අරුණි ශපීරෝ‍ වෙතින්

බල්ලාගේ නැහැය

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 12, 2012

මිනිසාට වඩා ඉතා සූක්ෂම වූ නැහැයක් ඇත්තේ බල්ලාට. ඌට එක නාස් පුඩුවක් ස්වාධීනව සොලවන්න පුළුවන්. ඉස්සරහ තියන නාස් පුඩු වලින් හුස්ම අරගෙන ඒ දෙපැත්තෙ තියන පටු විවර වලින් හුස්ම පිටකරන්න පුළුවන්. ඒත් ඌ දන්නෙ නැහැ අනිත් සත්තු හුස්ම ගන්නෙ පිටකරන්නෙ කොහොම ද කියන එක.

අපිට සුප් එක මාළු ද එළවළු ද කියන්න පුළුවන් වෙද්දී ඌට ඉව අල්ලලා ඒකෙ තියන කැරට්, ලීක්ස්, කොත්තමල්ලි සේරම වෙන් වෙන් වශයෙන් ඉව කරලා දැනගන්න පුළුවනි. බල්ලාගේ ඒ හැකියාවෙන් වැඩ ගන්නෙ මිනිසා. රේගුවේ දී තහනම් දේවල් ඉව කරන්නට පුහුණු කරපු බල්ලෝ මොන දේවල් වලින් වහන්න හැදුවත් ඒවා වෙන්කරලා ඉව කරන්න දක්ෂයි.

මිනිහාට තියෙන්නෙ ගඳ සුවඳක් දැනගන්න සෛල මිලියන පහක්.

බල්ලාට ගඳ සුවඳ දැනගන්න තියන සෛල මෙහෙම, ඩෑෂන්ඩ් වර්ගයේ බල්ලාට මිලියන 125; ෆොක්ස් ටෙරියර්ට මිලියන 147; බීගල්ට මිලියන 225; බ්ලඩ්හවුන්ඩ්ට මිලියන 300 ක්. හැබැයි එයාලට එච්චර තියනවා කියලා දන්නෙ මිනිසා, බල්ලා නෙමෙයි. බල්ලා දන්නෙ ලොකු ගොඩ මොකක් ද කුඩා ගොඩ මොකක් දැයි හඳුනාගන්න විතරයි. ගොඩක ඇති සංඛ්‍යාව ගැන අවබෝධයක් නැහැ.

මිනිහා සමඟින් පුහුණුවෙන බල්ලා තමන්ගේ නැහැයෙන් ඉව අල්ලමින් (olfaction) තෘප්තියක් ලබනවා. නිකම් කාලා බීලා නිදාගන්න බල්ලෝ නැහැයෙන් වැඩ ගන්නේ ඌට සහජයෙන් එන පැවැත්මට හා ආරක්ෂාවට පමණයි. මිනිසා අතින් පුහුණු වෙන බල්ලා පැවැත්ම හා ආරක්ෂාවට ඔබ්බෙන් යන්නා වූ තෘප්තියක් ලබනවා. තමන්ව පුහුණු කරන්නා සමඟ යාළුකමක් ගොඩ නඟාගන්නවා.

කොහොම ද බල්ලා තෘප්තියක් ලබන බව දැනගන්නේ? පුහුණු කරපු බල්ලා නිතරම ලැහැස්තියි වැඩට යන්න. බල්ලා චීස් කෑල්ලක් දැක්කාම සතුටු වෙනවා වගේ ම පුහුණු වෙන ආම්පන්න, වැඩට අඳින උගේ ඇඳුම දකිද්දීත් උද්දාම වෙනවා.

බල්ලන්ගේ මොළයත් computed tomography (CT/CAT scan) සහ magnetic resonance imaging (MRI) වලින් පරීක්ෂා කරල බලන්න පුළුවනි.

බල්ලාගේ නැහැයේ ඇති සුවිශේෂීත්වය හඳුනන මිනිසා විසින් බල්ලාටත් මිනිසාටත් වැඩදායක වූ ව්‍යාපෘති නිතර ගෙනෙනවා. මිනිස් වාසස්ථාන අසල ගැවසීමෙන් ලැබෙන ආහාර සඳහා මිනිස් ආශ්‍රය බල්ලා ස්වභාවයෙන් ම සොයන්නක්. ඉන් තමන්ටත් ඌටත් සතුට විඳින්නට ඌව නොයෙක් ආකර වලින් පුහුණු කරගන්නට දන්නේ මිනිසා. බල්ලෝ සමහර මිනිස්සුන්ව පුහුණු කරගෙන ඇති අවස්ථා ද නැතිවා නොවේ!!!!

තම නැහැයෙන් තෘප්තිය ලබන බල්ලාගේ ආයුෂ කාලය මිනිසා නිසා ඉතා දීර්ඝ වී තියෙනවා. හෘදයට ඇතුල්වෙන පණුවන් මර්ධනයට මාසෙට පෙත්තක් බී හැකියාව ලැබීම පමණක් ම මිනිසා නිසා බල්ලා ලැබූ ලොකු වාසියක්.

ඒ වගේම තමන්ගේ ජීවිත ආරක්ෂාවට සේවයේ යෙදිච්ච බල්ලා නොදත්තාට, අනාගතයේ උපදින බල්ලන් ද දැන නොගත්තාට, ඌට ගෞරව කරන්නට පිළිම පවා මිනිසා විසින් ඉදිකරනවා. උන් වෙනුවෙන් සොහොන් බිම් පවා වෙන් කරනවා.

බල්ලාගේ නැහැය වැනි නැහැයක් යාන්ත්‍රිකව නිර්මාණයට පෙන් ස්ටේට් විශ්ව විද්‍යාලයේ පිරිසක් වෙහෙසෙනවා.

ස්වභාව ධර්මය දිහා බලලා එහි දේවල් තියෙන විදියෙන් පමණක් නොව එය ආශ්‍රයෙන් තම ජීවිතය හා ස්වභාව ධර්මයාගේ අනිත් අංගයන් ද වැඩියෙන් සාර්ථක කර ගන්නේ කොහොමදැයි හිතන්න මිනිසා තුල ඇති මොළය ස්වභාවිකයි. ඒ ස්වභාවික මොළයෙන් ලැබෙන හිතන හැකියාව පාවිච්චියට ගන්නා ටික දෙනෙක් ලෝකයේ ඉන්න නිසා අර දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නා අයගේ ජීවිත ද අතීතයට වඩා අනාගතයේ දී සමෘද්ධිමත් වෙනවා.

Advertisements

13 Responses

Subscribe to comments with RSS.

  1. රාජ් said, on අප්‍රේල් 12, 2012 at 10:10 පෙ.ව.

    බල්ලෙකුගෙ නහය අපිට ලැබුනොත් කොහොම වෙයිද? සමහර විට එහෙම උනොත් වඩා ඈත තියන ගද සුවද දැනීම කරදරයක් වේවි නේද?

    • arunishapiro said, on අප්‍රේල් 13, 2012 at 1:31 ප.ව.

      රාජ්,

      බල්ලාට ගඳ සුවඳ වලින් කිසිම “කරදරයක්” නැහැ. මොකද ඌ අකමැති ඌට අහිතකර, හානිකර ගඳ/සුවඳ පමණයි. රෝස් කරපු කුකුලෙක් හෝ තවත් බල්ලෙක් දාපු අසූචි ගොඩකින් බල්ලා ලබන්නේ තොරතුරු රැස් කරගන්නට ලැබීම නිසා එක හා සමාන වූ වින්දනයක්!!!

      මිනිසා තමයි තම ඒකීය කැමැත්ත අනුව දැනෙන ගඳට/සුවඳට අගැයුමක් දාන්නෙ. කරදරයක් ද නැද්ද කියා තෝරා ගැනීමක් කරන්නෙ. මල් සුවඳට අකමැති අය ඉන්නවා මල් පරාග නිසා කිවිසුම් යන අය අතර. දහදිය දුඟද අවම කරන නිෂ්පාදන ටෙස්ට් කරන්න කිහිලි ළඟට ළං වෙලා ගඳ ආඝ්‍රාණය කරන අයත් ඉන්නවා සල්ලි ගෙවන නිසා!!!

  2. dayal - bathee said, on අප්‍රේල් 12, 2012 at 11:37 පෙ.ව.

    මම දැකල තියෙනව බල්ලෙකු වෙනුවෙන් ඉදිකල ස්මාරකයක්.
    මම නම් ගන්නෙ උගෙ තියෙන කීකරු කම. විවාහ දිවියට ලේසියි.

    • arunishapiro said, on අප්‍රේල් 13, 2012 at 1:34 ප.ව.

      dayal – bathee,

      ඔව් තමන්ට බුරලා දියේ හිටපු කිඹුලා ගෙන් තමන්ව බේරගන්න ගිහින් කිඹුලා ගිලපු බල්ලට පිං පිණිස හාමුදුරුවරුන්ට දානයක් දීපු කතාවකුත් මම ලංකාවෙන් අහලා තියනවා.

      දයාල්-බතී කියන්නෙ කීකරු බල්ලෙක් සිටීම නිසා ඌ ඇතිකරන මිනිස්සු දෙන්නාගෙ විවාහ ජීවිතයට ලේසියි කියලා නේද?!!!!

  3. අනුරුද්ධ said, on අප්‍රේල් 12, 2012 at 11:38 පෙ.ව.

    බල්ලෝ නේද? කොහොමද මෙයාගෙ වැඩ?

    http://www.laikaspace.com/

    • arunishapiro said, on අප්‍රේල් 13, 2012 at 1:37 ප.ව.

      අනුරුද්ධ,

      ඔව් ලයිකාටත් තියනවා රුසියාවේ ස්මාරකයක්, ගිය රොකට්ටුවත් එක්කම. තමන් සිහිකරන්න මුද්දර දෙකක්, (රුසියාවේ සහ මොන්ගෝලියාවේ) තියන අපි වෙනුවෙන් දිවි පුද කරපු බල්ලෙක්.

  4. Ravi said, on අප්‍රේල් 12, 2012 at 1:58 ප.ව.

    බල්ලන්ගෙ ආඝ්‍රාන හැකියාව වගේම ශ්‍රවණ හැකියාවත් ඉතා දියුණුයි. ඈත අතීතයෙ හුදෙක් දඩයමින් ජීවත් වුණු යුගයෙදි මේ හැකියාවන් දෙකම මහෝපකාරී වෙන්න ඇති බල්ලන්ට. මුලින්ම මිනිසා හීලෑ කරගත්තු ගෘහවාසී සත්වයා බල්ලා කියලයි පිළිගැනෙන්නෙ. බල්ලන්ගෙ මේ සුවිශේෂී සංවේදන හැකියාවන් නිසාම ආදි මිනිසා බල්ලන් හීලෑ කරගෙන තමන්ට දඩයමේදි සහාය ලබාගත්ත කියල හිතන්න පුළුවන්.ඉතාම සාර්ථක තවමත් ගතික සහවී සම්බන්ධතාවයක් ( Dynamic Symbiotic Relationship )

    ඒ සම්බන්ධතාවලින් වැඩක් නෑ අපේ ආසියාවෙ ආස්චරියෙ පෙරගමංකරුවන්ට 🙂 මේ බල්ලො හීලෑකරල මිනිස්වර්ගයා කරපු ඓතිහාසික වැරැද්ද නිවැරදි කරන්නට අපේ මහා ප්‍රාඥයො කරපු නිර්භීත වෑයමක් ….අරුණි හැමදාම ඇමරිකාව ගැන කියනවනෙ, අරමයි මෙහෙමයි කියල…හා, කියන්න බලන්න මෙහෙම දෙයක් ඇමරිකාවෙවත් ඔයා අහලවත් තියනවද කියල….

    • arunishapiro said, on අප්‍රේල් 13, 2012 at 1:43 ප.ව.

      Ravi,

      මෙහෙත් ඔය වගේ කතන්දර කියන අය ඉන්නවා … ඒත් භාග්‍යය උදාවෙන්නෙ ඒ අය හා හරි හරියට එහෙම කියන අය ගැන හිනාවෙලා වැඩකට ඇති දේවල් කියන අයත් ඉන්න නිසා.

  5. Shanthi Chandrasekera said, on අප්‍රේල් 12, 2012 at 4:12 ප.ව.

    minihata dukedith sapedeeth ekama vidihata inna ekama jeeviya balla kiya kiyanawa eth kawruhari naraka wadak kalama `balu wada karanna epa miniho `kiya kiyanne mona hethuwatada danne naha. thanks Aruni oyata kiyawanna honda dewal dana nisa..

    • arunishapiro said, on අප්‍රේල් 13, 2012 at 1:57 ප.ව.

      Shanthi Chandrasekera,

      අපි බල්ලා කරන වැඩ දිහා බලා ඌ ගැන හොඳ නරක කියන්නෙ අපිට තියන අගැයුම් වලින්. වඳකර නොමැති බල්ලො ගොඩක් අහල පහල ඉන්න බැල්ලියව වට කරගත්තම අපි දකින්නේ ඒක බලු ගතියක් විදියට. ඒක ස්වභාවික බලු ගතියක්. බල්ලාගේ වැරැද්දක් නෙමෙයිනෙ. හැබැයි ඒ වැඩේම කරන මිනිහෙක් දැක්කමයි අපි බලු වැඩ කරන්න එපා කියන්නෙ. ඒක මිනිහා ගැන වැරැද්දක් මිසක් බල්ලට කරන අගෞරවයක් වෙන්නෙ නැහැනෙ. මිනිහාට තෝරා ගැනීමක් තිබිලයි එහෙම බලු වැඩක් කරන්න තෝරාගෙන තියෙන්නෙ.

  6. අංජන said, on අප්‍රේල් 13, 2012 at 12:37 පෙ.ව.

    ඒකනෙ අපේ හාදයට කොච්චර කවලම් කරල දුන්නත් මස් ටික කාල අනිත්ව ඉතුරු කරන්නෙ.

    • arunishapiro said, on අප්‍රේල් 13, 2012 at 2:00 ප.ව.

      අංජන,

      මගෙ එක්කෙනෙක් හිටියා එහෙමයි, මස් ටිකයි බත් ටිකයි කාලා වෙන හැම දෙයක්ම ඉතුරු කරනවා. හැබැයි හිටිය අනිත් එක්කෙනා කැරට්, බෝංචි කන්නත් හරි ආසයි.

  7. Shanthi Chandrasekera said, on අප්‍රේල් 14, 2012 at 4:55 පෙ.ව.

    Godak thanks Aruni pahadili kireemata.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: