අරුණි ශපීරෝ‍ වෙතින්

එයාට පිස්සු යැයි සිතුණට එයා පිස්සෙක් වෙන්නෙ නැහැ

Posted in Uncategorized by arunishapiro on මැයි 2, 2012

මිනිසෙක්ට දැනෙන ආවේගයන් තවත් මිනිසෙකුට විඳින්නට ද පුළුවන. අනුන් අඬද්දී යමක අහිමිය තමන්ට වූයේ නැතත් තම ඇස් වලටත් කදුළු පිරෙන්නේ ඒ නිසායි. අයෙක් කෝපයෙන් කෑ ගහද්දී ඊට තමන් වරදකරුවෙකු නොවුනත් ගත සලිත වී යන්නේ ඒ නිසායි. ප්‍රබන්ධයක් බව දැන දැනත් හොටු පෙරමින් අඬ අඬා නැත්නම් යටපත් කර ගැනීමට අපහසු බලහත්කාරයෙන් ම එළියට පනින හිනාවෙන් ඒවා රසවිඳින්නේත් ඒ නිසායි. මුස්පේන්තු අය බහුලව ඉන්නා පරිසරයක දී සිතට සතුටක් ඒම ඉතා අඩුත් ඒ නිසායි.

මනෝව්‍යාධිකයාට ආවේගයන් නොදැනෙනවා සේ අනුන්ට දැනෙන ආවේගයන් විඳීමේ හැකියාවක් නොහොත් සහානූභූතියක් (empathy) ද නොමැත. පසුතැවිල්ලක් සිතට නොදැනෙන නිසා ලැජ්ජාවක් නැති හා ද්වේෂ සහගත හැසිරීම එවැන්නාට සාමාන්‍යයකි.

ලෝකයේ හැම දෙයක් ම වටහා ගන්නට ඇති ස්වභාවික වූ ප්‍රාජකය සතු මිනිසා, මනෝව්‍යාධිකයන් ගැන අසා දැනගන්නා විට දකින දකින හැම අයෙක් ම මනෝව්‍යාධිකයෙක් දැයි ප්‍රශ්න කරන්නට උත්සුක වෙයි!!!!

“ඔයාට පිස්සු ද?” කියල අහන හැම වතාවේ දී ම අපි එහෙම අහන්නෙ මානසික රෝගියෙක් වෙතින් නෙමෙයි. අපි සත්‍යයෙන් ම මානසික රෝගයක් ඇතැයි දන්නා අයෙක් ගෙන් එහෙම අහනවා ද?!!!

යම් දෙයක් දැඩිව අපුල කරන අය ඉන්නවා. ඒ දේට කැමැත්ත ඇති/නැති වීම ඒ තරම් වැදගත් නැති අය ඉන්නවා. එසේම ඒ දේ නැතිවම බැරි අයත් ඉන්නවා.

මිනිස් හැඟීම් හා අත්දැකීම් වලින් හැඩගැසී ඇති මිනිස් චර්යාව කොතරම් සංකීර්ණ දැයි කිව්වොත් මේ මේ අය මේ මේ විදියේ අයයි කියා ගොඩවල් ගහන්න හදන හැම අවස්ථාවක දී ම මුහුණ දෙන්න වෙන්නෙ මහත් ගැටළු සංඛ්‍යාවකට. මෙවැනි වෑයමක් අපහසුයි කියා අත්හැරීම සමහර පිරිසකගේ හැදියාව වෙද්දී තවත් පිරිසක් ජීවිත කාලයක් ඊට කැපකරනවා. ඒ දෙපැත්ත මැදින් ඉඳහිට පමණක් තතු සොයමින් දිවිගෙවනා තවත් සංඛ්‍යාවක් ද ඉන්නවා!!!

ස්වභාවයෙන් ම සංකීර්ණ වූ මිනිස් සිතක ඇති මේ බහුවිධ වූ ලක්ෂණයන් වලට සැලකිල්ලක් දැක්වීම අමතක නොකළ යුත්තකි.

Multidimensional Personality ප්‍රශ්නාවලියක් හදන්නේ ආචාර්ය Auke Tellegen විසිනි. මෙහි දී ලක්ෂණය, ඊට අඩුවෙන් ම ලකුණු ගන්නා අය කියන්නේ කුමක් ද, ඊට වැඩියෙන් ම ලකුණු ගන්නා අය කියන්නේ කුමක් ද, යන්න විමසන්නට ඔහු ප්‍රශ්නාවලියක් සකසයි. ලකුණු අඩුව එහි හරි හෝ වැරදි බවක් නිසා නෙමෙයි. එසේම ලකුණු වැඩිවීමත් එහි හරි හෝ වැරදි බවක් නිසා නෙමෙයි. ඒ ඒ පුද්ගලයාගේ චර්යාව ගැන යම් මිම්මකට දැනුමක් සොයාගන්නටයි මේ ප්‍රශ්නාවලිය සැකසෙන්නේ.

ලක්ෂණය: තමන්ගේ යහපත
අඩුවෙන් ම ලකුණු ගන්නා අය: මම කලාතුරකින් තමයි “ඇත්තට ම සතුටින්” ඉන්නෙ.
වැඩියෙන් ම ලකුණු ගන්නා අය: මම සතුටින් ඉන්න කෙනෙක්.

ලක්ෂණය: සමාජීය හැසිරීම
අඩුවෙන් ම ලකුණු ගන්නා අය: කට්ටියක් එකතු වෙද්දී මම කැමති පැත්තකින් ඉන්න.
වැඩියෙන් ම ලකුණු ගන්නා අය: මම කැමතියි මූලිකයෙක් වෙන්න.

ලක්ෂණය: ජයගැනීම්
අඩුවෙන් ම ලකුණු ගන්නා අය: මම සාමාන්‍යයෙන් මහන්සියක් වැය කරන්නෙ වැඩේ ඉවර කරන්න පමණින් විතරයි.
වැඩියෙන් ම ලකුණු ගන්නා අය: මම කැමති දිගු කාලවේලා වැය කරලා එහි නිපුණත්වයක් ලබන්න.

ලක්ෂණය: සමාජීය සමීපතාවය
අඩුවෙන් ම ලකුණු ගන්නා අය: මම තනියෙන් ඉන්න කැමතියි.
වැඩියෙන් ම ලකුණු ගන්නා අය: තනිවම ඉන්නවාට වඩා අනිත් අය එක්ක ඉන්න කැමතියි.

ලක්ෂණය: ආතති ප්‍රතිචාරය
අඩුවෙන් ම ලකුණු ගන්නා අය: මට කලාතුරකින් තමයි හිතට කරදරයක් දැනෙන්නේ
වැඩියෙන් ම ලකුණු ගන්නා අය: මට සුළු දේකින් වුවත් සෑහෙන්න අප්සෙට් වෙනවා.

ලක්ෂණය: පරාරෝපණය (alienation)
අඩුවෙන් ම ලකුණු ගන්නා අය: මිනිස්සු මට සාධාරණව සලකනවා.
වැඩියෙන් ම ලකුණු ගන්නා අය: ජීවිතය මට උරුම කරලා තියෙන්නෙ දුක වේදනාවයි.

ලක්ෂණය: ප්‍රචණ්ඩත්වය
අඩුවෙන් ම ලකුණු ගන්නා අය: මට ගැහැව්වොත් මම අනිත් කම්මුල දික් කරනවා.
වැඩියෙන් ම ලකුණු ගන්නා අය: හොඳයි එහෙනම්, මං පෙන්වන්නම් මම කවුදැයි කියලා.

ලක්ෂණය: හසුරැවා ගැනීමට එරෙහිව ආවේගාත්මක හැසිරීම
අඩුවෙන් ම ලකුණු ගන්නා අය: හිතන්න පෙර කරන කෙනෙක්මි.
වැඩියෙන් ම ලකුණු ගන්නා අය: සවිස්තරාත්මක සැලසුම් නැතිව කිසිවක් නොකරන්නෙමි.

ලක්ෂණය: උපද්‍රවයක් මඟහැරීමට එරෙහිව අනතුරු සොයා යෑම
අඩුවෙන් ම ලකුණු ගන්නා අය: අවදානම් දෙයක් කරන්න මම කැමතියි ඒ සන්ත්‍රාසයෙන් ලැබෙන සතුට වෙනුවෙන් පමණක්.
වැඩියෙන් ම ලකුණු ගන්නා අය: ගොඩක් දේවල් වල දී මම කැමති ප්‍රවේසමින් ඉන්න.

ලක්ෂණය: පාරම්පරික හැදියාව
අඩුවෙන් ම ලකුණු ගන්නා අය: පාරම්පරික අගැයුම් හා ඒවාට කීකරුවීමත්, සදාචාරයත් ආයෙත් හිතා බලන්න ඕන දේවල්.
වැඩියෙන් ම ලකුණු ගන්නා අය: අධිකාරියට (authority) මිනිස්සු පෙන්වනවාට වඩා වැඩියෙන් ගෞරවයක් දක්වන්න ඕන.

ලක්ෂණය: තත්පරවීම (absorption)
අඩුවෙන් ම ලකුණු ගන්නා අය: සංගීතයෙන් මට කිසිම විටෙක පාටක්, සුවඳක් හෝ යම් සිද්ධියක් මැවී පෙනෙන්නෙ නැහැ.
වැඩියෙන් ම ලකුණු ගන්නා අය: ඉර බැස යන ලස්සන සැන්දෑවක් දිහා බලාගෙන මට මුළු ලෝකයම වුනත් අමතක කරන්න පුළුවන්.

මේ ලක්ෂණ දිහා බලලා වැඩියෙන් ම සාර්ථක පුද්ගලයෙක් හදන්න පුළුවන් මෙන්න මේ ලක්ෂණ වලට මේ මේ ලකුණු ගණන් ලැබෙන කැමත්ත වර්ධනයෙන් යැයි කියන්න කිසිවෙකුට බැහැ. එක සාර්ථක පුද්ගලයෙක් තුල ඇති චර්යාව තවත් සාර්ථක පුද්ගලයෙක් තුල ඒ විදියෙන් ම පිහිටා නැහැ.

ඒ වගේමයි මානසික රෝග හා ව්‍යාධියන් ඇති අයත්. තමන්ගේ ආරක්ෂාව සලසාගත නොහැකි ලෙඩෙක් සහ අනුන්ට හානි කරත හැකි අපරාධකාරයෙක් අතර මැද ඉන්නා බහුතරය ඉතාමත් සංකීර්ණයි. ස්වාධීනව ජීවිත් වෙමින් ඒත් අනුන්ට සියදිවිනසා ගන්නට හිතෙනා වූ කුහක ගුණමකු හැසිරීම ඇති නිසා පමණින් අයෙක්ව මානසික රෝගියෙක් යැයි හඳුන්වන්නට ද බැහැ.

මනෝව්‍යාධිකයා නොහොත් සයිකොපැත් කිසි විටෙක තමන්ට ශාරීරික හානියක් කරගන්නේ නැහැ. කලබල වලින් තෘප්තිමත් වෙන ස්වභාවයක් ඇති නිසා සහ තමන්ට සිද්ධ වූ මදිකමක් නිසා කෝපාවිෂ්ටයෙන් සිතා නොබලා ඇතුල්වෙන මැරකමක දී තමන්ට හානි පැමිණියාම එය වටහාගත නොහැකියාව නිසා පුදුමයට පත්වෙන්නෙක්. ආරක්ෂාව නැති ලිංගිකත්වයේ යෙදී රෝග වලට හසු වීම හෝ ගැබ් ගැනීම ගැන අවධානයක් යොමු නොකරන්නෙක්. නැවත නැවතත් හානිකර අවස්ථා වලට යන්නෙත් ඉන් ඇතිවන ඵල විපාක ආවේගාත්මක මොළයෙන් ඉගෙන ගත හැකියාව අහිමිය නිසයි.

මී මැස්සෝ ගැන තාම තොරතුරු එකතු කරනවා වගේ තමයි මිනිසා ගැනත් තොරතුරු එකතුව. සත්‍යයක් යැයි සිතු දෙයක් ඔප්පු කරගන්නටත්, අසත්‍ය දේ අත්හරින්නටත් හැකියාව ලැබෙන්නෙ තොරතුරු එකතු කිරීමත්, ඒවා විමසීමත් නවතා දැමුවේ නැත්නම්.

ජාන දැනුම, නියුරෝරසායන දැනුම හා මිනිස් මොළයේ හැසිරීම දකින, මනින යන්ත්‍රෝපකරණ හා පරිගණක දියුණුවෙන් මනෝවිද්‍යා ක්ෂේත්‍ර වල ඉන්නා අයට ලබාගත හැකි අළුත් තොරතුරු වලින් අද නොයෙක් මතවාද බිහිවෙද්දී හිතන්න මොළය පාවිච්චි කරන්නා ඒවායේ අවුල් ලිහා ගන්නට අවශ්‍ය්‍යි.

Advertisements

12 Responses

Subscribe to comments with RSS.

  1. lalita kumara ranawana said, on මැයි 2, 2012 at 10:24 ප.ව.

    aruni obe piyage abhinishcramanaya gana liyu artical eka eeye kiyewwa.aswala ibetama kandulu piruna.oya kaledima mama digree eka samathwela mu lu pawlenma pasasumlabuwa.1976 kohuwala niwasata awa mata sinamusu muhunin 7.50 k aragena padam malawa mata dun kella ada inna thana matnm hari agei.obe a lipiyen obe thaththa ta 30 wasarak wenaskaranna bari una mage hithata awa moraleka mata kiyanna baha.obe lipi siyallama wage bagaththa.dan me udayema baluwe aluth ekak thiyevida kiyala.aruni obe itiri tikath mama ahanna asai rata giya hati univercity dekaka ugannanna labuna hati obe watina swamiya labuna hati mage email ekatawath ewanna.mata eka kotiyak watinawa.wedi kalayak yanna kalin americawata avith obata achara karalayanawa.thanks

  2. lalita kumara ranawana said, on මැයි 2, 2012 at 10:30 ප.ව.

    me karana uthum kriyawa gana obat sthuthi.eth obe piya liyu pothaka thibuna sthuthiya nisa labannage mamathwaya wardanayawenawa kiya ehema nowewai sithami.lalita kumara ranawana

  3. lalita kumara ranawana said, on මැයි 2, 2012 at 10:33 ප.ව.

    niurona gana tikak kiyadenna ewa palanayakala hakida ehe swabawaya sithata wenaskala hakida? lalita kumara ranawana

  4. දූපත් වැසියා said, on මැයි 3, 2012 at 12:42 පෙ.ව.

    මිනිස් සිත නම් අතිශය සංකීර්ණයි.

    • arunishapiro said, on මැයි 3, 2012 at 9:26 පෙ.ව.

      දූපත් වැසියා,

      පැහැදිලිවම … අපි දන්නවාට වඩා නොදන්නා ප්‍රමාණය වැඩියි. දැනගන්නා හැම දෙයකින් ම පෙනී යන්නේ නොදන්නා දේවල් තව කොච්චරක් ද කියලා … 😦

  5. lalita kumara ranawana said, on මැයි 3, 2012 at 5:31 පෙ.ව.

    eka kenekuge dakshata wa tha wa keneku ge sithata athulu kalata a prathipalayama labenawa dai resurch karala thiyenawa da?

  6. kavikaari said, on මැයි 3, 2012 at 8:27 පෙ.ව.

    හරිම බරපතලයි කාරණානම්. සිත එහෙම දෙයක් ම තමා. හ්ම්ම්ම්

  7. Shanthi Chandrasekera said, on මැයි 6, 2012 at 6:24 ප.ව.

    sankeerna gataluwak hari apuruwata lihadunna thanks Aruni.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: