අරුණි ශපීරෝ‍ වෙතින්

තෙවැනි උඩ යටිකුරු කරන ලෝකය

Posted in Uncategorized by arunishapiro on ජූනි 11, 2012

තෙවැනි උඩු යටිකුරු කරන ලෝකය (Turning the World Upside Down III) 2006 දී ලන්ඩනයේ Deutsche Bank සඳහා නිර්මාණය වූයේ අනිශ් කපූර් නැමති මූර්ති ශිල්පියා අතින්. 1954 දී මුම්බායි හි ඉපදුන අනිශ් අද ජීවත්වන්නේ ලන්ඩන් හි ය. දැවැන්ත, බරින් ඉතා අධික, මන බන්ඳන, ඇස් පිනවන, කෙසේ ද, කුමක් ද, කොයි ආකාරයෙන් දැයි සිතාගත නොහැකි අපූර්ව නිර්මාණ ලෝකයට ඉදිරිපත් කරන්නට සමත් වූවෙකි.

අනිශ් සිය පැයක දේශනයක් වරක් පටන් ගත්තේ මෙසේයි: “මට කියන්න කිසිත් නැත.”!!!!

අද ලෝකයේ මිනිස් සත්වයාට දැනගන්නට අවශ්‍ය වැදගත් හා සත්‍ය වූ දේවල් සියල්ල ම පාහේ මීට කළින් පුන පුනා ඉතිහාසය පුරා ලෝකයේ නන් දෙසින් අපට දැනටමත් අහන්නට ලැබී ඇත. උගතුන් කියා ගත්තවුන් නොව සැබෑ ඥානවන්තයින් මෙය දනිති. ඔවුන් ඒවා බාර ගන්නට පෙර ආවේ කොහෙන් දැයි සොයන්නේ නැත. කොහෙන් ආවත්, කොයි ‘බාලයෙක්’ කීවත් එය සත්‍ය්‍යක් නම්, එය වැදගත් වූවක් නම්, ඥානවන්තයා එය තම ජීවිතයට අනුචිත කර ගනියි. චේගුවේරා ගේ ‘වෙනසක්’ ඇති කරන අදහසින් වැඩියෙන් ම ලොව ජයගත්තේ අර්නෙස්ටෝ ගුවේරා ද නැත්නම් ස්ටීව් ජොබ්ස් ද?!!!!

සමහර දේවල් සත්‍ය්‍ය දේවල් වෙති. සමහර දේවල් සත්‍ය්‍ය සේ පෙනෙනා වුවත් ඒවා මායාවන් ය. අනිශ් කපූර් උත්සාහ කරන්නේ තම නිර්මාණ තුලින් මේ සත්‍ය්‍ය දේ සමඟ මායාවන් මිශ්‍ර කර අපූර්ව නිර්මාණ බිහි කරන්නට ය.

එහෙත් කලා කෘතියක් නොවන ජීවිතයේ සත්‍ය දේවල් මොනවා ද මායාවන් මොනවා දැයි හඳුනා ගැනීම මිනිසාගේ ආරක්ෂාවට අවශ්‍ය වූවකි. කලාත්මක නිර්මාණයක් රස විඳින්නේ එහි ඇති සත්‍ය්‍ය හා මිශ්‍ර වූ අතිශයෝක්තිය අත්‍යාලංකාරය නිසා ය. නමුත් ජීවිතයේ දී නීරස වූත්, අමිහිරි වූත්, කටුක වූත් දෑ නැතැයි සිතා ලෝකය දිහා බලන්නට ගියොත් තම ජීවිතය ද අහිමි වනු ඇත. එසේම ලොව ඇත්තේ ඒවා පමණක් යැයි සීතිමත් මුලාවකි.

නීරස, අමිහිරි, කටුක දෑ ඇත්තේ එයත් ලෝක ස්වභාවය නිසයි. කොතරම් ධනවත් රටකට වුවත් චණ්ඩ මාරුතයක් කඩා වැදුනොත් එහි ජනතාවගේ ආර්ථිකයට දරුණු පහරක් වැදෙයි. එය රටේ ආර්ථිකයටත් බලපායි. වැසිකිළිය සේදීම අමිහිරි ය. ඊට වඩා වැල්ලේ ඇවිද ගුවන් කරනම් නැරඹීම මිහිරි ය. සුද්දන්ට ගෙවා වැසිකිළිය සෝදාගත ආර්ථික හැකියාව ලැබෙන තෙක් තමන් විසින් වැසිකිළිය සෝදා ගත යුතුයි!!! වැසිකිළියක් සේදීම වැනි ඒකාකාරී රැකියාවක යෙදීම නීරස ය. එහෙත් තමන් කැමති රැකියාව ළඟට එනතුරු බලා නොසිට, පැයකට ඩොලර් 75 ක් ලැබෙන්නේ නම් ඒකාකාරී වූවකින් හෝ තම සතුට සොයා යන ගමන පටන් ගත යුතුයි.

අයෙක් හැමදාම ‘වෙනසක්’ නොකර ලැග්ග තැන ම ලැග සිටින්නේ ද එයා නීරස, අමිහිරි, කටුක දෑ වලින් එහාට යන්නට වෑයමක් නොදරා සිටින නිසා ය. එයා පීඩකයන් විසින් පීඩනයට ලක් කරගෙන ඉන්නා පීඩිතයෙක් ව ජීවත් වෙයි. හැමදාම අහන්නේ තමන් කැමති අයගේ වාදපද පමණි.

සත්‍ය දේවල් මොනවා ද, මායාවන් මොනවා ද යැයි තෝරා බේරා ගන්නට වෑයමක් ගන්නා නම් තමන් අකමැති වුවත් ඇත්තටම කාල් මාක්ස් කියා ඇත්තේ මොනවා දැයි වැනි යමක් සොයා බලන්නට වෙහෙසක් ගන්නා අයෙකි. ලෝකයේ මිනිස් ජීවිත මිලියන ගණනින් විනාශයට පත් කරන්නට සමත් වූ දර්ශනයක් ලොව පෙරලියක් ඇති කළේ දර්ශනයේ වූ සත්‍ය්‍යක් නිසා ද නැත්නම් මායාවක් නිසා දැයි තෝරා බේරා ගත යුත්තකි.

යමක් තෝරා බේරා ගන්නා හැකියාව මිනිස් සිතකට ඇති පමණින් තෝරාගත්තා වූ සත්‍ය්‍ය අනුගමනය කළ යුතු නැත. නිදහස වනාහි තමන් විසින් අනුන්ට කරදරයක් නොකරන්නේ නම් තමන් කැමති ඕනෑම මායාවක ඇලී ගැලී සිටීමට ඇති අයිතියයි!!!!

අනිශ් කපූර් මෙන් අපූර්ව නිර්මාණ බිහි කරනා අය ලොව ඉන්නේ ස්වල්පයකි.

එහෙත් නීරස වූ, අමිහිරි වූ, කටුක වූ දෑ හි නිරත වී එතැන ලැග නොසිට එතැනින් එහාට තමන්ගේ සතුට සොයා යන අය ලොව වැඩි ය. ඇස් වලට කඳුළු උනවා, පරිසරයට හානි පමුණුවා, දුම් දමන දර ලිපක කෑම උයන අය අද ලෝකයේ අඩු ඒ නිසා ය. කාසි වාසි පමණක් නොව සතුට සොයා ද ලෝකය පුරා යන්නට පහසු යුගයකි මේ. එහෙත් ඒ කළින් කීවාක් මෙන් තමන් කැමැත්ත අත ළඟට එනතුරු මායාවන් වලට මුලා වී බලා සිටීමෙන් නොව නීරස, අමිහිරි, කටුක වූ දේවල් වලට මුහුණ දෙමින් සිය කැමැත්ත හඹා යෑමෙනි.

අනිශ් මෙන් ම උපන් දේශයට සීමා වී නොසිට ලොව නන් දෙස ගොස් තම සතුට සොයා යන පිරිස් බහුල යුගයක අප ජීවත් වෙමු.

ඊයේ මොන්ට්‍රියාල් හි Formula 1 තරඟයෙන් ජයගත්, සතුට සොයා ගිය ලුවිස් හැමිල්ටන්ට ජයවේවා!!!!!!!! ලුවිස් මගේ ප්‍රියත ම රේස් රියැදුරා ය. තරඟයට දැඩි ආශාවක් ඇති හේ පසුගිය වසර තුල දී මහත් චෛතසික විප්ලවයකින් ජයගත්තෙකි. මම කියන්නෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් පලහිලව්ව ගැන නම් නෙමෙයි. ඉතා යාන්තමින් තිබූ අනුන්ට ඇඟිලි දික් කරන හුරුව ඔහු කෙමෙන් කෙමෙන් ජයගත් බවයි. එය ඊයේ ඉතා පැහැදිලි ලෙසින් පෙනුණි. ඔහුට ඇති කැමැත්ත දෙගුණයකින් තෙගුණයකින් ඉහළ ගිය බව මගේ සිත දන්වන ලදි!!!!

කිසිවෙක් නොදන්නා, කිසිවෙකුට කරදරයක් නොවී, දිනපතා ම තමන්ගේ සතුට සොයා යන සියලු ලෝක ජනතාවට ජයවේවා!!!!!!

අනිත් අය හැමදාම ඔවුන් ගහන වාදපදේ ගහනු ඇත. ඒවාට රැවටී ඉන්නවා ද? නැත්නම් තම සතුට සොයා යනවා ද?!!!

Advertisements

11 Responses

Subscribe to comments with RSS.

  1. Gold fish said, on ජූනි 11, 2012 at 11:51 පෙ.ව.

    මේ කතාව නම් දැනුම විතරක් නෙවෙයි ආදර්ශ දෙක තුනකුත් දෙනවා. 🙂 ඒත් අනුන්ට ඈඟිල්ල දික් කරන කැත පුරුද්ද මෙහෙයි අතුගාන්න නම් තව ටිකක් කල් යයි.

    • arunishapiro said, on ජූනි 12, 2012 at 7:20 පෙ.ව.

      Gold fish,

      මෙහෙත් ඉස්සර වැඩිය දකින්න තිබ්බෙ නැති මේ කැත පුරුද්ද පසුගිය කාලයේ දී බහුල ව පැතිරිලා ගියා. හැබැයි අඩුගානේ ඒක එහෙමයි කියලා පිළිගන්නා අයත් දැන් හිමිහිට වැඩිවෙන නිසා වැරැද්ද හදාගන්න එච්චර ම අමාරු නැති වේවි.

      කැත පුරුද්දක් අතුගාන්න දුෂ්කරයි වුනාට ඒක කැතයි කියලා දැකීමත් වෙනසක් ඇති කරනවා. එය කැතයි කියා දැක්කාම ඇඟිල්ලක් දික් කරන්න හුරුව කියද්දි හිත කොනහන්න පටන් ගන්නවා ‘ඒත් වැරැද්ද තියෙන්නෙ එතැන ද?’ අහන්න. එදාට තමයි වෙනසක් ඇතිවීමේ ආරම්භය.

      කල් ගියාට කමක් නැහැ, හැමදාම එකම තැන ලැග අනුන්ට ඇඟිලි දික් කර කර ඉන්නවාට වඩා තමන් වෙනස් වෙන පැත්තට යාන්තමින් හරි ඇදෙනවා නම්.

  2. Shanthi Chandrasekera said, on ජූනි 12, 2012 at 2:06 පෙ.ව.

    gold fish ekka math ekngai thanks Aruni,

    • arunishapiro said, on ජූනි 12, 2012 at 7:24 පෙ.ව.

      Shanthi,

      අතුගාලා දාන්න බැහැ සම්පූර්ණයෙන් ම, ලෝකෙ කොහෙන් වුවත්. ඒත් තමන් උත්සාහයක් නොගෙන අනුන්ට ඇඟිලි දික් කරමින් ඉන්න අයට අපි දක්වන සැලකිල්ල අඩු කරන්නට අපිට පුළුවන් නෙ, නේද?

  3. නවම් said, on ජූනි 12, 2012 at 3:20 පෙ.ව.

    මම මේ අනීශ් ගෙ ඕබිට් එක ගැන බලන ගමන්. ඒක ලොකු ව්‍යාපෘතියක්නෙ.. පෝස්ට් එක කියවගෙන යනකොට මම හිතුවෙ මේ මේසෙ උඩ තියන සයිස් එකේ ඒව එහෙම අනෙත්නම් සාලයක කාමරයක තියන සයිස් ඒව කියල.

  4. නවම් said, on ජූනි 12, 2012 at 3:22 පෙ.ව.

    //”This website/URL has been blocked until further notice either pursuant to Court orders or on the Directions issued by the Department of Telecommunications”//

    ඔන්න ඕක තමයි පෙන්වන්නෙ අර “මුකුත් කියන්න නැති” දේශනය අහන්න ගියාම

    • arunishapiro said, on ජූනි 12, 2012 at 7:28 පෙ.ව.

      නවම්,

      ArcelorMittal Orbit තමයි එහි මුළු නම. මොකද යකඩ ධනකූවේර ලක්ෂ්මි මිටාල්, බ්‍රිතාන්‍යයේ ධනවත් ම මිනිසා තමයි ඒකේ යකඩ ටොන් 1,400 ක් සපයන්නේ මිලියන £19.6 කට. බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් දාන්නේ £3.1 ක් ඒකට.

      බලන්න දැන් අපි ඉන්න ලෝකය අද කොච්චර වෙනස් ද? යටත් විජිත ඉන්දියාවේ කවුරු හරි හිතුවා ද 2012 දී බ්‍රිතාන්‍යයේ ධනවත් ම මිනිසා ඉන්දියාවෙන් ආපු කෙනෙක් වේවි යැයි කියා?!!!!

      පහුගිය ටික දොහක ඉඳන් ටිකක් අමුතු අමුතු දේවල් වෙනවා. කුමක් නිසාදැයි නොදන්නෙමි. ඔය පැත්තෙ ඔහොම කියනවා, ඊයේ මේ පැත්තකින් drone යානාවකුත් කඩා වැටුනා, ඔත්තු බලන්න ඇවිත් ද දන්නෙත් නැහැ!!!!

      බලමු මෙහෙම යන්න පුළුවන් ද කියලා: http://www.anishkapoor.com/ ගිහින් The Institute of Psychoanalysis 2010 යන්න.

      • නවම් said, on ජූනි 13, 2012 at 1:05 පෙ.ව.

        තවමත් එහෙමයි

        • arunishapiro said, on ජූනි 13, 2012 at 8:14 පෙ.ව.

          නවම්,

          Telecommunications දෙපාර්තමේන්තුව Psychoanalysis වලට කැමති නැත් ද නැත්නම් අනිශ් කපූර්ට කැමති නැත් ද?!!! එතැන කතා කරන්නේ කලා නිර්මාණ ගැන සහ ඊට මිනිස් ස්වභාවයේ වූ ප්‍රතිචාරයන් ගැන. හඳයාගේ අක්ෂරයත් තහනම් කරපු රට නිසා, මේවා ඇයි තහනම් කරන්නෙ කියලා තහනම් කරන උදවියත් දන්නෙ නැතිව ඇති. කොහෙද ඉතින් සංවාදයක් කරන්න හැකියාව.

          ඉතිහාසය උගන්වන මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වැන්නෝ පවා V for Vendetta පින්තූරයක් දාගෙන “ධනේශ්වර පරිභෝජන සංස්කෘතිය සහ පාසැල් විනය නීති” සිරස්තලයෙන් මෙහෙම කියනවා: //පාසැල් අධ්‍යාපනයේ මූලික කාර්ය වන ළමයා ශික්ෂණය කිරීම පිළිබඳ කාර්යයට මෙම පාසැල් විනය මාලාව සෘජුව සම්බන්ධ වේ.// අර මී මැස්සො විදියට ළමයින්ට හැදෙන්න කිව්ව එස්. බී. ට වඩා වැඩි වෙනසක් නැහැ ඒ කතාවත්. V පෙනී සිටින්නේ කුමකට දැයි කවුරු හරි එයාලට කියා දෙන්න ඕන!!!! පාසැල් අධ්‍යාපනයේ මූලික කාර්යය ළමයාට දැනුමක් ලබා දීම කියලයි මම හිතාගෙන හිටියෙ. මම ලංකාවේ ඉස්කෝලෙ යන කාලේ නම් එහෙමයි. මට උගන්වපු ගුරුවරු ඇඳුම් ගැන, ඇහි බැම ගැන, අතේ ගාලා තියන නියපොතු ආලේපන ගැන වලට වඩා වැඩි කාලයක් යෙදෙව්වෙ අපිට දැනුම දෙන්න. ගැටවර වයසට විනය රාමුවක් සාර්ථක වූ දවසක් ඉතිහාසයේ ම තිබ්බෙ නැහැ කියල ඉතිහාසය උගන්වන කෙනෙක් දන්නෙ නැති වුනාම මොනවා කරන්න ද?!!! පව්, එතකොට කොහොම ද අපි Telecommunications දෙපාර්තමේන්තුවට වැරැද්දක් කියන්නෙ වෙබ් අඩවියක්/URL එකක් තහනම් කිරීම ගැන අවලාදයක්?

  5. vishvanatha said, on ජූනි 23, 2012 at 12:33 ප.ව.

    මේ කාටූන් එක හරි අපූරුයි.මම ඇමරිකාවෙ තාක්ෂනය,නිදහස අගය කරනවා ඒකෙ දෙකක් නෑ.ඒ වුනත් මෙතනදි කියන්නෙ ඉරානයට න්‍යෂ්ඨික අවි හදන්න බෑ ඇමරිකාවට පුලුවන්.චීනය රුසියාව වටලන්න බොරු හේතු දාල ඉරානය ඉරාකය ඇෆ්ගනිස්ථානය ට හමුදා යවන්න පුලුවන්.රාජ්‍ය නොවන සංවිධාන හරහා හැම රටකම අවුල් ඇති කරන්න පුලුවන්.කවුද මේ අයිතිය දුන්නෙ දෙවියන් වහන්සෙද?ඒ ඔකොමත් හරි කියමු ඇමරිකානු සමාජය බරපතල ඛේදවාචකයක.පවුල හා සදාචාරය බිද වැටිලා.ඇමරිකානුවා තිරිසනෙකුගෙ තත්වයට පත් වෙලා.අපේ රටවල කලාතුරකින් මවුවරු දරුවෙක් හදාගන්න බැරි නිසා වහ පොවලා තමනුත් වහ බීල මැරෙනවා.දරුවෙක් ගඟකට දැම්මත් සමාජය ඊට එරෙහි වෙනවා.ඇමරිකාවෙ මවුවරු ස්ත්‍රීවාදය නිසා දරුවො මරන විට සමාජය එය අනුමත කරනවා.සීමාව ඉක්මවා ගිය නිදහසක් නිසා හුදකලා මිනිසුන් ගෙන් සමන්විත කාලකන්නිකමක ඇමරිකාවත් බටහිරත් ගිලිලා.ඉදිරි දශකයෙ මේ ක්‍රමය කඩා වැටෙයි.පරිසරයටත් මේ ක්‍රමය දරා ගන්න බෑ.හැබැයි ඇමරිකාව අපට තිලින කල සියලු ධනාත්මක දේ එලෙසම පවතීවි.

    • arunishapiro said, on ජූනි 23, 2012 at 4:56 ප.ව.

      vishvanatha,

      ඉස්සර වෙලා ම රුසියාවේ, චීනයේ, ඉන්දියාවේ, උතුරු කොරියාවේ පවුල හා සදාචාරය ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ලෝකයේ වැඩියෙන් ම නූපන් දරුවො මරන්නෙ රුසියාව ද? චීනය ද? ඉන්දියාව ද? උතුරු කොරියාව ද? කියලා පොඩ්ඩක් හොයලා බලන්න.

      ඊට පස්සෙ මට දත්ත හා සාධක එක්ක කියන්න ඇමෙරිකානු සමාජය බරපතල ඛේදවාචකයක ඉන්න හැටි. එහෙම ඉන්නවා කියල ඔයා ඔහොම කිව්වට ලෝකෙ මොළයෙන් හිතන්න පුළුවන් කවුරුත් විශ්වාස කරන්නෙ නැහැ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: