අරුණි ශපීරෝ‍ වෙතින්

ස්ටැන්ලි මිල්ග්‍රම්ගේ පර්යේෂණය

Posted in Uncategorized by arunishapiro on මැයි 9, 2012

තමන් ගැන වූ කැක්කුමක් ඇත්තේ නිරෝගී මිනිසාට. ඒ කැක්කුම තමන් ගැන පමණක් වුනොත් ඒක මොළයේ සාමාන්‍ය ස්වභාවය නෙවෙයි. මොකද, අනුන් ගැන කැක්කුමක් ඇති මොළයක් ද මිනිස් සතාට ස්වභාවයෙන් ලැබිලා තියන නිසා. ඒත් ඒ කැක්කුම අනුන් ගැන පමණක් වුවහොත් එයත් මොළයේ සාමාන්‍ය ස්වභාවය නොවෙයි.

එදිනෙදා ජීවිතයේ දී දැනුම එකතු කරන මිනිස් සතා මොළයේ ඉහත ස්වභාවයන් අතර වූ ඝට්ටනයෙන් තමයි සිය තෝරාගැනීම් කරන්නෙ. මිනිස්සු බහුතරයක් ජීවත් වෙන්නේ සමුහ ඝාතකයා සහ සාන්තුවරයා යන අන්ත දෙකේ මැද්දක ඇති යම් තැනක. ඒ දෙපැත්තේ ම අදහස් සිතට ආවත් සාමාන්‍ය පුද්ගලයා ඒවා ක්‍රියාවට නංවන්නේ නැහැ; ස්ව-පිළිකුලෙන් තමන්ගේ සියදිවිනසා ගන්නේ නැහැ. ස්වානුරාගයෙන් තම පවුලේ අයට සියදිවිනසා ගන්නට හිතෙන විදියට වැඩ කරන්නේ ද නැහැ.

(නරක මිනිස්සු කරන්නේ හොඳ මිනිස්සු සිහින මවනා දේවල්) Bad Men Do What Good Men Dream (2008) යැයි පොතක් ලියන්නේ රොබට් අයි. සයිමන් නම් මනෝචිකිත්සක මහාචාර්යවරයෙක් විසින්.

පරාර්ථකාමයට මිනිසා බර විය යුතුයි කියා මුලාවෙන් අන්ධ වූවන් ඉහළින් වර්ණනා කළත්, අනුන්ට ඇති කරුණාවෙන් තමන්ට හිරිහැරයක් වෙද්දී පරාර්ථකාමය ඉබේම නතර වෙනවා. තමන්ට ඇතිවන වේදනාවෙන් තම හිතට ගතට දුකක් දැනීම උහුලා ගැනීම දුෂ්කරයි. එසේම තමන්ට සතුටක් නැති දෙයක නිතිපතා නියැලීමෙන් එතැනින් එහාට ඇති ප්‍රගතියක් ද නැහැ. සතුටු සිතින් තමන් කැමති දේවල් කරන්නට ඉඩක් ඇති මිනිසා තමයි ලෝකෙට වැඩදායක වූවෙක් වෙන්නේ. ඒ මිනිස් ස්වභාවයයි.

අන්ත පරාර්ථකාමයට හෝ අන්ත ආත්මාර්ථකාමයට මිනිසා බර විය යුතු යැයි මිනිස් මනස වැඩ කරන හැටි දත් කිසිවෙක් කියන්නේ නැහැ. ඒවා නිරෝගී අයෙක් කළ යුතු දේවල් නෙමෙයි. ස්වභාවයෙන් මොළය හැඩ ගැසිලා තියෙන්නෙ හැම තිස්සෙ ම “මම” ගැන හිතන්න. තමන්ට ‘මම’ ගැන ඇති කැමැත්ත අඩු වී යන බව දකිනවා නම් එයා වහාම මානසික වෛද්‍ය උපදෙස් ගන්න ඕනා. ඒ වගේ ම ස්වභාවයෙන් මොළය හැඩ ගැසී ඇත්තේ අනුන් ගැන ද කැක්කුමක් නැතිව. අනුන් ගැන එතරම් කැක්කුමක් නැති අය ඉන්නවා වැඩි සමාජ භජනයකින් තොරව පැත්තක පාඩුවේ. ඒත් අන්තවාදී වූ අනුන් ගැන කිසිම කැක්කුමක් නැති මනෝව්‍යාධිකයන් වනාහී අනුන් ගැන කැක්කුමක් ඇතැයි රවටා ඔවුන්ගේ කැමැත්ත දිනාගන්නට සමත් වූවන්.

තමන් ගැන පමණක් කැක්කුමක් තියෙන, අනුන්ව රූකඩයන් සේ නටවන මනෝව්‍යාධිකයාට අනිත් අය කිසිවෙක් ගැන තැකීමක් නැති වුනාට ඔවුන් සියල්ලෝ ම මරා දාන්නේ නැහැ. මොකද තමන්ව උතුම් කොට සලකනු සඳහා තමාට රැවටුනු රූකඩයන් සිටිය යුතු නිසා. ස්වානුරාගී මනෝව්‍යාධිකයාට තමන් වටා එහෙයි කියන රැලක් අවශ්‍ය්‍යි. ඒ රැලේ නායකයා තමන් බව මතක් කරන්නට නිතර පාහේ ඔවුන් රූකඩ සේ හසුරන්නට ද අවශ්‍යයි. එහෙම නටවන්න බැරි අයව රැලෙන් පන්නා දමනවා.

මිනිස් ස්වභාවයන් එසේ වෙද්දී, සාමාන්‍ය මිනිසාට මේ මනෝව්‍යාධිකයන් පහසුවෙන් හඳුනාගන්නට අපහසු ඇයි කියන ගැටළුව පැන නඟිනවා. ඒ මනෝව්‍යාධිකත්වයන් තුල වූ අනුන් රවටන දක්ෂතාවය නිසා පමණින් නොවේ. ඒ සාමාන්‍ය මිනිස් මොළයේ ද අන්ත දෙක ගැන හැඟීම් ඇති නිසා. පරාර්ථකාමයේ අන්තය ගැන නොදත්තාට සාමාන්‍ය මොළයට පරාර්ථකාමය යනු කුමක් දැයි වටහා ගන්නට හැකි මොළයක් තියෙනවා. අන්ත ආත්මාර්ථකාමය නොදත්තාට ඒ කුමන බඳු විය හැකිදැයි වටහා ගන්නට හැකි මොළයක් තියෙනවා. ඒ කොහොම ද? අපිට සිහින මවන්නට හැකියාවක් ඇති නිසා. එනම්, අපි නොකරන දේවල් ගැන හිතන්න පුළුවන් හැකියාවෙන් යුතු වූ මොළයක් ඇති නිසා.

ස්ටැන්ලි මිල්ග්‍රම්ගේ පර්යේෂණය ඔප්පු කළේ බොහෝ පිරිසකට අනුන්ට වදහිංසා කරන සිතක් යම් ප්‍රමාණයකින් ඇතැයි කියා. මේ අධ්‍යයනය සඳහා, විද්‍යාගාරයක් වැනි තැනකට පර්යේෂණයට සහභාගී වූ අයව කැඳවනවා. එහි දී හරියට උත්තර දුන්නේ නැති අයට විදුලි සැරයක් වදින්නට හදා ඇතැයි කියා, එය ගහන්නට ඔබන බොත්තම ඔවුන්ට පෙන්වා දෙනවා.

විදුලි සැරයට ලක්වෙන්නා වෙතින් අහන ප්‍රශ්න හෝ දෙන උත්තර හරි දැයි වැරදි දැයි තීරණය කරන්නට විදුලි සැරය දෙන අයට අවස්ථාවක් නැහැ. විදුලි සැරය ගහන අයගේ කාර්යය වෙන කෙනෙක් ප්‍රශ්නයක් අසා, ලැබුනේ වැරදි උත්තරයයි, “දැන් ෂොක් එක දෙන්න” කිව්වා ම බොත්තමක් එබීම පමණයි.

පර්යේෂණය සිදු වෙද්දී වැඩි වැඩියෙන් දරුණු වේදනා ඇතිවන ප්‍රමාණයකින් විදුලි සැරයක් දෙන්නට ඔවුන්ට නියම ලැබෙනවා. එය වැදෙනා සේ රඟ පෑ අය නඟනා වේදනා හඬ හා කියන මැසිවිලි අනිත් කාමරයෙන් ඇහුනත්, තමන් ඒ වැඩේට කැමති දැයි ඇසුවාම ‘අපොයි නැහැ කැමති නැහැ’ යැයි විදුලි සැර දෙන බොත්තම් ඔබන අය කිව්වත්, ඔවුන් “අවදානමයි: දරාගත නොහැකි ෂොක් එකක්” දක්වා ම බොත්තම් ඔබමින් පර්යේෂණයේ යෙදී සිටියා.

පර්යේෂණයට භාජනය වූ පුද්ගලයන් තමන්ව මුලාකරගෙන සිටියේ එසේ විදුලි සැර ගහන තීරණය තමන්ගේ නොවේ කියා. තමන් කරන්නේ ඉහළින් එන අණක් ක්‍රියාත්මක කිරීම පමණ යැයි කියා. ඉහළින් අණ දුන් අයට එසේ මිනිස්සුන්ට විදුලි සැර ගහන්න කිසිම සාමජයීය, නීතිමය, ආචාර ධාර්මික වූ අධිකාරියක් (authority) නැති බව ඒ බොත්තම් ඔබපු ඒකීය පුද්ගලයන් දැන සිටියා.

මෙහි දී ඒ බොත්තම ඔබන්නේ නැතිව පර්යේෂණයට සහභාගී නොවී එතැනින් පිටත් වී යන්න අවසරය තිබුණත් එහෙම යන අය වැඩිය සිටියේ නැහැ.

මේ පර්යේෂණය ඔප්පු කළේ සමාජයේ හොඳ මිනිසා යැයි සැලකෙන්නා ද වෙනස් වූ වාතාවරණයක දී වෙනස් විදියකට හැසිරෙන ආකාරය. අධිකාරියක් දෙන නියෝගයක දී, එය විමසා බැලීමෙන් තොරව, එවැනි නියෝගයක් දෙන්නට අධිකාරියට බලයක් ඇත්දැයි නොවිමසා, ඒ ක්‍රියාවට සහභාගී වීම.

ප්‍රශ්න අහන්නේ නැතිව ඉහළින් එන නියෝගයකට කීකරු වීමට අපිව හදලා තියෙන්නේ අපේ දෙමාපියන් අපේ ම ආරක්ෂාවට!!!!

ස්ටැන්ලි මිල්ග්‍රම් මේ පර්යේෂණය පවත්වන්නේ 1961 ජෙරුසෙලමේ දී. නාට්සි ජර්මනියේ ඇඩොල්ෆ් අයික්මාන් නැමති වූ යුද අපරාධකරුවාගේ නඩු විභාගය පටන් ගෙන මාස තුනක් ගතවෙද්දී. අයික්මාන්ගේ අපරාධ වලට සහාය දුන් අයට තිබියේ ද අයික්මාන්ට තිබුනා හා සමාන වූ එකම අරමුණ ද යන්න විමසා බැලීමක් තමයි මිල්ග්‍රම් පර්යේෂණයේ අරමුණ වූයේ. සහාය දුන් අයට තිබුනේ, තම දැඩි ආචාර ධාර්මික වූ විශ්වාසයන් බිඳී යද්දී, “ඉහළින් ආපු නිසා” අනුන් ගැන කැක්කුමක් නැති අණක් ක්‍රියාත්මක කළා පමණක් දැයි විමසන්නට ය.

තවත් අධ්‍ය්‍යනයක් ඒ හා සමඟින් සිදු විය. ඒ ජර්මන් රහස් පොලීසියේ නිලධාරීන්ගේ පසුබිම් විස්තර සොයා බැලීමයි. නාට්සි ඝාතක කඳවුරු වල මිනිස් ඝාතන සඳහා සහභාගී වූවන්ගේ ළමා කාලයන් දිහා බලද්දී ඒවා සමාජ විරෝධී වූ හැදියාවන් වලින් ගහණ වූ බව සොයා ගැනුනි. එහෙත් නාට්සි ජර්මනියට පෙර කාලයේ ඒ නිලධාරීන් නීතියට අනුකූලව ජීවත් වූහ. නාට්සි ජර්මනියේ දී ඉහළින් එන අණ ක්‍රියාත්මක කරන්නට කුරිරු ලෙසින් කටයුතු කරන ලදහ. ඔවුන්ව අල්ලා දුන් දඬුවම් විඳි පසුව නැවතත් නීතියට අනුකූලව හැසිරුනහ.

මනෝව්‍යාධිකයාට රැවටෙන්නා එසේ වුවත් මනෝව්‍යාධිකයාව එසේ වෙනස් කරන්නට බැරි ය.

පර්යේෂණයෙන් පෙන්වා දෙන්නේ සියයෙන් එකෙක් මාරයෙක්/සාතන් වෙද්දී, හැම මිනිසෙක් තුල ම මාරයෙක්/සාතන් කෙනෙක් වාසය කරන බවයි. එසේම ඉහළින් එන අණ තමන් විසින් “නීති විරෝධී” යැයි දත්තා වුව ද, එය කරන්නට යැයි නියම වෙද්දී, ඊට වැඩි අකමැත්තක් නැතිව බහුතරයා සහභාගී වන බවයි. නමුත්, “ඉහළ අණ” දෙන අය තරම් කුරිරු වූවන්, එනම් තමන් විසින් වදහිංසාවට අණ දෙන්නට හැකියාව ඇත්තේ මනෝව්‍යාධික ස්වල්පයකට බවයි.

නරක මිනිස්සු කරන්නේ හොඳ මිනිස්සු සිහින මවනා දේවල් වූවාට සැබැවින් ම නරක වූවක් තනිවම හිතන්නට අපහසු අය ලොව වැඩියි. සැබැවින්ම කුරිරු වූවක් හිතන මිනිසා මෘගයෙක් සේ හැසිරෙයි. එහෙත් විෂකුරු මෘගයා ඉහළ සමාජ තත්වයක -දෙමාපියන්, වැඩිහිටියන්, ගුරුවරු, පූජ්‍ය පක්ෂ්‍ය, දේශපාලනඥයන් ඇතුළු සියළු වෘත්තීන් හි වේ නම් මෘගයාට කීකරු වෙන්නට මුලාවෙන් අන්ධ වූ හොඳ මිනිස්සු පෙළඹෙති.

දැන් මෙහි අනිත් පැත්ත, එනම් අනුන් ගැන කැක්කුමක් ඇති මිනිසුන් ඉහළින් එන අණ අනුව තමන්ගේ වස්තු දන් දෙන්නේ කොහොම දැයි කියා පර්යේෂණයක් ද පැවැත්විණ. ඒ “ultimate game” එක ගැන ඊ ළඟ සටහනින් කියන්නම්.

Advertisements

15 Responses

Subscribe to comments with RSS.

  1. W.A. Wijewardena said, on මැයි 9, 2012 at 10:25 පෙ.ව.

    Another good report by Aruni.
    Human brain is the most complex creation by nature and so far no one has been able to map it completely. What we know about human beings is still incomplete and day by day, we gather new evidence. With each new evidence, we reject what we had learned earlier and come up with new theories about the brain’s wonderful creations. Good that Aruni has opened this hitherto unexplored field for discussion by readers.

  2. ano mya said, on මැයි 9, 2012 at 12:19 ප.ව.

    //hee hee wihiluwak kale//

    ඉතිරිය කපා දැම්මා.

    වැරදි වැඩක් හොඳ හිතකින් කළත් ඒක අවසානයේ වැරදි වැඩක්. අනුන්ගේ අනන්‍යතාවය යොදා එහෙම කරන එක වැරදියි. මීට පස්සෙ එහෙම කරන්න එපා.

    ගයාන් මල්ලිට එදා කියපු දේ කෙනෙකුට මතක තියේවි කියලා නම් හිතුවේ නැහැ. ස්තූතියි එදා ඒ පිළිතුර වටහාගත්තාට.

    ඒත් ඉතින් ගයාන්ට කියූ දේ ම තමයි ඔයාට කියන්නෙත්. මගේ ෆයිට් මම ගහ ගන්නම් 😀 -අරුණි

  3. දූපත් වැසියා said, on මැයි 9, 2012 at 1:48 ප.ව.

    ලිපිය නම් හොදයි. මට නම් හැමදාමත් ඔබගේ ලිපිවල ඉගනගන්න යමක් තියනවා. නමුත් ඔබට පොඩ්ඩක් බටහිරට බර ඇහැක් තියෙන්නේ.
    පරාර්ථකාමයට මිනිසා බර විය යුතුයි කියා මුලාවෙන් අන්ධ වූවන් ඉහළින් වර්ණනා කළත්, අනුන්ට ඇති කරුණාවෙන් තමන්ට හිරිහැරයක් වෙද්දී පරාර්ථකාමය ඉබේම නතර වෙනවා.// : ඔබගේ අදහස “පරාර්ථකාමයට මිනිසා බර විය යුතුයි” යන්න මුලාවෙන් අන්ධ වීමක්ද???

    • රාජ් said, on මැයි 10, 2012 at 1:16 පෙ.ව.

      මාත් අරුණිගෙන් උගත් දේ බොහෙමයි. බටහිරට බරයි කියල මටත් හිතුනවෙලාවල් තියනව. ඒත් අපි හැම කෙනෙක්ම කුමන හෝ පැත්තකට බරයි.

    • arunishapiro said, on මැයි 10, 2012 at 10:04 පෙ.ව.

      දූපත් වැසියා, රාජ්,

      ඉතාමත් ස්තූතියි. දෙන්නාටම. හැමදාම නැතත් ඉඳහිටක වත් ඉගෙන ගන්න යමක් ඇත්නම් ඒ ඇති.

      //නමුත් ඔබට පොඩ්ඩක් බටහිරට බර ඇහැක් තියෙන්නේ// ඔව් ඒකාන්තයෙන් ම. ඒක මේ සටහන් ලියන්න පටන් ගත් දවසේ සිට මේ දක්වා එහෙම නැහැයි මම කියූ තැනක් පෙන්වන්න!!!! මා කාලාන්තරයක් තිස්සේ දන්නා අය අතරේ හා හමු වී කතාබස් කර අය අතරේ “අනේ නැහැ, මම බටහිරට බර කෙනෙක් නෙමෙයි” කියා මම කියූ බව ඇසුවෙක් සොයා දෙන්න!!!!

      ඉතින් කියා නැති හෝ අඟවා හෝ නැති දෙයක් කියූ දෙයක් යැයි අඟවා ඇති වූවක් යැයි සලකා ඇයි මේ තරම් අවලාද?!!!

      තම තමන් කැමති කැමති මුලාවන් හි ගැලී ඉන්නට ආශා ඇති අය සටහන් කියවන්නේ ඔවුන්ගේ පසුබිමෙන්. ඒකට ඒ ගැන වැරැද්දක් ඔවුන්ට කියන්නට බැහැ. මිනිස් ස්වභාවය සහ ලෝක ස්වභාවයේ හැටි ඒක.

      මගේ මොළය කෙළින් ම ඔයාගේ මොළයට සම්බන්ධ කර අර විද්‍යා ප්‍රබන්ධයක වාගේ මගේ දැනුම, අත්දැකීම් හා වැරදීම් තුලින් ඉගෙන ගත් පාඩම් සියල්ල ක්ෂණයෙකින් ඔබ හා බෙදා ගන්නට හැකිනම් මා හිතන හැටි ඔබටත් වැටහේවි. හැබැයි එහෙම විදියක් නැති නිසා 😀 ඉතින් මෙහෙම ලියලා තමයි අපිට අදහස් බෙදා ගන්න වෙන්නෙ!!! පටන් ගත් දිනයේ පටන් මා දැමූ සටහන් තුලින් දූපත්වැසියාගේ “දැක්ම” නිවැරදි බව පෙන්වන්නට උත්සාහයක් ගන්නම්.

      ක්‍රි. පූ. 400 ගණන් වලට වසර 80 කට පෙර ඉපදිච්ච ගෞතම බුදුන් “මනෝ පුබ්බංගමා ධම්මා” කියලා එතෙක් ලොව කිසිවෙක් අසා නැති දර්ශනයක් ලොවට කියා දුන්නා. ගෞතම බුදුන්ගේ වදන් කට වචනින් ගෙනැවිත් ලේඛනගත කෙරෙන්නේ වසර 400 කට විතර පස්සෙ. අද බුද්ධ දර්ශනය දන්න අය බොහොම හිඟයි.

      ක්‍රි. පූ. 400 දී ක්සෙනෆන් (Xenophon) ලියනවා මෙහෙම: “මිනිහෙකුට වත්කම නැතත් අර්ථ ශාස්ත්‍රය නමින් වූවක් තියෙනවා,” (even if a man happens to have no wealth, there is such a thing as a science of economics.” -Xenophon, Oeonomicus, 2.12 මෙහි දී අර්ථ ශාස්ත්‍රය කියා හැඳින්වූයේ ගෙදර දොර කළමනාකරණයයි. ග්‍රීක බසින් oikonomia; oikos ගෙදර දොර, පවුල යන්නත් එම බසින් nomos නම් නීති රීතින් යන්නත් අර්ථ දැක්වෙන්නෙ. අද ග්‍රීසිය බංකොළොත් වුනත් ග්‍රීක මිනිස්සුන්ට අර්ථ ශාස්ත්‍රය කියා යමක් තියන බව අත්හැර දමන්න බැහැ. අද අර්ථ ශාස්ත්‍රය දන්න අය බොහොම හිඟයි.

      1776 දී ඇමෙරිකන් ව්‍යවස්ථාව ලෝකයට බිහිවෙන්නේ ප්‍රජා පීඩකයන් ගෙන් ගැලවෙන ලෝකයේ පළමු ආණ්ඩු ක්‍රමය හැටියට. ඇමෙරිකන් ව්‍යවස්ථාවේ සඳහන් වන වචනයක් තමයි ප්‍රජා පීඩකයා නොහොත් “tyrant” යන්න. අද විවිධ ක්ෂේත්‍රයන් හි ඉන්නා ප්‍රජාපීඩකයන් යනු කවුරුන් ද යන්න දන්න අය ලෝකයේ විතරක් නෙමෙයි ඇමෙරිකාවේ ද බොහොම හිඟයි.

      1776 දී ඇඩම් ස්මිත් නැමති අර්ථ ශාස්ත්‍රඥයා ජාතීන්ගේ වත්කම් (The Wealth of Nations) නැමති පොත ලියනවා. හයෙක් සහ කේන්ස් දෙදෙනා අතර වූ අර්ථ ශාස්ත්‍ර විවාදයන්හි ලොව බොහොමය ඇදී ගියේ කේන්ස්යියානු මතවාදයට. 1930 ගණන් වල දී කේන්සියානුවාදය වැරදි යැයි හයෙක් විසින් ඔප්පු කර පෙන්වා දුන්නත්, අද ඇමෙරිකන් ජනාධිපති බරක් ඔබාමාත් ප්‍රජාපීඩකයෙක් වෙන්නට යොදාගන්නේ එයයි. ඒ මුලාව ගැන ලෝකයේ ම පහදා ගන්නට දන්නා අය බොහොම හිඟයි.

      ලෝකයා හැමදාම මුහුණ දෙන්නේ ප්‍රජා පීඩකයන් වෙතින් ගැලවෙන්න අවධානයෙන් සිටිය යුතු ලෝකයක. ඒ දැවැන්ත අර්බූදය ඉදිරියේ නොයෙක් කාල වකවානු වල මිනිසා ඊට පාදක වූ හේතු සොයනවා. වැඩවසම් යුගයේ ප්‍රජා පීඩකයා කවුදැයි හඳුනාගත්තා යැයි සිතුවා. ඒ ඔටුනු පැළඳි ලෝකයත්, මුල්‍ය අයිති ධනවතුන් බවත් කියා මිනිසා රැවටිච්ච මුලාව ගැන පහදා ගන්නට දන්නා අය තවමත් බොහොම හිඟයි. අද බහුතරයා තවමත් තෝරා බේරා ගන්නට බැරිව සිටිනවා. කවුරු හෝ ඔවුන්ව මුලා කරන බව පමණක් දන්නවා. ‘අපිට එරෙහි ඔවුන්’ කියා සමාජය බෙදන්න හදන අයට රැවටිලා බහුතරයා මුලාවෙන්නේ ප්‍රජාපීඩකයන්ට බව තවමත් දන්නා අය බොහොම හිඟයි.

      1851 දී චාර්ල්ස් ඩාවින් කවටි හා බෙල්ලන් දිහා බලමින් පරිනාමවාදය ලොවට ඉදිරිපත් කරන්න ලැහැස්ති වෙනවා. චාර්ල්ස් ඩිකන්ස් ලොව සුප්‍රසිද්ධ වන ඩේවිඩ් කොපර්ෆීල්ඩ් පොත ප්‍රකාශනය කරලා. ජෝසප් බසල්ගෙට් නැමති බ්‍රිතාන්‍ය සිවිල් ඉංජිනේරුවා ලන්ඩන් හි පල්ද්‍යෝරු නල මාර්ග පද්ධතියක් (sewage system) නිර්මාණය කරනවා; ලන්ඩන් වල සෝහෝ පැත්තෙහි ජීවත්වෙන කාල් මාක්ස් රජවරුන් හා ධනපතියන් පෙරළන්නට පොතක් ලියන්න පටන් ගන්නවා. ඊට පොත ලියා අවසන් කෙරෙන්නේ තව වසර 16 කට පස්සෙ. කාල් මාක්ස් ලියූ ඒ පොත ලියන්න හිතන්නත් කළින් 1776 දී ඇමෙරිකන් ව්‍යවස්ථාවේ පදනම නිසා ලෝකයේ ම මිනිස් අයිතීන් අද දක්වා ම සුරැකෙන හැටි දන්නා අය ලෝකයේ බොහොම හිඟයි. බටහිර රටවලත් බාගයක් විතර ඇමෙරිකන් ව්‍යවස්ථාව වටහා ගත් අය, ඉතිරි බාගයක් දන්නෙ නැහැ. ඇමෙරිකන් ජනාධිපති හා ජනාධිපති හා තරඟ කරන්නට එන මිට් රොම්නිත් රටේ ව්‍යවස්ථාව දන්නෙ නැහැ.

      ධනවාදයට බැන බැන හිටිය කොමියුනිස්ට් චීනයේ //1974 දී එක්සත් ජාතීන්ගේ සම්මේලනයට යන්න සූදානම් වූ Deng Xiaoping සමන්විත දූත පිරිස ගමන යෑම අත්හැර දමන්නට ද ඔන්න මෙන්න වූ ආර්ථික වාතාවරණයක පසුවිය. චීන බැංකුවේ -සියලුම බැංකුවල- දූත පිරිසට ගුවන් ගමන් ටිකට් පත් ගන්නට වත් ප්‍රමාණවත් මුදලක් නොතිබිණ. 1978 වෙද්දී චීනයේ ඉතිරි වූයේ People’s Bank බැංකුව පමණි. එහි වූයේ 80 ක් සේවකයන් ය. එය මුදල් අමාත්‍යාංශය යටතේ විය.// සිද්ධියෙන් පසුව තමයි අනුන්ට බනින එක පැත්තකට දාලා අද චීනය තමන්ගෙ ආර්ථිකය ගොඩනඟන්න වෙහෙසන්නෙ.

      සෝවියට් අධිරාජ්‍ය, හැබැයි කවුරුත් රට රටවල් බලහත්කාරයෙන් ඇනෙක්ස් කරගෙන ඒවායේ පුරවැසියන් මරා දාපු එක වැරදි කියලා කියන්නෙ නැහැ, කිසිම දිනයෙක අධිරාජ්‍යයක් නොවුනු ඇමෙරිකාව තමයි අධිරාජ්‍යවාදී කියලා බහුතර ලෝකය සලකන්නෙ. ඉතින් 1922 සිට 1991 දක්වා වසර 69 ක් බලහත්කාරයෙන් පදිංචි වී සිටි රටවල ආර්ථිකයන් බංකොළොත් වී සෝවියට් අධිරාජ්‍ය කඩාවැටෙද්දී ඔවුන් ඒත් ධනවාදයේ පදනම කුමක් දැයි 1776 ඇමෙරිකන් ව්‍යවස්ථාව කුමක් දැයි වටහා ගන්නට සමත් වෙන්නෙ නැහැ. ඇමෙරිකාවේ ඉන්න බාගයකට බැරි නම් එයාලගෙ නොහැකියාවට වැරැද්දක් කියන්නත් බැහැ.

      එක්සත් නොවූ රටක් එක්සත් වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීයා පළවා හරින්නට: ඒ ඉන්දියාව. පළවා හැරි ඉන්දියාව බටහිර ට බැන වදිමින් සිටි කාලය අවසන් වී ඇතැයි කිසිවෙකුට පෙනෙනවා ද?!!! මිනිස් ස්වභාවය වෙනස් කරන්නට ගත් වෑයම් සියල්ල ලෝකයේ අසාර්ථක වූවා. ලෝකය ම බංකොළොත් වූවත් අර්ථ ශාස්ත්‍රය කියා දෙයක් තියනවා!!! මිනිසාට තමන් ගැන දැනගන්නටත්, ලෝකය ගැන දැනගන්නටත් උවමනාවක් ස්වභාවයෙන් ම මොළයේ පිහිටා තියෙනවා. ඒ නිසා අද ඉන්දියාවේ සමහර අයත් පුද්ගල අයිතීන් රැකීමේ හා ධනවාදයෙන් දියුණු වීම, අල්ලස් දූෂණ වලින් ගැලවීමෙන් පමණයි ඉදිරියේ දී තම රටේ බිලියන ගණනාවකගේ ජීවිත රැක ගන්නට හැකිවෙන්නේ යැයි වටහා ගෙන තියනවා. ඔවුන් ද බටහිරට බැන වදින එක නවත්තලා තමන් වෙහෙසෙන්න පටන් අරගෙන.

      සම්පූර්ණ බලය සම්පූර්ණ දූෂිතයෙක් බිහි කරයි” යන්න වටහා ගෙන ඉන්න පිරිස තවමත් ලොව අල්පයයි. ඇමෙරිකාවේ “99%” කියා ගත්තවුන්, ස්පාඤ්ඤයේ පෙලපාලි යන්නවුන්, ග්‍රීසියේ වර්ජන .. යනාදී තුලින් දැකගන්නට හැකියාව ලැබෙන්නේ මිනිසා මේ අවුල් ලිහා ගන්නට දරනා කදිම උත්සාහයයි. වැරැද්දක් ඇති බව දත්තත් වැරැද්ද ඇත්තේ කොතැනක දැයි නොදැනීම.

      මිනිස් ස්වභාවය වෙනස් කරන්න බැහැ. ගෞතම බුදුන් ක්‍රි. පූ. 400 ගණන් වලට වසර 80 කට පෙර කියූ දේ අදත් සත්‍ය්‍යක්.

      ක්‍රි. පූ. 400 දී ක්සෙනෆොන් කියූ දේ අදත් සත්‍ය්‍යක්.

      1776 දී ඇමෙරිකන් ව්‍යවස්ථාවෙන් ලෝකයට ලැබෙන්නෙ, මිනිස් ස්වභාවය හා අර්ථ ශාස්ත්‍ර සත්‍යය තුලින් බිහි වූ මිනිස් සංහතියේ ආරක්ෂාවට හා පැවැත්මට විධි ක්‍රමයක්.

      1851 දී චාර්ල්ස් ඩාවින් ඒ සතයයන් ඔප්පු කරන්නට සාධක හොයද්දී, චාල්ස් ඩිකන්ස් ඒ සත්‍ය්‍යන් පිළිබිඹු කරන පොත් ලියද්දී, ජෝසප් බසල්ගේට් ඒ සත්‍ය්‍යන් ඔප්පු කර පෙන්වද්දී, 2012 වෙනකොට තවමත් ලෝකයා, කිසිවකුටත් සාධක පෙන්වා ඔප්පු කරන්නට බැරි කාල් මාක්ස් මතවාදයේ හා කෙන්සියානුවාදයක හිරවෙලා ඉන්නවා.

      ඉතින් මම බටහිර ට බර වූව යම් වැරැද්දක් යැයි හිතනවා නම්, ඉහත සබැඳියන් සියල්ල කියැවූ පසු තවමත්, එහෙම නම් ඉහත කියූ කිසිවකින් මම අදහස් කරන්න හදන්න කියවන්නාට වැටහී නැහැ!!!!!

      //ඔබගේ අදහස “පරාර්ථකාමයට මිනිසා බර විය යුතුයි” යන්න මුලාවෙන් අන්ධ වීමක්ද???// ඔව්, පරාර්ථකාමයට මිනිසා බර විය යුතු යැයි කියන්න අවශ්‍ය නැති නිසා. ඒක ස්වභාවයෙන් ම නිරෝගි මිනිසා තුලින් ඉවත් කළ නොහැකි තත්වයක්. ඒකට බර වෙන්න යැයි කියනා අයෙක් ඉන්නවා නම් එයා යම් මුලාවකින් අන්ධ වූ අයෙක්. ඒකට බර වෙන්න හෝ එයින් ඈත් වෙන්න උවමනාවක් ඇති පමණින් නිරෝගි මොළයක් ඇති මිනිසෙකුට කරන්න බැරි දෙයක්. හරියට ඉහළින් පැහැදිලි කර ඇති “ඔබ පොඩ්ඩක් බටහිරට බර” යන්න වගේ මුලාවෙන් අන්ධ වී කරන අවලාදයක්. එය ස්වභාවය නම්, හැකියාව ඇත්තේ ඊට පමණක් නම්, සියළු සුභ සිද්ධීන් මිනිසාට වනුයේ එයින් පමණක් නම්, ලොව ජයගන්නට ඇත්තේ එකම එක ක්‍රම විධියක් නම්, එය වටහා ගන්නට වෙහෙසනවාට වඩා එය කියන්නාගේ නැති වරදක් ගැන කොනක් අල්ලා ගන්නා මුලාවක්. ඊ ළඟ සටහනින් මෙය තව දුරටත් පැහැදිලි කරන්න උත්සාහයක් ගන්නවා. ගෞතම බුදුන් කියා දුන්නේ මිනිස් සිත වැඩ කරන හැටි. පරාර්ථකාමී හො ආත්මාර්ථකාමී ගැන බුදු වදන් ඉතා පැහැදිලියි. ඒත් මුලාවෙන් ලෝකය අන්ධ කරමින්, පැති බෙදා වෙන් කරගෙන මිනිසුන්ව රූකඩ සේ නටවන මනෝව්‍යාධිකයන් නිසා අපි බටහිර විසින් ඔප්පු කර ඇති බුදු වදන් දකින්නේ නැහැ.

  4. buddie-බුඩී said, on මැයි 9, 2012 at 10:37 ප.ව.

    //අනුන්ට ඇති කරුණාවෙන් තමන්ට හිරිහැරයක් වෙද්දී පරාර්ථකාමය ඉබේම නතර වෙනවා.// වදින්න ගිය දේවලේ ඉහේ කඩන් වැටුනමද?

    • arunishapiro said, on මැයි 10, 2012 at 10:19 ප.ව.

      buddie-බුඩී,

      ඒ වගේ සීන් එකක් තමයි. සමහර දේවල් මිනිස් සතාට කරන්නත් බැහැ රිදෙන වේදනාව ස්වභාවයෙන් ම නැති කරන මෙහෙයුම් පද්ධතියක් මොළයේ නොතිබෙන්න. මේ ගැන ඉදිරියේ දී තව විස්තර කරන්නම්.

  5. චන්ද්‍රිකා රණවක said, on මැයි 10, 2012 at 12:02 පෙ.ව.

    මහ කමකට නැති පිස්සු ලිපියක්

  6. චන්ද්‍රිකා රණවක said, on මැයි 10, 2012 at 12:03 පෙ.ව.

    ලියන්නා ඔලුව පිස්සු

  7. lalita kumara ranawana said, on මැයි 10, 2012 at 12:37 පෙ.ව.

    meke nam barapathala gatalu thibenawa.me thaak socity eka develop une paaduwa hirihera nothaka katauthu kala aya nisa noweda?edison gowthama siddharta,gesus,sokretees, me aya pararthaya noweda kale?bulb eka hadaddee kotharam apahasa paadu windaada?lokaya golaakarai kiya jeevithayen wandi gewwe ehenam?anika,haamuduruwo,saai kalli aadiya watenne methanadee manoviyadika ganayata da?mokada awanatha nowannan ralen pannanawa

  8. රාජ් said, on මැයි 10, 2012 at 1:13 පෙ.ව.

    හොද ලිපියක්.

  9. lalita kumara ranawana said, on මැයි 10, 2012 at 2:26 පෙ.ව.

    සියලු ෙදනාම තමන් ගැන කැක්කුමකින් කටයුතු කරන්ෙන් බල්බ් ඒක හැදු ෙව්, ෙටලිෙෆාන් ඒක හැදුෙව් දර්ශන ෙසායා ගත්ෙත්, සිත ගැන අධ්‍යනය කල අය ෙම් සියලු ෙදනාම තමන්ෙග් සිතට අා සිතුවිල්ලක් තෘප්තිමත් කිරීමට කටයුතු කල අය. ඒ් සියලු ෙදනාම තමාෙග් තෘප්තිය උෙදසා මයි වැඩ කෙල්. දැනුම ෙබදා ෙදන්ෙනත් ඒ්ක සිත තුල තියාෙගන ඉන්න බැරි නිසා. ඒ්කත් තමන් ගැන කැක්කුමකින් ෙන්. බල්බ් ඒක හැදුෙව් ෙලා්කය අාෙලා්ක කරන්න හිතා ෙගනද ? ඒෙහනම් නම් අනුන් ගැන සිතන්ෙනක් ෙද්පල,පුද්ගලයින්ට හානි පමුණුවන්ෙන් නැත්ෙත් තමන්ටත් පාඩු සිදුවන නිසා. පරාර්ථකාමය අාත්මාර්ථ ෙය් පිළිඹිබුවක් මිස ෙවන කුමක්ද? කෑම පැකට් ඒකක් දුන්නාම ඒයා බැන්ෙනාත් ?

  10. නතාෂා බියන්විල said, on මැයි 10, 2012 at 2:29 පෙ.ව.

    meva kiyavana untai liyana untai amma pal pissu mata nam hitenne. meka livve angodin penala apu buviyak kiyanne attada?

  11. vishvanatha said, on මැයි 28, 2012 at 12:53 පෙ.ව.

    අරුණිගෙ පියා කළ සේවය සදා අනුස්මරණීයයි.එවැනි සේවයක් යළි කවුරු කවදා කරාවිදැයි සිතන්නටවත් බැහැ.

    • arunishapiro said, on මැයි 28, 2012 at 10:27 පෙ.ව.

      vishvanatha,

      ස්තූතියි බෙහෙවින් ම. මාත් ඔහු නිසා ස්වාධීන චින්තනයට, පීඩිතයෙක් නොවන්නට, හිතන්නට මොළය පාවිච්චි කරන හැටි උගත්තා. ඒ දෑවැද්දේ අගය කවදා වත් අඩු වෙන්නෙ නැහැ 😀


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: