අරුණි ශපීරෝ‍ වෙතින්

තිරිඟු ජාන රාක්ෂකයා

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 1, 2012

ලෝක ඉතිහාසයේ වසර දස දහසක දී දෙගුණයකින් ලෝක ජනගහණය වැඩි වූ වතාවන් දහයකි. මිලියන 10 කට වඩා අඩුවෙන් සිට දැන් බිලියන 7 කටත් නුදුරු දිනයෙක බිලියන දහයක් කරා ලෝක ජනගහණය වැඩි වෙනු ඇත. එසේ ජනගහණය වැඩි කරන්නට ආධාර දුන් කැලරි ප්‍රමාණය එන්නේ ලෝකයේ වවන ප්‍රධාන ධාන්‍ය වර්ග තුනකින්: ඉරිඟු (maize), සහල් හා තිරිඟු (wheat).

ගල් යුගයෙන් පසුව කෘෂිකාර්මික ජීවිත ගෙවූ මිනිසා විසින් ධාන්‍ය අතුරෙන් මුලින් ම හා ලෝකයේ වැඩියෙන් ම වගාබිම් ප්‍රමාණයක වගා කළේ තිරිඟු ය. එහෙත් 1988 ගණන් වෙද්දී ලෝකයේ ප්‍රථම වරට අස්වැන්න නෙලා ගන්නා ටොන් ගණනින් ඉරිඟු, තිරිඟු වලට වඩා වැඩි වුණි. 1999 වෙද්දී සහල් ද තිරිඟු අභිබවා වැඩියෙන් අස්වැන්න නෙළා ගත් ධාන්‍යයක් වුණි. ජාන විකිරණ (genetic modification =GM) වලට හසු වූ ඉරිඟු, සහල් හා සෝයාබෝංචි යනාදිය අස්වැන්න ටොන් ගණින් වැඩිකරගෙන, ජාන විකිරණ වලට හසු නොවූ තිරිඟු ඵලදාව පසුකරගෙන යයි. 2005 වෙද්දී ගල් යුගයෙන් පසු ලෝකයේ ප්‍රථම වතාවට තිරිඟු වගාවට වෙන් වූ ඉඩම් ප්‍රමාණය අඩු වුණි.

ස්වභාවික, සාමාන්‍ය තිරිඟු වර්ගයක් යනු ජාන රාක්ෂයෙකි (genetic monster). අනිත් ප්‍රාණීන් බොහොමයකට ජාන දෙකක් ඇතිව බිහිව සිටිය දී සාමාන්‍ය තිරිඟු පැල ජානයක කොපි හයක් (hexaploid) ඇත. එහි ඇති ක්‍රොමසොම්ස් (chromosomes) 21 හි ප්‍රාථමික යුගල බිලියන 16 කින් යුතු (16 billion base pairs) DNA අඩංගු ය. එනම් සහල් වලට වඩා හතළිස් ගුණයකින් ද, ඉරිඟු වලට වඩා හය ගුණයකින් ද, මිනිස් සත්තුන්ට වඩා පස් ගුණයකින් ද වැඩිය.

තිරිඟු පරිනාමය වන්නේ එකිනෙකට සම්බන්ධයක් නැති ඒ ඒ ස්වාධීන අවස්ථා දෙකක දී පැරණි වල් වර්ග තුනක් සමඟ එකතු වීමෙනි. මුල් එකතුව වසර දස දහසකට පෙර Levant හි ද, දෙවැන්න ඊට වසර දදාහකට පසුව කැස්පියන් මුහුද අවට භූමිවල දී ද සිද්ධ වේ. ප්‍රථිපලය නම් තිබුණාට වඩා විශාල වූ ඇට ඇති නිසා ඉබේ පා වී නොගොස් මිනිසා අතින් පැල කරන්නට සිද්ධ වෙන පැලෑටියක් බිහිවීම.

නූතන තිරිඟු වලට අනන්‍යන වන ජානු සලකුණු ඇති වල් පැලෑටි (wild einkorn grass) මුලින් ම බිහි වී ඇත්තේ තුර්කියේ ගිණිකොන පැතිවල ඇති Karac Dağ කඳුවැටියේ ය.

මුලින් ම තිරිඟු වගා කළේ ගැහැණියෙක් වන්නට ඇත. ඒ දිනවල පුරුෂයන් දඩයමේ යද්දී කන්නට අල මුල් හා ඇට එකතු කළේ කාන්තාව නිසා ය!!!

තිරිඟු වගා කරන්නට දත් ගොවීහු දඩයමෙන් ජීවත් වූවන්ට වඩා සශ්‍රීක වූහ. මස් මෙන් නොව ධාන්‍ය කාලයක් කල්තබා ගෙන කන්නට හැකියාවෙන් දිනපතා දඩයමේ නොගොස් කන්නට දැයක් තිබ්බ නිසා, ආයුධ උල් කරන්නට හා නව ආයුධ නිර්මාණයට ඉඩක් ලැබුණු නිසා විය හැකිය!!!

සශ්‍රීක තිරිඟු ගොවි ජනතාව දඩයම් ජීවිතයෙන් ඉවත් වී කෘෂිකර්මයට පිවිස ලෝක සංචාරකයන් බවට පත් වූහ. තම ඉන්දු-යුරෝපීය භාෂාවන් රැගෙන වසර 5,000 කට එපිට දී ඔවුන් තිරිඟු සමඟින් අයර්ලන්තය, ස්පාඤ්ඤය, ඉතියෝපියාව හා ඉන්දියාවට ගොඩ වැදුනහ. අයිරිශ් හා සංස්කෘත භාෂා එයින් බිහිවුණි. ඊට මිලෙනියාවකට පසු තිරිඟු පැමිණෙන්නේ චීනයටයි.

සහල් තවමත් වසර දහස් ගණනක අනාගතයේ බිහිවෙන්නට බලා සිටින්නකි.

ඉන්දු-යුරෝපීය ශිෂ්ටාචාරයේ මිනිසා තිරිඟු පැල කරන හැටි, අස්වැන්න නෙළන හැටි, ධාන්‍ය වෙන් කරගන්නා හැටි පමණක් නොව පාන් ගෙඩියක් හදන හැටි, මද්‍යසාරයට හරවන හැටි, ගබඩා කරන හැටි යනාදී පිළිවෙත් රැසක් තමන් යන යන තැන්වල දී එහි වූවන් හට උගන්වා දැනුම බෙදා ගත්හ.

වසර නම දහසකට පෙර මිනිසා ගවයන් රැකබලා ගෙන මස් හා කිරි ගන්නට දැන සිටියහ. තිරිඟු වවන්නට දත් කළ ගවයන්ට තිරිඟු කන්න දී මස් හා කිරි ගන්නට ද පටන් ගත්හ. තම වගාබිමට අවශ්‍ය සරු පොහොර ද ගව බෙටි වලින් ලැබිණ.

වසර හය දහසකට එපිට දී පොළවේ පස් පෙරළන යන්ත්‍රයක් බිහිවුණි.

ක්‍රි. පූ. 3 වැනි ශ. ව. දී චීනයෙන් තෝන් ලනුව බිහිවිය. සත්වයාගේ උගුරු දණ්ඩ හිර නොකර ඌ ලවා සෑහෙන බරක් අද්දවා ගන්නට එයින් හැකිවිය.

1701 දී Jethro Tull නැමැත්තා ඕර්ගන් පයිප්ප වලින් අදහසක් බිහි වී තිරිඟු අස්වැන්න නෙළන මැෂිමක් නිර්මාණයට සමත් විය.

1815 දී ඉන්දුනීසියාවේ Tambora හි ගිනි කන්දක් පුපුරා ගිය (ඒ කාලේ ඉඳන් ම ගෝලීය උණුසුම වැඩිවෙමින් ඇවිත් තියෙන්නෙ!!!) බැවින් ඇමෙරිකාවේ ඊසාන පැත්තේ ගිම්හානයේ පස් මිදුණි. ප්‍රංශයේ අගෝස්තුව සීතලෙන් ගැහෙන ගිම්හානයක් විය. තිරිඟු මිල බුසලකට ඩොලර් 3 ක් දක්වා ඉහළ ගියේ ලෝකයේ නැවත එසේ ඉහළ නොගිය වැඩිවීමකිනි.

රොබට් තෝමස් මැල්තස් ලෝක ජනගහණය දිහා බලයි. හැම මිනිස් දරුවෙක් ම තවත් දරුවෙක් බිහිකරන්නට දායක වන බව දකියි. හැම තිරිඟු ඉඩමක් නිසා ම තවත් තිරිඟු ඉඩමක් හදත හැකියාව අහිමි වෙන බව දකියි. වැඩිවන ජනගහණයට කන්න දෙන්න ඉඩම් නැහැයි කියයි.

19 වැනි ශ. ව. දී උතුරු ඇමෙරිකාවේ, ආර්ජන්ටීනාවේ හා ඔස්ට්‍රේලියාවේ තිරිඟු වගා කෙරෙයි. ජනතාවට කන්න දෙන්න තිරිඟු වැවී සාගතයක් සිද්ධ නොවේ. එහෙත්, අක්කරයක වගා කෙරෙන තිරිඟු ඵලදාව කෙමෙන් අඩු වෙන්නේ පසේ සාරවත් බව අඩු වෙන්නට පටන් ගන්නා නිසා ය.

ඉතින් 1898 දී රසායන විද්‍යාඥ සර් විලියම් කෘක්ස් තවත් අනාවැකියක් කරයි. ජනගහණය වේගයෙන් වැඩිවෙන නිසා පරම්පරාවක් තුල දී ලෝකය සාගතයෙන් පෙළෙනු ඇතැයි ඔහු කියයි. තවත් වගාබිම් නැතැයි ද ඔහු කියයි. ආසියාවේ සාගත පටන් ගනියි.

මෙවර ලෝක සාගතය මඟ හරවන්නේ ට්‍රැක්ටරයයි. පළමු ට්‍රැක්ටරයට අශ්වයාට වඩා වැඩියෙන් කරත හැකි වූයේ ටිකකි. එහෙත් අශ්වයාට ආහාර දෙන වගාබිම් අවශ්‍ය නොවුණි. ඒ වගාබිම් (ප්‍රමාණය 25% කින් වැඩි වීම) මිනිස් ආහාර සඳහා යෙදුණි.

ට්‍රැක්ටරයට විරුද්ධ වූ අය ලොව සිටියහ!!!

පොහොර නිර්මාණයට ද මිනිසා සමත් විය. පසේ සරු බව වගාවෙන් අඩු වී යද්දී නයිට්‍රජන්, ෆොස්පරස් හා පොටෑසියම් ස්වභාවික පොළවට බැහැරින් ගෙනැවිත් එකතු කරන්නට මිනිසා සමත් විය. ඒ නිසා පස සරු කරන්නට නයිට්‍රජන් එකතු කිරීම සඳහා කරල් වගාවට (legumes) වෙන් වූ සහ සත්ව බෙටි ගොඩගසන්නට ගිය ඉඩම් ද හිස් වුණි.

ඒත් පොහොර හැදූ ගුආනෝ හිඟයක් ඉක්මණින් පටන් ගති.

1909 දී Carl Bosch (BASF කොම්පැණියේ) ඉංජිනේරුවාගේ සහයෙන් Fritz Baber වායුවෙන් ගන්නා නයිට්‍රජන් සමඟ ගල් අඟුරු වලින් ගන්නා හයිඩ්‍රජන් සමඟ එකතු කර ඇමෝනියා නිර්මාණය කළේය.

සත්ව බෙටි වෙනුවට මේ ඇමෝනියා සුදු කුඩු දාන්නට විරුද්ධ වූ අය ද ලෝකයේ සිටියහ!!!

මේ අස්සේ නෝර්මන් බෝර්ලාවූග් ඇතුළු පිරිස අභිජනනයෙන් තිරිඟු වඩාත් සූක්ෂම ඵලදාවක් ගෙන දෙන ධාන්‍යයක් බවට හරවන්නට සමත් වෙයි.

දිල්ලියේ ජනාකීර්ණ වීදියක ටැක්සියක ගිය Paul Ehrlichට නගරයේ පොදිකන ජනතාව දැක අනාගත වාක්‍ය කියන්නට සිත් පහළ වේ!!! මුළු ලෝකයම සාගතයෙන් මිය යන බව ඔහු කියයි.

ඉන්දීය පාකිස්තාන යුද්ධය නිසා ප්‍රාන්ත රාජ්‍යයන්ගේ තිරිඟු මොනොපොලියේ වූ අයට බලය අඩු වී ගිය නිසා බෝර්ලාවුග්ගේ තිරිඟු තහනම පවත්වා ගෙන යාමට නොහැකි වෙයි. ගොවියෝ ලහි ලහියේ බෝර්ලාවූග් නිර්මාණය කරන ලද තිරිඟු වගා කරන්නට ගනිති. එදා සිට ඉන්දියාව රටක් වශයෙන් අද දක්වා සාගතයකට මුහුණ පා නැත.

බෝර්ලාවූග් පාවිච්චි කරන්නෙ ස්වභාවික වූ mutants (සිංහල වචනයට උදව්වක් දෙන්න!) වෙති. කෘතිම වූ artificial mutations පර්යේෂණ පටන් ගැනෙන්නේ බෝර්ලාවුග්ගේ හරිත විප්ලවයෙන් පසුව වෙනත් අය විසිනි.

අනාවැකි කියන්නන්ට වැරදුනු තැන් බොහොමයකි. පැලෑටියකට, සත්වෙයකුට හා වෙනත් ප්‍රාණියෙකුට කන්න වැඩියෙන් ලැබී සශ්‍රීක වෙද්දී වැඩි වැඩියෙන් වර්ගයා බෝ කරයි. ඒත් මිනිස් සත්වයා අපූර්ව සත්වයෙකි. මිනිස් සත්වයා කන්න වැඩි වැඩියෙන් ලැබී සශ්‍රීක වෙද්දී වර්ගයා බෝ කිරීම අඩුවෙන් කරන්නෙකි!!!!

වසර දස දහසක දී ජනගහණය දෙගුණ වූ වතාවන් දහයක් තිබුණාට ඒ රටාව නැවතී ඇත. 1974 න් පසුව අද ජීවත්වෙන අයගේ ජීවිත කාලය තුල දී ජනගහණයේ වර්ධනය අඩුවෙන කාලය පටන් ගෙන ඇත. 1989 දී ජනගහණයේ වැඩිවීම මුදුන් තැනකට සිට බහින කලාව පටන් ගෙන ඇත. ජනගහණය තවමත් වර්ධනය වෙයි. එහෙත් අද ලෝක ජනගහණයට එකතු වෙන සංඛ්‍යාව අඩුය. 2050 න් පසුව ලෝක ජනගහණය බිලියන 10 කට ආසන්න වී ස්ථාවර වෙනු ඇතැයි දත්ත පෙන්වයි. දැනටමත් සංවර්ධනය වන රටවල එක කාන්තාවක් හදන දරුවන් පසුගිය වසර 50 ඇතුලත හය දෙනෙකු ගෙන් තුන්දෙනෙක් දක්වා අඩු වී ඇත. 2035 වෙද්දී උප්පත්ති හා මරණ සංඛ්‍යාව අනුව ලොව බිහිවනුයේ මැරෙන අය ගණනට සරිලන්න වෙන උපත් යැයි දත්ත පෙන්වයි.

මේ සියල්ල පසුගිය සටහන් වලින් ලියුවා යැයි මා සිතුවාට, ඒවා පැහැදිලි නැතැයි සමහර ප්‍රතිචාර වලින් පෙනුනු නිසා නැවතත් ලියුවෙමි.

ජනගහණය ගැන: චීන ජනගහණය හා විදෙස් යක්කු
ඉන්දියාවේ කොන්ඩොම්ස් හා ඒඩ්ස් සඳහා නව බෙහෙත්

Advertisements

17 Responses

Subscribe to comments with RSS.

  1. සොඳුරු සිත said, on පෙබරවාරි 1, 2012 at 1:34 ප.ව.

    mutant – විකෘති කියනෙ වචනෙ හරිද අක්කා.

    ආයෙ ලිපිය කියවන්න ඕනි.

  2. සොඳුරු සිත said, on පෙබරවාරි 1, 2012 at 1:50 ප.ව.

    ප්‍රශ්ණ ගොඩාක් දෙවෙනි කියවීමේ දී හිතට ආවා.
    01- එතකොට තිරිඟු “ දිවිගුණ ජීවියෙක් නෙමෙයි “ ද?
    02-ජීම් ගැන තියෙන භීතිකාව බොරු යි කියල වගේම හරියි කියල කියන්නත් කල් වැඩි නැද්ද ?
    03- ජීමී ආහාර නිසා මනුස්ස දේහයට හානි යක් නොවෙන බව කොහේ දී හරි කියෙව්වා මතකයි ඒ වගේම මතකයි මත්ස්‍යෙයක් ගේ ජාන සහ තක්කාලි (හරියටම තක්කාලි ද කියල මතක නැහැ නමුත් ශාකයක් ) ජාන මුසු කරල තද ශීතලට ඔරොත්තු දෙන තක්කාලි ප්‍රෙභ්දයක් නිපදවල තියෙව කියල කියෙව්වා මතකයි.ඒක එහෙම නම් ජාන වෙනස් කළ ශාක ආහාර මිනිසුන්ගේ ජාන වලට බලපාන්නෙ නැහැ කියල කියන්න අමාරුයි නේද?
    04-ජීම් නිසා ගොඩාක්ම හානි වෙන්නේ පරිසර සමතුලිත තාවයට. තිරුඟු නව ප්‍රෙහ්දයක් හදනවා කෘමින්ට පලිබෝධකයන්ට හොඳින් මුහුණ දෙන , අඩු සරු පොළවේ උනත් හොඳට වැවෙන්න. සුළඟින් කෘමින්ගෙන් හෝ මොන යම් ක්‍රමයකින් මේ නව ප්‍රභේදය ඒ හා ඉතාම කිට්ටු නමුත් සෑහෙන හානි දායක තෘණ විශේෂයක් එක්ක ස්වශාවිකව මියුටෑන්ස් හදනවා.එතකොට බිහෙවන වල් ගස් ජාතිය ඕනි සතෙක්ට ඔට්ටුයි , ඕනි තැනක හැදෙනවා…. මොනා වෙයි ද?( සෘනාත්මක නෙමෙයි ඒත් එහෙම වෙන්න බැරි නැහැ. අනාවැකි කියනේවා හරියන්නත් ඇහැකි වරදින්නත් ඇහැකි)
    05-තරුණ පරපුර විවාහයේ උපරිම සතුට දරුවන් බව සිතනෙක අඩු වෙලා , වගකීමක් සහ යුතුකමක් විදිහට විතරක් දරුවන් හදන්න පෙළඹෙයි ද? ජනග්‍රහනය අඩු වෙලා . ලොව කාටත් සතුටින් ඉන්න පුලුවන් රණ්ඩු සරුවල් අඩු සාමකාමි තැනක් වෙයි ද?

    • arunishapiro said, on පෙබරවාරි 2, 2012 at 10:05 පෙ.ව.

      සොඳුරු සිත,

      mutant යන්නට ගැලපෙන වචනයක් තාම හමු වී නැහැ. විකෘති යන්නෙන් distort යන අදහසක් එනවා, mutant වීම පවතින සාමාන්‍යයෙන් වෙනස් වූවක් මිසක් විකෘති වැනි ඍනාත්මක අගයක් ඉබේම ඇතුල් වෙන්නෙ නැති වචනයක්.

      “දිවිගුණ ජීවියෙක්” යන්නේ අර්ථය මා දන්නේ නැහැ? මට අළුත් ශබ්දකෝෂයක් ගන්නට කාලේ ඇවිදින්!!!

      GM කතාවට එන්න කළින් වෙන ගොඩක් දේවල් ගැන කතා කරන්න අවශ්‍ය්‍යි. ටිකක් කල් දෙන්නකො හොඳ නංගියා වගේ.

      • Sonduru Sitha said, on පෙබරවාරි 2, 2012 at 10:12 පෙ.ව.

        නැහැ අක්කා. විකෘති කියපු ගමන් අපේ හිතට එන්නේ හොඳ දෙයක් නෙමෙයි නරක දෙයක්. නමුත් මියුටන්ට් කියන විකෘතිය හොද සහ නරක දෙකම නියෝජනය කරනව. කොටින්ම ඒක තියෙන ස්වරූපයට වඩා වෙනසක් ඒක හොඳ වෙනසක් හෝ නරක වෙනසක් . මියුටෑන්ට් – විකෘතිය…

        වචනයක් දිහා අපට ස්වාධීනව බලන්න බැහැ. අපි වචනයයි එහි භාවිතයයි එක්ක මුලින් බැදිල නිසා මතකෙට එන්නෙම පරන බැදීම.එහෙම බැලුවම නම් විකෘති කියන යෙදුම වැරදී.

        ඉවසීමෙන් බලා හිඳිනවා. මම කැමැති මේ ජාතියේ ලිපි වලට. ජාන ගැන ලියවුන දේ මගේ මතක ස්නායු සතුටින් පුරවන්න සමත්.

        ස්තූතියි අරුණි අක්කා.

  3. දූපත් said, on පෙබරවාරි 1, 2012 at 2:03 ප.ව.

    හොද ලිපියක්,,,
    ලංකාවේත් මීට වසර අට දහසත් දස දහසත් අතර කාලේ ඔය වගාවන් කරල තියනව කියල පොඩි පොඩි සාධක තියනව (පරාග අදයනය කරල තමයි ඔහොම කියන්නේ). මොකද වල් ප්‍රබේදයක්, ඩොමෙස්ටික් එකකින් වෙන් කරල අදුරගන්න පුළුවන්. නමුත් ලංකාවේ ඉතිහාසය ලෝක මට්ටමට අරගෙන ඇවිත් නෑ. ඒ හින්ද කව්රුත් දන්නෙත් නෑ.
    තවත් එකක් කැරොටින් වැඩිපුර තියන “රන් සහල්” මේ වසරේ ලෝකෙටම මාකට් කරන්න හදනවලු.

    ///මිනිස් සත්වයා කන්න වැඩි වැඩියෙන් ලැබී සශ්‍රීක වෙද්දී වර්ගයා බෝ කිරීම අඩුවෙන් කරන්නෙකි!!!! :- කෑම වැඩි උනත් පොළොවේ ඉඩකඩ වැඩි නොවේ. කෑම වැඩි උනත් මිනිසුන් යැපෙන කෑම වර්ග අඩු වෙනව කියලලු කියන්නෙ.

    • arunishapiro said, on පෙබරවාරි 2, 2012 at 10:13 පෙ.ව.

      දූපත්,

      ස්තූතියි.

      රන් සහල් ගැන ඉදිරි සටහනක ලියන්නම්.

      පොළවේ ඉඩකඩ වැඩි නොවනුනත් පොළවට දරාගන්න බැරි තරමට මිනිස්සු වැඩි වෙන්නෙත් නැත්නම්???

      //කෑම වැඩි උනත් මිනිසුන් යැපෙන කෑම වර්ග අඩු වෙනව කියලලු කියන්නෙ.//

      එතකොට ලෝකයේ ස්වභාවයෙන් නොතිබිච්ච කෑමක්, cauliflower එක්ක rabe බද්ධ කරලා ඉතාලි horticulturists අතින් broccoli හැදිච්ච හැටි අහලා නැද්ද? ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි බොහොමයක් නිෂ්පාදනය කරපු Cubby Broccoli ඒ පරම්පරාවෙන් එන අයෙක්.

  4. Raigama said, on පෙබරවාරි 1, 2012 at 6:49 ප.ව.

    mutant වලට හරි සිංහල වචනය නිලීන කියන එක. දැන් බලාගෙන යනකොට ලංකාවේ ඉන්න සොසීලට නේ සිංහල අමතක!

  5. අබරන් සීයා said, on පෙබරවාරි 1, 2012 at 10:46 ප.ව.

    mutant වලට හරි සිංහල වචනය නිලීන කියන එක

    no that is incorrect නිලීන=recessive
    mutant = විකෘති

  6. Raigama said, on පෙබරවාරි 2, 2012 at 1:22 පෙ.ව.

    ඔව් අබරන් ආතේ මගේ සිංහල තමයි මලකඩ කාල තියෙන්නේ! සමාව භජනය කරමි!

  7. අබරන් සීයා said, on පෙබරවාරි 2, 2012 at 3:26 පෙ.ව.

    බෝර්ලාවූග් පාවිච්චි කරන්නෙ ස්වභාවික වූ mutants
    –මේකට නම් හරි වචනේ මම හිතන්නේ ප්‍රභේද කියන එක (ස්වභාවික එකක් නිසා )

    03- ජීමී ආහාර නිසා මනුස්ස දේහයට හානි යක් නොවෙන බව කොහේ දී හරි කියෙව්වා මතකයි ඒ වගේම මතකයි මත්ස්‍යෙයක් ගේ ජාන සහ තක්කාලි (හරියටම තක්කාලි ද කියල මතක නැහැ නමුත් ශාකයක් ) ජාන මුසු කරල තද ශීතලට ඔරොත්තු දෙන තක්කාලි ප්‍රෙභ්දයක් නිපදවල තියෙව කියල කියෙව්වා මතකයි.ඒක එහෙම නම් ජාන වෙනස් කළ ශාක ආහාර මිනිසුන්ගේ ජාන වලට බලපාන්නෙ නැහැ කියල කියන්න අමාරුයි නේද?

    —-අපි කන දේවල් බඩේ දී ජීර්ණය වෙලා ඇගට උරා ගන්නේ … එක නිසා මිනිස්සුන්ගේ ජාන එක්ක සම්බන්ද වෙන්න බෑ…. නමුත් මෙහෙම දෙයක් වෙන්න පුළුවන් මේ වෙනස් කල ජාන මගින් හදන ප්‍රෝටීන අනික් සංගටක සමග ප්‍රතික්‍රියා කරන විදිහ වෙනස් වෙන්න පුළුවන් … මේක නිසා මෙහෙම ජාන වෙනස් කල ජීවියෙක් ලැබ් එකකින් එලියට දාන්න කලින් ෆීල්ඩ් ටෙස්ට් ගොඩක් කරලා තාම නිකුත් කරන්නේ

    • arunishapiro said, on පෙබරවාරි 2, 2012 at 10:16 පෙ.ව.

      අබරන් සීයා,

      ඔව් විකෘති කියනවාට වඩා ප්‍රභේදයක් කියන එක සුදුසු වෙයි.

      GM වලට එන්නම් වැඩි කලක් නොගොසින්.

  8. අමා said, on පෙබරවාරි 2, 2012 at 6:04 පෙ.ව.

    GM ආහාර වල හානි තියෙන්ට පුළුවන්. ඒත් තවම විද්‍යාත්මකව එක ඔප්පු කරලා නැහැ. ඒක හරියටම ඔප්පු කරනකම් මිනිස්සුන්ට බඩගින්නේ මැරෙන්න දෙන එක ගැන අපි හිතන්න ඕනේ. ජීව විද්‍යා දන්නේ නැති නිසා ඒ ගැන කියන්ට දන්නේ නැහැ මම වැඩිය. හැබැයි ජාන වෙනස් වෙන එක ස්වභාවික වරණයේදී කොහොමත් වෙන්නේ නැද්ද?

    අක්කා මට මේවා කියවද්දී ලඟදි දැකපු ප්‍රවෘතියක් මතක් උනා ඔයාලගේ නිව්ට් කීව දෙයක් ගැන. හඳේ ජනපද ඇති කරන්ට යනවාද ඕගොල්ලෝ දැන්!? අන්න එකත් හොඳයි මේ සම්පත් අවම අර්බුදයට!

  9. Kassa said, on පෙබරවාරි 2, 2012 at 11:19 පෙ.ව.

    ඇයි Monsantoලගේ සෝයා බෝංචි කතාව

  10. kevin perera said, on පෙබරවාරි 2, 2012 at 1:50 ප.ව.

    mutants = විපරීත ජාන ඇති අය = විපරීතයෝ හෝ වෛකල්‍යය ජාන ඇති අය = වෛකල්‍යයජානුවෝ. 🙂 i made it up


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: