අරුණි ශපීරෝ‍ වෙතින්

මිනිසා කුමන ආකාරයෙන් හැසිරෙන්නේ ද?

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 27, 2012

අහිංසක මිනිස් ජීවිත 77 ක් ඝාතනයක් කළ නොර්වේ හි Anders Behring Breivik ගේ මානසික තත්වය තක්සේරු කිරීමට මනෝවිද්‍යාඥයන් ඉදිරිපත් වූහ. මිනිසා තුල ඇති තමා ගැන විමසන කුතුහලයත්, ලෝකය අවබෝධයට ඇති කුතුහලයත් නම් වූ ස්වභාවික මිනිස් ප්‍රාජකය නිසා මෙසේ මිනිසුන් අතරින් එකෙක් අහිංසක මිනිස් ජීවිත නසා දමන්නට කටයුතු කළේ මන්දැයි සොයා ගැනීමේ කුතුහලය තම වර්ගයාගේ පැවැත්මට හා ආරක්ෂාවට අවශ්‍ය වූ පරිනාමයෙන් එන උවමනාවකි.

තමන් මානසික රෝගියෙක් නෙමෙයි යැයි Anders Behring Breivik කියයි. ඔහුට අනුව නෝර්වේජියන් සමාජයට රිංගා ගත් ‘සංස්කෘතික මාක්ස්වාදීන්’ විසින් ඔහුගේ සමාජය දුර්වල සමාජයක් කරා ගෙන යන නිසා ඊට අවධානය ගෙනෙනු පිණිස ඔහු ඒ මිනිස් ඝාතන සිදු කළේය. තලෙයිබාන් අයට මිනිසුන් මරන්නට හැකියාව ලැබෙන්නේ ඔවුන් මානසික රෝගියෝ නිසාදැයි Anders Behring Breivik අසන ප්‍රශ්නය සැබැවින් ම තාර්කික වූවකි!!!

තමන් පිළිගන්නා අරමුණක්, අදහසක්, මතවාදයක් වෙනුවෙන් යමක් කරන්නට ඉදිරිපත් වෙන්නේ ද නොවන්නේ ද යන්න අයෙක් තීරණය කරන්නේ කෙසේ ද?!!!! ඒ වෙනුවෙන් මිනිස් ජීවිත විනාශ කරන්නා නූගතෙක් ද, මානසික රෝගියෙක් වෙන්නේ ද, වීරයෙක් වෙන්නේ ද, නැත්නම් අපරාධකරුවෙක් වෙන්නේ ද?!!!!

ලෝකයේ රට රටවල් ගණනාවක මිනිස් ජීවිත අහිමියට හේතු පාදක වූ හා අදත් වෙන, මතවාදයක් ලොවට ඉදිරිපත් කළ කාල් මාක්ස් එක මිනිස් ජීවිතයක් සියතින් හානියට පත් නොකළේය. ඔහු නූගතකේ ද? වීරයෙක් ද? මානසික රෝගියෙක් ද? නැත්නම් අපරාධකරුවෙක් ද?!!! 😀

ඇමෙරිකන් Pete Seeger විසින් ලියන ලද “My Rainbow Race” හි නෝර්වේජියන් පිටපත සැකසෙන්නේ Lillebjørn Nilsen විසිනි. එය Anders Behring Breivik විසින් අප්‍රිය කරන ලද සිංදුවක් වූ බව දැනගත් දහස් සංඛ්‍යාත නෝර්වේජියානුවන් පසුගිය දා ඔස්ලෝ චතුරශ්‍රයට රැස් වී එය ගායනා කළහ.

තම වර්ගයා ආරක්ෂා කරගැනීමට මිනිසා තුල ස්වභාවයෙන් පිහිටා ඇති කැක්කුම අතර තම ඒකීය පැවැත්ම ආරක්ෂා කර ගැනීමට ඇති කැක්කුම නිතර ඝට්ටනයක යෙදෙයි.

හිට්ලර් ජර්මනියේ යුදෙව්වන් මරනවා යැයි නොදැන සිටි ජර්මානුවෙක් සිටියා ද? ස්ටාලින් රුසියාවේ ගුලාග් ගැන නොදැන සිටි රුසියානුවෙක් සිටියා ද? අද උතුරු කොරියාවේ ගුලාග් වැනි සිරකඳවුරු ඇතැයි නොදන්නා, මන්දබුද්ධික හෝ ශාරීරික දුර්වලතා ඇතිව ස්වභාවයෙන් ම සිය ජාතියේ අය ඉපිදෙන්නේ නැතැයි විශ්වාස කරනා උතුරු කොරියානුවන් සිටිනවා ද?!!!

එහෙත්, තම වර්ගයා ආරක්ෂා කරගැනීමට මිනිසා තුල ස්වභාවයෙන් ම පිහිටා ඇති කැක්කුම සමහර අවස්ථාවල දී තම ඒකීය පැවැත්ම ආරක්ෂාව අභිබවා යනවා ද? ජර්මනියේ යුදෙව්වන්ට දිවිගලවා ගන්නට සහාය දුන් ජර්මානුවන් සිටියහ. ස්ටාලින් රුසියාවෙන් ගොඩබිම හරහා පැන ආ සුදු අප්පුහාමිගේ සීයාට උදව් දුන් රුසියානුවෝ සිටියහ. උතුරු කොරියාවෙන් පැන එන සොච්චමකට සහාය දෙන අයත් සිටිති.

දයාබර හදවත් ඇති මිනිසුන් අතර තම වර්ගයා යන්න මිනිස් වර්ගයා නොව තම කල්ලිය යනුවෙන් සීමා දමාගත් අය හුදු නූගතුන් ද, නැත්නම් මානසික රෝගීන් ද, වීරයන් ද, නැත්නම් අපරාධකරුවන් ද?!!!

තලෙයිබාන් ත්‍රස්තවාදීන් 2001 සැප්තැම්බර් 11 වැනිදා අහිංසක ඇමෙරිකානුවන් තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත් කළහ. පිරිසක් අතර ඔවුන් වීරයන් වූහ. සෙසු ලෝකයා අතර ඔවුන් අපරාධකරුවන් වූහ. කිසිවෙක් ඔවුන් මානසික රෝගීන් යැයි සැලකුවේ නැත.

යම් විශ්වාසයක්, අරමුණක් අත්හරින්නට හෝ වෙනකක් පිළිගන්නට අකමැති නිසාවෙන් සිරගෙයට යන හෝ මරණයට මුහුණ දෙන්නා හැඳින්වෙන්නේ martyr නමිනි.

තම ජීවිතය කැප කර martyr කෙනෙක් වෙන්නට තීරණය කරන්නා නූගතෙක් ද? වීරයෙක් ද? අපරාධකරුවෙක් ද? මානසික රෝගියෙක් ද?!!!!

පරිගණක විද්‍යාවේ පියා ලෙස හැඳින්වෙන Alan Turing සමරිසියෙකි. “වැඩිහිටි පිරිමි දෙදෙනෙක් අතර වූ බරපතල අනාචාර හැසිරීම” නිසා 1954 දී ඔහුව රසායනික වඳ භාවයට නියම වී තිබිය දී ඔහු විෂ සහිත ඇපල් ගෙඩියක් කා සියදිවිනසා ගත්තේ ය. 2009 දී බ්‍රිතාන්‍ය අගමැති (ස්තූතියි කතන්දරකාරයා!) ගෝර්ඩන් බ්‍රවුන් ඔහු වෙතින් සමාව අයැද සිටියේය. 1944 දී ඔහු Luton හි මහජන පුස්තකාලයක කුඩා පිරිමි දරුවන් අපචාරයට ලක් කරන ලද බවට ද චෝදනාවක් ඇත. ඒ දරුවන් ගැන නීතිමය සාධාරණයක් සිද්ධ නොවූ හෙයින් ඔවුන් වෙතින් සමාව ඉල්ලූ අයෙක් නැත.

දළෙයි ලාමා ටිබෙටන් ජාතිකයන්ගේ අධ්‍යාත්මික නායකයා වෙයි. ඔහුගේ ජීවිතය කැප වී ඇත්තේ 1. මූලික මිනිස් අගැයුම් වලට අනුබල දීමට, 2. අන්තර් ආගමික සමගිය වඩාලීමට, සහ 3. ටිබෙටන් ජාතිකයන්ගේ සුබ සාධනය යනාදියටයි. සිරුරට ගිනිතබා ගෙන සියදිවිනසා ගන්නා (self-immolation) ටිබෙටන් හාමුදුරුවරු 1,451 ක් 2000 වසර තුල දී සහ 1,584 ක් 2001 වසර තුල දී ඉන්දියාවෙන් පමණක් වාර්තා වෙයි. (The Copycat Effect: How the Media and Popular Culture Trigger the Mayhem in Tomorrow’s Headlines, Loren Coleman. 66 පිටුව) ටිබෙටන් හාමුදුරුවරු තම විශ්වාසය වෙනුවෙන් දිවි පුදන martyr ලා නිසා ඔවුන් වීරයෝ ද? නූගතුන් ද? අපරාධකරුවන් ද? මානසික රෝගීන් ද?!!!

නෝර්වේජියන් සමූල ඝාතකයා Anders Behring Breivik මානසික රෝගියෙක් දැයි සොයාගන්නට සියළු උත්සාහ කරන්නේ නැත්නම් ඔහු වැනි අදහස් දරණ අය අතර ඔහු වීරයෙක් වේ යැයි බියෙන් ද?!!!

අනුන්ගේ ජීවිත කැප කර අපරාධකරුවන් වෙතින් අහිංසක ජීවිත බේරා ගන්නා අය වීරයෝ ද? අහිංසක ජීවිත කැප කර අපරාධකරුවන් වෙතින් තවත් අහිංසක ජීවිත බේරාගන්නා අය වීරයෝ ද? නැත්නම් වීරයෙක් වනාහි කිසිවකුගේ ජීවිත කැප නොකර සියල්ලන්ගේ ම ජීවිත බේරා ගන්නට දක්ෂයා පමණක් ද?!!!!!

දළෙයි ලාමා මෙසේ කියයි: දයාබර හදවතක් තිබීම අපේ ස්ව-විශ්වාසය තහවුරු කරයි. එයින් අපිට ලැබෙන්නේ අන්ධ නොවූ විශ්වාසයකි. විචාරය මත පදනම් වූ විශ්වාසයකි. එය තිබේ නම් ඔබට විනිවිදතාවයෙන් හැසිරීමට පුළුවන. කිසිවක් සඟවන්නට වුවමනාවක් නැත. එසේම ඔබ අවංක නම් ඔබේ සමාජය ඔබව විශ්වාස කරනු ඇත. විශ්වාසය මිත්‍රත්වය ගෙනෙයි. එහි ප්‍රතිඵලයක් ලෙසින් ඔබට හැම විටම සතුටින් සිටින්නට හැකිය. ඔබ වම් පැත්ත බැලුවත් දකුණු පැත්ත බැලුවත් ඔබට සැම විටම සිනාවෙන්නට පුළුවන. (Warm-heartedness reinforces our self-confidence – giving us not a blind confidence, but a sense of confidence based on reason. When you have that you can act transparently, with nothing to hide! Likewise, if you are honest, the community will trust you. Trust brings friendship, as a result of which you can always feel happy. Whether you look to the right or the left, you will always be able to smile.)

දළෙයි ලාමාගේ “දයාබර හදවතක් තිබීම අපේ ස්ව-විශ්වාසය තහවුරු කරයි” කියමන අද විද්‍යාත්මක සොයා ගැනීම් අනුව සත්‍යයකි. දයාබර හදවතක් තියෙනා අයගේ මොළයේ නිපැදවෙන සිරුරට වාසිදායක නියුරෝරසායන ක්‍රියවලියන් නිසා ඔවුන් නිරෝගී හා දීර්ඝ ජීවිත කාලයන් ගෙවන්නට සමත් සතුටින් ඉන්නා උදවියයි.

දයාබර හදවතකට හැකියාවක් නැති මනෝව්‍යාධිකයන් (psychopaths), එසේම දයාබර හදවත ඔවුන්ගේ කල්ලියට පමණක් සීමා කරගත් අයත් සමඟ මිනිස් වර්ගයා ගැන වූ දයාබර හදවතෙන් පිරි අයට ජීවිතය රැක ගන්නට හැකියාව ඇත්තේ එකම එක විදියකිනි. එනම් නූගත්කම දුරලා ගැනීමෙනි. අනිත් අය හදන්නට බැරි ය. එහෙත් තමන්ට හැදෙන්නට හැකිය.

Advertisements

21 Responses

Subscribe to comments with RSS.

  1. Shanthi Chandrasekera said, on අප්‍රේල් 27, 2012 at 3:01 ප.ව.

    Agama wenuwen divi nasaganeema aththatama manasika ledak kiyalamata hithenne. ewagema deviyan wenuwen ange katu gasaganna ayath manasika ledun neda? bohodurata noeyk vidihe adahili welata yomu wenneth manasa viyakula aya neda? thanks Aruni,

    • arunishapiro said, on අප්‍රේල් 27, 2012 at 4:25 ප.ව.

      Shanthi Chandrasekera,

      සියදිවිනසා ගැනීම සිතෙන් ඉවත් කරන්නට බැරි අය මානසික රෝගීන් අතර ඉන්නවා. ඒ අයට හේතුවක් අවශ්‍ය නැහැ, මොන යම් හෝ පසුතැවිල්ලකින් සියදිවිනසා ගැනීම සිද්ධ කරන අය. මානසික රෝග ලක්ෂණයකින් සියදිවිනසා ගැනීමට සිතෙන අයෙක් බේරා ගැනීම ඉතා දුෂ්කරයි.

      ඒත් ආගම වෙනුවෙන් සියදිවිනසා ගැනීම තෝරාගන්නා අය ආගම කුමක් දැයි නොදන්නා අයයි. නැත්නම් ඉතින් ඒ ආගම අදහන හැමෝම දිවිනසාගන්නේ නැත්තෙ ඇයි? එහෙම කරනවා නම් ඒ ආගම තව දුරටත් ලෝකයේ තියෙන්න බැහැ නේද?!!!

      දෙවියන් වෙනුවෙන් උත්සවයකට ගොස් ඇඟේ කටු ගහ ගන්නා අය තමන් කරන ලද වරදකට සමාව ලැබේවි යැයි හෝ තමන්ට දිව්‍ය ලෝකෙ යන්න පුළුවන් යැයි සිතන විශ්වාසයෙන් එහෙම කරන වෙනස් ඇදහිල්ලක් මිසක් මානසික රෝගයක් නෙමෙයි. එවැනි මානසික රෝගයක් ඇත්තා වසර පුරා ම තමන්ගේ ඇඟේ කටුගසා ගෙන වදහිංසා කරගන්නා අයෙක්.

      අනිත් අයට වඩා වෙනස් වෙච්ච හැම හැදියාවක් ම මානසික රෝගයක් නෙමෙයි.

      ඇදහිලි වලට යොමු වෙන්නේ මිනිසා තුල ඇති තමන් ගැනත් ලෝකය ගැනත් දැනගැනීමට වූ ස්වභාවික කුතුහලය නිසා. හඳහන් බලවා ගැනීම, අත බලා සාස්තර කියවා ගැනීම යනාදියත් ඒ නිසා. ඇදහිලි, හඳහන් නොසොයන අය විද්‍යාවේ අනාවැකි සොයා යනවා. ඒක පැවැත්ම ආරක්ෂා කරගන්නට හැදිච්ච මිනිස් ස්වභාවයක්.

  2. kathandarakaraya said, on අප්‍රේල් 27, 2012 at 7:35 ප.ව.

    “ජනාධිපති” ගෝර්ඩන් බ්‍රවුන්?
    අපි නොදන්න ගෝර්ඩන් බ්‍රවුන් කෙනෙක්ද ඒ?

    • arunishapiro said, on අප්‍රේල් 30, 2012 at 8:56 පෙ.ව.

      kathandarakaraya,

      කතන්දරකාරයාට හදන්න වැරැද්දක් උවමනාවෙන් ම ඉතිරි කරලා තිබ්බා වගේ … පෙන්නලා දුන්නාට ස්තූතියි.

  3. kathandarakaraya said, on අප්‍රේල් 27, 2012 at 7:36 ප.ව.

    දලයි ලාමා කියන විදියට ජෝර්ජ් ඩබලිව් බුෂ් කාරයාත් හොඳ අවංක පොරක්ලු!

  4. kashyapa1917 said, on අප්‍රේල් 27, 2012 at 9:06 ප.ව.

    අරුනිට හුඟක් වෙලාවට…අමතක වෙන..ඒවා ටිකක් එයාගෙ ‘ෂෝක්’ ලිපියට ආලෝකයක් විදිහට එකතු කරන්න කැමතියි,

    මිනිසුන්ට වද දෙන , මිනිසුන් ඝාතනය කරන ‘ගුවන්තන්නමො බේ’ වද කඳවුර ගැන නොදන්නා ඇමරිකානුවෙක් සිටීද?

    ලෝකයේ ලක්ශ ගනනක මිනිස් ජීවිත අහිමියට හේතුපාදක වූ සහ අදත් වෙන මතවාදයක් ලොවට ඉදිරිපත් කල ජේසුස් වහන්සේ එක් මිනිස් ජීවිතයක් සියතින් හානිය පත් නොකලේය, ඔහු නූගතෙක්ද? වීරයෙක්ද, මානසික රෝගියෙක්ද, නැත්නම් අපරාධකාරයෙක්ද?….
    .
    ඉරාකයේ , ලක්ෂ ගානක මිනිසුන් මැරෙන ජන ඝාතක යුද්දයට වගකිය යුතු…ජොර්ජ් බුෂ්..වීරයෙක්ද?…අපරාදකාරයෙක්ද?………….
    .
    වියට්නාමයේ ..ජනයා…ලක්ෂ පනහක් පමන මරා දැමූ..යුද්ධයට අණ දුන් කෙනඩි,ජොන්සන්, නික්සන්..ඇමරිකන් ජනාධිපතිලා…..වීරයන්ද..අපරාදකාරයන්ද?………….

    • arunishapiro said, on අප්‍රේල් 30, 2012 at 9:23 පෙ.ව.

      kashyapa1917,

      හැමදාම හැමෝම ලියන ඒවා මාත් ලියලා වැඩක් නැහැනෙ 🙂 බුෂ් පුතා ගැන ඕන තරම් ලියලා තියෙනවා. මැලේසියාවට අනුව බුෂ් පුතා සහ ටෝනි බ්ලෙයාර් දෙන්නම යුද අපරාධකරුවෝ. මට ස්විට්ස්සර්ලන්තයට යන්න පුළුවන් වුනාට බුෂ් පුතාට එහෙ යන්නත් බැහැ. ඇමෙරිකානුවන් බුෂ් පුතා ඇතුළු ඒ ආණ්ඩුවේ ඉරාක යුද්ධය කරපු පිරිසක් impeach කරන්නත් නීති මඟට ගෙනියන්නත් උත්සාහයක් තියෙනවා. යුද්ධයක් අවසන් වෙලා කාලයක් ගියත් දඬුවම් දෙන්න පුළුවන්කම තියනවා. බරාක් ඔබාමා තමයි ඒ වැඩේ හිමිහිට අත්හැරලා දැම්මෙ. අපි තාම බලාගෙන ඉන්නේ ඒ ඇයි කියලා. පාලකයෝ ඔහොම තමයි. බලයට එනකම් නීතිය ගැන පුරාජේරුව. ආවට පස්සෙ එයාලත් නීති කඩන නිසා, නීති කඩපු අයට දඬුවම් කරන්න පසුබටයි තමන්වත් හැඳි ගෑවිලා යාවි කියල.

      නැහැ නේන්නම් ගුව්නතනමෝ කඳවුර ගැන නොදන්න ඇමෙරිකානුවෙක් නැහැ. ඒක වහන්නම් කියලා චන්දෙ දිනපු ඔබාමාත් තාම අදිමදි. වැඩේ මේකයි. ඔයාලට අහිංසකයෝ වුනාට ඒකේ ඉන්න අමානුෂික ත්‍රස්තවාදියෝ ඒ අයගෙ රටවල් වලින් බාරගන්නත් අකමැතිනේ!!!!

      //අදත් වෙන මතවාදයක් ලොවට ඉදිරිපත් කළ ජේසුස් වහන්සේ// මොකක් ද කියන්නේ කියා පැහැදිලි නැහැ. ලෝකයේ ලක්ෂ ගණනක මිනිස් ජීවිත අහිමියට හේතුවූයේ ජේසු ඉදිරිපත් කල මතවාදය නිසා නම් භීෂණ සමයේ ලංකාවේ බෞද්ධාගම ඇදහූ බහුතරය අතින් නැති වූ මිනිස් ජීවිත කාගේ දහම නිසා ද? මම දන්න තරමින් ආර්. ප්‍රේමදාසත් බෞද්ධයෙක්, ජවිපෙ හිටිය අයත් බෞද්ධයෝ. ඒ අපරාධ කරපු අය බෞද්ධයෝ වූ නිසා අපට බුදුහාමුදුරුවෝ ගැනත් එහෙම අහන්න වෙනවා ද?

      ලොවට ම හඬ ගා සටන් වදින්නට ගිය යුද්ධයක හා තමන්ගෙ රටේ තම ජනතාවම රහසිගතව මරනා ඝාතකයන් අතරත් වෙනස දකින්න කොහෙත් ම බැරි ද?

      යුද්ධය පටන් ගන්නටත් පෙර පටන් ඇමෙරිකානුවන් ඊට විරෝධය පෑවා. ගුවන්තනමෝ ගැන අප්‍රසාදය ඇමෙරිකානුවෝ පෙන්නුවේ ඒ ආණ්ඩුවේ අයගේ බලයත් අහිමි කරමින්. ගුවන්තනමෝ හි සිරකරුවන්ට අමානුෂික වදහිංසා දුන් අයට බරපතල හිර දඬුවම් ලැබුණා. බුෂ් පුතාගේ ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆේල්ඩ්ට ඉල්ලා අස්වෙන්නට සිද්ධ වූවා. බලයේ සිටිය දී ම එහෙම ජනතා විරෝධයක් පාන්නට, සිරකරුවන්ට වදහිංසා කළ අයව හිරේ දාපු, තම ආණ්ඩුවේ නියෝග පිළිපැද අයට ඉල්ලා අස්වෙන්නට සිද්ධ වීමක් ස්ටාලින් රුසියාවෙන්, හිට්ලර් ජර්මනියෙන් හෝ අද උතුරු කොරියාවෙන් ඇහෙනවා ද?

      • kashyapa1917 said, on මැයි 1, 2012 at 11:52 පෙ.ව.

        එතකොට අරුනි මේව නොලියන්නෙ ,හැමෝම හැමදාම ලියන නිසා මිසක් ඔයාගෙ ලැජ්ජානැති ඇමරිකන් ගැති භාවය නිසා එහෙම නෙමෙයි……….මේව අහල පණ පලයන් පෙරෙදට කිව්වලු.

        බුෂ් තාත්තලා, පුතාලා, රේගන්ලා,නික්සන්ලා විතරක් නෙමෙයි, කාටර්ල, ක්ලින්ටන්ලා, ඔබාමාලත් ඇමරිකාවේ රියල් පාලකයන්ගේ රූකඩ විතරනේ..ඉතින් එක කාලෙක..නටවන රූකඩයක් ලව්වා, ඊට ඉස්සෙල්ල හිටපු තමන්ගෙම රූකඩේකට දඬුවම් දෙන්නේ කොහොමද?….ඒවා මේ ඇත්ත ලෝකෙ සිද්ද වෙයි කියල බලං ඉන්නේ….රොන් පෝල්…ඇමරිකාවේ ජනාදිපති වෙයි…ඊට පස්සේ ලෝකෙටම විමුක්තිය උදා වෙයි කියල හිතා ගෙන ඉන්න පිස්සො විතරයි.

        අනේ පවු,…එතකොට ගුවන්තනාමො වධකාගාරේ වහ ගන්න බැරුව ඉන්නේ…මට අහිංසකයෝ වෙච්ච.. ඔයාට අමානුශික ත්රස්තවාදියො..උන්ගේ රටවලින් භාර නොගන්න හින්දා…..ඒ රටවල් ගැන ඇමරිකාවට තියෙන පුදුම කැක්කුම හින්දා වෙන්ඩ ඇති…හරියට…අර ලෝකේ තැන්, තැන් වල මිනිස්සුන්ට ප්රජාතන්ත්රවාදේ..දෙනකන් නින්ද යන්නෙ නැති හිලරි ක්ලින්ටන්ගේ උතුරා යන මහා කරුනාව වගේ…..

        අරුනිගෙ ලිපියෙම තිබ්බ වාඛ්යකට..කාල් මාක්ස් වෙනුවට , ජේසුස් වහන්සේ දැම්මා විතරයි…ඔයාගෙ ලිපිය ආපහු කියවල බලන්ඩ…එතකොටවත් මම දාපු එකේ තෙරුම වැටහෙයිද කියල……නිකම් ආගම් ඇද ගෙන..විකාර කිය වන්නේ නැතුව.

        හා..හා..එතකොට තමන්ගෙ රටේ මිනිස්සු මරන්නේ ඝාතකයො…අනුන්ගෙ රට වලට පැනලා..තමන්ගේ ජඩ ආර්ථික දේශපාලන උවමනා වලට දශ ලක්ශ ගනනින් මරන්නේ වීරයෝ…රැම්බෝලා වෙන්ඩ ඇති..කොහොමත් අරුනිලාගේ ඇමරිකාවට මිනිස්සු වෙන්නෙ උන් ‘මිනිස්සු’ කියල අර්තදක්වන එවුන් විතරයි..අනික් උන් මිනිස්සු නෙමෙයි. වියට්නාමේ, කාම්බොජෙ මැරුනෙ මිනිස්සු නෙමෙයි, චිලියේ ඇමරිකන් රූකඩේ ‘පිනොශේ’ ලක්ශ ගනන් මැරුවෙ මිනිස්සු නෙමෙයි……ඉරාකේ, ඇෆ්ගනිස්තානෙ මැරෙන්නේ මිනිස්සු නෙවෙයි……… ලෙබනන් වල ඊශ්රායල් කාරයො මැරුවෙ මිනිස්සු නෙමෙයි….දවසකට 25,000ක් කන්ඩ නැතුව මැරෙන්නේ මිනිස්සු නෙමෙයි……ඇමරිකාවේ ‘මහා නිදහස්’ මාධ්ය බලනකොට තේරිච්ච විදිහට මේ දවස් වල එහෙ හැරුනාම මිනිස්සු ඉන්නේ සිරියාවෙ විතරයි මගෙ හිතේ.

        ඔව්..යුද්ධෙ පටන් ගන්ඩ ඉස්සෙල්ලා, පටන් ගත්තට පස්සේ, යුද්ධෙ ඇන ගන්න කොට..මේ හැම වෙලාවෙම “ඇමරිකානුවො” විරෝධය පානවා….වෝල් ස්ට්රීට් එකටත් විරොධය පාන්නේ “ඇමරිකානුවො”……ඒත් සිද්ද වෙන්නේ ඒ “කානුවො” කියන ඒව නෙවෙයිනෙ…..ඒවට ඉන්නව රියල් “කානුවො” අනික ඔය ‘ඇමරිකානුවො’ අප්රසාදය පෑවෙ ආණ්ඩුව ගෙදර යවල නෙමෙයි බුෂ් පුතාව දෙවෙනි පාරටත් ජනාධිපති කරල.

        ගුවන්තනමොවල, අබුගරිෆ් වල, ඇෆ්ගනිස්තානෙ බග්රාම්, වගේම තව ලෝකෙ පුරාම රහසි ගතව පවත්වාගෙන යන වධකාගාර වල සිද්දි කීපයක් එලියට ආවම..ලෝක ලජ්ජාවෙන් බේරෙන්න, මේවාට අණ දුන්නු, වධකාගාර පවත්වාගෙන ගිය, වදදීම් නීතිගත කල..ලොක්කොන්ට ප්රමෝශන් දීල බොරුවට..පහලම ‘සෙසු නිලයන්’ කීප දෙනෙක් මාස කීපයකට හිරේ දාපු එකද ඔයා මේ බරපතල දඬුවම් කියන්නේ………. ඕවා හොඳයි කොන්ඩෙ බැඳපු චීන්නුන්ටයි බැන්කි මූන්ටයි. ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්ට ගෙදර යන්න උනේ ඔයා කියන ‘ජනතා විරොධයකට’ නෙමෙයි..හමුදාව තුලින් ඔහුගේ අතිශය දුර්වල යුධ නායකත්වයට හා මූලොපායික අසමත්කමට එරෙහිව නැගුනු විරොධය නිසා…අරුනි ඔයාගෙ කැත ඇමරිකන් ගැතිබව වහ ගන්න බොරු කීම වහා නවත්තන්න.

        • arunishapiro said, on මැයි 1, 2012 at 9:03 ප.ව.

          kashyapa1917,

          දුමින්ද සිල්වා වැනි ස්තරී දූෂක හා මිනීමැරූ අපරාධකාරයෙක් කිසිම දඬුවමක් නොලැබ රටින් හොරෙන් ම පිටවෙලා යන්නෙත් එයා ඇමෙරිකන් රූකඩයක් නිසා වෙන්නැති!!!

          ඇමෙරිකන් ආරක්ෂක ලේකම්ට නම් ඉරාක යුද්ධය ඉවර වෙන්නත් කළින් ඉල්ලා අස්වෙන්නට සිද්ධ වුනා. කිසිත් වරදක් කරපු නැති හමුදා ඉන්නා රටක යුද්ධයක් අවසන් වුවත් ආරක්ෂක ලේකම්ලාට එහෙම වෙන්නෙ නැහැනෙ, කිසිවෙක් කිසිම වරදක් කරලා නැති නිසා. සමාවෙන්න වැරදුනා මට. රම්ස්ෆෙල්ඩ්ට ගෙදර යන්න වුනේ අතිශය දුර්වල යුධ නායකත්වය හා මූලෝපායික අසමත්කම නිසානෙ. කිසිවෙක් කිසිම වරදක් නොකර ජයගත් යුද්ධයක ආරක්ෂක ලේකම් කෙනෙක් අතිශය දක්ෂ යුධ නායකත්වය හා මූලෝපායික සමත්කම තියෙන කෙනෙක්නෙ. මටයි වැරදුනේ, අනේ, ආයෙත් සමාවෙන්න හොඳේ.

          එතකොට බියකුරු ත්‍රස්තවාදීන් පරදා යුද්ධයක් ජයගත් හමුදාපතිවරයෙක් හිරේ දාගෙන සිටීම වගේ ද ඒ ගුවන්තනමෝ කඳවුරේ වැරදි කරපු අයව හිරේ දාපු එක?!!!

          ඇමෙරිකාවේ විරෝධය පෑවා කියා කිසිවෙක් අතුරුදහන් වෙන්නෙ නැති නිසා අකැමති හැම දේටම විරෝධය පාන්න ඇමෙරිකානුවන්ට ඇති නිදහස එහෙම නැති රටවල් වලට කැමති අයට කියා දෙන්නෙ කොහොම ද?!!!!

          ඇමරිකාව වැනි නිදහසක් ඇති රටක ජීවත්වෙන්නට ලැබීම කොතරම් භාග්‍ය්‍යක් ද?!!!!

          ඇයි ද අනේ වහා ගන්න හදනවා යැයි හිතන්නේ මම පුන පුනා පෙන්වන්න හදන දෙයක්?!!!! 😀

      • kashyapa1917 said, on මැයි 3, 2012 at 10:14 පෙ.ව.

        Reply to…arunishapiro said, on මැයි 1, 2012 at 9:03 ප.ව.

        kashyapa1917,

        “දුමින්ද සිල්වා වැනි ස්තරී දූෂක හා මිනීමැරූ අපරාධකාරයෙක් කිසිම දඬුවමක් නොලැබ රටින් හොරෙන් ම පිටවෙලා යන්නෙත් එයා ඇමෙරිකන් රූකඩයක් නිසා වෙන්නැති!!!…………………………………………………………………………”

        here we go…..aruni has showed her true colours………come on Ms. Shapiro stand up and answer to the true questions and concerns I have raised ………..rather than telling completely irrelevent ‘cock & bull’ stories…..till now I considerd Aruni as a credible interlectual who has an agenda of glorifying neo liberal capitalism and defaming marxistic scocialism which infact glorify the humanism oppose to the dollers and cents…but sad to tell that you lost the least bit of respect I had, by this third class reply and removal of the option for me to comment back……….. shame on you Aruni shame on you

        • arunishapiro said, on මැයි 3, 2012 at 10:33 පෙ.ව.

          kashyapa1917,

          වම්මු ඔහොම තමා …. තර්කයක් ඉදිරියේ එක්කො පුද්ගලික පහරක් දෙන්න හොයනවා නැත්නම් මරා ගන්නවා, නැත්නම් අනිකා මෝඩයෙක් යැයි කියනවා. තාර්කිකව උත්තර දෙන්නෙ කොහොම ද අතාර්කික මතවාදයකින් නේද?!!!!

  5. කවුළුව තුලින් said, on අප්‍රේල් 28, 2012 at 12:34 පෙ.ව.

    තමන් පිළිගන්නා අරමුණක් වෙනුවෙන් සියදිවි නසා ගන්න ,මිනීමරන්න පෙලබෙන අය තුල ඇත්තේ හීනමානයක් මිස වීරත්වයක් නොවේ.එසේ කිරිමෙන් අනෙක් අය තමන්ව උසස් කොට සලකාවි ඔවුන් සිතනවා

    පලි: //ස්ව-විශ්වාසය// අලුත් වචනයක් ,සමාන්‍ය වචනය ආත්ම විශ්වාසය

    • arunishapiro said, on අප්‍රේල් 30, 2012 at 9:28 පෙ.ව.

      කවුළුව තුලින්,

      ඔවුන් ජීවත්වන කල්ලිය තුලින් දකින පටු චින්තනයේ නූගත්කම තමයි ඒ හීනමානයට හේතු වෙන්නේ. ඒක ලෝක ඉතිහාසයේ පටන් තවමත් මිනිසාට අත්හරින්නට බැරි වූ ප්‍රවණතාවයක්. මැද පෙරදිග පැත්තේ අවුරුදු 80 ක විතර යුද්ධය තාම යන්නේ ඒකයි.

      ඔව්, මම ආත්ම විශ්වාසය පාවිච්චි කරන්න දෝ නොකරන්න දෝ කිය කියා හිතලා තමා ස්ව-විශ්වාසය ලියූවේ. ආත්ම – කිව්වොත් soul සහ ego දෙකත් එක්ක පැටලිලා ඒක ස්වභාවයෙන්ම පුද්ගලයා තුල පවතින්නා වූ වෙනස් කළ නොහැකි වූවක් යැයි පැටලෙන්නට ඇති නිසා.

  6. lansa said, on අප්‍රේල් 29, 2012 at 1:31 ප.ව.

    kenek thawa ayek meruwoth nadu ahala maraneeya dandanaya ho hire damanawa. ilakkam deke ganak meruwoth manasika ledak kiyanawa. marana gana ilakkam 3,4 ganak unoth saakachcha margayen wisadanna balanawa. mamanam hithanne me serama manasika leddu.

    • arunishapiro said, on අප්‍රේල් 30, 2012 at 9:35 පෙ.ව.

      lansa,

      //කෙනෙක් තව කෙනෙක් මැරුවොත් නඩු අහලා මරණීය දණ්ඩනය හෝ හිරේ දමනවා. ඉලක්කම් දෙකේ ගාණක් මැරුවොත් මානසික ලෙඩෙක් කියනවා. මරණ ගාන ඉලක්කම් 3,4 ගානක් උනොත් සාකච්ඡා මාර්ගයෙන් විසඳන්න බලනවා. මම නම් හිතන්නෙ මේ සේරම මානසික ලෙඩ්ඩු.//

      මම නම් හිතන්නෙ තමන්ගෙ ජීවිතය නැති කරන්න එන එකාව මරලා දාන එක තම ජීවිතය බේරා ගැනීම. නැත්නම් ඉතින් කවුරු හෝ එකෙක් ගෙදරට පැනලා මරලා දානකම් බලාගෙන සිටින්න ද? හැබැයි එකෙක් නැතිව දෙතුන් දෙනෙක් ආවත් ඔවුන් සියල්ලෝ ම මරණ බයෙන් පැන දුවන්නේ නැත්නම් ඒත් ඉතින් තම ජීවිතය ආරක්ෂා කර ගැනීමට එක් කෙනෙකුට වඩා සංඛ්‍යාවක් මරලා දාන්න වුනොත් ඒත් නැතිව තමන්ව මරලා දාලා යනතෙක් බලාගෙන සිටින්න ද?

      මම හිතන විදියට මරපු ගණන නෙමෙයි වැදගත්. ඇයි එක් මිනිස් ප්‍රාණයක් හෝ නැති කළේ යන්නට හේතුවයි වැදගත්.

  7. නවම් said, on අප්‍රේල් 30, 2012 at 3:24 පෙ.ව.

    ප්‍රශ්ණ ගොඩයි, මත ගැ‍ටුම් ගොඩයි. ප්‍රොසෙසර් එක ඕවර් හීට් වෙලා. ඔළුව අයිස් බාල්දියක දාගන්න හිතයි.

    මොනව උනත් තවෙකෙක්ගෙ ජීවිත අයිතිය නසන්නා වීරයෙක් නොවෙන පාර්ශවයක් හැම විටකම කොහේ හරි ඉන්නව.

    • arunishapiro said, on අප්‍රේල් 30, 2012 at 9:41 පෙ.ව.

      නවම්,

      ප්‍රොසෙසර් එක හොඳට වැඩ කරනවා නම් ඒ ඇති!!!!

      තමන්ගෙ ජීවිතය බේරාගන්න වුනත් තවෙකෙක්ගේ ජීවිත අයිතිය නසන්නාටත් අකමැති අය මිනිසුන් අතර ඉන්න නිසා මේක ලේසියෙන් එකඟතාවයකට එන්න පුළුවන් තැනක් නෙමෙයි. එකඟතාවයක් නැතත් ගැටළුව අවබෝධයක් ඇත්නම් පියවරක් ඉදිරියට ගිහින්.

  8. kashyapa1917 said, on මැයි 1, 2012 at 12:05 ප.ව.

    රහත් උනාම මද්ය ස්නායු පද්දතියෙන්……..බ්ලා බ්ලා ටික ආචාර්යතුමා හොයා ගත්තෙ..රහත් වෙච්ච අය යොදාගෙන කරපු දැවැන්ත වෛද්‍ය පර්යේශනයකින්ද?…මම් මේ නොදන්න කමටයි ඇහැව්වේ.

  9. lalita kumara ranawana said, on මැයි 2, 2012 at 12:53 පෙ.ව.

    aruni minisa ha lingikathwaya gana yamak liyanna.meka matath therum ganna baruwa inne.me hama deyama kona basaluwoth sex neda.tikak asamanya de kathakaranawana prayojanawath

  10. lalita kumara ranawana said, on මැයි 2, 2012 at 12:57 පෙ.ව.

    budist kiyanne katada.lebal karayonta da?oba kiuu kisiwek budist neme lable karayo

  11. kashyapa1917 said, on මැයි 7, 2012 at 8:30 පෙ.ව.

    ආචාර්‍යතුමනි මම වෙසක් තොරණක දැක්කා රහත්කෙනෙක්ගේ එක අතක් කපනවා…ඒත් සැලෙන් නැහැ…අනික් අතත් කපනව…නෝ හෙල්ලුම්…ඊට පස්සේ කකුල්……මේකත් අර රජ වරු කරපු පර්යේෂනයක්ද?? නොදන්න කමටයි අහන්නේ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: