අරුණි ශපීරෝ‍ වෙතින්

රට බෙදන ජාතිවාදී ජනාධිපති

Posted in Uncategorized by arunishapiro on මාර්තු 28, 2012

ධනවාදය වහල් ක්‍රමය තුරන් කළ බවට ඉතිහාසය සාක්ෂි දෙනවා යැයි කියන්නේ Don Boudreaux නම් අර්ථ ශාස්ත්‍රඥයකු ය. ලිබටේරියන්වාදය විවේචනය කරමින් එහි සීමා ගැන සිරස්තලයක් යටතේ නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වහල් ක්‍රමය තුරන් කළේ ආණ්ඩුවේ බලය යැයි කියැවුණි. ඊට පිළිතුරු සපයන ඩොන් බූඩ්‍රෝ පෙන්වා දෙන්නේ මෙසේය:

“ඔබට වැරදිලා. ඉතිහාසයේ කාර්මික ධනවාදී යුගය තෙක් වහල් ක්‍රමය හැම තැනකම පැවතියක්. එම අතිදුෂ්ට ක්‍රමය අතුරුදහන් වූයේ එවිටයි. වහල් ක්‍රමය මැරුවේ ධනවාදයයි. ධනවාදය අති සුපිරි තත්වයක් දෙන්නේ නිර්මාණශීලීත්වය, උත්සාහයක් ගැනීම, හොඳ විනිශ්චය (මෙය කොතරම් දරුණු වහල් හිමියෙකුට වුව ද තම කසයෙන් වහලා වෙතින් උදුරා ගත නොහැක්කකි) යනාදියටයි. ධනවාදයට පණ පොවන නිදහස් වෙළඳපොලේ නිවහල් බව යන ඌරුව කිසිම මිනිසෙක් කිසිම මිනිසෙක්ව අයිති කරගැනීමට එරෙහිය. මුලින් ම කාර්මික වූ ඉංග්‍රීසි මුලින් ම වහල් ක්‍රමය තුරන් කරන්නට අත දාපු අය වීම ඒ නිසා අහඹු සිද්ධියක් නොවේ.

උතුරු ඇමෙරිකාවේ, වහල් ක්‍රමය තුරන් කරන්නට ධනවාදයෙන් ආ පීඩනයට එරෙහි වූයේ වහලුන් නිදහස් කෙරුවා යැයි ඔබ ප්‍රංශසා කරනා ආයතනයමයි: නොහොත් ආණ්ඩුවමයි. 17 වැනි සහ 18 වැනි ශ. ව. වල දී ඇමෙරිකන් ආණ්ඩුව “පලායිත වහල් පනත 1793 සහ 1850″ මඟින් වහල් හිමියන් වෙනුවෙන් ඔවුන් වෙතින් පලාගිය වහලුන් අල්ලන්නට හමුදාව යෙදවූහ. ඒ හමුදාව නැතිවෙන්නට ඇමෙරිකාවේ වහල් ක්‍රමය එතරම් කාලයක් වත් නොතිබී ඊට වඩා අඩු ලේ හෙලීමකින් සහ ඉක්මණකින් නැති වී යන්නට තිබුණි.”

ධනවාදය වහල් ක්‍රමය තුරන් කරන ලදි. එහෙත් අද සමාජවාදය කරා යන ඇමෙරිකාවේ වහල් ක්‍රමයෙන් ගැලවුනු අයෙක් ජනාධිපති වී නැවතත් ඔහු විසින් ම වහල් ක්‍රමයක් ගෙනෙන්නට උත්සාහයක යෙදෙයි.

ෆ්ලොරීඩාවේ උපන් 17 හැවිරිදි ට්‍රෙවාන් මාටින් පෙබරවාරි 26 වැනිදා තුවක්කු වෙඩි පහරකින් මිය ගියේය. ඔහුට වෙඩි තැබුවේ පෙරූ රටේ උපන් මවකට සහ සුදු හම ඇති (යුදෙව් වාසගමක් ඇති) ඇමෙරිකන් පියෙකුටත් දාව උපන් 28 හැවිරිදි ජෝර්ජ් සිමර්මන් විසිනි.

දැනට සැවොම පිළිගන්නා මෙතෙක් ප්‍රසිද්ධ වී ඇති තොරතුරු: ට්‍රෙවොන් මාටින් හිස වැසෙන්නට දමාගත් හුඩි ජර්සියක් හැඳගෙන ස්කිටල්ස් නැමති පැණිරහ කෑම බෑගයක් එක අතකින් ද අනිත් අතෙන් අයිස් තේ ටින් එකක් ද අතැතිව ගමන් කරමින් සිටියේය.

ආරක්ෂිත ගේට්ටු වලින් වැසුණු නිවාස සංකීර්ණයක් මැදින් හේ ගමන් කළේ එහි කිසිවෙක් හමුවන්නට නොවේ. ඔහු එහි ජීවත්වන්නෙක් ද නොවේ. ඔහු ඒ හරහා ගියේ ඇයිදැයි ඉදිරි දිනයෙක දැන ගන්නට හැකිවනු ඇත. ඒ නිවාස සංකීර්ණයේ අසල්වැසි ආරක්ෂාව සලසනු පිණිස ඉදිරිපත් වූ අයෙකි ජෝර්ජ් සිමර්මන්.

වෙඩි තැබීමෙන් පසුව පොලීසියට දැන් වූ තොරතුරු අනුව හා අවට සිටි අයෙකුගේ කට උත්තරයක් අනුව මේ තරුණයන් දෙදෙනා අතර බහින් බස් වීමක් හටගෙන ඇත. ජෝර්ජ් සිමර්මන්ගේ නැහැය බිඳී, කමිසයේ පිටුපස පැත්ත තණකොළ පැල්ලම් වලින් පිරි තිබි අතර ඔහුගේ හිසේ තුවාල ද තිබි බව පොලිසිය සටහන් කරගත්හ. තමාව බිම පෙරලා ගෙන තඩි බෑ නිසා තම ජීවිතයට අනතුරක් වේ යැයි බියෙන් වෙඩි තැබි බව ජෝර්ජ් සිමර්මන් පොලිසීයට දුන් කට උත්තරයයි.

16 හැවිරිදි ට්‍රෙවොන් මාටින් පාසැලට පැමිණීම දින දහයකට අත්හිටුවන ලද්දෙකි. ඒ ඔහු ළඟ මත්ද්‍රව්‍ය ගෑවුනු බෑගයක් තිබී හසුවූ බැවිනි. ඔහුගේ ඡායාරූප හා විඩියෝ පටි බහුල ලෙස මේ දිනවල අන්තර්ජාලයෙන් දකින්නට හැකිය. එහෙත් ප්‍රසිද්ධ මාධ්‍ය වලින් පෙන්වන අහිංසක ළමා පින්තූරයට වඩා මේවා බෙහෙවින් වෙනස් ය.

ජෝර්ජ් සිමර්මන්ගේ යහළුවෙක් වන ජෝ ඔලිවර් රූපවාහිනි වැඩසටහනකට පෙනී සිට සිමර්මන් ජාතිවාදී නොවන බව කියා සිටියේය. ජෝ ඔලිවර් කළු හම ඇති තරුණයෙකි.

සිද්ධිය ගැන අසා ජනාධිපති ඔබාමා ද මේ පටලැවිල්ලට එකතු වූයේ “මටත් පුතෙක් හිටියා නම් ඔහුත් ට්‍රෙවොන් වගේ පෙනෙන්නට තිබුණා” යැයි කීමෙනි. ජනාධිපතිවරයා එයින් අදහස් කළේ කුමක් දැයි සිතාගත නොහැකිව බහුතර ඇමෙරිකානුවන් තක්බීරිව සිටිති.

කළු හම ඇති කොළු ගැටයෙක් මේ අවුරුද්දේ වෙඩි කා මිය ගිය පළමු වතාව මෙය නොවේ. කළු අය බහුලව ඉන්නා චිකාගෝ නගරයේ කළු අය අතර වන වෙඩිතබා ගැනීම් දිනපතා අහන්නට ලැබේ. දත්ත පෙන්වන්නේ කළු හම ඇති අය අතින් වෙඩි කා වැඩියෙන් මිය යන්නේ කළු හම ඇති අය බවයි. එසේම සුදු හම ඇති අය අතින් වෙඩි කා වැඩියෙන් ම මිය යන්නේ ද සුදු හම ඇති අයයි. ඇල් ශාප්ටන් හා ජෙසී ජැක්සන් නැමති ජාතිවාදය විකුණාගෙන ජීවිකාව රැක ගන්නා අය, සුදු තරුණයෙක් අතින් වෙඩි කා මිය ගිය මේ සිද්ධිය කළු-සුදු භේදයක් කර ගැනීම පුදුමයක් නොවේ. මේ ඛේදවාචකයෙන් ඩොලර් මිලියනයක ආධාර සොයන්නට ලහි ලහියේ සූදානම් වී ඇත්තේ කළු අඳුන් දිවියන් නමින් වූ සංවිධානයකි. ඔවුන් විසින් නොබෝදා ප්‍රසිද්ධියේ ජෝර්ජ් සිමර්මන් අල්ලා දෙන්නෙකුට ඩොලර් දහදාහක තෑග්ගක් දෙන බව කියන ලදි. නීතියට එරෙහිව කටයුතු කරන්නට යැයි ජනතාව උසිගන්වා, නීතියට එරෙහිව සන්නද්ධ වෙන්නැයි ප්‍රසිද්ධියේ කියා සිටින මේ කළු අඳුන් දිවියන් වැරදි යැයි කියන්නට ඔබාමා කිසිත් ප්‍රකාශයක් නිකුත් කළේ නැත.

දැන් ඇමෙරිකාවේ කළු අය වැඩියෙන් ජීවත්වන ප්‍රධාන නගරවල කළු අය ප්‍රමුඛත්වය ගනිමින් ට්‍රෙවොන් මාටින් වෙනුවෙන් රැළි පැවැත්වේ. ඔහු මෙන් කළු හුඩි ඇඳගෙන ලා බ්‍රොන් ජේම්ස් හා තවත් කළු ක්‍රීඩා ලොවේ තරු ඡායාරූප නිකුත් කරති. ඒත් බහුතර කළු ඇමෙරිකානුවන් මෙය කෙසේ දකිනු ඇත් ද? රට බෙදන ජාතිවාදී ජනාධිපති නිසා ඔවුන් ආයෙත් වහලුන් වෙයි ද? නැත්නම් නිර්මාණශීලීත්වය, උත්සාහයක් ගැනීම හා හොඳ විනිශ්චයෙන් ඔවුන් ලබා ඇති දියුණුව තවත් ඉදිරියට ගෙන යාවි ද?

පක්ෂයට ලකුණු දාගන්නට රටක් දෙකට බෙදන්න ගන්නා වෑයම සාර්ථක වේදැයි වැඩි කලක් යන්නට පෙර ඔප්පු වේ ද?!!!!

ධනවාදයට එරෙහි අය විසින් කරනා ඕනෑම නීති විරෝධී ක්‍රියාවක් බාර ගැනීම ධනවාදයට විරුද්ධ වීම ද?!!!

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. W.A. Wijewardena said, on මාර්තු 28, 2012 at 10:09 පෙ.ව.

    True, even in SL, the Raajakaari Kramaya, a system of slavery used by the king for getting king’s work and other public works done by people without paying them compulsorily was abolished in 1833 by Colebrooke – Cameron reforms that paved the way for abolishing feudalism and establishing capitalism in SL.
    Capitalism, to survive and prosper, has to pay the highest to the best and slavery does not permit to do so. Hence, slavery has no place in capitalism.

    • arunishapiro said, on මාර්තු 29, 2012 at 8:39 පෙ.ව.

      W.A. Wijewardena,

      මට මතකයි ඉස්සර දවසක පත්තරයකින් දැක්කා ඇමෙරිකන් තානාපති වට කරගත් රතු සහෝදරයෝ රැසක් ඇමෙරිකාවේ වහල් ක්‍රමය ගැන ඇසූ ප්‍රශ්න වලින් තානාපතිවරයාව තක්බීරි කරන්නට සමත් වූවා කියා ලියූ වාර්තාවක්. ලංකාවේ ඉතිහාසය නොදන්නා අය කොහොම ද ඇමෙරිකාවේ ඉතිහාසය දන්නේ කියා යැයි එදා මට සිතුණා. ඒත් අද ඇමෙරිකන් ජනාධිපතිවරයා පවා රටේ ඉතිහාසය හා රටේ ව්‍යවස්ථාව නොදන්නා බව පෙන්වද්දී ඉතින් ඒ රතු සහෝදරයන්ට කෙසේ විහිළු කරන්න ද?!!!!!

  2. Ravi said, on මාර්තු 29, 2012 at 1:35 ප.ව.

    / සිද්ධිය ගැන අසා ජනාධිපති ඔබාමා ද මේ පටලැවිල්ලට එකතු වූයේ “මටත් පුතෙක් හිටියා නම් ඔහුත් ට්‍රෙවොන් වගේ පෙනෙන්නට තිබුණා” යැයි කීමෙනි. ජනාධිපතිවරයා එයින් අදහස් කළේ කුමක් දැයි සිතාගත නොහැකිව බහුතර ඇමෙරිකානුවන් තක්බීරිව සිටිති. /

    බොර දියේ මාළු බෑමේ ක්‍රීඩාවට ඔබාමා ද එකතු වී ඇති සෙයකි..:)

    කිසිසේත් පුදුම විය යුත්තක් නැති. අවසානයේදී ඔහුද තවත් එක් පොලිතීසියානුවෙක් පමණි.( Politician යන්නට පර්යාය ලෙස ටැබූ නිර්මාණය කල වදනකී)

    තක්බීරි වීම ගැන පවසන්නේ නම් අරුණි, ශ්‍රී ලාංකීය පුරවැසියන් අපි සර්වකාලීනව ( 24 hours a day /7 days a week ) තක්බීරි වී ඉඳිමු.අපගේ නායකයින් යයි කියාගන්නා අමන රැල කටේ තොලේ නොගැවී නිතොර පවසන්නේ අප මුළුමනින්ම තක්බීරි වන අන්දමේ කතා බැවිනි.

    එක් අතකට විශ්මයට පත් විය යුත්තක් ද ඇත්තෙන්ම නැත.ප්‍රජාතන්ත්‍රවාදය යනු වසර දෙදහසක් මුලුල්ලේ මිනිස් වර්ගයා විසින් සොයා ගත් වැරදි අඩුම පාලන ක්‍රමය විනා කිසිසේත්ම හොඳම පාලන ක්‍රමය නොවන බැවිනි.

    Democracy = Demonstrating the utter craziness of human race 🙂

    • arunishapiro said, on මාර්තු 31, 2012 at 10:03 පෙ.ව.

      Ravi,

      ඔව් ටැබූ දුන්නු වචනය -පොලිතීසියානුවෙක්- වෙන්න නැතිවම බැරි කුසලතාවයක් තමයි බොර දියේ මාළු බෑමේ ක්‍රීඩාව!!!

      ධනවාදය ගැන හරි හැටියට වටහා ගන්නේ නැතිව, එහි පදනම වන නිදහස් වෙළඳපොල අනුව ක්‍රියාත්මක කරන්නේ නැතිව එය තියෙන ආර්ථික ක්‍රම අතරින් වැරදි අඩුම ක්‍රමය නිසා යොදා ගන්නට යනවා වගේ වැඩක් තමයි ප්‍රජාතන්ත්‍රවාදය ද කිසිසේත්ම හොඳම පාලන ක්‍රමය නොවනවා යැයි රවී කියන කතාව. ප්‍රජාතන්ත්‍රවාදය නිසියාකාරව ක්‍රියාත්මක කෙරෙන රටවල් වල ජනතාව ඊට කළින් තිබි පාලන ක්‍රමයන් වල දී ට වඩා බෙහෙවින් දියුණු වී ඉන්නේ එය හොඳම නිසා. ඒත් ප්‍රජාත්‍රන්ත්‍රවාදය යැයි කියමින් වෙනත් පාලන ක්‍රමයන් පවත්වා ගෙන යමින් එය වෙන ක්‍රමයක් නැති නිසා හා වැරදි අඩුම නිසා කීම ධනවාදය වටහා නොගත් අය කියනා කතා සේ ප්‍රජාතන්ත්‍රවාදය ද වටහා නොගත් අය කියනා කතාවක් යැයි මම සිතන්නෙ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: