අරුණි ශපීරෝ‍ වෙතින්

මව්බිමේ ස්වෛරීත්වය රකිමු -කවුද රොන් පෝල්?

Posted in Uncategorized by arunishapiro on මාර්තු 23, 2012

මව්බිමේ ස්වෛරීත්වය රකින්නට අවශ්‍ය යැයි ලෝකයේ නන් දෙසින් රටවල් නිතර කෑ ගසති. ඒ රටවල් වෙනුවෙන් නැඟී සිට හඬක් නඟන්නට තවත් රටවල් ද එකතු වෙති.

එහෙත් මව්බිමේ ස්වෛරීත්වය ආරක්ෂා කරන්නට යැයි හඬ නඟනා කිසිවෙක් රොන් පෝල් ගැන කිසිවක් නොකියති. නොලියති.

ෆෙඩරල් වියදම්වලින් ඩොලර් ට්‍රිලියනයක් වහාම කප්පාදු කිරීම සහ විවිධ ෆෙඩරල් ඒජන්සි වසා දැමීම (රොන් පෝල් හා රික් පෙරී) ඉල්ලා ඇත.” මෙසේ ලියන ලෝක සමාජවාදී වෙබ් අඩවිය ද ඒ ගැන කියන්නේ “ඒවා ඉදිරිපත් කිරීම පුලුල් මහජනතාවගේ මනෝගතීන් සමග පැවති සියලු සබඳතා බිඳගත් දේශපාලන පද්ධතියක ලක්ෂනයකි,” කියාය.

එහෙත් රොන් පෝල්ගේ දේශපාලන ජීවිතයේ දී ඔහුගේ මේ අදහසට ඇමෙරිකන් ජනතාවගේ සිත් වඩාත් ම දිනාගත් යුගය උදා වී ඇත්තේ මේ කාලයේ ය. පසුගියදා ඉලිනොයි විශ්ව විද්‍යාලයේ පැවති රොන් පෝල් රැළියට පන්දහසක සංඛ්‍යාවක් එකතු වී වාර්තාවක් තැබූහ.

“විදේශාධාර යනු ධනවත් රටවල ඉන්නා දුප්පත් මිනිසුන්ගෙන් ගන්නා මුදල් දුප්පත් රටවල ඉන්නා ධනවත් මිනිසුන් වෙත දෙන්නකි,” යන රොන් පෝල් ප්‍රකාශයේ මුල් කොටස ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව හඳුන්වන්නේ සුනරුතයක් කියාය (The first half of the quip is nonsense). ඇමෙරිකන් ධනවතුන් වෙතින් වැඩි බදු අය කර සහන සේවා පුළුල් කළ යුතු යැයි නිතර කියන ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව මෙතැන දී උත්සුක වන්නේ ඇමෙරිකාවේ අඩු ආදායම් ලබන 40% ක ජනතාව බදු නොගෙවන බව පෙන්වීමටයි. බදු නොගෙවන නිසා ඔවුන්ගේ මුදල් විදේශාධාර වලට අයිති වෙන්නේ නැති බව පෙන්වන්නට ය. එහෙත් බදු නොගෙවූ පමණින්, රජය දෙන විදේශාධාර නැවතුනොත් ඒ මුදලින් ඔවුනට දැනට ලැබෙන ආධාර තවත් වැඩි වෙන්නට හැකිබව ‘ද ඉකොනොමිස්ට්’ සඟරාවට අමතක වී ඇත. නොගිණිය යුතු (negligible) බරක් වුවත් ඇයි ඇමෙරිකන් දුප්පතුන් පිට පටවන්නේ?!!!

විදේශාධාර (foreign aid) හා මානුෂීය ආධාර (humanitarian aid) අතර වෙනස රොන් පෝල් කියා ඇත. මානුෂීය ආධාර යනු ස්වභාවික ව්‍යසනයක දී රටක් වෙනුවෙන් ලබාදෙන ආධාර වෙති. එය නතර කළ යුතු යැයි රොන් පෝල් කියා නැත.

2004 වසරේ දී ඇමෙරිකන් රජයේ විදේශාධාර වලට වඩා තුනයි හමාරක ගුණයකින් පුද්ගලික ආධාර (ඩොලර් බිලියන 71 ක් පමණ) ලෝකයා වෙත ඇමෙරිකන් ජනතාව යවා ඇත. (14 වැනි පිටුව) ඒ දෙවැනි වතාවටත් බුෂ් පුතාට චන්දය දුන් හානියේ ඵල ජනතාවට දැනෙන්නට පෙර ය!!!

පිටදේශයක ස්වෛරීත්වය නොරකින විදේශාධාර වහාම නතර කරනු යැයි කියමින් ඇමෙරිකාව පුරා යමින් ජනතාවගේ සිත් දිනාගන්නා රොන් පෝල් ගැන බහුතර ඇමෙරිකානුවන් වැඩි සැලකිල්ලක් නොදැක්වීම කමකට නැත. එහෙත් කාලාන්තරයක් තිස්සේ ඇමෙරිකාව තම රටවල ස්වෛරීභාවයට ඇඟිලි පොවනවා යැයි කියනා කිසිම රටකින්, කිසිම සංවිධානයකින් රොන් පෝල් ගැන කතාබහක් නැතිවීමෙන් කුමක් කියන්නේ ද?!!!!!

අපිත් කැමති විදේශාධාර දෙන ජනාධිපතිවරයෙක්ව උඹලා පත් කරගන්නවා නම් ය. ඒත් අපි අකැමති කොන්දේසි දාපු ගමන් අපි ස්වෛරීත්වය වෙනුවෙන් කෑ ගහනවා …. එහෙම ද?!!!!

මව්බිමේ ස්වෛරීත්වය ගැන කතා කිරීමට අයිතියක් ඇති, ඇමෙරිකන් විදේශාධාර නොලබන රටක් නම් කියුබාවයි.

16 වැනි පෝප් බෙනඩික්ට් සෙනසුරාදා කියුබාවට යාමට නියමිතය. කියුබාවේ රාජ්‍ය නොවන සංවිධාන ඇත්තේ අල්පයකි. කතෝලික පල්ලිය එයින් එකකි. ‘සුදු ඇඳගත් කාන්තාවෝ’ කියුබානු රජයට විරෝධය පාමින් සැන්ටා රීටා පල්ලියේ දේව මෙහෙයෙන් පසුව හවානා නගරයේ විරෝධතා පා ගමනක් සතිපතා පවත්වන පිරිසකි. ඔවුන්ගෙන් සමහරු අත් අඩංගුවටත් විරෝධතා පා ගමන තහනම් වීමත් පසුගියදා සිද්ධ විය. 2003 මාර්තුවේ ‘කළු වසන්තය’ නම් හැඳින්වූවේ දී රජයට විරෝධය පෑ 75 දෙනෙක් අත් අඩංගුවට ගැණින. කතෝලික පල්ලියේ මැදිහත්වීමෙන් ඔවුන් පිරිසකට නිදහස් වී ස්පාඤ්ඤය බලා යන්නට අවස්ථාව පෑදිණ. එහෙත් මෙවර විරෝධතා දැක්වූවන් ව අත් අඩංගුවට යැවුනේ කතෝලික පල්ලියේ කියුබානු කාදිනල් Jaime Ortega අතිනි. 16 වැනි පෝප් බෙනඩික්ට් පැමිණ ගිය පසුව තවත් රජයට විරෝධතාවය පා සිරදඬුවම් විඳින කතෝලික කී දෙනෙකුට ස්පාඤ්ඤයට යා හැකිවේ ද? නැත්නම් කතෝලික පල්ලියේ ද සහායෙන් අතුරුදහන් වූ සංඛ්‍යාව කියුබාවේ වැඩිවෙනු ඇත් ද?

උපන්බිම හැරලා ජීවිතය රැකගන්නට වෙනත් දේශයකට පලා යන්නට සිද්ධ වන මව්බිමක ස්වෛරීභාවයේ අගයක් ඇත්තේ කාට ද?!!!

Advertisements

7 Responses

Subscribe to comments with RSS.

  1. Observer said, on මාර්තු 23, 2012 at 10:30 පෙ.ව.

    Was here , but didn’t read, will be back, but not tonight. 🙂

  2. W.A. Wijewardena said, on මාර්තු 23, 2012 at 1:36 ප.ව.

    Well argued!

  3. Lamb lansakara said, on මාර්තු 24, 2012 at 7:52 පෙ.ව.

    Are you accept the resolution of UN Genewa against Srilanka?

    • arunishapiro said, on මාර්තු 24, 2012 at 9:10 පෙ.ව.

      Lamb lansakara,

      ඔයා අහන්නෙ පසුගියදා ජීනිවා හි එක්සත් ජාතීන් විසින් ලංකාව ගැන ගත්තා වූ තීරණය මම පිළිගන්නවා දැයි කියා නම් පිළිතුර නැත යන්නයි.

      මම, එක්සත් ජාතීන්ගේ සංවිධානයක් ලෝකයට අවශ්‍ය නැතැයි ද, ඇමෙරිකාව වෙනත් රටවල ස්වෛරීත්වයට අත ගැසිය යුතු නැතැයි ද, සියළු ඇමෙරිකන් හමුදා ආපසු ඇමෙරිකාවට ගෙන ආ යුතු යැයි ද, කිසිත් විදේශයකට ඇමෙරිකන් බදු ගෙවන ජනතාවගේ මුදල් ආධාර පිණිස යැවිය යුතු නැතැයි ද කියනා ඇමෙරිකානුවන් සමඟ එකඟ වෙන ඇමෙරිකානුවෙක්මි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: