අරුණි ශපීරෝ‍ වෙතින්

පරේටෝ ප්‍රශස්ථය

Posted in Uncategorized by arunishapiro on මාර්තු 15, 2012

විල්ෆ්‍රේඩෝ පරේටෝ (Vilfredo Pareto -1848-1923) ඉදිරිපත් කල පරේටෝ ප්‍රශස්ථය (pareto optimality) නම් සංකල්පය ගැන අහන්න ලැබුනෙ ඩබ්. ඒ. විජේවර්ධන මහතා වෙතින්. ඔබ මුණ ගැසීම ද අගනා මතකයක්. ස්තූතියි බෙහෙවින් ම.

පරේටෝ ප්‍රශස්ථය: “යම් ආර්ථික ක්‍රියාවලියක් කාර්යක්ෂම වන්නේ අයෙක් ඉන්නවාට වඩා ඉහළ තත්වයකට ගෙන යෑමේ දී තවකෙක් ඉන්නවාට වඩා පහළ තත්වයකට ඇද දැමීමක් නැතිව කරන්නට හැකිනම් ය.”

ලොවට ඉදිරිපත් කරන ලද අනිත් සෑම සංකල්ප සේ ම මෙයත් වැරදියට නිර්වචනය කරමින් තම අපේක්ෂාවන් සපුරා ගන්නට ලෝකයේ ආණ්ඩු වෙර දරන බව මේ ගැන සොයා බලද්දි දැනගන්න ලැබුණ.

මතකයේ නැති යම් වදනකින්, මතකයේ නැති යම් ක්‍රියාවකින් කොතරම් පිරිසකගේ ජීවිත වලට ඈත අතීතයක දී සමීප වී ඔවුන්ගේත් මගෙත් ජීවිත පරේටෝ ප්‍රශස්ථයෙන් සාක්ෂාත් කරගෙන ඇත්දැයි පෙනුනේ ලංකාවට ගියාට පස්සෙ.

ජීවිතයේ ඉතාමත් අඳුරු දවසක මාව මතක් කරගෙන “කොහොම හරි හිත හදාගත්තා” යැයි කිව්ව අය හමුවෙද්දි දැනුනෙ පුදුම සතුටක්. හිත සතුටින් තියාගන්න එක කොච්චර දුෂ්කර දැයි දැනෙන්නෙ අනවසරයෙන්ම මගේ හිතටත් දුක ගලා එද්දි. දුක දැනෙන සිතක් තියෙන්නෙත් මිනිසාට විතරයිනෙ.

තවත් අයෙකුට මා දුන් සුළු උදව්ව මට මතක නැති වුනත් ඔවුන්ගේ ජීවිතය යහපත් කරන්නට හේතුවෙලා.

අද නැවත හැරී බලද්දි අපේ ජීවිත පරේටෝ ප්‍රශස්ථයට හසුවෙලා බව දකින්න ලැබුණ. ඔවුන් සහ මමත් එදා සිටියාට වඩා ඉහළ තත්වයකට අද පිවිස ඉන්නෙ තවත් කෙනෙක්ව හිටියාට වඩා පහළ තත්වයකට ඇද දාලා නෙමෙයි.

එවැනි හිතවත් පිරිසක් මෙතරම් කාලයක් තිස්සේ ඇසුරු කරන්නට ලැබීමේ භාග්‍යය නිසා මා කොතරම් වාසනාවන්ත ද?! ඒ ගොන්නට මෙදා ගමනෙන් තව අළුත් හිතවතුන්/හිතවතියන් පිරිසක් ද එකතු කරගන්නටත් ලැබීම තවත් ජයක්! තවත් කාලයක් අපි පරේටෝ ප්‍රශස්ථය සාර්ථක කර ගනිමු!!!

Advertisements

14 Responses

Subscribe to comments with RSS.

  1. Mobileman said, on මාර්තු 15, 2012 at 12:41 ප.ව.

    මමනං මේක දැකගත්තෙ අද. ස්තුතියි එහෙම එකක් තියෙනව කියල පෙන්වා දුන්නට. ඒක කරන හැටි හොයල බලන්න ඕනැ.

  2. kevin perera said, on මාර්තු 15, 2012 at 1:00 ප.ව.

    ඩබ්. ඒ. විජේවර්ධන,අරුණි ශපීරෝ‍ බොහොම ස්තුතියි විල්ෆ්‍රේඩෝ පරේටෝ හඳුන්වා දුන්නාට.නොදත් යමක් අලුතින් දැනගන්නට ලැබීම තරම් සතුටක් තව කොයින්ද

  3. kathandarakaraya said, on මාර්තු 15, 2012 at 11:12 ප.ව.

    ඔය කියන්නේ පයි එක ලොකු කිරීම හරහා හැමෝගෙම ෂෙයාර් එක වැඩි කිරීම ගැනයි.

    නමුත් අද ලංකාවේ නං වෙන්නේ ලොකුවෙන පයි එකේ වැඩිවෙන කොටස් කීප දෙනෙක් අතර බෙදා ගන්න නිසා, නැති උංගේ පංගුව සාපේක්‍ෂකව තවත් අඩු ප්‍රතිශතයක් වීමයි.

    අන්න මාසෙකට පොඩි පඩියක් ගන්න ඇමැත්තෙක් ලක්‍ෂ 2000 කට රේඩියෝ ස්ටේෂන් එකක් අරංලු.

    පැරටෝ ගේ අනිත් ප්‍රින්සිපල් එක (හෝ මේකේම කෙරොලලි එක) අනුව රටේ පයි එකෙන් සියයට අසුවක් අයිති ජනතාවගෙන් සියයට විස්සකටයි. ඉතුරු පුංචි කෑල්ල තමයි 80%කට කන්න තියෙන්නේ.

    • arunishapiro said, on මාර්තු 16, 2012 at 8:49 පෙ.ව.

      kathandarakaraya,

      අද ලංකාවේ ඉන්න හැමෝම එදා හිටපු රජවරුන්ටත් වඩා වැඩි පහසුකම් වලින් ජීවත්වෙන්නෙ.

      එහෙම තියෙද්දීත්, ඊ ළඟට 20% ක් විතරක් මහන්සි වෙලා වැඩ කරද්දීත්, ඇයි 80% ක් එක්ක ඒ මහන්සිය බෙදා ගත යුතු යැයි කියන්නෙ?

  4. emailkavikaari said, on මාර්තු 15, 2012 at 11:23 ප.ව.

    මාවත් ගොඩට දාගත්තට ස්තුතියි අක්කෙ.

  5. kavikaari said, on මාර්තු 16, 2012 at 1:31 පෙ.ව.

    “හිත සතුටින් තියාගන්න එක කොච්චර දුෂ්කර දැයි දැනෙන්නෙ අනවසරයෙන්ම මගේ හිතටත් දුක ගලා එද්දි.” සහතික ඇත්ත අක්කෙ. අපි අවට අපිව වටකරගෙන මොනතරං දුක්ක දෝමනස්සයං කැරකෙනවද අපිව ගොදුරු කර ගන්න.

  6. buddhiprasadh said, on මාර්තු 16, 2012 at 5:25 පෙ.ව.

    අපිට කිව්වෙවත් නෑ…. මෙහෙ යාලුවො හමු උනා කියලා…….අරුණි අක්කා හරි හොඳ නෑ…..

    (ඒ උනාට වෙලාවකට හිතෙනවා හරි හොඳයි කියලා.)

    (මෙහෙම යටින් ලිව්වම කමෙන්ට් එකේ තියෙන ව්‍යංගාර්ථය එහෙම් පිටින් විනාශ වෙනවා. ඒත් වෙලාවෙ හැටියට මෙහෙම ලියන්නම් – විහිලුවක් හො‍දේ!)

  7. vajira kantha said, on මාර්තු 16, 2012 at 11:51 පෙ.ව.

    thanks api godak aluth dewal oba nisaa kiyawanawa obata saktiya

  8. Ravi said, on මාර්තු 16, 2012 at 2:51 ප.ව.

    අරුණි බොහෝමත්ම ස්තූතියි, එවගේම විජේවර්ධන මහත්මයාටත්, අර කිව්ව වගෙ අලුත් දෙයක් නව දැනුමක් ලබාගන්න එක වගෙ සතුටක් තවත් කොයින්ද?

    Knowledge is power , දැනුම බලය වේ කියනවනෙ. ඒ කියන්නෙ අලුත් දැනුම ලබාගන්නව කියන්නෙ අලුත් බලයක් ලබාගන්නවට සමානයි 🙂


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: