අරුණි ශපීරෝ‍ වෙතින්

රිචඩ් ඩාව්කින්ස් පරිනාමය වී නැත් ද?

Posted in Uncategorized by arunishapiro on මාර්තු 29, 2012

ජාතීන් අතර විවාහයන් සිද්ධ වීම නිසා ඇමෙරිකන් ඉතිහාසයේ මුල් අවදියේ පටන් ම ජාතීන් අතර වූ වෙනස්කම් වලට දුන් තැන අඩු වී පොදු ඇමෙරිකානු වර්ගීකරණයක් ඇති විය. 1759 දී ප්‍රංශ ජාතික මිශෙල් ගියාමෝ ජෝන් ඩ ක්‍රවෙකුර් නැමැත්තා අද නිව් යෝර්ක් නමින් හැඳින්වෙන පෙදෙසේ පදිංචිව සිටියේ ය. හෙක්ටර් සෙන්ට් ජෝන් යයි නම වෙනස් කරගත් ඔහු ඇමෙරිකාව ගැන පැහැදී රටට ඉමහත් ආදරයක් දැක්වූයේය. පසු කාලයක දී ඔහු ඇමෙරිකාව ගැන පොතක් රචනා කළේය. මෙම පොතේ ඔහු ඇසූ ප්‍රශ්නය නම් “ඇමෙරිකානුවා කවුද?” යන්න ය.

තමා දන්නා හඳුනන ඇමෙරිකානුවෙක් ගැන ඔහු සඳහන් කරන්නේ මෙසේය. “සීයා බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන මා දන්නා කෙනෙක් විවාහව සිටින්නේ ඕලන්ද ජාතික බිරිඳක් සමඟ ය. ඔවුන්ගේ පුතා විවාහ වූයේ ප්‍රංශ ජාතික කාන්තාවක් සමඟිනි. දැන් ඔවුන්ට දාව ලත් පුත්‍රයන් හතරදෙනා විවාහව ඇත්තේ විවිධ රටවල් හතරකින් ආ කාන්තාවන් හතරදෙනෙකු සමඟ ය.”

21 වැනි සියවසේ ද ඇමෙරිකාව මීට වෙනස් නැත.

එහෙත් සෙසු ලෝකයේ මෙන් ම ඇමෙරිකාවේ ද දෙවියන් හා ආගම් ප්‍රතික්ෂේප කරනා සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වී ඇත. එනම් තම ආගම “කිසිවක් නොවේ” යැයි ලියමින් පෝරම පුරවන සංඛ්‍යාව අද සීඝ්‍රයෙන් ඉහළ යති. ඇමෙරිකානුවන් අතරින් 16% ක් කිසිම ආගමකට තමන් අයිති නැතැයි කියති. වයස අවුරුදු 18-29 අතර තරුණ අයගෙන් 25% ක් තමනට කිසිම ආගමික සම්බන්ධයක් නැතැයි පවසති.

පසුගිය මාර්තු 24 වැනිදා වොෂිංටනයට රැස් වූයේ දෙවියන් හා ආගම් ප්‍රතික්ෂේප කරනා ඇමෙරිකානුවන් විසිදහසකි. ඒ ඇමෙරිකන් ඉතිහාසයේ දෙවියන් හා ආගම් පිළිනොගන්නා ඇමෙරිකානුවන් වැඩි පිරිසක් එකම ස්ථානයකට එකතු වූ අවස්ථාව ලෙස සැලකේ. එපමණක් නොව එය ලෝකයේ ම අනාගමික වූ වැඩි පිරිසක් එකතු වූ රැළිය සේ ද ඔවුන් හඳුන්වා ගත්හ.

එය “විචාරයේ රැළිය” යැයි නම් වූවත් එය “විචාරය” නම් වූ ඇමෙරිකන් ලිබටේරියන් සඟරාව සමඟ කිසිදු සම්බන්ධයක් නැති වූවකි. එහි අරමුණ ලෙස ඔවුන් දැක්වූයේ “රටපුරා ඉන්නා අනාගමික ජනතාවට ශක්තියක් වෙන්නට, ඔවුන් එකතු කරන්නට, ජවයක් දෙන්නට, එසේම ඇමෙරිකන් සමාජයේ අනාගමිකත්වය ගැන වූ ඍනාත්මක මත දුරලන්නට” පැවැත් වූ රැළියක් කියාය.

එදින විටින් විට සීතල වැහි පොද ඇද හැලුණු වසන්තයේ අඳුරු දවසකි. එයින් පසුබට නොවූ ජනතාව රිචඩ් ඩාව්කින්ස් වැනි අයට සවන් දෙන්නට එළිමහනේ රැස් වී සිටියහ.

එහෙත් රිචඩ් ඩාව්කින්ස් ඇතුළු කිහිප දෙනෙකුට එදින විචාරය රැගෙන එන්න අමතක වූවා දැයි ද සිතේ.

සිය සුපුරුදු අනාගමික විද්‍යාත්මක මතවාදී සටන් පාඨ ඉදිරිපත් කරද්දී සතුටින් අත්පුඩි ගැසූ රැළියේ සිටි ඇමෙරිකානුවන්ට, රිචඩ් ඩාව්කින්ස් විසින් ආගමික විශ්වාසයන්ට “අවමාන” කරන්නටත්, “අපහාස” කරන්නටත් කීම දිරෙව්වේ නැත.

එකම පුවත්පතක වාර්තාකරුවන් දෙදෙනෙක් රැළිය ගැන මෙසේ ලියති. නැටලි රොත්ස්චයිල්ඩ් එම රැළිය සහභාගී වන්නට තරම් වැඩක් නැතැයි කියන්නේ ඇමෙරිකානුවන්ට තමන් අනාගමික යැයි කියූ නිසා පමණින් අවැඩක් සිද්ධ වන්නේ නැතැයි කියාය. එහෙත් ස්ටැක්ස් රෝෂ් කියන්නේ අනාගමික යැයි කීමෙන් අවැඩක් සිදු වෙනවා යැයි කියාය.

මේ පුවත්පත් සටහන් දෙක ඇමෙරිකාවේ ඇති අපූර්ව නිදහස මනාව කියා පාන්නකි. විරුද්ධ මත දෙකක් එකම පත්තරයකින් දක්වන්නට හැකියාව තිබීම අගනේ ය. එය විචාරයයි. එය සංවාදයයි.

එහෙත් “අවමාන” කිරීම හා “අපහාස” කිරීම තම මතවාදය ගෙන යාම නොවේ. එය විචාරයක් නොවේ.

ඇමෙරිකාවේ ඇති අපූර්ව නිදහස නම් ආගමක් අදහන්නටත්, දෙවියන් විශ්වාස කරන්නටත් එසේත් නැතිනම් ආගමක් අදහා නොසිටින්නටත්, දෙවියන් විශ්වාස නොකර සිටින්නටත් ඇති නිදහසයි.

මිනිස් මොළයේ පරිනාමය යනු එය වටහා ගැනීමේ හැකියාව මිසක තවත් වර්ගීකරණයක් ගෙනැවිත් තවත් භේදවාදයක් පටන් ගැනීම නොවේ.

ඒකට රිචඩ් ඩාව්කින්ස් එකඟ නොවුනත් චාල්ස් ඩාර්වින් එකඟ වෙයි ද?!!!!

Advertisements

46 Responses

Subscribe to comments with RSS.

  1. Gold fish said, on මාර්තු 29, 2012 at 11:14 පෙ.ව.

    //ඇමෙරිකාවේ ඇති අපූර්ව නිදහස නම් ආගමක් අදහන්නටත්, දෙවියන් විශ්වාස කරන්නටත් එසේත් නැතිනම් ආගමක් අදහා නොසිටින්නටත්, දෙවියන් විශ්වාස නොකර සිටින්නටත් ඇති නිදහසයි.// ලංකාවෙත් මේක තිබුනනම්…!

  2. kevin perera said, on මාර්තු 29, 2012 at 12:37 ප.ව.

    //විරුද්ධ මත දෙකක් එකම පත්තරයකින් දක්වන්නට හැකියාව තිබීම අගනේ ය. එය විචාරයයි. එය සංවාදයයි//
    මෙයට නම් එකඟ නොවෙමි. මෙය එය විචාරයයි. එය සංවාදයයි නොව වෙලඳාමයි. මත දෙකම සඳහා වෙලඳ පොලේ ඉල්ලුමක් ඇත පත්තරය මේ ඉල්ලුම් දෙකටම අදාල වන ලෙස පෙනී සිටි විට ලාභය වැඩි වේ.මා කියන්නේ වම්මුන් මෙන් වෙලඳාම නරක දෙයක් කියා නොවේ.

    • Ravi said, on මාර්තු 29, 2012 at 1:45 ප.ව.

      ඉහත කමෙන්ටුව කෙවින් පෙරේරා පළකල අදහසට අදාලවය.

    • අංජන said, on මාර්තු 30, 2012 at 1:43 පෙ.ව.

      නමුත් ඒක හොඳයි නේද? මම කියන්නෙ, එතනදි වෙලඳාම පාඨකයා වෙනුවෙන්.

      • arunishapiro said, on මාර්තු 31, 2012 at 10:27 පෙ.ව.

        අංජන,

        මාත් හිතන්නෙ එහෙම. පාඨකයා අමතක කරලා වෙළඳාම කරන්න ගිහින් මේ දවස්වල ‘ද ඉකොනොමිස්ට්’ සඟරාවේ අලෙවිය බැහැලා වගෙයි… ඔවුන්ගේ පැත්තකට බර වී වාර්තා ලිවීම දැන් හෙමිහිට වෙනස් වේගෙන යනවා.

    • arunishapiro said, on මාර්තු 31, 2012 at 10:22 පෙ.ව.

      kevin perera,

      ලෝකයේ හැම මාධ්‍ය ආයතනයක් ම වෙළඳාමේ නේද යෙදෙන්නේ?

      මෙහෙ ප්‍රධාන මාධ්‍ය්‍ය දෙපැත්තකට බෙදිලා වැඩිය ඇහෙන්නෙ නැති සංකේත විරුද්ධ හඬක් ඔවුන් මැදින් තියා ගැනීම වැඩියෙන් දකින්නෙ. ඒත් මේ සිරස්තලය යටතේ තොරතුරු ප්‍රචාරය කරපු වමේ හෆින්ටන් පෝස්ට් සහ දකුණේ ඇට්ලෑන්ටික් නිව්ස් දෙකම දෙපැත්තේ ම අදහස් පුළුල් ලෙස දක්වා වාර්තා පළ කලේ. එතැන දී රටේ වැඩි ජනගහණයක් ආගම් අදහන නිසා ඔවුන්ගේ වෙළඳාම නැතිවේ යැයි බය විතරක් තිබුණා නම් දෙපැත්තේ ම අදහස් පළ කරනවා ද? සුළු නියෝජනයක් ඇති පිරිසගේ අදහස් වලටත් පක්ෂපාතී වීමෙන් පෙන්වන්නේ සංවාදයක් තියෙනවා යැයි නොවේ ද?

  3. Ravi said, on මාර්තු 29, 2012 at 1:43 ප.ව.

    එකඟයි, හොඳම උදාහරණය ලංකාවේ රාවය පුවත්පත…

    එසේ වුවද ඒ සංවාදයට ඇති නිදහස ලෙස අර්ථ දක්වන්නට හැකියාවක් ද ඇත්තේයයි සිතමි.

    • arunishapiro said, on මාර්තු 31, 2012 at 10:30 පෙ.ව.

      Ravi,

      යම් පත්තරයකින් එක පැත්තකට දීපු ඉඩ ප්‍රමාණය ම එහි විරුද්ධ පැත්ත ගැන ද කියන්නට එහි කාර්යාල මණ්ඩලයේ ඉන්නා අයෙකුට ම ඉඩ දී ඇත්නම් එතැන සංවාදයක් තියෙනවා කියල තමා මාත් හිතන්නෙ. වැඩියෙන් වෙන්නෙ එක්කො අනිත් පැත්තක් නැහැ වගේ ලියන එක නැත්නම් තමන්ගෙ මතය ලොකුවට දාලා අනිත් මතය හොයාගන්න බැරි තැනක පළ කරන එක.

  4. dawkinssdodo said, on මාර්තු 29, 2012 at 9:44 ප.ව.

    සමහර ආගමික විශ්වාස නිසා දෙමව්පියෝ රෝගී වූ දරුවාට රුධිරය පාරවිලයනය නොකර මැරෙන්නට හරිති. එවැනි දේ කිසි තැනක සිදුවිය යුතු නැත. එවැනි පදනමක් නැති විශ්වාස අවමානයට, සම්ච්චලයට ලක්විය යුතුයැයි සිතමි. ගැහැනුන්ගේ භඝමණිය කපා දමා ඔවුන්ගේ කාමාශාව පාලනය කල හැකියයි උගන්වන අමානුෂික ආගමික විශ්වාශ සම්ච්චලයට , අපහාසයට , උපහාසයට ලක් නොකරන්නේ නම්, අපේ නිහැඬියාවත් සමග ඒවයේ වගකීමත් ගන්නට අපි සූදානම්ද? මගේ දෙවියා නොපිලිගන්නා, මගේ සාශ්තෲවරයා පිලිනොගන්නා, මිත්‍යාදෘෂ්ටිකයන් මරා කන්‍යාවන් සමඟ දෙව්ලොව සදාතනික ජීවිතයක් ලැබිය හැකි යැයි උගන්වන ආගමික විශ්වාස විසුලුවට ලක්නොකර සංවාදයට ගත හැකිද?
    යුනිකෝන් මෙන්ම සර්වබලධාරි දෙවියන්ගේ මැවුම්වාදයද, නොපෙනෙන නිර්වාණය සහ කර්මයද ප්‍රශ්න කල යුතු නොවේද? උපහාසයෙන් තොරව, සම්මච්චලයට ලක් නොකර ආගමික මතවාද ප්‍රශ්න කල නොහැකිය යන්න මගේ අත්දැකීමයි.

    • arunishapiro said, on මාර්තු 31, 2012 at 10:57 පෙ.ව.

      dawkinssdodo,

      //සමහර ආගමික විශ්වාස නිසා දෙමව්පියෝ රෝගී වූ දරුවාට රුධිරය පාරවිලයනය නොකර මැරෙන්නට හරිති.//

      රටේ නීතිය හරියාකාරව ක්‍රියාත්මක වන්නේ නම් එයට ඉඩක් නැහැ. දරුවාගේ ජීවත්වීමේ අයිතිය දරුවාට දී ඇත්තක්. ඒක අහිමි කරන්නා දෙමව්පියන් වුවත් ඔවුන්ට දඬුවම් ලැබෙනවා. නීතිය ක්‍රියාත්මක වීමේ අඩුපාඩුවක් ඇත්නම් එය නිවැරදි කළ යුත්තක්.

      //එවැනි පදනමක් නැති විශ්වාස අවමානයට, සම්ච්චලයට ලක්විය යුතුයැයි සිතමි.//

      එවැනි විශ්වාස තුරන් වන්නේ අවමානයෙන් හෝ සමච්චලයකින් නොවේ. මිනිස් ස්වභාවය නම් අවමානය හා සමච්චලය ඉදිරියේ තවත් තම මතය වැරදි ද නිවැරදි ද යැයි විමසන්නට නොයා තමන් එල්බ ගත් මතයේ ම ලගින්නට මුග්ධ වීමයි.

      //අපේ නිහැඬියාවත් සමග ඒවයේ වගකීමත් ගන්නට අපි සූදානම්ද?// නිහැඬියාවක් දැරිය යුතු නැහැ. සංවාදයක් හා විචාරයක් තුලින් සමච්චලය, අපහාසය නැතිව තතු පහදා දෙන්නට පුළුවන්. සෙසු අරාබි රටවල් වලට වඩා වැඩි ජනතාවක සතු අධ්‍යාපනයෙන් වැඩි තුර්කිය හා ඊජිප්තුව දිහා බලන්න. ඉස්ලාමීය අය බහුලව ඉන්නා මැලේසියාව හා ඉන්දුනීසියාව දිහා බලන්න.

      ඇමෙරිකාවේ දේශපාලනය තුල ආගම සැලකිල්ලට ලක්වෙන්න ගත්තෙත් මෑතක දී. සමහරු කියන්නෙ ජෝන් එෆ්. කෙනඩි තරඟයේ දී තමයි මුලින් ම ජනාධිපතිවරයාගේ ආගම කුමක් දැයි මහජන විමසිල්ලට ලක් වුනේ කියල. ඔහු කතෝලික නිසා (ඉවැන්ජලිකල් නොවන පාප් වහන්සේ සිය නායකයා සේ අදහන අයෙක් නිසා) රටේ දේශපාලනයට ආගමෙන් බලපෑමක් සිද්ධ වේ දැයි යන්න සැලකිල්ලට ලක්වුනා.

      වමේ අදහස් දරන අය දේශපාලන බලයෙන් තමන් සෙසු රටවැසියන්ගේ ජන ජීවිතය හසුරුවන්න දන්නවා යැයි සිතා අනාගත් ලෝකය කඩා වැටුනේ මෑතක දී. //ගැහැනුන්ගේ භඝමණිය කපා දමා ඔවුන්ගේ කාමාශාව පාලනය කල හැකියයි උගන්වන// ආගම් වලින් සිද්ධ වූවාට වඩා වැඩියෙන් මිනිස් ජීවිත නැතිවුනේ වාමාංශික දේශපාලනයෙන්.

      රිචඩ් ඩාව්කින්ස් විද්‍යාවේ නාමයෙන් ගේන්න හදන්නෙ ස්පාඤ්ඤ සවික්සුම් කමිටු ද?!!! කිසිවෙකුට කිසිත් හානියක් නොවී අයෙක් දෙවියන් ඇදහීම සුදුසු ද නුසුදුසු ද කියා තීරණය කරන්න සුදුස්සා කවුද?

  5. Anjali said, on මාර්තු 29, 2012 at 10:34 ප.ව.

    Aruni Do you believe in God ?

    • arunishapiro said, on මාර්තු 31, 2012 at 10:59 පෙ.ව.

      Anjali,

      නැහැ මම දෙවියන් ඉන්නවා යැයි විශ්වාස කරන්නේ නැහැ. මරණින් පසු මට තවත් ආත්මයක් ඇතැයි ද විශ්වාස කරන්නේ නැහැ.

    • Damith Senanayake said, on අප්‍රේල් 1, 2012 at 5:51 පෙ.ව.

      Hey sis… Don’t mind me barging in.. It’s true that it is not disadvantageous your personal belief of god or rebirth or reincarnation. But conceptually, isn’t that sort of belittling the human life that we have? And, of course, the problem does not rise when ONE believes in god or reincarnation or believes that to be the ultimate truth. The problem rises when that ONE tries to impose that belief, without any factual basis. For an instance, if someone demands that Reincarnation or Theology should be taught along with other ‘scientific’ avenues as an alternative, that is imposing: whereas we should keep in mind that theology or rebirth can and quite frankly should be taught as a religion. The disadvantage of one believing in god and trying to impose it on others is that they are simply violating the freedom of thought of that others…

      • Anjali said, on අප්‍රේල් 2, 2012 at 1:37 ප.ව.

        Thanks for your comments Damith. I do not believe that anybody could force anyone to believe in God. Unless you experience God, you cannot believe in God. There are so many things in this world that cannot be explained by Science or facts. but still we believe in them. For instance how do you exactly know that your wife or your girl friend loves you ? No science can prove that. But still we believe in love, based on experience. But in the case God you all wants proof and facts. This is called ignorance.

      • Damith Senanayake said, on අප්‍රේල් 2, 2012 at 3:48 ප.ව.

        Well, as for the love of my girlfriend, I CAN actually ‘scientifically’ prove it (at the risk of appearing somewhat of a jerk… 😀 ). I tell you, simply follow the steps of the scientific method (observe, hypothesize, test, validate, repeat … ) and you will be confirmed or otherwise whether your hypothesis that your bf or gf loves you. And as for God, why is it that you so implore in it that we should not ask for evidence as such ( having been the one that said one cannot be forced into believing god… ) whereas I haven’t even seen such a person to begin with, or even seen any empirical evidence at the very least beyond the shadow of doubt??? Wouldn’t you say it’s a bit hypocritical?

        Again, I won’t judge one for having experience or felt god personally, but it is that insistence of anecdotal evidence to be an absolute that has brought about the necessity of an antic such as atheism. And all the same, if your argument holds, why don’t we believe in all the gods and demons human civilizations have come through? Of course there shouldn’t be double standards for the Judeo-Christian Monotheism and Pagan or Eurasian Polytheism in your argument? And what of Unicorns or Leprechauns? Or even the Alien Ted who may have created the earth and all its residents in a meth-lab accident?

        My point is not an attempt to disprove of god, but I advocate the right to ask for evidence of the existence of one. Also, even though I may disagree with your point of view about God being true for you and an existing personal entity, I still believe and will stand for your right to say so. But only so long as it does not hinder my right or my individuality of reason…

        • arunishapiro said, on අප්‍රේල් 2, 2012 at 4:52 ප.ව.

          Damith Senanayake,

          ඔබ ලියන කම්පීතර, දර්සනෙ හා කුස්සි යාලත්ත අඩවියේ දී, මෙතැන ඔබ ලියන අදහස් ගැනත් සටහනක් දෙකක් සිංහලෙන් දාන්න යැයි ඉල්ලමි. ඒවා කියැවීම ඉතා රසවත් වේවි.

          //scientific method (observe, hypothesize, test, validate, repeat … )// හොඳ පොයින්ට් එකක්. රිචඩ් ඩාව්කින්ස්ට වැරදිච්ච තැන් බොහොමයක් මෙම විද්‍යාත්මක ක්‍රමය පාවිච්චිය ඔහු අමතක කරපු නිසා යැයි පෙන්වන්න පුළුවන්.

          මේ මම කළින් ලියපු තවත් සටහනක කොටසක්.

          //රිචඩ් ඩාව්කින්ස් “A Devil’s Chaplain: Reflections on Hope, Lies, Science and Love (2003) පිටු 161 හි මැද පෙරදිග, බොල්කන්ස්, උතුරු අයර්ලන්තය, ඉන්දියාව හා ශ්‍රී ලංකාව සලකා බලමින් කියන්නේ “වැඩිපුරම, සියළුම වන්නට ද පුළුවන, ප්‍රචණ්ඩ වූ වෛරයන් අද ලෝකයේ පවතින්නේ ආගමික වූ විරුද්ධතාවන්” නිසා බවයි.

          පරිනාමය ගැන ඔහු මෙන්ම තවත් අයත් කතාබහ දී නිතර එළියට ඇද ගන්නා එක් කාරණයක් නම් ආගමික අන්තවාද ලෝකයේ වැඩි යුද්ධ හා ප්‍රචණ්ඩතා ඇති වූවා යයි පෙන්වීමට ය. මෙහි දී මා කාල් මාක්ස් “ආගම අබිං” යයි කීම පිළිගත්ත ද, ආගමික අන්තවාද නිසා වැඩි ප්‍රචණ්ඩතාවය ඇත්දැයි කීම ද විචාරයට කැමති ය.

          ලංකාවේ සිංහල දෙමළ යුද්ධය ආගමික වූ යුද්ධයක් ද? එය ජාතිවාදී යුද්ධයක් ද? එය දේශපාලන බලය අල්ලා ගැනීම ගැන වූ යුද්ධයක් ද?

          ජාතිවාදී යැයි යුද්ධ හැඳින්වීමට ඩාව්කින්ස් අකැමැති ය. ඩාව්කින්ස් සිය The God Delusion (2006) පිටු 21 හි ඉරාකයේ ගැටීම් දකින්නේ shiites හා sunni අතර “ආගමික සුද්ද කිරීමක්” ලෙසට ය. ඇල් කයිඩා හි නැඟ ඒමත් සමඟ වූ ඉරාකයේ ගැටුම ඉරාකය වසර 25 ක් පාලනය කළ සදාම් හූසේන් නැමති අගාරික ආඥාදායකයා අතරත් shiites නැමති ඉරාකයේ ජීවත්වන වැඩි ජනතාවත් අතර ගැටුම ඇයිදැයි ආගම බැහැර ලා විචාරය වඩා වැදගත් ය.

          ආගමික ප්‍රචණ්ඩත්වය ගැන වඩා කතා කරන අගාරික රචකයෝ කිසිවෙක් අගාරික බවින් සිද්ධ වූ ප්‍රචණ්ඩත්වය කතා නොකරන්නේ මන්ද?

          ඩාව්කින්ස්ට The God Delusion (2006) පිටු 273,279 අනුව “වඩා වැදගත් අදේවවාදය ක්‍රමාණුකූලව මිනිසුන් දුෂ්ට ක්‍රියාවන්ට පොළඹවනවා ද යන්නයි. එවැන්නක් කරන බවට සාධක නොමැත” යයි කියන ඔහු “එක් එක් අදේවවාදියා දුෂ්ට වූ ක්‍රියා කරනු ඇත, එහෙත් ඔවුන් ඒ දුෂ්ට වූ ක්‍රියා අදේවවාදයේ නාමයෙන් නොකරති” යයි ද කියයි.

          කොමියුනිස්ට් රුසියාවේ ජෝසප් ස්ටාලින් මිලියන විස්සකට අධික සංඛ්‍යාවක මරණ වලට වගකිව යුතු ය. මා ඕ සේතුං මිලියන හැත්තෑ දහසක මරණ වලට වගකිව යුතු ය. ඇඩොල්ෆ් හිට්ලර් මිලියන දහයක මරණ වලට වගකිව යුතු ය. ලෙනින්, කෘශ්චෙව්, බ්‍රෙශ්නෙව්, පොල් පොට්, එන්වර් හොක්සා, ‍නිකලායි චෙසෙ‍ස්කූ, ෆිඩෙල් කැස්ත්‍ර, කිම් යොන්ග් ඉල් වැනි අදේවාවාදීන් මූලික වන මරණ අදේවවාදයේ නාමයෙන් නොකරති කියා කියත හැකි ද?

          අදේවවාදය කොමියුනිස්ට් ප්‍රතිපත්තියක් නොවන්නේ ද?//

          මෙය මෙතැනට ගෙනාවේ විද්‍යාත්මක ක්‍රමය -observe, hypothesize, test, validate, repeat … රිඩච් ඩාව්කින්ස් විසින් කර නැතැයි පෙන්වීමටයි. ලිට්මස් ටෙස්ට් එකක දී හැම විටම නිල් කොළය රතු පාට වෙන්නේත් රතු කොළය නිල් පාට වෙන්නේත් ඇයි යන්න පැහැදිලි වෙනවා. එසේ පැහැදිලි කරගන්න බැරි නම් වෙනත් ටෙස්ට් එකක් සකස් කරන්න ඕන මිසක් හැම දෙයක් ම තමන්ගෙ තියරියෙන් ඔප්පු කරන්න පුළුවන් යැයි සිතන්න නරකයි. ඩාව්කින්ස් සතුව හැම දත්තයක් ම නැහැ.

          සමහර විට ඔබ මා ලියූ ශ්ර්‍රෝඩින්ගර් පූසා කියවන්නත් කැමැති වේවි.

          අයින් රෑන්ඩ් කිව්වෙ මෙහෙම:
          http://www.youtube.com/watch?v=n-kXok4tznU

      • Damith Senanayake said, on අප්‍රේල් 3, 2012 at 12:14 ප.ව.

        🙂 බොහොමත්ම ස්තුතියි අක්කේ ප්‍රතිචාරයට. ඇත්තටම මම ඩෝකින්ස් එක්ක එකඟ වෙන එක තැනක තමයි ‘අදේවවාදය “නිසා” මිනිස් සංහාරයක්’ නොවුණු වග. ඒ වගේම අදේවවාදය කොමියුනිස්ට් සංකල්පයක්ය කියාත් මම එකඟ වෙන්නේ නැහැ. මේක ගැන අපිට සෑහෙන දුරට තර්ක කළහැකි. නමුත් මම ඉතා සරල උදාහරණයකින් මගේ පොයින්ට් එක දක්වන්නම්. කොමියුනිස්ට්වාදයට අනුව (මම එතරම් ගැඹුරට මෙය හදාරා නැහැ. නමුත් මුලික සංකල්ප වලින් මට වැටහෙන තරමින්.. ) අන්තවාදී සමානත්වයක් (සමානත්මතාවයකට වඩා වෙනස්..) ඇති කිරීම අරමුණක්. එහිදී ‘දෙවියන්’ යන සංකල්පය එම ‘ඒකීයත්වයට’ (unity) බාධාවක් වෙනවා පැහැදිලිවම .. ( යුදෙව් දෙයියෝ කතෝලික දෙය්යන්ට වඩා වෙනස්.. කතෝලික දෙවියෝ මුස්ලිම් දෙවියන්ට වඩා වෙනස්.. එකම දෙයියා උනත් තැන තැන කියල තියෙන්නේ එක එක විදිහේ දේවල් වගේ හේතු නිසා.. ) එතකොට, එක්කෝ කොමියුනිස්ට්වාදීන්ට පුළුවන් හැමෝටම එකඟ වෙන්න පුළුවන් එක දෙයියෙක් ඔතනින් තෝරාගෙන එයාලගේ මොකක් හරි මනෝ-රාජ්ජේ ගොඩ නගන්න, නැතිනම් ‘මොන දෙයියෝද අයියෝ? මෙන්න මෙහෙ නිකා ඉඳින්..’ කියල ‘අදේවවාදය’ පතුරවන්න.
        මෙතැනදී අක්කේ මට පෙනෙන විදිහට ‘අදෙවවාදයට’ තියෙන ලොකු පාඩුවක් තමයි අදේවවාදය කියන්නේ මේයයි කියා හරි අරුත දැක්වීමක් අත්‍යන්තයෙන්ම නැති වීම . මොකද දේවවාදය තියෙනවා… දේවවාදය නොවන දේ අදෙවවාදයයි.. එතකොට මේ දේවවාදය නොවන දේ, දේශපාලනික, සදාචාරාත්මක, සංස්කෘතික, භාෂාමය, යුදමය හා මුල්‍යමය ආකාර වලින් විවිධාකාර වෙන්න පුළුවන්. නමුත් ‘හරි’ සහ ‘වැරදි’ කියන දෙකම මේ ‘අදේවවාදය’ කියන කුලකයට ඉබේම ඇතුළු වෙනවා. එහෙම බලත්දී අක්ක කියන විදිහට ‘අදේවවාදය නිසා ස්ටාලින් සංහාරයක් නොකලා කියන්නත් බැහැ…’. (හිට්ලර් නං අක්කේ කතෝලික.. මොකද උන්දැගේ එස්.එස්. එකේ ආරම්භයේ ඉඳලම දේව අණ ක්‍රියාත්මක කිරීම ගැන කතා කරපු බවක් මම අහල තියෙනවා.. ). ඒ වගේම ඩෝකින්ස් කියන විදිහට ‘ස්ටාලින් සංහාරය කලේ “කොමියුනිස්ට් යුටෝපියාවක් ගොඩ නගන්න මිසක් අදේවවාදී යුටෝපියාවක් ගොඩ නගන්න නොවේ” ‘ කියලත් කියන්න පුළුවන්.

        මෙහෙම හිතන්නකෝ… මිනිහෙක් මහන්සි වෙලා සල්ලි හම්බු කරනවා. මේ මිනිහට පවුලක් තියෙනවා.. ගෑනු මනුස්සයෙකුත් ඉන්නවා.. ළමයි දෙන්නෙකුත් ඉන්නවා… ළමයි ඉගෙන ගන්නවා… මේ මනුස්සයට ඉස්සරහට පොඩි බිස්නස් එකක් පටන්ගන්නත් ඕනේ… දැන් හම්බු කරන සල්ලි මේ මනුස්සය මේ හැම දේටම වියදම් කරනවා. අපිට පැහැදිලියි නේ මේ මිනිහගේ ‘ප්‍රධාන පරමාර්ථය’ ” පවුලේ ස්ථාවරත්වය” කියල? දැන් මෙහෙමත් හිතන්නකෝ.. ඔය මිනිහ කැමති දුඹුරු සපත්තු දාන්න.. මිනිහගේ ළමයින්ටත් පුරුදු කරලා තියෙන්නේ දුඹුරු සපත්තු දාන්න.. මේ මිනිහ හම්බු කරන සල්ලි වලින් දුඹුරු සපත්තු ජෝඩු ගන්නවා ගෙදරට.

        නමුත් මේ දුඹුරු සපත්තු කතාව අපි දන්නා නිසා, අපි දැන් කියනවද ” මේ මිනිහගේ මුල්‍යමය පරමාර්ථය දුඹුරු සපත්තු ගැනීම පැළඳීම සහ පැළඳවීම” කියල?? 🙂

        මගේ බ්ලොගය ගැන කතා කලොත්, මම අනිවාර්යයෙන් මගේ ලෝකදෘෂ්ටිය පිලිබඳ සටහන් ඉදිරියට ඇතුලත් කරනවා අක්කේ. තවමත් මගේ බ්ලොග් එක පුදින කාලේ… තව ටිකක් අනුගාමිකයෝ එනකල් එතරම් බැරෑරුම් කරුණු ඉදිරිපත් කරන්න මම කැමති නැහැ. නමුත් වැඩි කල නොගොස්ම ඒ දේවල් ඇතුල් කරනවා… 🙂 යෝජනාවට දහස්වාරයක් ස්තුතියි.. 🙂

        • arunishapiro said, on අප්‍රේල් 3, 2012 at 2:06 ප.ව.

          Damith Senanayake,
          විකිපීඩියාවෙන්:
          A.L. Eliseev writes that a meeting of the antireligious commission of the Central Committee of the All-Union Communist Party (Bolsheviks) took place on 23 May 1929 under the Chairmanship of E. Laroslavskii. The commission estimated the portion of believers in the country at 80 percent, though it cannot be ruled out that this percentage was somewhat understated to prove the successfulness of the struggle with religion.[54]

          USSR. 1922 issue of the Bezbozhnik (The Godless) magazine. By 1934, 28% of Christian Orthodox churches, 42% of Muslim mosques and 52% of Jewish synagogues were shut down in the USSR.[55]

          State atheism in the Soviet Union was known as “gosateizm”,[56] and was based on the ideology of Marxism-Leninism. As the founder of the Soviet state V. I. Lenin put it:
          Religion is the opium of the people: this saying of Marx is the cornerstone of the entire ideology of Marxism about religion. All modern religions and churches, all and of every kind of religious organizations are always considered by Marxism as the organs of bourgeois reaction, used for the protection of the exploitation and the stupefaction of the working class.[57]
          Marxism-Leninism has consistently advocated the control, suppression,and, ultimately, the elimination of religion. Within about a year of the revolution the state expropriated all church property, including the churches themselves, and in the period from 1922 to 1926, 28 Russian Orthodox bishops and more than 1,200 priests were killed (a much greater number was subjected to persecution).[58]

          From the late 1920s to the late 1930s, such organizations as the League of the Militant Godless ridiculed all religions and harassed believers. Anti-religious and atheistic propaganda was implemented into every portion of soviet life, in schools, communist organizations (such as the Young Pioneer Organization), and the media. Though Lenin originally introduced the Gregorian calendar to the Soviets subsequent efforts to re-organise the week for the purposes of improving worker productivity with the introduction of the Soviet revolutionary calendar had a side-effect that a “holiday will seldom fall on Sunday” [59]
          Although all religions were persecuted,[58] the regime’s efforts to eradicate religion, however, varied over the years with respect to particular religions, and were affected by higher state interests. Official policies and practices not only varied with time but also in their application from one nationality and one religion to another. Although all Soviet leaders had the same long-range goal of developing a cohesive Soviet people, they pursued different policies to achieve it. For the Soviet regime, the questions of nationality and religion were always closely linked. Not surprisingly, therefore, the attitude toward religion also varied from a total ban on some religions to official support of others.
          Most seminaries were closed, publication of religious writing was banned.[58] The Russian Orthodox Church, which had 54,000 parishes before World War I, was reduced to 500 by 1940.[58]

          චීනය:
          Between 1900–1950, 90 percent of the population occasionally resorted to Buddhist rites or temples and 99 percent were affected by Buddhist contributions to Chinese thought and behavior[63] The People’s Republic of China was established in 1949 and since then the government has been officially atheist.[64][65] For much of its early history maintained a hostile attitude toward religion which was seen as emblematic of feudalism and foreign colonialism. Houses of worship, including temples, mosques, and churches, were converted into non-religious buildings for secular use.
          In the early years of the People’s Republic, religious belief or practice was often discouraged because it was regarded by the government as backward and superstitious and because some Communist leaders, ranging from Vladimir Lenin to Mao Zedong, had been critical of religious institutions. During the Cultural Revolution, religion was condemned as feudalistic and thousands of religious buildings were looted and destroyed.

          අද චීනය:
          Freedom of religion in the People’s Republic of China is provided for by the country’s constitution[1], with an important caveat. Namely, the government protects what it calls “normal religious activity,” defined in practice as activities that take place within government-sanctioned religious organizations and registered places of worship. Human rights bodies have criticized this differentiation as falling short of international standards for the protection of religious freedom.[2]
          China’s five officially sanctioned religious organizations are the Buddhist Association of China, Chinese Taoist Association, Islamic Association of China, Three-Self Patriotic Movement and Chinese Patriotic Catholic Association. These groups are afforded a degree protection, but are subject to restrictions and controls under the State Administration for Religious Affairs. Unregistered religious groups—including house churches, Falun Gong, Tibetan Buddhists, underground Catholics, and Uyghur Muslims—face varying degrees of harassment, including imprisonment, torture, and forced religious conversion.[2]

      • Anjali said, on අප්‍රේල් 3, 2012 at 12:16 ප.ව.

        Dear Damith if you do not mind can you please explain what you mean by scientific method (observe, hypothesize, test, validate, repeat … ) and how I can apply it to determine another persons emotional level.

      • Damith Senanayake said, on අප්‍රේල් 3, 2012 at 3:25 ප.ව.

        😀 well, again.. As I said, it goes to prove that ” I have not really studied these things in depth..”. And, again, conceptually, I still don’t think that hostility towards religion is still a byproduct of failure to standardize it. 🙂

        Anjali… well, I am always quite amused by the fact that I sense a bit of desperation from someone who seems to ask for reason excessively and ironically, those who do cling on to more unsubstantiated theories. But let me answer that in the following way.

        The scientific method may be deployed intentionally, or unintenionally.. The latter being the most common. Look at it this way. When a guy ‘thinks he likes a girl’, first he would hypothesize that the girl has a positive response towards it. He would then ‘test it’ . how? ‘observing ‘ her behavior and responses to his subtle actions. (this may vary from a vile wink to classy chivalry. ) and the observation either proves or disproves his hypotheses ( we have seen both occasions haven’t we? ).

        I never said anything about measuring someone’s emotional level (god knows what one means by an emotional level…). But quite simply, a guy who has a bit of common sense should be able to perform these tests (such an ugly word.. but bear with me. ) . Of course from time to time, a guy may have doubts about the relationship, whether a choice is made right or wrong?: whether she likes the walls painted blue or pink?: whether they should get married on May or June ( or whether they should at all.. ) and he must be able to clear out these doubts through those tests and their results.
        A test may vary in nature as well, you can simply ask her, you can buy her a silk hankie of either colors blue and pink and get her response to the color, you can make a long crafty conversation and find out when she thinks you should get married. These tests are a sort of vital communication.

        And note that I only used the ‘guy should…’ for sake of argument. Of course this should be happening both ways for a good relationship (in my view at least… haven’t really seen something that works without this sort of communication… )… 😀

      • Anjali said, on අප්‍රේල් 4, 2012 at 7:14 පෙ.ව.

        Damith thanks so much for spending your valuable time to reply. Also hope Aruni will not object for this discussion on her blog.

        Although you have stated in your earlier message that you can “ actually ‘scientifically’ prove” about love, I cannot see any scientific method in your last message. It is just assumptions based on experience and history. (This is what I meant in my earlier message). Further more your scientific method could be applied only between the two lovers and not by an outsider. An outsider who does not have any experience in love will always say that there is no such thing call true love.

        Likewise faith in God is also a personal trusting relationship between you and God. .Unless you experience God, you cannot believe in God.

        • arunishapiro said, on අප්‍රේල් 4, 2012 at 10:11 පෙ.ව.

          Anjali,

          Jodie Foster රඟපාපු Contact (1997) චිත්‍රපටියේ දෙබසක් මෙහෙම:
          Palmer Joss: [Ellie challenges Palmer to prove the existence of God] Did you love your father?
          Ellie Arroway: What?
          Palmer Joss: Your dad. Did you love him?
          Ellie Arroway: Yes, very much.
          Palmer Joss: Prove it.

          පාම ජොස්: [එලී අභියෝග කරනවා පාමට දෙවියන්ගේ පැවැත්ම ඔප්පු කරන්න යැයි කියා] ඔබ ඔබේ තාත්තාට ආදරය කරනවා ද?
          එලී ඇරොවේ: මොකක් ද?
          පාම ජොස්: ඔබේ තාත්තා. ඔබ එයාට ආදරය කළා ද?
          එලී ඇරොවේ: ඔව්, ගොඩක්.
          පාම ජොස්: ඒක ඔප්පු කරන්න.

          විද්‍යාත්මක ක්‍රමයෙන් ඔප්පු කරන්න බැරි දේවල් තියෙනවා. විද්‍යාඥයෝ කියන්නේ අපි තාම ඒ තරම් දියුණුවක් ලබා නැහැ කියා. මොළය මූලිකව පැවැත්වෙන පර්යේෂණ අද ඉතා බහුලයි. ඔවුන් කියන්නේ මොළය කපා කොටා කෑලි කෑලි අධ්‍යනය කිරීමෙන් මෙතෙක් නැති දැනුම සම්භාරයක් අපට ලැබේවි යැයි කියා. ඒක ඇත්ත. ඒත් මොළය හැමෝම තුල එකම ආකාරයකින් පිහිටන්න ඉඩ තිබිය දී මනස විවිධාකාරයෙන් වැඩ කිරීම විද්‍යාත්මක ක්‍රමයෙන් ඔප්පු කරන්න බැහැ. එතැන දී ඔබ කියනවා “faith” කියා, මම කියනවා “conscience” කියා. අපි ආයෙත් යනවා එතකොට “මාව ඕන නමකින් හඳුන්වන්න මා දෙවියන් වහන්සේ” යන්නට.

          රිචඩ් ඩාව්කින්ස් විසින් “conscience” යන්න පැහැදිලි කරන්නෙ විද්‍යාත්මක ක්‍රමයෙන් නෙමේ. උදාහරණයක්: හදාගන්නට ගත් දරුවන් ඇති අම්මලා තම ජානු පරම්පරාව ආරක්ෂා කර ගැනීමට නොවේ දරුවන් වෙනුවෙන් තම ජීවිතය පුදන්න වුනත් ඉදිරිපත් වෙන්නේ. එවැන්නක් විද්‍යාවෙන් පැහැදිලි කරන්නට බැහැ යන්න ඔහු පිළිගන්නේ නැහැ, ඔහු කියන්නේ බැරි නම් ඊට හේතුව තවම අපි ඊට සමත් නැතිකම පමණයි කියා.

          එහෙම නම්, විද්‍යාඥයින් ඊට සමත් වෙන තුරු අපි කැමැති කෙනෙකුට තම “faith” හෝ “conscience” හෝ අනුව කටයුතු කිරීමට ඇති අයිතිය අහිමි නොකළ යුතුයි.

      • Anjali said, on අප්‍රේල් 4, 2012 at 1:34 ප.ව.

        Aruni You are correct I agree with you.

      • Anjali said, on අප්‍රේල් 5, 2012 at 4:08 පෙ.ව.

        Aruni .. One more thing. If Richard Dawkins says that science “has not developed enough to explain certain phenomenons in life”, then he should be able to prove that statement also. As intellectuals we should not believe him blindly.

        • arunishapiro said, on අප්‍රේල් 5, 2012 at 10:29 පෙ.ව.

          Anjali,

          ස්වභාව ධර්මයේ නිශ්ඵල ලෙසින් දකින ක්‍රියාවන් ගැන කතා කරද්දී ඩාව්කින්ස් කියනවා අරමුණ නොදන්නා පමණින් අපි එහි යම් අර්ථාන්විත ක්‍රියාවක් සිද්ධ නොවේ යැයි කියන්නට ඉක්මන් විය යුතු නැහැයි කියලා -(My point is that uncertainty as to the purpose doesn’t—nor should it—stop Darwinians from believing, with great confidence, that anting must be good for something.)

          එයා අහන්න කියන්නෙ මේ ප්‍රශ්නයයි: “What is the survival value of some as yet unspecified individual behavior, or psychological characteristic, that manifests itself, under appropriate circumstances, as religion?”

          ඔහු ලියන ඔය වැනි අදහස් වලින් තමයි මම අදහස් කළේ අපිට පැහැදිලි කරන්න බැරි දේවල් වලට හේතුව අපි තවමත් සොයාගෙන නැහැයි කියන එක ඔහුත් ලියන බව.

          හිතන්න මොළයක් ඇති හැම කෙනෙකු විසින්ම රිචඩ් ඩාව්කින්ස් විතරක් නෙමෙයි කිසිවෙක් කියූ පමණින් කිසිවක් විශ්වාස කිරීම සුදුසු නැහැ.

        • Damith Senanayake said, on අප්‍රේල් 5, 2012 at 12:57 ප.ව.

          well, I don’t call myself an intellectual… I don’t think that the word ‘we’ should be associated so lightly in that manner with the word ‘intellectual’.
          Any how, if you have followed up some articles about ‘scientific method’, you’ll see that science is by definition an incomplete collection of knowledge..

      • Anjali said, on අප්‍රේල් 5, 2012 at 2:09 ප.ව.

        Damith When I said intellectuals I did not mean you. Sorry

  6. W.A. Wijewardena said, on මාර්තු 29, 2012 at 11:16 ප.ව.

    Richard Dawkins, the Oxford based evolutionary biologist, following the principles of scientific inquiry has come up with many theoretical propositions that have shaken the world. One was what he presented in The Selfish Gene. Contrary to the popular belief that a mother protects her child out of sympathy and kindness, Dawkins proposed that it is due to the selfish gene acting in her system to protect her own gene. The mother’s gene identifies the gene in the child’s body as one of its own kind and it is guided by the selfish motive to protect it. So, she is guided by the gene to do whatever to protect the child because by doing so, she is protecting her own gene. This type of interpretations did not go well with the established religious and social ideas and naturally he became a target of attack. I know the sad fate of a postgraduate student in a British Uni and her quoting Dawkins to suggest that selfish behaviour of people in organisations is simply innate and not cultivated did not go well with a Catholic tutor: the student got the lowest marks for her assignment. Later when this was reported back to the Uni and an inquiry was made and the tutor was unceremoniously removed; but the poor student who had got A’s in all other subjects had to contend with her C-. So, Dawkins is not the mos loved man even in the intellectual world because he speaks a language not spoken by the herd.

    • arunishapiro said, on මාර්තු 31, 2012 at 11:46 පෙ.ව.

      W.A. Wijewardena,

      ඇඟිලි නළියනවා ඉංග්‍රීසියෙන් ලියන්නට. ඒත් මේ අදහස් සිංහලෙන් ලිවීම වැඩියෙන් ප්‍රයෝජනවත්.

      ඩාව්කින්ස්ගේ උගත්බව නෙමෙයි මා විමර්ශනයට ලක්කරන්නේ. තමන් උගත් විෂයයෙන් ලෝකය විස්තර කරන්න දැරූ බොහොමයකට සිද්ධ වෙච්ච දෙයක් ඩාව්කින්ස්ටත් වෙලා. උදාහරණ හැටියට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට එහෙම වැරදි ගොඩක් සිද්ධ වුනා. ඔහු දක්ෂයෙක්, තම ක්ෂේත්‍රයේ නියමුවෙක් යන්න පිළිගත්තාට ඔහු අතින් ඒ ක්ෂේත්‍රයේ ම වූ වැරදීම් ඔහු උගත් නිසා වැරදි නොවේ යැයි කියන්නට බැහැ. ජෝන් මේනාඩ් කේන්ස් ද එහෙමයි, ඔහු ඉදිරිපත් කළ වැදගත් දේට වඩා ඔහු ප්‍රසිද්ධ වූයේ කුමකට ද?!!!! තවත් අයෙක් තමයි ස්ටීවන් හාව්කින්ස්. ඔහුගේ විද්‍යාත්මක පැහැදිලි කිරීම් ගැන හැමෝම එකඟ වුනාට එතැනින් එහාට යන අදහස් ගැන පිළිගන්න තමන් විසින් සිතා බලන්න මොළයක් ඇති අය කැමති නැහැ.

      Francis Sellers Collins (Human Genome Project එක භාරව හිටපු ජානුවිද්‍යාඥයා) ඩාව්කින්ස්ට වඩා වෛද්‍ය ක්ෂේත්‍රයේ ජානු පිළිබඳව ලොවට මහත් සේවයක් කළ අයෙක්. ඔහු තියරියක් ගෙනා පෑ අයෙක් විතරක් නෙමෙයි. ඔහු විද්‍යාවේ ආධාරයෙන් ලෙඩ්ඩු සුව කරපු අයෙක්. ඒත් දෙවියන් අදහන කෙනෙක්. නමුත් ඔහුට ලෝකයා දෙන සැලකිල්ල කොතරම් ද? ඩාව්කින්ස්ට දෙන සැලකිල්ල කොතරම් ද?!!!!

      සමහර අම්මලාටත් වඩා තමන්ගේ නොවන දරුවන්ට දැඩි ආදරය දක්වමින් ඔවුන් වෙනුවෙන් ජීවිතය කැප කරන, ජීවිතය වුවත් පුදන්නට කැමති කාන්තාවන් ගැන ඩාව්කින්ස් කුමක් කියන්නේ ද? බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ හුණුවටයේ කතාවට මොකද වෙන්නෙ?!!!

      නොබෙල් තෑග්ග දිනු එරික් කැන්ඩෙල් කියන විදියට විද්‍යාඥයන්ට පුළුවන් තමන් විමර්ශනය කරපු කොටස ගැන තතු පහදා විස්තර කරන්න. තමාට සුදුසු කුමක් දැයි තීරණ ගත යුත්තේ පුද්ගලයා විසින්.

      තවත් නොබෙල් තෑග්ගක් දිනපු ෆෙඩ්රික් හයෙක් (“The Use of Knowledge in Society) කියපු විදියට බැලුවොත් ලෝකයේ තියන අපුර්වත්වය ගැන සියළු තොරතුරු මිනිසාට එකතු කරගන්නට පුළුවන් නම් … තියන හැම විදියක් ගැනම සම්පූර්ණ දැනුමක් ඇතැයි කියන්න පුළුවන් නම් … එදාට පුළුවන් ඒ විද්‍යාඥයා කියන්නේ හරියට ම හරි දෙයක් යැයි සිතන්න!!!!

      මම කැළණිය විශ්ව විද්‍යාලයේ දර්ශනවේදී උපාධියට හදාරද්දී මට තිබ්බ ඔක්කොම A අස්සෙ ලැබිච්ච එකම එක B එක ආචාර්යවරයෙක් එයාගෙ නිල නිවාසයට එන්න කියද්දී “අපෝ සර් මට ඒ පැත්තෙ එන්න වෙලාවක් නැහැ” කියලා විහිළුවකින් ගැලවිච්ච නිසා කියල මටත් කියන්න පුළුවන්. නැත්නම් මට ඒ විෂය අනිත් ඒවාට වඩා අපහසු වෙච්ච නිසා කියන්න පුළුවන්!!! සමාජය කියන්නෙ සර්ව සාධාරණ වූවක් යැයි සිතා පටන් ගන්නේ නම් අපි හිතන විදියට එරෙහිව සිතන, අපේ පෙනුමට අකමැති අය අපිට කිසිම වෙනසක් නොකර සාධාරණව සලකනවා යැයි අපේක්ෂා කරන්න පුළුවන්. ජීවිතය කියන්නේ පිටස්තරයාගෙන් සාධාරණත්වයක් බලාපොරොත්තු විය නොහැකි වූවක්. මදි පුංචිකම්, අඩු ලකුණු හා අසමත් කිරීම් පවා අභියෝගයන්, ජයගත යුත්තේ තම මොළයෙන්.

  7. අංජන said, on මාර්තු 30, 2012 at 1:54 පෙ.ව.

    ආගම් අදහන, ආගම් අදහන්නෙ නැති කියන කොටස් දෙකට අමතරව, ආගම් කීපයක් අදහන එකත් දැන් තියනවා. එහෙම අයත් ගොඩක් වෙලාවට ‘ඇදහීම’ විශ්වාස කරන නිසා වැඩි වෙනසක් නෑ. නමුත්, විවිධ මත ඉවසන එකත් හොඳ ගුණයක්.

    • arunishapiro said, on මාර්තු 31, 2012 at 11:55 පෙ.ව.

      අංජන,

      ඔව්, මත ඉවසීම කියන්නෙ ඒවාට අනුබල දීම නොවෙයි. අපේ මතය ඊට පටහැනි නම් එය කියන්නට නොපසුබට විය යුතුයි. ඒත් ගරහන්නේ නැතිව, අවමානයකින් නොකර තාර්කිකව ඉදිරිපත් කරන මත සොයා බැලීමට විරුද්ධවාදීන් පවා යොමුවෙනවා. නැත්නම් කොහොම ද කාලයාගේ ඇවෑමෙන් අද දෙවියෝ විශ්වාස කරන අය ටිකින් ටික අඩු වේගන යන්නෙ? රිචඩ් ඩාව්කින්ස් නිසා නෙමෙයි, අයින් රෑන්ඩ් නැමැත්තිය කාටවත් අවමන් නොකර, දෙවියන් විශ්වාස කරන්නේ නැතැයි ප්‍රසිද්ධියේ කිව්වේ ඇමෙරිකාවේ 1930 ගණන් වල දී.

    • අංජන said, on අප්‍රේල් 1, 2012 at 3:25 පෙ.ව.

      ඕකට තව එකක් මතක් උනා. සමහරු අගම් කීපයක් අදහන අය ඒක කරන්නෙ නිකන් පාට පාට ඇඳුම් අඳිනව වගෙ. හැම පාටම තිබුනම ලස්සනයි කියල හිතල. පාට ගලපන්න දන්නෙ නැතුව.

  8. emailkavikaari said, on මාර්තු 30, 2012 at 2:59 පෙ.ව.

    http://panafricannews.blogspot.com/2007/11/african-youth-attack-police-positions.html

    අක්කට කියැවීම පිණිස

  9. ඩිලාන් said, on මාර්තු 30, 2012 at 2:17 ප.ව.

    මොන ආගමක් ඇදහුවත්,ආගමක් නැතුව හිටියත් කමක් නෑ,, අනෙක් ආගම් විවේචනය නොකර ඉන්න එකයි වැඩගත්

  10. Damith Senanayake said, on මාර්තු 30, 2012 at 11:28 ප.ව.

    Dawkins has always been a bit of an extremist. Too much generality in his ideals, probably because of the typical atheist bashing he has faced that we don’t right now. For instance, for someone advocating against the removal of grey areas by religious indoctrination, he seems to believe that irreligious indoctrination is a valid alternative.
    Also, it is undisputed that religion has had/ has a remarkable impact on the course of history, in both good and bad ways. Human imagination has not been so vividly exploited in a lot of other things, even in science, those who deploy their imagination somewhat close to how religion seems to stimulate our minds are called geniuses and nothing less.
    But I still believe that the modern context of religion is eventually inherently decremental to human society the way we proceed. But this should have the exception of those practicing any religion personally, true to self and without harming others, or judging others.
    Aruni akka has said it all about ‘Reason’ in this short one. So I’d rather not go there.
    Also, Dilan, machan, when religious people judge the atheists or the irreligious for being a potential moral blackhole, I don’t think it’s fair for religion to be immune to criticism.

  11. Damith Senanayake said, on මාර්තු 30, 2012 at 11:29 ප.ව.

    Also, I am a huge fan of Dawkins. But still, this is one occasion out of many that I don’t agree with him.. The service he has done to his field is nothing short of ground breaking..

    • arunishapiro said, on මාර්තු 31, 2012 at 12:02 ප.ව.

      Damith Senanayake,

      ආයුබෝවන්!

      ඔව්, කෙනෙක් කියන හැම දෙයටම සම්පූර්ණයෙන් ම එකඟ වුවහොත් ලෝකයේ ඇති රසවත් විවිධත්වය නැතිවෙලා යනවානෙ!!! අපි ඒකීය පුද්ගලයෝ වශයෙන් අනික් අය කියන කරන දේවල් වලින් අපි කැමති දේවල් කරන්න කියන්න තෝරා ගන්න ඕනා. එතකොටයි මම යනු ඒකීය පුද්ගලයෙක් වෙන්නෙ. වෙන කිසිවෙක් මම වගේ නැහැ!! Damith Senanayake වගේත් නැහැ!!!! 😀

      • Damith Senanayake said, on අප්‍රේල් 1, 2012 at 6:02 පෙ.ව.

        ඒකීයත්වය කියන එක කොච්චර ‘නරක’ දෙයක්ද කියල පෙන්නන්න අපේ රටේ උදවිය නං පුදුමාකාර වෑයමක යෙදෙන්නේ අරුණි අක්කේ… පොඩ්ඩක් බැලුවොත් පෙනේවි අන්තිමට බලනකොට ප්‍රධාන ප්‍රවාහයේ පොදු මතය කණ්ඩායම කියන්නේ පුද්ගලභාවය මුලිනුපුටා දැම්මම ලැබෙන තත්ත්වයක් කියල. විවිධ ආගම් මතවාද ‘කල්ලි’ ගැසීමේ ප්‍රවණතාවයත් මේක නිසා හටගත්තු දෙයක් වගෙයි පෙනෙන්නේ. එක තව දුරට අදුනහම පොඩ්ඩක් හරි මතයට විරුද්ධ එකාව කොන් කිරිම, උගේ මතය ගැන නොහිතාම අහක දැමීම වගේ දේවලුත් එනවනේ.
        හැබැයි මම කියන්නේ නැහැ මේ මම කියපු දේ හොඳයි කියලවත් නරකයි කියලවත්. එක අපිම හිතල බැලුවොත්, අන්තිමට ඇත්තට වටින්නේ පුද්ගලභාවයද, නැතිනං කණ්ඩායම් චර්යාවද කියල හිතාගන්න පුළුවන්. ඇත්ත කතාව නං මගේ පුද්ගලික හන්ගීමට අනුව, කණ්ඩායම් චර්යාව කියන්නේ පුද්ගලභාවය රැකගන්න තිබිය යුතු ‘හොඳ’ ගුණාංගයක් මිසක්, පුද්ගලභාවයට වැඩ උසස් එකක් නෙමෙයි.
        නමුත් ඩෝකින්ස් ගේ මම දකින ලොකු අඩුවක් තමයි, ‘අදේවවාදය තවත් ආගමක් නොවේ,’ කියා කොයි තරම් කීවත්, අවසානයේදී මධ්‍යතන යුරෝපයේ අදෙවවදින්ට දේවවාදීන් පහර දුන් ආකාරයටම දේවවාදයට විරුද්ධ කල්ලි ගැසීමක් ඔහු කරන්න යන එක. සමහර විට එයාට එකට හොඳ මුල් හේතුවක් ඇති… එහෙම නැතිව ඉන්න බරිවත් ඇති… ඒත් විසෙන් විස නැසුම වේදකමේ පමණක් තිබුනොත් හොඳයි කියලයි මම හිතන්නේ…
        ඩෝකින්ස් පස්සේ යන එළු රංචුවයි, නලින් ද සිල්වා පස්සේ යන හරක් රංචුවයි අතර කොහේ හරි පැත්තකට වෙලා බුරුවෙක් වගේ ඉන්න එක ඇඟට ගුණයි කියලත් වෙලාවකට හිතෙනවා…. 🙂 😀

        • arunishapiro said, on අප්‍රේල් 2, 2012 at 10:47 පෙ.ව.

          Damith Senanayake,

          විවිධ ආගම් මතවාද කල්ලි ගැසීම මිනිස් ස්වභාවයක්. අපි එකතු වෙන්නෙ අපි කැමති අයට. අකමැති අය එක්ක ඉන්නෙ කැමති අය හොයාගන්න බැරිනම්. ලෝකයේ මිනිසුන් විවිධ මාධ්‍ය වලින් සංවාදයට හා ආශ්‍රයට එකිනෙකා හා තව තවත් ළං වෙද්දී ලෝකය පුරා තමන් දරණ අදහස් වලට කැමති අය හා එක් වෙන්නත් වැඩියෙන් පහසු වේවි. එවිට මෙතෙක් තිබුණාට වඩා වේගයකින් අපි අපි කැමති අයව හොයාගෙන එකතු වේවි. ඕනෑම අදහස් දරන කල්ලි වැඩි වෙන තරමට එකම කල්ලියකට වැඩි බලයක් තිබීමත් නැතිවෙලා යනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ අගය ඒකයි. එයින් එක පීඩකයෙක් ලොක්කා වීම මඟහැරෙනවා නේ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: