අරුණි ශපීරෝ‍ වෙතින්

මුහුදු නගරයේ ගුවන් කරනම්

Posted in Uncategorized by arunishapiro on ජූනි 10, 2012

වාර්ෂිකව පැවැත්වෙන ගුවන් කරනම් සංදර්ශනයේ පුහුණුව පටන් ගෙන ඇති බව සිකුරාදා පළාත දෙදරවමින් ඇදී ගිය ගුවන් යානා විසින් දැනුම් දුන්නා. මම වෙරළ පැත්තට ඇදුනේ කරනම් ගහන එයාර්ප්ලේන් බලන්න. දවස් තුනක් පුරා අහසේ ගුවන් කරනම් ගහනා මිනිස් හපන්කම් දකින්නට ලැබීම සිත කුල්මත් කරන්නක්!!!!

චිත්‍රපටියක් බලද්දී තිරයේ සිද්ධ වෙන සානුකම්පිත දර්ශනයක් හදවත කළඹනවා. සමහර අවස්ථාවල දී ඇස් වලට කඳුළු පුරවන්නට සමත් වෙනවා. තිරයේ දිස්වෙන කම්මුලකට පහරක් වැදී මුහුණක් පැත්තකට විසිවෙද්දී බලාගෙන ඉන්නා අයගේ අත් වලින් සමහර විට තමන්ගෙ කම්මුල් අත ගෑවෙනවා.

අනුකරණය (mimicry) මිනිසාට මෙන් ම ලෝකයේ සෙසු ප්‍රාණීන්ට ද හිමි, ජීවිතය ආරක්ෂාවට ඇති විජට්ටුවක්. අවුල් ලිහන්න මොළයක් ලැබුනට, එය පාවිච්චි නොකරන මිනිස් සත්තු හුරුවෙන් දුවන්නෙ, ජීවිතය ආරක්ෂා නොකරන පීඩිතයන් බෝ කරන පීඩකයන්ගේ අනුකරණයන්ට වීම, ඒක ඉතින් වෙනම කතාවක්!!!

මිනිස් හපන්කම් දැක්කම ඒ අයට තමන්ට වඩා දස්කම් ලැබුනේ වෙන කාගේ හරි වැරැද්දක් නිසා කියල හුරුවෙන් හිතන අයගෙ හිත් ද්වේෂයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ඒ හපන්කම දක්වන අය ඇමෙරිකන් නම් එතකොට ඇමෙරිකාව මතක් වෙලා අහිතකර රසායන වලින් එයාලගෙ මොළය පිරිලා යනවා!!!!

පුහුණුවෙන්, කැපවීමෙන් දස්කම් දක්වන ඔවුන් දිහා බලා එවැනි පුහුණුවකින්, එවැනි කැපවීමකින් යුතුව තමා සතු කුසලතාවයෙන් තමා දැක්විය යුත්තේ කුමන දස්කමක් දැයි සිතන්නටයි මිනිස් හපන්කම් තම උත්සාහයේ ප්‍රතිඵලයක් බව විශ්වාස කරන්නා වෑයමක් ගන්නෙ. අනුන් හම්බ කරන දැයෙන් කොටසක් ලබාගන්න පෙළපාලි යෑම නවතා අප්‍රතිහත ධෛර්යය යනු කුමක් දැයි තමන් විසින් සොයා බලන්නෙ.

“රාක්ෂයෙක් ජීවත්වෙනවා අහසේ. එයාලා කියනවා ඒ රාක්ෂයාට අභියෝග කරන ඕනෑම කෙනෙක් මිය යනවා කියා. ඔවුන්ගේ පාලන පුවරු මිදී යාවි, ගුවන්යානා වියරු වැටී සුළඟේ ගසාගෙන යාවි, ඔවුන් සුන්නත් දූලි වෙලා යාවි කියනවා. රාක්ෂයා ජීවත්වූයේ මීටරයේ මාක් 1 වල, පැයට සැතපුම් 750 දී, වායුවට තවත් අයින් වෙන්න බැරි තැනේ දී. ඒ රාක්ෂයා ජීවත්වූයේ මිනිසාට පසුකර යා නොහැකි බාධකය පිටුපස. ඒ රාක්ෂයා තමයි ධ්වනි බාධාව -sound barrier.” -Tom Wolfe ලියන The Right Stuff (1979) පොතෙන්.

සද්දයේ වේගය (Speed of Sound), Mach 1, Ernst Mach සහ රාක්ෂයාට බිය නොවූ Chuck Yeager සිහිකරමින් මම මුහුදු නගරයේ ගුවන් කරනම් නරඹන්නෙ!!!!

සංදර්ශනයට ඇතුලත් ඇමෙරිකන් ගුවන් හමුදාවේ F-16 Fighting Falcon වලින් ගුවන් කරනම් ගහනා තන්ඩර්බර්ඩ් කණ්ඩයාමේ හපන්කම් දක්වන විඩියෝවක් පහත. සංදර්ශනයේ පෙන්වන Diamond Roll, Knife Edge, Bomb Burst, Sneak Pass යන කරනම් දර්ශන ද එහි ඇතුලත්.

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. Gold fish said, on ජූනි 10, 2012 at 10:52 පෙ.ව.

    හැම අවුරුද්දෙම පෙබරවාරි මාසේ කිට්ටු වෙද්දි රත්මලාන එයාර්පෝට් එක අවටත් ඔය වගේ තමා…

    • arunishapiro said, on ජූනි 10, 2012 at 10:57 පෙ.ව.

      Gold fish,

      මතකයි, යාළු මාළුවා කෆීර් ගැන මිග් ගැන ලියල තිබිච්ච ඒවා කියෙව්වා මමත්. මම ලංකාවේ හිටිය කාලේ තිබ්බෙ නෑනේ ඒවා නැත්නම් අනිවාර්යෙන් බලන්න යනවා.

  2. Chandani said, on ජූනි 10, 2012 at 11:56 පෙ.ව.

    හරිම ලස්සනයි. ස්තූතියි පොස්ට් එකට.

  3. wicharaka විචාරක said, on ජූනි 10, 2012 at 1:21 ප.ව.

    ප්‍රහාරක යානා වලට ජනාවාස වලට ඉහලින් කරනම් ගැසීම තහනම් කියා නීතියක් (ජාත්‍යන්තර) තියනවා. වැඩකරලා වෙහෙසවී විවේකයෙන් ඉන්නා මිනිසුන්ට කරදර කරන්න තහනම්. F 16 මෑතකදී භාවිතයෙන් ඉවත් කරන්නට තීරණය කළා වගේ මතකයකුත් තියනවා. ඉන්දන දහනයෙන් ඉතා ඉහල හා වියදම් වැඩි මේ පියාඹන රාස්සයෝ පරමාණු බලයෙන් පියාඹන පරාස්සයෝ වෙයි අනාගතේදී.

    • arunishapiro said, on ජූනි 11, 2012 at 10:28 පෙ.ව.

      wicharaka විචාරක,

      ඔව් ඒක හොඳ නීතියක්.

      මේවා ප්‍රහාරක යානා නෙමෙයි, යුද්දෙට යන්නෙ නැති සංදර්ශන වලට යන යානා. ඔවුන්ගේ නිල නම 300th Air Demonstration Squadron. ඒත් පිහිටුවලා වැඩි කලක් යන්නට පෙර ස්වදේශී-ඇමෙරිකානුවන්ගේ මිථ්‍යා ප්‍රබන්ධ වල එන යුද කුරුල්ලා නොහොත් තන්ඩර්බර්ඩ් නම ඔවුන් යොදා ගන්නවා. මාධ්‍යය වාර්තාකරුවන්ටත් ඒ ප්ලේන් එකක යන්න අවස්ථාව ලැබෙනවා ඔවුන් නගරයක සංදර්ශනයක් පවත්වන්න ආවම. පුංචි ගම්මාන වල අයට ලැබෙන වැදගත් අවස්ථාවක්. මම Formula 1 රේස් කාර් එකක යන්න ලැබුනොත් කවදා හරි යනවා. ඒත් මේක බලන්න ආසා වුනාට එහෙම යන්න ආසාවක් නම් නැහැ.

      අපි ඉන්නෙ මුහුදු වෙරළට ඉතා ළඟ නිසා අපිව පාස් කරන්නෙ නැතිව ඒ ප්ලේන් වලට යන්න බෑනේ. හැබැයි කරනම් ගැහැව්වෙ නම් මුහුද උඩ තමයි. අපි කැමැත්තෙන් ඇවිත් මෙහෙම මුහුද ළඟින් ජීවත්වෙන්නෙ ඒ ප්ලේන් සද්දෙටත් කැමති නිසාම තමා.

      කවුද දන්නෙ පරමාණු බලයෙන් ද, හිරු තාප බලයෙන් ද, නැත්නම් තවම සොයාගෙන නැති තවත් බලයකින් වෙයි ද කියලා නේද?!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: