අරුණි ශපීරෝ‍ වෙතින්

අර අතන තව පින්තූර ටිකක්!

Posted in Uncategorized by arunishapiro on මාර්තු 4, 2012

පහුගිය සටහනේ කියපු ස්ථානය පිහිටි ඉඩමේ ඇති තවත් ගොඩනැඟිලි වල පින්තූර ටිකක්!

මෙව්වා කරන්න, අරයට කියන්න, අරහෙම කරන්න, ඔහොම ඉස්සරහාට ගියාම හරි, වගේ කතා වලින් පිරුණු කාලය ගෙවෙමින් පවතිනවා.

මේ ගෙවෙනා කාලයේ දී තැනක දී හමුවෙන්න යැයි කීවොත් තැන කොතැන දැයි පැහැදිලිව මුල් වතාවේ දී ම කීම හුරු නොවූවක්. හංදියෙ හමුවෙනවා නම් හංදියෙ ඇති කෝපි කඩේ ද, නැත්නම් අකුරැස්ස පාරේ බස් ස්ටෑන්ඩ් එකේ ද නැත්නම් ගාලු පාරේ බස් ස්ටෑන්ඩ් එකේ ද වගේ කතාවක් ඇහැව්වොත් වැඩි අයෙක් තක්බීරි. මෙතැනින් දකුණට හරවන්න කිව්වා ම අතින් පෙන්නලා “මේ පැත්තට ද?” ඇසීම සාමාන්‍ය්‍යක්!!!

ලස්සනම වැඩේ “මිස් කෝල් එකක් දෙන්න” කීම. ඒක කුමක් දැයි අල්ලාගන්න මුල දී ටිකක් පරක්කු වුනා මට. මම හිතුවේ මමයි ‘මිස්’ කියලා, ඒ නිසා මට එයාට කෝල් එකක් දෙන්න කිව්වා කියල. ඉතින් කෝල් එක දීපු ගමන් කට් කරනවා. ඉතින් මම බලනවා ඇයි මේ කතාකරන්න කියලා උත්තර දෙන්නෙ නැත්තෙ ඇයි කියා!!!

ඒ ඉතුරු කරගන්න සත 31 විතර මොනවා ද දන්නෑ කරන්නෙ?

පාරේ යද්දී ඉස්සරහින් ගිය අනිත් එක්කෙනාව කපලා තමන් ඉස්සරහින් දාලා ගිය තත්පරයෙනුත් මොනවා ද දන්නෑ කරන්නෙ?!!!

පිලානේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදිකරන්නෙ ජර්මන් ජාතිකයෙක්. දැන් ලංකාවේ බොහෝ කලක් පදිංචි වුනාට මයිකල් ක්‍රෙයිට්මයර් ජර්මන් පුරවැසියෙක්. එයා ලංකාවට සල්ලි තොගයක් අරගෙන ඇවිත් ලංකාවේ තැන් තැන්වල සමාජ සේවා කටයුතු කරන්නෙක්. ජර්මනියේ සිටිය දී රූපවාහිනි නිවේදකයෙක් වගේ ම අධ්‍යක්ෂකවරයෙක්.

කොස්ලන්දේ විශාල පරිසරයක මෙවැනි පරිසර හිතකාමී ගොඩනැඟිලි එහි වූ පැරණි සම්පත් ද ආරක්ෂා කරගෙන පවත්වා ගෙන යද්දී ජර්මානුවාව ලංකාවේ හිරගෙදරටත් යැවෙනවා, ඒ පැත්තෙ චන්දෙ ඉල්ලපු (දිනපු නෙමෙයි) චණ්ඩියෙක් කියපු දෙයක් නොකරපු නිසා! පැරදුනාමත් චණ්ඩි වෙන්න පුළුවන් බවත් කළින් දැන සිටියෙ නැති වූවක්. හිරගෙදර සිටිය දී ඔහුට විරුද්ධව පැමිණිල්ලක් ගොනු නොවූ නිසා කාලයක් සිට ඔහුව නැවත හිරෙන් නිදහස් කරනවා.

ඒත් එහෙම නැති හැමෝටම එහෙම නෑ නේද?!!!

මේ හදන කිසිවක අයිතියක් එයාට නැහැ. තමන් එකතු කරන මුදලින් සහ මහන්සියෙන් මේවා හදලා ඉවර වෙලා එයා දවසක ආපහු ජර්මනියට යයි.

ලංකාවේ බදු ගෙවන මහජනතාවගේ සල්ලි වලින් නොව පිටරටින් එන කොන්දේසි නැති ආධාර වලින් දුර බැහැර ගම්වල තැන තැන ඉදිකරන ලංකාවේ පැරණි සම්ප්‍රදායන් හා පරිසරය රකිනා ක්‍රම විධි වලින් සමන්විත මෙවැනි ගොඩනැඟිලි භාවිතයෙන් නවීන තාක්ෂණය බෙදා දෙන්න හා ගම් වැසියන්ට ප්‍රයෝජනවත් වෙන්න පාවිච්චි කරන්නේ කොහොමදැයි අදහස් ඉල්ලූ නිසා ඒ පැත්තේ ගිහින් තැන් බලා අදහස් කිහිපයක් ලබා දුන්නා.

ඉස්සෙල්ලාම එහි ඇති නාම පුවරැව සිංහලෙන් සහ ජර්මන් වලින් ලිව්වා නම් හොඳයි කියලාත් හිතුණ!!!!

ජනතා අභිවෘද්ධිය පිණිස යම් ස්ථානයක් පාවිච්චි කරන්නට හැකි අනේක විධ ව්‍යාපෘති ගැන හිතද්දී දැනෙන්න හරිම සතුටක්. ඒත් කවදාවත් ස්තූතියක් නොලැබෙන ක්‍රියාවන් කරනවාට වඩා “මිස් කෝල් එකක්” දීලා හිටියා නම් වැඩේ ලේසියි!

22 Responses

Subscribe to comments with RSS.

  1. praveena said, on මාර්තු 4, 2012 at 4:08 පෙ.ව.

    //“මිස් කෝල් එකක් දෙන්න” //
    🙂 🙂 🙂

  2. සපතේරු උන්නැහේ said, on මාර්තු 4, 2012 at 5:25 පෙ.ව.

    // ඉතින් කෝල් එක දීපු ගමන් කට් කරනවා. ඉතින් මම බලනවා ඇයි මේ කතාකරන්න කියලා උත්තර දෙන්නෙ නැත්තෙ ඇයි කියා!!! //

    මෙහේ මේ දවස්වල ඕකෙ අනිත් පැත්ත … ඔන්න මට කෝල් එකක් එනව… මම ආන්සර් බොත්තම ඔබනව එහාපැත්තෙන් කට් කරනව…. සත 31ත් නෑ.. පනිවුඩේ කියාගන්නත් නෑ… වෙලාවයි ඉවසීමයි දෙකම නාස්ති වෙනව… සුනාමියට ආපු පුරුදු…. ටික දවසකින් හරි යයි… 😀

    • arunishapiro said, on මාර්තු 4, 2012 at 9:49 පෙ.ව.

      සපතේරු උන්නැහේ,

      //ටික දවසකින් හරි යයි… // හැමෝම කරන නිසා ඒකෙත් වාසියක් ඇතැයි සිතනා අය බොහොමයි. ඒ නිසා හරි යාවි දැයි සැකයි.

      කියන්නෙ එතෙනට ආවම මිස් කෝල් එකක් දෙන්න කියා.

      එතෙනට ඇවිදින් එයා මිස් කෝල් දෙනවා. දැන් ඒත් එතැන කොතැන දැයි හරියට දෙන්නා කතා කරගෙන නැහැනෙ. ඉතින් ආයෙත් ගන්නවා එහාට මෙහාට දෙතුන් පාරක් ඉන්න තැන හරියට ම හොයාගන්න.

      ඕක නැවත නැවත වෙන ක්‍රියාවලියක්. දූපත්වාසී මානසිකත්වයේ වේලාව ගැන නැහැනෙ වැදගත්කමක්. ඉවසීම ඇතැයි කියා හිතන්නත් බැහැ පාරේ යන හැටි දැක්කම. වාහනේට නැඟ්ගම ඉගිලෙන අය ගිය තැනට ගියාම එහාට මෙහාට පැද්දි පැද්දි තමයි පයින් ගමන!

  3. Sudath said, on මාර්තු 4, 2012 at 7:00 පෙ.ව.

    සෑහෙන කාලෙකට පස්සෙ ලංකාවට ඇවිදින් සෑහෙන්න ප්රටශ්න තියෙනව වගේ.
    මිස්, “කෝල්” එකක් දෙන්න.
    “මිස් කෝල්” එකක් දෙන්න.
    1. සත 31 ගානෙ එකතු වෙලා රුපියල් 31ක් හදා ගන්න කොච්චර කාලයක් යනවද කියල ගණන් හදල බලන්නකො දවසකට “මිස් කෝල්” 5ක් විතර දාල. මාසික ආදායම රුපියල් 8,000ක් වගේ තියන අයට ඒක වටින්නෙ නැද්ද?

    මොබයිල් ෆෝන් එක චාර්ජ් වුනාට පස්සෙ ඩිස්ප්ලේ වෙනව විදුලි ශක්තිය ඉතිරි කරන්න ප්ලග් එක ගලවන්නය කියල. ලංකාවේ වැඩි දෙනෙක් ප්ලග් එක ගලවන්නෙ නෑ. ඒකෙන් ශත කීයක් ඉතිරි වෙනවද?

    (සන්නිවේදනය කියන එක කරන්න ගොඩක් ක්රනම තියනව. වියදම් කරල සහ වියදම් නොකර)

    2. ඉස්සරහින් යන එකාට වෙට්ටුවක් දාල පහුකරගෙන ගිහින් වෙලාව ඉතිරි කරගන්න නෙවෙයි ඉස්පිරිතාලෙ නවතින්න වෙන අවස්ථාවල් තියනව. ඒ වගේම, ඉස්සරහින් යන එකා අනවශ්යි ලෙස පාර හරස් කරගෙන නවත්තගත්තහම “අපරාදේ මූට ඉස්සර කරගන්න තිබුනනෙ මට” කියල හිතෙන අවස්ථාවල් කොච්චරවත් තියනව.

    • arunishapiro said, on මාර්තු 4, 2012 at 9:33 පෙ.ව.

      Sudath,

      //මිස්, “කෝල්” එකක් දෙන්න.
      “මිස් කෝල්” එකක් දෙන්න.//

      සිංහලෙන් කතා කරද්දී කොමා දමා උද්ධෘත පාඨ ලක්ෂණ දමා කතා කරන හැටි දකින්න ආසයි 😀

  4. kevin perera said, on මාර්තු 4, 2012 at 7:25 පෙ.ව.

    මටත් ලංකාවෙ කෙනෙක් කිව්වා “රින්ග් කට් එකක්” දෙන්න කියල බොහොම කලක් ගියා මොකද්ද මේ ක්‍රියාවලිය කියන එක තේරුම් ගන්න 🙂

    • arunishapiro said, on මාර්තු 4, 2012 at 9:27 පෙ.ව.

      kevin perera,

      ඔව් කෙවින්, මම හිතුවා මගේ වයර්ලස් එකේ දුරකතන නාදය වෙනුවට මට සිංදුවක් දාගන්න වෙයි කියලා!

      penny wise pound foolish (සතයේ බුද්ධිය රුපියලේ මෝඩකම) කියන පර සුද්දාගේ කියමන දැන් කාලේ මෙහෙ ඉන්නා අය වැඩිය අහලා නැතිව ඇති බව පැහැදිලිව පෙනෙනවා බොහොම ක්‍රියාවලි තුලින්.

  5. N.S.A. Niriella said, on මාර්තු 4, 2012 at 9:50 පෙ.ව.

    ලංකාවෙ මඤ්ඤං ගැන තාම ඔයා දන්නෙ ටිකයි…

  6. buddie-බුඩී said, on මාර්තු 4, 2012 at 11:42 පෙ.ව.

    කරලා තියෙන වැඩේනම් මරු, මේ වගේ මිනිස්සුත් ඉන්න එක වටිනවා 🙂 .

    ඉතිරි කරගන්න පුලුවන්නම් ශතය හරි කමක් නෑ, ඉතිරි කරන්න ඕනේ, හැබැයි මෝඩ විදිහට නෙමේ නැතනම් ශතයට පස්සේ ශත 100 ක්ම වියදම් වෙයි :).

  7. Alchemiya said, on මාර්තු 4, 2012 at 11:54 පෙ.ව.

    දවසක් මිනිහෙක් බස් එකේ යද්දි සත පණහක ඉතුරු දෙන්න කොන්දොස්තර බෑ කිවුවලු. (මාටියා ගහන්නද, සල්ලි නැතුවද දන්නෙ නෑ.. කොහොම වුනත් වැඩේ වැරදියි) .. ඉතිං මේ මනුස්සයා බොහොම නීතියට වැඩ කරන ගොඩ පෙරකදෝරුවෙක්ලු.. මෙයා ජාතික ප්‍රවාහණ මණ්ඩලේට දුරකථන ඇමතුම පහක් විතර අරගෙන අදාල කාරණේ කියලා එතැන ජල්ලියක් නටලා සත පණහ ආයෙ ලබා ගත්තලු…
    මේ කතාව අහපු කෙනෙක් ඇහුවලු.. අර සත පණහ ලබා ගන්න රුපියල් කීයක් වියදම් කළා ද කියලා..
    අපි සමහර වෙලාවට සත දෙකේ වාසියට රුපියල් පණහක විතර පාඩු විඳගන්නවා…
    හරියට අවුරුදු සේල් කාලෙට මහියංගනේ ඉඳලා කොළඹ ඇවිත් ලාබෙට බඩු අරන් යනවා වගේ…. බස් ගාස්තුවත් එකතු කළාම මහියංගනෙන් ඊට වඩා අඩුවට ගන්න පුළුවන් නේද කියලා මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ…

  8. buddie-බුඩී said, on මාර්තු 4, 2012 at 11:58 පෙ.ව.

    ජර්මන් ජාතිකයා කරලා තියෙන වැඩේනම් මරු, මේ වගේ මිනිස්සුත් ඉන්න එක වටිනවා 🙂 .

    ඉතිරි කරගන්න පුලුවන්නම් ශතය හරි කමක් නෑ, ඉතිරි කරන්න ඕනේ, හැබැයි මෝඩ විදිහට නෙමේ නැතනම් ශතයට පස්සේ ශත 100 ක්ම වියදම් වෙයි :).

  9. Observer said, on මාර්තු 4, 2012 at 6:25 ප.ව.

    ලංකාවට ගියාම රුපියල සතේට පෙනුන් නැද්ද ? [ඇමෙරිකන් ඩොලර් එකට රුපියල් 100 කට වඩා ලැබෙනවනෙ]

    ටෙලිෆෝන් එකෙන් කතා කලාම ‘ කියන්න ‘ කියල කව්රුත් කිව්වෙ නැද්ද, ඒ වගේම කතාව ඉවර වුනාම බුදු සරණයි, එහෙම නැත්තං ජේසු පිහිටයි කියල කී දෙනෙක් කිව්වද ?

    එතකොට තව ‘අවුලක් නෑ ‘ කියල කී වතාවක් අහන්න ලැබුනද ? [කට්ටිය ඉන්නෙ හරියට වූල් ගොතමින් වගේ හරියට]

  10. Observer said, on මාර්තු 4, 2012 at 6:25 ප.ව.

    ලංකාවට ගියාම රුපියල සතේට පෙනුන් නැද්ද ? [ඇමෙරිකන් ඩොලර් එකට රුපියල් 100 කට වඩා ලැබෙනවනෙ]

    ටෙලිෆෝන් එකෙන් කතා කලාම ‘ කියන්න ‘ කියල කව්රුත් කිව්වෙ නැද්ද, ඒ වගේම කතාව ඉවර වුනාම බුදු සරණයි, එහෙම නැත්තං ජේසු පිහිටයි කියල කී දෙනෙක් කිව්වද ?

    එතකොට තව ‘අවුලක් නෑ ‘ කියල කී වතාවක් අහන්න ලැබුනද ? [කට්ටිය ඉන්නෙ හරියට වූල් ගොතමින් වගේ ]

  11. ඔබ නොදු‍ටු ලොවක් said, on මාර්තු 4, 2012 at 6:35 ප.ව.

    මිස් කෝල් එකක් දෙන්න කිය එක නං නැගලම යනවා…මුලින් මමත් උඩ ගියා,,ත්‍රීවීල් අයියා තමයි කිව්වේ මටත් මගේ නම්බර් එක ඉල්ලගෙන මිස් කෝල් එකක් දෙන්න එක්ක යන්න එන්නං කියලා….මම ඌට කෝල් කරා කරා ආන්සර් කරේ නෑ මම වෙන වාහනේක ගියා කියන්න…..හික් හික් ..

  12. නවම් said, on මාර්තු 5, 2012 at 7:28 පෙ.ව.

    ඔය “මිස් කෝල්” දෙන එක පුරුද්දකට ආවෙ ඉන්කමින් කෝල්ස් වලටත් ගානක් අයකරපු සහ අවුට්ගොයින් කෝල්ස් වලට බරපතල ගානක් අහයකපු කාලෙ වෙන්න ඕනෙ. දැනටත් ඒ දේ ඇතැම් අය කරන්නෙ සල්ලි ඉතුරු කරගන්න චේතනාවෙන් නෙමෙයි පරණ පුරුද්දට කියලයි මටනම් හිතෙන්නෙ.

  13. henryblogwalker said, on මාර්තු 5, 2012 at 7:42 පෙ.ව.

    අරුණි, ඇත්තටම මයිකල් කරන්නෙ අපි කලයුතු වැඩක්. ඒ ගැන විවාදයක් නෑ.

    එතකොට මිස්ඩ් කෝල් ගැන මෙහෙමත් පැත්තක් තියෙනවා. අපි මේ රටේ ඉන්න කුලී ගෙදර එක යතුරු කැ‍රැල්ලයි අපිට දීලා තියෙන්නෙ. ඉතින් අපි මේ දවස්වල ගෙදර ඉන්න පුතාට යතුරු දීලා යනවා. ගෙට ලං වෙන කොටම අපි එයාට අර ජාතියෙ කෝල් එකක් දෙනවා. මතක තියාගන්න අපි ඉන්නෙ ලෝකෙ දුරකථන ගාස්තු අධිකම රටවලින් එකක. ඉතින් පුතාඅ දොර ඇරලා අපිව ඇතුලට ගන්නවා. එයා කවුරුත් දොරට තට්‍ටු කරාට දොර අරින්නෙ නෑ. මොකද අපි කියලා තියෙන්නෙ. ඉතින් මේකට ඔය ජාතියෙ කෝල් එකක් නොගෙන බැහැ.

    එතකොට අපේ දුව ඉන්නෙ තවත් රටක. හවසට කොලේජ් එකේ ඉඳලා ඇවිත් Skype එකට හරි Yahoo Messenger එකට හරි ඇවිත් අපිට දෙනවා අර ජාතියෙ කෝල් එකක්. අපි උත්තර දෙන්නෙ නෑ. අපි උත්තර දෙන්නෙ නෑ. කෙලින්ම ඉන්ටනෙට් එකට යනවා.

    ඔන්න ඔයවගෙ අනවශ්‍ය වියදන් නොකර නොමිලේ ලබාගන්න පුලුවන් සේවාවක් තමයි ඔය.

    henryblogwalker the Dude

  14. Mobileman said, on මාර්තු 5, 2012 at 9:00 පෙ.ව.

    //මෙතැනින් දකුණට හරවන්න කිව්වා ම අතින් පෙන්නලා “මේ පැත්තට ද?” ඇසීම සාමාන්‍ය්‍යක්!!!”//
    මම එක්කෙනෙකුට “ඔතනින් වමට හරවන්න” කිව්වහම මෑන් මගෙන් අහනව “කොයි වමටද?” කියල. මඤ්ඤං පොරවල්.

    සී එල් අයි පහසුකම හරහා ආපු එකක් තමයි මිස් කෝල් නොහොත් රිං කට් සිස්ටම් එක.
    හරියටම කතා වෙලා කරනවනම් සෑහෙන ගානක් ඉතුරුයි. (සතේ සතේ එකතු වෙලා තමයි රුපියල් හැදෙන්නෙ.) අනිත් එක මේ ‍වගේ අවස්ථාවක් ගැන හිතන්න.
    මගෙන් එක්ස් නමැත්තා උදවුවක් ඉල්ලනවා.
    මම කියනවා, හරි මං උදව් කරන්නම්, තව පැය දෙක තුනක් යයි, කියල.
    දැන් එක්ස්ට පැය දෙකකින් ඇවිත් රස්තියාදු වෙන්නත් බෑ. වැඩේ හරියටම හරියන වෙලාව මට කියන්නත් බෑ. එක්ස්ට පැය හතරක් පරක්කු වෙන්නත් බෑ, වැඩේ හදිස්සියි.
    ඉතිං මං කියනවා, “එක්ස් ගෙදර යන්න. වැඩේ හරි ගියාම මං කෝල් කරන්නං”
    දැන් මගෙන් උදව්වකුත් අරගෙන මං ලව්වා කෝල් කරවගන්න එක එක්ස් ට හිතට හරි මදි. උදව්වෙ වටිනාකම රුපියල් දහයක් වුනොත් කෝල් එකට තව රුපියල් දෙකක් වුනොත් උදව්වෙ වියදම සීයට විස්සකින් වැඩි වෙනව අපරාදෙ.
    ඉතිං එතකොට එක්ස්ගේ උත්තාරේ, “හරි, වැඩේ හරි ගියහම ඔයා මට රිං කට් එකක් දෙන්න. මං එන්නම්.”
    මෙච්චර දිගට ලිව්වෙ උඩ කමෙන්ට් දාපු සමහර අයත් ටියුබ්ලයිට් කාරයෝ කියල පේන නිසායි.

  15. කාරියකරවන said, on මාර්තු 5, 2012 at 10:21 පෙ.ව.

    අනේ නෝනෝ !!! මගේ උපහාරෙන් (මොබිටෙල් සමාගමෙන් රාජ්‍ය සේවකයන් සඳහා ලබා දුන් දුරකථන පැකේජයකි) ඩයලොග් එකකට ගත්තොත් රුපියල් තුනක් වියදම් වෙනවා. බදු එකතුවෙලා එනකොට තුනයි පණහක් විතර. ඉතින් කෝල් 5 ක් දීලා කරදර වෙනවට වැඩිය ඒ වැඩේම මිස් කෝල් 5කින් කරගන්න පුළුවන් නම් රුපියල් විස්සක් විතර ඉතුරුයි.

    අනිත් එක තමයි මේ වචනය භාවිත නාගරික සිංගිරිසියට එකතු කලේ ගැටවර වයසේ තරුණ තරුණියන්. උන්ට ඉතින් අරුණි නෝනෙට වගේ සල්ලිය බාගේ නැති නිසා ආදරේ ඇදගෙන යන්න සත ගාණ ඉතුරු කර ගන්න එකත් වටිනවා මම හිතන්නේ.


Mobileman වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න