පැන්ඩෝරා දුන් වෙරමුන්ඩම් වලින් හැදෙන තෙලිතට්ටුව
පැන්ඩෝරා ග්‍රීක මිථ්‍යා ප්‍රබන්ධ වල එන චරිතයකි. ඇයගේ නමේ අරුත “සියළු තෑගි” ගෙනෙන්නා යනුයි. හෙසියොඩ් ඇතුළු විවිධ ග්‍රීක මිථ්‍යා ප්රබන්ධයන්ට අනුව ප්‍රොමිතියස් දෙවියන් වෙතින් සොරාගත් ගින්න මිනිසාට දුන් නිසා, ඊට දඬුවමක් වශයෙන් සියුස් විසින් ඇයව පොළවෙන් ගත් මැටියෙන් තනන්නට යැයි අණ දුන්නා යැයි කියැවේ. ඇයව නිර්මාණයට සෑම ග්‍රීක මිථ්‍යා ප්රබන්ධයන් හි ඉන්නා දෙවියෙක් ම මිනිසාගේ සිත ආශාවෙන්, තණ්හාවෙන්, වශියෙන් අල්ලා ගන්නා තෑග්ගක් ඇයට දීමෙන් සහාය වූහ.
පැන්ඩෝරාගේ ජග්ගුව ඇරෙනා සෑම වතාවක දී ම කරදර ගොඩකි. ග්‍රීක මිථ්‍යා ප්රබන්ධයන්ට අනුව පැන්ඩෝරා ප්‍රථම මිනිස් කාන්තාවයි. ඇය ග්‍රීක මිථයා ප්‍රබන්ධ දෙවියන් වෙතින් මිනිසාට ලැබෙන්නේ “දඬුවමක්” වශයෙනි!!!! ඇයගේ ජග්ගුවේ මෙතෙක් ලොව නොතිබි සියළු දුක් වේදනා හා විපත් ඇතුලත් වුණි. කුතුහලය නිසා එය අරිනා ඇය අතින් “පාපය” එළියට පනියි.
එසේම එතෙක් ලොව ඉතා සතුටින් වැඩ කරපු මිනිසුන්ට වැඩ කිරීම සාපයක් යැයි සිතෙන curse of labor (වෙරමුන්ඩම් වලින් හැදෙන තෙලිතට්ටුව) ද එළියට පනියි!!!!
ගැහැණිය ලොවට එන්නට පෙර ග්‍රීක ප්‍රබන්ධයට අනුව මිනිසාට ලොව මෙහෙයන් සතුටුදායක විය. එහෙත් පැන්ඩෝරාගේ ජග්ගුවෙන් එළියට පැනි “වැඩ කිරීම සාපයක්” නිසා එතෙක් සතුටෙන් කළ ශ්‍රමය ඉන්පසුව විඩාව ගෙන දුන්නක් සහ අපහසු වූවක් විය.
“ශිෂ්ඨාචාර නොවූ මිනිසා මෘගයෙකුට වඩා වැඩි අවශ්‍යතා වලින් නොයුතු වූවෙකි. එහෙත් ප්‍රගතිය සඳහා ඔහු ඉදිරියට තබනා සෑම පියවරක දී ම ඔහුගේ අවශ්‍යතාවන් හි විවිධත්වය වර්ධනය වේ. ඒ විවිධ අවශ්‍යතාවන් තෘප්තිමත් කරගන්නා ක්‍රම වේදයන් ද විවිධ වේ.” මෙසේ කියන්නේ Alfred Marshall විසින් ලියන ලද Principals of Economics හි ය.
මෘගයෙක් මෙන් ජීවත්වන්නේ නම් පිරිමියාට පවුලක් අවශ්‍ය නැත. හමුවන ස්ත්‍රියක් බලහත්කාරයෙන් අල්ලා ගෙන දූෂණයෙන් තම ස්වභාවික උවමනාව තෘප්තිමත් කරගෙන ජානු පතුරුවා හැරිය හැකිය. තමන් නිසා බිහිවන දරුවන් රකින්නට අවශ්‍ය නැත. එහෙත් ස්ත්‍රියක් හා එකට දිවි ගෙවනා පිරිමියෙකුට බලහත්කාරයෙන් නොව දෙදෙනාගේ ම කැමැත්තෙන් තම ස්වභාවික උවමනා වලින් සතුටු වන්නට හැකිය. බලහත්කාරයෙන් අල්ලා දූෂණය කරන්නට යද්දී කලාතුරකින් ලැබෙන සතුටක් එකිනෙකාගේ කැමැත්තෙන් දිවි ගෙවද්දී නිතර පාහේ ලැබෙයි!!!!
තමා හා දිවි ගෙවනා සහකරුවෙක්/කාරියක් නිසා මිනිසා වැඩි කාලයක් ජීවත්වෙන්නට සමත් වෙයි. සතුටුදායක ජීවිතයක් ගත කරන්නට සමත් වෙයි. දරුවන් වෙතින් ලබනා සතුටෙන් මිනිසාගේ ජීවිතය තවත් තෘප්තිමත් වෙයි. ඉතින්, ජීවත්වෙන්නට අවශ්‍ය දේවල් පමණක් නොව ඊට අවශ්‍ය නැති දේවල් ද සොයා යා හැකියි!!!
ශිෂ්ඨ සංස්කෘතියක ජීවත්වීම සඳහා අත්‍යාවශය නොවන දේවල් බොහොමයක් අද අපිට උවමනාය. ඇස් පිනවන තරම් ලස්සනට ඉදිරිපත් නොකර බඩගින්න නිවන්නට කෑම කෑ හැකිය. එහෙත් බඩගින්න නිවන්නට තරම් කෑම තිබෙනා විට කෑම ලස්සනට ඉදිරිපත් කරන්නට මිනිසා වෙහෙසෙයි. ශිෂ්ඨාචාර ලෝකයක ජීවත් වෙද්දී ඇතිවන මේ උවමනා නිසා මිනිසා තුල ආශාව උපදී.
අත්‍යාවශ්‍ය නැතත් සමාජයේ අනිත් අයට ඇති දේවල් තමනට අවශ්‍ය යැයි ද ඒවා තමනට ලබාගන්නට උවමනාවක් ද උපදී. අයෙකුට නැති සහ අත්‍යවශ්‍ය වූ ද නැති දෙයකට ඇති උවමනාව ආශාවයි.
රැල්ලේ යමින් තමන් විසින් නොවිමසා අල්ලපු ගෙදර කරනා අය කරනා ලෙසින් කරන්නට, ඒ ආශාවන් සපුරා ගන්නට දරනා උත්සාහය කරදරයක් යැයි සිතනා අයට, මෙතෙක් වෙහෙසීම පාපයක් නොවූ මිනිසාට දැන් වෙරමුන්ඩම් වලින් හැදෙන්නේ තෙලිතට්ටුවකි!!!!
ආශාව පසුපස හඹා යන්නේ රැල්ලේ දුවන විදියකට ද? නැත්නම් තමන් ආශා කරන දේ තමන්ට උවමනා නිසා ද?
තමන්ට උවමනා වූ ආශාව සොයා යන්නේ නම් පැය දස දහසක වෙරමුන්ඩම් සතුටුදායක මිසක් තෙලිතට්ටුව ඇති කරන්නේ නැත!!!!
අද පැන්ඩෝරා පෙට්ටිය තමන්ගේ ම වූ රේඩියෝවකි. එයින් තමන් අහන්න කැමති සිංදු වලින් තමන්ට ම කියා විශේෂිත වූ රේඩියෝ නාලිකාවක් හදා ගන්නට පුළුවනි. මුලින් ඔබ කැමති සිංදු තෝරා ගනිද්දී අනතුරුව ඒ හා සමාන වූ සිංදු රේඩියෝව විසින් ඔබට හඳුන්වා දෙයි. රේඩියෝවේ සිංදු අසමින් වැඩ කරන්නට හැකි අයට දැනෙන තෙලිතට්ටුව ද අඩු ය!!!!
චිත්‍රපටි හදන ආශාව ඇති අය ඒ සඳහා දරනා වෙරමුන්ඩම් නිසා තෙලිතට්ටුව හැදෙන්නේ නැත. ඔවුනට ප්‍රොමිතියස් ගැන චිත්‍රපටි ද සතුටින් හදත හැකිය!!!
උඩ ඇත්තේ ජූනි 8 දා නිකුත්වන ප්‍රොමිතියස් චිත්‍රපටියේ ට්රේලරයකි.
වෙහෙසට වෙරමුන්ඩම් කීම හා තෙහෙට්ටුවට තෙලිතට්ටුව කීම ඌවේ ගැමි ජනවහරේ එන සිංහල වදන් වෙති.
ආශාවන් සංතර්පනය කරගෙන ඉස්සරහට යනකොට ඒකෙ නැවැත්මක් නෑ. අල්ලපු ගෙදර මනුස්සයගෙ ආශාව තමන්ගෙත් ආශාව නොවේ කියල තේරුම් ගන්නකොට පරක්කු වැඩියි.
-රාජ්
Mourya Raj,
පොඩි කාලේ සිට දරුවෙක් හැදුවොත් තමන්ට ඇති ආශාව සහ අනුන්ගේ ආශාවල් (රැල්ල අනුගමනය) අතර වෙනස හඳුනාගන්නට පුළුවන් … ආර්ථිකව ශක්තිමත් වගේ ම මානසිකවත් සතුටින් ඉන්න දරුවෙක් ලැබෙනවා. මට ඉන්නවා එහෙම දරුවෙක්. ගොඩාක් දේවල් අතරින් තමන්ට ඕන දේවල් විතරක් හඹා යන. අනිත් දේවල් දුන්නත් එපා කියන.
ඒත් රාජ් කිසිම දේකට ආශාවක් නැත්නම් ඉන්න ටික කාලේ හරි ජීවත්වෙලා වැඩක් (සතුටක්) තියෙනවා ද? 😀