2012 at 4:12 පෙ.ව.

    දාන්න ඔනෑ ඉල්ලුම් පත්‍රයක් අර ජොබ් එකට!

    • arunishapiro said, on ජනවාරි 27, 2012 at 9:49 පෙ.ව.

      dawkinssdodo,

      ජොබ් එක හරි ගියාම Mojave Spaceport ගැන වාර්තාවක් ලියන්න ලැබිච්ච දාට සුදු අප්පුහාමිවයි මාවයි එක්ක යන්න, අපි අපේ වියදම් ගෙවන්නම්!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: