අරුණි ශපීරෝ‍ වෙතින්

ස්වභාවයෙන් ම මොළය නිර්මාණය කර ඇත්තේ ත්‍යාගශීලී ධනවතුන්!!! අරුණි ශපීරෝ ගේ අඩ නිරුවත් ඡායාරූප සහිතයි!!!

Posted in Uncategorized by arunishapiro on මැයි 10, 2012

මිනිස් සතා තුල ප්‍රාජක 4 ක් ඇති බව පෙන්නුම් කරන පර්යේෂණය ultimate game. චර්යා අර්ථ ශාස්ත්‍රඥයන් විසින් නිර්මාණය කරන ලද්දකි මේ.

පර්යේෂණය සඳහා ‘යෝජනා කරන්නා’ (proposer) සහ ‘ප්‍රතිචාර දක්වන්නා’ (responder) වශයෙන් සසම්භාවී (random) දෙදෙනෙක් තෝරා ගැනෙයි. පර්යෙෂණය පවත්වන්නා විසින් ‘යෝජනා කරන්නාට’ යම් මුදල් ප්‍රමාණයක් දෙයි. එය රුපියල් දෙදාහක්, සියයේ නෝට්ටු වලින් දුන්නා යැයි කියමු. ඒ නෝට්ටු සියල්ල ‘යෝජනා කරන්නාට’ පර්යේෂකයා දෙන්නේ ‘ප්‍රතිචාර දක්වන්නාට’ පෙනෙන්නට ය.

‘යෝජනා කරන්නා’ එයින් තමන් කැමති ප්‍රමාණයක් තෝරාගෙන එය ‘ප්‍රතිචාර දක්වන්නා’ ඉදිරියේ “එක්කෝ ගන්න නැත්නම් නොගන්න” (take it or leave it) යෝජනාවක් කළ යුතුයි.

‘ප්‍රතිචාර දක්වන්නා’ ඒ යෝජනාව බාරගත්තේ නම්, එයාට දෙන්නට යෝජනා කළ මුදල් ප්‍රමාණය අයිති කරගත හැකියි. ඉතිරිය ‘යෝජනා කරන්නට’ තියාගන්නට අවසර ලැබේ.

‘ප්‍රතිචාර දක්වන්නා’ ඒ යෝජනාව බාරගත්තේ නැත්නම්, දෙන්නාට ම කිසි මුදලක් තියාගන්න අවසර නැත.

මේ සෙල්ලමේ දී මුදල් දිනාගන්නට හෝ දිනා නොගන්නට දෙදෙනාටම ලැබෙන්නේ එකම එක අවස්ථාවක් පමණි.

ඉතිරිය කියවන්නට පෙර, ඔබ ‘යෝජනා කරන්නා’ ලෙස තෝරා ගැනුන හොත් කොතරම් මුදලක් ‘ප්‍රතිචාර දක්වන්නාට’ දුන්නොත් කොතරම් මුදලක් ඔබට තබාගත හැකිදැයි තීරණය කරන යෝජනාව, ඔබ ඉදිරිපත් කරන්නේ කෙසේදැයි හිතා බලන්න!!!!

විචාරයට හැකි, ආත්මාර්ථකාමයෙන් යුතු වූ ඕනෑම පුද්ගලයෙක් යෝජනා කරන්නේ කුඩා ම වූ මුදල් ප්‍රමාණය යැයි neoclassical economic තියරියෙන් කියයි. එනම් සියයේ කොළයක් යෝජනා කර ඉතිරි සියල්ල තමන්ට තබා ගනු ඇත. මන්ද, ‘ප්‍රතිචාර දක්වන්නා’ එය ප්‍රතික්ෂේප කළහොත් ඔහුට සියයක් වත් නොලැබෙන නිසාය. කිසිම මුදලක් ලැබෙනවාට වඩා කීයක් හෝ නිකම් ලැබීමට අයෙක් එකඟ වනු ඇත.

ඒත්, මිනිස් ප්‍රාජක හතර ගැන දන්නා අය අනාවැකි කියුවේ, අ) හැකි තරම් මුදල් ප්‍රමාණයක් හිමි කරගන්නට, ඒ හා සමානව ආ) අනික් එක්කෙනා හා හොඳ ආකාරයකින් හැසිරෙන්නට හෝ අඩුගානේ ඔහු ඇ) තරහකාරයෙක් කරනොගන්නට හැකියාව ඇති මුදල් ප්‍රමාණයක් ‘යෝජනා කරන්නා’ විසින් තීරණය කරනු ඇතැයි කියාය. ඒ සියල්ල සපුරා ගත්තොත් සියළු ප්‍රාජක ඉෂ්ට කරගන්නට සමත් වෙන්නෙක් කියාය. හෑල්ලුවට ලක්කරන යෝජනාවක් කළහොත් ‘ප්‍රතිචාර දක්වන්නා’ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමෙන්, සල්ලිත් නැහැ, හිත හොඳ අයෙකුත් නැහැ, සමහර විට නැති තරහකාරයෙක් ඇතිවෙයි කියා සිතන්නට ප්‍රජාක 4 වැඩ කරන මොළයට හැකි බවයි.

දෙන්නාම දන්නවා රුපියල් දෙදාහක් කියන්නේ ඔවුන්ට බෙදාගන්නට ලැබෙන සල්ලි වාසනාවක් බව. අහඹු ලෙසින් තීරණය වෙච්ච නිසයි ‘යෝජනා කරන්නාට’ ලැබෙන්නේ පළමු පියවර ගන්නට හැකියාව. ඒත් ‘යෝජනා කරන්නා’ දන්නවා ‘ප්‍රතිචාර දක්වන්නාටත්’ ඇත්තේ තමන්ට ඇති මිනිස් ප්‍රාජක 4 ම බව. ඒ නිසා සියයේ එක කොළයක් දුන්නොත් ඒක එයාව පාච්චල් කිරීමක් සේ සලකන්නට ඉඩ ඇති බව. එයා “උඹ මට දෙන්නෙ එහෙනම් එච්චරයි ද? ඒකත් උඹ ම තියා ගනින්,” කියා දෙන්නාට ම නොලැබෙන්නට යෝජනාව පිළිනොගෙන නැඟිට යා හැකි බව. ඉතින් දෙන්නාටම නිකම් ලැබෙන සල්ලි ලබා ගන්න නම් දෙන්නාටම වාසිදායක ගණනක් තීරණය කරන්න ඕන.

මේ ultimate game පර්යේෂණය කාර්මික දියුණුව ඇති රටවල කරද්දී පෙනී ගියේ මෙහෙම: ‘යෝජනා කරන’ බහුතරය විසින් තම සම්පූර්ණ මුදල් ප්‍රමාණයෙන් 44% ක් දෙන්න යෝජනා කරපු බවයි. කිසිම ‘ප්‍රතිචාර දක්වන්නෙක්’ 20% කට වඩා අඩු යෝජනාවක් බාරගෙන නැති බවයි. කාර්මික නොවන රටවල කරද්දී දවස් දෙක තුනක වේතනයට සරිලන ප්‍රමාණයකින් මුදල් ඉදිරිපත් කෙරෙනවා. එවැනි රටවල් 15 කින් පෙනී ගියේ අඩුම යෝජනාව 26% ක් සහ වැඩිම යෝජනාව 58% ක් දක්වා සිද්ධ වූ බවයි.

පර්යේෂණයට සහභාගී වූ කිසිම රටක බහුතරයා, වැඩියෙන් ම තියාගෙන අඩුවෙන් ම දෙන්න යෝජනාව කරන්න කැමති වුනේ නැහැ.

ඒ කියන්නෙ මිනිසා ස්වභාවයෙන් ම සල්ලි වලට කෑදර වූවෙක් නොවෙයි!!!!!!

මිනිසාගේ මොළය හැදිලා තියෙන්නේ ස්වභාවයෙන් ම, බෙදා හදා ගන සතුටු වෙන්නයි. මොළය සතුටෙන් පිරෙද්දී මොළයෙන් නිෂ්පාදනය කරන ඔක්සිටෝසින් ගත පුරා දුවනවා. නියුරොලොජි සහ නියුරෝවිද්‍යාත්මක අර්ථ ශාස්ත්‍රයේ යෙදෙන Paul J. Zak, ව්‍යාපාර හා අර්ථ ශාස්ත්‍රයේ ඉන්නා Angela A. Stanton සහ Endocrinology අංශයේ Sheila Ahmadi විසින් කරන ලද තවත් පර්යේෂණයක් මෙසේ පෙන්වයි. තමන්ට පාඩු විඳගෙන අනුන්ට උදව් කිරීම මිනිස් සතාගේ සාමාන්‍ය හැදියාවක්. සාමාන්‍යයෙන් අනිකා බලාපොරොත්තු වෙනවාට වඩා වැඩියෙන් දෙන්නයි කැමති. සහානුභූතිය නිසා මේ සිද්ධ වෙනවා යැයි කීම තමයි පෙනී යන්නේ. ඔක්සිටෝසින් 40 IU (oxytocin -OT) දුන් අයත්, ප්ලේසිබෝ දුන් අයත් අතර කරන ලද ඉහත වැනි මුදල් බෙදාගන්නා පර්යේෂණයක දී OT ලැබුන අය 80% කින් ත්‍යාගශීලී බවෙන් වැඩි වූවා.

ඉතින් ධනපතියන් වැඩි වැඩියෙන් මුදල් එක්කාසු (acquire) කරගනිද්දී ඔවුන්ගේ හැකියාවන් නිසා ලැබෙනා මුදල් ලාභ වලින් මොළය සතුටින් පිරෙනා නියුරෝරසායන දුවද්දී වැඩියෙන් ත්‍යාගශීලි වනවා මිසක වැඩියෙන් තණ්හාධික වෙන්නේ නැහැ!!!!

මනෝව්‍යාධිකයන් අතින් දුවනා ආණ්ඩුවලට හේත්තු වී ජනතාවගේ ලේ උරාබොන රූකඩ තඩියන් (උකුණන්) නම් ස්වඋත්සාහයෙන් වූ ධනපතියන් නොවන බවත්, බහුතර ධනපතියන් වනාහි සිය වෙහෙසින් ධනය උපයන බිල් ගේට්ස් වැන්නෙක් සිය බූදලය ලෝක සමාජයට දෙන්නේත්, 1998 සිට මැරෙන තුරා ඇපල් කොම්පැණියෙන් ස්ටීව් ජොබ්ස් වැන්නෙක් වසරකට ඩොලරයක වේතනයක් ලැබුවේත් මන්දැයි වටහා ගන්නා අය පීඩිකයෝ කවුදැයි පීඩිතයෝ කවුදැයි වටහා ගන්නට හැකියාව ලැබුනෙකි.

නිදහස් වෙළඳපොලේ ඉල්ලුම හා සැපයුම යම් මාත්‍රාවකට හෝ තියෙනා ඇමෙරිකාවේ භාණ්ඩ හා සේවා මිල ඉහළ පහළ යනවා. ඒත් ඇමෙරිකාවේ ඉන්නේ කෑදර ධනපතියන් යැයි කියනා අනිත් රටවල බඩු මිල කවදා හෝ පහළ යන්නේ නැත්තේ ඇයි යැයි දන්නවා ද? 2000 දී සිට අද දක්වා බලද්දී, මේ ගිම්හානයේ ගුවන්යානා ටිකට්පත් මිල 20% කින් අඩුවෙලා! ඇමෙරිකාවේ තෙල් මිල ඉහළ යද්දී තෙල් ධනපතියන්ට බැන වදින මිනිස්සු හා මාධ්‍යවේදීන් මේ දිනවල තෙල් මිල බැස තිබීම ගැන නොදන්නවා වගේ ඉන්නෙ.

මනෝව්‍යාධිකයන්ට රැවටී ඉන්නා රූකඩයන් සහ තතු සොයා ළඟට ම ගෙනැවිත් දෙනවිට නොදන්නාකම නිසා නොව නොසලකා හැරීම නිසා තව දුරටත් “කාසි වාසි ඇති අය ළඟ මනුස්සකම බොහොම හිඟයි” යන මුලාවෙන් සිටින්නේ නම් ඒ එවැන්නාගේ අභාග්‍ය්‍යයි. 😦

ලෝක මට්ටමින් පෙන්වන දත්ත කියන්නේ සල්ලි වලට වඩා ඔබ්බෙන් යන්නා වූ rational self-interest එකක් මිනිස් චර්යාවට බලපාන බවයි.

බර්ලිනයේ Institute for Advance Studies හි Joseph Henrich කියන්නේ “ලෝකයේ නන් දෙස වාසය කරනා මිනිසුන් විසින් ආර්ථික ගණුදෙනු ගැන මුලාවක් කර ඇත,” කියායි.

මේ පර්යේෂණය ඔප්පු කරන්නේ ලෝකයේ වාසය කරන බහුතර ජනතාව ‘සාධාරණ’ ගණුදෙනුවක් සොයා යන්නෝ බවයි. එයට ඔවුන් පෙළඹෙන්නේ ඔවුන් සතු වූ ප්‍රාජක හතර සපුරාගන්නට වූ ස්වභාවික උවමනාවකින්.

මිනිසාට එක්කාසු (acquire) කරන්නට සිතෙනා මොළයේ පාලන මෙහෙයුම් පද්ධතියක් ස්වභාවයෙන් ලැබිලා තියෙනවා කිව්වොත්, හරි වැඩේ නේද වෙන්නෙ අර ධනවත් හැමෝම සල්ලි පස්සෙ හඹන කුහක මිනිස්සු යැයි අනුන්ව මුලාවෙන් රවටන අයට අලුත් මුලාවක් හදා ගන්න වෙනවා!!!!!

Advertisements

18 Responses

Subscribe to comments with RSS.

  1. Alchemiya said, on මැයි 10, 2012 at 12:49 ප.ව.

    දෙයියනේ ධනවාදයට කහින අරුණි අක්කා නිරුවතින් නේද ? 😉

  2. tharu22 said, on මැයි 10, 2012 at 3:55 ප.ව.

    මා දන්නා ආර්ථික විද්‍යාව අනුවනම් neoclassical economic හෝ classical economic තියරිය අනුව මිනිසා utility maximizer කෙනෙකු මිස money maximizer කෙනෙකු නොවේ. මෙය ධම්මපදයේ එන “සන්තුශ්ටිය පරම ධනය වේ” අදහස හා බොහෝ සමපාතයි. utility=money යන්න පර්යේශන ප්‍රායෝගිකත්වය (experimental practicality) සදහා භාවිතා කරන උපකල්පනයක් පමණි. ඒ නයින් ගත් කල මුලින් දක්වා ඇති පර්යේශන ප්‍රතිඵල neoclassical economic තියරිය වැරදි බව නොපෙන්වයි (සමහර අය එසේ අර්ථදක්වන්නට උත්සාහ කරන බව සැබෑය.)

    මුදල් වැඩිවන තරමට වැඩියෙන් පරිත්‍යාග කිරීමට ඇති ප්‍රවනතාව diminishing marginal utility of money යන සරල අදහස මගින්ද විග්‍රහ කල හැකි නිසා වඩා ආටෝප සහිත explanations වල වැදගත්කම ගැන සැක මතු වෙනවා.

    ස්ටීව් ජොබ්ස්ගෙ පඩිය ඩොරලයයි කියන කතාව කියවන්නා නොමග යවන්න දාපු අර්ධ සත්‍යයක්. ඔහුගේ වත්කම හා වේතනය මූලික වශයෙන් තීරණය කෙරුනේ ඇපල් සමාගමේ කොටස් ප්‍රදානයන් හරහායි. ඒක incentive alignment පිලිබද දෙයක් මිසක් “ස්ටීව් ජොබ්ස් සල්ලි ගනන් ගත්තෙ නෑ” කියන තර්කයට උදාහරණයක් නොවෙයි.

    ඒක නෙමෙයි, ඇයි මේ දැන් හැමෝම තරගෙට නිරුවත් වෙන්න දගලන්නෙ?

    • arunishapiro said, on මැයි 10, 2012 at 5:09 ප.ව.

      tharu22,

      මේ ඔබ නොදන්නා අර්ථ ශාස්ත්‍ර කොටසක්!!!!!

      Barry Clark ලියන Principles of political economy: A comparative approach (1998) අනුව Neoclassical economics dominates microeconomics, and together with Keynesian economics forms the neoclassical synthesis, which dominates mainstream economics today. මම neoclassical economics යන්න ගත්තේ ඒ විග්‍රහයෙන්. ඒ ගැන ඇහුවාට ස්තූතියි.

      කාසි වාසි සොයා යන තණ්හාධික මිනිසා නිසා (animal spirits) පිළිබඳ සමාජ රටාව ගැන තමයි neoclassical විග්‍රහයේ එන්නේ. එය ධනවාදයට බැන වදින්න පාවිච්චි කරමින් මුදල් නෙමෙයි මිනිහා තණ්හාධික කරන්නේ කියන මේ “සන්තුශ්ටිය පරම ධනය වේ”; utility maximizer ගැන කතා ඇයි? දෙපැත්තම ගන්න බැහැ. එක්කෝ මුදල් සොයා යන ධනවාදියා වැරදියි. නැත්නම් මුදල් සොයා යන ධනවාදියා වැරදි නැහැ.

      සටහනේ සබැඳියන් කියවුවහොත් ultimate game පර්යේෂණය පැහැදිලිව ම ‘මුදල්’ ගැන කරන ලද පර්යේෂණයක් බවත් ඒ හා සිද්ධ වූ මොළයේ ඔක්සිටෝසින් පර්යේෂණය ද පැහැදිලිව ම ‘මුදල්’ ගැන ම කරන ලද්දක් බවත් වැටහේවි. ඒවායේ ප්‍රතිඵල ඔප්පු කරන ලද සත්‍යයන් මිස පර්යේෂණ ප්‍රායෝගිකත්වයකට ගත්තු උපකල්පනයක් (assumption) නොවන බවත් සමහර විට වැටහේවි.

      //මුදල් වැඩිවන තරමට වැඩියෙන් පරිත්‍යාග කිරීමට ඇති ප්‍රවනතාව diminishing marginal utility of money යන සරල අදහස මගින්ද විග්‍රහ කල හැකි නිසා වඩා ආටෝප සහිත explanations වල වැදගත්කම ගැන සැක මතු වෙනවා.// ඒ නිසා ම තමයි මේ පර්යේෂණයේ දී ‘යෝජනා’ හා ‘ප්‍රතිචාර’ දක්වන දෙදෙනාට එකම එක අවස්ථාවක් පර්යේෂණයට පෙනී සිටීම සඳහා ලැබෙන්නේ. එය ලෝකයේ රට රටවල් කිහිපයක කරන ලද අධ්‍ය්‍යනයක් වන්නේත්. කිසිම ආටෝපයක් නැහැ, ඉතා සරල පර්යේෂණයකින් ඔප්පු කරන ලද මිනිස් සිතක ස්වභාවය. බෙදන්න සල්ලි ඇත්නම්, ඔයාටත් අවශ්‍ය නම්, ගිහින් අත්හදා බලන්න සත්‍යයක් ද අසත්‍යයක් ද කියා.

      //ස්ටීව් ජොබ්ස්ගෙ පඩිය ඩොරලයයි කියන කතාව කියවන්නා නොමග යවන්න දාපු අර්ධ සත්‍යයක්// නෙමෙයි එය සම්පූර්ණ සත්‍යයක්. “සත්‍ය්‍ය සහිතයි” කියවන්නට ගිහින් එහි සත්‍යය නැතිබව දකින්නට බැරි අයට මේ වගේ සම්පූර්ණ සත්‍යය කිව්වාම වටහා ගැනීම ඉතා අසීරැයි!!!!

      ඔබ නොදන්නා අර්ථ ශාස්ත්‍ර කොටස් තියෙනවා වගේ ම ඇමෙරිකන් කොම්පැණි වල දක්ෂ සේවකයන් රඳවා ගන්නට ගෙවන වේතන හා ප්‍රතිලාභ ගැනත් ඔබ නොදන්නා කොටස් ද තියෙනවා. ඇමෙරිකාවේ දක්ෂයෙක් නම්, ඇමති කෙනෙක් ගෙන් ලිපියක් හෝ ඥාතියෙක් කියන නිසා රස්සාවකට ගන්නා අයෙක් ගැන නෙමෙයි මේ කියන්නෙ, කුසලතාවයක් තියෙන කෙනෙක් ගැන, එහෙම කෙනෙක්ව තමන් දස්කම් පෙන්වන කොම්පැණිය විසින් තියා ගන්නට, ඔවුන් හා තරඟ කරන කොම්පැණියක සේවකයෙක් නොවන්නට (මොකද එක කොම්පැණියකට කැමති නැත්නම් වැඩට යන්න තව කොම්පැණි තියෙන නිසා, නැත්නම් තමන්ගෙ ම කොම්පැණියක් අරින නිසා!!) වැටුප්, බෝනස්, ගමන් වියදම්, කොම්පැණිය වෙනුවෙන් තැන් තැන් වලට ගියාම කන බොන වියදම්, හෝටල් ගාස්තු, පරිගණක, සමහර විට සූට් ගන්න සල්ලියි, ගමන් බිමන් වල දී රෙදි අපුල්ලන කුලියත් දෙනවා … යනාදියෙන් තමයි සේවය කරන්නාගේ කුසලතාවයට ගෙවන්නේ. ඒවා කවුරුත් ප්‍රදානය කරන තෑගි නෙමෙයි. කුසලතාවය ඇත්තාව කොම්පැණියේ රඳවා ගන්නට දෙන දේවල්; සාධාරණ ගෙවීම්!!!! ස්ටීව් ජොබ්ස්ලා වගේ අයට විතරක් නෙමෙයි මගෙ සුදු අප්පුහාමිටත් කොම්පැණියේ Cessna ජෙට් එකක් ලැබෙනවා කොම්පැණියෙ වැඩ වලට යන්න. ආණ්ඩුවේ වැඩකට යද්දී ආණ්ඩුව වාහනයක් එවනවා. පිටරටකින් ගෙන්වා ගනිද්දී ඒ රටෙන් ප්‍රවාහන වියදම් ගෙවනවා. ඒවත් අරගෙන ඕන නම් සේවයට වේතනයක් හැටියට සල්ලිත් ගන්න පුළුවන්. ඉතින් ස්ටීව් ජොබ්ස්ට තමන් CEO වූ ඇපල් සමාගමෙන් වාර්ෂික පඩියක් ඇතුළු ඉහත දේවල් සියල්ල ලබන්න හැකියාව තිබුණ. ඒවායෙන් එයා සමහර දේවල් ගත්තා ඒත් වාර්ෂික පඩිය සඳහා ගත්තේ ඩොලරයක් පමණයි. ඒක ඉතින් ඔයා කොච්චර නැහැයි කිව්වට ඒක ‘නැහැයි’ වෙන්නේ නැහැ. ඒක ස්ටීව් ජොබ්ස්ට වාර්ෂික පඩියක් වශයෙන් ඩොලරයකට වඩා මුදල් කන්දරාවක් ගන්නට හැකියාව තිබිය දී නොගත් බවට පැහැදිලි උදාහරණයක්.

      කොම්පැණියේ සේවය කරන්නාට බෝනස් එකක් දීම කොම්පැණියට වාසියි, පඩිය වැඩි කරනවාට වඩා. ඒක අර්ථ ශාස්ත්‍ර සත්‍ය්‍යක් ද? අසත්‍ය්‍යක් ද?!!!!

      //ඒක නෙමෙයි, ඇයි මේ දැන් හැමෝම තරගෙට නිරුවත් වෙන්න දගලන්නෙ?// අහන්න ඕනා එහෙම කරන්න දඟලන අයගෙන්.

      • tharu22 said, on මැයි 10, 2012 at 8:15 ප.ව.

        අරුණි, ඔයා පොට පටලවා ගෙන ඇති බවයි පෙනෙන්නෙ.”කාසි සොයා යන මිනිසා” සහ “වාසි සොයා යන මිනිසා” යන දෙක identical යෙදුම් නොවෙයි. පළමුවැන්නෙන් money maximiser කෙනෙක් සන්කේතවත් වන අතර දෙවැන්නෙන් සන්කේතවත් වන්නේ වඩාත් පුලුල් utility maximiser සන්කල්පයයි. බොරුවට පොත් වල නම් ඇද බාන්නෙ නැතුව මේ පොතක් මිනිසා money maximiser කෙනෙක් ලෙස නිර්වචනය කර ඇති අවස්ථාවක් පුලුවන්නම් පෙන්වන්න.

        ultimate game experiment කර ඇත්තේ මුදල් සම්බන්ධව නොවෙයි කියල මම කිව්වෙ නැහැ. මගේ තර්කය සමහර අවස්ථා වලදී opitmal utility maximising strategy එක money maximising strategy එක නොවන බවයි. ඔය කියන පර්යේශනයේ ප්‍රථිපල රදා පවතින ප්‍රධාන සාධකයක් වන්නේ “නෝට්ටු සියල්ල යෝජනා කරන්නාට පර්යේෂකයා දෙන්නේ ප්‍රතිචාර දක්වන්නාට පෙනෙන්නට” යන condition එකයි. ඔබ කියන පරිදි මුදල් බෙදා ගැනීමට කැමැත්ත දක්වන්නේ අත්‍යන්තයෙන්ම ඇති පරිත්‍යාගශීලී බව නිසා නම් ඉහත condition එක ප්‍රතිඵල වලට බලපාන්න හේතුවක් නැහැ.

        diminishing marginal utility of money තර්කය අදාලවන්නේ ඉතා ධනවතුන් ලෝස් කමක් නැතුව පරිත්‍යාග කරනවා කියල කියපු එකටයි. ඇරත් ඒක දාඩිය මහන්සියෙන් මුදල් උපයපු ධනවතුන්ට පමණක් පොදු තත්වයක් කියල අරුණි කියන්නෙ සදාම් හුසේන්, ගඩාෆි ආදීන්ගෙ ධන පරිත්‍යාග ගැන නොදන්න නිසා වෙන්න ඇති.

        //දෙපැත්තම ගන්න බැහැ. එක්කෝ මුදල් සොයා යන ධනවාදියා වැරදියි. නැත්නම් මුදල් සොයා යන ධනවාදියා වැරදි නැහැ.// ලෝකය ඔයා කියන තරම් කලු සුදු නෑ. මගේ මතයත්, neoclassical economic තියරි එක අනුවත් utlity maximising individual කියන්නේ ලෝක ස්වභාවය. ඒක හරිද වැරදිද කියල අහන එක ගුරුත්වාකර්ශනය හරිද වැරදිද කියල අහනව වගේ මෝඩ ප්‍රශ්නයක්. විවිධ පුද්ගලයන් තම තමන්ගේ utility preferences අනුව විවිධ ආකාරයට utility maximising කරමින් ඉන්නව. සමහරු දිවා රෑ නොබලා මුදල් උපයන්නේත්, සමහරු බණ භාවනා කරන්නේත්, සමහරු බ්ලොග් ලියන්නේත්, සමහරු ඒවාට කොමෙන්ට් දමන්නේත් තම තමන්ගේ utility maximise කර ගන්න තමයි. ඒක “සන්තුශ්ටිය සොයා යෑම” හෝ “වාසි සොයා යෑම” ආදී ලෙස මොන විදියට ලේබල් කලත් ප්‍රශ්නයක් නැහැ.

        ස්ටීව් ජොබ්ස්ගේ පඩිය (මුලු පඩිය. $1 fixed salary එක නොවේ) සම්බන්ධයෙන් කියන්නට ඇත්තේ ඔහුගේ personal utility preferences සහ වෙළද පොළ මගින් නිර්ණායනය කරන ලද ඔහුගේ වටිනාකම කියන සාධක දෙක මගින් තීරණය වූ equlibrium wage එකක් ඔහු ලබා ගන්නට ඇති බව පමණයි. ඔයාට සුදු අප්පුහාමිගෙ Cessna ජෙට් එක පෙනුනට ස්ටීව් ජොබ්ගෙ utility curve එක පේන්නෙ නෑනෙ.

        //කොම්පැණියේ සේවය කරන්නාට බෝනස් එකක් දීම කොම්පැණියට වාසියි, පඩිය වැඩි කරනවාට වඩා. ඒක අර්ථ ශාස්ත්‍ර සත්‍ය්‍යක් ද? අසත්‍ය්‍යක් ද?// Fixed salary සහ බෝනස් (i.e. incentive compensation) කියන දෙකේ optimal combination එක තීරණය වන්නේ සේව්‍යයා හා සේවකයාගේ අවදානම් ගැනීමේ හැකියාව (risk tolerance of employer & employee), ශ්‍රමයේ විනිවිද භාවය (observability of effort), නිශ්පාදනයේ විනිවිද භාවය (observability of output), තොරතුරු අසමතුලිතතා (information assymetries) ආදී බොහෝ සාධක වල සාමූහික ප්‍රතිඵලයක් ලෙසයි. ඒ නිසා ඒ නිසා අර්ථ ශාස්ත්‍රය අනුව සමහර අවස්ථාවල fixed salary වාසියි, සමහර අවස්ථාවල incentive compensation වාසියි, බොහෝ අවස්ථාවල මේ දෙකේ යම් සන්යෝගයක් වාසියි. පිලිතුර පැහැදිලියි කියල හිතනව.

        • arunishapiro said, on මැයි 10, 2012 at 9:53 ප.ව.

          tharu22,

          මම නෙමෙයි “පොට” පටලවා ගෙන තියෙන්නේ ඔබයි. මම “කාසි වාසි” කියද්දී ඔබයි “කාසි” සහ “වාසි” දෙකකට බෙදා ගන්නේ. පොත කියවන්න. මුළු පොතේ ම තියෙන්නෙ මේ ගැන: ධනවාදයේ අයහපත් ලක්ෂණ යැයි කියමින් ධනවාදය කුමක්දැයි ඒ ගැන ආර්ථික මතවාදයක් වර්ධනය කරන මාක්ස්වාදී නැඹුරුව ලෝකය පුරා පවතින නියෝක්ලැසිකල් අර්ථ ශාස්ත්‍ර විසින් තමයි “කාසි වාසි සොයා යන මිනිස්සු” නොහොත් කෙන්සියානුවාදයේ animal spirits වලින් යුතු වූවන් යැයි සලකන්නේ.

          ලියා ඇති දෙය, තමන්ට ඕන විදියට වෙනස් කරලා ලියාගෙන ඒකෙ වැරදි පෙන්වන එක නොදන්නා කම පෙන්වීමක්. කාල් මාක්ස් කළෙත් ඒක. ධනවාදය කුමක් දැයි නොදැන ධනවාදයේ අයපහත් ලක්ෂණ ගැන කියන්න යෑම.

          ස්වභාවයෙන් ම මිනිසා තුල ඇති බෙදා හදා ගැනීම ගැන වූ මොළයේ මෙහෙයුම් පද්ධතියක් ගැනයි මේ පර්යේෂණ්‍ය ඔප්පු කරන්නෙ. එය තෝරාගැනීම් කරද්දී මිනිසාට අනික් අය ගැන වූ ‘කැක්කුමක්’ ස්වභාවයෙන් ලබා දී තියන බව. හැමෝටම නෙමෙයි. මනෝව්‍යාධික අයට එහෙම ‘කැක්කුමක්’ නැහැ. ඒ අයට පුළුවන් අනුන්ගේ හිත් රිදවලා අනේ මම එහෙම කිව්වෙ තරහකට එහෙම නෙමෙයි කියන්න. ඒත්, අනුන් ගැන ‘කැක්කුමක්’ ස්වභාවයෙන් ම ඇති මිනිසා ඒක කියන්න පෙර ම තමන් වෙතින් කියැවෙන දෙයකින් අනිකාගේ සිත රිදෙනවා ද නැද්ද යන්න දන්නවා. වැරදිලා වත් එහෙම කියැවුනොත් ඒක ගැන තැවෙනවා. එහෙම නැති මිනිස්සු ඉතා අඩුයි. ඒ අය තමයි මනෝව්‍යාධිකයන්. එසේම මිනිසුන් අතර අනිකාට ‘කැක්කුමක්’ දක්වන තත්වය දකින්න ලැබෙන්නෙත් සාමාන්‍ය සමාජයක. ජර්මන් නාට්සිවාද පැවති වැනි පුරවැසියන්ව එකිනෙකාට එරෙහි කරවන්නට විකෘති කරන ලද සමාජයක නෙමේ. එහෙම විකෘති සමාජයක ඇත්ත කියන්නත් මිනිස්සු බයයි හිත රිදේවි කියලා. ඉතින් ඇත්ත නොකියා හිත රිදේවි කියලා බොරු කියනවා. නමුත්, සාමාන්‍ය සමාජයක දී තම කැමැත්තෙන් තෝරාගැනීම් කරන මිනිස්සු ඉන්නෙ. සාමාන්‍ය සමාජයක දී මිනිසා ස්වභාවයෙන් ම දන්නවා තමන් කියන්නෙ ඇත්ත නම් අනුන්ගෙ හිත රිදෙන්න විදියක් නැහැ කියලා. නොදන්නාකමට හිත රිදුනාට දැනගත්ත දාට එයා කිව්වෙ ඇත්තක් නේද කියලා තරහා නැතිවේවි බව.

          සාමාන්‍ය සමාජයක විනිවිදතාවයක් අවශ්‍යයි. බොරු වලින් වහගන්න අවශ්‍යතාවයක් නැහැ. තමන්ට පැහැදිලිව ම දකින්නට ලැබෙන පරිදි අනිකාට දෙන මුදල කොච්චරක් ද යන කොන්දේසිය අනිවාර්යෙන් ම බලපානවා. අනිකාට කීයක් ලැබුනා ද කියා දෙදෙනාගෙන් එක් අයෙක් දන්නේ නැත්නම් සාධාරණකමක් ගැන කෙසේ කතා කරන්න ද? සමාජවාදීන් කතා කරන්නේ සාධාරණත්වය ගැන නොවේ ද? මිනිසා ස්වභාවයෙන් ම සාධාරණයි, පරිත්‍යාගශීලීයි කිව්වාම ඇයි ඔය තරම් රිදෙන්නේ? ඒ ගැන සතුටු වෙන්න ඕනා නේද?!!!!

          //diminishing marginal utility of money තර්කය අදාලවන්නේ ඉතා ධනවතුන් ලෝස් කමක් නැතුව පරිත්‍යාග කරනවා කියල කියපු එකටයි.// මම එහෙම දෙයක් ගැන තර්ක කරලා නැහැනෙ. එහෙම දෙයක් ගැන කතා කරලත් නැහැ. ඔයා මගේ සටහනේ කියලා නැති දේවල් අරගෙන කතා කරන්නේ ඇයි?

          //ඇරත් ඒක දාඩිය මහන්සියෙන් මුදල් උපයපු ධනවතුන්ට පමණක් පොදු තත්වයක් කියල අරුණි කියන්නෙ සදාම් හුසේන්, ගඩාෆි ආදීන්ගෙ ධන පරිත්‍යාග ගැන නොදන්න නිසා වෙන්න ඇති.// අපෝ නොදන්නවා නෙමෙයි. මනෝව්‍යාධිකයන් තමන් එහෙම නොවෙයි කියා රඟපා අනිත් අයව රවටන හැටි තමයි කියාගෙන ආවේ දිගට ම සටහන් වලින්. ඒ අය මහා විශාල පරිත්‍යාගයන් කරනවා අනුන්ගේ මුදල් වලින්, අනුන්ගේ ජීවිත වලින්, අනුන්ගේ දුක් කඳුලැලි වලින්, ජනතාව රවටන්නට. ඒවාට රැවටෙන අය බොහොමයක් සිටින නිසා. බිල් ගේට්ස් හිටන් රැවටිලා ඉන්නේ සල්ලි තෑගි දුන්නාම යාළුවෝ හදාගන්න පුළුවන් කියලා. තමන් ළඟ සල්ලි තිබුණත් නැතත් ඉන්නා අයයි ‘කැක්කුමක්’ ස්වභාවයෙන් ම ඇති මිනිස්සු එකිනෙකා හා බෙදා හදාගන්නා මිත්‍රත්වය. එහෙම අය ගඩාෆිට, හුසෙන්ට හිටියා ද?!!!

          //ලෝකය ඔයා කියන තරම් කලු සුදු නෑ. මගේ මතයත්, neoclassical economic තියරි එක අනුවත් utlity maximising individual කියන්නේ ලෝක ස්වභාවය.//

          ලෝකය පැහැදිලිව කළු හා සුදුයි. ඒක හඳුනාගන්න බැරි වූවෝ මුලාවේ ඉන්නා අය. නැත්නම් නොදන්නා අය. නැත්නම් දැනගන්නට හැකි මොළයක් නැති අය -මනෝව්‍යාධිකයෝ.

          //neoclassical economic තියරි එක අනුවත් utlity maximising individual කියන්නේ ලෝක ස්වභාවය// ඒක ලෝක ස්වභාවය නෙමෙයි යැයි කිව්වෙ නැහැනෙ. ඒක ලෝක ස්වභාවය වූ පමණින් “කාසි වාසි සොයා යන ධනපතියන්” ගුණමකු කුහක වූ තණ්හාධික මිනිස්සු නොවන බව තමයි පෙන්වා දුන්නෙ.

          ආයෙත් මම ලියපු එක ඔයාට ඕන විදියට වෙනස් කරලා ලියාගෙන ඔයා වෙනස් කරලා ලියාගත්තු එක ගැන කතා කරනවා. ඕන ලේබල් එකක් ගහගෙන කතා කරන්න බැහැ. එතකොට තමයි ලෝකෙ අළුපාටට පේන්නෙ. ඔහුගේ මුළු පඩිය ඩොලරයක් තමයි. ඔහුගේ ආදායම් බදු ගෙවන පෝරමයේ ලියන්නෙත් එහෙම. පඩියෙන් ලබන ආදායම් බදු (wages income tax) වෙනස්. කොටස් වලින් හම්බ කරන ආදායමට ගෙවන බදු (investment income tax) වෙනස්. දෙකම එකක් නෙමෙයි. අර්ථ ශාස්ත්‍රය තුලින් වත් ඒ වෙනස්කම දකින්න බැරි ද?!!!

          නැහැ මම කතා කළේ fixed salary එකක් ගැන නෙමෙයි. අයෙකු ලබන පඩිය වැඩි කරනවාට වඩා බෝනස් එකක් දීම කොම්පැණියට වාසි ද අවාසි ද යන සරල ප්‍රශ්නයක් ඇහුවේ. අර්ථ ශාස්ත්‍රය පැහැදිලිව පෙන්නුම් කරන්නෙ කොම්පැණියක සේවය කරන අයෙක්ට බෝනස් එකක් දීම හැම විටම කොම්පැණියට වාසියි සේවකයාගේ පඩිය සතයකින් හෝ වැඩි කරනවාට වඩා. මේ ගැන දිග විස්තරයක් පසු දවසක ලියන්නම්. ඒකත් අර කැඩුනු ජනේලය වගේ කතාවක්. අවුල් ලිහා බේරගන්න පුළුවන් විදියට ලියන්න ඕන දෙයක්.

  3. tharu22 said, on මැයි 10, 2012 at 11:07 ප.ව.

    අනේ අරුණි, ඔයා ඔය කියවන පොත් වල “කාසි වාසි” කියල සින්හලෙන්ම ලියල තිබ්බද? එහෙම නැත්නම් ඒ සදහා යොදා ඇති ඉන්ග්‍රීසි යෙදුම ( phrase එක ) මොකක්ද කියල කියනවද?

    ඔය පර්යේශනයේ ප්‍රතිඵල utility through relative consumption කියන අදහසෙන් විස්තර කරන්න පුලුවන් කියල ඔබ දන්නවාද? (උදා. බලන්න Easrerlin 1974, Luttmer 2004) යෝජනා කරන්නා වැඩි මුදල් ප්‍රමාණයක් බෙදා ගන්නට ඉදිරිපත් වෙන්නේ එසේ නොවුනහොත් ප්‍රතිචාරකයා විසින් ඩීල් එක ප්‍රතික්ශේප කරන්නට ඉඩ ඇති බව දන්නා නිසයි. වෙනත් වචන වලින් කිව්වොත් තමාට රුපියල් 100ක් ලැබී අනිකාට 1900ක් ලැබෙනවාට වඩා දෙදෙනාටම කිසිවක් නැතිවීම තුල ප්‍රතිචාරකයා තෘප්තිමත් වන නිසා. ස්වභාවයෙන්ම බෙදා ගන්න කැමතිනම් පර්යේශකයා කිව යුත්තේ “ඔබ කැමති ගනනක් අනිකාට දෙන්න” කියල විතරයි. ප්‍රතිචාර දක්වන්නාට මුලු ඩීල් එකම කඩාකප්පල් කරන්න බලයක් දෙන්න අවශ්‍ය නැහැ. අවසාන ඩීල් එක fair වෙන්නෙ මේ කඩාකප්පල් කිරීමේ බලය නිසයි.

    Diminishing marginal utility of money තර්කය අදාල වන්නේ “ඉතින් ධනපතියන් වැඩි වැඩියෙන් මුදල් එක්කාසු (acquire) කරගනිද්දී ඔවුන්ගේ හැකියාවන් නිසා ලැබෙනා මුදල් ලාභ වලින් මොළය සතුටින් පිරෙනා නියුරෝරසායන දුවද්දී වැඩියෙන් ත්‍යාගශීලි වනවා මිසක වැඩියෙන් තණ්හාධික වෙන්නේ නැහැ!!!! ” කියපු සදහනටයි. ඒක දැම්මේ ඔබ නොවේනම් මට සමා වන්න.

    ඔබ ආදායම කියල කියන්නෙ W2 form එකේ “income from wages” කියල කියන එකට විතරක්නම්, ලෝකයෙ ආයෝජන වලින් ආදායම් උපයන කෝටිපතියො බොහෝ දෙනා අන්තිම හිගන්නු. අපිනම් අදායම කියල කියන්නෙ මුලු ආදායමටයි. Wage income සහ investment income දෙවිදියකට tax වෙන එක මේ මාතෘකාවට කොහෙත්ම අදාල නැති වෙනම කාරනයක්.

    මම මානසික ව්‍යාදීන් ගැන වැඩි දෙයක් නොදන්න නිසා ඒ ගැන මොකුත් කියන්නෙ නැහැ.

    //අර්ථ ශාස්ත්‍රය පැහැදිලිව පෙන්නුම් කරන්නෙ කොම්පැණියක සේවය කරන අයෙක්ට බෝනස් එකක් දීම හැම විටම කොම්පැණියට වාසියි සේවකයාගේ පඩිය වැඩි කරනවාට වඩා.// කියන එක ගැන ඔබගේ දිග විස්තරය දකින්න මම ඉතා ඕනෑ කමින් බලා ඉන්නව. ඒක ඉක්මනටම ලියන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව. ඒක ලියන කොට කරුනාකරල අදාල පර්යේශන වාර්තා වල citations එක්ක ලියන්න. එතකොට මම වගේ නොදන්න අයට වැඩිදුර හදාරන්න හරි පහසුයි.

    • arunishapiro said, on මැයි 11, 2012 at 7:48 පෙ.ව.

      tharu22,

      “කාසි වාසි ඇති අය ළඟ මනුස්සකම බොහොම හිඟයි” යන්න මම මේ බ්ලොග් සටහන් ලියන්න පටන් ගනිද්දී දාපු පළමු සටහන් අතරේ වූවක සිරස්තලය. ඊට සටහනේ සබැඳියක් අමුනා ඇත. එය එන්නෙ ලංකාවේ ජනප්‍රිය සිංදුවකින්. ඒක බහුතර ලෝකයා, එනම් ලෝකයේ සියළු බටහිර, නැගෙනහිර, අප්‍රිකානු, ලතින් ඇමෙරිකානු … යනාදී රටවල් වල වාසය කරන ජනතාව අතර ඇති ධනවත් අය ධනවත් වී ඇත්තේ ඔවුන් ළඟ මනුස්සකම නැති නිසා ය යන වැඩවසම් යුගයේ අදහසකින් පැතිර ගියා වූවක්. ඒක ආර්ථික ක්‍රමයට ඈඳා ගන්නේ කාල් මාක්ස් විසින්. මූල්‍ය අයිතිය ඇති ධනපතියන් කම්කරුවන්ගේ ශ්‍රමය සූරා කන මුලාවේ ගැලෙන්නේ මිනිසා ස්වභාවයෙන් ම අනුන් ගැන කැක්කුමක් නැති වූවෙක් යන අදහස විශ්වාස කිරීම නිසයි. ඒ ගැන මේ අඩවියේ මුල සිට අද දක්වා තැනින් තැන සටහන් ලියා තියෙනවා. අර්ථ ශාස්ත්‍ර අවුල් බේරා පහදා දෙන පොත් අතීතයේ හයෙක් වැනි අයත් ලියුවා. අද මා ඔබට පිළිතුර දෙමින් එකතු කළ සබැඳියේ ඇති අර්ථ ශාස්ත්‍ර පොතින් ද එය විස්තර කෙරෙනවා. ගිරව් වගේ වදන් කට පාඩම් කරගෙන වචන මාලාවක හිරවෙන්න එපා. කරුණු කාරණා එකතු කරගෙන අමුනා ගන්න මොළය පාවිච්චි කරාම මිනිසා ගැනත් ලෝකය ගැනත් වැඩියෙන් අවබෝධ වේවි.

      //යෝජනා කරන්නා වැඩි මුදල් ප්‍රමාණයක් බෙදා ගන්නට ඉදිරිපත් වෙන්නේ එසේ නොවුනහොත් ප්‍රතිචාරකයා විසින් ඩීල් එක ප්‍රතික්ශේප කරන්නට ඉඩ ඇති බව දන්නා නිසයි.//

      ඉතින් ඒක ම තමයි මම කියා ඇත්තේත් මෙහෙම:”ඉතින් දෙන්නාටම නිකම් ලැබෙන සල්ලි ලබා ගන්න නම් දෙන්නාටම වාසිදායක ගණනක් තීරණය කරන්න ඕන.” ඒක තමයි මිනිස් ස්වභාවය: ස්වභාවයෙන් ම සාධාරණ වූ හැදියාව. තමන්ට ලැබෙන ධනයක් සාධාරණ ව බෙදාගන්න ස්වභාවික වූ මිනිස් හැදියාව. ඒක පිළිගන්න අය කොහොම ද අනිත් පැත්තට හැරිලා “කාසි වාසි ඇති අය ළඟ මනුස්සකම බොහොම හිඟයි” කියලත් කියන්නේ. එක්කෝ මිනිසා ස්වභාවයෙන් ම සාධාරණයි. නැත්නම් මිනිසා ස්වභාවයෙන් ම සාධාරණ නැහැ.

      අද පවතින වැඩි මහජන මතය නොහොත් ධනපතියා ධනවත් වී ඇත්තේ සිය ධනයට ඇති තණ්හාව නිසා පමණින් යැයි සිතන අදහස ඇති, එය නිසා ආර්ථික දුවනවා යැයි හිතන අදහස් ඇති අර්ථ ශාස්ත්‍ර පාසැල් තමයි නියෝක්ලැසිකල් යටතටත්, එහි දී කෙන්සියානු අදහස් යටතටත් වැටෙන්නේ. කාල් මාක්ස්ගේ ආර්ථික ක්‍රමයට අනුව සාමූහික නිෂ්පාදනයක් මිසක් පුද්ගලික නිෂ්පාදන අයිතියක් නැති නිසා එතැන දී ධනවත් වීමට අවශ්‍ය ප්‍රේරණය හුදු සමාජයට කරන සේවය පමණක් වූවානේ. ඉතින් ඒ රටවල් වල ආර්ථික වලට වෙච්ච දේ ලෝකය ම දන්නවානේ. ඒක මෙතැනට අයිති නැහැ. මෙතැන දී කතා වෙන්නේ “විචාරයට හැකි, ආත්මාර්ථකාමයෙන් යුතු වූ ඕනෑම පුද්ගලයෙක් යෝජනා කරන්නේ කුඩා ම වූ මුදල් ප්‍රමාණය යැයි neoclassical economic තියරියෙන් කියයි. එනම් සියයේ කොළයක් යෝජනා කර ඉතිරි සියල්ල තමන්ට තබා ගනු ඇත. මන්ද, ‘ප්‍රතිචාර දක්වන්නා’ එය ප්‍රතික්ෂේප කළහොත් ඔහුට සියයක් වත් නොලැබෙන නිසාය. කිසිම මුදලක් ලැබෙනවාට වඩා කීයක් හෝ නිකම් ලැබීමට අයෙක් එකඟ වනු ඇත,” යන කොටසෙන් කියන සල්ලි ලැබෙන කෙනෙක් එයින් අනෙකා හා බෙදා ගනිද්දී සාධාරණ ව බෙදා ගන්න මොළයේ ස්වභාවික වූ උවමනාවක් ඇතැයි යන්න පෙන්වා දීමයි. එයින් නිශ්ප්‍රභා වන්නේ, ආත්මාර්ථකාමයෙන් යුතු වූ ඕනෑම පුද්ගලයෙක් අනෙකාට කුඩා ම වූ ප්‍රමාණය යෝජනා කරන්නේ නැතැයි කියා ද, අනෙකා නිකම් දුන්නත් කුඩා ම වූ ප්‍රමාණය බාරගන්නට කැමැති නැතැයි ද කියාය.

      //මම මානසික ව්‍යාදීන් ගැන වැඩි දෙයක් නොදන්න නිසා ඒ ගැන මොකුත් කියන්නෙ නැහැ.// මේ සටහන් පෙළ ලියැවෙන්නේ මනෝව්‍යාධිකත්වය පැහැදිලි කරන්නයි. පසුගිය අප්‍රේල් 23 සිට ලියාගෙන ආ සියළු සටහන් කියැවීමෙන් කැමති නම් ඔවුන් කුමන විදියක අය දැයි අදහසක් ලබාගන්න පුළුවන්. තව ඉදිරියේ දී ලියන සටහන් වලින් තව විස්තර දැන ගන්නත් පුළුවන්. ඒ අය ගැන වටහා ගැනීම අර්ථ ශාස්ත්‍රයට ඉතා වැදගත්. එතකොට මොන මිනිස්සුන්ට ද ලෝකයේ “මනුස්සකම බොහොම හිඟ” කියා වැටහෙන්නට ඉඩ තියෙනවා.

      //Diminishing marginal utility of money තර්කය අදාල වන්නේ “ඉතින් ධනපතියන් වැඩි වැඩියෙන් මුදල් එක්කාසු (acquire) කරගනිද්දී ඔවුන්ගේ හැකියාවන් නිසා ලැබෙනා මුදල් ලාභ වලින් මොළය සතුටින් පිරෙනා නියුරෝරසායන දුවද්දී වැඩියෙන් ත්‍යාගශීලි වනවා මිසක වැඩියෙන් තණ්හාධික වෙන්නේ නැහැ!!!! ” කියපු සදහනටයි. ඒක දැම්මේ ඔබ නොවේනම් මට සමා වන්න.// ඒ ටික ලියන්නේ මම. අනිත් අයෙකුගේ නමක්, පොතක් සඳහන් නැත්නම් ඉතිරි සියල්ල සටහනේ කතුවරයාගේ අදහස්. ඒ තර්කය එතැනටත් අදාල නැහැ. ඒ ගැන පැහැදිලිව තව විස්තර ඉදිරියේ ලියන්නම්.

      මුළු ආදායම කියන්නේ W2 පෝරමයක වේතන වලින් ලැබෙන ආදායමට පමණක් නෙමෙයි. ඒකනෙ කිව්වෙ වේතන ආදායම සහ තැන්පතු වලින් ලැබෙන ආදායම කියල කොටසක් දෙකක් තියන බව. ඒක පැහැදිලිව ම කතාවට අදාල වූ දෙයක් වෙන්නෙ ඔයා කාසි සහ වාසි දෙකකට බෙදා ගෙන ඒ මත පදනම් වෙච්ච තර්කයක් ගෙනා නිසයි. වේතන ආදායම යනු තම කුසලතාවයට ලැබෙන තම ආදායමයි. තැන්පතු ආදායම යනු තම තැන්පතු සඳහා අනුන් විසින් දක්වන කුසලතාවයෙන් තමන්ට කොටසක් ලැබෙන ආදායමයි. ස්ටීව් ජොබ්ස් හරියට වැඩේ කළේ නැත්නම් එයාගේ පඩිය කපන්න පුළුවන්. කොම්පැණිය හරියට වැඩ කළේ නැත්නම් කොම්පැණියේ කොටස් පහළ යනවා … ඒක ස්ටීව් ජොබ්ස්ගේ තනි කුසලතාවයක් නිසා වැඩිවෙන අඩුවෙන ආදායමක් නොවේ. ස්ටීව් ජොබ්ස් පැහැදිලිව ම තම කුසලතාවයට සරිලන කෙළින් ම ලැබිය හැකි වූ ආදායමයි අත්හරින්නේ. ඒක සත්‍යයෙන් ම “කාසි වාසි ඇති අය ළඟ මනුස්සකම බොහොම හිඟයි” නොවන බව පෙන්වන්නක්.

      ////අර්ථ ශාස්ත්‍රය පැහැදිලිව පෙන්නුම් කරන්නෙ කොම්පැණියක සේවය කරන අයෙක්ට බෝනස් එකක් දීම හැම විටම කොම්පැණියට වාසියි සේවකයාගේ පඩිය වැඩි කරනවාට වඩා.// කියන එක ගැන ඔබගේ දිග විස්තරය දකින්න මම ඉතා ඕනෑ කමින් බලා ඉන්නව. ඒක ඉක්මනටම ලියන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව. ඒක ලියන කොට කරුනාකරල අදාල පර්යේශන වාර්තා වල citations එක්ක ලියන්න. එතකොට මම වගේ නොදන්න අයට වැඩිදුර හදාරන්න හරි පහසුයි.//

      මේක උගන්වන්නේ හාවඩ් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ අංශයේ මහාචාර්යවරු උගන්වන පංති වල දී. සටහන ලියද්දී ඔවුන්ගේ නම්, ඔවුන් ලියා ඇති පොත් විස්තර දාන්නම්. මම ඇමෙරිකාවේ විශ්ව විද්‍යාල දෙකක ව්‍යපාර කළමනාකරණ ආචාර ධර්ම (business ethics) පාඨමාලා උගන්වා ඇති බවත්, අද දක්වා ඒ ගැන මගේ දැනුම වඩන්නට තොරතුරු එක්රැස් කිරීම නවතා නැති බවත්, ඉඳහිටක ආරාධනයක් ලැබුණු අවස්ථාවක දී තැන් තැන් වල ගොස් දේශන පවත්වන බවත් කියන්නේ සතුටින්. ලංකාවටත් ඇවිත් විශ්ව විද්‍යාල හා කොම්පැණි වල දේශන පවත්වා අළුත් තොරතුරු බෙදා ගත්තත්, මෑත කාලයේ දී ඊට රජයෙන් අවසර නැති නිසා කරන්නේ නැහැ.

      • tharu22 said, on මැයි 11, 2012 at 10:34 පෙ.ව.

        ඔයා “කාසි වාසි” යන යෙදුම පාවිච්චි කරල තියෙන්නෙ ජනප්‍රිය කට වහර අනුව නිසා බව පිලිගෙන තියෙන නිසා ඒක ගැන මීට වැඩිය කියන්න උවමනා නැහැ. neoclassical තියරියේ utility maximiser කෙනෙක් ගැන මිසක් money maximiser කෙනෙක් ගැන කතා නොකරන බව විතරක් නැවත අව්ධාරනය කරමි. බොහෝ අවස්ථාවල absolute consumption maximising (එනම් දල වශයෙන් money maximising) මගින් utility maximising පරමාර්ථය ඉටු වුනත් සැම විටම එය එසේ නොවන බව ආර්ථික විද්‍යාවේ පිලිගන්නවා. Luttmer 2004 පේපර් එකේ මේ සන්කල්පය ගැන කෙටි පැහැදිලිකිරීමක් තියෙනව. වෙලාවක් තිබ්බොත් කියවන්න. ඔබ ඔය ලියල තියෙන පර්යේශනයත් cooperative games ගනයට වැටෙන ඒ ආකාරයේ නිගමනයක් ඉදිරිපත් වන පර්යේශනයක්.

        සමාජවාදයේ විනාශකාරීත්වය පිලිබද ඔබ හා එකගයි. ඔබම කියා ඇති පරිදි එය මෙතනට අදාල නැහැ. සමාජවාදය විනාශකාරී බව පිලිගත් පමණින් ධනවාදය සර්ව සම්පූර්ණයැයි හැගවෙන්නේ නැහැ.

        හයෙක්ගේ ආර්ථික විද්‍යා විග්‍රහය අයත් වන්නේ Austrian School of Economics එකට බවත් එය කේන්සියානු ආර්ථික විද්‍යාවට පටහැනි බවත් ඔබ දන්නවා ඇතැයි සිතමි. ඇමරිකාව තුලත් හයෙක්ගේ ආර්ථික විද්‍යාව භාවිතා නොවන බවත් ඔබ දන්නවායැයි සිතමි. රිපබ්ලිකන් පක්ශයේ සමහර අන්ත දක්ශිනාන්ශික සහ ලිබටේරියන් කොටස් තුල (උදා. රොන් පෝල් ) හයෙක්ගේ අදහස් පිලිබද නැවුම් පිලිගැනීමක් ලැබී ඇති බවනම් පිලිගනිමි.

        මනෝව්‍යාදීන් පිලිබද ඔබට හොද දැනුමක් (මට සාපේක්ශව ) තිබෙන බව පෙනෙනව. ඒ පැහැදිලි කිරීම් වලට ස්තුතියි. නමුත් ආර්ථික විද්‍යාව ගැන ඔබේ දැනුමනම් සෑහෙන අඩු බව මගේ පුද්ගලික මතයයි.

        Diminishing marginal utility ගැන “පැහැදිලි” විස්තරේ පසුව ලියන බව කිව්ව නිසා ඒ ගැන සන්වාදය එවිට කරන්න බලාපොරොත්තු වෙනව.

        stock grants සහ stock options grants යනු “තැන්පතු අදායම්” (income on already exisiting stocks) නොවේ. stock grants, option grants යනු වාර්ශිකව කරන ප්‍රදානයන්. මේව pay package එකේ කොටසක් බව ආර්ථික විද්‍යාව ගැන undergrad background එකක් හෝ තියෙන කෙනෙක් දැන ගත යුතුයි.

        ඕනම කොම්පැනියක ලොක්කන්ගෙ තනි කුසලතාව නිසා stock price එකට වෙන බලපෑම පහල මට්ටමේ සේවකයෙකුගෙන් වෙන බලපෑමට වඩා ඉතා වැඩියි. ඒ නිසා ලොක්කන්ගෙ pay package එකේ සාපේක්ශව වැඩි ප්‍රමාණයක් stock grants, options grants ආදියෙන් සමන්විතවීම අරුමයක් නොවේ. Incentive compatible pay structures ගැන ආර්ථික විද්‍යාවේ සෑහෙන විශාල දැනුම් සම්භාරයක් ගොඩනැගිල තියෙන නිසා ඕන නම් අරුණිට ඒ ගැන කියවල තේරුම් ගන්න පුලුවන්. Jensen & Mecklingගෙ 1976 seminal paper එක හොද ආරම්භයක් වේවි.

        බෝනස් දීම “හැම විටම” කොම්පැනියට වාසියි කියල හාවඩ් එකේ මහාචාර්යවරු කිව්ව කියන කතාව කිසි ලෙස විශ්වාස කරන්න බැහැ. සමහර විට අරුණි ඒ පන්තියෙ හොද අවධානයකින් අහ ගෙන හිටියෙ නැතුව ඇති. මට අවශ්‍ය ඔය “කිව්වායැයි කියන” අයගෙ නම් හෝ ඔවුන් ලියා ඇති පොත් වල නම් නොවේ. “හැමවිටම වාසිදායක වේ” කියල පැහැදිලි කරල තියෙන පර්යේශන පත්‍රිකායි (research papers). පිටු සිය ගානක පොතක් cite කරනවනම් අඩු ගානෙ අදාල තර්කය ඉදිරිපත් කර ඇති පරිච්චේදය හෝ සදහන් කරන academic tradition එක අනුගමනය කරයි කියල බලාපොරොත්තු වෙනව.
        කෙසේ නමුත් ඔබගේ මේ ගැන දීර්ඝ ලිපිය මම බලාපොරොත්තුවෙන් ඉන්නව. බෝනස් දීම “හැම විටම” කොම්පැණියට වාසිදායක නම් ඇමරිකාව වගේ රටවල කොම්පැනිත් “හැම විටම” එසේ නොකරන්නේ ඇයි කියලත් එම දීර්ඝ විස්තරයෙන් පැහැදිලි කරයි කියලත් බලාපොරොත්තු වෙනව.

        ඔබ ඇමරිකාවෙ business ethics උගන්නපු එක ගැන අපට හරි සතුටුයි, නමුත් එයින් ඔබ ආර්ථික විද්‍යාවේදියෙක් හෝ ආර්ථික විද්‍යාව පිලිබද ප්‍රාමාණික දැනුමක් ඇති කෙනෙක් බව ගම්‍ය නොවන බව දන්නවා ඇති කියලත් හිතනව. නොදන්න ආර්ථික විද්‍යාවක් ගැන කතා කරනවට වඩා දන්න මනෝ ව්‍යාදීන් හෝ business ethics ගැන ලිව්වොත් නරකද?

        • arunishapiro said, on මැයි 11, 2012 at 11:30 පෙ.ව.

          tharu22,

          //ඔයා “කාසි වාසි” යන යෙදුම පාවිච්චි කරල තියෙන්නෙ ජනප්‍රිය කට වහර අනුව නිසා බව පිලිගෙන තියෙන නිසා//

          පිලිගෙන තියන නිසා????? ඒක හරියට උඹ ධනවාදියෙක් කියලා ධනවාදියාට බැනලා ඌ ධනවාදියෙක් බව පිළිගත්තාය කියනවාට සමානයි!!!! මමයි “කාසි වාසි ඇති අය ළඟ මනුස්සකම බොහොම හිඟයි” යන ජනප්‍රිය කටවහර පාවිච්චි කරලා, ඒ තුලින් මා ලියන දේවල් විස්තර කර, ඒ ගැන ලෝකයා දරන මතය විස්තර කර, ඒ තුලින් බිහි වී ඇති ආර්ථික හුරුව ලොව පැතිර ගියා වූවක් බව පෙන්වා දෙනකොට …. ඔයා ඇවිත් කියනවා ඒක //පිලිගෙන තියෙන නිසා// කියල!!!!!

          //neoclassical තියරියේ utility maximiser කෙනෙක් ගැන මිසක් money maximiser කෙනෙක් ගැන කතා නොකරන බව විතරක් නැවත අව්ධාරනය කරමි.//

          එහෙම කරනවා කියලා මම කියා නැහැ. මම නෙමෙයි ඔය ඉංග්‍රීසි වචන මේ සංවාදයට ගෙනෙන්නේ. ඒ ඔයා අරන් එන ලේබල්. ඒ ගැන නෙමෙයි සටහන පහදා දෙන්නේ කිව්වාට ඒක වටහා ගන්නට උත්සාහයක් නොගන්නේ ද ඔබයි.

          //සමාජවාදය විනාශකාරී බව පිලිගත් පමණින් ධනවාදය සර්ව සම්පූර්ණයැයි හැගවෙන්නේ නැහැ.//

          මම එසේ යැයි කියා ද නැහැ මේ අඩවියේ කිසිම තැනක. මනෝව්‍යාධිකත්වය ගැන නොදන්නවා සේ ම ධනවාදය ගැන දන්නා අය ද ඉන්නේ ඉතා ස්වල්පයක් බව කියා ඇති අතර, ධනවාදය විස්තර කරන සටහන් ලියා ධනවාදය සර්ව සම්පූර්ණයෙන් ම මිනිස් ස්වභාවයන් හා එකඟත්වයෙන් මිනිසාගේ දියුණුව සලසන එකම ආර්ථික ක්‍රමය බව කියා ඇත. එය යාන්තමින් හෝ ක්‍රියා කරද්දී ලෝකයේ ඕනෑම සමාජයක් ලබන දියුණුව (ආර්ථික හා අධ්‍යාත්මික වූ) එය අඩුවෙන් කෙරෙද්දී අඩු වී යන බව දකින්නට පුළුවන්.

          //හයෙක්ගේ ආර්ථික විද්‍යා විග්‍රහය අයත් වන්නේ Austrian School of Economics එකට බවත් එය කේන්සියානු ආර්ථික විද්‍යාවට පටහැනි බවත් ඔබ දන්නවා ඇතැයි සිතමි.//

          ඇයි මා දන්නා බව ඔබ නොදන්නේ?!!!! ඒ ගැන මමයි ඔබ හා මේ සටහනේ සංවාදයේ මුලින් ම සඳහන් කරන්නෙ; මා දමන මුල් ප්‍රතිචාරයේ animal spirits ගැනත් තුන්වැනි ප්‍රතිචාරයේ “අර්ථ ශාස්ත්‍ර අවුල් බේරා පහදා දෙන පොත් අතීතයේ හයෙක් වැනි අයත් ලියුවා.” යැයි හයෙක් ගැන ඇති සඳහනෙන් කියැවෙන්නේ මා හයෙක් ගැන හා කේන්ස් ගැන දන්නා බව නොවේ ද?!!!!!!

          //මනෝව්‍යාදීන් පිලිබද ඔබට හොද දැනුමක් (මට සාපේක්ශව ) තිබෙන බව පෙනෙනව. ඒ පැහැදිලි කිරීම් වලට ස්තුතියි. නමුත් ආර්ථික විද්‍යාව ගැන ඔබේ දැනුමනම් සෑහෙන අඩු බව මගේ පුද්ගලික මතයයි.//

          මට මනෝව්‍යාධිකයන් ගැන හොඳ දැනුමක් ඇතැයි මා කිසිම තැනක කියා නැහැ. මම නොදන්නා දේවල් දන්නා දේවල් වලට වඩා ඉතා වැඩි බව පුන පුනා හැමදාම මේ අඩවියේ ලියා ඇති බව ‘අවංකව’ කියවා බැලුවොත් දැකගන්නට හැකිවේවි.

          මේ අඩවියේ සෑම සටහනක දී ම මම සොයා බලා අවබෝධ කරගත්තේ නැති සංකල්පයක් ගැන අදහසක් ගැන ලියා නැහැ. එහෙම අදහස් හා සංකල්ප ගැන කෙනෙක් අහද්දී දන්නේ නැති හරිය මා දන්නේ නැහැයි යැයි ලියා තියෙනවා. නමුත් මා වටහා ගෙන ලියා ඇති අදහස් ගැන අයෙක් එහෙම නොවේ යැයි කියනවා නම් එය එසේ යැයි පෙන්වා දෙන්නට පුළුවන් දැනුමක් නැත්නම් අහවල් එකකට මේ වගේ බ්ලොග් ලියනවා ද?!!!!!

  4. Lalita Ranawana said, on මැයි 10, 2012 at 11:56 ප.ව.

    aruni adaniruwath une ai da kiyaa mama nam dannawa.eya resurcher kenek bawa hamotama amathakawela.kohomath api arunige adahas dakweema aithiyak bawa danagamu.sansun wa eyata respond karamu.apita wagema eyatath aitheen thiyenawa.eya kiyana boho dewall dolar walata igenagannawena de.hamuduruwange pacha bana iwasana aya arunita baninawa

  5. Mourya Raj said, on මැයි 11, 2012 at 3:55 පෙ.ව.

    මම නං දැනගත්ත කියවන්නත් කලින් පරීක්ෂණ ප්‍රථිපල ආසන්න වශයෙන්. 2000ක් අතැති මනුස්සය 100ක් දැම්මට ඊට එකගවෙන ප්‍රතිචාර දක්වන්නො බොහොම අඩුයි. එහෙම උනොත් එයා අනෙකාටත් නැතිවෙන්න ප්‍රථික්ෂේප කිරීම වලක්වන්න බෑ. මේ පරීක්ෂණයේදී ප්‍රතිචාර දක්වන්නාගේ ආර්ථික තත්වය අනුව තීරණය වෙන්නක්. කොහොම උනත් සුපිරි පරීක්ෂණයක්. ස්තුතියි දැනුවත් කලාට.
    ඕනෑම රටක හොදම සහ ඉතා නරක මිනිස්සුත් ඒ අරත ඉන්න මිනිස්සුත් යම් යම් ප්‍රමාණ වලින් ඉන්නව. එක සැරයක් පරීක්ෂණයක් කලා මුදල් ප්‍රමාණයක් තියන, අයිතිකරුවගෙ නම ලිපිනය තියන පර්ස් එකක් පාරෙ දාල තියන. ඒක යලිත් අයිතිකරුවට භාරදෙන ප්‍රථිශතයන් කොච්චරද කියල බලනව. එයාල බලාපොරොත්තු වුන ප්‍රමාණයට වැඩි ප්‍රථිශතයක් භාර දුන්න බව ඔවුන් කියල තිබුන.(විශේෂයෙන් ඉන්දියාව වගේ රටවලත්).
    අද ලිපිය නං නියමයි. ‍

  6. tharu22 said, on මැයි 11, 2012 at 12:14 ප.ව.

    “දැනුමක් නැත්නම් අහවල් එකකට මේ වගේ බ්ලොග් ලියනවා ද?” වැදගත් ප්‍රශ්නයක්. කෙටිම පිලිතුර ඔබ මේවා ලිවීමෙන් යම් සතුටක් ලබන බවත් ඒ නිසා ලියන බවත්ය (utility maximisng behavior). එහි කිසිම ගැටලුවක් නැහැ.

    මේ ඉන්ග්‍රීසි වචන මම ගෙනාපු “ලේබල්” නොවේ. ආර්ථික විද්‍යා පොත් වල සන්කල්ප පහදා දීමට යොදා ඇත්තේ මේ වචනයි. එම නිසා ඒවා යොදා ගැනීම තුල සන්වාදය පහසු වෙනව.

    මනෝ ව්‍යාදීන් පිලිබද ඔබේ දැනුම පිලිබද ඔබ පාරම් බෑ බවක් කීවේ නැහැ. මගේ නොදැනුවත්කමට සාපේක්ශව ඔබට හොද දැනුමක් තිබෙන බව හිතෙනව කියලයි අදහස් කලේ.

    බෝනස් පිලිබද ඔබේ අනාගත ලිපියේදී යලි හමුවෙමු. ජය වේවා!

  7. sudathr said, on මැයි 12, 2012 at 2:41 ප.ව.

    මාතෘකාව වැඩියෙන් හිට්ස් හම්බ වෙන එකක් නෙවෙයි. කාගේ ඡායාරූපද කියල නොදා හිටියනම් හරි. මිනිස්සු කැමති නැහැ කිසි හැඩක් නැති අයගේ නිරුවත බලන්න.

    • arunishapiro said, on මැයි 12, 2012 at 2:57 ප.ව.

      sudathr,

      //මාතෘකාව වැඩියෙන් හිට්ස් හම්බ වෙන එකක් නෙවෙයි. කාගේ ඡායාරූපද කියල නොදා හිටියනම් හරි.//

      ඒ ඔයා දන්න තරම. මගෙ මාතෘකා වලටත් මා දාන ඡායාරූප වලටත් හිට්ස් කොච්චරක් ලැබෙනවා ද කියලා මම දන්නවා.

      Venus of Willendorf ගැන අහලා නැතිව ඇති. හැබැයි කිසි හැඩක් නැහැ කියලා නම් කියන්නත් බැහැ තමයි!!!!!

      • sudathr said, on මැයි 13, 2012 at 2:58 ප.ව.

        මම Venus of Willendorf ගැන අහල තිබුනෙ නෑ තමයි. ඒත් ඒකයි මගේ කමෙන්ට් එකයි අතරේ කිසිම සම්බන්ධයක් නැහැ.

        “Her genital area would appear to have been deliberately emphasized with the labia of the vulva carefully detailed and made clearly visible, perhaps unnaturally so, and as if she had no pubic hair. This, combined with her large breasts and the roundness of her stomach, suggests that the “subject” of the sculpture is female procreativity and nurture and the piece has long been identified as some sort of fertility idol.”

        සාමාන්‍යයෙන් බ්ලොග් ලියන අය හෝ පුවත්පත් කරුවෝ “නිරුවත්” වගේ වචන පාවිච්චි කරලා තමන්ගේ ලිපිවලට පඨක අවධානය වැඩිකරගන්නවා කියන එක කවුරුත් පාහේ දන්න දෙයක්. ඒත් නිරුවත් කුරුල්ලෙක් කියල දැම්මට ඒ ගැන කවුරුවත් සැළකිලිමත් වෙන්නෙ නෑ. ඉතින් මං අදහස් කළේ අරුණි ශපීරෝ නිරුවතින් සිටිනු දැකීමට පාඨකයන් උනන්දුවක් දක්වන්නෙ නැතැයි කියන එකයි. ඒක හුදෙක්ම විහිළුවක් බැවින් එය කියවා සිනහසෙන ලෙස ඉල්ලා සිටිමි. (මා ඔබගේ ශරීරය දැක නොමැති නිසා, මා කියූ දේ ඇත්තක්දැයි කියන්නට මට නොහැකිය. සමහරවිට ඔබගේ අඩනිරුවත් ඡායාරූපය තරුණ සිත් වශී කරවන සුළු විය හැකිය.)

        කාල් මාක්ස් ධනවාදයට එරෙහිව නිර්ධන පංතිය පෙළගැස්වීම සඳහා පොත් ලියමින් කටයුතු කළේ අහම්බෙන් නොවේ. සමකාලීන ධනපතියන් විසින් නිර්ධනයන් සූරාකනු ලැබීම දැකීමෙන් හටගත් කම්පනයත්, ෆොයබාහ්, හේගල් සහ මොන්ට්ගොමරි ආදීන් විසින් කරන ලද සමාජ විද්‍යාත්මක අධ්‍යයනයන් ඉගෙනගැනීමෙන් ලද ආභාෂයත් නිසා, පීඩිත නිර්ධනයන්ගේ සුභසිද්ධිය අරමුණු කරගෙන ඔහු සහ කාල් මාක්ස් යම්කිසි දර්ශනයක් ලෝකයට ඉදිරිපත් කළේය. එය දේව භාෂිතයක් නොවන නමුත් ඔහු කියූ දේ නිවැරදි‍ ලෙස දකින මිනිස්සු ඔහු අනුගමනය කරති. නිර්ධනයන්ටත් වඩා කාල් මාක්ස් අධ්‍යයනය කළේ ධනපතියන් වන අතර කාල් මාක්ස් බොරු කිරීමට ධනේශ්වරය නිරන්තරයෙන් කටයුතු කළහ. අද වන විට කාල් මාක්ස්ගේ නිර්වචනයන් වැරදි විය හැකිය. එහෙත් අදත් කම්කරුවන් සූරාකනු ලබන බව මහ පොළොවේ පය තබා ඇස් ඇරගෙන සිටින මිනිසුනට දැකීමට හැකිය. එම නිසා, අද කාල් මාක්ස් කෙනකු ලොව බිහි වුවහොත් ඔහු වඩා නිවැරදි දර්ශනයක් ඉදිරිපත් කරනු ඇත.

        කාල් මාක්ස් ගේ දර්ශනය ඉදිරියට ගෙන ආ රුසියාවේ ව්ලැඩිමීර් ඉල්යිච් උල්යානොව් නොහොත් ලෙනින් විසින් එම දර්ශනය ප්‍රායෝගිකත්වයට‍ ගෙන ආවත් ඔහුගෙන් පසුව බලය ලබාගත් ජෝශප් ස්ටාලින් විසින් මාක්ස්ගේ දර්ශනය වෙනුවෙන් සටන් කළ ලියොන් ට්‍රොට්ස්කි සහ අනුගාමිකයන් විනාශ කර එම දර්ශනය වෙනස් කර විකෘති කම්කරු රාජ්‍යයක් බිහි කළේය. එම විකෘති කම්කරු රාජ්‍යය වූ සෝවියට් දේශය 1986දී බිඳ වැටීමෙන් වර්තමාන ඛේදජනක ඉරණම ලෝක වාසීන්ට උරුම විය.

        නිශ්පාදන බලවේග හිමි කරගන සිටින පුද්ගලයන් විසින් එම බලවේග අහිමි මිනිසුන් සූරාකෑම වෙනත් මුහුණුවරකින් අදත් ක්‍රියාත්මක කරන අතර නව යටත් විජිත වාදීන් අධිරාජ්‍යවාදය වෙනත් මුහුණුවරකින් ක්‍රියාත්මක කරති. ඔබ අධිරාජ්‍යවාදය වෙනුවෙන් පෙනී සිටින අතර තවත් අය එයට එරෙහිව පෙනී සිටිති.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: