අරුණි ශපීරෝ‍ වෙතින්

බේගල් කියා නොව බේගල් හදා ජීවිතය ජයගත් මරේ ලෙන්ඩර්

Posted in Uncategorized by arunishapiro on මැයි 28, 2012

පින්තූරයේ තියෙන්නෙ බේගල්ස්. ටෝස්ට් කරලා මී පැණි ටිකක් දාගත්ත බේගල් එකයි මම කන්න කැමති විදිය. දුම් ගහලා හදපු සැමන් එක්ක කන්නයි අපේ ගෙදර ඉන්න අනිත් දෙන්නා කැමති. බේගල් කියා නොව බේගල් හදා ජීවිතය ජයගත්තේ Murray Lender නැමැත්තා ය. ඔහු බේගල් හැදුවේ කන්නට ය. කාවවත් රවටන්නට නොවේ.

මරේ ලෙන්ඩර් බේගල් ගැන කතාබහ කරන්නේ හැම විටක ම. පැය දස දහසේ රීතියෙන් ජීවිතය ජයගත් තවත් අයෙක්.

අම්මා, තාත්තා සහ සහෝදරයන් තුන් දෙනෙක් යුත් පවුලක ජීවත් වූ ලෙන්ඩර් පවුලේ බේගල් ව්‍යාපාරය දිවා රෑ මහන්සි වූවත් 1950 සිට වසර 30 ක් යනතුරු එතරම් ලාභයක් ඉපැයූ වෑයමක් නොවීය.

බේගල් ගැන කතාබහට හපන් ලෙන්ඩර් කියනා පරිදි බේගල් එකක අභ්‍යන්තරය මුදු ය, විකන්නට ඕනෑය. පිටස්තරය රත්තරන් පැහැති ය. කර කර ගා හපන්නට හැකිය. බේගල් එකක් පළමුවෙන් තම්බන්නට ඕනෑය. ඉන්පසුව බේක් කරන්නට ඕනෑ ය.

සෙනසුරාදා රාත්‍රියන් හි සහ ඉරිදා උදෑසනයන් හි බේගල් හය දාහක් හදනා ඔවුන් ඝණ පිටි මිශ්‍රණ හැඳි ගෑ යුතුය. රෝල් කර යුතුය. හැඩ ගැසිය යුතුය. තැම්බිය යුතුය. බේක් කරත යුතුය. සති අන්තයේ බේගල් කන්නට අහල පහළ ජනතාව ඇදී ආවත් ලෙන්ඩර්ට අවශ්‍ය වූයේ බේගල් කෑම සති අන්තයට සීමා නොකර සතිය පුරා ම කන්නට හිතෙන කෑමක් බවට පත් කරන්නට ය. එසේම අහල පහල අයට විතරක් නොව මුළු ඇමෙරිකාවේ අයට ම කන්න හිතෙන කෑමක් බවට කරන්නට ය.

ඔහුගේ කුඩා වියදමක් දරා දියත් කරන ලද අලෙවි ක්‍රම විධි වෙළඳපොලේ සැලකිල්ලට පාත්‍ර වුණි.

1955 සිට වේතනයක් නොගෙන සම්පූර්ණ කාලය වැඩ කරන ලෙන්ඩර් සතිය පුරා කන්නට හැකිවනු පිණිස බේගල් ප්ලාස්ටික් බෑග් වලට බහා ඒවා දවස් තුනක් තබාගත හැකි ලෙසින් වෙළඳපොලට ඉදිරිපත් කළේය. තම බේකරියේ පමණක් නොව ආහාර විකුණන වෙළඳසැල් වල රාක්ක වලට දමා සතිය පුරා පරිභෝජනයට ඉදිරිපත් කළේය.

අහල පහල අයට විතරක් නෙමෙයි රටපුරා පාරිභෝගිකයන් ඇති කර ගැනීම සඳහා ලෙන්ඩර් මිදුණු (frozen) බේගල් විකුණන්නට පටන් ගනියි.

බේගල් එකක් කපන්නට සියුම් දැති පිහියක් අවශ්‍ය්‍ය. කර කර ගා හැපෙන පිටස්තරයෙන් ඇතුලට පිහිය යන්නේ ඉක්මණින්. ඒත් ඇතුලේ මුදු කොටස කැපීම අර තරම් පහසු නැත. 1970 ගණන් වල දී පැකට් කරන ලද බේගල් ගෙදර ගෙනැවිත් අල්ලේ තබාගෙන බේගල් කපන හුරුව නිසා ඇතුලේ මුදු කොටස කපන්නට දරනා වැරයෙන් අල්ලට හානි පැමිණෙන අවස්ථා වැඩි වුණි. එවක දී වසරක් තුල සාමාන්‍ය ඇමෙරිකානුවෙක් බේගල් 11.6 ක් තම නිවසේ දී පරිභෝජනය කළ බව කියැවේ. ඉතින් බේගල් කපන්නට ගිහින් සිද්ධ වෙන අනතුරු නිසා, වැඩියෙන් ම සති අන්තයේ දී!!!, හදිසි අනතුරු අංශයට ගිය අය ද වැඩි වූ බව කියැවේ.

මෙහි දී ලෙන්ඩර් තම බේගල් පැකට් වෙළඳපොලේ රාක්ක වලට දමන්නටත් පෙර ම තමන් විකුණන බේගල් කළින් ම කපා පැකට් කරන පුරෝගාමියෙක් වූයේය.

බේගල් කපන විජට්ටු බිහිවෙන්නේ පසු කාලයක දී. Rick Ricard හදන Bagel Biter නැත්නම් සමහරු ගිලටිනය යැයි කියන්න පසුගිය වසර 15 තුල දී වසරක් පාසා විජට්ටු අසූදාහකට වඩා සංඛ්‍යාවක් විකුණති. මරේ ලෙන්ඩර්ගේ අහල පහල අයට පමණක් නොව රට පුරා අයටත් බේගල් සපයන්නට ගත් උත්සාහයෙන් තවත් සාර්ථක ව්‍යාපාරයක් බිහිවිය.

මිදුණු බේගල් විකිණීමේ ජනප්‍රියත්වය වැඩි කරන්නට මරේ 1984 දී මාර්තු මාසය ‘මිදුණු ආහාර මාසය’ යැයි නම් කරවා ගන්නට ජාතික මිදුණු හා සීතකරණ ආහාර සංවිධානයේ සභාපතිවරයාව කැමති කරවා ගනියි.

ඉහළ පෙලේ හෝටල් වල තම ලෙන්ඩර් බේගල් විකුණන්නට අවසර ලබා ගනියි. පවුලේ ව්‍යාපාරය සේවකයන් හය දෙනෙකු ගෙන් යුත් ගරාජයක බේකරියක් බවට පත්විය. තමාගේ හිතගත් රසවත් ආහාරයක් නිපැවීමේ යෙදීම පමණක් නොව එය ගැන ලොවට කියන්නට ද ඔහු පිටත් වෙයි.

1903 දී අශ්ව කරත්තයකින් ගොස් චීස් විකුණා ව්‍යාපාරය පටන් ගත් J. L. Kraft ගේ කොම්පැණිය සමඟත්, ඒ කොම්පැණියේ ම තවත් අංශයක් ලෙසින් 1892 දී පටන් ගත් ‘අන්තිම බිංදුව දක්වා රසයෙන් යුත්’ කෝපි කෝප්පය වෙළඳපොලට ඉදිරිපත් කළ Maxwell House සමඟත්, 1945 දී සාරමය වශයෙන් ඔරේන්ජ් යුෂ ලොවට ඉදිරිපත් කරපු ප්‍රථම කොම්පැණිය වන Minute Maid සමඟත් ගිවිසුම් ගසන්නට එක අතකින් ටෝස්ටර් එකක් ද අනිත් අතෙන් බේගල් පිරි බෑග් එකක් ද හේ රැගෙන යයි. මෙහි දී කුණු වලින් ධනපතියෙක් වූ හරිතවාදියා සිහියට නැඟේ. ලෙන්ඩර් පවුලේ බේගල් ව්‍යාපාරය ක්‍රාෆ්ට්, මැක්ස්වෙල් හවුස් හෝ මිනිට් මේඩ් වැනි දැවැන්තයන් අහළකින් වත් යා නොහැකි සුළු ව්‍යාපාරයකි. එහෙත් ලෙන්ඩර්ගේ උද්‍යෝගය හා ප්‍රියමනාප හැසිරීම නිසා ඔවුන් තම දැවැන්ත කොම්පැණි වල ලේබලය ඔහුගේ බේගල් වල දමන්නටත්, ඔහුගේ බේගල් ලේබලය තම භාණ්ඩ වල දමන්නටත් එකඟ වෙති. එකෙක්ගේ උන්නතියෙන් තවෙකෙක් දුප්පත් නොවී හැමෝටම ජයගත හැකි නිදහස් වෙළඳපොල ක්‍රියා කරනුයේ එලෙස ය.

බේගල් යනු යුදෙව්වන් කන නැගෙනහිර වෙරළබඩ ඇමෙරිකාවේ ආහාරයක් නොවී රටපුරා හැම අයෙක් ම කන්නට කැමති ආහාරයක් බවට පත්විය.

එසේම ලෙන්ඩර් බේගල් වලට ළුෑණු, බිත්තර, කුරුඳු රසය හා වියළි මුද්දරප්පලම් එකතු කර හැදුවේ ය. අද විවිධ චීස් රසයෙන් යුතු බේගල් මෙන් ම පැෂන් පෲට් රස වැනි විවිධ රසයෙන් යුත් බේගල් වෙළඳපොලේ ඇත.

රටේ ජනතාව සෞඛ්‍ය්‍යට වඩා හිතකර වූ ආහාර ගැන සොයද්දී ලෙන්ඩර් බේගල් කෘතිම දෑ නොමැති සම්පූර්ණ ධාන්‍යයෙන් යුතු බේගල් නිපැදවීය. තම නිෂ්පාදනය ගැන පෝෂණ තොරතුරු පැකට්ටුවේ සඳහන් කරන්නට පටන් ගත් පළමු ව්‍යාපාරයන් අතරට එක් වූයේය. තවත් විදියකින් කිව්වොත් ලෙන්ඩර් ජනහඬට සවන් දෙන්නෙක් වූයේය.

තම පවුලේ ව්‍යාපාරයේ බේගල් දොළහක් ගණන් කර එකට එල්ලන රැකියාවෙන් පටන් ගත් බේගල් වෙනුවෙන් ජීවිතය කැප කල මරේ ලෙන්ඩර් කඩපොළවල් වල බේගල් බෑග් නොමිලේ බෙදා ජනතාවට බේගල් මොනවාදැයි හඳුන්වා දීම නතර නොකළ අයෙකි.

අද ඇමෙරිකාවේ පැකට් කර විකුණන බේගල් වෙළඳපොල පමණක් වසරක දී උපයන ආදායම ඩොලර් මිලියන 700 කට ආසන්න ය.

මරේ ලෙන්ඩර් 2012 මාර්තු 21 වැනිදා වයස අවුරුදු 81 දී මිය ගියේය. The Economist සඟරාවේ මෙම ලිපියෙන් තවත් මරේ ලෙන්ඩර් ගැන විස්තර කියවත හැකිය.

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. buddie-බුඩී said, on මැයි 28, 2012 at 2:20 ප.ව.

    බූඩි මේ ගැන අහලා තිබුනත් හිතන් හිටියේ Doughnut වලටම කියලා. කාලම බලන්න ඕනේ. අරුණිගේ බ්ලොග් එකෙන් කෑම බීම ලැයිස්තුවක්ම සෙට් වෙන්න වගේ යන්නේ. මේකත් Begal එකත් ලිස්ට් එකට දාගත්තා 🙂

    • buddie-බුඩී said, on මැයි 28, 2012 at 2:22 ප.ව.

      //දුම් ගහලා හදපු සැමන්// මේක නම් කියද්දිත් කටට කෙල උනන කෑමක් !!!

    • arunishapiro said, on මැයි 28, 2012 at 4:48 ප.ව.

      buddie-බුඩී,

      ඩෝනට් තෙලෙන් බැදලා හදන්නක්. ඇමෙරිකාවේ පදිංචියට ආ ඕලන්ද අයගෙ කෑමක් කියලා කියන්නෙ. ළඟක දී ම පෙන්සිල්වේනියාවේ ඔවුන් ඉන්න පැත්තෙ රවුමක් ගහන්න හිතාගෙන ඉන්නෙ. ඔවුන් තාම 19 වැනි ශ. ව. දී විදියට ජීවත් වෙන අතර ඒ කාලේ හදපු විදියට ම ඩෝනට් හදලාත් විකුණනවා.

      ටෙනසි වල තියන ක්‍රිස්පි ක්‍රීම් කියන ඩෝනට් කම්හලේ ඩෝනට් හදන හැටි හරිම ලස්සනයි. පිපෙන්න දාලා තියන පිටි ගුලිය උඩට පහළට යමින් වීදුරු පියන් තියන කබඩ් එකක ගාණට පිපිලා ඉවර වුනාම ඇවිත් වැටෙනවා තෙල් උතුරණ බක්කියකට. තෙලෙන් බැදිලා එක පැත්තක් අනිත් තෙල් බක්කියට වැටෙන්නෙ අනිත් පැත්තට හැරිලා. දෙපැත්තම බැදිලා ඉවර වුනාම අයිසින් පාරක් වැදිලා යද්දී කම්හල් තියන ක්‍රිස්පි ක්‍රීම් ඩොනට් ස්ථාන වල දී උණු උණුවේ ම කන්න විකුණනවා. උණු උණු ඩෝනට් එකයි උණු උණු කෝපි කෝප්පයයි රසම රස උදේ ආහාර වේලක්.

      ලංකාවේ The Coffee bean and Tea Leaf වල නිව් යෝර්ක් ස්ටයිල් bagels තියනවාලු.

      අර සැමන් ගැන ඇහෙද්දී අපේ ගෙදර ඉන්න දෙන්නටත් එහෙමම තමයි!!!

  2. අමා said, on මැයි 28, 2012 at 9:06 ප.ව.

    ම්ම් ස්මොක්ඩ් සැමන් සහ ක්‍රීම් චීස් බේගල්! මම ත් ආසම කෑමක් තමා!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: