අරුණි ශපීරෝ‍ වෙතින්

රේල් පාරේ මම යනකොට රෙදි විකුණනවා!!!

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 9, 2012

ස්ථානය පමුණුව පාරයි. උදෑසනින් එන වෙළෙන්ඳෝ බඩු විකුණන්නේ කඩ ලෑලි වෙළඳ කුටි විවෘත වන්නට කළියෙන් ඒ ඉදිරිපිට ය. කඩ ලෑලි ඇරියාම ඒ වෙළඳ කුටියට අපහසුතාවයක් නොවන්නට ඔවුන් බඩුත් අකුලා ගෙන පිටත් වී ගෙදර යති.

රේල් පාරේ එන්නෙ හිමින් යන පුංචි කෝච්චියකි. එය එනබව වෙළෙන්ඳෝ දන්නේ කෙසේ දැයි අරුමයකි! එහෙත් ඔවුන් වහා බඩු හා මේස රේල් පාරෙන් ඉවත් කරගෙන දුම්රිය එතැනින් ගිය වහාම නැවතත් එතැන වෙළඳපොලක් කරගනිති.

බඩු මිල කොයි කඩයේ වුවත් වැඩි වෙනසක් නැත. වෙනස ඇත්තේ ඔවුන් විකුණන දැයේ ය. එක කඩයක ලංකාවේ අම්මලා දවස පුරා ගෙදරට ඇඳන් ඉන්නා රුපියල් 350 ක චීත්ත රෙද්දෙන් මහපු හවුස්කෝට් ය. තවත් කඩයක කාන්තා විලාසිතා. පිරිමින්ට කමිස තවත් තැනක. මහනා අයට ගන්නට බොත්තම්, ලේස් ඇතුළු අරුමෝසම් වාටි රිසි සේ තෝරා ගන්නට හැකි කඩ ඇත.

මංගල උත්සව සඳහා කුඩා දැරියන් අඳිනවා යැයි කියන නෙට් රෙද්දෙන් නිමැ වූ ගවුම් මේ රස්නයේ කෙසේ ඇඳන් ඉන්නවා දැයි සිතට ආවත්, ඇස් පමණක් දැකිය හැකි කළු ලෝගුවකින් මුළු ඇඟම වසාගත් කාන්තාවන් පිරිසක් දුටු බැවින් ඒ සිතුවිල්ල වැඩි දුර දිග යන්නට කල් ගත්තේ නැත!!!

වෙළෙන්ඳෝ ඉතාමත් ශිෂ්ට සම්පන්න වූහ. මා ඇසි “මෝඩ ප්‍රශ්න” වලට ඔවුන් සතුටින් පිළිතුරු දුන්හ!!!

ලංකාවේ නිදහස් වෙළඳපොලක් දුටුවා දැයි මම සිතුවෙමි!!!

“හැම ජාතියක් එක්කම වෙළඳාම, කාගෙවත් පැත්ත නොගැනීමයි අපේ සටන් පාඨය විය යුත්තේ” යැයි කියන්නේ තෝමස් ලෝමැක්සට ලියුමක් ලියන තෝමස් ජෙෆර්සන් විසිනි.

Commerce with all nations, alliance with none, should be our motto.
Letter to Thomas Lomax (12 March 1799)

සැලසුම් ගහන්නෝ පැත්තකට වෙනවා නම් වෙළඳපොලක් හදාගන්නටත්, පාරිභෝගිකයා සතුටු වන අන්දමට වෙළෙන්ඳා අඩු මිලට බඩු සපයන හැටි දන්නවා යැයි ද මට සිතුණි.

Advertisements

42 Responses

Subscribe to comments with RSS.

  1. kathandarakaraya said, on පෙබරවාරි 9, 2012 at 6:35 ප.ව.

    අපි පොඩි කාලේ රේල් පාරේ යන කොට ඔය නිමි ඇඳුම් වැඩ මේ ආකාරයට තිබුණේ නෑත.

    අපි දැක්කේ මෙන්න මේවාය.

    1. කඩල බදිනවා
    2. ටෙනිස් ගහනවා
    3. පෙට්ටි බානවා
    4. දිග දිග කම්බී
    5. ටයිප් කරනවා

    කාලය කළ වෙනසක අරුමේ!

  2. dayal - bathee said, on පෙබරවාරි 9, 2012 at 6:36 ප.ව.

    මොනවද අහපු මෝඩ ප්‍රශ්න?

  3. praveena said, on පෙබරවාරි 9, 2012 at 9:47 ප.ව.

    මෙතනට මාත් ගිහින් තියනවා. කඩවල උදවිය කීවේ අවුරුදු කාලෙට හරියට බඩු විකිනෙන බවයි. ගොඩාක් ලාබ දේවල් එතන තිබුනා…

    //එහෙත් ඔවුන් වහා බඩු හා මේස රේල් පාරෙන් ඉවත් කරගෙන දුම්රිය එතැනින් ගිය වහාම නැවතත් එතැන වෙළඳපොලක් කරගනිති.//

    මේත් එතනමද? මට මෙය දුටුවාදැයි මතකයක් නැත.

    • arunishapiro said, on පෙබරවාරි 10, 2012 at 10:00 ප.ව.

      praveena,

      ඔව් නංගි, ගොඩක් උදවිය මළු පුරවා ගෙන බඩු අරගෙන යන බව දැක්කා. සමහර අය ඈත එපිටින් ආපු අය.

      මේත් එතැනම තමා. මම කිව්වාම මෙහෙ ඉන්න එතැනට ගිහින් ඇති අයටත් එය දැකි බවක් මතකයේ තිබියේ නැහැ. සමහර විට මෑතක දී පටන් ගත්තක් වෙන්නැති.

  4. අමා said, on පෙබරවාරි 9, 2012 at 11:22 ප.ව.

    මම ගිහින් නැහැ පමුණුවේ 😦
    අක්කා අප්‍රේල් වෙන කම් ඉන්නේ නැති වේවි නේද? හොඳම සේල් තියෙන්නේ ඒ කාලෙට…
    හැබැයි ලංකාවටත් වඩා අරුම පුදුම සේල් පහුගිය දවස් ටිකේ මැලිබන් හන්දියේ!

    • arunishapiro said, on පෙබරවාරි 10, 2012 at 10:03 ප.ව.

      අමා,

      ලංකාවේ විකුණන බොහෝ බඩු සාමාන්‍යයෙන් ඇමෙරිකාවේ සේල් බඩු වලට වඩා ගණන් වැඩියි. ඇමෙරිකාවේ දී සේල් වලින් සත 25 ට බ්‍රෑන්ඩ් නේම් තියන ටී ෂර්ට් ගත්තු අවස්ථා ඕන තරම්.

  5. Sudath said, on පෙබරවාරි 10, 2012 at 12:29 පෙ.ව.

    පමුණුව හරහා යන්නෙ පුංචි කෝච්චියක් නෙවෙයි, මහ කෝච්චියක්. එතන ස්ටේෂන් එක ළඟම වගේ නිසා වේගයනම් ටිකක් අඩුයි. කෝච්චිය එන වෙලාව රේල් ගේට් එක වහන පාලක කුටියේ වදින බෙල් එක නිසා, දැනගන්නට පුළුවන්, හැබැයි ඉතින් සුනාමියක් වගේ කෝච්චියක් ආවොත් සොරි තමයි.
    ඔය වගේ අනතුරුදායක රැකියාවන් කරන අය ‍ගොඩක් ලංකාවෙ ඉන්නව. ඒ අය විතරක් නෙවෙයි පාරිභෝගිකයත් අනතුරුදායක තත්වයකට ඇදල දාලයි තියෙන්නෙ. අද වෙනකන් එහෙම අනතුරක් වෙලා නෑ. ඒත් 2004ට කලින් ලිඛිත ඉතිහාසයේ සුනාමියක් ති‍බිලත් නෑනෙ, කැළණි තිස්ස රජ්ජ්රුවන් ගැන තියන අපි අනුමාන කරන සුනාමිය ඇරුනම.
    මමනම් ඔය වැඩේ හොඳයි කියන්නෙ නෑ.

    • arunishapiro said, on පෙබරවාරි 10, 2012 at 10:05 ප.ව.

      Sudath,

      ස්තූතියි නිවැරදි කිරීමට. ඔව් මහා මාර්ග වල ත්‍රී වීලර් පදවන රියැදුරන් කොතරම් අනතුරුදායක රස්සාවක නියැළෙනවා ද? ඒවායේ යන පාරිභෝගිකයන් ද කොතරම් අනතුරුදායක ගමනක් යනවා ද?

  6. රාජ් said, on පෙබරවාරි 10, 2012 at 1:19 පෙ.ව.

    බඩු මිල පාලනයක්?
    පමුණුවෙ නම් නෑ. “පාලනයට” ඔච්චරම බැටදෙන්නෙ මොකද?:)

    • arunishapiro said, on පෙබරවාරි 10, 2012 at 10:08 ප.ව.

      රාජ්,

      උත්තරේ දිගයි රාජ්. මෙන්න හෙන්රි හැස්ලිට් එය “කෙටියෙන්” කිව්ව විදිය. මිල පාලනයක් නිසා බඩු මිල ඉහළ යනවා. මිල පාලනය නැති විටක තමයි අඩු මිලට බඩු ගන්න පුළුවන්. අද ඇමෙරිකාවේ බඩු ලංකාවේ බඩු වලටත් වඩා අඩු මිල ඒ නිසයි.

      මේ ටික වෙලාවක සිංහලෙන් ලියන්නම්. දැනට මෙහෙම කියවන්න.

      GOVERNMENT PRICE-FIXING
      We have seen what some of the effects are of governmental efforts to fix the prices of commodities above the levels to which free markets would otherwise have carried them. Let us now look at some of the results of government attempts to hold the prices of commodities below their natural market levels.

      The latter attempt is made in our day by nearly all governments in wartime. We shall not examine here the wisdom of wartime price-fixing. The whole economy, in total war, is necessarily dominated by the State, and the complications that would have to be considered would carry us too far beyond the main question with which this hook is concerned. But wartime price-fixing, wise or not, is in almost all countries continued for at least long periods after the war is over, when the original excuse for starting it has disappeared.

      Let us first see what happens when the government tries to keep the price of a single commodity or a small group of commodities, below the price that would be set in a free competitive market. When the government tries to fix maximum prices for only a few items, it usually chooses certain basic necessities, on the ground that it is most essential that the poor he able to obtain these at a “reasonable” cost. Let us say that the items chosen for this purpose are bread, milk and meat.

      The argument for holding down the price of these goods will run something like this. If we leave beef (let us say) to the mercies of the free market, the price will he pushed up by competitive bidding so that only the rich will get it. People will get beef not in proportion to their need, but only in proportion to their purchasing power. If we keep the price down, everyone will get his first share.

      The first thing to be noticed about this argument is that if it is valid the policy adopted is inconsistent and timorous. For if purchasing power rather than need determines the distribution of beef at a market price of 65 cents a pound, it would also determine it, though perhaps to a slightly smaller degree, at, say, a legal “ceiling” price of 50 cents a pound. The purchasing-power-rather than-need argument, in fact, holds as long as we charge anything for beef whatever. It would cease to apply only if beef were given away.

      But schemes for maximum price-fixing usually begin as efforts to “keep the cost of living from rising.” And so their sponsors unconsciously assume that there is something peculiarly “normal” or sacrosanct about the market price at the moment from which their control starts. That starting price is regarded as “reasonable,” and any price above that as “unreasonable,” regardless of changes in the conditions of production or demand since that starting price was first established.

      In discussing this subject, there is no point in assuming a price control that would fix prices exactly where a free market would place them in any case. That would be the same as having no price control at all. We must assume that the purchasing power in the hands of the public is greater than the supply of goods available, and that prices are being held down by the government below the levels to which a free market would put them.

      Now we cannot hold the price of any commodity below its market level without in time bringing about two consequences. The first is to increase the demand for that commodity. Because the commodity is cheaper, people are both tempted to buy, and can afford to buy, more of it. The second consequence is to reduce the supply of that commodity. Because people buy more, the accumulated supply is more quickly taken from the shelves of merchants. But in addition to this, production of that commodity is discouraged. Profit margins are reduced or wiped out. The marginal producers are driven out of business. Even the most efficient producers may be called upon to turn out their product at a loss. This happened in the war when slaughter houses were required by the Office of Price Administration to slaughter and process meat for less than the cost to them of cattle on the hoof and the labor of slaughter and processing.

      If we did nothing else, therefore, the consequence of fixing a maximum price for a particular commodity would be to bring about a shortage of that commodity. But this is precisely the opposite of what the government regulators originally wanted to do. For it is the very commodities selected for maximum price-fixing that the regulators most want to keep in abundant supply. But when they limit the wages and the profits of those who make these commodities, without also limiting the wages and profits of those who make luxuries or semi-luxuries, they discourage the production of the price-controlled necessities while they relatively stimulate the production of less essential goods.

      Some of these consequences in time become apparent to the regulators, who then adopt various other devices and controls in an attempt to avert them. Among these devices are rationing, cost-control, subsidies, and universal price-fixing. Let us look at each of these in turn.

      When it becomes obvious that a shortage of some commodity is developing as a result of a price fixed below the market, rich consumers are accused of taking “more than their fair share”; or, if it is a raw material that enters into manufacture, individual firms are accused of “hoarding” it. The government then adopts a set of rules concerning who shall have priority in buying that commodity, or to whom and in what quantities it shall be allocated, or how it shall be rationed. If a rationing system is adopted, it means that each consumer can have only a certain maximum supply, no matter how much he is willing to pay for more.

      If a rationing system is adopted, in brief, it means that the government adopts a double price system, or a dual currency system, in which each consumer must have a certain number of coupons or “points” in addition to a given amount of ordinary money. In other words, the government tries to do through rationing part of the job that a free market would have done through prices. I say only part of the job, because rationing merely limits the demand without also stimulating the supply, as a higher price would have done.

      The government may try to assure supply through extending its control over the costs of production of a commodity. To hold down the retail price of beef, for example, it may fix the wholesale price of beef, the slaughter-house price of beef, the price of live cattle, the price of feed, the wages of farmhands. To hold down the delivered price of milk, it may try to fix the wages of milk-wagon drivers, the price of containers, the farm price of milk, the price of feedstuffs. To fix the price of bread, it may fix the wages in bakeries, the price of flour, the profits of millers, the price of wheat, and so on.

      But as the government extends this price-fixing backwards, it extends at the same time the consequences that originally drove it to this course. Assuming that it has the courage to fix these costs, and is able to enforce its decisions, then it merely, in turn, creates shortages of the various factors-labor, feedstuffs, wheat, or whatever that enter into the production of the final commodities. Thus the government is driven to controls in ever-widening circles, and the final consequence will be the same as that of universal price-fixing.

      The government may try to meet this difficulty through subsidies. It recognizes, for example, that when it keeps the price of milk or butter below the level of the market, or below the relative level at which it fixes other prices, a shortage may result because of lower wages or profit margins for the production of milk or butter as compared with other commodities. Therefore the government attempts to compensate for this by paying a subsidy to the milk and butter producers. Passing over the administrative difficulties involved in this, and assuming that the subsidy is just enough to assure the desired relative production of milk and butter, it is clear that, though the subsidy is paid to producers, those who are really being subsidized are the consumers. For the producers are on net balance getting no more for their milk and butter than if they had been allowed to charge the free market price in the first place; but the consumers are getting their milk and butter at a great deal below the free market price. They are being subsidized to the extent of the difference–that is, by the amount of subsidy paid ostensibly to the producers.

      Now unless the subsidized commodity is also rationed, it is those with the most purchasing power that can buy most of it. This means that they are being subsidized more than those with less purchasing power. Who subsidizes the consumers will depend upon the incidence of taxation. But men in their role of taxpayers will be subsidizing themselves in their role of consumers. It becomes a little difficult to trace in this maze precisely who is subsidizing whom. What is forgotten is that subsidies are paid for by someone, and that no method has been discovered by which the community gets something for nothing.

      2
      Price-fixing may often appear for a short period to he successful. It can seem to work well for a while, particularly in wartime, when it is supported by patriotism and a sense of crisis. But the longer it is in effect the more its difficulties increase. When prices are arbitrarily held down by government compulsion, demand is chronically in excess of supply. We have seen that if the government attempts to prevent a shortage of a commodity by reducing also the prices of the labor, raw materials and other factors that go into its cost of production, it creates a shortage of these in turn. But not only will the government, if it pursues this course, find it necessary extend price control more and more downwards, or “vertically”; it will find it no less necessary to extend price control “horizontally.” If we ration one commodity, and the public cannot get enough of it, though it still has excess purchasing power, it will turn to some substitute. The rationing of each commodity as it grows scarce, in other words, must put more and more pressure on the unrationed commodities that remain. If we assume that the government is successful in its efforts to prevent black markets (or at least prevents them from developing on a sufficient scale to nullify its legal prices), continued price control must drive it to the rationing of more and more commodities. This rationing cannot stop with consumers. In war it did not stop with consumers. It was applied first of all, in fact, in the allocation of raw materials to producers.

      The natural consequence of a thoroughgoing over all price control which seeks to perpetuate a given historic price level, in brief, must ultimately be a completely regimented economy. Wages would have to be held down as rigidly as prices. Labor would have to be rationed as ruthlessly as raw materials. The end result would be that the government would not only tell each consumer precisely how much of each commodity he could have; it would tell each manufacturer precisely what quantity of each raw material he could have and what quantity of labor. Competitive bidding for workers could no more be tolerated than competitive bidding for materials. The result would be a petrified totalitarian economy, with every business firm and every worker at the mercy of the government, and with a final abandonment of all the traditional liberties we have known. For as Alexander Hamilton pointed out in the Federalist papers a century and a half ago, “A power over a man’s subsistence amounts to a power over his will.”

      3
      These are the consequences of what might be described as “perfect,” long-continued, and “non-political” price control. As was so amply demonstrated in one country after another, particularly in Europe during and after World War II, some of the more fantastic errors of the bureaucrats were mitigated by the black market. It was a common story from many European countries that people were able to get enough to stay alive only by patronizing the black market. In some countries the black market kept growing at the expense of the legally recognized fixed-price market until the former became, in effect, the market. By nominally keeping the price ceilings, however, the politicians in power tried to show that their hearts, if not their enforcement squads, were in the right place.

      Because the black market, however, finally supplanted the legal price-ceiling market, it must not be supposed that no harm was done. The harm was both economic and moral. During the transition period the large, long-established firms, with a heavy capital investment and a great dependence upon the retention of public good-will, are forced to restrict or discontinue production. Their place is taken by fly-by-night concerns with little capital and little accumulated experience in production. These new firms are inefficient compared with those they displace; they turn out inferior and dishonest goods at much higher production costs than the older concerns would have required for continuing to turn out their former goods. A premium is put on dishonesty. The new firms owe their very existence or growth to the fact that they are willing to violate the law; their customers conspire with them; and as a natural consequence demoralization spreads into all business practices.

      It is seldom, moreover, that any honest effort is made by the price-fixing authorities merely to preserve the level of prices existing when their efforts began. They declare that their intention is to “hold the line.” Soon, however, under the guise of “correcting inequities” or social injustices,” they begin a discriminatory price fixing which gives most to those groups that are politically powerful and least to other groups.

      As political power today is most commonly measured by votes, the groups that the authorities most often attempt to favor are workers and farmers. At first it is contended that wages and living costs are not connected; that wages can easily he lifted without lifting prices. When it becomes obvious that wages can be raised only at the expense of profits, the bureaucrats begin to argue that profits were already too high anyway, and that lifting wages and holding prices will still permit “a fair profit.” As there is no such thing as a uniform rate of profit, as profits differ with each concern, the result of this policy is to drive the least profitable concerns out of business altogether, and to discourage or stop the production of certain items. This means unemployment, a shrinkage in production and a decline in living standards.

      5
      What lies at the base of the whole effort to fix maximum prices? There is first of all a misunderstanding of what it is that has been causing prices to rise. The real cause is either a scarcity of goods or a surplus of money. Legal price ceilings cannot cure either. In fact, as we have just seen, they merely intensify the shortage of goods. What to do about the surplus of money will he discussed in a later chapter. But one of the errors that lie behind the drive for price-fixing is the chief subject of this book. Just as the endless plans for raising prices of favored commodities are the result of thinking of the interests only of the producers immediately concerned, and forgetting the interests of consumers, so the plans for holding down prices by legal edict are the result of thinking of the interests of people only as consumers and forgetting their interests as producers. And the political support for such policies springs from a similar confusion in the public mind. People do not want to pay more for milk, butter, shoes, furniture, rent, theater tickets or diamonds. Whenever any of these items rises above its previous level the consumer becomes indignant, and feels that he is being booked.

      The only exception is the item he makes himself: here he understands and appreciates the reason for the rise. But he is always likely to regard his own business as in some way an exception. “Now my own business,” he will say, “is peculiar, and the public does not understand it. Labor costs have gone up; raw material prices have gone up; this or that raw material is no longer being imported, and must he made at a higher cost at home. Moreover, the demand for the product has increased, and the business should be allowed to charge the prices necessary to encourage its expansion to supply this demand.” And so on. Everyone as consumer buys a hundred different products; as producer he makes, usually, only one. He can see the inequity in holding down the price of that. And just as each manufacturer wants a higher price for his particular product, so each worker wants a higher wage or salary. Each can see as producer that price control is restricting production in his line. But nearly everyone refuses to generalize this observation, for it means that he will have to pay more for the products of others.

      Each one of us, in brief, has a multiple economic personality. Each one of us is producer, taxpayer, consumer. The policies he advocates depend upon the particular aspect under which he thinks of himself at the moment. For he is sometimes Dr. Jekyll and sometimes Mr. Hyde. As a producer he wants inflation (thinking chiefly of his own services or product); as a consumer he wants price ceilings (thinking chiefly of what he has to pay for the products of others). As a consumer he may advocate or acquiesce in subsidies; as a taxpayer he will resent paying them. Each person is likely to think that he can so manage the political forces that he can benefit from the subsidy more than he loses from the tax, or benefit from a rise for his own product (while his raw material costs are legally held down) and at the same time benefit as a consumer from price control. But the overwhelming majority will be deceiving themselves. For not only must there be at least as much loss as gain from this political manipulation of prices; there must he a great deal more loss than gain, because price-fixing discourages and disrupts employment and production.

      Henry Hazlitt -Economics in One Lesson

  7. නවම් said, on පෙබරවාරි 10, 2012 at 1:23 පෙ.ව.

    පමුනුව අපේ අම්මලගෙ ගෙදරට අල්ලපු වැටනෙ. පොඩි එකාට ගෙදරට අඳින්න පොඩි පොඩි කොට කලිසම් සේරම වගේ ඔතනින් ගත්තුව තමා. රුපියල් විස්සේ ඉඳල තියනව. එච්චර අඩුවට දෙන්න පුළුවන් හේතුව ඒවා මහන්නෙ බොහොම ලාභ ශ්‍රමයෙන්ද මන්ද. මොන ක්‍රමයෙන් හරි ලාබෙට හම්බුවෙනවනං……..

    • arunishapiro said, on පෙබරවාරි 10, 2012 at 10:11 ප.ව.

      නවම්,

      ලාභයට දෙන්නෙ එතැන ටිකක් දුරකට නිදහස් වූ වෙළඳපොල ක්‍රමයක් තියෙන නිසා. ඔව් නවම් මල්ලි පාරිභෝගිකයා කැමති ලැබෙට බඩු ගන්නයි.

  8. N.S.A. Niriella said, on පෙබරවාරි 10, 2012 at 1:29 පෙ.ව.

    //ඇස් පමණක් දැකිය හැකි කළු ලෝගුවකින් මුළු ඇඟම වසාගත් කාන්තාවන් පිරිසක් දුටු බැවින්..//

    ඒ තුවක්කු වර්ගයක්…ඒවගේ ආයුකාලයේදී සාමාන්‍යයෙන් වෙඩි 10ක් 12ක් තියන්න පුළුවන්… ලංකාවෙ සමහර නගර ඒ වෙඩිවලින් පිරිලා…
    කියන්නෙ වෙඩිවර්ධනය වෙලා.

  9. emailkavikaari said, on පෙබරවාරි 10, 2012 at 3:52 පෙ.ව.

    ඒ කාලෙ ලෝගු කාරයො හිටියෙ නැද්ද අක්කෙ? මට මතක හැටියට නං අපි පොඩි කාලෙ පාසි නෝනලා ප්‍රිය මනාප පාටවලින් මහපු ලෝගු ඇන්දා. කලු ලෝගු නං හරි අප්‍රියයි ඇහැට.

    http://anniisa.wordpress.com/category/%e0%b6%b8%e0%b7%94%e0%b7%83%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f-%e0%b6%85%e0%b6%b4%e0%b6%9c%e0%b7%9a-%e0%b6%89%e0%b6%bb%e0%b6%ab/%e0%b6%b6%e0%b7%94%e0%b6%bb%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f-%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a-%e0%b7%83%e0%b7%92%e0%b6%b4%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%9c%e0%b7%99%e0%b6%ba/

    • arunishapiro said, on පෙබරවාරි 10, 2012 at 10:15 ප.ව.

      emailkavikaari,

      මම රටින් පිට වී ගිය 80 මැද භාගයේ එහෙම අය දැක්කෙ නැහැ. මම බේරුවල පැත්තෙ සෑහෙන්න ගිහින් තියෙනවා. ඒ කාලේ ඒ අය ගෙවල් වල ඇතුලෙ ඉන්න ඇති.

      ඒත් එයාලගෙ කැමැත්ත එය බවයි මම මතක් කරගත්තෙ!!!

  10. ලොකු පුතා said, on පෙබරවාරි 10, 2012 at 4:59 පෙ.ව.

    මටත් මේ පොස්ට් එකේ තියෙන ඔක්කොම දේවල් වලට වැඩිය මොනවා හරි ලියන්න හිතුනේ අර කළු පාට සත්තු ටික ගැන තමයි…
    මට මෙහෙ දවස ගානෙම දකින්න ඉන්නේ ඒ ජාතියේ සත්තු නිසා(100% ක් ම) සහ උන්ගේ වැඩ නිසා අපහසුතාවට පත්වෙලා ඉන්න නිසා හිතේ ලොකු තරහක් ඇතිවෙලා තියෙනවා ඒ අය ගැන…
    වඳින්න ඕනි උනාම දවසට පස් පාරක් කඩ වහනවා
    කොන්ඩේ කප කප හිටියත් වඳින්න කතා කරපු ගමන් බාගෙට කපපු කොන්ඩේ පිටින් අපිව එලියට දාල දොර වහනවා, “සලාව” ඉවර උනාට පස්සේ එන්න කියලා
    ඉතින් බාගෙට කපපු කොන්ඩේත් එක්ක විනාඩි 30 ක්, 40 ක් විතර අපි මහපාරේ
    තව කොච්චරක්නම් දේවල් තියෙනවද…

    ආආ‍… දැන් අක්කා කතා කලේ පමුණුව ගැන නේද…. ?

    • Prabath said, on පෙබරවාරි 10, 2012 at 12:09 ප.ව.

      simple. never go back to that place again.

    • arunishapiro said, on පෙබරවාරි 10, 2012 at 10:26 ප.ව.

      ලොකු පුතා,

      ඇමෙරිකාවෙත් එහෙමයි!!! නිව්යෝර්ක් නගරයේ වාර්ෂික ආගමික උත්සවයක දී මැඩිසන් වීදියේ ගමනාගමනය ඇනහිටින අවස්ථාවක් තියනවා, යාඥා කරන්නට පාර මැද දණගසා ගත් අය නිසා.

      ඒත් ඈත අතීතයක සිට නගරය මැද ලස්සන කළ නත්තල් ගහට දැන් නත්තල් ගහ කියන්නෙ නැතිව නිවාඩු ගහ කියන්න අද දේශපාලන නිවැරදිතාවය හරස් වී තියෙනවා!!!

      විය යුත්තේ මුස්ලිම්වරුන්ට ඒ උත්සවයට අවසරයත්, ක්‍රිස්තියානුවන්ට නත්තල් ගහ කියන්න අවසරයත් තිබිය යුතු වීමයි.

  11. සපතේරු උන්නැහේ said, on පෙබරවාරි 10, 2012 at 5:36 පෙ.ව.

    මේකත් මරු පොළක්…

  12. vajira kantha said, on පෙබරවාරි 10, 2012 at 8:36 පෙ.ව.

    ලන්කාවේ වෙලදපොල සන්ස්කෘතිය හරි අපුරුයි ගොඩනෑගිලි හෑදුවට මිනිස්සු වෙලදාම් කරන්න්නෙ තමන්න්ට ඔනතෑන එතන තියෙන සහජීවනය හරි අපුරුයි

    • arunishapiro said, on පෙබරවාරි 10, 2012 at 10:32 ප.ව.

      vajira kantha,

      ඔව් එතැන තියන සහජීවනය හරි අපූරැ යැයි මටත් සිතුණ. එතැන බඩු ගත්තු පාරිභෝගිකයෝ ගියේ ඉතා සතුටින් බවත් දැක්කා.

  13. Chandi said, on පෙබරවාරි 10, 2012 at 1:08 ප.ව.

    පමුණුවේ තියෙන්නෙ වෙනමම වෙළදාමක්. ගොඩක් ලාබෙට දෙනවා, හැබැයි කිසිම ප්‍රමිතියක් නෑ. යන්තමට මහලා තියෙන්නෙ. අතරින් පතර හොඳ ඇදුම් තියෙනවා. පාරෙන් ගන්නවාට වඩා කඩවල ටිකක් හොදයි. කෑලි රෙදි වලින් තමයි මහන්නෙ (කට් පීසස්). ඉස්සරට වඩා දැන් ලංකාවෙ ප්‍රමිතියකට මහන හොද නිමි ඇදුම් තියෙනවා. රේල් පාරෙ වෙළදාම දැකලා මමත් හරිම පුදුම උනා මෙහේ ආව දිනවල. අරුණි කියන්න සතුටුයි, මෙතන වෙළදාම් කල මම දන්නා සහෝදරයින් දෙන්නෙක් ඉන්නවා ඒ අය අද ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නිෂ්පාදකයො වෙලා. ජිවිත පෙරළෙන හැටි!

    • arunishapiro said, on පෙබරවාරි 10, 2012 at 10:39 ප.ව.

      Chandi,

      එතැන ඇති නිමි නොකළ භාණ්ඩ වල ප්‍රමිතියක අඩුවක් දැක්කෙ නැහැ චාන්දි අක්කා. ඔව් නිමි ඇඳුම් යාන්තමට මහලා තියෙන්නෙ. ඒත් ඒ හවුස්කෝට් ගෙදර ගෙනැවිත් ආයෙත් මැෂින් පාරක් දාගත්තත් ලාබයි.

      එතැනින් එහාට ගිහින් වෙනත් දේ කරන්නට හැකියාවක් ඇතැයි දැන ගැනීමට ලැබීමත් සතුටක් චාන්දි අක්කා.

  14. kumaraya said, on පෙබරවාරි 10, 2012 at 1:49 ප.ව.

    හරි ඉතින් .. දැන් ඔතනට ගිහින් අපේ වෙළෙන්දන්ට උදව්වක් විදිහට ඔයා මොනවද ගත්තෙ…?
    [මාත් අහල තියෙන්නෙ රේල් පාරෙ මම යනකොට කඩල බදිනවා කියල තමයි]

    • arunishapiro said, on පෙබරවාරි 10, 2012 at 10:42 ප.ව.

      kumaraya,

      කුවිල්ට් මහන්න දාන පැඩින් කියලා කුට්ටියක් ඒවා මහන කෙනෙක්ට දෙන්නත්, චීත්ත රෙදි හවුස්කෝට් තොගයක් ද ගත්තා ඒවා අඳින කෙනෙක්ට දෙන්නත්.

  15. Kandyan said, on පෙබරවාරි 10, 2012 at 2:45 ප.ව.

    //රේල් පාරේ එන්නෙ හිමින් යන පුංචි කෝච්චියකි.//
    පුංචි කෝච්චිය දැන් යන්නෙ නෑ නේද????

    ඉස්සර ගියේ ෆැෂන් හවුස්..දැන් යන්නේ පමුණුව…

    • arunishapiro said, on පෙබරවාරි 10, 2012 at 10:43 ප.ව.

      Kandyan,

      ඔව් පුංචි කෝච්චියක් නෙවෙයිලු, මහ කෝච්චියක් යැයි සුදත් ලියා තියෙනවා.

      මේ තැන් දෙකම තියෙන්න ඕනා පාරිභෝගිකයාට තෝරා ගැනීමක් ඇතිවෙන්න.

  16. kathandarakaraya said, on පෙබරවාරි 10, 2012 at 11:50 ප.ව.

    බූද්ධි සයිබර් යාය ට හොඳ කාටූන් නිමිත්තක්.

    තුනයි පනහේ හවුස්කෝට් (සරත් විජේසූරිය හුචක්කුව යැයි හැඳින්වූ) එකෙන් සැරසී ඉන්නා අරුණී!

  17. දුකා said, on පෙබරවාරි 11, 2012 at 1:01 පෙ.ව.

    ඔතන මගේත් ආසම තැනක් . . . කාලෙකට ඉස්සර නම් ඉඳහිට ගියා ඒත් ලඟදී නම් යන්න බැරි උනා . .

  18. henryblogwalker said, on පෙබරවාරි 11, 2012 at 3:58 පෙ.ව.

    Is that you in the ash T shirt with US flag Aruni? Just curious.

    • arunishapiro said, on පෙබරවාරි 11, 2012 at 5:51 පෙ.ව.

      henryblogwalker,

      ඒ මම ඇමෙරිකාවෙන් ටී ෂර්ට් එකක් ගෙනැත් දීලා පින්තූරෙට ගත්තු මොඩල් 😀 කෙනෙක්, මම නෙමෙයි. ඇයි henryblogwalker මගේ පින්තූර එමට දාලා තියෙනවානේ.

  19. Ravi said, on පෙබරවාරි 11, 2012 at 5:06 පෙ.ව.

    / සැලසුම් ගහන්නෝ පැත්තකට වෙනවා නම් වෙළඳපොලක් හදාගන්නටත්, පාරිභෝගිකයා සතුටු වන අන්දමට වෙළෙන්ඳා අඩු මිලට බඩු සපයන හැටි දන්නවා යැයි ද මට සිතුණි. /

    මේ කතාව නම් හරිම ඇත්ත අරුණි,

    භාණ්ඩ අවශ්‍ය පාරිභෝගිකයන්, ඊට සරිලනසේ සැපයුම් කල හැකි වෙලෙඳුන්……දෙපිරිසට ගනුදෙනු කල හැකි අවම පහසුකම් සහිත ස්ථානයක්…මේ කරුණු සම්පූර්ණ වෙනව නම් ඇත්තටම නිදහස් වෙළඳ පොලක් ඉබේම බිහි වෙනව…උඩින් ගෙනත් ඔවුන්ගෙ හිසමතට අතහරින නිරර්ථක සැලසුම් නැතුවට….

    නුවර පැත්තට යනවනම් ඔන්න තියනව කිසිම විචාර බුද්ධියක් හෝ ආර්ථික විද්‍යාව හෝ අවම වශයෙන් මිනිසුන් මෙහෙයවන මූලික ආකල්ප ගැන හෝ අබමල් රේණුවක වැටහීමක් නැතුව අඥාණ දේශපාලකයන් සහ ඔවුන්ගේ එහෙයියන් වන නිලධාරීන් එකතු වෙලා කරපු ” මහා ව්‍යාපෘතියක” නෂ්ඨාවශේෂ…..තවමත් ඇති මම හිතන්නෙ.

    පස්යාලෙ…කජුගම…

    ප්‍රේමදාස මහත්මය තමයි මේ ” ව්‍යාපෘතියෙ” නිර්මාතෘ,

    නුවර පාර දෙපැත්තෙ පොඩි මැහි වල තියාගෙන කජු සහ ඊට අමතරව තැඹිලි වගෙ දේවල් විකුණුවනෙ අනාදිමත් කාලෙක ඉඳල. ප්‍රේමදාස මහත්මයට සුලුවෙන් වැඩ බෑනෙ….ගැහුව පාරෙන් ටිකක් ඈතට වෙන්න අංග සම්පූර්ණ වෙළඳ කුටි….වැසිකිළි පහසුකම් අරවද මේවද රටේ නැති එව්ව ඔක්කොම හදල කජු කෙල්ලො ටික ගාල් කලා එතනට.

    වැඩේ නම් අපූරුයි පොඩි නම ..ඒත්….කියල ලොකු හාමුදුරුවොත් කිව්වයි කියනවනෙ. තව කතාවක් තියනව ඔක්කොම හොඳයි…මුක්කම නරකයි කියල….අන්න ඒ වාගෙ ඔක්කොම පහසුකම් නම් තියනව..ඒත් බලු බල්ලෙක් එන්නෙ නෑ කජු ගන්න.මිනිස්සු යන ගමන් පාර අයිනෙ නවත්තල කජු අරගෙන තැඹිලි බීල ගියාට, පාරට ටිකක් ඈතින් වෙනම යන්න ඕන විදිහට හදපු කඩ කාමර වලට ගියේ නෑ………..

    වැඩි කාලයක් ගියේ නෑ…කුටි වලට ආයුබෝවන් කියල කජු කෙල්ලො ආයෙම ආව මහ පාරට…….ඔන්න වෙච්ච වැඩේ…..කාලයක් තිස්සෙ ඉල්ලුම සහ සැපයුම අතර සමතුලනයක් ඇතිව සැලසුමක් රහිතව බොහොම සාර්ථකව කෙරීගෙන ගිය වෙළඳාමකට රජය ඇඟිලි ගහන්න ගිහිල්ල වෙච්චි හෙයියම්මාරුව තමයි ඒ.

    Wherever the free market is thriving that’s not because of but despite government regulations……

  20. අක්කේ රේල්පාරේ රෙදි විතරක් නෙමේ දෙමටගොඩ පැත්තේ පවුල් කන්නේත් රේල් පාර උඩ. පොඩි උන් සෙල්ලම් කරන්නෙත් රේල් පාර උඩ. මේ වගේ රේල්පාර උඩ කටයුතු කරන එක සැහෙන අනාරක්ශිතයි.මිනිස්සු පොඩ්ඩක් ස්Aලිකිලිමත් වෙනවනම් හොදයි.

    ඉස්සෙල්ලා පොඩි කාලේ මට පමුනුවට අම්මා එක්ක ගිය මතකයි කට් පීස් ගන්න.මැත කාලයකදීනම් ගියේ නෑ. ලගදී ගිහින් බලන්න ඕනේ.

  21. ගීතික said, on මාර්තු 4, 2012 at 12:05 ප.ව.

    පුංචි කෝච්චිය කිව්වට දැන් නම් යන්නෙ ඉස්සර තිබුණ “පුංචි කෝච්චිය” නෙවෙයි. ඉස්සර රේල් පාර දැන් තියෙන තරමින් බාගයකට ටිකක් වැඩි ඇති. තවමත් පාර වංගු නිසා අනිත් කෝච්චි මේ පාරෙ යන්නෙ නෑ. උදේ 9 ත් හවස 2.30 ත් අතර කොහොමත් කෝච්චියක් යන්නෙ නෑ ඒක නිසා බය වෙන්නෙ මොකටද.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: