අරුණි ශපීරෝ‍ වෙතින්

ඊයේ ඉන්දියාව බේරාගත්තට හෙට ආයෙත් ඉන්දියාව බේරාගන්න වෙයි ද?

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 31, 2012

මේ පින්තූරය දැම්මෙ කළින් සටහනක. දකුණත වනුයේ 2011 කැලිෆෝර්නියාවෙන් නව සොයාගැනීමක්. ලෝකයේ වඩාත් ම බර අඩු ලෝහය. එහි 99.9% ක් තියෙන්න වායුව. වම් පැත්තෙ ඉන්නෙ 2011 දී මගේ යෙහෙළියක් ගත්තු නේපාල කාන්තාවකගේ පින්තූරය.

රටක් පාලනය කරන රටේ ආණ්ඩුව විතරක් නෙමෙයි අද රටක පුරවැසියන්ගේ ජීවිකාවට බාධක පමුණුවන්නෙ. ලෝක ජනතාවගේ සුභ සිද්ධිය සඳහා යැයි ලෝක ජනතාව විසින් පත් කරගත්තු එක්සත් ජාතීන් ඇතුළු අනේක සංඛ්‍යාවක රාජ්‍ය නොවන විවිධ සංවිධානත් ඊට එකතුයි.

ලෝකයේ පරිහාණිය ගැන අනාවැකි කියන අර්ථ ශාස්ත්‍රඥයන්, පරිසර හා වෙනත් විද්‍යාඥයන් මෙන් ම ඇල් ගෝර් වැනි දේශපාලකයන්ගෙන් ද අඩුවක් ලොව නැහැ. නමුත් මිනිසා හා පරිසරයේ උන්නතිය සඳහා ජීවිතය කැප කරන අර්ථ ශාස්ත්‍රඥයන්, පරිසරවේදීන් හා දේශපාලනඥයන් (රොන් පෝල්ට ජයවේවා!!) සිටිනවා මෙන් ම රාජ්‍ය නොවන සංවිධානත් අල්පයක් තියනවා.

තාක්ෂණයෙන්, සම්පත් වලින් හා මිනිස් ඥානයෙන් ගත හැකි උපරිමය සැලසුම් කරන්නට සමතෙක් ලොව නැහැ. එහෙම ගත්තු හැම උත්සාහයක් ම අසාර්ථකයි. මන්ද, ඊට අවශ්‍ය සියළු ඥානය එක තැනකට එකතු කරත නොහැකියාව ගැන මුලින් ම කියා දුන්නේ අර්ථ ශාස්ත්‍රඥ එෆ්. ඒ. හයෙක්. එහෙත් එසේ හැකි යැයි සිතන අය ඉතිහාසය පුරා සිටියා. අදත් සිටිනවා. හෙටත් සිටීවි.

The Violence of Green Revolution(1991) නමින් පොතක් ලියන්නෙ Vandana Shiva. ඇය දාර්ශනිකයෙක්, පරිසර ආරක්ෂාවට සටන් වදින්නියක් සහ පරිසර කාන්තා විමුක්තවාදියෙක් (eco-feminist). කොළ විප්ලවයට පෙර ඉන්දියාවේ ප්‍රචණ්ඩත්වයක් නොතිබූ, හාමතෙන් සිටි අය කිසිදාක නොසිටි විදියට ඇය පොත ලියන්නෙ!!! කොළ විප්ලවය නිසා පන්ජාබයේ පස් නිසරු වෙලා, බෝග වලට කෘමි වසංගත හැදිලා, කාන්තාරවල වතුර හිරවෙලා, ගොවීන් ණය බරින් හා දොම්නසින් පිරිලා යැයි ඇය ඒ පොතෙන් කියනවා. පොත විද්‍යාත්මකව ඔප්පු කරන ලද දත්ත වලින් යුතු නැහැ. රිචඩ් ඩාව්කින්ස් ලියන ගණයේ ජනප්‍රිය පොතක්. සාමය වෙනුවට කොළ විප්ලවයෙන් ප්‍රචණ්ඩත්වය දායාද වූවා යැයි ඇය කියනවා. ඒත් හරියට ධාන්‍ය සශ්‍රීක බවින් ප්‍රචණ්ඩත්වයත් ඇති වූ හැටි සම්බන්ධය පැහැදිලි කරන්නෙ නැතිවයි ඇය ඒ සියල්ල කියන්නෙ.

ඉන්දීය පන්ජාබයේ 1986 දී 598 ක්, 1987 දී 1,544 ක් සහ 1988 දී තුන්දහසක් ජනතාව මිනීමැරුම් වලින් මිය යන බව ඇය නිදසුන් විදියට පෙන්වනවා. ජනගහණය කීයක් දැයි කියන්නේ නැතිව. මම සොයාගත් පරිදි 2010 දී පන්ජාබයේ සෑම ලක්ෂයකට ම තුන්දෙනෙක් තමයි වාර්තා කරන ලද මිනීමැරුම්. කොතරම් වාර්තා නොවන මරණ සිද්ධ වෙනවා ද යන්න තවත් ගැටළුවක්. 2011 පන්ජාබයේ ජනගහණය 27,704,236 ක්. නගරාසන්නව වසන ජනතාව තෙගුණයකින් වැඩිවෙලා. කියවන ලියන හැකියාවන් ඇති ජනගහණයත් 2011 දී වැඩිවෙලා.

ඊ ළඟට “ද්‍රරීද්‍රතාවය හා ගෝලීයකරණය” නැමති දේශනයේ දී ඇය කියන්නේ අළුත් බීජ වගාවෙන් අසහනයට පත් ගොවියන් සියදිවිනසා ගන්නා බව. බීජ වගාව නිසා සියදිවිනසා ගත් ගොවියන් සියළු ගොවියන් අතරින් කී දෙනෙක් දැයි යන්නත් ඇය විසින් එහි දී පෙන්වා නැහැ. මෙතැන කතාවෙන Genetically Modified (GM) වගා ගැන ඊ ළඟ සටහනකින් වැඩි විස්තර කතා කරන්නම්.

ආගමික හා වර්ගවාදී කෝලාහල ගැන නොසලකා හැර ධාන්‍ය වගාව සරු බැවින් ඔවුන් ප්‍රචණ්ඩත්වයෙන් එකිනෙකා මරාගන්නට හේතු වූවා යැයි පෙන්වන්නට මඟක් නැති වුනාට, ගොවිතැන් අලාභ නිසා පමණක් සියදිවිනසා ගන්නා අය කොතරම් දැයි දත්ත පෙන්වූයේ නැති වූවාට, කන්න නැති නිසා සාගතයෙන් මිය යා හැකියි පැහැදිලිව ඉතිහාසය පෙන්වා ඇති මරණ සංඛ්‍යාව ඇය සලකන්නේ නැහැ.

ඉතින් අද ඉන්දියාවේ පරිසරයට හානියක් නොවෙන්න ආයෙත් පරණ ක්‍රම වලට යන්න යැයි සටන් වදිනා වන්දනා ශිවාගේ නිර්දේශය කාන්තාව මූලික වූ කුඩා ගොවිපළ නැවත ස්ථාපිතය. අර නේපාල කාන්තාවගේ පින්තුරය දිහා නැවත බලන්න!!!! 1960 ගණන් වල තාක්ෂණයට ලොව යා යුතු යැයි ප්‍රගතිශීලී කියාගත් ගැහැණියක් කියන්නේ කෙසේ ද?!!! සත්‍ය ලෝකයයි පෙන්වන්නේ ස්ත්‍රීන්ට සම්පූර්ණ විමුක්තිය ලබා දිය හැකි යැයි කියන සමාජවාදය හා සමාජවාදී පක්ෂ තියරි වලින් සපිරි අය කාන්තාව ගොන්නුන්ට අන්ඳවන බව!!!

අද ඉන්දියාව ටොන් මිලියන 204 ක ධාන්‍ය අස්වැන්නක් ලබනවා. 1960 විධි ක්‍රම වලට නැවත ගියහොත් ඒ වගාව කරන්න වගාබිම් තුන් ගුණයකින් වැඩි කරන්න ඕනා. ඒ කියන්නෙ ඉන්දියාවේ වනාන්තර එළිකරන්න සිද්ධ වෙනවා. නැවතත් පොහොර ප්‍රශ්නයකටත් මුහුණ පාන්න සිද්ධ වෙනවා.

1999 දී ඕදිෂාවේ (ඔරිස්සාවේ) සුළි සුළඟක් නිසා බෝග වගාබිම් 17,110 km² විනාශයට පත්වෙනව. මිලියන 1.67 ත් ඉන්න තැනක් නැතුව අනාථ වෙනවා. තවත් මිලියන 19.5 සූළි සුළඟෙන් බැට කනවා. 15,000 ක් විතර ජනතාව මිය ගිය බව සැක කෙරෙනවා. මිලියන පහක ගොවියන්ට තම ගොවිතැන් කටයුතු අහිමි වෙනවා. ඇමෙරිකන් ඩොලර් බිලියන 5 කට ආසන්නව අලාභ හානි සිදුවූවා යැයි සැලකෙනවා.

මෙවැනි පසුබිමක දී ව්‍යසනයට පත් වූ ජනතාවට ආහාර ආධාර ලැබෙද්දී වන්දනා ශිවා Oxfam විසින් ලබාදෙන්නේ Genetically Modified (GM) ආහාර නොවේ යැයි බලාපොරොත්තු වන බව කියනවා. GM ධාන්‍ය හෝ බෝග ආහාර කාලා ලෝකේ තාම කිසිවෙක් මියගොස් නැතිවිටක දී, ඔප්පු කරපු නැති නරක යැයි මතයක් තියෙනා පමණින් එය ආහාරයට ලබා නොදී ඔවුන්ට බඩගින්නේ මැරෙන්න ඉඩ දුන්නාට කමක් නැද්ද?!!!

ව්‍යසනයක දී හෝ සාගතයක දී ආහාර නොමැති වීමෙන් මැරෙන්නේ ඒ දවස්වල ආහාර නැති වූ අය පමණක් නෙමෙයි. බෙංගාලි සාගතයෙන් පසු ඉතිරි වූ ජනගහණයෙන් බාගයක් මිය ගියේ කන්න තිබිය දී.

ස්වභාවික ව්‍යසනයකින් විපතට පත් වී ඉන්නා ජනතාවකට, ඇමෙරිකාවේ අපි කන පාන්පිටි ඉන්දියාවට තෑගි කරන්න එපා ද? ආහාර නැතිව කුසගින්නේ ජනතාව මිය යද්දී අපිට ඔයාල කන පාන් එපා අපිට කේක් එවන්න යැයි වන්දනා ශිවා කියනා නිසා කේක් යැවිය යුතු ද?!!! ඒක හරියට වයර්ලස් ෆෝන් එකක් තෑගි කරද්දි මට ගැලක්සි එකක් එපා මට අයිෆෝන් එකක් දෙන්න කියනවා වගේ!!!

ඇය මෙසේ කියනවා: ලෝකයට කන්න දෙන්න පුළුවන් ලෝකය හදන සියළු සත්වයින්ට කන්න දීමෙන් පමණයි, (The world can be fed only by feeding all beings that make the world.) ලොව ඔක්කොම ප්‍රාණීන් ජීවත් කරද්දි මිනිසාට දිවිනහගන්න වෙන්නෙ නැහැ; බැක්ටීරියා වයිරස් වලින් ඉක්මණින් ඉබේම මැරෙයි!!! ඒත් මිනිසාවත්, සත්තුන්වත් පරිසරයත් ආරක්ෂා කරගෙන කන්න දෙන්න ක්‍රමයක් පෙන්වූවාම ඇය එය ප්‍රතික්ෂේප කරනවා. ඉතිහාසය පෙන්වන්නේ කවුරුන් විසින් කාට කන්න දී බේරාගත්තා කියා ද? ඒ අයට කන්න දෙන්නටත් අනිත් අයට කන්න ඉල්ලන්නටත් සිද්ධ වී ඇත්තේ කුමන හේතුවක් නිසා ද?

ඇය මහත්මා ගාන්ධි වෙතින් ද කියමනක් ඉදිරිපත් කරනවා මෙහෙම: පෘතුවියට හැමෝගේම අවශ්‍යතා සපුරන්න හැකියාව තියෙනවා, එහෙත් සමහර අයගේ කෑදරකම සපුරන්න නෙමෙයි, (“The earth has enough for everyone’s needs, but not for some people’s greed”.)

දුප්පත් ජනතාව බඩගින්නේ පෙළෙද්දී ඔවුනට ආහාර ලැබෙන ක්‍රමයක් ලොව තිබිය දී ඔවුනට ඊට ඉඩක් ලබා දෙන්නා කෑදර වන්නේ කෙසේද?!!!! පාන් තෑගි කරද්දී ඒවා එපා යැයි කියා කෙක් ඉල්ලන්නා කෑදර ද නැද්ද?!!!

Advertisements

23 Responses

Subscribe to comments with RSS.

  1. Buwa said, on ජනවාරි 31, 2012 at 10:20 පෙ.ව.

    ඉන්දියාව ගැන නම් වැඩිය මොකුත් කියන්නත් බයයි , අරුණි අක්ක කියන චිත්‍රපටිය බලල තියනවද ? ඉතාම අපුරු කථාවක් . ගොවීන්ගේ සියදිවි හානිකර ගැනීම් වලට අදාලව

    මම නම් අයිෆෝන් එකක් දුන්නොත් ඉල්ලන්නේ ගැලක්සියක් ,

    • Buwa said, on ජනවාරි 31, 2012 at 10:20 පෙ.ව.

      Film – Peepli[Live]

    • arunishapiro said, on පෙබරවාරි 1, 2012 at 10:15 පෙ.ව.

      Buwa,

      නැහැ මම ඒ චිත්‍රපටිය දැකලා නැහැ. ඒත් ගොවීන්ගේ සියදිවි හානිකර ගැනීම් ප්‍රවෘත්ති හා ඒ ගැන ලියැවුනු දේ කියවා තියෙනවා. ඒක ගැන වෙනම සටහනක් දාන්නම්.

      තෑග්ගට දිය යුත්තේ කුමක් දැයි කියා ඉල්ලීමෙන් එය තෑග්ගක් වෙන්නෙ නැහැනෙ මල්ලි!!!

  2. Alchemiya said, on ජනවාරි 31, 2012 at 11:55 පෙ.ව.

    කොළ විප්ලවය නෙවෙයි අරුණි අක්කා…නියම වචනෙ හරිත විප්ලවය…
    අනිත් එක තමයි ඇමරිකාවෙ තිරිඟු පිටි අතිරික්තය ඉවත දමනවාලු (ඇත්තද බොරුද දන්නෙ නැහැ හරියටම) මේ දේවල් කන්න නැති රටවල් වලට යවන්නෙ නැත්තෙ ජාත්‍යන්තර වෙලඳාමට බාධා පැමිණෙන නිසාලු…

    පරිසරය හිතකාමී නිෂ්පාදන වලට යන්න අවශ්‍යතාව දැනෙන්නේ ලෝකෙම ඇණගත්ත දවසට

    අර Wall-E කතාවෙ වගේ අපි හැමෝටම අභ්‍යවකාශයේ තමයි ජීවත් වෙන්න වෙන්නෙ..
    තව අවුරුදු 40 කින් CO2 මට්ටම දෙගුණ වෙනකොට හැමෝටම තේරෙයි….

    • arunishapiro said, on පෙබරවාරි 1, 2012 at 10:50 පෙ.ව.

      Alchemiya,

      කොළ කිව්වත් කොළ පාට, හරිත කිව්වත් කොළ පාට නිසා කියවද්දී පොඩ්ඩක් අවධානය ගන්නටයි එහෙම ලිව්වෙ. මීට පස්සෙ හරිත විප්ලවය කියලා ලියන්නම්.

      //අනිත් එක තමයි ඇමරිකාවෙ තිරිඟු පිටි අතිරික්තය ඉවත දමනවාලු (ඇත්තද බොරුද දන්නෙ නැහැ හරියටම) මේ දේවල් කන්න නැති රටවල් වලට යවන්නෙ නැත්තෙ ජාත්‍යන්තර වෙලඳාමට බාධා පැමිණෙන නිසාලු…//

      කටකතා ගැන කතා කරලා වැඩක් නැහැ. මෙහෙම කියන්නෙ ඇයි ඇල්කෙමියා මල්ලි? ඔයාගෙ ගෙදර හදන කෑමක් ඔයා විසි කළොත් ඔයාට වැඩි නිසා ඒකට මට අයිතිවාසිකමක් ඇතිවෙන්නෙ කොහොම ද? මම බඩගින්නෙ සිටිය දී ඔයා කෑම විසි කරපු නිසා ඔයා නරක මල්ලියෙක් කිව්වට මට ඔයාගෙ කෑම වලට අයිතිය කියන්න බැහැ.

      //පරිසරය හිතකාමී නිෂ්පාදන වලට යන්න අවශ්‍යතාව දැනෙන්නේ ලෝකෙම ඇණගත්ත දවසට

      අර Wall-E කතාවෙ වගේ අපි හැමෝටම අභ්‍යවකාශයේ තමයි ජීවත් වෙන්න වෙන්නෙ..
      තව අවුරුදු 40 කින් CO2 මට්ටම දෙගුණ වෙනකොට හැමෝටම තේරෙයි….//

      කියවන්න: මිනිසාගේ අවරෝහණය

      වොලී ඇවිත් වෝල්මාර්ට් වලට ගහන්න හදපු ප්‍රබන්ධයක්, වාර්තාකරණයක් නෙමෙයිනෙ!!!

      කියවන්න:
      අප්‍රසන්න ගැටළු විසඳන නව ක්‍රමත් අප්‍රසන්න ද?
      දියුණු රටවල් Co2 !!! චීනය හා ඉන්දියාවට රටවල් හැටියට සශ්‍රීක වන්නට හැකියාව ඇත්තේ එහි වැඩිවීමෙන් පමණක් බැවින් වුවත් එය වැඩිවීම ලෝකයට අහිතකර නිසා ඔවුන් සශ්‍රීක නොවී සිටිය යුතු ද?

  3. raj said, on ජනවාරි 31, 2012 at 12:02 ප.ව.

    //ගත හැකි උපරිමය සැලසුම් කරන්නට සමතෙක් ලොව නැහැ.// උපරිමය කරා ලගා වෙමිනුයි ඉන්නෙ. ප්‍රස්තාරයක් ඇන්දොත් බලාගන්න පුළුවන්. (ඒ කියන්නෙ දැන් නෙවේ. තව ඉස්සරහට)
    //පෘතුවියට හැමෝගේම අවශ්‍යතා සපුරන්න හැකියාව තියෙනවා, එහෙත් සමහර අයගේ කෑදරකම සපුරන්න නෙමෙයි//
    ඒ කියමන එයාට ගැලපෙන්නෙ නෑ නේද?

    • arunishapiro said, on පෙබරවාරි 1, 2012 at 10:56 පෙ.ව.

      raj,

      නැහැ රාජ්, උපරිමය ගැන අපිට හිතන්නට වත් හැකියාවක් නැහැ. මිනිස් මොළයේ අපූර්වත්වය ලෝක ඉතිහාසය නැවත නැවත අපිට පෙන්වනවා. අපි අද හිතනවාට වඩා හිතන්න ශක්තියක් අපේ අනාගත පරම්පරා වලට ඇති බව පෙන්වා ඇත්තේ ලෝක ඉතිහාසයයි.

      ඒ කියමන මහත්මා ගාන්ධි කියූවක්, දේශනයේ දී එය උපුටන්නේ වන්දනා ශිවා විසින්. ඔව්, එය ඇයට ම ගැලපෙනවා. මොකද තෑගි එවද්දී මේ තෑග්ගට වඩා අර තෑග්ග වටිනවා යැයි ඉල්ලන්නට ඇය විසින් ම කෑදර වන නිසා. ඒවා ඉල්ලන්නේ තමන්ට නොවුනාට එයා එසේ කියන්නේ සුළි සුළඟෙන් බඩගින්නේ ඉන්නා ජනතාවට ලැබෙන ජාන විකිරණ ආහාර එපා කියන්න. අනුන් වෙනුවෙන් දෙන තෑග්ගක් ඒ අයට ඒවා නෙමෙයි මේවා දෙන්න කියා තෑගි කරන්නේ ද නැති තෑග්ග ලබන්නේ ද නැති අයෙක් විසින් කරන එරෙහි වීමක්. නිදහස තියෙන්න ඕනා ආහාර නැතිව හාමතේ ඉන්නා ජනතාවට තීරණයක් ගන්නටයි. වෙනත් සැලසුම් ගහනා අයෙක් විසින් ඔවුන්ගේ තීරණ නොගැනීමටයි.

  4. kumaraya said, on ජනවාරි 31, 2012 at 12:03 ප.ව.

    ඇමරිකාව හෝ වෙනත් ධනවත් රටක් හෝ ඔය විදිහට කන්න නැති රටවලට ආධාර දෙනවාට මම කැමතියි.
    හැබැයි යහපත් චේතනාවෙන්.
    නැතුව යටි අරමුණු සහිතව දෙන ආධාරවලට නෙවෙයි.

  5. දූපත් said, on ජනවාරි 31, 2012 at 12:36 ප.ව.

    ලංකාවේ කවදාවත් නැතුව පොළොන්නරුව මැදිරිගිරිය පැත්තේ වකුගඩු රෝගය වැඩිවෙලා. අවුරුදු 19, 20 කට්ටියටත් හැදිල. සමහරු කියන විදියට නම් පොහොර කෘමිනාශක හින්දලු. මටත් එහෙම හිතෙනව.
    තවත් එකක් ලංකාවේ වෙල් වල හිටපු හදය කියන මාළු ඒ දවස වල ඕනි තරම් හිටිය. නමුත් දැනට වසර 2 කට ඉස්සෙල්ල ලංකාවේ රෙඩ් ලීස්ට් එකට ගිය සතෙක්.
    එක පැත්තකින් පලදාව වැඩි වෙනකොට තවත් දෙයක් ගිලිහිලා.

    • arunishapiro said, on පෙබරවාරි 1, 2012 at 11:02 පෙ.ව.

      දූපත්,

      ඔය පැතිවල වකුගඩු රෝග වැඩිවීම පිළිබඳ දැන් කාලයක් තිස්සේ ප්‍රවෘත්ති වලින් කියවන්න ලැබෙනවා. විධිමත් පර්යේෂණයකින් පැහැදිලිව හේතු මොනවා දැයි සොයා ගන්නට තාක්ෂණය දියුණු ලොවක අපි සිටියත් ඊට ඉඩක් නැතිකම කාගේ වැරැද්ද ද?!!!

      ඔව්, ලෝකෙ හැටි තාම එක දෙයකින් ඵලදාව වැඩිවෙන කොට තවත් දෙයක් ගිලිහිලා යෑම. ඒක ස්වභාවිකයි.

  6. Dr Upali Peris said, on ජනවාරි 31, 2012 at 12:37 ප.ව.

    Your information in this article with regard to the “lightest metal” is in correct. What the Californian scientists have developed was the “lightest material” and not the lightes metal The lightest metal in the universe in Lithium, as at present knowledge, Your sinhalese translation of “material” is “Lohaya” and it should be corrected as “Drawwyaya”.- Dr Peris

  7. TG said, on ජනවාරි 31, 2012 at 12:45 ප.ව.

    මටත් හැමදාම තියෙන ප්‍රශ්නයක් තමයි ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි වගා ක්‍රම එක්ක ලෝක ජනගහනයටම ප්‍රමාණවත් අහාර නිෂ්පාදනය කරන්න පුලුවන්ද කියන එක . ඒ වගේම ගොවියන් ගෙවිලියන්ගේ ආර්ථිකේ සරු වෙනවද කියන එක

    ලංකාවේ තියෙනවා දේශීය සහල් , ධාන්‍ය බීජ , එලවලු ප්‍රභේද සුරැකීමේ ආයතන එහෙමත් .එත් කවුරුත් කන්ස්ට්‍රක්ටිව් විදියට ඇනලයිස් කරන්නේ නෑ ඒවායේ නිෂපාදන පිරිවැය , ලැබෙන නිෂ්පාදන ප්‍රමාණය , ඊට ලැබෙන වෙලඳපොල මිල එහෙම . තව දෙයක් කාබනික විදියට වවපු ආහාර බෝග ලංකාවේදි මිල ඉහලයි වෙලඳපොලේ (මම කියන්නේ ෆාර්ම් ගේට් ප්‍රයිස් නෙවේ )

    මට තියෙන අත්දැකිම අනුව කාබනික ගොවිතැනේ දී නිශ්පාදන වියදම අඩුයි .ඒ අවටින් හොයාගන්න අපතේ යන දෙයින් වවන්න නිසා නමුත් මේ පොහොර ජාති හදාගන්න ගම් වල නිෂ්පාදන ඒකක නෑ . අනික් අතට ලංකාවේ රජය පොහොර සහනාධාරයක් දෙනවා ඒක රජයේ පොලිටිකල් මැනිෆෙස්ටෝ වැඩක්නේ .ඉතින් ආයතන උනන්දු වුනාට කාබනික වගාව ප්‍රමෝට් කරන්න රජය කැමති වේවිද පෝර සහනාධාරේ නවතලා කාබනික පෝර වලට ගොවියො හුරු කරන්න ?ගොවියොත් කැමති ලේසි දේට යන්න .එහෙම නම් අඩුම තරමේ අපිට හොඳ රිසර්ච් ඩේටා තියෙන්නේ ඕනේ කාබනික පෝර වගා ක්‍රම භාවිතා කරලා අවුරුද්දකට මොන තරම් මුද්ලක් පෝර සහනාධාරෙට නොදී රජයට ඉතුරු කරන්න පූලුවනිද කියාලා .
    ඒත් රසායණ පෝර නිසා හානි වුන වගා එමටයි පොලොන්නරුවේ , මොණරාගල පුත්තලමේ එහෙම

    • arunishapiro said, on පෙබරවාරි 1, 2012 at 11:06 පෙ.ව.

      TG,

      පරිසර හිතවාදීව ලෝකයට ම කන්න දෙන්න ආහාර නිෂ්පාදනයට හැකියාව තියනවා. ගොවියන් ගෙවිලියන්ගේ ද ආර්ථිකේ සරුසාර වෙනවා. තව විස්තර ඉදිරියේ දී ලියන්නම්.

      ආසියාව හා අප්‍රිකාව තුල ඇති ලොකුම අඩුපාඩුව තමන්ගේ දෑ වර්ධනයට හා දියුණුවට උත්සාහයක් නොගෙන පිටින් එන දෑ වල අගුණ පමණක් දැකීම.

  8. Hishan Melangai said, on ජනවාරි 31, 2012 at 9:28 ප.ව.

    මම දැනගන්න කැමතියි ඇමරිකාව වගේ රටවල් ඒ අයගේ අක්කර ගණනක් විශාල වගාකරන ඉඩම් වලට යොදාගන්නෙ රසායනික පොහොරද කියල. මම හිතන විදියට ඒක වෙන්න බැහැ. මොකද ඒ තරම් විශාල ඉඩම් ප්‍රමාණයකට රසායනික පොහොර දැම්මොතින් අඩු මුදලකට ආහාර නිෂ්පාදනය කරන්න අපහසුය කියල මට හිතෙන නිසා. අපේ රටේ නම් පුංචි කුඹුරකටත් රසායනික පොහොර ඉහිනවනේ…!!!

    • arunishapiro said, on පෙබරවාරි 1, 2012 at 11:16 පෙ.ව.

      Hishan Melangai,

      රසායනික පොහොර සහ තාක්ෂණයෙන් දියුණු කරන ලද ස්වභාවික පොහොර දෙක ම භාවිතයට ගැනෙනවා. රසායනික ද නැත්නම් තාක්ෂණයෙන් දියුණු කරන ලද ස්වභාවික දැයි කියා පොහොර මිලේ වැඩි වෙනසක් නැහැ. කැමැත්ත අනුවයි කුමක් දැයි යොදන්නේ යන්න තීරණය වෙන්නෙ.

      දියුණු වූ තාක්ෂණය නිසා රසායනික පොහොර ප්‍රමාණයන් වැඩි නොකර, පසේ සරු බවත් ආරක්ෂා කරගෙන, වතුර පාවිච්චිය ද අඩුවෙන් දමා දැවැන්ත ඉඩම් වල දැවැන්ත අස්වැන්න නෙළන්න හැකියාව තියෙනවා.

      තව විස්තර ඉදිරියේ දී.

  9. අමා said, on ජනවාරි 31, 2012 at 11:46 ප.ව.

    ඇත්ත නිකම් දෙන අස්වයාගේ දත් ගනින්ට හොඳ නැහැ (ලැබෙන හැම හෙම්බිරිස්සාවක්ම බාර ගන්ට කියන එකේ නෙමේ). කන්න නැතුව මැරෙනවා නම්, දෙන දේ භාර අරන් කන්ට වෙනවා. නැත්නං තමන් වවන් කන්ට ඕනා.

    //ඇය මහත්මා ගාන්ධි වෙතින් ද කියමනක් ඉදිරිපත් කරනවා මෙහෙම: පෘතුවියට හැමෝගේම අවශ්‍යතා සපුරන්න හැකියාව තියෙනවා, එහෙත් සමහර අයගේ කෑදරකම සපුරන්න නෙමෙයි, (“The earth has enough for everyone’s needs, but not for some people’s greed”.) //
    මම හිතනවා මේකෙන් අදහස් කරන්නේ – කවුරුත් කාවවත් සුරා ගෙන කන්නේ නැතුව ඉන්න එක. අපි හැමෝම යම් දුරකට කාගේ හරි සූරා කෑමකට ලක් වෙලා ඇති… උදාහරෙනෙකට කොම්පැනි හිමියෙක් අධික ලාබ ගැනීමට ආයතනයේ යම් පිරිසක් (කෑ ගහන අය) විතරක් උඩට අරන් ඔවුන්ට විතරක් දීල (කටවල් වහන්ට) අනිත් අයට අඩු පඩි දීම.

    නමුත් වන්දනා කියන්නේ මොකද්ද කියල මට තේරුනේ නැහැ. එයාගේ පොයින්ට් එක මොකද්ද? සහ GM ආහාර නිපැයුම මම නම් දකින්නේ ඉතාම හොඳ දෙයක් හැටියට. ඒවා වලින් ශරීරයට අහිතකරයි කියල තවම තහවුරු වෙලා නැහැ.(එහෙම නම් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා අයින් කරන්න ඕනේ.) එහෙම තහවුරු වෙච්ච දාට අයින් කරන එක වෙනම දෙයක්. නමුත් ඒවා ත් කෑදරකමේ ප්‍රතිපලයක් කීම ඒවා හොයාගන්ට මහන්සි වුනු විද්‍යාඥයන්ට ත් කරන අපහාසයක්.

    • arunishapiro said, on පෙබරවාරි 1, 2012 at 11:19 පෙ.ව.

      අමා,

      ඔව් අමා නංගි, වන්දනා කියන එකේ පොයින්ට් එකක් නැතිකම තමයි මාත් පෙන්වන්න හැදුවේ!!!

      මේ දවස්වල අපේ ජනාධිපති ඔබාමාත් ඔහොම කතා ගොඩක් කියනවා. හිතන මිනිස්සුන්ට හොයා ගන්න බැහැ පොයින්ට් එක මොකක් ද කියලා?!!!

  10. W.A. Wijewardena said, on ජනවාරි 31, 2012 at 11:49 ප.ව.

    Well written drawing attention to many issues that we face today.
    Many do not have glimpse of history and let me support Aruni with some unknown facts. During the colonial period, that is in early 1900s, India was a net grain exporter, but after a decade from independence, it became a grain short country. With rising population, it could not support its population and all the indications were that it is heading toward what Malthus called earlier that populations being destroyed by shortage of foods. According to Gurcharan Das, author of India Unbound, the policies of Nehru too contributed to it. Then, after Nehru’s demise in 1964 and in the brief intervening period with Shastri as PM, the new PM wanted his Minister of Agriculture C Subramaniam to acquire the high yielding varieties of wheat which had been developed by Norman Baurlaug in Mexico (father of Green Revolution) and called Lerma Rojo from USA in cultivate it in India. That was how Indian Green Revolution was kicked off and India was successful in feeding its ever increasing population plus export a part of its surplus to the rest of the world.
    Now it appears that India needs a second Green Revolution since the effects of the first one has already fizzled out. The second will definitely rely on so called GM Foods. Let’s wait and see how it will face te challenge for a second time.

    • arunishapiro said, on පෙබරවාරි 1, 2012 at 11:24 පෙ.ව.

      W.A. Wijewardena,

      ස්තූතියි. ප්‍රතිචාර බොහොමයක් කියෙව්ව ම ඊ ළඟ සටහනෙන් නැවත පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙයි කියා මටත් සිතුණා.

      මටත් ඉතිහාසය, භූගෝලය, ආණ්ඩු ක්‍රම එහෙම තනියම ඉගෙන ගන්න වෙච්ච කෙනෙක්. අපි ඒ කාලේ අරවා හැර දාලා ගියානේ සමාජ අධ්‍යයනයට.

  11. Ravi said, on පෙබරවාරි 1, 2012 at 5:24 පෙ.ව.

    අපූරු ලිපියක් අරුණි….මිනිස් වර්ගයාගෙ නිසඟ උරුමයක් තමයි මොකක හෝ කාගෙ හෝ වැරැද්දක්ම දකින එක….අපි හරිම කැමතියි අපි හාංකවිසියක් නොදන්නා කාරණා ගැන මහදැනමුත්තො වගෙ කෑගහන්ට….

    මතකනෙ ‍Y2K අවුල….ඒ ගැන ගියපු හාහූව හැටියට 1999 දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රියෙන් පස්සෙ මහ ජංජාලයක් වෙලා ලෝකෙම විනාශ වෙයි කියලයි මම හිතාගෙන හිටියෙ.දැක්කනෙ , ඔහෙ වෙච්චි කෙංගෙඩියක් නෑ…..යස අගේට ඔය අපි ඔක්කොම ඉන්නෙ…

    ඒ වගෙ තමයි මේ ජාන විකරණය කල ආහාර වලට මවල තියෙන භීතිකාවත්…..මිනිස්සු කාලයක් තිස්සෙ ඔය වැඩේ කලා. වරණීය අභිජනනය කියන්නෙත් ස්වාභාවිකව ජාන වල සිදුවෙන වෙනස් කම් ඉක්මනින් සිදුකර ගැනීමේ ක්‍රියාමාර්ගයක්……

    • arunishapiro said, on පෙබරවාරි 1, 2012 at 11:26 පෙ.ව.

      Ravi,

      ස්තූතියි රවී.

      ඇයි කුරුළු උණ? වසංගතයක් ආපු නැති නිසා ද වෙන්නැති විද්වත් අය විසින් අළුත් එකක් හැදුවේ!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: