අරුණි ශපීරෝ‍ වෙතින්

කැටේ නැතිව සුප් හදන්න පුළුවන් ද?

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 6, 2012

නෝර්, මැගී වැනි කැට දාලා සුප් හදන අය ඉන්නවා. ඒත් අනගි සුප් එකක් ලැබෙන්නෙ පටන් ගනිද්දී හදන පදනමට (stock) කැට නොදා හදාගන්න දන්නවා නම්.

එළවළු, මාළු, කුකුල් මස්, හරක් මස් යනාදියෙන් හැදෙන පදනම ඒ ඒ රසයෙන් වූ පදනමක්. ඒක දාලා වතුර හින්ඳලා ලබාගන්න මිශ්‍රණය තමයි ස්ටොක් (stock) කියන්නෙ. “කුකුල් මස් තම්බා ගත් වතුර” කුකුල් ස්ටොක් වතුර හැටියට ගන්නවාට වඩා ඒ අවශ්‍ය ප්‍රමාණයට වතුර හින්ඳවා ගනිද්දී කුකුල් මස්, ගම්මිරිස්, ළුෑණු, සෙලරි, කැරට්, බේ කොලයක් එහෙම දාලා ගත්තොත් රස වැඩියි. ඒත් වැඩියෙන් දේවල් පදනමට එකතු කරන්න ගියොත් (ලීක්ස්, හතු, සුදුළුෑණු, කොත්තමල්ලි වගේ දේවල්) පස්සේ සුප් එකට එකතු කරන දේවල් එක්ක නොගැලපීම් වැඩියි. ලුණු දාන්නත් හොඳ නැහැ පදනම හදාගනිද්දී. ලුණු එකතු කරන්නෙ සුප් එක හදාගනිද්දී.

අද ලෝකයේ සමහර දේශපාලන පක්ෂ හැදෙන්නෙ සුප් කැට දාලා. වෙන කවුරුත් විසින් හදපු පදනමක් එකක් එකතු කරලා තමයි තමන්ගෙ සුප් එක හදන්න උත්සාහ ගන්නෙ.

දේශපාලන පක්ෂයක පදනම හදාගන්නෙ කොහොම ද? රටේ පුරවැසියාගේ යහපත සලසන, ආර්ථිකය නංවාලන වගේ දේවල් තමයි කියන්නෙ නම්. ඒත් කරන්නෙ වෙන දේවල්.

මොන ආණ්ඩු ක්‍රමය ද? වතිකානුවේ ආණ්ඩු ක්‍රමය මුළු ඉතාලියට ගැලපෙන්නෙ නැහැ. ලීෂන්ස්ටයින් හි ආණ්ඩු ක්‍රමය ස්විට්ස්සර්ලන්තයට ගැලපෙන්නෙ නැහැ. එංගලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදය ඇමෙරිකාවට ගැලපෙන්නෙ නැහැ.

කවුද පාලනය කරන්නෙ? චීනයේ එක පක්ෂයක් පාලනය කරන ක්‍රමයට අද රුසියානුවන් ද කැමැති නැහැ. ඒකාධිපතිවාදයෙන් ගැලවෙන්න සිරියානුවන් සටන් කරද්දී සිංගප්පූරු ජනතාව ඊට අකමැත්තක් නැහැ. වතිකානුවේ වැසියන්ට දේවාධිරාජ්‍ය්‍ය වෙනස් කරන්න උවමනාවක් නැහැ.

පාවිච්චි කරන ආර්ථික ක්‍රමය සමාජවාදී වූවක් යැයි තවමත් කියන රටවල් බොහොමයක් තිබුනාට එහෙම එක රටක් වත් හොයාගන්නට බැහැ. කියුබාවත් පුද්ගලික දේපල (ව්‍යාපාර අයිතිය) ලබා දුන්න. ධනවාදී ආර්ථික ක්‍රමයට හැමෝම බැස්සට එතැන පදනම නිදහස් වෙළඳපොල නොවන විදියට ක්‍රියාත්මක කිරීම නිසා අද ධනවාදී රටක් කියන්න කිසිවක් ඉතිරි වී ද නැහැ.

මොන අන්තර්ජාතික සබඳතා පිළිවෙතක් ද ලෝකයේ රටවල් අනුගමනය කරන්නෙ කියලා හොයාගන්න යන්න වෙයි මේ දවස්වල මා පරිවර්තනය කරන “ගර්ජනය කළ මීයා” කියවන්නට!!!! තමන්ගේ සම්පත් විකුණලා කාලා ජීවත්වෙන්න බැරි වෙච්ච දාට අළුතින් දෙයක් නිර්මාණයට ද නොහැකි නම්, ඇමෙරිකාවට බඩු විකුණලා පමණක් තම ජනතාවට කන්න දෙන්න නොහැකි වූ දාට එකම එක දෙයයි ලෝකයේ රටවල් වලට කරන්න තියෙන්නෙ!!!!

යුරෝපය පුරා ආර්ථිකය කඩා වැටෙද්දී බලලෝභී යුරෝපීය පාලකයන් ප්‍රශ්න විසඳනවා වෙනුවට ප්‍රශ්න ඈතට ඈතට තල්ලු කරමින් සිටිති. එසේ සිටිය දී ඔවුන්ට ඇමෙරිකාවේ බලලෝභී ජනාධිපතිවරයෙකුට වැඩි චන්ද ප්‍රමාණයකින් කොංග්‍රසයේ දී අනුමත කරගන්නට හැකි වූ සෞඛ්‍ය පනත ස්ථාපිතයට ඇමෙරිකන් සුපිරි උසාවියේ තීරණය අවශ්‍ය මන්දැයි සිතාගත නොහැකිය. ඇමෙරිකාව දුවන්නේ රහස් ඔත්තු සේවයෙන් යැයි කියනා අයට ඔබාමාගේ උත්සාහය සාර්ථක නොවුන හොත් එය කුමන්ත්‍රණයක් යැයි කියත හැකිය. එහෙත් අනිත් පක්ෂයෙන් දිනත හැකි අයෙක් ඉදිරියට නාවොත් ඔබාමා යළි ජනාධිපති වුවහොත් එයත් කුමන්ත්‍රණයක් යැයි නොකියති!!!

සුප් රස වෙන්නේ ගැලපෙන දේවල් බොහොමයක එකතුවෙනි. ලීෂන්ස්ටයින් වල සුප් රසයි. ස්විට්ස්සර්ලන්තයේ සුප් ද රසයි. ඊට බෙහෙවින් වෙනස් වන ඇමෙරිකන් සුප් ද රසවත් ය.

අනුන්ගෙ බේස් නැතිව දේශපාලන පක්ෂයක් හදන්න පුළුවනි. එහෙම හදන්න දක්ෂයෝ අද ලෝකයේ කී දෙනා ද ඉන්නෙ?!!!

රස ගුණ නොබලා ඕන දෙයක් ගිලදාන මිනිස්සු කවදා රස ගුණ බලා ආහාරයක් කටට ඇතුල් කරන්න හිතාවි ද?

ගුණ අගුණ නොවිමසා පක්ෂයකට හේත්තු වෙන මිනිස්සු කවදා තමන්ගේ යහපත අයහපත විමසා චන්දය දාන්න හුරු වේවි ද?

සුප් කැට නැතිව සුප් හදන්න පුළුවනි. ඒත් එහෙම දන්න දක්ෂයෝ අද ලෝකයේ කී දෙනා ද ඉන්නෙ?!!!!

Advertisements

9 Responses

Subscribe to comments with RSS.

  1. ඔබ නොදු‍ටු ලොවක් said, on අප්‍රේල් 6, 2012 at 3:23 ප.ව.

    සුප් කැට වල පිලී ගඳ වගේ එක කෝප්පේ තියෙන නිසා මේ පාර රසම් පැකට් ටිකක් ගෙනාවා..වැඩේ නැගලා ගියා….බැලින්නං ඉන්දියන් එකෙකුත් බොනවා හදාගෙන අපේ සමහන් වගේ පැකට් ජාතියක්..

    • arunishapiro said, on අප්‍රේල් 7, 2012 at 9:32 පෙ.ව.

      ඔබ නොදු‍ටු ලොවක්,

      ඇමෙරිකාවට ආපු දවස්වල ම සුදු අප්පුහාමිට හොඳටම උණ සෙම්ප්‍රතිශ්‍යාවක් හැදිච්ච වෙලාවේ ගම්මිරිස්, සුළු ළුෑණු, කුරුඳුපොතු, සියඹලා පේස්ට්, සූදුරු සහ කරපිංචා කොළ දාලා හදලා දීපු “තැම්බුම් හොද්ද” බිව්වට පස්සෙ එයාට සුව වුනා. එයාලගෙ ගෙදර අය සාස්පානේ රත්වෙන හොද්ද දිහා බලලා, පැතිරෙන ආඝ්‍රාණය දැනිලා බයවෙලා හිටියෙ ප්‍රතිඵලය කුමක් වේ දැයි කියා. ඒත් දැන් සුදු අප්පුහාමිගෙ අම්මා ඒ කුළුබඩු හැමදාම ගෙදර තියාගෙන ඉන්නෙ. එයත් තැම්බුම් හොදි හදන්න දන්නවා.

      මෙහෙ සිංහල කඩවල් වල ආයුර්වේද ඖෂධ සංස්ථාව හදන සුවසෙත රසම් පැකට් විකුණන්න තියෙනවා. ලංකාව ඒවගේ ලාංකික නිෂ්පාදන ප්‍රසිද්ධ කරන්න කිසිම උත්සාහයක් ගන්නේ නැහැ. ඒක ගැන නම් දුක හිතෙනවා.

      මාලනීගේ කුස්සියෙ ඉන්දියන් රසම් රෙසිපියක් තිබ්බා මෙන්න.

  2. Gold fish said, on අප්‍රේල් 7, 2012 at 12:08 පෙ.ව.

    සුප් එක ගැන නම් තේරුනා, අනිත් ටික නම් ම්හු….. මං මුලින් හිතුවේ අක්කත් ඉවුම්-පිහුම් උගන්නන්න යනවා කියලා.

  3. නවම් said, on අප්‍රේල් 7, 2012 at 1:04 පෙ.ව.

    දේශපාලන සුප් එකෙක් නෙ. මම හිතුවෙ වෙජිටබල් සුප් එකක් හදනව කියල. මදැයි…. 🙂

    කැටේ දාල දැන් සුප් විතරක් නෙමෙයි අන්න කාජොල් චිකන් රස පරිප්පුත් හදනව.

  4. Ravi said, on අප්‍රේල් 7, 2012 at 5:29 පෙ.ව.

    හෙහ්, හෙහ්, සුප් කැට නැතුව සුප් හදන්න…..

    සුප් කැට නෙවෙයි….එලවළු මස් ඒ වගෙ ඕන කරන අඩුම කුඩුම මොකවත් නැතුව නිකම් වතුර හැලියක් ලිපේ තියල බොහොම රසවත් සහ ගුණදායක සුප් එකක් තමන්ට හදාගන්න සමතෙක් හිටිය….අරුණි දන්නව ඇති….

    ඒ නස් රුද්දීන්….මිනිහ සුප් හැදුවෙ සුප් ගලකින්….හෙහ්, හෙහ්,

    අද බහුතරයක් දේසපාලකයො නස් රුද්දීන්ටත් වඩා හොඳට නස් රුද්දීන්ගෙ ක්‍රමයට සුප් හදන්ට දක්ෂයො… 🙂 🙂

    • arunishapiro said, on අප්‍රේල් 7, 2012 at 9:46 පෙ.ව.

      Ravi,

      පහුගිය දවස්වල ලංකාවේ පත්තර වල ගිය කාටූන් ටික ම මඳෑ …. ඒත් වැඩි ජනතාවක් ඔවුන් එහෙම කරනවා යැයි නොදන්නා අය නොවේ නේද?!!!!!

  5. Shanthi Chandrasekera said, on අප්‍රේල් 7, 2012 at 4:20 ප.ව.

    Aruni oyage lipiya aththatama honda padamata thiyena soup ekak wagei math ekangai 100/100 k oyath ekka anunge base ekata nathiwa soup ekak haduwadata ape ratath hondawei eth penathek maneka penna naha ehema deyak .


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: