අරුණි ශපීරෝ‍ වෙතින්

රජු කිසිදා මිය නොයයි

Posted in Uncategorized by arunishapiro on මාර්තු 27, 2012

ආප්තවාක්‍ය (maxim) යන්නේ අර්ථය සාමාන්‍ය සත්‍යයක්, මූලික සිද්ධාන්තයක් නැත්නම් හැසිරිය යුතු රීතියක් යන්නයි. එහි තවත් අර්ථයක් වනුයේ ප්‍රස්ථාව පිරුළුක් (proverb) යන්නයි.

“බලා සිටින හැලිය උණුවෙන්නේ නැත” යන්න ඉංග්‍රීසි ප්‍රස්ථා පිරුළුකි. ක්ලයිව් ගොඩාර්ඩ් නැමති කාටූන් ශිල්පියා ඇන්දේ සාස්පානක් වටේ සිටගෙන ඒ දිහා බලා සිටි විද්‍යාඥයෝ ඒ හැම පර්යේෂණයේ දී ම හැලිය උණුවනවා දැකි බව පෙන්වන කාටූනයකි!!!

එහෙත්, එයින් අදහස් වන්නේ යමක් සිද්ධ වෙන තෙක් බලා සිටිය පමණින් එය සිද්ධ වෙන්නේ නැතැයි කීමට ය.

ලතින් ආප්තවාක්‍ය්‍යක් නම් “රජු කිසිදා මිය නොයයි” (Rex nunquma moritur – The King never dies) යන්නයි.

එයින් අදහස් වන්නේ කුමක් ද?!!!

තවත් ලතින් ආප්තවාක්‍ය්‍යක් නම් “ඒකීය පුද්ගලයන්ට වඩා රජු ලොකුයි, ඒත් සියළු ජනතාවට වඩා කුඩාය,” (Rex est major singulis, minor universis -The King is greater than individuals, less than all the people).

එයින් අදහස් වන්නේ කුමක් ද?!!!

ඊයේ ඔබාමා සෞඛ්‍ය පනත ගැන විමසන්නට ඇමෙරිකාවේ සුපිරි උසාවිය රැස්වූහ. සුපිරි උසාවිය ඉදිරිපිට ඔබාමා සෞඛ්‍ය පනතට විරුද්ධ වූවන් විරෝධතා පෑහ. අදත් එය එහි දී කතාබහට ලක්වෙන්නකි. අදත් විරෝධතා පාන අය එහි රැස්වෙනු ඇත.

ඇමෙරිකාවේ ගිවිසුම් නීතිය අදාල පාර්ශවයන්ගේ කැමැත්තෙන් එළඹෙන එකඟතාවය මත පදනම් වූවකි. බලහත්කාරයෙන් ගිවිසුමකට එළඹෙන්නට යම් පාර්ශවයක් නම්වා ගන්නේ ද ඒ ගිවිසුම කිසිම උසාවියක වළංගු නැත.

මේ ව්‍යවහාර නීතිය නිදහසේ නීතියක් යැයි පෙන්වා දුන්නේ ඇමෙරිකානු නිදහස් ප්‍රඥ්පතියටත්, ඇමෙරිකන් ව්‍යවස්ථාවටත් අත්සන් තැබූ ජේම්ස් විල්සන් විසිනි.

අද සුපිරි උසාවිය ඉදිරියේ නීතිය කෙසේ පැහැදිලි වේවි ද? හෙටත් ඔවුන් හමුවනු ඇත. හෙටත් විරෝධතා පානා අය ද යනු ඇත. රජු කිසිදා මිය නොගියත් සියළු ජනතාවට වඩා කුඩා වෙයි ද?!!!!

Advertisements

21 Responses

Subscribe to comments with RSS.

  1. Amjali said, on මාර්තු 27, 2012 at 8:03 පෙ.ව.

    Court of law – Is it the same as Sri Lanka ?

  2. kathandarakaraya said, on මාර්තු 27, 2012 at 8:15 පෙ.ව.

    මිලියන් තිහකට සෞඛ්‍ය පහසුකම් සපයන ඔබාමා පනතට මං නං එකඟයි.

    • arunishapiro said, on මාර්තු 27, 2012 at 9:00 පෙ.ව.

      kathandarakaraya,

      මෙහෙ ඉන්න සමහර අය හිතන්නෙ මේවා දෙන්නෙ ඔබාමාගේ සල්ලි වලින් කියලා. ඒ අයට මම කියන්නම් කතන්දරකාරයා ඇමෙරිකාවට සල්ලි එවන බව මේ වියදම් පියවන්න!!!!

      //ඒවාට කැමති වූවන් හා ඒවා ගැන කිසිවක් නොකී පිරිසක් සමඟින් කරන ලද රටේ නිෂ්පාදනය පාලනයේ සිටි වැඩිදෙනාගේ කැමැත්ත අනුව බෙදා දැමුණි. අවසානයේ දී නිෂ්පාදනයේ වගකීම ගන්නට කිසිවෙක් නොවිණ. හැමෝම බෙදා දීමේ වගකීම පමණක් ගත්හ.//

      අනුන්ගේ දේවල් තවත් අයට බෙදලා දෙන්න රටේ විතරක් නෙමෙයි බලාගෙන ගියාම පිටරටවල් වලින් ද කැමති අය ඉන්නවා!!!!

      • W.A. Wijewardena said, on මාර්තු 27, 2012 at 9:48 පෙ.ව.

        Obama is trying to win the next election by offering many goodies out of tax payers’ money. This is the tactic used by all politicians who have to go before people seeking a new mandate. Eventually, it is the people who have to pay themselves. What smart tactics!

        • arunishapiro said, on මාර්තු 28, 2012 at 8:51 පෙ.ව.

          W.A. Wijewardena,

          චන්ද දිනා ගන්නට නැති දේවල් දීම නිසා ග්‍රීසියට වෙලා තියන ඛේදවාචකය වැටහෙන්නේ කීයෙන් කී දෙනාට ද? යුරෝපා හවුල තවමත් ටින් එක ඉස්සරහට පයින් ගසමින් සිටිනවා මිසක ඒ ගැන කිසිත් නොකිරීමෙන් පේන්නේ චන්දය දිනා ගැනීම මිස පාලකයන්ට රට ගැන හෝ රටවැසියන් ගැන කිසිත් කැක්කුමක් ලොවම නැති බවයි.

      • kathandarakaraya said, on මාර්තු 27, 2012 at 4:33 ප.ව.

        ඔබ අයබදුවලට සහමුලින් ම විරුද්ධද? Wealth tax, income tax, land tax, import duty, export levy, excise duty යනාදියට?

        ඔබ විරුද්ධ ප්‍රතිපත්තියක් මතද, නැත්තං ඔබේ පොකැට්ටුවෙන් යන නිසාද?

        • arunishapiro said, on මාර්තු 28, 2012 at 8:56 පෙ.ව.

          kathandarakaraya,

          මගේ පොකැට්ටුවෙන් යන ගාන මට පාලනය කරන්න පුළුවන්. ජීවත් වෙන්නට ප්‍රමාණවත් ආදායමක් මිස ඊට වඩා වැඩියෙන් උපයන්නට හැකියාව තිබිය දී අනුන්ට රැකියාවල් දී, රටේ නිෂ්පාදනයට අත දී, වැඩියෙන් හම්බ කරන නිසා වැඩියෙන් බදු නොගෙවීමෙන්.

          තවත් විදියකින් කිව්වොත්, බදු කියන්නේ නිර්මාණශීලීත්වය, උත්සාහය සහ කැපවීමට එරෙහි වූ ක්‍රියා පිළිවෙතක්. එයින් කරන්නේ මිනිසා කම්මැලියෙක් කිරීමයි. වැඩි බදු ඇති රටවල් දිහා බලන්න. බදු අඩු රටවල් දිහා බලන්න. වෙනස දකින්නට හැකිනම් මා විරුද්ධ වන්නේ ප්‍රතිපත්තියක් මත ද නැත්නම් පොකැට්ටුවෙන් යන නිසා ද යන්න වටහා ගන්නට පුළුවන් වේවි.

    • prabath said, on මාර්තු 28, 2012 at 11:52 පෙ.ව.

      මා දන්නා පරිදි මා ඉගෙනගත් විශ්ව විද්‍යාලයත් ඇතුළුව බොහෝ ඇමරිකන් විශ්ව විද්‍යාල සියලුම ශිෂ්‍යන්ට සෞඛ්‍ය රක්ෂණයක් අනිවාර්ය කර තිබේ. එම විශ්ව විද්‍යාලම අධ්‍යාපන ගාස්තු ඇතුළුව රක්ෂණ වාරික ගෙවීම සඳහා ශිෂ්‍යත්ව ලබා දෙයි. මේ සමහරක් ශිෂ්‍යත්ව සඳහා කතන්දර උන්නැහේගේ කොහොම වෙතත් ඇල්කෙමියාගේත් මගෙත් බදු මුදල් නම් යොදා ගෙන තිබේ.

      දැන් බලාගෙන ගියාම රිපබ්ලිකන් දර්ශනයට අනුව එකත් ව්‍යවස්ථා විරෝධියි වගේ.

    • prabath said, on මාර්තු 28, 2012 at 11:56 පෙ.ව.

      අවාසනාවකට වගේ “ අනුන්ට රැකියාවල් දී, රටේ නිෂ්පාදනයට අත දී, වැඩියෙන් හම්බ කරන” රිපබ්ලිකන් පාලන කාලයේදීමනේ රටේ ආර්ථිකයත් වැටුනේ.

      • arunishapiro said, on මාර්තු 29, 2012 at 9:08 පෙ.ව.

        prabath,

        ඔව්, ඇමෙරිකාවේ වැඩ කරන ඇමෙරිකන් පුරවැසි නොවන අය ආදායම් බදු නමින් ගෙවද්දී සමාජ සුබ සාධන බදු ද ගෙවනවා. ඒවායෙන් ඔවුනට කවදා හෝ පුරවැසිභාවයක් නොලැබුන හොත්/ ලබා නොගත්තොත් සමාජ සුබසාධන ලබා ගන්නටත් අවස්ථාවක් අහිමි වෙනවා.

        රිපබ්ලිකන් දර්ශනය කියන්නෙ දේශපාලන පක්ෂයක දර්ශනයක්. ධනවාදය කියන්නෙ ආර්ථික ක්‍රමයක්. නිදහස් වෙළඳපොල කියන්නෙ ධනවාදී ආර්ථික ක්‍රමයේ පදනම.

        ඇමෙරිකන් ව්‍යවස්ථාවට විරුද්ධ ක්‍රියාවක් වන ෆෙඩරල් ආදායම් බදු පටන් ගන්නේ මුලින් ම 1862 දී. ඒ ඇමෙරිකන් සිවිල් යුද්ධයට ආධාර පිණිස. 1872 දී එය අහෝසි වෙනවා. නැවත 1894 දී ස්ථාපනය වෙනවා. ඊට පස්සෙ අවුරුද්දේ දී එය ඇමෙරිකන් සුපිරි උසාවිය මඟින් ව්‍යවස්ථා විරෝධී යැයි තීරණය වෙනවා. ඒත් 1913 දී ඇමෙරිකන් ව්‍යවස්ථාවට එකතු වූ 16 වැනි සංශෝධනය මඟින් ආදායම් බදු සදහට ම ඇමෙරිකාවේ බදු පද්ධතියක් බවට පත්වෙනවා.

        ඒ සියල්ල එක දේශපාලන පක්ෂයක් විසින් කරන ලද්දක් නොවෙයි. බල ලෝභී වූ පාලකයන් විසින් හෙමින් හෙමින් බලය තව තවත් අල්ලා ගන්නට කාලයක් තිස්සේ ආ ගමනක්. ඇමෙරිකාවේ පක්ෂ දේශපාලන කාල සීමාවන් දිහා බැලුවොත් ජනාධිපති කවුරු වුනත්, කොංග්‍රසය හැදෙන නියෝජිතයන් හා සෙනෙට් සභාවන් වැඩි කාලාන්තරයක් පාලනය කර ඇත්තේ ඩෙමොක්‍රැටික් පක්ෂයේ බහුතරයෙන්. ඒකයි මම සමාජවාදය කරා යන ඇමෙරිකාවක් යැයි කියන්නෙ. ජනාධිපති බලය ඇමෙරිකාවේ හරියටම වැඩ කරන හැටි දකින්න පුළුවන් නියෝජිත සභාවේ සභාවේ බහුතර චන්ද අහිමි වූවාට පසු ඔබාමාට තවම බජට් එකක් සම්මත කරගන්න බැරි වීමෙන්.

        ගැටළුව රිපබ්ලිකන් හෝ ඩෙමොක්‍රැටික් පක්ෂ දේශපාලන දර්ශනයක් ගැන නොවෙයි. එය ඇමෙරිකන් නිදහස හා ව්‍යවස්ථාව ගැන වූ දැක්ම පිළිබඳ ප්‍රශ්නයක්. කුඩා ආණ්ඩුවක් ගැන වැඩි අවධානයක් අද යොමු වී තියෙන්නේ ලිබටේරියන්වාදී (ඒක තවත් දේශපාලන පක්ෂයක්) රොන් පෝල් වසර 24 ක් තිස්සේ නැඟූ හඬ නිසා. එසේම රිපබ්ලිකන් හා ඩෙමොක්‍රැටික් පක්ෂ දෙකෙන් ම කාලයක් තිස්සේ කළ නිදහස හා ව්‍යවස්ථා කප්පාදු වලින් අද රට පවත්වා ගෙන යාමට දුෂ්කර බව අවබෝධය නිසයි.

        //අවාසනාවකට වගේ “ අනුන්ට රැකියාවල් දී, රටේ නිෂ්පාදනයට අත දී, වැඩියෙන් හම්බ කරන” රිපබ්ලිකන් පාලන කාලයේදීමනේ රටේ ආර්ථිකයත් වැටුනේ.// ඒ නිසා නෙමෙයි ආර්ථිකය වැටුනේ … ධනවාදී ආර්ථික ක්‍රමයට පටහැනි ප්‍රතිපත්ති නිසයි: හැමටම නිවසක් ලබා ගත හැකි නිවාස ණය, ඉන්ධන සඳහා තිරිඟු ගොවීන්ට ආධාර, පරිසරය රකිනවා යැයි කියමින් ව්‍යාපාර වලට හානිකර ප්‍රතිපත්ති, බංකොළොත් බැංකු බේරාගන්නට යෑම හා යුද්ධ වලට යෑම නිසා … ඒකයි යුද්ධය නවතා වොෂිංටනය වැඩ කරන හැටි වෙනස් කරනවා යැයි බලාපොරොත්තු ගෙනාපු ඔබාමාට රැවටුනු ඇමෙරිකානුවන් චන්දය දුන්නෙ.

  3. Alchemiya said, on මාර්තු 27, 2012 at 12:35 ප.ව.

    පිස්සු හැදෙනවා….
    මම හිතුවෙ අරුණි අක්කා අපේ රජ්ජුරුවො ගැන කියනවා කියලා……

  4. kevin perera said, on මාර්තු 27, 2012 at 10:17 ප.ව.

    dead or alive i think any king need to be taken down. this is 21st century

  5. Sudath said, on මාර්තු 28, 2012 at 6:46 පෙ.ව.

    මා නිතර ඔබ හා රණ්ඩු වෙනවා සුළු සුළු කාරණාවන්ට. ඒත් මෙය පෞද්ගලිකව දැන්වීමට නොහැකි නිසා කමෙන්ට් එකක් ලියනවා හැරෙන්නට වෙන කළ හැකි දෙයක් නැහැ මට.
    හැබැයි මේකත් අර “තියටර්” කේස් එක වගේ. (මට එදා මතක් වුනේ නෑ “Home Theatre = ගෘහ ශල්යාිගාරය” කියල කියන්න.)
    අනිත් විහිළුව තමයි, මං තවම ඔබේ ලිපිය කියෙව්වෙවත් නැති එක.
    //ආප්තවාක්යි (maxim) යන්නේ අර්ථය සාමාන්යක සත්ය් ක්, මූලික සිද්ධාන්තයක් නැත්නම් හැසිරිය යුතු රීතියක් යන්නයි. එහි තවත් අර්ථයක් වනුයේ ප්රාස්ථාව පිරුළුක් (proverb) යන්නයි//
    Maxim යන්නට ඔබ දී ඇති තේරුම් අතිශයෙන්ම නිවැරදිය.
    “ආප්ත වාක්ය්ය” යන්න maxim කියා පරිවර්තනය කරනු ලැබේ. එහි වරදක් නැත.
    එහෙත්, ආප්ත වාක්යීයක් යනු මූලික සිද්ධාන්තයක් නම් නොවෙයි.

    • arunishapiro said, on මාර්තු 28, 2012 at 9:11 පෙ.ව.

      Sudath,

      //මං තවම ඔබේ ලිපිය කියෙව්වෙවත් නැති එක.//

      ඉතින් ඒ නිසා මේ උත්තරය ඔයාට නෙමෙයි සුදත්, අර කියවපු අයටයි හොඳේ!!!

      ආප්තවාක්‍යයක් යනු මූලික සිද්ධාන්තයකි.

      තවත් උදාහරණ මෙසේය:

      “It is from our enemies that we often gain excellent maxims, and are frequently surprised into reason by their mistakes,..” -Thomas Paine, Common Sense, 1776 Bantam Classic Edition, 2004 p 58 (සුදත් මගේ හතුරෙක් යැයි සලකන්නේ නැති බව කරුණාවෙන් දන්වමි :D)

      a scientific maxim
      Hemmingway : Always do sober what you said you’d do drunk.
      A scientific version of this maxim: Always work out a test of whatever wild speculations you make

      ***
      MAXIMS ABOUT NUMERICAL MATHEMATICS, SCIENCE, COMPUTERS, AND LIFE ON EARTH

      The following is a somewhat modified list of the maxims handed out in my Spring 1997 Cornell course, Software Tools for Computational Science. -Nick Trefethen

      At the bottom of each sheet I wrote the following disclaimer. In order to stimulate thought, these maxims are formulated as concisely as possible, with qualifications and caveats omitted. You may find some of them exaggerated or oversimplified.

      Scientific progress occurs by revolutions and paradigm shifts on all scales. If Kuhn had written The Structure of Scientific Revolutions after the popularization of fractals, he would never have dared to suggest there were just two.

      There are three great branches of science: theory, experiment, and computation.

      If no parameters in the world were very large or very small, science would reduce to an exhaustive list of everything.

      Science is the extraction of underlying principles from given systems, and engineering is the design of systems on the basis of underlying principles.

      A computational study is unlikely to lead to real scientific progress unless the software environment is convenient enough to encourage one to vary parameters, modify the problem, play around.

      If the answer is highly sensitive to perturbations, you have probably asked the wrong question.

      One of the most important of disciplines is the one that never assumed its logical name: mathematical engineering.

      The big gulf in the mathematical sciences is between the continuous problems (and people) and the discrete ones. Most scientists and engineers are in the continuous group, and most computer scientists are in the discrete one.
      The fundamental law of computer science: As machines become more powerful, the efficiency of algorithms grows more important, not less.

      The two most important unsolved problems in mathematics are the Riemann hypothesis and ” P=NP? “. Of the two, it is the latter whose solution will have the greater impact.

      No physical constants are known to more than around 11 digits, and no truly scientific problem requires computation with much more precision than this. (OK, throw in another 5 or 6 digits to counter the slow accumulation of rounding errors in very long calculations — using numerically stable algorithms, of course, without which you’re sunk in any precision.)

      Digital arithmetic is no more the essence of scientific computing than collisions of molecules are the essence of fluid mechanics.

      All that it is reasonable to ask for in a scientific calculation is stability, not accuracy.

      Most problems of continuous mathematics cannot be solved by finite algorithms.

      Chess is a finite game, hence trivial, but this fact does not seem to dismay those who play it.

      If rounding errors vanished, 95% of numerical analysis would remain.

      Just because there’s an exact formula doesn’t mean it’s necessarily a good idea to use it.

      For large-scale problems of continuous mathematics, the best algorithms are usually infinite even if the problem is finite. In other words, analysis is more useful than algebra, even if the problem is algebraic.

      Symbolic computing is mainly useful when you want a symbolic answer.

      As technology advances, the ingenious ideas that make progress possible vanish into the inner workings of our machines, where only experts may be aware of their existence. Numerical algorithms, being exceptionally uninteresting and incomprehensible to the public, vanish exceptionally fast.

      Is there an O(n2+epsilon) algorithm for solving an n x n system Ax=b ? This is the biggest unsolved problem in numerical analysis, but nobody is working on it.

      The purpose of computing is insight, not pictures.

      Twenty years ago, we did not interact with computers graphically, but now, everything is graphical. In the next twenty years an equally great change will occur as we take to communicating with machines by speech.

      109 is a kind of magic number, above which new effects emerge. Think of neurons in the brain, nucleotides in the genetic code, people on earth, or the number of calculations carried out by a computer each time you press Enter.
      Eventually mankind will solve the problem of consciousness by deciding that we are not conscious after all, nor ever were.

      In the long run, our large-scale computations must inevitably be carried out in parallel.

      Nobody really knows how to program parallel computers. Nobody really knows how the brain works. In the next century, related revolutionary developments will occur in both areas.

      Advanced technological civilizations can last a few hundreds or maybe thousands of years, but not millions. If this is not so, how can you explain the extraordinary coincidence that you live right at the dawn of this one? And how can you explain the fact that despite millions of years in which to make the journey, civilizations from other parts of the universe have not taken over the Earth?

      Thanks to digital logic and careful error correction, computers have traditionally behaved deterministically: if you run the program twice, you get the same answer both times. However, as computing becomes ever more intelligent and more distributed in the upcoming century, determinism in any practical sense will fade away. No fully intelligent system can be expected to give you the same answer twice in a row.

      If the state space is huge, the only reasonable way to explore it is at random.

      Computational mathematics is mainly based on two ideas: Taylor series, and linear algebra.

      In principle, the Taylor series of a function of n variables involves an n-vector, an n × n matrix, an n × n × n tensor, and so on. Actual use of orders higher than two, however, is so rare that the manipulation of matrices is a hundred times better supported in our brains and in our software tools than that of tensors.

      When the arithmetic is easy and the challenge lies in efficient ordering of a sequence of operations, computational science turns to graph theory. Two big examples are automatic differentiation and direct methods for sparse linear systems of equations.

      The two biggest world events in the second half of the 20th century were the end of the Cold War in 1989 and the explosion of the World Wide Web beginning in 1994.

      Mankind discovered 50 years ago what natural selection discovered 3.8 billion years ago. If you want to manipulate and copy information without errors, your logic has to be digital.

      Life on Earth consists of 107 species, each consisting of 1010 individuals, each consisting of 1013 cells, each consisting of 1014 molecules.

      Computer codes are better written than genetic ones, since there’s a programmer in the loop, but as they get bigger, this distinction is fading.

      Living things are 3D objects, yet they are constructed by folding up 1D pieces. This astonishing method of construction is what makes repair, reproduction, and natural selection practicable. If an infinite intelligence designed an organism from scratch, by contrast, presumably it would use 3D building blocks.

      Animals are composed of millions of autonomous cells, each performing specialized functions and communicating with the others by prescribed signals. It is almost unimaginable that large creatures could have been engineered without such a modular design. The same object-oriented principles apply in the engineering of large software systems.

      Once we know the human genome, will that knowledge prove useful? You might as well ask an expert user of a software system, might it be helpful to have access to the source code?

      • Sudath said, on මාර්තු 28, 2012 at 12:27 ප.ව.

        ඔබගේ අති දීර්ඝ වූ පිළිතුර ගැටළුවට අදාළ නැත.
        MAXIM යන්න පැහැදිළි කිරීම සඳහා ඔබ සාර්ථක ලෙස උත්සාහ කර තිබේ. එම වචනයට ඔබ දෙන තේරුම් නිවැරදියැයි මම පිළිගනිමි. ඒ ගැන මගේ විතර්කයක් නැත. එහෙත් එම වචනයේ තේරුම් කිහිපයක් ඇත. මධුර ඉංගිරිසි – සිංහල ඩික්ෂනරියේ හැටියට සිද්ධාන්තය, ආ‍ප්තෝපදේශය, ආප්තවාක්‍යය, කුඩා කාලතුවක්කු වර්ගයක්, උපදේශ වාක්‍යය, විධිය, නියමය, ආප්තය යන තේරුම් එම වචනයෙහි තිබේ. මේ වෙලාවේ මට මලලසේකර ශබ්ද කෝෂය සොයාගැනීමට නොහැකිය.
        එහෙත්, ආප්ත වාක්‍යය යනු මූලික සිද්ධාන්තයක් නොවේ. ආප්ත වාක්‍යයක් යනු යම් පඬිවරයකු වැනි අයකු විසින් පවසන ලද උපදේශාත්මක වාක්‍යයකි. මූලික සිද්ධාන්තයක් යනු fact එකකි. එය වූකලී පවතින සත්‍යයකි. කිසිවකු විසින් සිද්ධාන්තයක් කිසි දාක බොරු කළ නොහැකිය. එහෙත්, ආප්ත වාක්‍යයක් සෑම කල්හිම සත්‍ය‍ වන්නේ නැත. ආප්ත වාක්‍යයක ඇත්තේ සාපේක්ෂ සත්‍යතාවයකි.
        සෑම භාෂාවකම වචන අතර “එකට එක” සම්බන්ධතාවක් නැති බව “ගෘහස්ත රඟමඬල” පිළිබඳ කියද්දීත් මා කියා ඇත. එය තැඹිලි ගෙඩිය උදාහරණයකට ගෙන පෙන්වා දීමට මා උත්සාහ කළෙමි. යම් කිසි වචනයකට අපට කැමති පරිදි අර්ථ දැක්වීම් කළත්, නිවැරදි වන්නේ පොදු පිළිගැනීමයි.
        ලිපියේ ප්‍රස්තූතයට අදාළ නොවන කාරණයක් ගැන දිගින් දිගට ලිවීම ඔබගේ ලිපිය කියවන අයට කරන අසාධාරණයකි. ඔබ විසින් වැරදි වචනයක් පාවිච්චි කිරීම නිසා ඔබගේ ලිපියේ අන්තර්ගතයට හානියක් සිදු වී නැති බැවින් පාඨකයන්ට ලිපිය ප්‍රයෝජනවත්ය. එනිසා මම මෙතැනින් මෙම කමෙන්ටුව සමාප්ත කරමි.

        • arunishapiro said, on මාර්තු 29, 2012 at 9:23 පෙ.ව.

          Sudath,

          සුදත් අහවල් දෙයක් කියනවා දැයි මට සිතාගත නොහැකිය.

          //MAXIM යන්න පැහැදිළි කිරීම සඳහා ඔබ සාර්ථක ලෙස උත්සාහ කර තිබේ. එම වචනයට ඔබ දෙන තේරුම් නිවැරදියැයි මම පිළිගනිමි.//

          //එහෙත් එම වචනයේ තේරුම් කිහිපයක් ඇත// හැම භාෂාවකින්ම එකම වචනයකට විවිධ තේරුම් ඇති වචන බොහොමයක් සොයා ගත හැකිය.

          //මධුර ඉංගිරිසි – සිංහල ඩික්ෂනරියේ හැටියට සිද්ධාන්තය,// මලලසේකර ශබ්දකෝෂය අනුව ද maxim යන්නට දී ඇති පළමු වචනය සිද්ධාන්තය වෙයි. සෝමපාල ජයවර්ධනගේ සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයට අනුව ආප්තවාක්‍ය යනු maxim වෙයි.

          // මූලික සිද්ධාන්තයක් යනු fact එකකි.// fact යන්නට යෙදෙන සිංහල වචනය පරිසිද්ධියයි.

          //ඔබ විසින් වැරදි වචනයක් පාවිච්චි කිරීම නිසා ඔබගේ ලිපියේ අන්තර්ගතයට හානියක් සිදු වී නැති බැවින්// ?????

          “මඟීන්” (මලලසේකර, සෝමපාල ජයවර්ධන. මධුර) හා “මගීන්” (හරිශ්චන්ද්‍ර විජේතුංග) යන්න නිවැරදි ව ලියන්නේ කෙසේදැයි පිළිගන්නා පැති දෙකක් සිංහලෙන් ශබ්දකෝෂ ලියන උගතුන් අතර තිබිය දී සිංහලෙන් ලියන කියවන අය අතර ඇති //පොදු පිළිගැනීමක්// ගැන ඔබ කතා කරන්නේ කෙසේද?

          වචනයක ඇති අරුත් කිහිපයකින්, ලියන විදි කිහිපයකින්, තමන් කැමත්තක් තෝරා ගැනීම මා පාඨකයාට බාර කරමි.

  6. Ravi said, on මාර්තු 29, 2012 at 12:32 ප.ව.

    The King Had Died, Long Live the King……


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: