අරුණි ශපීරෝ‍ වෙතින්

තරඟය හා තෝරා ගැනීම

Posted in Uncategorized by arunishapiro on මාර්තු 19, 2012

පුවෙර්තො රීකෝ රිපබ්ලිකන් මුල් මැතිවරණයෙන් ජය ජනාධිපති අපේක්ෂක මිට් රොම්නිට හිමිවිය. තරඟය අවශ්‍ය මන්දැයි වටහා ගනු නොහැකි බොහොම පිරිසක් තරඟයේ යෙදෙන වැඩි චන්ද නැති අයට ගෙදර යන්නට යැයි බල කරති. මෙවර දකින්නට හැකි රිපබ්ලිකන් අවුල මා නම් ඉතා කැමැත්තෙන් බලා සිටින්නකි. බුබුළු දමා උණුවෙන ඇමෙරිකන් සුප් එක රසවත් බවින් පිරෙන්නේ ඒ නිසාම යැයි මම සිතමි.

ඇමෙරිකන් සුප් පමණක් නොව මේ දවස්වල චීනයේ වොන්ටොන් සුප් ද රත්වෙන්නට පටන් අරන්. රුසියාවේ හදන ෂිචී වලටත් ඒ කලදසාවමයි. ජර්මනියේ අයින්ටොෆ් එක යාන්තමින් බේරුනා.

ලෝකයම රසයෙන් පිරෙන කාලයක් වැඩි ඈතක නැත්දැයි හිතෙනවා!!!!

තරඟයකින් දිනුවේ නැතත් තරඟයකට සහභාගී වීම නිසා තරඟ කරනවුන් සියල්ලටම හිටියාට වඩා ලබාගත් අත්දැකීම් වලින්, ඉගෙන ගත් පාඩම් වලින් ඔවුන්ගේ ජීවිත වඩා අගයෙන් වැඩි කරගන්නට හැකියාව ලැබේ.

තරඟයක් තියෙන නිසා තමයි තෝරා ගැනීමක් ද ලැබෙන්නෙ. තරඟය අහිමි කළ සෝවියට් දේශයේ හා කොමියුනිස්ට් චීනයේ තෝරා ගැනීමක් ද නැතිවෙලා අන්තිමට තෝරාගැනීම ඇති ධනවාදයටම යන්න වුනානේ.

අර කළින් සටහනෙන් කියපු පාරිභෝගික කැමැත්ත වගේම තමයි, තරඟයත් හසුරුවන්න පුළුවන් යැයි හිතන අයත් ලෝකයේ ඉන්නවා.

සෝවියට් දේශයෙන්, කොමියුනිස්ට් චීනයෙන් පාරිභෝගික කැමැත්ත හසුරුවන්න ගිහින් ලබාපු ප්‍රතිඵල තමයි තරඟය හසුරුවන්න ගියොත් ඕනෑම කෙනෙකුට ලැබෙන්නෙ. ඒත් ඉතින්, පාරිභෝගික කැමැත්ත හසුරුවන්න පුළුවන් යැයි හිතන අය ඉන්ඳැද්දී තරඟය හසුරුවන්න පුළුවන් යැයි හිතන අය නැතිවෙන්න විදියක් නැහැනෙ.

ඒ ගොන්නට එකතු කරන්න ඕනා තෝරාගැනීම හසුරුවන්න පුළුවන් යැයි හිතන අයත්. ජර්මන් චාන්සලර්වරිය වන ඇන්ගලා මෙයර්කල් පවා එහෙම හිතලා අනා ගනිද්දි අනිත් අය ගැන මොන කතා ද?!!!

මිනිස් ස්වභාවයේ ඇති අපූර්වත්වය දකින්න බැරි අය, එය පිළිගන්නට කැමත්තක් නැති අය තවත් කාලයක් යනතෙක් ඕවා ඔක්කොම හසුරුවන්න හැකි ජගතුන් ඉන්නවා කියලා හිතාගෙන එක එක කාලයට ඒ ඒ අයට වැඳ වැඳ සිටිවී.

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. Mobileman said, on මාර්තු 19, 2012 at 11:12 පෙ.ව.

    ඒත් ක්රිතකට් තරග හසුරුවන එක ගැන සමහර අයට චෝදනා තියනව නේද?

    • arunishapiro said, on මාර්තු 20, 2012 at 3:25 ප.ව.

      Mobileman,

      හසුරුවන්න බැරි දේවල් හසුරුවන්න යන අයට චෝදනා තිබිය යුතුයි නේද?

      ඒකත් ඕනෑම භාණ්ඩයක් ප්‍රචාරණයෙන් විකුණන්න පුළුවන් යැයි හිතනවා වගේ තමයි. හොඳ අය පරදවන්නත්, පැරදෙන අය දිනවන්නත් හැකි යැයි සිතා තරඟයක් හසුරුවන්න ගියොත් අවසානය අවුලක්!

  2. ඔබ නොදු‍ටු ලොවක් said, on මාර්තු 19, 2012 at 6:27 ප.ව.

    Iron Lady ‍ෆිල්ම් එක බැළුවා ඊයේ..පුදුම හිතෙනවා ..

  3. දූපත් වැසියා said, on මාර්තු 20, 2012 at 2:25 ප.ව.

    අපි රැව්ලත් කැදත් සේ ඉන්දියාවත් ඇමරිකාවත් දෙකම නැතිකර ගනීද????

    • arunishapiro said, on මාර්තු 20, 2012 at 3:35 ප.ව.

      දූපත් වැසියා,

      දැනට නම් ලොකු ගැටළුවක් නැහැ. දූපත්වැසියන්ට මහා ගැටළුවක් තියන බව ඇඟෙව්වට.

      පුරසාරම් දෙඩවිල්ල නවත්තලා දැම්මොත් කවුරු කවුරුත් යාළුවෙයි හරි ඉක්මණින්. සමාව දෙන ජාතීන් එක්ක ටිකක් හැප්පුනාට දීර්ඝ කාලීන පාඩු නැහැ.

      ඒත් ඉතින් දූපත්වැසියා මහන්සියෙන් හම්බ කරන අන්තිම සතේත් නැතිවෙනකම් හිටියොත් තමයි රැවුලයි කැඳයි දෙකම නැති වෙන්නෙ!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: