අරුණි ශපීරෝ‍ වෙතින්

මැරුනට පස්සෙ බොඩියට මොකද කරන්නෙ?

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 3, 2012

දූපත්වැසියා අහලා තිබුන //මැරුනහම බොඩිය අභ්‍යවකාශයට විසි කරන කොම්පැනියක් ඇමරිකාවේ තියනවලු නේද?// කියලා. මම දුන්න උත්තරය //තාම එහෙම කරන ඇමෙරිකන් කොම්පැණියක් ගැන අහන්න ලැබිලා නැහැ.// යන්නයි. ඒත් සුදු අප්පුහාමි දුන්නා තොරතුරු ටිකක්. බොඩිය නෙමෙයි අළු ඩිංගක් යවන කොම්පැණි තියනවා කියල. මෙන්න විස්තරය.

1931 නීල් ජෝන්ස් නම් විද්‍යා ප්‍රබන්ධ රචකයා “The Jameson Satellite” නමින් ලියූ නවකතාවෙන් තමයි මුලින් ම මේ ගැන කියවන්න ලැබෙන්නෙ.

සුදු අප්පුහාමි ස්ටාර් ට්‍රෙක් රසිකයෙක් නිසා ඒක නිර්මාතෘ Gene Roddenberry ගේ අළු යැව්ව බව දැන සිටියා.

මෘත ශරීරයක් පුළුස්සලා ලැබෙන අළු වලින් ලිප්ස්ටික් කොපුවක් තරම් වූවක සංකේත අළු ප්‍රමාණයක් තමයිලු යවන්නෙ. ඒවායේ පින්තූරයක් එහෙම යවන Celestis කොම්පැණි අඩවියේ දී බලන්න පුළුවන්. අභ්‍යාවකාශයට අළු ගිහින් ආපහු එන්න වැය වෙන්නෙ $995/-; පෘතුවියේ කක්ෂය වටා ගමන් කරන්න යවන්න නම් $2,995/-; හඳේ කක්ෂයට හෝ හඳට යවන්න නම් $9,995/-; deep space යවන්න නම් $12,500/-ක්.

මුලින් ම එහෙම sub-orbit එකට යවලා තියෙන්න Gene Roddenberry, Krafft Ehricke, Gerard O’Neill, Timothy Leary ඇතුළු 24 දෙනෙකුගේ අළු. ඒ 1997 අප්‍රේල් මාසේ 21 වැනිදා. රොකට් එකේ නම Pegasus.

දැනට Dr. Eugene Shoemaker ගේ මෘත ශරීරයේ අළු ඩිංගක් පමණයිලු මේ ලෝකෙන් පිටත එහා ලෝකයකට යවා ඇත්තේ. ඒ 1999 දී Lunar Prospector වල දාලා යවපු එකක්. අවධි තුනකින් යවපු Athena රොකට් එකෙන් යවන ලද්දක්.

Clyde Tombaugh නම් වූ ප්ලූටෝ හඳුනාගත් විද්‍යාඥයාගේ අවුන්සයක් පමණ අළු New Horizons අභ්‍යාවකාෂ යානයෙන් 2006 දී යවලා 2015 දී ඒක ප්ලූටෝ වටා ගමන් කරනවාලු. ඒ අළු අවුන්සය බහාලූ කොපුවේ මෙහෙම ලියා තියෙනවාලු: “මෙහෙ ඇත්තේ ප්ලූටෝ සොයාගත් හා සූර්යග්‍රහ මණ්ඩලයේ තුන්වැනි කොටස සොයාගත් ඇමෙරිකන් ක්ලයිඩ් ඩබ්. ටොම්බාහ් ගේ භෂ්මාවශේෂයි. ඔහු ඇඩෙලේ සහ මුරොන්ගේ කොල්ලාය, පැට්රීෂියාගේ සැමියාය, ඇනෙට් සහ ඇල්ඩන්ගේ පියාය, තාරකා ශාස්තඥයෙකි, ගුරුවරයෙකි, ශ්ලේෂ ප්‍රියයෙකි (punster) සහ මිතුරෙකි: ක්ලයිඩ් ඩබ්. ටොම්බාහ් (1906-1997).”

James Doohan නම් ස්ටාර් ට්‍රෙක් හි ස්කොටී චරිතය රඟ පෑ නළුවා මිය ගියේ 2005 දී. 2007 දී ඔහුගේ අළු අවුන්ස කාලක් (ග්‍රෑම් 7ක්) යවනවා SpaceLoft XL රොකට්ටුවේ. ඒ ගගනගාමී Gordon Cooper ගේ අළු ගිය රොකට්ටුවේ ම තවත් 200 කගේ අළු ගිහින් තියෙනවා කියල විකිපීඩියාව කියන්නෙ. ඒක මිනිත්තු හතරක suborbital ගමනක් ගිහින් ආපහු පෘතුවියට එන්න සැලසුම් කරන ලද්දක්. 2008 දී Falcon 1 රොකට් එකෙන් යවන්න ලැහැස්ති කරත් රොකට් එක යවලා මිනිත්තු දෙකකින් ඒක අක්‍රිය වෙලා එයාගෙ ඉතිරි භෂ්මාවභේෂ වොෂිංටන් ප්‍රාන්තයේ Puget Sound කියන ජලාශ්‍රිත ප්‍රදේශයකටයි වැටෙන්නෙ.

විකිපීඩියාවට අනුව 2004 වෙද්දී 150 ක් දෙනෙක්ගේ සංකේතමය අළු අභ්‍යවකාශයට ගිහින් තියෙනවා. 2007 දී තවත් දෙසියයකගේ අළු ගෙනිහින්.

2012 දී Gene Roddenberry ගේ භාර්යාව වන Majel Barrett (1932-2008) ගේ අළු යවන්න ලැහැස්තියිලු.

ඊට පස්සෙ පොඩ්ඩක් හොයලා බැලුවා මැරැනට පස්සෙ මෘත ශරීරයකින් කරන්න පුළුවන් තව දේවල් ගැන. මේ ඉන් කිහිපයක්.

LifeGem කියන කොම්පැණියට මෘත ශරීරය දීලා දියමන්තියක් හදාගන්න පුළුවන්. එක කැරට් එකක නිල් දියමන්තියක් සඳහා එක මෘත ශරීරයක්, ඩොලර් විසිදාහක් සහ මාස නවයක් දෙන්න ඕනා. කෙස් ගහකින් වුනත් හදන්න පුළුවන් කියල කියන්නෙ. හැබැයි වෙළඳපොලේ දියමන්තියක ගාණට වඩා අඩු ද වැඩි ද කියන එක නෙමෙයි මෙතන දී වැදගත්. දියමන්තිය හැදිලා තියෙන්නෙ කාගෙන් ද කියන එකනෙ. ආදරේ වැඩිවුනාම “මගෙ මැණික” කියන අයට දැන් ඉතින් එහෙම වටිනා කෙනෙක් මැරුනාම මැණිකක් බවට ම හරවාගන්න පුළුවන්. ඒ වගේ ම කවුරු හරි ඇහැව්වොත් ඔය මොන ජාතියෙ මැණික් ගලක් ද? කියලා කියන්න වෙන්නෙ “මේ මගෙ අහවලා” කියල තමා.

එංගලන්තයේ පැරණි තුවක්කු විශේෂඥ වැන්දඹුවක් තම සැමියාගේ අළු දාලා හදලා තියෙන්නෙ බුලට් 275 ක්. දඩයම් සමය අවසන් කරන්නට ඇයත් ඇයගේ හා සැමියාගේ මිතුරන් ඒ අළු දාලා හදපු බුලට් වලින් හොඳ දඩයම් දවසක් පවත්වලා සැමියාට ආචාර පිණිස.

එංගලන්තයේ තියන Heavens Above Fireworks කොම්පැණියට දුන්නම අළු දාලා රතිඤ්ඤා, මල්වෙඩි හදාගෙන ගිණිකෙළියක් පවත්වන්න පුළුවන්. ඇල්කෙමියා දාපු ගිණිකෙළි සටහන කියවලා කැමති විදියක ගිණිකෙළි හදාගෙන ලස්සන ගිණිකෙළි සංදර්ශනයකුත් පවත්වන්න හැකියි. මේ කොම්පැණිය අභ්‍යාවකාශයට සංකේත අළු ගෙන යාමත් කරනවාලු.

Nadine Jarvis නම් මූර්ති ශිල්පිණියගේ ව්‍යාපෘතිය හැඳින්වෙන්නෙ RIP-Rest In Pieces නමින්. ඇය භෂ්මාවශේෂ වලින් හදන්නෙ හෂ්මාවශේෂ තැන්පත් කරන පූකූරු (urns). ඒ හැරෙන්නට පැන්සල් වලට දාන මිනිරන් වෙනුවට ඇය ඊට භෂ්මාවශේෂ අළු වලින් හදන කාබන් දාලා පැන්සල් හදනවා. එක මෘත ශරීරයකින් පැන්සල් 240 ක් හදන්න පුළුවන් ලු.

පින්තූරය The Green Funeral Company වෙතිනි.

Advertisements

18 Responses

Subscribe to comments with RSS.

  1. රාජ් said, on අප්‍රේල් 3, 2012 at 10:45 පෙ.ව.

    මැරිලත් කැමති අභ්‍යාවකාශගත වෙන්න. අනේ මෙහෙම තන්හාවක්!

  2. Alchemiya said, on අප්‍රේල් 3, 2012 at 1:35 ප.ව.

    මම නම් තවම මැරුණට පස්සෙ බොඩියට මොකද වෙන්නෙ කියලා දුරට හිතලා නෑ…
    නමුත් මම අවයව දන් දෙන්න නම් එකඟ වෙලයි ඉන්නෙ…. අන්තිම කැමති පත්‍රයක් ලියන දවසක ලංකාවෙදි මැරුණොත් මගෙ කටු බොඩිය වෛද්‍ය විද්‍යාලයකට දන් දෙන්න හිතාගෙන ඉන්නෙ… ඒක බලලා වෛද්‍ය ශිෂ්‍යයන්ට අළුතෙන් යමක් ඉගෙන ගන්නවත් බැරි වෙන එකක් නෑනෙ…

    හැබැයි මගේ ලැබ් එකේ යාළුවො කියන්නෙ වැම්පයර්ස් ලා මැරෙන්නෙ නෑ කියලයි…

    • arunishapiro said, on අප්‍රේල් 3, 2012 at 2:11 ප.ව.

      Alchemiya,

      බලාගෙන හදවත ගියොත් ඩික් චේනි වගේ කෙනෙකුට?!!!!

      වැම්පයර් නේද? මලලසේකර කියන විදියට වැම්පයර් කියන්නෙ “නිඳාගත්ත වුන්ගේ ලේ බොන පිශාචයාලූ”!?!?!?

      • Alchemiya said, on අප්‍රේල් 3, 2012 at 2:22 ප.ව.

        අපේ අය කියන්නෙ මම අමරණීයව ඉන්නෙ වැම්පයර් කෙනෙක් නිසාලු… (ඒයාලා කියන්නෙ මගෙ වයස අවුරුදු 500 ක් විතර කියලා)
        ඩික් චේනි වගේ කෙනෙකුට මගෙ හදවත දුන්නොත් අඩුම ගානෙ සාධාරණ විදියට හිතයි කියලාවත් හිතමුකො…. ඒත් දැන් ඉතිං මිනිහත් අවලංගු කාසියක් වගේ නෙ….

  3. dishan83 said, on අප්‍රේල් 3, 2012 at 3:00 ප.ව.

    මට කියලා අයිති කරගන්න දෙයක් “මම” ගෙනත් තියෙනවා ද. පරිසරයෙ ශාක වලින් පොශනය උරා වැඩෙන අපි ඒම ශාක වලටම පොහොරක් විම හොදයි නෙද.

    • arunishapiro said, on අප්‍රේල් 3, 2012 at 3:31 ප.ව.

      dishan83,

      මාත් හිතන්නෙ එහෙම. ගෙනාපු දේකුත් නැහැ. ගෙනියන දේකුත් නැහැ. මැරැනාට පස්සෙ “මාත්” නැහැ.

      පොහොර වීමට මාත් කැමතියි. එම්බාම් කරන රසායන එක්ක වළ දැම්මොත් අවට වතුර වලට ඒ රසායන එකතු වෙලා ජීවතුන් අතර ඉන්න අය රෝගී වෙන්නත් ඉඩ තියනවා. ඒ නිසා මැරිච්ච ගමන් රසායන මුකුත් එකතු නොකර ඉක්මණින් අවසන් කටයුතු කරන්න ඕනා.

      ස්වීඩිෂ් පරිසරවේදිනියක් වන Susanne Wiigh-Masak නිපදවලා තියනවා Promessa කියල ක්‍රමවේදයක්, මිනිස් මළ සිරුරු පොහොර වලට ප්‍රතිචක්‍රකරණය කරන විදියක්.

      ඒ හැරෙන්නට Shiho Fukuhara සහ Georg Tremmel දෙදෙනා Biopresence නිර්මාණය කරලා තියෙන්නේ මිනිස් DNA ඇති ශාක හදන්න විදියක්. මිනිසාගේ සාරයත් ගහේ සාරයත් එකතු කිරීමෙන් “ජීවත්වන සමරුවක්” නැත්නම් “Transgenic Tombstones” හදන්නට. හැබැයි ඒ තව දුරටත් “මම” පවතින්න කැමති අයට ක්‍රමයක් තමයි.

  4. ඔබ නොදු‍ටු ලොවක් said, on අප්‍රේල් 3, 2012 at 4:25 ප.ව.

    පැන්සල් කූරු හදන වැඩේ නං මරු..ඒත් හොල්මන් තියෙයිද දන්නෑ….

    • arunishapiro said, on අප්‍රේල් 4, 2012 at 9:44 පෙ.ව.

      ඔබ නොදු‍ටු ලොවක්,

      ඔව් මරණින් මතු ලෝකයක් තියෙනවා කියල හිතන අයට නම් ඕවා බැහැ තමයි. පැන්සලේ හොල්මන නිධන් තියෙන තැන් එහෙම ලියන්න පටන් ගත්තොත් කොහොම ද?!!!!

  5. Dulip Sikurajapathy said, on අප්‍රේල් 3, 2012 at 4:33 ප.ව.

    අනේ මන්දා . . . මම කැමතියි කාත් කවුරුවත් නැතිව මාව මැරිල යනව නං . . . එතකොට කාටවත් මිනිය ගැන වදවෙන්න ඕනෙ නෑනෙ

    • arunishapiro said, on අප්‍රේල් 4, 2012 at 9:48 පෙ.ව.

      Dulip Sikurajapathy,

      තමන්ට කාත් කවුරුවත් නැතිව මැරිලා ගියාට ඒත් කවුරු හරි ඉන්න එපායෑ මිනියට මොකක් හරි කරන්න. මැරුනට පස්සෙ කරන්න අවශ්‍ය දේවල් ඔක්කොම ලියලා තියලා විය හියදම් ඉන්න කාලේ දී ම ගෙවලා දාන අයත් ඉන්නවා. මගෙ සුදු අප්පුහාමිගෙ සුළු පියා එහෙම කෙනෙක්. කාටවත් කිසිවක් කරන්න තිබ්බෙ නැහැ අවමංගල්‍යට සහභාගී වෙනවා හැරෙන්නට. මෙහෙ ලාබම අවමංගල්‍යට වුවත් ඩොලර් පන්දාහක් විතර යනවා. ඒ නිසා ඒ ගැන හිතලා තියන තමන් දාලා යන අයට පහසුවක්.

  6. praveena said, on අප්‍රේල් 3, 2012 at 4:36 ප.ව.

    //ආදරේ වැඩිවුනාම “මගෙ මැණික” කියන අයට දැන් ඉතින් එහෙම වටිනා කෙනෙක් මැරුනාම මැණිකක් බවට ම හරවාගන්න පුළුවන්. ඒ වගේ ම කවුරු හරි ඇහැව්වොත් ඔය මොන ජාතියෙ මැණික් ගලක් ද? කියලා කියන්න වෙන්නෙ “මේ මගෙ අහවලා” කියල තමා.//

    eeeeeeeeeeeeewwwwww…… 🙂

    • arunishapiro said, on අප්‍රේල් 4, 2012 at 9:51 පෙ.ව.

      praveena,

      මට ආභරණ කොහෙත්ම රුස්සන්නෙ නැති නිසා ඒක වැඩක්ම නැති එකක්. ඒත් මේ දවස්වල ලෝකෙ හැම ආණ්ඩුවක්ම සල්ලි අච්චු ගහන හැටි දැක්කම හිතෙන්නෙ තැන්පතුවක් හැටියට වත් දියමන්තියක් කර ගත්තොත් නරක නැහැ ද කියලත්!!!

  7. Shanthi Chandrasekera said, on අප්‍රේල් 4, 2012 at 12:24 ප.ව.

    Harima asa hithena panividayak thamai mata labuneArunige Liuma baluwama. nawath ipadenawa kiyana ayta honda pilithurak denna puluwan wei kiyala hithenawa. thanks mage ithuriyata,

  8. නවම් said, on අප්‍රේල් 5, 2012 at 2:21 පෙ.ව.

    හපෝ මටනම් බෑ කොහෙවත් යන්න. මං මලාට පස්සෙත් මෙහේට වෙලාම ඉන්නව. [“මං “මලාට පස්සෙ “මං” ????? විකාරද මංද මට]

  9. piyadasun said, on අප්‍රේල් 9, 2012 at 5:54 පෙ.ව.

    මම මේ ජීවිතයේ ගොඩ කයට ගොඩක් කරදර කරලා තියනවා. පොඩි කාලෙ අම්මා අක්කා අයියලා හැමෝම නිතර ලෙඩා දුකා වෙච්ච මගෙ පස්සෙම වැටුනා. ඒත් අනේ මන්දා මට එහෙමට ලෙඩක් තිබ්බාද කියලාත්. ඊට පස්සෙ මගේ නෝනාත් මට ආදරේට මං වෙනුවෙන් මහ ගොඩක් දුක් ගන්නවා. ඉතින් මැරිලාත් මම කාටවත් කරදරයක් වෙන්න නම් එපා.
    අපේ මහප්පෙක් හිටියා හැමදේම කලේ පිලිවෙලට, යුතුකම් ඉටුකලා, විදුලි බිල ත් ලැබිලා පැයගණනකින් ගෙවලා දානවා. දරුණු රෝගයක් හැදී අවසන් සුසුම් හෙලන්න ටිකකට කලින් එයාගේ බිරිඳට කතා කරලා, ” මගේ මල බතට ලොකු කරවල කෑලි එහෙම හොඳට දෙන්න … අහවලාට සල්ලි දෙන්න…” කියා කීවේලු.
    මරණය කොහොඅම් කොයි වෙලේ ඒද දන්නේ කවුරුද, ඒ නිසා මගේ මලකඳ ගැන වද වීම මෝඩකමකි.මිනිය පසට පෝර වුනත් නැත්ත්, ඉන්නා කාලයේ කාවවත් මරාගන නොකා හිටියොත් නරකද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: