අරුණි ශපීරෝ‍ වෙතින්

එන්සයික්ලොපිඩියා බ්‍රිටැනිකා අච්චු ගැසීම නවතයි

Posted in Uncategorized by arunishapiro on මාර්තු 14, 2012

Encyclopedia Britannica කියවන්න පුරුදු වුනේ තාත්තා නිසයි. ඒ කාලේ නොදන්න දෙයක් හොයාගන්න තිබ්බ එකම පොත් සෙට් එක. සුදු අප්පුහාමි ළඟත් පොත් සෙට් එකක් තියෙනවා දැක්කම එයයි මායි එක ගෙදරක ජීවත්වෙන්න යද්දි සිත සතුටින් පිරිලා ගියා.

වෙළුම් 32 කින් සමන්විත මුද්‍රිත Encyclopedia Britannica පොත් සෙට් එක හැම වසර දෙකකට සැරයක් ම අළුත් වෙලා ඇමෙරිකන් ඩොලර් 1400/- ක් වගේ ගානකට අලෙවි වෙනවා. ඒත් තව වැඩි කාලයකට නෙමෙයි. ඉතිරි වෙලා තියන හාරදහසක් වගෙ මුද්‍රිත ප්‍රමාණය විකිණිලා ඉවර වුනාම ඔවුන් නැවත අච්චු ගසන්නේ නැතිළු.

1768 දී ස්කොට්ලන්තයේ එඩින්බර්ග් හි මුලින් ම අච්චු ගසන්නට පටන් ගත් මේ කරුණු කාරණා රැසක් පිරි පොත් සෙට් එක අච්චු ගැසීම නවතන බව මෙහෙ ප්‍රවෘත්තිය වෙද්දී ලංකාවෙන් කියවන්න ලැබුන Ceylon Today වලට රසික ජයකොඩි ලියපු ලිපිය.

දැන් ඒ පොත් සෙට් එක අච්චු ගහන එක නැවැත්තුවාට අන්තර්ජාලයෙන්, ඇප් එකකින්, ඩිජිටල් විදියකින් එයින් දැනුම ලබා ගන්න හැකියාව අහිමි වෙලා නැහැ …. කැමති අයට!!! දැනුම සොයන අයට!!! තමන් සියල්ල දන්නවා යැයි සිතන අයට නම් ඉතින් ඕවා මොනවාට ද?!!!

ඇමෙරිකාවට සෑහෙන්න රිදෙයි වගේ … දැනටමත් සල්ලි නොගෙවා ලබාගන්න දේවල් ලබාගන්න එක ලංකාවේ අය නැවැත්තුවා කියල!!!! 😀

Advertisements

32 Responses

Subscribe to comments with RSS.

  1. Gold fish said, on මාර්තු 14, 2012 at 11:55 පෙ.ව.

    ඉතුරු වෙලා තියෙන අන්තිම හාරදහට තමා වැඩිම ඉල්ලුම… බලන්නකෝ බොරුනම්….
    මගේ ගාව තිබුන 2009 DVD වර්ෂන් එක….

  2. සාබිත් said, on මාර්තු 14, 2012 at 12:03 ප.ව.

    සම හරක් දන්නේ නැතිව ඇති ඒවා හම්බ වෙන්නේ නිකං කියලා 😉 අපේ ඉස්කෝලෙ ලයිබ්‍රියෙත් තිබ්බා ඔයින් සැට් එකක්! දැන් උන්ට ඕවා පෙරලන්නවත් වෙලා නෑ! එච්චර බිසි! කෙලින්ම විශ්වකෝශයම ෆෝන් එකේ!වැරැද්දක් කියන්නත් බෑ..නොකියන්නත් බෑ!

    • දූපත් වැසියා said, on මාර්තු 14, 2012 at 12:13 ප.ව.

      අම්මෝ,,,, මට නම් ඕව කියවගන්නවත් දැනීමක් නැත.
      ඇමෙරිකාවට සෑහෙන්න රිදෙයි වගේ … දැනටමත් සල්ලි නොගෙවා ලබාගන්න දේවල් ලබාගන්න එක ලංකාවේ අය නැවැත්තුවා කියල// :- හීනියට පොඩි නෝන්ඩියකුත් දාල. උපරිමයි අරුණි මිස්

    • arunishapiro said, on මාර්තු 15, 2012 at 9:44 පෙ.ව.

      සාබිත්,

      ෆෝන් එකෙන් කියවන එකේ වැරැද්දක් නැහැ … ඒත් ඒ කියවන්නෙ විශ්වකෝශය ද කියන එක තමයි අහන්න ඕනා. පොත් පෙරලනවාට වඩා අවශ්‍ය එක පහසුවෙන් ඉක්මණින් සොයා ගැනීමේ පහසුව අද ලෝකයට වඩා සුදුසුයි. ඒත් ඉතින් එහෙම ඉක්මණින් නොදන්න යමක් හොයාගන ඉතිරි කාලයෙන් කරන්නෙ මොකක් ද කියලා අහන්නත් ඕනා!!!

  3. W.A. Wijewardena said, on මාර්තු 14, 2012 at 12:46 ප.ව.

    In this digital world, naturally printed versions will have to give way. They should have gone digital long ago like the Oxford Dictionary and survived the changing world.

  4. Sudath said, on මාර්තු 14, 2012 at 12:51 ප.ව.

    එතකොට “1768 දී ස්කොට්ලන්තයේ එඩින්බර්ග් හි මුලින් ම අච්චු ගසන්නට පටන් ගත්” එන්සයික්ලෝපීඩියා එක දැන් අච්චු ගහන්නෙ ඇමරිකාවෙද? මට තේරු‍නේ නෑ
    ඒ මදිවට
    <>
    <>
    ලින්ක් දෙකම වැඩකරන්නෙ නෑනෙ.

    • arunishapiro said, on මාර්තු 15, 2012 at 9:58 පෙ.ව.

      Sudath,

      ඔව්, ලෝකයේ තියන හැම දෙයක්ම විදේශ කුමන්ත්‍රණ නොකියා තමන්ගෙ යහපත වෙනුවෙන් හොඳ දේවල් අරගන්න බය නැති ඇමෙරිකානුවා මේකත් තමන් විසින් බාර ගත්තා. 1768-1900 දක්වා එංගලන්තයේ මුද්‍රණය. 1901 සිට අද දක්වා එය සිද්ධ වෙන්නේ ඇමෙරිකාවේ. 2008 සිට ලෝකයේ ඉන්නා 4,411 ක පිරිසක් විසින් නිර්මාණය කරන්නක්.

      ඔන්න දැන් ලින්ක් දෙක වැඩ කරනවා.

  5. emailkavikaari said, on මාර්තු 14, 2012 at 1:18 ප.ව.

    නැසෙන සුළුයි සියල්ලම. අනිත්‍ය මෙනෙහි කරමු.

    • arunishapiro said, on මාර්තු 15, 2012 at 10:00 පෙ.ව.

      emailkavikaari,

      එකක් නැතිවෙන කොට ඊට වඩා වැඩියෙන් හොඳ තවත් දෙයක් තියෙන බව දකින්න පුළුවන් … හැබැයි කැමති අයට විතරයිනෙ නංගි!!!!

  6. ඔබ නොදු‍ටු ලොවක් said, on මාර්තු 14, 2012 at 4:04 ප.ව.

    ඒ දවස්වල මම full Version එක ඩවුන්ලෝඩ් කරගත්තා..හරි වටිනවා….

  7. Sanath Wijewardene said, on මාර්තු 14, 2012 at 8:17 ප.ව.

    අන්තිම පොත් සෙට් 4000 විකුනනවලු නවත්තන්න ඉස්සෙල්ල, ඊයේ රෑ නිව්ස් වලට කිව්ව, හොඳ ඩිමාන්ඩ් එකක් තියෙයි කලෙක්ටර්ස්ලගෙන්.

    මගේ ගාවත් තියෙනවා 92 සෙට් එකක්, අපරාදෙ ඒ වෙලාවේ ඒකත් එක්ක එන පොත් රාක්කෙ ගත්තෙ නැත්තෙ. ඒ කාලේ දුවල අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි කමට ගත්ත මිසක් සල්ලි තියෙනවට ගත්ත නෙමේ, ඒකත් කොටස් වශයෙන් ගෙවන්න ගත්තෙ.

    • රාජ් said, on මාර්තු 15, 2012 at 12:20 පෙ.ව.

      ඔබා නමිං ඇවිල්ල?
      රාක්කයකුත් දෙනවද?

    • arunishapiro said, on මාර්තු 15, 2012 at 10:09 පෙ.ව.

      Sanath Wijewardene,

      සුදු අප්පුහාමිත් ඉස්කෝලේ යන කාලේ ගත්තෙ ගෙවන්න තමයිලු. එයාට ලැබිලා තියනවා සෙට් එකත් එක්ක දැවැන්ත ලෝක සිතියම් පොත. සිතියම් පොතේ තිබ්බ රට රටවල කරක් ගහන්න පටන් ගත්තෙ ඊට පස්සෙලු.

      තාත්තා ළඟ නම් තිබ්බෙ තෑගි ලැබිච්ච සෙට් එකක්!!!

      මම හිතන්නෙ නැහැ ඔය අන්තිම සෙට් හාරදහ එකතුකරන තරම් (අනාගතයේ අගය වැඩිවෙන) වැදගත්කමකින් යුතුවෙයි කියල … ඒ මට හිතෙන විදිය.

  8. කිරිපුතා said, on මාර්තු 14, 2012 at 10:11 ප.ව.

    අපේ ඉස්කෝලෙ ලයිබ්‍රියෙත් ඕවා කීපයක් තිබුනා මතකයි. අපිත් එහෙ මෙහෙ පෙරලලා බැලුවෙ ඕකෙ තියෙන්නෙ මොනවද කියල බලාගන්න ඕන හින්ද. ඒ කාලෙ අපි ඉංග්‍රීසි පොත්වල බලන්නෙ රූප විතරයි.

  9. praveena said, on මාර්තු 14, 2012 at 11:51 ප.ව.

    ආය ඕනි උනාම පස්සේ අච්චු ගහයි නේද? 🙂

    • arunishapiro said, on මාර්තු 15, 2012 at 10:19 පෙ.ව.

      praveena,

      ආයේ අච්චු ගහන එකක් නැතිවෙයි. අද ඩිජිටල් ලෝකයේ පොතක් පෙරලලා (මේ පොත් සෙට් එක පෙරලන විදිය හරියට අර පුස්තකාල වල Dewey Decimal Classification වගේ වැඩක්) බලන්න කාලයක් හෝ ඉවසීමක් බොහෝ අයට නැහැ. එහෙම අවශ්‍යදැයි යන්නත් සැකයි. ඩිජිටල් සර්ච් කරලා බැලීම වඩා පහසුයි.

      තව ටික කාලයකින් පුස්තකාලයකට ගිහින් 100 තියෙන්නෙ දර්ශනයයි මනෝවිද්‍යාවයි ගැන ලියපු පොත් කියන එක දන්න අය ලෝකෙන් තුරන් වෙලා යයි.

  10. praveena said, on මාර්තු 14, 2012 at 11:52 ප.ව.

    කෝ මගේ කමෙන්ට් එක?

  11. රාජ් said, on මාර්තු 15, 2012 at 12:28 පෙ.ව.

    මම නං කියවලම නෑ. ඔන්ලයින් නං දැකල තියනව. මුද්‍රණය නවත්වන්නෙ අන්තර්ජාලයෙ තියන නිසාද?
    //Encyclopedia Britannica කියවන්න පුරුදු වුනේ තාත්තා නිසයි. ඒ කාලේ නොදන්න දෙයක් හොයාගන්න තිබ්බ එකම පොත් සෙට් එක. සුදු අප්පුහාමි ළඟත් පොත් සෙට් එකක් තියෙනවා දැක්කම එයයි මායි එක ගෙදරක ජීවත්වෙන්න යද්දි සිත සතුටින් පිරිලා ගියා.// මට හිතාගන්න පුළුවන්.

    • arunishapiro said, on මාර්තු 15, 2012 at 10:23 පෙ.ව.

      රාජ්,

      මුද්‍රණය නවත්වන්නේ අන්තර්ජාලය විතරක් නෙමෙයි වයර්ලස් ෆෝන් සහ ඉලෙක්ට්‍රොනික් පොත් වලින් එය භාවිතය වඩා පහසු නිසා. අවශ්‍ය වේලාවට ඉක්මණින් සොයා ගැනීම් පහසුවත්, පොත් සෙට් එක වගේ නෙමෙයි ඩිජිටල් සේ තබාගැනීමේ ඉඩකඩ වගේ ම තොරතුරු යාවත්කාලීන කිරීමේ ඉක්මන් බවත් වඩා ප්‍රයෝජනවත් පාරිභෝගිකයාටයි.

  12. රූ said, on මාර්තු 15, 2012 at 12:28 පෙ.ව.

    බ්‍රිටැනිකා විශ්ව කෝෂය හරි වෙලාවට ක්‍රියාත්මක වුනා නම් විකිපීඩියා වගේම ජනප්‍රිය වෙන්න තිබුනා…
    කොහොමත් තාමත් පරක්කු නෑ…මොකද විකිපීඩියා මූලාශ්‍ර තාමත් නිලවශයෙන් පිළිනොගන්න නිසා..

    • arunishapiro said, on මාර්තු 15, 2012 at 10:26 පෙ.ව.

      රූ,

      එය විකිපීඩියාවට වඩා වෙනස්, ඒත් මූලාශ්‍ර පිළිගැනීම ගැටළුව නිසා විතරක් නෙමෙයි. දෙකෙන් කෙරන කාර්යයන් දෙකක් බවයි මා සිතන්නෙ.

  13. […] its printed version and will focus more on its digital version instead. Both Savvy365 and Aruni Shapiro had blogged about it. I too have read few pages of the Encyclopedia Britannica set at the […]

  14. Ravi said, on මාර්තු 16, 2012 at 3:06 ප.ව.

    / ඇමෙරිකාවට සෑහෙන්න රිදෙයි වගේ … දැනටමත් සල්ලි නොගෙවා ලබාගන්න දේවල් ලබාගන්න එක ලංකාවේ අය නැවැත්තුවා කියල!!!! /

    ” Father, forgive them, for they do not know what they are doing.”

    ලංකාවෙ හිටියනම් ගානක් නෑ…ඔය හිනාවෙල ලේ ටිකක් පිරිසිදු කර ගන්ට තිබ්බ…ඒත් මේ සත් සමුදුරෙන් එපිට ඉන්න අපට මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ මේ හරක් කතා…..ලංකාව හැමෝටම විහිළුවක් වෙලා තියෙන්නෙ 😦 😦


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: