අරුණි ශපීරෝ‍ වෙතින්

ආගම දේශපාලනයට ගාව ගත්තම ආණ්ඩුවක් පරදිනවා ද?

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 5, 2012

චීනයේ China Power Investment Corp. එකට අවුරුදු පහක් තිස්සෙ මියෙන්මාර් පාලකයෝ එක්ක බොහෝ සෙයින් කුළුපග වෙලා ඩොලර් බිලියන 3.6 ක ආයෝජනයෙන් Myitsone හි හදමින් සිටි ජලවිදුලිබලාගාරය හදිසියේ ම නවත්වන්න කියා මියෙන්මාර් ආණ්ඩුවෙන් නියමයක් ලැබුණ. මියෙන්මාර් ජනාධිපති Thein Sein කිව්වෙ “ජනතාවගේ කැමැත්තට සවන් දෙන්න” ඕන නිසා කියල.

දුප්පත් රටවල් වලට ඇමෙරිකාවේ සල්ලි නැතුවත් බැහැ. ඇමෙරිකාවේ නීති පිළිපදින්නෙ නැතිව සල්ලි දෙන්නෙත් නැහැ. පිටින් ඇඟිලි ගහන්න ඉඩ නොදී, ඇමෙරිකාවට කරන වෙළඳාම නැතිව ගිහින් කන්න බොන්න නැති වුනාම රට්ටු පාරට බැස්සොත් චීනය, රුසියාව කියන්නෙත් ඇමෙරිකාව කියන එක අහන්න කියල. නැත්නම් ඉතින් කන්න බොන්න නැතිවෙලා චීනයෙයි රුසියාවෙයි රට්ටු පාරට බැස්සොත් මොකද කරන්නෙ?!!!!

විශාල පිරිසක් එක දෙයක් කරන්න කැමති කරවා ගැනීම කොතරම් දුෂ්කර දැයි දන්නෙ එවැනි කටයුත්තකට අත දාපු කෙනෙක්. එවැනි අයෙක් තමයි දකින්නෙ මිනිස් මොළයේ ඇති විවිධත්වය, අපූර්ව ස්වභාවය.

බඩගිනි නිවාගන්න මිනිසා වැය කරන කාලය බඩගින්න නිවුනාම කුමකට ද යොදන්නෙ? හැම විටම වස්තු තණ්හාවෙන් මිනිසා ඉන්නවා යැයි සිතන අය නොදකින දේවල් ලෝකයේ බොහොමයි. ජීවිතය පවත්වා ගන්නා තරමින් බඩ පිරෙන විට ම හීන් හඬකින් කොඳුරු ගා හරි වැරදි දේවල් තෝරා බේරන්නට සිත කොනහන අධ්‍යාත්මයක් තියෙන බව වැටහෙන්නේ මිනිස් පරිනාමය ගැන අවබෝධයක් ඇති හෝ නැති කී දෙනාට ද?

බලහත්කාරයෙන් ස්ථාපිත වූ දැඩි දඬුවම් ලැබෙන නීති වලින් තමන්ව පාලනය වෙන්නට ඉඩ දුන් යුගය ලෝකය තුල ඉබි ගමනින් නිමා වෙද්දී, කෙන්යාවේ මාස්සායි සටන්කාමී ගෝත්‍රික ජනතාව ස්මාට් ෆෝන්ස් වලින් මුහුණුපොතේ තම යහළු යෙහෙළියන් හා එකතු වන්නට හුරු වෙද්දී, ආගම ගැන වූ මතිමතාන්තර ද ලෝකය පුරා වසනා අය අතර කතාබහට ලක්වීම නවතන්නට කිසිවෙකුටත් නොහැකිය.

ඩාර්වින්වාදියෙක් හැටියට ආගමේ ඇති වගවිභාගයක් නැති නාස්තියත්, එහි ඇති නිශ්ඵලත්වයත් තමා දකින බව රිචඩ් ඩාව්කින්ස් කියා සිටියි. ඩාර්විනියානුවාදියෙක් හැටියට ලෝක ආණ්ඩුවල ඇති වගවිභාගයක් නැති නාස්තියත්, ඒවායේ ඇති නිශ්ඵලත්වයත් මා දකිමි. ආගම් ලොවෙන් තුරන් වෙනවා නම් ආණ්ඩු ද ලෝකයෙන් තුරන් විය යුතු ද?!!!!

නිශ්ඵල වූ ක්‍රියාවක් කරන්නට මිනිසා පෙළඹෙන්නේ ඇයි?

නිශ්ඵල වූ ක්‍රියාවක් සත්ව ලෝකයේ නැතැයි පෙන්වන රිචඩ් ඩාව්කින්ස් ස්වභාව ධර්මයා නිශ්ඵල ක්‍රියාවන්ට ඉඩක් නොතියන බව කියයි. හැමදාම නිශ්ඵල ක්‍රියාවන් කරන්නා වූ වල් සත්වයෙක් ඇත්නම් ඌට පරම්පරාව පවත්වා ගෙන යන්නට නොහැකි යැයි ඩාව්කින්ස් කියයි. මිනිසාගේ පරිනාමයේ ඉතා සුවිශේෂී කොටසක් වූ චෛතසිකය ඔහු අමතක කරයි. එනම් තෝරා ගැනීමේ හැකියාවක් සතු මිනිසා තම ජානු පරම්පරාව පවත්වා ගැනීමට නොහැකි වන පරිදි පැවිදි ජීවිතයකට බැස සිරුරට කම්සැප අහිමි කරන්නේ ඇයි?

ඇමෙරිකන් සොල්දාදුවන් තිදෙනෙක් මරන්නට මෝටර් බයිසිකලයකින් ආ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුට හැකිවිය.

ග්‍රීසියේ ඇතැන්ස් නගරයේ සින්ටැග්මා චතුරශ්‍රයේ දී 77 හැවිරිදි විශ්‍රාම ගිය පාමසිකරුවෙක් තමන්ට වෙඩිතබාගෙන දිවිනසා ගත්තේ ය. ඒ ග්‍රීක ආණ්ඩුවට විරෝධය පාන්නට ය.

ආගම වෙනුවෙන් ජීවිතය පුද කරනවා සේ ආණ්ඩුවට දනවන්නට ද මිනිසා ජීවිතය පුද කරන්නේ ඇයි?!!!

ආගම දේශපාලනයට ගාව ගත්තාම ආණ්ඩුවක් පරදිනවා ද? ආගම දේශපාලනයට ගාවා ගත්තේ නැතත් ආණ්ඩුවක් පරදිනවා ද?!!!!

Advertisements

13 Responses

Subscribe to comments with RSS.

  1. Shanthi Chandrasekera said, on අප්‍රේල් 5, 2012 at 2:44 ප.ව.

    Mama hithanne andu agamwelin nidahas viya uthui. kiyalai.

    • arunishapiro said, on අප්‍රේල් 6, 2012 at 8:32 පෙ.ව.

      Shanthi Chandrasekera,

      ඔව්, ආණ්ඩුවත් ආගමත් පටලවා ගත්තම රටේ කටයුතු සිද්ධ වෙන්නේ ජනතාව පත් කරගන්නා නියෝජිතයාගේ වගකීමෙන් ද නැත්නම් කොයි ආගමික නායකයාගේ වගකීමෙන් ද කියන ගැටළුව පැන නඟිනවා.

      වතිකානු නගරය ඇවිත් ආගමික ආණ්ඩුවක්. එහි වැසියන් සංඛ්‍යාව 832 ක්. ඒත් වැඩියෙන් කතෝලික භක්තිකයන් ඉන්නා පමණින් කුඩා රටක් වුවත් සීෂේල්ස් වලට එය සුදුසු නැහැ. ඉතාම කුඩා දේශ සීමාවක් තුල දී (වතිකානුව වර්ග සැතපුම් 0.2) එයට හැකියාවක් තිබුනාට දේශ සීමාව වැඩිවෙද්දී ජනගහණය විවිධ වෙද්දී, හැමදෙනාගේ කැමැත්තට ඉඩක් නොලැබෙන නිසා. ලංකාව කුඩා රටක් වූවාට ආරම්භයේ සිට ම විවිධත්වයකින් වූ රටක්. ඒ නිසා ඒවායේ ආණ්ඩු ආගම් වලින් නිදහස් වීම ඉතාමත් සුදුසුයි කියා හිතන්න පුළුවන්.

  2. Buwa said, on අප්‍රේල් 5, 2012 at 10:38 ප.ව.

    ලංකාවේ නම් ආගම දේශපාලනයට ගාව ගත්ත උන් අනිවා දිනනවා !

    • arunishapiro said, on අප්‍රේල් 6, 2012 at 8:39 පෙ.ව.

      Buwa,

      පක්ෂයේ ඇති දුර්වලතා නිසා එය ආගමට ඇති කැමැත්තක අකැමැත්ත මත ලැබූ චන්ද වලින් පැත්තක් දිනනවා යැයි හිත් හදාගන්න අය මෙහෙත් ඉන්නවා. 😀

      • Buwa said, on අප්‍රේල් 6, 2012 at 1:02 ප.ව.

        එකම සාධකය ආගම කියලා නෙවෙයි මම අදහස් කලේ ,ඉතාම වැදගත් සාධකයක් කියන එක . ලොකු ප්‍රේමදාස සහ මහින්ද අති සාර්ථකව කලෙත් චූටි ප්‍රේමදාස කරන්න ට්‍රයි කරන්නෙත් ඒකම දේ . ජාතික මට්ටමෙන් පහලට ඇවිත් ප්‍රාදේශීස සභාවක් අරගෙන බලමු !

        එකම පක්ෂයේ අපේක්ෂකයින් දෙන්නෙක් අතරින් එක්කෙනෙක් ප්‍රදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවගේ උන්නතිය වෙනුවෙන් බොහොම සාර්ථක වැඩ පිලිවෙලක් එක්ක ඡන්දයට එනවා , අනෙකා සතුව එහෙම විශේෂ වැඩපිලිවෙලක් නැහැ ජනතාව අතරට ගෙනියන . දෙදෙනාම ජනතාව හොඳින් දන්නා කියන ජන ප්‍රසාදය දිනා ගත් චරිත . දෙවැන්න අදාල ප්‍රදේශයේ වෙහෙර විහාර සමඟ සබඳතාව බොහොම වැඩිකෙනෙක් , පන්සලේ සැම කටයුත්තකදිම දකින්න ඉන්න චරිතයක් . කවුරුද වැඩියෙන් මනාප ගන්නේ ?

        ලිඳ දැක්කාම බාල්දියක් ඉල්ලගෙන ගිහින් නාගන්න , රෙදි පෙන්නුවාම තනියම මහල ඇඳගන්න මිනිස්සු ඉන්න රටක ආගම හොඳ තුරුම්පුවක් ! දේශපාලනයේ ඉහලට ආපු කුඩු කාර , කසිප්පු කාර චණ්ඩි ඉස්සරහ තියෙන්නේ ආගම , හාමුදුරුවරු දීපු ගරු නම්බු නාම

        හොර හරක් පැටෙව්වත් ලොරියේ ඉස්සරහ ගහල තියෙන්නේ ” බුදු සරණයි ” කියල නම් ප්‍රශ්නයක් නෑ , මේකට පක්ෂ බේදයක් නෑ

  3. Sumith Niriella said, on අප්‍රේල් 6, 2012 at 2:30 පෙ.ව.

    ආණ්ඩුවක් ආගමෙන් පූර්ණ වශයෙන් නිදහස් විය යුතුයි. ආණ්ඩුවත් ආගමත් එකට බැදී ක්‍රියාකරන තාක් එවන් රටකට ඉදිරියට යාමට තිබෙන බාදා වැඩියි. එවන් රටක ආණ්ඩුවක් ඔනෑම තීරණයක් ගතයුතුවෙන්නෙ ආගම් ෆිල්ටරෙන් පෙරලා එතකොට එහි ගතයුත්තක් නැතිවීමේ ඉඩකඩ වැඩියි.

    • arunishapiro said, on අප්‍රේල් 6, 2012 at 8:42 පෙ.ව.

      Sumith Niriella,

      ඔව් එකඟයි, ඒත් වතිකානු නගරය වැනි ඇබිත්තන් ඉඩක ඉන්න අය ආණ්ඩුවයි ආගමයි ඈඳාගෙන හිටියාට කමක් නෑනේ නේද?

  4. kumaraya said, on අප්‍රේල් 6, 2012 at 4:39 පෙ.ව.

    ලෝකය එකම රටක් කියල ලෝකවාසී හැමෝම පිළිගත්තදාට මේ මලඉලව් කරදර ඉවරවේවි කියල මම හිතනව.

    • arunishapiro said, on අප්‍රේල් 6, 2012 at 8:43 පෙ.ව.

      kumaraya,

      අපි යන්නෙ ඉබි ගමනින්. ඒත් ස්වභාවික පරිනාමයකින් සිද්ධ වූ ගෝලීයකරණයෙන් අනාගතයේ යම් දවසක එහෙම කාලයක් උදාවේවි කියා හිතන්න පුළුවන්. වෙන කිසිවක් නිසා නොව මිනිස් පැවැත්ම ආරක්ෂා කරගනු සඳහා ම.

  5. Ravi said, on අප්‍රේල් 6, 2012 at 7:55 පෙ.ව.

    ආගම දේශපාලනයට ගාව ගත්ත ආණ්ඩුවක් පරදිනව නම් පරදින්නෙ විචාරබුද්ධියෙන් යුතු තමන්ගෙ නිදහස අගය කරන ජනතාවක් ඉන්න රටක විතරයි. එහෙම පැරදුනු අවස්ථාවක් ගැන උදාහරණයක් නම් එක වරම කියන්න අපහසුයි. ඒත් ඔය සංසිද්ධියෙ පූර්ණ පරස්පරය නම් අපි පෞද්ගලිකවම අත්විඳිමින් ඉන්නෙ දැන් සැළකිය යුතු කාලෙක ඉඳල 😦

    • arunishapiro said, on අප්‍රේල් 6, 2012 at 9:27 පෙ.ව.

      Ravi,

      විවිධ විෂම වූ පුද්ගලයන් ඉන්නා රටක දී ආගම ගාවා ගත්තත් පරදිනවා, නැතත් පරදිනවා.

      ආගම දේශපාලනයට ගාව ගත්ත නිසා විතරක් නෙමෙයි ජොර්ජ් බුෂ් පුතාගෙ ආණ්ඩුව පැරදුනේ. ආර්ථික ප්‍රතිපත්ති වැරදි වු නිසා. අදටත් රිපබ්ලිකන් පක්ෂයට නොවැම්බරයේ දී ඔබාමා පරාජයට ඉඩක් තියේවිදැයි කියන්න දුෂ්කරයි. රිපබ්ලිකන් පක්ෂයේ ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි සදාචාරාත්මක අගයන් හා අහිතකර ආර්ථික ප්‍රතිපත්ති තවත් පතුරුවන (සැන්ටෝරම්) පිල සහ ඉවැන්ජලිකල් නොවන එහෙත් ආර්ථික ප්‍රතිපත්ති වල වෙනසක් නොකරන (රොම්නි) පිල සහ ආගම දේශපාලනයට ගාවා ගැනීම අවශ්‍ය නැතැයි කියන එහෙත් ආර්ථික ප්‍රතිපත්ති සෑහෙන්න වෙනස් විය යුතු යැයි කියන (රොන් පෝල්) පිල පැති තුනකට බෙදී ගිහින්.

      ඔබාමාගේ අහිතකර ආර්ථික ප්‍රතිපත්ති වලට බහුතරයා කොතරම් අකමැති වුවත්, ඇමෙරිකන් ජනාධිපතිවරායට, කොංග්‍රසයට හා සුපිරි උසාවියට බලය බෙදී යන නිසාත්, රිපබ්ලිකන් පක්ෂයේ චන්ද ඉල්ලන පිල් තුන එකතු කරනු නොහැකි නිසාත්, ඔබාමාට ආයෙත් දිනත හැකියාව වැඩියි. රොන් පෝල් නැතිව වෙන අයෙක් රිපබ්ලිකන් පක්ෂයෙන් තරඟ කළොත් මා චන්දය නොදෙන්නේ ආගම සාධකයක් වන නිසා නොවේ. දෙවන වාරයකට ජනාධිපති වුවත් ඔබාමාට ආර්ථිකය තවත් දුර්වල කරන්නට ඉඩක් නොදීමට කොංග්‍රසයේ හා සුපිරි උසාවියේ බලය ගැන ඇති විශ්වාසය නිසයි.

  6. නවම් said, on අප්‍රේල් 6, 2012 at 11:43 ප.ව.

    ආණ්ඩුව සහ ආගම එකිනෙකාගෙන් ස්වායත්තවූ ආයතන විය යුතුයි [ඒවා ආයතන වීම වෙනම ගැටළුවක්] ආගමික නායකයන් තම තමන්ගේ ආගම් බලා ගත්තුදෙන්. කැමති අය අදහපුදෙන්, අකමැති අය හදවතට සවන්දීපු දෙන්.

    මටනම් හිතෙන්නෙ ආණ්ඩුවට ආගමටත් වඩා ආගමට ආණ්ඩු අවශ්‍යබවයි. එහෙම නොවුනා නම් ආගම්වල දැන් තියන ආටෝප පොත්ත ක්ශය වෙලා ගිහිල්ල කොර් එක විතරක් ඉතුරුවෙයි. එදාට ආගම්ක නියෝජිත පරපෝෂිතයන්ට පැවැත්මක් නැතිවෙයි. මමනම් කැමතියි එහෙම දවසක් එනවනම්.

  7. Inesh said, on අප්‍රේල් 9, 2012 at 6:34 පෙ.ව.

    එනම් තෝරා ගැනීමේ හැකියාවක් සතු මිනිසා තම ජානු පරම්පරාව පවත්වා ගැනීමට නොහැකි වන පරිදි පැවිදි ජීවිතයකට බැස සිරුරට කම්සැප අහිමි කරන්නේ ඇයි? මේ ගෑන තව ටිකක් කතා කලොත් හොද නෑද්ද.වෙනමවම?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: