අරුණි ශපීරෝ‍ වෙතින්

මිහිකත දිනයේ අද ජීවත්වන අපි වෙනුවෙන්

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 22, 2012

අනාගතයේ පරපුරක් ආරක්ෂා කරන්න නම් ප්‍රාණියෙක්ට අද ජීවිතය රැකගන්න පුළුවන් වෙන්න ඕන. මිනිස් දරුවන්ගේ අනාගත පරපුර ගැන කතා කරන්න බැහැ අද ඉපදිච්ච දරුවන් හාමතයෙන් මිය යද්දී. මුලින් ම ඉපදිලා ඉන්න අය රැකගන්න ඕන හෙට ඉපදෙන අයට සැලසුම් ගහන්න කළියෙන්.

“මේ වැඩිවන ජනගහනයට අවශ්‍ය ඉඩකඩ, ආහාර සහ බලශක්තිය උදෙසා අප ජීවත්වන ලෝකයේ බොහෝ දේ විනාශ කරන්නට ආත්මාර්ථකාමී සහ බල ලෝභී මිනිසා කටයුතු කරමින් සිටී.” -ඇල්කෙමියාගේ දිනපොත

ඇල්කෙමියා මල්ලි තව දුරට මෙහෙම විස්තර කරනවා:

“පළමු වැන්න වැඩිවන ජනගහනයට අවශ්‍ය ඉඩකඩ සහ ආහාර සැපයීම උදෙසා වන වනාන්තර විනාශය.

දෙවැන්න ෆොසිල ඉන්ධන දහනය නිසා වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු වීම.

තුන්වැන්න ඕසෝන් වියන තුනී වීම නිසා පෘථිවියට ඇතුළුවන අහිතකර කිරණ වර්ග.

මේ කරුණු වලින් කිසිවක් කිසිකෙනෙකුට සිතූ පරිදි නැවැත්විය හැක්කක් නොවේ.”

කෘෂිකර්මයේ යෙදී ජීවත්වෙමින් යාන්තමින් කුසගින්න පිරිමසා ගන්නටත්, අස්වැන්න පාළු වී ගිය කාල වල දී හාමතයෙන් මිය ගිය ජනතාවත් කාර්මිකරණය සමඟ කන්න වැඩියෙන් ලැබිච්ච නිසා වැඩියෙන් දරැවන් හැදුවා. රොබට් මැල්තස් පටන් අද දක්වා වැඩිවෙන ජනගහණය ගැන කතා කරන බොහෝ දෙනෙක් නොදකින පැත්ත:

කන්න ආහාර හා ඉන්නට නිවසක් තියෙන ධනවත් යුරෝපයේ දරුවන් හිඟය
හාමතයෙන් මිය යන සංඛ්‍යාව නැවතී කාර්මීකරණයෙන් නැඟී එන චීනයේ දරුවන් හිඟය
හාමතයෙන් මිය යන අප්‍රිකාවේ දරුවන්
ඉන්දියාවේ සහ චීනයේ මරණයට පත්වන ගැහැණු බිළිඳුන්

රොබඩ් මැල්තස් ජනගහණ වැඩිවීම නිසා කන්න වවන්න ඉඩම් හිඟයක් ඇතිවේ යැයි කියූ කාලයේ ම විලියම් ගොඩ්වින් කිව්වෙ බුද්ධිමය සතුට ගැන අවධානයක් දැක්වීමෙන් ලිංගික සතුට අභිබවා යන්නට මිනිසා වෙනස් වේවි කියා. කන්නට ආහාර හා ඉන්නට නිවසක් තියෙන ධනවත් යුරෝපයේ දරුවන් හිඟයෙන් පෙනෙන්නේ මැල්තස් නිවැරදි කියා ද? ගොඩ්වින් නිවැරදි කියා ද?

වැඩිවන ජනගහණයට අවශ්‍ය ඉඩකඩ හා ආහාර පිණිස නෙමෙයි වනාන්තර විනාශ වෙන්නෙ.

චිප්කෝ ආන්දෝලනයේ දී කැලෑව හෙලි පෙහෙලි කිරීම නවතන්නට කාන්තාවන් ගස් බදා ගත්තේ පරිසරයට ඇති ආදරය නිසා නෙමෙයි. ගමේ සම්පත්වල වාසිය ගමට තියාගන්න. Chipko was driven by a desire for local autonomy and economic opportunity. -The New India Versus the Global Green Bharmins -The Surprising History of Tree Hugging, Siddhartha Shome

ඇමෙරිකාවේ ජෝර්ජ් බුෂ් පුතා සමයේ දී වැඩියෙන් ගෙවල් තැනුනේ දුප්පත් අයට නිවහනකට අයිතිය කියත හැකි ආණ්ඩු පිළිවෙතක් නිසා. අද ඇමෙරිකාවේ කවුරුත් පදිංචි නැති හිස් නිවාස නිසා නිවාස වෙළඳපොල බංකොළොත්. දුප්පත් අයට no recourse loan වලින් ලැබිච්ච ගෙවල් නැතිවුනා විතරක් නෙමෙයි අද ඔවුන්ට තිබිච්ච රස්සාවල් ද නැතිවෙලා.

මා ඕං සේතුං දුන් ඉඩම් ජනසතු පොරොන්දු වලින් වගේ ම නූතන චීනයේ නිවාස තැනෙන්නේ ද ආණ්ඩුවේ සැලැස්මට අනුව මිසක් ඒකීය පුද්ගලයන් හෝ නිදහස් වෙළඳපොලක ඇති නිවාස ඉල්ලුමක් හා සැපයුමක් නිසා නෙමෙයි.

වැඩියෙන් ම ලෝකයේ වනාන්තර විනාශ වෙන්නේ තමන් ජනතාවගේ හිතසුව පිණිස කටයුතු කරනවා යැයි කියන ආත්මාර්ථකාමී හා බල ලෝභී වූ අය හේත්තු වී ගෙනයන ආණ්ඩු පිළිවෙත් නිසා. ආත්මාර්ථකාමී වූ බල ලෝභී වූ මිනිසෙක් නිදහස් වෙළඳපොලේ ලබනා වූ වාසියක් නිසා නෙමෙයි. නිදහස් වෙළඳපොලක් තියෙනවා නම් කැලෑ කැපෙන්නේ නිවසක් ඕනෑ, නිවසක් මිල දී ගත හැකි මිනිහෙක් නිවසක් ඉල්ලුම් කළ විටයි!!!!

හැබැයි ආණ්ඩුවක් කවදා වත් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නේ නැහැ. අර ආණ්ඩුවට බැරි වුනාට මේ ආණ්ඩුවට පුළුවන් යැයි සිතනවා. අද ඉන්දියාව ගේන්න හදන අළුත් නීතිය තමයි “ආහාර වලට අයිතිය” සැලැස්මක්. ඉන්දියාවේ හැමෝටම කන්න අයිතිය සපුරාලන්න ඇස්තමේන්තුව බිලියන 22 ක්. වැඩි ඈතකට යන්න ඕන නැහැ ඉන්දීය ආණ්ඩුව 2007 දී තමන්ගෙ තිරිඟු අපනයන තහනම් කරනවා මේ තම රටේ අයට ඇති ආහාර අයිතිය ගැන සොයාබලන්න. රට්ටුන්ට කන්නත් බැරි තරම් තිරිඟු නිෂ්පාදනයක්, ලෝකයේ ම තිරිඟු වැඩි වගාවක් තිබිච්ච ඒ කාලයේ දී ඉන්දීය ආණ්ඩුව නැවත තිරිඟු අපනයනයට ඉඩ දෙද්දී තිරිඟු ගබඩා කරන්න තැන් නැතිවෙලා, නරක් වෙලා ඉන්දියානු ගොවියන්ට ලාබයක් නොදී කන්න නැති පිටරටකටත් ලැබෙන්නෙ නැතිව විනාශ වෙලා යනවා.

වැඩවසම් යුගයෙන් කාසිවාසි ඇති අය ළඟ මනුස්සකම බොහොම හිඟයි (poverty ennobles while wealth corrupts) යන්න පිළිගන්න හුරුවෙච්ච සිත සම්පූර්ණ බලය සම්පූර්ණ දූෂිතයෙක් බිහිකරයි යන්න දිහා බලන්නෙ නැහැ. අද සම්පූර්ණ බලය තියෙන්නෙ නීතිමය ව්‍යවස්ථාදායකය කඩන ආණ්ඩු වලට මිසක් නිදහස් වෙළඳපොලේ ඉන්නා ධනවතාට නෙමෙයි. ආණ්ඩුවට හේත්තුවන ධනපතියාව ආණ්ඩුවට එපා වුනාම එක්කො හිරේ නැත්නම් එයාගේ දේපල ආණ්ඩුවට අරගෙන.

ඉහළ කුලයක ඉන්නා පාරම්පරික බ්‍රාහ්මණ රදළයන්ගේ තපස්බවේ මහානුභාසම්පන්න (glorification of asceticism) අගැයුම් පද්ධතිය පතුරවන මහත්මා ගාන්ධි 1910 දී Hind Swaraj පොතේ “මිනිහෙක් සතුටු වන්නේ පෝසත් නිසා නෙමෙයි, දුක්වෙන්නේ දුප්පත් නිසා නෙමෙයි” (A man is not necessarily happy because he is rich, or unhappy because he is poor) යැයි ලියනවා. සත්‍යයක් වටා ගෙතෙන අනිකුත් අතාර්කික වූ මතවාද මෙන් මෙයත් පැතිරෙන්නෙ. ඉහළ කුලයේ බ්‍රාහ්මණයෙක් වෙලා සැප විඳින්නට අයිතියක් කියමින් අනිත් අයට ඔයාලාට සැප නැති වුනාට ඒ අයිතියත් ඕන නැහැ කියන්න තරම් කුහකයි. 1970 ගණන් වල දී එය පරිසර හිතවාදී බවටත් ඈඳා ගැනෙනවා. ගාන්ධිගේ හින්ද් ස්වරාජ් මට උගන්වන්නේ සත්‍ය නිදහස ගැන යැයි පරිසර හිතවාදීන්ගේ සටන්කාමී වන්දනා ශිවා කියනවා. වන්දනා ශිවා physicist කෙනෙක් වශයෙන් පුහුණු වෙන්නේ කැනඩාවේ. එයා ඉන්දියාවේ ගෑණුන්ට කියන්නෙ තපස් බවින් සිටීම පරිසරයට වඩා හිතවාදීයි කියල.

ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවේ පියා ලෙසින් හැඳින්වෙන Babasaheb Ambedkar දකින්නේ ගාන්ධිට වඩා වෙනස් පැත්තක්. අල්ලන්නටවත් නොසුදුසු වූවෝ නොහොත් Dalit නම් පහත් කුලයේ නායකයා වන ඔහු 1948 දී මෙසේ කියනවා: “තම මනස සම්පූර්ණයෙන් වර්ධනය කරනොගන්නේ නම් මිනිසාගේ පැවැත්මේ පරම අරමුණ සාක්ෂාත් වෙන්නේ නැහැ” (The ultimate goal of man’s existence is not reached unless and until he has fully cultivated his mind.) මැෂින් සහ නූතන ශිෂ්ටාචාරයයි මෘගයෙක් ලෙසින් ජීවත්වන මිනිසාට නිදහස ලබා දෙන්නේ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සටන් පාඨය විය යුත්තේ මැෂින්, තව මැෂින්, ශිෂ්ටාචාරය සහ තවත් ශිෂ්ටාචාර වීම. -Gandhism: The Doom of the Untouchables, The Essential Writings of B. R. Ambedkar, 2008.

තාක්ෂණයෙන් දියුණුවෙන ඉන්දියාවේ (එයාල නම් අග්නි -V මිසයිලය යවාගන්න හැටි ලෝකෙට පෙන්නුවානේ!!) තුනෙන් දෙකකට වඩා ඉන්දියාවේ දුප්පත්ම අය වූ ඩාලිත් කුලයේ පිරිසකට එළිමහනේ හරක් මස් කන උත්සවයක් පවත්වන්න තරම් ආර්ථිකය යහපත් වෙනවා. මස් අතුරින් ලෝකයේ වැඩියෙන් ම ගණන් හරක් මස්. තමන් නොකන හරක් මස් අනිත් අය කනවාට විරුද්ධ හින්දු ඔවුන්ට පහර දෙනවා.

මිනිහෙක් සතුටු වෙන්නේ පෝසත් නිසා නෙමෙයි, මිනිහෙක් දුක් වෙන්නේ දුප්පත් නිසා නෙමෙයි යන ගාන්ධිගේ කියමන සත්‍යයක්. ඒත් මිනිහෙක්ට තමන් කැමති දෙයක් කන්නට වත් අයිතියක් නැත්නම් සතුටු විය හැකි ද?!!!!

නැත්නම් රටේ පුරවැසියන් හැමෝටම ආහාර අයිතියක් ගෙනෙන්න හදන අයගේ සැලැස්ම එයාලා කියන දේවල් පමණක් කන්න අයිතියක් තියෙනවා කියන්න ද?!!!

වැඩිවන ජනගහණයට කන්න ආහාර වවන්න හා ඉන්නට නිවහනක් හදන්න නෙමෙයි පරිසරය විනාශ වෙන්නෙ. රටේ ජනතාවගේ යහපතට යැයි කියමින් තම බඩ වඩාගන්නට අනුන්ට සැලසුම් ගෙනෙනා බල ලෝභී ආණ්ඩු නිසයි පරිසරය විනාශ වෙන්නෙ.

ඒ වගේ ම බහුතර ලෝකයාට තොරතුරු හොයාගන්න බැරිකම නෙමෙයි අද තියෙන්නෙ ළඟට ම ගෙනැල්ලා දුන්නත් සොයා බලන්න ඕනකමක් නැතිකම. නැත්නම් ඉතින් නිදහස් වෙළඳපොලක නාමයක් ගෑවිලා තියෙනවා නම් කුණු වලින් වුනත් ධනපතියෙක් වෙන්න පුළුවන් හරිතවාදියන් ඉන්නවා කිව්වාට, වැසුණු දාමයක (Close Loop) නිෂ්පාදනයෙන් එකම අමුද්‍රව්‍ය වඩාත් කාලයක් නැවත නැවත පරිහරණය හැකියි කිව්වාට, මිනිසාට අයපත් නොවන GMO වගාවෙන් හාමතයෙන් ඉන්න අයව බේරාගන්නට කන්න දිය හැකියාව ලැබී ඒත් පවතින ආහාර වර්ග රැකගන්නට ස්වාල්බාර්ඩ් බීජ සුරක්ෂිතාගාරයක් තියෙන බව කිව්වට, වෙනදා ගොඩවල් ගැසූ කුණු අද මිනිස් යහපත සලසන බවත්, ගෝලීය උණුසුම අඩුකරගන්න විජට්ටුවක් සොයාගැනීම, යනාදී තොරතුරු පැත්තකට දමා අපොයි බල ලෝභී තණ්හාධික මිනිසා ජීවත්වන තුරා ලෝක විනාශය නැවැත්විය නොහැකියි කීම පිළිගනියි ද?!!!!

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. chandi said, on අප්‍රේල් 24, 2012 at 9:30 පෙ.ව.

    Dear Aruni Nangi,
    Mata thama internet hada gann bari una. Ape thubuna line eka wath denne naha. Dan masa dekakata venna enawa. hamadama katha kalath lupes naha kiyanawa. Mokata advertise karanavada manda.Sorry me tike comment karanna bari una. Suba nawa vasrak weva! hamatama.

  2. Shanthi Chandrasekera said, on අප්‍රේල් 26, 2012 at 4:27 පෙ.ව.

    honda lipiyak godak dewal danagaththa, thanks Aruni.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: