අරුණි ශපීරෝ‍ වෙතින්

ආයුබෝවන් ගිම්හානය!

Posted in Uncategorized by arunishapiro on ජූනි 8, 2012

විස්කොන්සන් හි වැසියන් ග්‍රීසියටත්, ස්පාඤ්ඤයටත්, ඉතාලියටත්, සෙසු යුරෝපා හවුලටත් පවතින ආර්ථික අර්බූදයට අනගි විසඳුමක් පෙන්වා දී ඇත: බෙදා දෙන්නට අනුන් උපයන්නේ නැත්නම් තමන් විසින් ලබන කොටස අඩු වී ගිහින් සැවොම බංකොළොත් වන නිසා, වඩා සුදුසු වන්නේ ඒ වෙහෙසෙන අයගේ බදු වැඩි නොකිරීමයි, සල්ලි අච්චු නොගැසීමයි.

වැඩි ජනතාවක් අනුන් ගෙන් යැපෙන අය වුවත්, බංකොළොත් භාවය ඉදිරියේ දී, විසඳුම තමන් හා බෙදා ගන්නට වෙහෙසන්නාගේ බදු වැඩි කිරීම නොවන බව ඔවුන් ලෝකයට හඬ ගා කියන ලදි. විසඳුම නම් තම සුබ සාධන වැඩි කිරීම සඳහා තමන් ද දායක වීමයි. එහෙත් ග්‍රීසියේ අඳෝනාව ඇසුනේ කාට දැයි සැක මෙන්, මේ විස්සල් විසඳුමට කී දෙනෙක් සවන් දෙනු ඇත්දැයි සැක ය.

ජූනි 5 වැනි දා Ray Bradbury නම් වූ අරුම පුදුම මායාවන් ගැන, සංත්‍රාසය උපදවන, විද්‍යා ප්‍රබන්ධයන් හා අභිරහස් කතා යනාදිය ලියූ ගත්කරුවා වයස 91 දී මිය ගියේය. ඔහුගේ විද්‍යා ප්‍රබන්ධ වල ලියැවුනේ අනාගතයේ එන විජට්ටුවක් ගැන නොව කිසිසේත් සිද්ධ විය නොහැකි දේවල් විය. ඒ සමහර විට කුඩා කාලයේ දී ඔහු මැජික්කාරයෙක් වෙන්නට කැමැත්ත දැක් වූ නිසා විය හැකියි!!!

පීඩකයන්ගේ බලය ගැන වූ අප්‍රසාදය රේ බ්‍රැඩ්බෙරිගේ කතන්දර තුලින් මනාව දැකගත හැකියි. විශ්ව විද්‍යාල ගැන විශ්වාසයක් නැතැයි කියූ බ්‍රැඩ්බෙරි මුදල් නැත්තෙකුට පවා පුස්තකාලයට ගොස් ඉගෙන ගත හැකි යැයි ඔප්පු කර පෙන්වා දුන්නෙකි. පුස්තකාලයක දී තම සුප්‍රසිද්ධ නවකතාව Fahrenheit 451 ලියන ඔහු ටයිප් කරන්නට යතුරු ලියනයක් පුස්තකාලයෙන් කුලියට ගන්නේ පැය භාගයකට සත දහයේ කුලියකටයි.

සංත්‍රාසය උපදවන කතන්දර මා ප්‍රිය නොකරන නිසා Something Wicked This Way Comes මා කියවා නැත. කවදා හෝ ස්ටීවන් කින්ග් පොතක් කියැවූ දා ට පසුව මෙයත් කියැවිය යුත්තකි!!!!

ඔහු ලියූ පොත් 30 කට අධික වන අතර කෙටි කතා 300 කට අධික සංඛ්‍යාවකි. ඔහු පැය දස දහසේ රීතිය ඉක්මවා ගිය අයෙකි. තම කැමැත්ත වන ලියැවීමේ දිනපතා ම නියැලෙන්නේ වයස අවුරුදු 12 දී පටන් ය.

ඔහු ලියූ කෙටි කතා අතරින් Toynbee Convector (1984) මිනිස් ස්වභාවය මනාව පිළිබිඹු කරයි. එහි කතානායකයා නිපදවන toynbee convector යෙන් ඔහු තම නිර්මාණශීලී සහ ආර්ථිකව එකතැන ලැග සිටින සමාජය හැර දමා වසර සියයක අනාගතයට ගමන් කරයි. ආපසු එන ඔහු තමන් විසින් දැකි දේවල් වාර්තා කරමින් අනාගතය කොතරම් සතුටු වූ ද සමෘද්ධිමත් වූවක් දැයි පෙන්වයි. මුලින් එය පිළිනොගත්තත් පසුව එයින් දිරි ගන්නා ජනතාව අළුත් ව්‍යාපෘති පටන් ගනිති. කතානායකයා කියූ අනාවැකි මල් පල ගන්වන්නට ජනතාව වසර සියයක දී සමත් වෙති. වසර සියයක් ගිය පසු තම ප්‍රථම මාධ්‍ය්‍ය හමුව දෙන කතානායකයා එහි දී වාර්තාකරුවාට තමන් කීවේ බොරුවක් බවත්, තමන් අනාගතයට ගියේ නැති බවත්, මිනිසුන් විසින් ඔවුන්ගේ ම යහපත සලසා ගත් බවත්, ඔවුන්ට ඊට හැකියාව ඔවුන් තුල ම වූ බව දැකි නිසා, තමන් අනාගතයට ගියා යැයි කියා ඊට දුන්නේ පොඩි තල්ලුවක් පමණයි බවත් කියයි. කතානායකයාට අවශ්‍ය සත්‍ය්‍ය කියන්නට ය. මිනිසාට තම උන්නතිය සලසාගත හැකි යැයි කියන්නට ය. එහෙත් වාර්තාකරුවා සත්‍ය්‍ය හෙළිකරන සාධක විනාශ කර දමා toynbee convector යේ නැඟී යයි.

ලොව ඉන්නා පීඩකයෝ වෙහෙසක් ගන්නා අයෙක් රවටන්නට නිතිපාහේ සැරසී සිටින නොයෙක් වෙස්ගත්තෝ ය!!!!

රේ බ්‍රැඩ්බෙරි මිය යන්නේ වීනස් සංක්‍රාන්තිය වේලාවේ දී ම වීම අපූරු ය.

ඔහු ලියූ තවත් කතාවකි Farewell Summer (2006). රේ බ්‍රැඩ්බෙරි මේ වසරේ ගිම්හානය එන්නටත් කළින් ඊට ආයුබෝවන් කියා නික්ම ගොසිනි. මම ලබන ජූනි 20 දා පටන් ගන්නා 2012 ගිම්හානය ආයුබෝවන් කියා පිළිගන්නට 1836 දී ඉදි කරන ලද ගඩොල් හෝටලයේ දී ලක ලැහැස්ති වුනෙමි!!!!

Toynbee Convector නිර්මාතෘ මෙන් මමත් මිනිසාගේ උන්නතිය සලසා ගත හැක්කේ මිනිසාට බව විශ්වාස කරමි. ඇත්ත තිත්ත වුවත් බොරුවෙන් වසා කිව යුතු යැයි නොසිතමි!!!

Advertisements

16 Responses

Subscribe to comments with RSS.

  1. Amarasinghe Sujatha said, on ජූනි 8, 2012 at 9:07 පෙ.ව.

    විස්කොන්සින් කියනකොට මට මතක් වෙන්නෙ Little House on the Prairie ලෝරා…..
    දෝණිගෙ මුතුකැට හිනාව හරි සිරියාවයි. අන්නහි ලාම්පු ලස්සනයි

    • arunishapiro said, on ජූනි 8, 2012 at 4:36 ප.ව.

      Amarasinghe Sujatha,

      චිකාගෝ හරහා මැඩිසන් පහුකර පෙපින්, විස්කොන්සින් පැත්තෙන් ගිහින් තියෙනවා. ඒ හේමන්තයේ දී. ගිම්හානයේ ඇරෙන තැන් බොහොමයක් හිම වැටෙන කාලෙට වැහිලානේ. ලෝරා ඉපදුනු ඉඩමේ තියන ඒ පොත්වල කතාවේ එන හැටියට හදපු නිවස එහි තියනවා බව දත්තාට දැකලා නම් නැහැ.

      ඔව් සුජාතා නංගි, අපි දෙන්නාත් මේ මුතුකැට හිනාව බලන්න ගිම්හානය එනකම් බලාගෙන හිටියෙ.

      ඩෙලවෙයාර් වලට ලාම්පු හදන්න හිතෙන තරමට අන්නාසි කොහෙන් ආව ද දන්නෑ 1836 ගණන් වල දී. සමහර විට එක්සත් පළතුරු කොම්පැණියෙන් වෙන්නැති.

  2. vishvanatha said, on ජූනි 8, 2012 at 8:49 ප.ව.

    චීනය සහ මැදපෙරදිග රටවල් වල මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදය නැතිබව අපි දන්නවා.ඒත් ඇමරිකාව තෙල් මංකොල්ලකෑමේ අරමුනින් සහ චීනය වට කිරීමේ අරමුනින් ලොව පුරා යුද්ධ ඇති කිරීමේ යෙදී සිටින බවත් පැහැදිලියි නේද.බලන්න නේටෝව ඇෆ්ගනිස්ථානයේ අහිංසක මිනිසුන් විශාල පිරිසක් මරා දමා ඇත.නේටෝ හා ඇමෙරිකානු හමුදා දරුනු අපරාධ කරන අතර ඒවා බටහිර මාධ්‍ය වලින් සාධාරනීකරනාය කරනවා නේද?මේ කොමෙන්ටුව දාන්නට පදනම් වුනේත් ඇමරිකාව පාකිස්ථානයේ ගෝත්‍රික ගම්මානවලට එල්ල කරන ඩ්‍රෝන ප්‍රහාර ගැන ලැබුන ප්‍රව්‍රත්තියක්.ඇමරිකාව සුදු වර්ගවාදීව හා ආගම්වාදීව ලෝකයට එරෙහිව කුරුස යුද්ධයක් දියත් කර තිබෙනවා නේද?
    ප්‍රදර්ශනාත්මක ව යම් සහන විදේශිකයන්ට ප්‍රදානය කරනවා විය හැක .ඒත් යුදමය අවශ්‍යතාවයකට.දෙවන ලෝක යුද්ධයේදී ජපන් ජාතිකයන් ප්‍රාන ඇපකරුවන් ලෙස හිරකල ලෙස ඇමරිකාවේ සිටින සතුරු රටේ වැසියන් හිර කරගන්නයි.

    • arunishapiro said, on ජූනි 8, 2012 at 10:12 ප.ව.

      vishvanatha,

      //ඒත් ඇමරිකාව තෙල් මංකොල්ලකෑමේ අරමුනින් සහ චීනය වට කිරීමේ අරමුනින් ලොව පුරා යුද්ධ ඇති කිරීමේ යෙදී සිටින බවත් පැහැදිලියි නේද// කිසිසේත් ම පැහැදිලි නැහැ. එහෙම කරන ආකාරය පැහැදිලි කරදෙන්න පුළුවන් ද? මම පහත අමුණනවා වගේ දත්ත හා මූලාශ්‍ර වලින් පෙන්වන්න ඕනා ඔන්න. නිකම් තමන් හිතන දේවල් කියලා බැහැ හරි ද.

      තවත් රටක් විකුණන තෙල් වල මිල තීරණය කරන්න ඇමෙරිකාවට බැහැ. ඇමෙරිකාවට පුළුවන් තවත් රටක තෙල් මිල ඉහළ නම් නොගෙන ඉන්න එක විතරයි. 2009 දෙසැම්බරයේ ඉරාකයේ පැවති තෙල් වෙන්දේසියේ දී රුසියාව තමයි වඩාත් ම විසාල හා දිගු කාලීන තෙල් ගිවිසුම් ලබන්නේ. ඊ ළඟට යුරෝපීයයන් විසින්. 2010 සහ 2011 දී ඇමෙරිකාව වැඩියෙන් ම තෙල් ආනයන කරන රට කැනඩාවයි. ඊ ළඟට වැඩියෙන් ම තෙල් ආනයන කරන්නේ සවුදි අරාබියෙන්, මෙක්සිකෝවෙන්, වෙනිසියුලාවෙන්, රුසියාවෙන්, නයිජීරියාවෙන්, කොලොම්බියාවෙන් ඊට පස්සෙ තමයි ඉරාක තෙල් ආනයනය. මංකොල්ලා කෑවේ කවුරුන් ද කියා ඉතිහාසය කියෙව්වා ම පැහැදිලිව දැන ගන්න පුළුවන්. ආනයන කරනවා කියන්නෙ මුදල් දීලා ගන්න බඩු. වැඩියෙන් ම තෙල් ආනයන කළේ කැනඩාවෙන් නිසා කැනඩාවත් මංකොල්ලා කනවා ද?!!!

      චීනයේ දැනට වූ ආර්ථික නැඟී සිටීම ඇමෙරිකාව නිසා කියලා ඔයාල නොදන්නවාට චීන්නු දැනගන ඉන්න එක හොඳටම ඇති ඇමෙරිකන් අපිට. ආර්ථික සශ්‍රීකත්වය නිදහස් මිනිසා තුල ඇති හැකියාවක් කියල දැනගත්ත දාට පමණයි ඇමෙරිකාව පරදවා ලෝකයේ ඕනෑම රටකට යන්න පුළුවන්. ඒත් කොහෙද බලතණ්හාධික මංකොල්ලාකාරයෝ පිරිච්ච රටවල් ඇමෙරිකාවට අත දික් කරමින් බැන බැන ඉන්න තමන්ගෙ මිනිස්සු පුරුදු කරලා, තමන්ගෙ මිනිස්සුන්ව ම හිඟන්නෝ කරලා තියාගෙන ඉන්න හැටි!!!

      නේටෝව කියන්නේ ඇමෙරිකාව විතරක් නෙමෙයි කියා දන්නවා ද?!!!! Nato වල ඇති අනිත් රටවල් නම් බෙල්ජියම, කැනඩාව, ඩෙන්මාර්ක්, ප්‍රංශය, අයිස්ලන්තය, ඉතාලිය, ලක්ස්ම්බර්ග්, නෙදර්ලන්තය, නෝර්වේ, පෘතුගාලය, බ්‍රිතාන්‍ය, ග්‍රීසිය, තුර්කිය, ජර්මනිය, ස්පාඤ්ඤය, චෙක් ජනරජය, හංගේරියාව, පෝලන්තය, බල්ගේරියාව, එස්ටෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, රුමේනියාව, ස්ලෝවැකියාව, ස්ලෝවෙනියාව, ඇල්බේනියාව, ක්‍රොරේෂියාව.

      ඇමෙරිකාවේ අහිංසක මිනිස්සු තුන්දහසක් සැප්තැම්බර් 11 වෙනිදා මරා දැමූ බව අමතක ද? ඒ නිසා තමයි NATO විසින් එහි Article 5 ක්‍රියාත්මක කරන්නේ. NATO හි එක රටකට පහර දීම එහි හැමෝටම පහර දීමක් ලෙසින් සැලකෙන්නක් බව රටවල් වල නායකයෝ දන්න දෙයක්. ත්‍රස්තවාදීන් නොසලකා හරින්නක්. ඇමෙරිකාව තනියම ගහන්න ගියේ නැහැ ඇෆගනිස්ථානයට. ඇෆගනිස්ථානයට මුලින් ම කඩා වැදුනේ කවුදැයි ඉතිහාසය කියවා ඉගෙන ගන්න.

      ඇමෙරිකාව යන්නේ අපේ රටට ඇවිත් ගහලා ගිය ත්‍රස්තවාදීන් මර්ධනයටයි. පකිස්ථානයේ වැසියන්ට ම අමානුෂික වද හිංසාවන් කරන්නට ඉතා සමත් පාකිස්ථානුවන්මයි, අහලා ඇතිනෙ ගෑණුන්ට ඇසිඩ් ගහන මිනිස්සු වැඩිවෙන හැටි ගැන. අමතක වුනා ලංකාවේත් කරනවා නේද ඒ වගේ වැඩ?!!!

      ඇමෙරිකාවේ කළු ජනාධිපති කෙනෙක් කොහොම ද අනේ සුදු වර්ගවාදය පතුරවන්නේ?!!!! මාර මෝඩ කතානෙ ඔයත් කියන්නෙ!!!!

      ප්‍රදර්ශනාත්මකව නෙමෙයි සහන ලංකාව වගේ විදේශිකයන්ට ප්‍රදානය කරන්නෙ. ණය සහ ආධාර ඉල්ලා ගෙන මේ පැත්තෙ එන ලාංකික වගේ අනිත් රටවල නායකයෝ නිසා … මගෙත් ප්‍රශ්නය කිසිම හොඳක් නොකියන උදවියට අනේ මොකට ණය සහ ආධාර දෙනවා ද කියන එක තමයි. ඔයාලා වගේ අනුන්ට බැන බැන හැමදාම වැඩක් නොකර අනුන්ගෙන් කන අයට කන්න නැතිව බඩගින්නෙ ඉන්න වෙච්ච දාට වැටහෙයි කවුද මංකොල්ලා කන්නෙ කවුද වැඩ කරලා මහන්සි වෙලා ගෙවන බදු මුදල් කිසිත් ස්තූතියක් නැති මිනිස්සු එක්ක බෙදා ගන්නෙ කියලාත්. ඔහොම බැන බැන ඉන්න එතකොට වැඩි කලක් නොයා ඒ දවසත් උදාවේවි!!!!

      • Dinuka Jayasinghe said, on ජූනි 11, 2012 at 12:29 පෙ.ව.

        ඕයාගෙ කතාව ඇත්ත අමෙරිකාවෙ මිනිස්සු අමෙරිකාවේ භූමිකාව ගැන සතුටුවෙනව තමයි මොකද ලෝකෙට ලොක්ක තමන්ගෙ රටය කියන්න කවුද අකමැති අනිත් එක අමෙරිකාව හදන්න යන්න කලින් අපිට ලංකාවෙ සෑහෙන්න දේවල් හදාගන්න තියෙනව.

        • arunishapiro said, on ජූනි 11, 2012 at 10:34 පෙ.ව.

          Dinuka,

          ගොඩක් රටවල මිනිස්සු බහුතරය තමන්ගෙ රටේ භූමිකාව ගැන සතුටු වෙනවා. උතුරු කොරියාවේ අයත් සෙසු ලෝකය ගැන නොදන්න නිසා හිතන් ඉන්නෙ තමන්ගෙ රට තමයි අති උසස් කියලනෙ!!!

          ඉතා කුඩා දනව්වක් වූ ලංකාව මෑතක සිට ලෝකයේ වැඩියෙන් ම නීත්‍යානුකූල අවිගත් අය ඉන්න, විවිධ ජාතීන් වලින් හැදුනු මහා ජනගහණයක් ඉන්න, ලෝකයේ ධනවත් ම වූ අය වැඩියෙන් ඉන්න, ඇමෙරිකාව එක්ක තමන් කරන හැම දෙයක් ම සසඳන්න යෑම නම් මහා විහිලුවක්. සමහර අය රූපවාහිනියේ රේඩියෝවේ සහ පත්තර වල ඇස් වලින් දැක්කා වගේ ඇමෙරිකාව ගැන සංසන්දනාත්මක දේවල් කියද්දී නම් ඉතින් අනේ පව් කියල තමයි හිතෙන්නෙ.

  3. Chandani said, on ජූනි 8, 2012 at 9:01 ප.ව.

    ඇත්ත, මේක කියවන විට ලෝරා ගේ හිනාව මතක් උනා. මුලින්ම හිම වැස්සක් දකින කොට හිතට දැනෙන මිහිරියාව නම් කියල නිම කරන්න බැහැ අරුණි. මාත් ඒ වාසනාව ලැබුවා.ඔයාගෙ පින්තූරයත් හරිම ලස්සනයි. මේ පින්තූරයේ ඉන්න සිංහයා වගේම රූපයක් අපේ පංසලේත් අඹල තියෙනවා. ස්තූතියි සටහනට.

    • arunishapiro said, on ජූනි 8, 2012 at 10:26 ප.ව.

      Chandani,

      ඍතු වෙනස්වන එක නැතිව ආයෙත් ඉන්න වුවොත් එය නීරස වේ දැයි කියාත් හිතෙනවා සමහර අවස්ථාවල දී. 😀

      අපි වගේ ම ලෝකෙ හැම පැත්තකම අය සිංහයන්ටත් අන්නාසි වලටත් කැමැත්තක් දක්වනවා වගෙයි චාන්දි අක්කෙ.

  4. Gimhani Jayalath said, on ජූනි 9, 2012 at 12:40 පෙ.ව.

    ගොඩක් කලකින් අරුණි අක්කට කමෙන්ට් එකක් දාන්නේ .ඒත් ඇවිත් ලිපි කියවලා ගියා .
    හැමදාමත් වගේ අදත් නොදන්නා කරුණු ගොඩක් දැන ගත්තා .
    ස්තුතියි සටහනට .

  5. නවම් said, on ජූනි 9, 2012 at 1:04 පෙ.ව.

    ආයුබෝවන් = අයු බොහෝ වේවා !

    දීර්ඝ ගිම්හානයකට අරුණි අක්කා ආසයි වගේ.

    මොනාද ඔය ඉස්සරහ තියන බීම, ?

    • arunishapiro said, on ජූනි 9, 2012 at 9:44 පෙ.ව.

      නවම්,

      ආයු බොහෝ වේවා ඔයාටත් නවම් මල්ලි! වෙනස් වෙන දේශගුණය නිසා ඍතුවක් ආරම්භයේ දී නැවුම් බවක් සිතට දැනෙනවා. එළිමහනට කවදත් කැමති නිසා ගිම්හානය ප්‍රියයි, දීර්ඝ නම් ආසයි. ඉස්සරහ තියෙන්නෙ නම් වොඩ්කා නෙමෙයි. ඒ සීතල කරපු ඇල් වතුර මල්ලි. අතීතයේ දී කැන්ද කොලේකට පුරවලා බීපු මිනිසා දැන් වීදුරුවකට දාලා ලෙමන් තීරුවකුත් ගහලා ස්ට්‍රෝ එකකින් බොන වතුර තමයි!!!

  6. Nuwan Prabhath said, on ජූනි 13, 2012 at 11:34 පෙ.ව.

    Matath comment ekak daanna hithuna Aruni aunt ge methana thiyena digama comment eka dakala 🙂 Mata hama thanama peenawa hugak aya anith ratawalata baninne local media wala banina nisa misak aththa mokakda boruwa mokakda kiyala hoyala balanne nathuwa 🙂 dan me lagadi mata TV eke kiyanawa ahuna(mama normally balannema na mokada wadak athi deewal yanne nathi nisa) americawata riddanna minissu gmail use karana eka nawaththanna one kiyana kathawak 😀 eka ahuwahama mata bada allan hina wenna hithuna 😀 mama me kalpana kale ehema kiyana ayai ewa wishwasa karana ayagei mole tharama gana 😀 mama nam kiyanne gmail ain karanna kalin Intel chip, Microsoft OS, IBM computers thawa ehem pitinma Internet iwath karannath one 😀 Mokada ewath invent kale US walin nisa. Ithin mehema kisima padanamak nathuwa banina ayai ewa wiswasa karana moda minissui kiyana ewa ganan ganna hoda na 😀 oya banina ayama IMF eke thawa million 500k ganna yanawa kiyala kathawak thiyenawa. IMF ekata ithin wadiyenna money daanne kauda kiyala mama nam dannawa but banina hugak aya danne na kiyalath dannawa 😀 Aruni aunt kiwwa wagema oya kiyana ayata mee yana widihata nam lagadima terei thama but ehema wenne ai kiyalawath terum ganna molayak thibboth loku deyak 😀

    • arunishapiro said, on ජූනි 13, 2012 at 3:46 ප.ව.

      Nuwan Prabhath,

      ඔව් නුවන් පුතා, ඔයාට මේ දේවල් කියන්න ඕනත් නැහැ. ලේසියෙන් පැහැදිලි ඔයාට ඉංග්‍රීසියෙන් කියවන්න ඇහැකි නිසා. ඉංග්‍රිසියෙන් කියවන්න බැරි අයගෙන් ලංකාවේ සිංහල මාධ්‍ය්‍ය ගොඩක් දේවල් වසන් කරනවා. ලංකාවේ ගුරුවරු කියාගන්න අය ඊට එහා. දන්නෙ නැති දේවල් කියලා දෙන්න යනවා, දන්න දේවල් කියලා දෙන්නෙ නැතිව ඉන්නවා. ඉංග්‍රීසි දන්න ඒ වගේ ම සිංහලෙන් ද ලියන්න පුළුවන් කමක් තියෙන බහුතර අය පැත්තකට වෙලා පාඩුවේ ඉන්න නිසා සිංහලෙන් ලියා ජනතාව රවට්ටන්න පුළුවන් අය තමයි එක එක භේද පතුරුවා රට කෑලි කෑලි වලට කඩලා යම් පිරිසක් පීඩනය කරන්න පුළුවන් මොනා හරි බලතලයක් අල්ලා ගන්නෙ.

  7. Nuwan Prabhath said, on ජූනි 15, 2012 at 3:41 පෙ.ව.

    Ow Aruni anti 🙂 hugak media karanne kohewath thiyena ratawal ape hathuro kiyala pennagena hamadaama minissunwa rawattan inna eka. ethakota aththatama minissunwa rawattana ayawa peenne na.But anthimata mokakhari nayak, help ekak ganna one unama yanneth e palu yanna banna minissu lagata.E witharak neme oya banina lokko hugak ayata green card hitan thiyenawa.e ayage lamai igena ganneth oya banina rata walamai 😀 mata nam mewa maha lajja nathi wada widihata peenne. ape hugak aya loke thiyena ratawal hadanna yanawa, e ayata baninna yanawa tamange waradi hada ganne nathuwa. Hodama example eka dan ape 1sr semester eka iwara una but second eka patan ganna widihak na university wala minor staff strike !! dan 2 weeks wala idala wahala !! mata nam eka loku problem ekak neme mama internet eken saahenna ewa igena gannawa 🙂 me daws tikema kale Gulf war eka, Kosovo war eka gana kiyona eka 🙂 History mage major eka nounath danaganna maara asai 🙂

    • arunishapiro said, on ජූනි 15, 2012 at 9:50 පෙ.ව.

      Nuwan Prabhath,

      ආණ්ඩුව කියන නිසා ම නෙමෙයි මාධ්‍ය එහෙම වාර්තා කරන්නෙ වැඩියෙන් පත්තර විකුණගන්න පුළුවන් මිනිස්සු හිතන විදියට ගැලපෙන විදියට ලිව්වා ම යැයි සිතන නිසා. ඒකයි සිංහලෙන් කියවන්නාට ලියන දේවල් සහ ඉංග්‍රිසියෙන් කියවන්නාට ලියන දේවල් ලංකාවේ මාධ්‍ය්‍ය වලින් ද ඉතා පැහැදිලිව වෙනස් වූ ලෙසකින් දකින්න හැකි.

      නමුත් ලෝකයේ නිවැරදි දෙයක් දකින්න මිනිස්සු වෙනස් වෙනවා. වැඩවසම් යුගයෙන් මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසුනා.

      ඉරණම පත්‍රයේ කතෘවරයෙක් වෙච්ච මගේ තාත්තා ජ්යෝතිශ්ශාස්ත්‍රය අත්හැරලා මිනිස් සිතේ හාස්කම් ලිව්වා.

      මිනිස් සිතේ හාස්කම් වලින් මුදල් හම්බ කිරීම අද ලෝකයේ මහත් ආදායම් උපයන්නක්, ජ්යෝතිශ්ශාස්ත්‍රයට වඩා.

      මිනිසාට තමා ගැන දැනගන්න කුතුහලයක් තියෙනවා, ඒක ඉටුකරන ආකාරය නන් ලෙසින්. තමා වඩාත් ම නිවැරදිව එය ඉටු කරන්නේ කෙසේද ඒ ආකාරයට වඩාත් කාලයක් රැඳෙන්න හැකියි.

      පුතා කළින් ප්‍රතිචාරයේ කිව්වා වගේ, පත්තර කියවන අය, රේඩියෝ සහ රූපවාහිනි මාධ්‍යයන් දෙන විදියට බලන අය අද අඩු වේගන යනවා. යල් පැන ගිය විදියෙන් දෙන නිව්ස් අහන එකෙන් ඈත්වෙලා සමාජ සබඳතා මාධ්‍ය්‍යට ලෝක ජනතාව පිවිසෙන බව දැකීම වෙනස් වන ලෝකය දැකීමයි.

      ඉතිහාසය ඉගෙනීම සෑම මිනිසෙකුට ම අවශ්‍ය වූවක්. ඒත් ඉතිහාසය විතරක් නෙමෙයි තව බොහෝ දේවල් ද විශ්ව විද්‍යාලයකට ගිහින් ඉගෙන ගන්න ඕනෑ ද කියන එක අද විතරක් නෙමෙයි එදා රේ බ්‍රැඩ්බරි යන අය පවා සැකයට පාත්‍ර කළා.

      ලෝකයේ ප්‍රධාන මාධ්‍ය වගේ ම තමයි ආණ්ඩු සේවකයාත් වැඩ කරන්නෙ. නිවැරදි කුමක් දැයි දන්නේ නැහැ, දෙන්න හදන්නේ ජනතාව ඉල්ලන දේ. ආණ්ඩුවෙන් මෙහෙම දෙන්නම්, පුරවැසියන් මෙහෙම ඉල්ලන්න කොට, කියන හුරුවෙන් වැඩ කරන ඔවුන්, තමන්ගේ හැකියාවන් එහෙම ම හැමදාම තියෙද්දී රට ණය වුනත් කමක් නැහැ බනින රටකට ම ණය වෙලා පඩි වැඩිකරපල්ලා කියා වර්ජන කරනවා. මුලාවෙන් ඉන්නා මාධ්‍ය්‍යත් මුලාවෙන් ඉන්නා ආණ්ඩු සේවකයාත් ගොඩ ගැනීම පුරවැසියාගේ කර්තව්‍ය්‍යක්.

      පුතා අන්තර්ජාලයෙන් ඉතිහාසය පමණක් නෙමෙයි ඉගෙන ගත හැකි හැම දෙයක් ම ඉගෙන ගන්න. දැනුම පුතා ජීවත්වෙන තාක් කල් කාටවත් උදුරා ගන්නට බැරි වූවක්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: