අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකන් ගෙටෝ ඇප්

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 7, 2012

විශ්ව විද්‍යාල වල ඉන්නා අය අඩු ගානේ තමන්ගේ විෂයය හෝ අනිකුත් අයට වඩා දන්නවා යැයි ලෝක සම්මතයකි. එහෙත් විශ්ව විද්‍යාලයක ආචාර්ය පට්ටමක් තිබි පමණින් ජනප්‍රිය පොත් ලියා මිනිසා නොමඟ යවන පිරිස් ලෝකයේ බොහෝ ඉන්නා බව වැඩි දෙනා නොදන්නා කරුණකි.

උපාධියක් තිබි පමණන්, සහතිකයක් තිබි පමණින් නොව වැඩක් කරන්න දන්නවා ද නැද්ද යන සැලකිල්ලට ගන්නේ පුද්ගලික ව්‍යාපාර අංශයයි. වැඩ බැරි අයට පඩි ගෙවා නඩත්තු කරන පුද්ගලික ව්‍යාපාර ඇත. ඒ රටේ නීති නිසා බදු නොගෙවා නැත්නම් නිකම්ම දුන්නොත් තව ඉල්ලන නිසා තමන්ගේ පවුලේ කම්මැලි අයට වේතන ගෙවන මාර්ගයක් හදා ගත් වංචාකරුවන් ය.

ජනප්‍රිය මාධ්‍යයකින් ඉදිරිපත් කෙරෙන දත්ත, මතවාද නොවිමසා තමන් විසින් ද පිළිගැනීම මිනිස් ස්වභාවයකි. උපාධියක් ඇත්තෙක් හෝ සහතිකයක් ඇත්තෙක් ලියන්නේ නම් තවත් ඉස් මුදුනින් පිළිගැනීම ද සිරිතකි. උපාධි හා සහතික වැඩි වෙද්දී මෙන් ම නම්බු නාමයන් හා පිරිනැමෙන වෙනත් ගරු කටයුතු නිලතල වැඩි වෙද්දී ද ඒ අයගේ බස් විවාදයට ලක් නොකර ඒ අය වටා එක්රොක්වන පිරිසක් ලොව වැඩියෙන් සිටිති.

ඇමෙරිකාවේ ගෙටෝ ඇප් එකට නොබෝදා දිනෙක මයික්‍රොසොෆ්ට් ආයතනයට පේටන්ට් බලපත් ලැබිණ. මෙයින් ගමනක් යන්නට පෙර ගමන් මාර්ගය සැලසුම් කරන ඒකීය පුද්ගලයාගේ උවමනාව අනුව “ප්‍රචණ්ඩතා” ඇති නගරයේ පෙදෙස් මඟහැර යන්නට අවස්ථාවක් ලැබේ.

මිනිසාගේ සුභ සිද්ධියට සටන් වදිනවා යැයි කිව්වාට මිනිසාගේ සුභ සිද්ධිය සලසා ඇති බවට පැහැදිලිව ඔප්පු කර පෙන්වන තාක්ෂණයට හැමදාම එරෙහි වන අය මෙයටත් එරෙහි වී ඇත.

මෙවර එසේ එරෙහියක් ගෙනෙන්නේ නිව් යෝර්ක් නගරයේ සිටි විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි මහාචාර්යවරයෙක් වන Sarah Chinn විසිනි. ඇය කියන්නේ “මේ පේටන්ට් බලපත්‍රය දුන්න මොහොතේ පටන්, [මේ ඇප් එක] ජාතිවාදී වී “දරුණු අපරාධ” “බලහත්කාරයෙන් අතවර කිරීම” බවට පත් වී එයින් ‘ලතිනෝ හා කළු ජනතාව’ ‘ගෙටෝ’ බවට පත් වූ බවයි. (“Almost the moment this patent got granted, [this app] got racialized so that ‘violent crime’ became ‘mugging’, which became ‘black and Latino people’, which became ‘ghetto,’) -ස්තූතියි රවී.

සේරා චින් කියන විදියට ඇමෙරිකාව ඉතා දැඩි ජාතිවාදී වූ රටකි. ඔබ ‘දරුණු අපරාධ’ යැයි කිව්වොත් මහජනතාවගේ සිත දුවන්නේ ‘අනතුරුදායක කළු හෝ ලතින් මිනිසා’ වෙතට ය. කළු මිනිසා වැඩියෙන් දරුණු අපරාධයේ නිරත වෙන්නෙක් යැයි සිතීම මිථ්‍යාවක් බව සේරා තව දුරටත් කියන්නීය.

ඇමෙරිකාවේ වැඩියෙන් සිර දඬුවම් විඳින මුළු සංඛ්‍යාව සලකා බලද්දී ඇමෙරිකාවේ ඉන්න කළු පිරිමි සහ හිස්පැනික් පිරිමි වැඩියෙන් සිර දඬුවම් විඳිති. ඇමෙරිකාවේ වැඩි ජනගහණය සුදු අය වෙද්දී මෙසේ වැඩියෙන් කළු පිරිමි හා හිස්පැනික් පිරිමි සිර දඬුවම් ගෙවීමෙන් කියන්නේ අනතුරුදායක කළු හෝ ලතින් මිනිසා නැතැයි මහාචාර්ය සේරා චින් කියූ පමණින් පිළිගත යුතු ද?

ඉතින් අපි ඇය කියන්න ඇසිය යුත්තේ ඇයට පට්ටමක් තිබෙනා බැවින් පමණක් නිසා ද?!!!!

ඔක්ස්ෆර්ඩ් හි Professor of Pharmacology වන Susan Greenfield නැමැත්තිය ගැන ප්‍රතිචාරයකට ලියූවෙමි. සේරා චින් ඇමෙරිකාවෙන්.

දැන් කවුද ලෝකයේ මේ අය කියන දේවල් වලට වැඩියෙන් ම රැවටෙන්නෙ?

ඇමෙරිකාවේ හෝ එංගලන්තයේ ඉන්න මිනිස්සු නෙවෙයි. ඒ අදහස් වලට කැමති බටහිර විරෝධී වූ, තාක්ෂණයට විරෝධී වූ හා ස්වාධීන මිනිස් චින්තනයට විරෝධී වූ අය මේ මත ප්‍රචාරය කර හැරීමෙන් තතු සොයා බලන්න ක්‍රමයක් නැති සාමාන්‍ය පුද්ගලයන් මේවා උගතුන් කියන සත්‍යයන් යැයි සිතති.

Advertisements

16 Responses

Subscribe to comments with RSS.

  1. kathandarakaraya said, on පෙබරවාරි 7, 2012 at 4:26 ප.ව.

    අරුණී ට පීඑච්ඩී එකක් නැති වුනත් මං නං මේ ජනප්‍රිය බ්ලොග් එකේ තියෙන දේවල් හිස් මුදුණින් අවිවාදයෙන් පිළිගන්නවා.

    මාත් පීඑච්ඩී (PhD) එක අතහැරියේ නැතුව ඉවරයක් කළා නං කතන්දර බ්ලොග් එක අතහැරලා හොඳ පිලොසොපිකල් (Ph) බ්ලොග් එකක් කරන්න තිබුණා!

    • arunishapiro said, on පෙබරවාරි 7, 2012 at 7:16 ප.ව.

      kathandarakaraya,

      කතන්දරකාරයාගේ ප්‍රතිචාරය කියෙව්වම මතක් වුනා තවත් දෙයක්. ඒක තමයි අපි අයෙක් ලියන දැයකට හුරු වුනාම එයාගෙන් ඊට සමාන නැති නිර්මාණ කියවන්න හුරු නැතිකම.

      හරියට කාල් මාක්ස් ධනවාදයේ වටින පැත්තක් ගැන කිව්වා නම් හැමෝම මෑන්ව දාලා යනවා වගේ.

      ෂහ් … කතන්දරකාරයා කතන්දර බ්ලොග් එකක හිරවුනේ නැත්නම් කොච්චර දාර්ශනික අපූරු සටහන් සිංහලෙන් කියවන්නාට ලැබෙන්න තිබුණා ද?!!!

  2. W.A. Wijewardena said, on පෙබරවාරි 7, 2012 at 10:02 ප.ව.

    Aruni is correct when she says that it is those anti-American and anti-West people in other countries who illogically embrace such ideas said by so called intellectuals. That is because those ideas perfectly fit their own thinking and therefore they await for the appearance of them in some media form.
    Sometime back a private FM Radio channel in Sri Lanka went to town on a book written by an American that US’s claim of landing a man on the moon was a hoax concocted by NASA in one of its laboratories and that Radio Programme was very popular among Sri Lankan listeners who made live comments via telephone condemning the US deception. Incidentally, while it was on, Neil Armstrong, the first man to land on the moon was touring Sri Lanka and when another journalist asked him of this concocted deception, his only response was a simple smirk on the face!
    So there is a demand for such books and therefore there is a supply of such books. It is up to people to develop critical and logical reading habits in them.

    • arunishapiro said, on පෙබරවාරි 8, 2012 at 6:25 ප.ව.

      W.A. Wijewardena,

      2001 පෙබරවාරි 15 වැනිදා තමයි ඇමෙරිකාවේ Fox රූපවාහිනි නාලිකාව (ධනවාදය හා දකුණේ අදහස් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන) Conspiracy Theory: Did We Land On The Moon? යන නමින් වැඩසටහනක් පෙන්වන්නෙ. නාසා ආයතනය හඳට ගියා කියලා බොරු සාක්කි පෙන්වූවා දැයි විමසන වැඩ සටහනක් විදියට. ඇමෙරිකන්කාරයා හඳට ගිය එක මුලාවක් යැයි කියන අදහසක් කාලයක් තිස්සේ පැවතියක්. ඒක විශ්වාස නොකරන අයත් හරියට හඳහන් විශ්වාස කරන අය වගේ. කොහොමින් කිව්වත් තමන්ගෙ මතයේ එල්බ සිටින අය. එතකොට ඉතින් වඩාත්ම පහසු “අපොයි ඔව්, කවුද දන්නෙ ඇමෙරිකාන්කාරයා හඳට ගියා ද?” කියලා එතැනින් කතාව අවසන් කරන්න.

      ඇමෙරිකානුවා හඳට ගියා දැයි සැක කරන අය අතරට We Never Went To The Moon: America’s Thirty Billion Dollar Swindle (1974) ලියපු Bill Kaysing; NASA Mooned America (1992) ලියපු Ralph Rene; Dark Moon: Apollo and the Whistle Blowers (2001) ලියපු David Percy සහ Mary Bennet; A Funny Thing Happened On The Way To The Moon (1966) නමින් හාස්‍යජනක ප්‍රබන්ධයක් ලියපු Lois C. Philmus සහ ඒ නමින් 2001 දී තිරපිටපතක් ලියා වාර්තාකරණයක් නිෂ්පාදනය කරපු Bart Sibrel එහෙම ඉන්නවා.

      Flat Earth Society තමයි නාසා ආයතනය මුලාවක් කළා යන්න කියන සංවිධාන අතරින් මුලින් ම ඉන්නෙ. හොලිවුඩ් වල හදපු, ඩිස්නි නිෂ්පාදනයක් වන එහි තිරපිටපත් ලියා ඇත්තේ ආතර් සී. ක්ලාක් විසින් හා අධ්‍යක්ෂණය ස්ටැන්ලි කූබ්රික් විසින් යැයි ඔවුන් කියනවා.

      ඇමෙරිකාවේ තමන් කැමති අදහසක් කියන්න තියෙන නිදහස ලේසියෙන් තේරුම් ගන්න බැරි දෙයක්. සිතන්න නිදහසක් හා කියන්න නිදහසක් තියන ඇමෙරිකාවෙත් 6% සහ 20% අතර ජනතාවක් හඳ ගමන මුලාවක් යැයි සිතනවා නම් ඉතින් සෙසු ලෝකයාට වැරැද්දක් කියන්න අමාරුයි!!!!

      තව කියවන්න කැමති අයට හොඳ තැනක්: A Debunking of the Moon Hoax Theory

      ඉහත සඳහන් කරපු හඳ ගමන මුලාවක් යැයි කියන පොත් සහ මෙම වෙබ් අඩවියෙන් ඒ ගැන ලියා ඇති ටික කියවලා බලන්න.

      ඇල් ගෝර්ගෙ පොතයි ඒ ගැන පස්සෙ හොයාගත්ත දේවල් දැනගෙන, ෆුඩ් ඉන්ක් වාර්තාකරණය සහ ඒ ගැන ඇති විචාරයන් සොයා බලා, මොන්සැන්ටෝ කොම්පැණිය ගැන වාර්තාකරණය ඒ ගැන ඇති විචාරයන් කියවලා ලබාගන්න හැකි තොරතුරු එකතු කරගෙන, තමන් විසින් සොයා බලා කැමැත්තක් පිළිගන්න වෙහෙසක් ගන්න දුෂ්කරයි. තවකෙක් කියවන තමන් විශ්වාස කරන්නට කැමති අදහස අවිවාදයෙන් පිළිගැනීම පහසුයි!!!

  3. රාජ් said, on පෙබරවාරි 7, 2012 at 11:21 ප.ව.

    පොදුවේ ඕනම ක්ෂේත්‍රයක තියන දෙයක් තමයි මේක. තොරතුරු-අදහස් වලට විතරක්ම සීමාවෙන්නෙ නෑ. මම හිතන්නෙ ඒකට හේතුව මේ‍ වගේ දෙයක්,
    කෙනෙකුට උගත්කමින් ඉහලට යන්න නං සෑහෙන මහන්සියක් දරන්න වෙනවනේ. ඒ මහන්සියට සාපේක්ෂව “පිලිගැනීම” කියනදේත් එයාගෙ පස්සෙන් එනව. උගත්කම යම් සීමාවකට එලඹිලා ඉන්නකොට (පිලිගැනීමද සහිතව) එයා කියන දේවල් හරිද වැරදිද කියල ප්‍රශ්න කිරීම අඩුවෙනව. උදාහරණ කීපයක් දෙන්නම්,
    1.ලංකාවෙ මාධ්‍ය අල්ලගෙන ඉන්න ප්‍රමුඛම ආචාර්ය මහාචාර්යවරු කියන සමහර දේවල් පරිස්සමින් කල්පනා කලාම හිතෙනව එයාල සා.පෙල. වත් පාස් නැද්ද කියල.
    2.අපේ පැත්තෙ තියනව මෝටර් බයිසිකල් රෙපෙයාර් කරන තැනක්. ඒකෙ අයිතිකාරය හොද වැඩකාරයෙක්. ඒත් සමහර වෙලාවට එයා ඉතාම නොසැලකිලිමත්. නමුත් හැමෝම යන්නෙ එතනට. මොකද එයා ඒරියා එකේ වැඩකාරය නිසා.

    අනිත් කාරණය තමයි අන්තර්ජාලයේ තියන නිසා පිළිගැනීම. මේක කරන්නෙ ලංකාවෙ පත්තර. “අන්තර්ජාලය ඇසුරිනි” කියල ඕනදෙයක් දානව.

    • arunishapiro said, on පෙබරවාරි 8, 2012 at 6:36 ප.ව.

      රාජ්,

      උදාහරණ වලින් දීලා තියෙන්න සෑහෙන්න හොඳ නිරීක්ෂණ!!!

      ඔය තත්වය ලංකාවෙ විතරක් නෙමෙයි ඇමෙරිකාවෙත් එහෙමයි. සමහර විට ඇමෙරිකාව වෙන්නත් ඇති පටන් ගන්න ඇත්තෙ!!! දැන් කාලේ ප්‍රවෘත්ති හදන්නෙ අනිත් අය ලියලා තියන දේවල් වලින්. ගවේෂණයෙන් ප්‍රවෘත්ති තමන් විසින් සොයා බලා, තමන් ලියන දෙයට වගකීමක් අරගෙන ලියන අය හරි අඩුයි. ඒ මදිවට ප්‍රවෘත්ති කියලා අහන්න ඉන්න වෙන්නෙ ඒ ඒ මාධ්‍යවේදීන් තම තමන් හිතන විදිය.

      ප්‍රවෘත්ති යනු අයෙක් හිතන්නේ කොහොම දැයි වූවාම, ජනප්‍රිය පොත් පර්යේෂණ කෘති යැයි හිතන්න කල්පනා නොකරන මිනිස්සු පිවිසීම අරුමයක් ද?!!!

  4. දූපත් said, on පෙබරවාරි 8, 2012 at 12:40 පෙ.ව.

    //විශ්ව විද්‍යාල වල ඉන්නා අය අඩු ගානේ තමන්ගේ විෂයය හෝ අනිකුත් අයට වඩා දන්නවා යැයි ලෝක සම්මතයකි.// ;- ලෝක සම්මතේ උනාට ඇත්තටම එහෙම නෑ.

  5. NotAFool said, on පෙබරවාරි 8, 2012 at 12:50 පෙ.ව.

    එතකොට අරුණි කියන දේ තමයි ලෝකේ පිළිගන්න ඕනේ. හහ හඃ හහ..

  6. dawkinssdodo said, on පෙබරවාරි 8, 2012 at 3:51 පෙ.ව.

    //විශ්ව විද්‍යාල වල ඉන්නා අය අඩු ගානේ තමන්ගේ විෂයය හෝ අනිකුත් අයට වඩා දන්නවා යැයි ලෝක සම්මතයකි. එහෙත් විශ්ව විද්‍යාලයක ආචාර්ය පට්ටමක් තිබි පමණින් ජනප්‍රිය පොත් ලියා මිනිසා නොමඟ යවන පිරිස් ලෝකයේ බොහෝ ඉන්නා බව වැඩි දෙනා නොදන්නා කරුණකි.//

    සහතික ඇත්ත. ජනප්‍රිය පොත් නෙවෙයි, විද්‍යාත්මක සඟරාවලත් අමු බොරු පලකරන අය ඉන්නවා. මම දන්න ස්නායුවේදය පිලිබඳ වෛද්‍ය විද්‍යාලයක මහාචාර්යවරයා, අනුක ජීව විද්‍යාව ගැන මෙලෝ දෙයක් නොදන්නා මුත් ඒ පිලිබඳ පර්යේශණ කරනවා. දත්ත අර්ත දක්වන්නේ ඔහුගේ සිසුන්. ඔවුන්ටත් හරි වැටහීමක් නැති නිසා වැරදි දේවල් ලියා සඟරාවලට යවනවා. කනගාටුදායක දේ නම් මේවා “Peer review” – (සාම්‍ය විචාරය) එකේදීවත් මතු නොවී මුද්‍රණය වීමයි. “Peer Review” එකට තමන්ගේ යාලුවන් නිර්දේශ කර යවනවා වුනත් සඟරාවේන් තෝරා ගන්නා විචාරකයාත් තමන්ගේ වැඩේ උඩින් පල්ලෙන් කරන නිසා විද්‍යාවට සිදුවන හානිය අති මහත්.

  7. Chandi said, on පෙබරවාරි 8, 2012 at 5:34 පෙ.ව.

    //විශ්ව විද්‍යාල වල ඉන්නා අය අඩු ගානේ තමන්ගේ විෂයය හෝ අනිකුත් අයට වඩා දන්නවා යැයි ලෝක සම්මතයකි. එහෙත් විශ්ව විද්‍යාලයක ආචාර්ය පට්ටමක් තිබි පමණින් ජනප්‍රිය පොත් ලියා මිනිසා නොමඟ යවන පිරිස් ලෝකයේ බොහෝ ඉන්නා බව වැඩි දෙනා නොදන්නා කරුණකි.//
    මේකට මාත් එකඟයි. මේ අය නිසා වෙලාවක ලෝකෙම වැනසෙනවා. ගොඩක් දෙනා පොත් ලියන්නේ එහෙන් මෙහෙන් කෑලි අල්ලාගෙන. ඒ අය ලියන දේවත් මොනවාද කියල දන්නෙ නෑ. මොන පට්ටම තිබුනත් කෙනෙකුගෙ හිතට දැනෙන්න ලියන්න බැරි නම් වැඩක් නෑ නේද?

    • arunishapiro said, on පෙබරවාරි 8, 2012 at 6:41 ප.ව.

      Chandi,

      උපාධි එකතු කරන සමහර අය පර්යේෂණ කරන හැටි දැක්කම මටත් උපාධියක් තියෙනවා යැයි කියන්නත් ලැජ්ජා හිතෙනවා.

      හැබැයි චාන්දි අක්කා කියවන්නාගේ හිතට නම් දැනෙන්නෙ කියවන්නා කැමති පැත්තෙන් එන අදහස්. අනිත් පැත්තෙ අදහස් වලට විමසිල්ලකින් තොරව විරුද්ධ නොවී හිතලා බලන්න පුළුවන් දවසක් ආපු දාට තමයි අගේ. ඒ කියන්නෙ හිතට දැනෙන්න පමණක් ලියා වැඩක් නැහැ, හිතට දැනෙන දේ ඔප්පු කරගන්න ලියන්නත් බැරිනම් වගේ කතාවක්.

  8. Ravi said, on පෙබරවාරි 8, 2012 at 10:17 පෙ.ව.

    විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුවේ එකම පරමාර්ථය මිනිසාගේ සුභ සිද්ධිය…වෙන අහවල් එකක්ද?….

    එතකොට මේ මහාචාර්යවරිය කියන්නෙ ජාතිවාදී හැඟීමක් ඇතිවන නිසා ( ඒකත් එයාගෙ උපකල්පනයක් විතරයි ), මේ තාක්ෂණය භාවිතා නොකල යුතුයි කියලයි……මොන පදනමක ඉඳගෙන එහෙම කියනවද කියන එකයි මට හිතාගන්න බැරි….අනික් කාරණේ…එහෙම දරුණු අපරාධ කිව්වම කළු සහ ලතින් අමරිකානුවන් මතකයට එනවම කියමු.එහෙම වෙනවනම් ඒ වෙන්නෙත් කිසියම් හේතුවක් ඇතුවනෙ..නිකම් ඉබේටම එහෙම හැඟීමක් සාමාන්‍ය ජනතාව තුල ඇති වෙන්න විදිහක් නැහැනෙ.

    අනික් වැදගත් කාරණේ එහෙම හැඟීමක් තියනව නම් මේ ඇප් එක භාවිතයට නොගත්තම ඒ හැඟීම නැතිවෙනවද?

    Facts are sacred….සාධක උත්තරීතරයි…..දරුණු අපරාධ එකතරා සීමාවකට වඩා වැඩියෙන් වාර්තා වී ඇති ප්‍රදේශ මඟ හැරයාමට සහය වීමයි මේ ඇප් එකෙන් කෙරෙන්නෙ…අපි ගමනක් සැලසුම් කරද්දි හදිසි නායයාම් වලට ලක්වීමේ අවදානම ඇති ප්‍රදේශ, නිතර භූ චලන ඇති වෙතැයි සාධක මඟින් පෙන්නුම් කරන ප්‍රදේශ මඟ හැරෙන විදිහට ගමන සැලසුම් කරන එක සාමාන්‍ය දෙයක්. ඒ අපේ ආරක්ෂාව අපි සලසා ගත යුතු නිසා. මෙතනත් කෙරෙන්නෙ ඒ සංසිද්ධියමයි. එකම වෙනස ස්වාභාවික අනතුරු වෙනුවට මිනිසුන්ගෙන්ම වියහැකි අනතුරු වලින් ආරක්ෂා වීමට අපි පියවර ගන්න එක පමණයි.

    / ඇය කියන්නේ “මේ පේටන්ට් බලපත්‍රය දුන්න මොහොතේ පටන්, [මේ ඇප් එක] “දරුණු අපරාධ” “බලහත්කාරයෙන් අතවර කිරීම” බවට පත් වී එයින් ‘ලතිනෝ හා කළු ජනතාව’ ‘ගෙටෝ’ බවට පත් වූ බවයි. /

    සමාවෙන්න අරුණි, ඉහත වාක්‍යය මට හිතෙන්නෙ මේ විදිහට කිව්වොත් වඩාත් අදහස පැහැදිලියි…

    ඇය කියන්නේ  මේ පේටන්ට් බලපත්‍රය දුන්න මොහොතේ පටන්, මේ ඇප් එක වර්ගවාදය පැතිරවීමට හේතු වූයේ “දරුණු අපරාධ” යන්න පලමුව ” මහමඟ කොල්ලකෑම් ” යන්නටත් අනතුරුව ” ලැටීනෝ සහ කළු ජාතිකයන්” යන්නටත් අවසන ” ගෙටෝ” යන්නටත් පර්යාය කරවීමෙන් බවකි.

    • arunishapiro said, on පෙබරවාරි 8, 2012 at 6:53 ප.ව.

      Ravi,

      ඔව් වෙන අහවල් කුමක් දැයි කියන්න බැරි අය ගොඩයි!!! ඒත් ඒ අය අතර මාක්ස්වාදය ලෝකෙට හරියන්නෙ නැහැ ඒත් ධනවාදයත් (ධනවාදය කුමක් දැයි කියා දුන්නාත් ඒ දිහා නොබලා) ඔය කියන තරම් හොඳ දෙයක් නෙමෙයි කියන අය වැඩියි.

      //එතකොට මේ මහාචාර්යවරිය කියන්නෙ ජාතිවාදී හැඟීමක් ඇතිවන නිසා ( ඒකත් එයාගෙ උපකල්පනයක් විතරයි )// හරියට ම හරි, ඒක එයාගෙ උපකල්පනයක් විතරයි!!! පදනම? දෙයියෝ තමා දන්නෙ?:D

      //අනික් වැදගත් කාරණේ එහෙම හැඟීමක් තියනව නම් මේ ඇප් එක භාවිතයට නොගත්තම ඒ හැඟීම නැතිවෙනවද?// බලන්න ඒ ටික ප්‍රවෘත්ති වාර්තාවක් හැටියට ලියපු ඇමෙරිකන්කාරයා ඇහැව්වෙ නැති හැටි?!!!

      ඔව් මිනිසාගේ යහපතට උදව් වෙන්නක් විදියට දකින්න පුළුවන් නම් එතැනින් ජාතිවාදය ගැන කතා කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නෙත් නැහැ. එය සමහර කළු ඇමෙරිකානුවන්, සමහර ලතිනෝ අය, සමහර sons of anarchy ලා ඉන්න පැති මඟ හැරීමක් පමණක් වෙනවා.

      රවී ඔයාට බෙහෙවින් ස්තූතියි නිවැරදි කිරීමට. ඔයා වගේ උදව්කාරයෝ ඉන්න නිසා මගෙ සිංහල දවසින් දවස ඔප වැටෙනවා!!

  9. lasitha said, on පෙබරවාරි 8, 2012 at 10:22 පෙ.ව.

    කතාවනම් ඇත්ත.ඔය කතන්දරකාරයත් ඔන්න ඔය වගේම පොර ටෝක්ම දෙන මෝඩයෙක්.

  10. muditha paranamana said, on පෙබරවාරි 8, 2012 at 12:56 ප.ව.

    බොහොම හොද අදහසක්. තවත් දිරිමත් වෙන්න. ඔබට ජය !


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: