අරුණි ශපීරෝ‍ වෙතින්

දුර්මත ඉක්මණින් පැතිරෙන්නේ ඇයි?

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 7, 2012

ඇල්කෙමියා මල්ලිගෙ සටහන දැකලා ලංකාවේ දී මට අහන්න ලැබිච්ච පුවතක් මතක් වුනා. කොළඹ මුස්ලිම් ආයතනයක වැඩ කරන්න ගන්න කොල්ලො ඔක්කොම තරුණ මුස්ලිම් අයළු. කෙල්ලො ඔක්කොම තරුණ සිංහල අයළු. ආයතනයේ අභිප්‍රාය මුස්ලිම් කොල්ලන්ට සිංහල කෙල්ලො බන්ඳලා දීලා සිංහල ජාතිය වඳ කිරීමලු. ඉතින් ඇල්කෙමියා රසායන විද්‍යාවෙන් මැලික් අම්ල ඇති ටොපි ගැන තතු දක්වන විදියට ඒ කතාවේ ඇත්ත නැත්ත කොහොම ඔප්පු කරන්න ද?!!!!

දුර්මත ඉක්මණින් පැතිරෙන්නේ ඇයි කියන එකට පිළිතුර තමයි මිනිසාගේ පැවැත්ම ආරක්ෂා කරගන්න ඍනාත්මක දෙයක් ගැන ඇහිච්ච ගමන් ඒ ගැන විමසිල්ලට සිත යොමු වීම.

මෙහෙම කියන්නෙ මනෝවිද්‍යාඥ James Breckenridge විසින්. ගලක් අස්සෙන් මෘගයෙක් පනියි කියන බයට සූදානමින් ඉන්න පුරුදු වෙච්ච ආදීමිනිසා වගේ ම අදත් මොකක් හරි අවදානමක් ගැන කියන ප්‍රවෘත්තියකට මිනිසා මොළයේ අවධානය වැඩියෙන් යොමු කිරීම ස්වභාවිකයි.

ජේම්ස් බ්‍රෙකන්රිජ් තව දුරටත් මෙහෙමත් කියනවා:

—ධනාත්මක (තර්ජනයක් නැති) තොරතුරු වලට වඩා ඍනාත්මක වූ තොරතුරු වඩා සත්‍යය යැයි අපි දකිනවා.

—අපි අපේ දැක්ම අනුව (එය බොහෝවිට ඍනාත්මකයි) තොරතුරු සොයා යනවා.

—අපි ඍනාත්මක තොරතුර දැක්කට/ඇහැව්වට කළින් වෙච්ච දේවල් වලට වඩා අපිට වැඩියෙන් මතක තියෙන්නේ ඒ ඍනාත්මක තොරතුරුට පස්සෙ සිද්ධ වූ දේවල් ගැන.

—වරක් ඍනාත්මක හෝ සතුරු උත්තේජකයකට මුහුණ දුන්නාට පස්සෙ, අපි ඒ ළඟින් යන අපහැදිලි අවස්ථාවක් හෝ චර්යාවක් දකින්නෙත් ඍනාත්මක හා සතුරු වූවක් ලෙසින්.

—අපි ආපහු යනවා “අපිට එරෙහි ඔවුන්” යන සිතුවිලි රටාවට. එහි දී අපි වැඩියෙන් නැඹුරු වෙන්නෙ “ඔවුන්” උවමනාවෙන් ම හැම විටම හැසිරෙන්නේ එහෙමයි ඒ නිසා ඔවුන් සම්පූර්ණයෙන් ම ඊට වගකිව යුතුයි යැයි, “අපි” කරන්නේ අපිට පාලනය කරගත නොහැකි අවස්ථාවන්ට මුහුණ දීමේ දී එසේ ප්‍රතිචාරයක් දක්වනවා පමණක් යැයි සිතන්නට.

ඒත් අපි ස්වභාවයෙන් ම මෙසේ පරිනාමය වෙලා ඇවිත් තිබුණත්, අපේ මොළය පරිනාමය වීම අවසන් වෙලා නැහැ. ඒක තමයි බ්‍රෙකන්රිජ් දෙන ධනාත්මක නිව්ස් එක!!!!

අපේ මොළයේ prefrontal cortex කොටස මැදිවිය දක්වා වර්ධනය වෙමින් පවතින්නක්. මේ කොටස තමයි අනිත් අය එක්ක හැඟීම් බෙදා හදා ගන්නට දන්නෙ, යම් ක්‍රියාවකින් ලැබෙන ප්‍රතිඵලය ගැන හිතන්නෙ. ඉතින් බ්‍රෙකන්රිජ් කියන්නෙ අපිට නිතරම අපි මෙහෙමයි හිතාගෙන ඉන්න දේවල් එහෙමදැයි විමසන්න අභියෝගයක් ඉදිරිපත් කරන්න පුරුදු වුනොත් අපිට එහෙම පුරුද්දක් ඇති වේවි කියල.

තවත් විදියකින් කිව්වොත් ස්වභාවයෙන් ලැබිච්ච මිනිස් මොළයකින් හැමදාම ජීවත්වෙනවාට වඩා වැඩි දියුණු වූ මිනිස් මොළයක් කරා යන්න කියල!!!!

බ්‍රෙකන්රිජ් තව දුරටත් කියනවා තමන් අයිති වන කල්ලියයි/අනිත් කල්ලියයි අතර එක පැත්තකට හේත්තුවෙන එකෙන් ගැලවෙන්නට නම් අනිත් කල්ලියේ කෙනෙක් එක්ක සාර්ථක සබඳතාවයක් පවත්වා ගැනීමෙන් පුළුවන් කියල. මාධ්‍යයන්ට මේක කරන්න පුළුවන් “කෙනෙකුගේ ඇසින්” කතාව ඉදිරිපත් කරන්න. ඇමතිවරයෙක් මෙන්න මේ මුදලින් ජීවත්වෙන්න පුළුවන් කිව්වම එහෙම බැරි කෙනෙක්ගෙ විස්තර ලියන්න.

කාටවත් පිළිගන්න බැරි තරම් මුසාවක් කිව්වාම විතරයි ඒත් ප්‍රධාන මාධ්‍ය්‍ය වලටත් එහෙම කරන්න මතක් වෙන්නෙ!!!

සටහනේ මුලින් සඳහන් කරපු මුස්ලිම් ආයතනයේ නම මට කිව්වා ඒත් මට මතක නැහැ. සමහර විට ඒ තොරතුර “සතුරු ප්‍රහාරයක්” විදියට මම දැක්කෙ නැති නිසා ද දන්නෙත් නැහැ!!!!

Advertisements

24 Responses

Subscribe to comments with RSS.

  1. ගැමියාගේ පත් ඉරුව said, on අප්‍රේල් 7, 2012 at 12:11 ප.ව.

    කවුරු කොහොම කිව්වත් මම ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා සිංහල ජාතියට ඔහොම කරන කෙනෙහිලිකම්… මේ ලඟදි මුස්ලිම් තරුණ පිරිසක් අතින් ඝාතනය වෙච්චි තරුණයා හොඳම මෑත කාලීන උදාහරණයක්.අපි ඔහොම දෙයක් කලානම් ඒක ජාතිවාදි කුමන්ත්‍රණ ඒත් උන් ඒවා කලාම උන් කියන්න එනවා අපි ජාති බේද නැතිව ඉමු කියලා….ලංකාවත් තවත් මුස්ලිම් පුරයක් කරන්න යන්නේ කියලා මේ මොලගෙඩි වලට තේරෙන්න් නැති එකයි ප්‍රස්නේ….. හරිම දුකයි ඒ ගැන දැනෙද්දි… මට ඕනේ නෑ මගේ ලංකාව තවත් ඇෆ්ගනිස්තානයක් වෙනවා දකින්න…

    අනගාරික ධර්මපාලතුමාගේ දේශන මම පොඩි කාලේ ඉඳන්ම ප්‍රිය කලා ඒවායේ තිබුනු කරුණු ඇස් පනාපිටම සත්‍යයක් වෙනවා….

    “උන් කියාවි සිංහල කියලා ජාතියක් නෑ කියලා…. උඹලට වෙන්නේ ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න…. ”

    අන්තිමේදි මුහුදට තමා පනින්න වෙන්නේ….

    මම පිළිතුරු දුන්නේ ඔබේ ලිපියේ මුල් ටික සඳහා…. ඉන් පස්සේ තියෙන මිනිස් මනසේ ක්‍රියාකාරිත්වය ගැන මට අවබෝධයක් නෑ හැබැයි ස්වාභාවයෙන්ම අනතුරු වලක්වා ගන්න මිනිසා ක්‍රියාත්මක වීම වෙන්න ඇති කියලා හිතනවා…ඒක ඇවිල්ලා අනුවර්තනය වීමක් කියලා හිතනවා

  2. චතුර විජේකෝන් said, on අප්‍රේල් 7, 2012 at 12:34 ප.ව.

    ඔය කියන ආයතනයට, ඔය විදිහට කට්ටිය බඳව ගන්ට ඔයිට වඩා හේතු තිබුණා වෙන්ටත් පුළුවන්.. හැබැයි මුස්ලිම් ජාතිකයෝ සිංහල අපට එයාලගේ ව්‍යාපාරික ඒකාධිකාරී බලය යොදාගෙන ගහන ගැහිල්ල නං ඉහිලුං දෙන්නෙ නැති තරං..

    ඒ වෙළඳ සංස්කෘතියේ අතුරු කතාවක් තමයි ඔය කතාව..

    දුර්මතයක් කියලා හඳුන්වනවාට වඩා එය හැඳින්විය හැක්කේ අනර්ථයක් පිළිබඳ වූ තොරතුරක් විදිහට.. මේ මතය ලංකාවේ හරියට පැතිරෙන්නේ නැතුව තියෙන එක තමයි අභාග්‍යය.. එය පැතිරෙන්නේ සීමිත පිරිසක් අතරේ පමණයි..

    මේ අවුරුදු කාලේ.. C.I.B, තිලකවර්ධන, කැන්ඩි ඇරුනාම ඔලුව උස්සගෙන ඉන්න සිංහල බෞද්ධ රෙදි කඩ කීයක් තියෙනවද ලංකාවේ.. ?

    අපේ මිනිස්සු ඔය මහත්තුරු අපට කරන කෙනෙහෙලිකං හරියට දන්නවනං නෝලිමිට්, පැෂන් බග් ගානෙ පොදි කන්නේ නෑ.. පොඩියට වුණත් හොඳ දේ තියෙන සිංහල කඩ වලට ගොඩ වෙනවා..

    ඒත් අපේ අය තාම හරියට දන්නෙ නෑ.. එයාලා දෙන්නේ පට්ට හීතල ගේම්..!

  3. Anjali said, on අප්‍රේල් 7, 2012 at 12:45 ප.ව.

    It could happen other way also. If the girl is smart she can always bring up the child the way she wants. Only the name will be Muslim.

    • චතුර විජේකෝන් said, on අප්‍රේල් 7, 2012 at 1:21 ප.ව.

      ඕකනේ කියන්නේ වසුරු පිඩක් පෙන්නලා.. මේ තියෙන්නේ වසුරුය කියලා කිවුවට පිළිගන්නේ නෑ.. ඉඹලා බලන්න ඕන කියනවා.. ඒත් පිළිගන්නේ නෑ.. අල්ලලා බලන්න ඕනෙ කියනවා… ඒත් පිළිගන්නේ නෑ.. දිවේ ගාලා බලන්න ඕන කියනවා… ඒත් පිළිගන්නේ නෑ,… කාලා ම බලන්න ඕනේ කියනවා.. එතකොට රහ දැනෙනවා…

    • සාධාරණ සත්‍යය said, on අප්‍රේල් 8, 2012 at 12:40 ප.ව.

      my dear lady Anjali please don’t speak about things you don’t know.
      Don’t see day dreams, If you don’t know please just search about there culture and law.
      They can’t even stop there muslim husbands second marriage,
      and can’t get divorced neither.
      Are you in a fantasy?

  4. දර්ශන said, on අප්‍රේල් 7, 2012 at 2:11 ප.ව.

    මිනිස් මනසේ ක්‍රියා කාරීත්වය ගැන ඔබේ අදහසට එකඟයි හැබැයි මේ මුස්ලිම් ප්‍රශ්නය දුර්මතයක් නම් නෙවෙයි. අවාසනාවකට මේක ගැන අවබෝධය තියෙන්නේ ඉතාමත් සීමිත සිංහලයන් පිරිසකට විතරයි මොකද මේක සීතල යුද්ධයක් විදිහට තමයි තාමත් යන්නේ. නෝ ලිමිට් සහ ෆැෂන් බග් කියන ආයතන දෙකේම ඔය සිංහල ගෑණූ ළමයි බිලී බා ගන්න වැඩේ ජයටම සිද්ධ වෙනවා දුප්පත් අසරණ පවුල් වල ගෑණූ ළමයිව සල්ලි පෙන්නල තෑගි බෝග දීල නම්ම ගන්න එකත් එච්චර අමාරු වැඩක් නෙවෙයිනේ. මේ එක පැත්තක් විතරයි තව පැති ගොඩකින් මේ වැඩ පිළිවෙල ඉස්සරහට යනවා.

    තව දෙයක් කියන්න ඕනි ඔය සිංහල බෞද්ධයා වගේ වෙබ් අඩවි වගේම ෆේස්බුක් වල තියෙන සමහර ගෘප් වගේම පේජ් කරන්නේත් සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වමින් මුස්ලිම් අන්තවාදයට එරෙහිව නව බෞද්ධ අන්තවාදයක් ගොඩ නැගීමට උත්සාහ කිරීම. ඒ අයගේ න්‍යාය පත්‍ර අනුව ගියොත් නම් ඉතින් වෙන්නේ සිංහලයන් තුල ජාතික හෝ ආගමික හැඟීම් මතු නොවන වාතාවරණයක් තුල මුස්ලිමුන් ගේ ආක්‍රමණශීලීත්වය තවත් වේගවත් වීම විතරයි.

    මේක ගොඩක් පරිස්සමෙන් විසඳන්න ඕන ප්‍රශ්නයක් ඔය රෙදි පිළි ව්‍යාපාරය ගැන නම් කියන්න තියෙන්නේ දැනට ඔළුව උස්සගෙන ඉන්න සිංහල ව්‍යාපාර වන කැන්ඩි, සී. අයි. බී., තිලකවර්ධන, හවුස් ඕෆ් ෆැෂන්, ඔඩෙල් වගේ ආයතන අගනුවරින් මිදිලා රට පුරාම තම සේවා ජාලය ව්‍යාප්ත කරන එක, නිශ්පාදන වල ගුණාත්මක බාවය (විශේෂයෙන්ම සී. අයි. බී.) , සහ පාරිභෝගික සත්කාර සේවා වගේ දේවල් ගැන වැඩි අවදානයක් යොමු කිරීම තමයි.

  5. coz said, on අප්‍රේල් 7, 2012 at 3:43 ප.ව.

    කලින් දාපු කොම්මෙන්ට් වලට මාත් එකගය් …. අරුණි භුමියේ යථාර්තය ගැන අවබෝදයකින් තොරව ලියපු ලිපියක් විදිහට මම දකින්නේ …. මුස්ලිම් ව්‍යප්තිවාදයක් කවුමොනවා කිව්වත් මෙරටේ ක්රියත්මකය්

  6. Shanthi Chandrasekera said, on අප්‍රේල් 7, 2012 at 4:13 ප.ව.

    Mama hithanne Aruni dan lankawe minisunta aluth gataluwak hadagena yanwa owa samaharavita deshpalakayanta onadewal wenna puluwan rata sanwardanaya nokara rata vinaswenakota minisun e gana kathawena eka nawathinawa oyawage jathi wadi dewal oluwata dammama. api niyama bauddayo nam agama ho jathiya gana purasaram dodanna baha, sinhala bauddayo me vidihata hithuwama kohomada rataka jathin athara samagiya athiwenne? bohoma bayanaka thathwayak matath godak dewal ewanawa Fb ehenuth mama ewa delete karanawa share karanne naha Muslim minisunta ho katholika minisunta baha minisunwa balen agamata harawanna ewa boru katha mama inna rate(uk) oya kiyana jathi okkoma innawa kawruth nidahase innawa e rate minisunta kochchara amaru wenna onada pita minisun e rate idam gewal aran padinchi unama job aragena , thawa godak dewal. eth uk minisun adu gane naththalata yesus wahansege piliruwak wath pradarshaneta thiyanne naha namuth ape kohomada? mama kanagatu wenawa ape minisun hithana vidiha dakkama. thanks oyage lipiyata

  7. Gold fish said, on අප්‍රේල් 7, 2012 at 10:35 ප.ව.

    මං හිතන්නේ අපි අහන දේයි, පිළිගන්න දේයි මත තමා ඒ දේවල් රැඳිලා පවතින්නේ කියලා. ඒ වගේම එක එක අය​ හිතන විදියටත් “මත” වල ස්වාභාවය වෙනස් වෙන්න පුළුවන්. මට වැරදි දේ තවත් කෙනෙකුට හරි වෙන්න පුළුවන්. කාටවත් වැරැද්දක් කියන්න බැහැ මං හිතන්නේ.

  8. රාජ් said, on අප්‍රේල් 7, 2012 at 10:40 ප.ව.

    කුමන්ත්‍රණ කතාව ගැන මොකුත් කියන්නෙ නෑ. ඇත්ත හෝ බොරු වෙන්න පුළුවන්.
    මුලින් කියල තියන ටික නං ඇත්ත.

  9. praveena said, on අප්‍රේල් 7, 2012 at 10:49 ප.ව.

    //ඒත් අපි ස්වභාවයෙන් ම මෙසේ පරිනාමය වෙලා ඇවිත් තිබුණත්, අපේ මොළය පරිනාමය වීම අවසන් වෙලා නැහැ. ඒක තමයි බ්‍රෙකන්රිජ් දෙන ධනාත්මක නිව්ස් එක!!!!//

    දුර්මත ඉක්මණින් පැතිරෙන්නේ ඇයි? සරලව කීවොත් අහන උදවියගේ මෝඩකම කීවා නම් හරිද? 🙂

  10. Sudath said, on අප්‍රේල් 8, 2012 at 12:33 පෙ.ව.

    දුර්මත ඉක්මණින් පැතිරෙන්නෙ ඇයි කියන ප්‍රශ්නය මටත් තිබුනා. ජේම්ස් බ්‍රෙකන්රිජ් කියල තියන දේ හරි වගෙයි මටත් හිතෙන්නෙ.
    ඔය ආයතනය ගැන ලිපි ගණනාවක් සංසරණය වුනා ඊ මේල් වලින්. මටත් තියන ගැටළුවක් තමයි ඇත්තටම මුස්ලිම් කාරයෝ වෙනත් රටවලට ගිහින් ඒ ර‍ටවල් අයිති කරගන්න හදනවය කියන මතය ඇත්තක් වෙන්න පුළුවන්ද කියන එක. ලංකාවේ මුස්ලිම් ජනතාව ටික ටික වර්ධනය වෙලා සිංහලයන් වඳ කරන වැඩසටහන් දැනුවත්ව කරගෙන යන බවයි සමහර බ්ලොග් වලින් අවධාරණය කරන්නෙ. ඔය ටොපි දෙනවයි කියන ආයතනය නැගල යන ව්‍යාපාරික ස්ථානයක්. ඒකෙන් වැඩිපුර බඩු ගන්නෙ සිංහල අය කියලයි මං හිතන්නෙ, රටේ ජන අනුපාතය අනුව සිංහලයෝ වැඩි නිසාත් බොහෝ අය බඩු ගැනීමේදී අයිතිකාරයාගෙ වං හුං හොයන්නෙ නැති නිසාත්.

    මට හිතෙන්නෙ මෙහෙමයි.
    මුස්ලිම් අයගෙ ජානමය හැකියාවක් තියනව බිස්නස් වලට. ඒ නිසා, ඔවුන්ගෙ බිස්නස් සාර්ථක වෙනව වැඩියි. මේක සිංහල අයගෙ බිස්නස් වලට තද බල පහරක්. මේ කතන්දර වල මුල ඒක වෙන්න ඇති.
    හැබැයි ඉතින්, සිංහල බිස්නස් කාරයො වැඩි දෙනෙක් සිංහල ජාතියට කියල විශේෂ සැලකිල්ලක් දක්වන්නෙ නෑ බිස්නස් වලදි. මුස්ලිම් අයගෙන් බඩු ගන්න එපා කියනව ඇරෙන්න තමනට ඊට වඩා හොඳ සේවයක් දෙන්න පුළුවන් කියන කෙනෙක්නං දකින්න ලැබිල නෑ.

    මගේ මතය නම්, මේ මුස්ලිම් විරෝධී මතවාදය ගැන ගැඹුරින් සාකච්ඡා කිරීම අත්‍යවශ්‍යයි මේ කාලෙ.

  11. kathandarakaraya said, on අප්‍රේල් 8, 2012 at 1:15 පෙ.ව.

    අරුණී ෂපීරෝ රිපබ්ලිකන්කාරියෙක් කියලා දුර්මතයක් යනවා. ඇත්ත නෙමේ නේද?

  12. R.p. Susantha said, on අප්‍රේල් 8, 2012 at 1:30 පෙ.ව.

    මුලින්ම මට අද හරි සතුටුයි. ගොඩ කාලෙකින් අක්කගේ බ්ලොග් එක ඕපන් වුනා. කොහොම හරි මම නම් මේදේවල් දකින්නේ වෙනස් විදියකට. මේ සමාජයේ හැම දේම වෙන්නේ දුර්මතද ඇතුලුව, මුදල් සහ බලය කියන සාධක මත. ඒ නිසා තමයි මෙහෙම හිතන්න මිනිස්සු පෙලබිලා තියන්නේ. නමුත් උගත්කම තිබෙන සමාජවල මේ මුකුත් නැතුව ඉතාම හොදින් ඉන්නවා. මේක අපේ රටට විතරක් නෙමෙයි බටහිරට පවා වලංගුයි. නොදැනුවත්කම වැඩි සමාජවල වාර්ගික ගෝත්‍රක ප්‍රශ්න එමට නමුත් දැනුවත්කම වැඩි සමාජවල එවැනි ප්‍රශ්න අඩුයි. වෙනත් ප්‍රශ්න තමයි ඒ වැනි තැන්වල ඇත්තේ. බුදු දහම අනුව ජීවත් වෙනවා නම් මේ කිසිවක් එතරම් ප්‍රශ්න නෙමෙයි. කවදා හරි මේ හැම දෙයක්ම නැති වෙනවා නේද? මේ ඉන්න ටිකේ මොකටද කා එක්කවත් ගහ මරා ගන්නේ?

    මහ වෙදනා

  13. නවම් said, on අප්‍රේල් 8, 2012 at 1:59 පෙ.ව.

    කවුරුත් කැමතියි තම තමන්ගෙ ගොඩ වැඩිවෙනවනම්, ඒකනෙ ඉස්ලාම් භක්තිකයෙක් හරි ක්‍රිස්තියානි භක්තිකයෙක් හරි බෞද්ධ දර්ශණයට එකඟ වෙන තැන්වලදි බෞද්ධයො සතු‍ටුවෙන්නෙත්, ඒකෙ විරුද්ධ දේ වෙනකොට අන්‍යාගමීකරණය වැලැක්වීමේ පණත් ගේන්න දඟලන්නෙත්. ජාතිය ගැනත් ඔය දේම තමයි. එතනින් එහාට මුස්ලිම් ව්‍යාප්තිවාදයක් තියනවද කියල පිළිගන්නවත් බැහැර කරන්නවත් මගෙ දැනුම මදියි.

  14. deemith said, on අප්‍රේල් 8, 2012 at 4:18 පෙ.ව.

    මෙවැනි ලිපියකට කමෙන්ට් කිරීමෙන් රටේ තිබෙන තත්වය වෙනස් වෙන්නෙ නෑ. ඒත් අරුණිට එකක් කියන්නම්.

    මේ ව්‍යසනයට අපේ ගම දැනටමත් ගොදුරු වෙලා ඉවරයි. යුද්ධ කාලේ පවුල් දෙක තුනකට පදිංචි වෙන්න දුන් අවසරයෙන් දැන් අපි පොඩි කාලේ ජිවත් වුනු ගම මුස්ලිම් ගම්මානයක් වෙලා ඉවරයි. ඒකට ගත වුනේ අවුරුදු දහයක් පහලොවක් වගේ කෙටි කාලයක්… පන්සලේ කඨින පිංකම කරන්න බැරි තරමට, පල්ලියේ පූජාව තියන්න බැරිතරමට මුස්ලිම් පල්ලියේ ‍‍සද්දේ…. ඒවට අපි මොනවා කියන්නද එතකොට ඒකේ ජාති වාදයනෙ. අපේ ගමේ වැවෙන් මුස්ලිමුන් නෑවට එයාලගේ පිට්ටනියෙ අපේ පොඩි ‍උන්ට සෙල්ලම් කරන්න බැ. ඒක තමා ජාතික සමගිය කියන්නෙ. දිවයින පත්තරේ මුස්ලිම් තරු‍‍නයින් එකතු වෙලා සිංහල තරු‍ණයා මරපු ලිපිය අහම්වෙන් වත් කියෝලා තිබුනනම් ඔබට ඒ බව තේරුම් ගන්නත් තිබුනා. හැබැයි ඒක ලියලා තිබුනෙනම් බටහිර බුද්‍ධිමතෙක් නෙමෙයි.

    //සටහනේ මුලින් සඳහන් කරපු මුස්ලිම් ආයතනයේ නම මට කිව්වා ඒත් මට මතක නැහැ. සමහර විට ඒ තොරතුර “සතුරු ප්‍රහාරයක්” විදියට මම දැක්කෙ නැති නිසා ද දන්නෙත් නැහැ!!!!//

    මේවා සතුරු ප්‍රහාරක් විදිහට ඔයාටල පේන්නෙ නැති එක සාමාන්‍යයි. මොකද ඔයාලා ඉන්නෙ විදේශවල සුරක්ෂිතවයි. ඔබේ දරුවන්ගේ අනාගතෙත් සුරක්‍ෂිතයි. නමුත් අපිට තිබෙන වේදනාව ලොව කෘරම ජාතින් යටතේ අපේ පොඩි ‍උන්ට කල් ගතවෙන්න සිදුවෙන එක. ඔය දැනෙන්නෙ නැති හේතුව නිසාම තමා ප්‍රවීණාටත්, කතන්දරටත් මේ ගැටලුව නොපෙනි යන්න හා හාස්‍ය ජනක කමෙන්ට් කරන්න තරම් සැහැල්ලු ලිපියක් වෙලා තියෙන්නෙ.

    දවසත් දෙකක් ලංකාවේ මහ හෝටලෙන් පබිලිස් සිල්වාගේ කොත්තුවක් කාලා පහුවෙනිදා රටෙන් පිටවෙන අයටනම් මේවා සතුරු ප්‍රහාර විදිහට පේන්නෙ නැ. සාමාන්‍යයෙන් වැදගත් තොරතුරු දෙන බ්ලොග් එකක් විදිහට මේ වගේ වැල් බයිලා නොකියා හොයා බලලා කතා කලොත් ගොඩක් වටිනවා

    • චතුර විජේකෝන් said, on අප්‍රේල් 8, 2012 at 11:33 පෙ.ව.

      මේ එක් උදාහරණයක් පමණි.. තව ඒවා බොහෝය.. මා අත්වින්දේ ව්‍යාපාරික ආක්‍රමණයයි.. එය විස්තර කරන්නට මෙතැන වෙලාව මදිය.. එහෙත් එහෙම දෙයක් ඇති බව පමණක් කියමි..

  15. සාධාරණ සත්‍යය said, on අප්‍රේල් 8, 2012 at 10:13 පෙ.ව.

    දයාබර අරුණි මහත්මිය,
    මුස්ලිම් අයගේ වතගොත හාරන්ට ගියොත් ඔවුන්ගේ වැරදි ඇති තරම් හොයා ගන්නට පුළුවනි.
    ඔවුන් මෙහෙ සිංහල කෙල්ලො බිලි බාන එකත් ඇත්තය,
    සියළු මුස්ලිම් අය එසේ නොවන බවද ඇත්තය.
    මැලික් අම්ලය ගැණ කීමට ඇත්තේ ඒක අපිට උගන්වන කෙමිස්ට්රිර වලට අනුව බැක්ටීරියා වැනි පහත් ජීවී කොටස් වල හැර අනික් සැම ජීවියෙක්ගෙම හැදෙන බවය.
    එහෙත් එපමණකින් එය පිටින් ගත්තාම විෂ නොවේදැයි කියන්න නොදනිමි.
    කෙසෙ වුවද කිව යුත්තේ,
    මුස්ලිම් අයගෙන් අපට ඇති තර්ජනය මේ ටොපිය නොවන බවය,
    ඔවුන් අපේ රටේ ආර්ථිකය, ඉඩම් සහ දේශපාලනය මෙන්ම ජනගහණය අතින්ද ඉදිරියට යයි,
    ඔවුන් එකමුතුව මේවා කරයි,
    එහෙත් අප?
    දේශපාලනික වශයෙන්ද සමාජීය වශයෙන්ද ආර්ථිකයෙන්ද ප් සිටිමු.
    අපේ දේශපාලුවන් ජාතියට ආදරේ නැත ආගමට ආදරේ නැත,
    අපේ ව්යාාපාරිකයන් එකිනෙකාට වල කපාගනී,
    අපේ කෙල්ලන් සල්ලි වලට රැවටී මුස්ලිම් වෙයි,
    මුස්ලිම් අය ඉගෙන ගද්දී අපේ එවුන් පිස්සු නටයි,
    එසේම අපේ ආගමට ජාතියට පහර වැදෙන දේ ගැන කතා කරන විට මේ බ්ලොග් වල පවා ඒවාට විරුඩව අපේ සිංහල බෞද්ධයෝ ලෙස සම්මත පිරිසක් මහා සමබර කතා කියයි,
    මනෝ විද්යාධව ඇද ගනී,
    ධර්ම පාඨ හුවා දක්වයි,
    මෙසේ අපේ අයම කියාවාගෙන නෝන්ඩි වෙයි.
    මුස්ලිම් අය මේවාට දෙපැත්තෙන් සිනා වෙනවා ඇත.
    මේ මැලික් අම්ල කතාව නම් මටත් පෙණුනේ විහිළුවක් ලෙසය,
    එහෙත් අනික් සිද්දි ගැන සලකා බැලිය යුතුය.
    කීමට ඇත අනික් දෙය නම් ඔය පරිණාමය යම් දවසක බොහෝ විට වැරදි යැ‍යි ඔප්පු කිරීමට ඔය විද්යාලඥයන්ම පියවර ගන්න බවය,
    එවිට ඔබ හා මා මියගොස් සිටිය හැක.
    පුද්ගලිකව මම ඔය පරිණාමය සහ මොළයේ කතා ගැන වැඩිය තකන්නෙ නැත්තේ වෙමි.
    තවද අප කාගේ ළඟ වුවත් ගෝත්ර මානසිකත්වය ඇත,
    මුස්ලිම් අය ළඟ එය යහමින් ඇත,
    එයින් ඔවුන් සෙට් වී තමන්ගේ වර්ගයාගේ උන්නතිය උදෙසා වැඩ කරයි.
    එහෙත් අපේ සිංහල මෝඩයන් කරන්නේ සිංහලයාගේ පැත්තට කතා කරන එකාට විරුද්ධවත් බ්ලොග් ලිවීමය.
    අප මෛත්රි ය වැඩිය යුතුය,
    එහෙත් අපි සිංහල යැයි කියා අපේ දේ නැති කරගැනීම ගොන් කමකි.

  16. lansa said, on අප්‍රේල් 8, 2012 at 10:31 පෙ.ව.

    දුර්මත ඉක්මණින් පැතිරෙන්නේ ඇයි? kiyana heading ekata oya aragana thiyana example eketai me reply godakma ewith thiyenne. e nisa ‘James Breckenridge’ mathaya hari kiyala mama hithanawa.

  17. kumaraya said, on අප්‍රේල් 8, 2012 at 12:38 ප.ව.

    මගෙත් අදහස නම් … අරුණි බොහෝ කාලයක් පිට වාසය කළ බැවින් .. ඉත්තේරුවෙන්ම පිට එකියක වී ඇති බවය.

  18. coz said, on අප්‍රේල් 8, 2012 at 6:40 ප.ව.

    එසේම අපේ ආගමට ජාතියට පහර වැදෙන දේ ගැන කතා කරන විට මේ බ්ලොග් වල පවා ඒවාට විරුඩව අපේ සිංහල බෞද්ධයෝ ලෙස සම්මත පිරිසක් මහා සමබර කතා කියයි,
    මනෝ විද්යාධව ඇද ගනී,
    ධර්ම පාඨ හුවා දක්වයි,
    මෙසේ අපේ අයම කියාවාගෙන නෝන්ඩි වෙයි.
    ————-

    හරියටම වැදෙන තැනට ගහල තියෙනවා

  19. Ravi said, on අප්‍රේල් 9, 2012 at 2:37 පෙ.ව.

    දැන් මේ හැමෝම කියන්නෙ විදිහට සිංහලය කියන්නෙ කිසිම දෙයක් තේරෙන්නෙ නැති, ඔය කවුරු හරි සල්ලි ටිකක් පෙන්නපු ගමන් ඒකට වහ වැටිල තමන්ගෙ ජාතිය ආගම ඔක්කොම පාවල දෙන කිසිම විචාර බුද්ධියක් නැති කොටසක්ය කියලනෙ…..ඒකනෙ මෙච්චර සද් භාවයෙන් දැනුවත් කරද්දිත් අර ටොපිය කන්ටම එතනටම රිංගන්නෙ……එහෙම ජාන වලම උපන්ගෙයි මෝඩකම අඩංගු වෙලා තියනව නම් අනිවාර්යයෙන් එහෙම කොටසකට පැවැත්මක් නෑ.ස්වභාවික වරණයෙන් එයාල තරඟයෙන් පැරදිල නැතිවෙලා යනව….

    අනික ඇයි මිනිස්සු ඔතනටම රිංගන්නෙ?……ටොපිය දෙන නිසාම නෙවෙයිනෙ. එතන මොකක් හරි පාරිභෝගිකයව ආකර්ශණය වෙන විදිහෙ සේවයක් ලබාදෙන නිසා. ඒකයි හේතුව. සිංහල බෞද්ධ ආයතන වලටත් තියෙන්නෙ සිංහයගෙ රූපෙකට යටින් ගන්න අපේ දේ කියල ලියල ඒක පෙන්න පෙන්න ඉන්න වෙලාවෙ වෙලඳපොල හැසිරීම පාරිභෝගික රුචි අරුචිකම් ගැන පොඩි අධ්‍යයනයක් කරල ඒ අනුව තමන්ගෙ වෙළඳ උපක්‍රම වෙනස්කරගන්න එකයි.

  20. රන්දිල් said, on අප්‍රේල් 9, 2012 at 3:45 පෙ.ව.

    http://nawammawatha.wordpress.com/2012/03/20/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA-%E0%B7%80%E0%B6%A9%E0%B7%80%E0%B7%8F-%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A-%E0%B7%83%E0%B6%B8%E0%B6%9F/

    නවම්ගේ මේ පෝස්ට් එකේ මං මගේ කොමෙන්ට් එක දැම්මා…….. ආයේ ඒ ගැන කථා කරලා වැඩක් නැහැ……..

    පුද්ගලිකව ම මගේ කිසිම තරහක් නැහැ මුස්ලිම් අය එක්ක. මගේ යාළුවෝ කිහිප දෙනෙක් ම ඉන්නවා…… සයිබර් අවකාශෙත් ඉන්නවා…… එයාලා එයාලාගේ ජාතිය ගොඩ නගන්න හොඳ දේවල් කරනවා………. ඒ දේවල් මතින් එයාලා ඉදිරියට යනවා………….. ඒ දේවල් බොහොමයක් එයාලාගේ ජාතියට හොඳ වුනාට අනිත් ‍ජාතින් වලට එච්චර හොඳ නොවන වග ලෝකෙන් ඕනෑ තරම් උදාහරණ ගත හැකියි……….. සිංහල හෝ දෙමළ හෝ කවුරු හෝ…….. තමන්ගේ සීමා මායිම් තහවුරු කරගෙන අන්‍ය ජාතීන් එක්ක සමගිව කටයුතු කිරීම වැදගත්…….. අපි ජාතියක් හැටියට එකමුතු බව හඳුනා ගන්නා අනෙකුත් අය අපිත් සමග පරිස්සමින් කටයුතු කිරීමට වග බලා ගනියි. එතකොට හැම ජාතියම තමන්ගේ සීමාවන් තුල යෙහෙන් වැජඹෙයි…………. මේවාට උදාහරණ ‍ඕනෑ තරම් පන්සිය පනස් ජාතකේ තියෙනවා……… පවකට මෙන් ඒ පොතත් බොරුවක් කියලා කියන්න, ඒකේ තියෙන කථා සුරංගනා කථා කියලා කියන්න………. සුදානම් බෞද්ධයින් වැඩියි. සුරංගනා කථා වුනත් ගත හැකි ආදර්ශය ගැනීම වැදගත්……… (හරියට පස්ස පැත්තට අව්ව පායනකං නිදියන නිදි කුමාරිලා කුමාරයෝ ඇවිත් මුහුණ සිඹිනකං බලං ඉන්නවා වගේ…………….)

    වටු වැද්දාගේ දැල උස්සාගෙන පියඹලා ගිහින් ජීවිත බේරගත්ත හැටි, නායක වඳුරාගේ උපදේශ මත රකුසෙක් ඉන්න විලකින් කරදරයකින් තොරව වතුර ලබා ගත්ත හැටි, පංචායුධ කුමාරයා පට්ට පල් බොරු, සම්‍යක් ප්‍රයෝග වශයෙන් යොදලා ජීවිතය බේරාගත්ත හැටි (බොරු වුනත් කා හටවත් අවැඩක් නොවන නිසා ගැටළුවක් නොවේ) ඔය සේරම තියෙන්නේ පන්සිය පනස් ජාතක පොතේ……….. ඔය දේවල් කියවලා හෝ අහලා තියේ නං ඒ දේවල් වලින් ගතයුත්ත වැටහේවි.

    කැලේ ඉන්න කොටියා හදන්න යනවාට වඩා ගෙදර ඉන්න එළුවන් පරිස්සම් කරගැනීම වැදගත්………….. ඒ වැදගත් කාරණය ගැන වෙන්න ඕනා පරිණාමයේ දෝෂයක් ලෙස ඉහත කී විද්‍යාඥයා පවසන්නේ…………..

    ඉතිං මට නං හිතෙන්නේ මුස්ලිම් හෝ වෙනත් ජාතියක් හෝ ආණ්ඩු මට්ටු කරන්න යනවාට වඩා ජාතියක් හැටියට හෝ ගමක් හැටියට හෝ අපේ නහය තියෙන්නේ මෙතැනයි ඔබගේ බස්තම වැනීමේ සීමාව ද එයයි යන්න අවධාරණය වන පරිදී ජීවත් වීමයි වැදගත් ‍වන්නේ………….


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: