අරුණි ශපීරෝ‍ වෙතින්

හද සතුටින් පුරවන ලාංකිකයන් හමුවුනෙමි

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 8, 2012

අළුතින් යාළුවෝ හදාගන්න, පරණ යාළුවෝ තියාගන්න, එකෙක් රිදී සහ අනෙකා රත්තරන් (Make new friends, keep the old, one is silver and the other is gold) යන්න ළදරු පාසැල් වල දී ගයනා සිංදුවකි. මට නොබෝදා පරණ යාළුවෝ හමුවන්නටත් ඔවුන් සමඟ පැමිණි අළුත් යහළුවන් පිරිසක් හඳුනාගන්නටත් අවස්ථාවක් පෑදිණ.

මේ අය අතර උපාධි ඇත්තෝ සිටියහ. උපාධි නැත්තෝ සිටියහ. රටක් රකින්නේ, රටක බර උසුලන්නේ ඔවුන් ය. ඇමෙරිකන් සුද්දෝ මෙන් උසින් මහතින් නොවූවත්, ඇමෙරිකන් සුද්දන්ට මෙන් තාක්ෂණය ඇඟිලි අසල නොතිබියත් ඔවුන් මොළය පාවිච්චියට ගන්නා ආකාරය අපූර්ව ය. අගය කළ යුතුය. මිනිස් වර්ගයාගේ උන්නතිය හා පැවැත්ම ගැන විශ්වාසය දැඩිවෙන තරමට, හද සතුටින් පුරවමින් ඇස් වලට කඳුළු උනන ආවේග උපදවන තරම් ඔවුන්ගේ වෑයම් අතිශය සුන්දර වෙති.

අයෙක් ලී බඩු නිෂ්පාදනයේ යෙදෙයි. අයෙක් රත්තරන් බඩු නිෂ්පාදනයේ යෙදෙයි. අයෙක් තරුණ පිරිස් වලට උපදෙස් දෙන රජයේ සංවිධානයක සේවය කරයි, අයෙක් වාහන අළුත්වැඩියාව කරයි. අයෙක් කොපි පොත් නිපදවයි. දරුවන් යහමඟට ගෙන එන්නට දිවා රෑ වෙහෙසන අම්මාවරුන්, තම සැමියන් සමඟ ජීවිතය ජයගන්නට එකසේ සටන් වදිනා භාර්යාවන් ඔවුන් අතර වූහ.

ඒ අතර වූ එක් අන්ධ ගුරු මහත්මයෙක් ලෝකයේ ඇස් පෙනෙනා අය අතරත් දුර්ලභ වූ ලෝකයේ විවිධත්වය දැකි හැකි අයෙක් විය!!!

ගමට කිරි ගෙනැත් දෙන්න එපා, ගමේ කිරි අපි හදා ගන්න හැටි දන්නවා යැයි කියනා එවැනි මිනිස්සු රිදී රත්තරන් වලටත් වඩා මට අගෙයි.

Advertisements

12 Responses

Subscribe to comments with RSS.

  1. “ගමට කිරි ගෙනැත් දෙන්න එපා, ගමේ කිරි අපි හදා ගන්න හැටි දන්නවා යැයි කියනා එවැනි මිනිස්සු රිදී රත්තරන් වලටත් වඩා මට අගෙයි.”

    Thumbs up

  2. පැන්ඩා said, on පෙබරවාරි 8, 2012 at 10:10 ප.ව.

    ඒ කියන්නෙ අරුණි නොනා ලංකාවට ආවද ?

  3. emailkavikaari said, on පෙබරවාරි 8, 2012 at 11:04 ප.ව.

    සුපිරි ලිපියකි. ඔබ හැම විටම ලියනා සංකීර්ණ දෙයට වඩා හදට ලං වූ බව කිව යුතුමයි

  4. අංජන said, on පෙබරවාරි 8, 2012 at 11:22 ප.ව.

    සුභ පැතුම්. අඳුනන අය ට වඩා මිතුරන් වැඩිවෙන එක නම් හදවත සතුටින් පුරවනව තමයි.

  5. දූපත් said, on පෙබරවාරි 9, 2012 at 2:28 පෙ.ව.

    උපරිමයි.. ෂෝට් ඇන්ඩ් ස්වීට් ලිපියක්. අරුණි මිස් ලංකාවට ආවද..

  6. kumaraya said, on පෙබරවාරි 9, 2012 at 4:03 පෙ.ව.

    මාත් හිතන්නෙ ලංකාවට ඇවිත් වගේ …
    [කොහොමත් ඉතින් පරණ යාලුවො හමුවෙන එක ලොකු සතුටක් නේ]

  7. Kandyan said, on පෙබරවාරි 9, 2012 at 5:46 පෙ.ව.

    “කොළඹට කිරි අපිට කැකිරි ” කට්ටියට හොඳ ආදර්ශයක්!

  8. බුද්ධි said, on පෙබරවාරි 9, 2012 at 6:40 පෙ.ව.

    ලංකා‍වට ආවේනික කිඹුලා මුණුපොතේ දකිද්දිම මම දැන ගත්තා මුතු ඇටේට පය තියලා කියලා. තව විස්තර කියන්නකො… ඒකාලෙ මුතුඇටෙයි දැං කාලේ මුතුඇටෙයි තියෙන වෙනස් කම් ගැන දැනිච්ච දේවල්….

  9. henryblogwalker said, on පෙබරවාරි 9, 2012 at 10:02 පෙ.ව.

    ඒක තමයි මාත් බැලුවෙ. අරුණි ලංකාවට ගිහින්. සුභ නිවාඩුවක් පතනවා.

    henryblogwalker the Dude

  10. Chandi said, on පෙබරවාරි 9, 2012 at 11:46 පෙ.ව.

    ලංකාවට ඇවිත් මේ වගේ සහෞර්දයන් පිරිසක් එක්ක ගතකරන සුලු කාලය කොයිතරම් සුන්දර වෙන්න ඇත්ද ? අරුණි. කොහොම හරි යන්න කලින් හමුවෙන්න බලන්නම්. මටත් පුංචි හරි ඉඩක් ලැබෙයි නේද? හරිම සංවේදී සටහනක් නංගි. ඔබට ජය සතුට පතමි.

  11. dishan83 said, on පෙබරවාරි 9, 2012 at 12:34 ප.ව.

    අරුනි අක්කා කලින් වතාවක් පැමින කර දෙශනයට අවා මරදානෙ පැවිති සතුටුයි ඔබ තුමිය දැකිම නැවත දෙශනයක් පවත්වනවා නම් දැනුවත් කරන් න බොල්ග් පිටුව තුලින් නැතිනම් e mail add හො දන්වන් න ස්තුති

    • arunishapiro said, on පෙබරවාරි 9, 2012 at 6:25 ප.ව.

      dishan83, මල්ලි මම සංචාරක වීසාවකින් ඇවිත් ඉන්නෙ, දේශන කිසිවක් කරන්නේ නැහැ, ආවේ යාළු මිත්‍රාදීන් සහ නෑදෑයෝ හමු වී යන්න විතරයි. ඉරිදා රෑ ආපහු යනවා, ඒත් ආයෙත් එනවා.

      චාන්දි අක්කා, ඔව් මම ඉක්මණින් නැවත එනවා, අපි හමුවෙමු.

      බුද්ධි, වෙනස්කම් වැඩියෙන් දකින්න නැතිවීම කණගාටුවක් දැයි සතුටක් දැයි හිතාගන්න බැරුව තමා තාම ඉන්නෙ!!!

      ප්‍රතිචාර දැමූ සැමට ස්තූතියි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: