අරුණි ශපීරෝ‍ වෙතින්

කෝපි කෝප්පයකින් …

Posted in Uncategorized by arunishapiro on මාර්තු 20, 2012

ආර්ථිකයක් ගැන කෝපි කෝප්පයකින් කියන්නට පුළුවන් ද? ඉතාලියට යන්න වෙනවා ඒක පැහැදිලි කරන්නට. 1938 දී Achille Gaggia නැමැති ඉතාලි ජාතිකයා විසින් හුමාලය නැති කෝපි මැෂින් එකක් ලොවට ඉදිරිපත් කරනවා. කෝපි කුඩු උඩින් දැඩි පීඩනයකින් ගලාගෙන යන උණු වතුර වලින් බේරිලා හැදෙන කෝපි කෝප්පය තමයි නූතනයේ espresso නම් වූවේ උඩ තියන crema නම් වූ පෙණ තට්ටුවක් ඇති කරන විශේෂත්වයෙන් බිහිවූයේ.

මේ විජට්ටුව හදන්න කළින් ඉතාලියේ හැදිච්ච එස්ප්‍රෙසෝ කෝපි සෑහෙන්න කළු පාටයි, උණුවතුර නිසා පිච්චිලා ගිහින් රස ද තිත්ත ගතියකින් වූවක්. විජට්ටුවෙන් පස්සෙ එන්නෙ හදන හැම වතාවක දී ම එකම විලසකින් පිරිනැමෙන දුඹුරු පැහැයෙන් වූ, පිච්චිලා නැති, තිත්ත නැති උඩින් පෙණ තට්ටුවක් තියන කෝපි කෝප්පයක්.

ඒත් මේ විජට්ටුව හදලා ඉතාලි අය රසවත් කෝපි බිබී නිකම් හිටියා. විජට්ටුව හැදුනේ කෝපි කඩවල පාවිච්චියට. ගෙදර දී ම කෝපි හදාගන්න හැකියාව ඒ විජට්ටුව හදපු කොම්පැණිය ලබාදෙන්නෙ 1977 දී. අද ලෝකයේ වැඩියෙන් ම විකිණෙන්නෙ (වැඩියෙන්ම තියෙන්න කඩවලට වඩා ගෙවල් නිසා!!!) ඕලන්ද කොම්පැණියක් වන Philips හදන එවැනි විජට්ටු.

ඉතාලියේ එස්ප්‍රෙසෝ කෝප්පය ජනප්‍රියත්වය ලැබුවාට අද ලෝකයේ කෝපි කෝප්ප වැඩියෙන් විකුණන දැවැන්තයා ස්ටාර්බක්ස්. ස්ටාර්බක්ස් කෝපි කෝප්ප හැදෙන්නෙත් ඒ තාක්ෂණයෙන්මයි. ඒත් ස්ටාර්බක්ස් කෝපි කඩේකට ගොඩ වැදුනාම එතැනින් කෝප්පයක් බීලා යන්න විතරක් නෙමෙයි, කෝපි අරන් යන්නත් පුළුවන්. කෝපි ගෙදර දී ම හදාගන්න කෝපි මැෂිමක් අරන් යන්නත් පුළුවන්. කෝපි ඇට කුඩු කරන මැෂිමක් ගන්නත් පුළුවන්. වෙන කෑම බීමත් ගන්න පුළුවන්.

මේ දවස්වල ඇමෙරිකාවේ ඉන්න විරෝධතා දක්වන්නෝ පිරිසක් ස්ටාර්බක්ස් කෝපි කඩේ වර්ජනයක යෙදෙනවා. ඒ ස්ටාර්බක්ස් කොම්පැණිය ජාතික රයිෆල් සංගමයට සහයෝගය දීම ගැන වූ එරෙහියක්.

ජාතික රයිෆල් සංගමය කියන්නෙ ඇමෙරිකාවේ 1871 දී බිහිවෙච්ච සංවිධානයක්. අද මිලියන හතරකට ආසන්න සාමාජිකත්වයකින් වූවක්. ස්ටාර්බක්ස් කොම්පැණියට එයින් සොච්චමක් උදව් කළොත් කෝපි වර්ජනය කරන දෙදාහ හොයා ගන්න කිසිම අපහසුවක් නැහැ.

ඒත් 2012 දී ලෝකයේ වඩාත් ම ආචාර ධාර්මික වූ කොම්පැණි අතරට එකතුවෙන ස්ටාර්බක්ස් කොම්පැණිය දියත් කරන්නෙ වෙනත් වැඩ පිළිවෙලක්.

ඔවුන් අළුතින් පටන් ගන්නෙ Evolution Fresh නමින් පළතුරු යුෂ විකුණන කඩයක්.

හැමදාම හදන කෝපි පමණකට සීමා නොවී නැවුම් පළතුරු වලින් හදපු පාන ඉදිරිපත් කිරීමෙන් ඔවුන් කියන්නෙ ඉතාලියේ Gaggia වගේ ඊ ළඟ පියවරට අත දාන්න දිගු කාලයක් බලා ඉන්නේ නැතැයි යන්න පෙන්වීම නේද?

සීතල කාලයේ අවසානයත් සමඟ පටන් ගන්නා මේ පළතුරු පාන අවන්හල ජනප්‍රිය වෙයි ද?!!

ලංකාවේ වැවෙන අඹරැල්ලා වලට ඇමෙරිකන් වෙළඳපොලක් බිහිවෙයි ද?!!!!

Advertisements

20 Responses

Subscribe to comments with RSS.

  1. buddie-බුඩී said, on මාර්තු 20, 2012 at 4:00 ප.ව.

    බූඩි ලගදි ඇඹරැල්ලා බීම එකක් බිව්වා, කියලා වැඩක් නැති රසක් ඒක !!!! තව දෙයක් ඔය කර වෙච්ච කෝපි වල තියෙන තිත්ත ගතියටත් බූඩි හරිම කැමතියි !!! රසවත්, කටට කෙල උනන ලිපියක් !!

    • arunishapiro said, on මාර්තු 20, 2012 at 7:50 ප.ව.

      buddie-බුඩී,

      මාත් අඹරැල්ලා බීම රස බැලුවා. එතකොට හිතුනා ඇයි ඔච්චර කාලයක් ලංකාවේ ජීවත්වෙද්දී කවුරුත් හදන්න හිතුවෙ නැත්තෙ කියලා.

      සෙනෙහෙ සිතකින් අපිට දුන්න අඹරැල්ලා ගෙඩි, ලැබිච්ච තැනින් වැඩි දුරක් යන්නත් කළින්, තවත් කාලෙකට පස්සෙ ලංකාවට ආපු යෙහෙළිය එක්ක පොර කෑවා ටැක්සියක පස්සෙ සීට් එකේ. තව පොඩ්ඩෙන් රියැදුරා හිතනවා මේ දෙන්නට පිස්සු කියලා ගිහින් දාන්නෙ කියපු තැනට නෙවේ.

      බුඩීටත් ඉක්මණින් දවසක ස්ටාර්බක්ස් කෝපි කෝප්පයක් බීලා බලන්න හැකිවේවා!

  2. ඩිලාන් said, on මාර්තු 20, 2012 at 5:25 ප.ව.

    ඔය කලු පාට කැපේ හැදිල්ල ඉතාලියේ තාම තියනවා.ඒක ඉවර වෙන පාටක් නෑ,,,මම නම් කලු කෝපි එක හදාගෙන කිරි එකට වත් කර ගන්නවා. කිරි එකට අමුතු රසක් එනවා.තිත්ත කෝපි එක නේ..අඩියක් අඩියක් ගානේ තියව කෝපි බාර් නිසාත්,අවන්හල්වල වැඩ කිරීම නිසාත් මමත් ඔය espresso ඇබ්බැහි වෙලා හිටියා .දැන් නම් බොහෝ දුරට අඩු කරගත්තා

    • ඩිලාන් said, on මාර්තු 20, 2012 at 5:27 ප.ව.

      ඕනවට වඩා espresso ගැනීම උදෑසන වැසිකිළි යාමට ගොඩක් බාධා කරන දෙයක් උනා මට නම්…

      • arunishapiro said, on මාර්තු 20, 2012 at 7:53 ප.ව.

        ඩිලාන්,

        කියුබන් කෝපි -cafecito- කැෆේසීටෝ ලැබෙන්නෙ අවුන්ස දෙකක විතර ඩිංගක්, පැණිරහින් උතුරලා යන ඒක බොන අය බීලා ඉවර වුනාම අවුන්ස අටක විතර වතුර වීදුරුවක් බොනවා. එහෙමවත් කරා නම් ….

        ඔව්, ඇබ්බැහියක් ඇතිවෙනවා. තේ නැතිව ඉන්න බැරි අය වගේම තමා.

  3. Observer said, on මාර්තු 20, 2012 at 6:37 ප.ව.

    ලින්ක්ස් වලට නං ගියෙ නෑ.

    මෙහෙ ස්ටාර්බක්ස් එකේ කෝපි එකත් එක්ක පත්තරයක් දෙනව.

    • arunishapiro said, on මාර්තු 20, 2012 at 7:58 ප.ව.

      Observer,

      මෙහෙ තියෙන්නෙ නම් විකුණන්න දාපු පත්තර. සමහර දවසට අළුතින් හදන කෝපි රහක් බලන්න ලැබෙනවා, නැත්නම් අළුත් පැණිරහ කෑමක් ලැබෙනවා, අය කිරීමක් නැතිව.

    • කිරිපුතා said, on මාර්තු 20, 2012 at 8:20 ප.ව.

      පිටු පනහක් විතර තියෙන පත්තරයක් දෙනව ඇතිනේද

    • නවම් said, on මාර්තු 21, 2012 at 1:54 පෙ.ව.

      මෙහේ පත්තර දුන්නොත් ඊට පහුවදා ඉඳල පත්තරේට වඩා ලැබුන කෙනාගෙ දේශපාලන දැක්ම වෙනස් නම් කෝපි කඩේ පැත්ත පලාතෙ යන එකක් නෑ “හපෝ ඔය කඩ කාරය ජෙප්පෙක් / යුඇන්පී / ශ්‍රීලංකා කාරයෙක්” කියල. 😀

  4. අමා said, on මාර්තු 20, 2012 at 8:18 ප.ව.

    රසටත් වඩා මම ආස කෝපි සුවඳට…
    තුවක්කු ප්‍රතිපත්තිය ගැන කතාව රසවත්. ඇත්තටම ඒ ඔහායෝ ප්‍රාන්ත නීතිය පාස් කර ගන්ට ලැබෙනවා නම් හොඳ නැද්ද? ඒ වගේම ඔවැනි පාසල් තුල වෙඩි තැබීම් ඒ නීතිය ක්‍රියාත්මක වන අනෙක් ප්‍රාන්ත වල සිදුවන්නේ නැත්ද? (හෝ සංසන්දනාත්මකව අඩුද?)

    • arunishapiro said, on මාර්තු 21, 2012 at 11:18 පෙ.ව.

      අමා,

      දැන් බලන්න අමා නංගි ප්‍රංශයේ යුදෙව් පාසැලේ දරුවන් මැරුනේ ඒ පාසැලේ තිබිච්ච තුවක්කු හෝ පාසැල් ළමයි අතැතිව සිටි තුවක්කු නිසා නෙමෙයිනෙ.

      අවියක් හොරාගන පාසැලට ගෙනැවිත් එය පාවිච්චිය නවතන්න කිසිම නීතියක් ගෙනාවට බැහැ.

      වියහැකි අපරාධයක් වළක්වන්නට කියා නීති ගෙන ඒමෙන් කප්පාදු වන්නේ නීතිගරුක සියළු වැසියන්ගේ අයිතීන්. වැඩියෙන් රටේ ඉන්නෙ නීති ගරුක වැසියන්, මොකද රටේ සිවිල් වැසියන් අතැති අවි සංඛ්‍යාව බැලුවොත් නීති ගරුක නැත්නම් මේක එක යුද පිටියක් වෙනවා.

      // ඒ වගේම ඔවැනි පාසල් තුල වෙඩි තැබීම් ඒ නීතිය ක්‍රියාත්මක වන අනෙක් ප්‍රාන්ත වල සිදුවන්නේ නැත්ද? (හෝ සංසන්දනාත්මකව අඩුද?)// ඒ නිසා යැයි කියත හැකි පැහැදිලි වෙනසක් නැහැ.

  5. praveena said, on මාර්තු 20, 2012 at 8:58 ප.ව.

    මටත් කෝපි නැතිව ජීවත්වෙන්ට බෑ. ඇඟට පණ එන්ට කෝපි කෝප්පයක් බොන්ටම ඕනි.

    ලංකාවේ ඇඹරැල්ලා වගේම, අනික් පලතුරු යුෂ බීමත් කොච්චර රහයිද කියලා දැනගත්තේ මෑතකදී.

    • arunishapiro said, on මාර්තු 21, 2012 at 11:22 පෙ.ව.

      praveena,

      ඔව්, ඉස්සර සීනි යහමින් දාලා හදන පළතුරු සාරයෙන් හැදෙන පාන වෙනුවට දැන් නැවුම් පළතුරු වලින් සීනි නැතිවත් ඉල්ල ගන්න පුළුවන්.

      ඒත් කිරි තේ එකට නම් තාම සීනි පුරෝලා දානවා.

  6. රාජ් said, on මාර්තු 21, 2012 at 1:12 පෙ.ව.

    වෙලාව කියන්නෙ කෝපියි ඇඹරැල්ලයි දෙකටම මම කැමතිනෑ. මං හිතුවෙ අර ජාතියෙ වර්ජකයො ඉන්නෙ ලංකාවෙ විතරයි කියල.

    • නවම් said, on මාර්තු 21, 2012 at 1:50 පෙ.ව.

      එයාල ඉගෙනගත්තෙත් මෙහෙන්. කාටද ආඩම්බර. 😀

    • arunishapiro said, on මාර්තු 21, 2012 at 11:27 පෙ.ව.

      රාජ්,

      වෙළද බඩු වර්ජකයෝ ඈත අතීතයෙත් ඇමෙරිකාවේ හිටියා. එංගලන්තෙ බදු වැඩිකලා කියලා ලංකාවේ තේ පෙට්ටි පිටින් මුහුදට දාපු බොස්ටන් තේ පාටිය 1773 දී.

      නවම් මල්ලි, මම හිතන්නෙ 18 වැනි සියවසේ ලංකාවේ අය වැඩ වර්ජනයයි කලේ, බඩු වර්ජනය නෙමෙයි. ඒක නේද ඉන්දියාවෙන් වැඩ කරන්න අය ගෙන්වන්න එංගලන්තෙ සුද්දාට සිද්ධ වුනේ?

  7. නවම් said, on මාර්තු 21, 2012 at 1:56 පෙ.ව.

    අපි නම් හරිස්චන්ද්‍ර 🙂

    • Buwa said, on මාර්තු 21, 2012 at 10:11 පෙ.ව.

      ඒය්යා යකෝ හරිශ්චන්ද්‍ර බොන්න පුලුවන්යෑ , මල ජරාවක්නේ , මම නම් ගෙදර හැදෙන කෝපි වලින් හදාගත්ත කෝපි තමා . එක්ස්ප්‍රෙසෝ හදාගන්න විදිහක් නැති නිසා නිකන්ම කිරි කෝපි තමයි . නෙස්කැෆේත් මල් හතයි

  8. කාරියකරවන said, on මාර්තු 21, 2012 at 10:45 පෙ.ව.

    ලංකාවේ අප බහුලව දකින්නේ නෙස්කැෆේ නම් කිරි කෝපි වර්ගය ලබා දෙන කෝපි සාදන යන්ත්‍රයක් පමණි. විවිධ වර්ගයේ කෝපි වර්ග දැක්වෙන මෙනුවක් සහිත අවන්හල් ඇත්තේ කොළඹ නගරයේ පමණි. ඒවා ද මිල අධික සුපිරි මට්ටමේ ඒවා බැවින් තේ හෝ කෝපි වට්ටෝරු විවිධාංගීකරණයක් ලංකාවේ තවම සිදුවී නැති බව මාගේ උපකල්පනයයි. මේ වර්ගයේ කෝපි සාදන යන්ත්‍රයක් මිලදී ගත හැකි ස්ථානයක් අගනුවර තිබේ ද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: