අරුණි ශපීරෝ‍ වෙතින්

ඵෛතිහාසික සංක්‍රාන්තිය

Posted in Uncategorized by arunishapiro on ජූනි 6, 2012

වීනස් ඊයේ සුපුරුදු ගමනේ යෙදුණි. නැවත වාරයක් තම ජීවිත කාලයේ දී දැකිය නොහැකි මේ වීනස් සංක්‍රාන්තිය බලන්නට රැස් වූ ලෝක ජනතාව ලොව නන් දෙසින් ඡායාරූප ගෙන අන්තර්ජාලයේ එකිනෙකා හා බෙදා ගනිමින් සිටිති.

ඊයේ තවත් ඵෛතිහාසික සංක්‍රාන්තියක් සිද්ධ විය. එය නිදහස් ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සැමගේ සතුටට හේතු වන්නකි. විස්කොන්සින් ප්‍රාන්තයේ 45 වැනි ආණ්ඩුකාරයා ලෙසින් ස්කොට් කෙවින් වෝකර් ජනතා චන්දයෙන් තේරී පත් වෙන්නේ 2010 නොවැම්බර් මැතිවරණයෙනි. මහජන චන්දයෙන් තේරී පත්වන සෙසු ආණ්ඩුකාරයන් සේ සුපුරුදු පරිදි ඔහු ද වැඩ බාර ගන්නේ 2011 ජනවාරි 3 දා ය.

ලෝකය පුරා බලයේ ඉන්නා අයව ඊ ළඟ මැතිවරණයේ දී බලයෙන් පහ කරන යුගයක, හැම රටක ම අයට තම ආණ්ඩු බලයේ ඉන්නා අය ආර්ථිකය ගැන කුමක් කරන්නේ ද යන්නත්, කුමක් කළ යුතු ද යන්නත් වැසියන් නොදන්නා හෝ නොපිළිගන්නා යුගයක, ස්කොට් වෝකර් විස්කොන්සින් හි බජට් ප්‍රතිසංස්කරණයක් ඉදිරිපත් කර තම වැඩි චන්දයෙන් තේරී පත් වූ ප්‍රාන්ත ආණ්ඩුවේ දී එය සම්මත කරයි.

මහජන යුනියන් සේවකයන් තමන්ට පඩි හා සහන දීමනා වැඩි කරගෙන බදු ගෙවන ජනතාව වෙත මහත් බරක් පැට වූ නිසා බංකොළොත් වූ ප්‍රාන්තයක මහජන යුනියන් සේවකයන්ගේ සාමූහික ඉල්ලීම් (collective bargaining) ක්‍රියාවලිය වෙනස් කරන්නට හෙතෙම සමත් වෙයි. ඔවුන් සතු අයිතීන් නැති කර දමා නැත. එහෙත් යුනියන් සේවකයෙක් වන්නට බලහත්කාරයෙන් පීඩනයක් ඇති වෘත්තියක අයෙක්, එයට නොබැඳුනහොත් රස්සාව කිරීමට නොහැකි වීමත්, එයට බැඳුනොත් යුනියන් ලොක්කෝ කියන දේ මිසක් තමන් ගේ හඬට කිසිවෙක් සවන් දෙන්නෙක් නැති බවත්, සක් සුදක් සේ දන්නා කාරණා වෙති. ඒකාධිපති රජවරු, මහජන චන්දයෙන් තේරී පත්වන ඒකාධිපති පාලකයන් මෙන් ම යුනියන් ලොක්කෝ ද ජනතාවට සුබසෙත සලසන නාමයෙන් තම අරමුණු සාක්ෂාත් කරගන්නා පීඩකයන් වෙති.

වෙනස් කම් සියල්ල ස්කොට් වෝකර් කරන්නේ ප්‍රාන්තයේ ව්‍යවස්ථාවට අනුකූලව ය. එහෙත් ඇමෙරිකාව පුරා සිටිනා මහජන යුනියන් ලොක්කෝ ඔහු එළවන්නට පෙළ ගැසෙති. තේරී පත් වූ ඇමෙරිකාවේ ප්‍රාන්ත ආණ්ඩුකාරයෙක් ව ඊ ළඟ මැතිවරණයට කළින් බලයෙන් පහ කරන්නට මහජන මතය විමසීම පැවැත්වී ඇත්තේ තුන් වතාවකි. මේ විස්කොන්සින් ප්‍රාන්තයේ පළමු අවස්ථාවයි.

ප්‍රජාතන්ත්‍රවාදය අගයන අයෙක්, ඒකීය පුද්ගල අයිතිය අගයන අයෙක්, මහජන වේවා පුද්ගලික වේවා යුනියන් වලට එහෙම ආණ්ඩුකාරයෙක් බලයෙන් පහ කරන්නට වෑයමක් දැරීමට ඇති හැකියාව අගය කළ යුතුයි. එසේම ඊට ව්‍යවස්ථාවෙන් ක්‍රම වේදයක් දී තිබීම ද අගය කළ යුතුයි. එසේම ජනතාවට යුනියන් පරදවා තම කැමැත්ත ප්‍රකාශ කරත හැකි ක්‍රම වේදයක් ද තිබීම අගය කළ යුතුයි.

නිදහස් ලෝකයේ ප්‍රාජනත්ත්‍රවාදයේ අගය වැඩි කරමින්, වැඩි චන්දයෙන් ජනතාවට තමන් කැමැත්තා තෝරා ගැනීමට හැකියාව ලැබුණි. ඊයේ ස්කොට් වෝකර් තම ප්‍රාන්ත වැසියන් ම තමන්ව බලයෙන් නෙරපා හරින්නට ගත් උත්සාහයකින් පසුව තම ප්‍රාන්ත වැසියන්ගේ ම කැමැත්තෙන් බලයේ සිටින්නට වරම් ලැබූ ඇමෙරිකාවේ ප්‍රථම ආණ්ඩුකාරයා විය.

ආර්ථික අවපාතයක දී රස්සාව නැත්තටම නැතිවෙනවා වෙනුවට ඉහළ නොයන පඩි සහ ඉහළ නොයන සහන ඇති රස්සාවක් තිබීමේ අගය ටික දෙනෙක් හෝ දකින්නට ඇත.

ඊයේ ජයගත්තේ පීඩකයෝ වෙතින් ගැලවෙන්නට හැකි වූ ඒකීය පුද්ගල අයිතීන් සංක්‍රාන්තියයි!!!!

ස්කොට් වෝකර්ගේ ජයග්‍රහණය වීනස් සංක්‍රාන්තිය නැරඹීම තරම් සතුටක් ගෙන දුන්නකි.

එහෙත් අහෝ ලොව බොහොමයක් තවමත් එංගලන්ත මහරැජිනගේ අත වැනිල්ල බලන්න පොරකනවාලූ!!!!

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. Amarasinghe Sujatha said, on ජූනි 6, 2012 at 11:10 පෙ.ව.

    එහෙනං ඒකත් බැලුව නේද?

  2. Lalita Ranawana said, on ජූනි 6, 2012 at 9:59 ප.ව.

    oba monawa kiwwath obe thaththa visista miniseki.sumeda udawaththa la ta wath eka therum ganna bariuna.

  3. Lalita Ranawana said, on ජූනි 6, 2012 at 10:02 ප.ව.

    sitha labu jayagrahana kiyanna puluwan da?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: