අරුණි ශපීරෝ‍ වෙතින්

හා හරි එහෙනම් යමු

Posted in Uncategorized by arunishapiro on ජූනි 16, 2012

“හා හරි එහෙනම් යමු” නැත්නම් OK Go නමින් වන්නේ ඇමෙරිකන් සංගීත කණ්ඩායමකි. ඔවුන්ගේ ආරම්භය 1998 දී ය. ඔවුන්ගේ සංගීත විඩියෝ පටි නිර්මාණ සියල්ල ම මෙතෙක් නොවූ වෙනස් විදියකට හිතා ලොවට අලුත් යමක් ඉදිරිපත් කරන ඒවා ය.

ඔවුන්ගේ නිල අඩවියේ “උවමනාව/ලැබීම -Needing/Getting” සංගීත පටිය නිර්මාණය කරන හැටි විඩියෝවක් ද වෙයි. ඊට ප්‍රතිචාරයක් දාන රසිකාවියක් ඔවුන්ගේ කෞශල්‍යය (ingenuity) කැපවීම (passion) සහ වැදගත් වූවක් සාර්ථක කරගැනීමට එය හඹා යෑම (drive to accomplish something great) අගයයි.

අලුත් යමක් නිර්මාණයෙන් තමන්ගේ මොළය වර්ධනය වෙයි. කොපි කිරීමෙන් සිද්ධ වන්නේ හැමදාම තව අයෙක් යම් නිෂ්පාදනයක් කරන තුරු බලා සිට එයින් අත පල්ලෙන් වැටෙන දෙයක් කිරීමට සිද්ධ වීමයි. එවැන්නකින් ජීවිතය ගැට ගහන්නට මිස ජීවිතය ජයගන්නට නොහැකියි.

“හා හරි එහෙනම් යමු” කණ්ඩායම ලොව නොතිබූ නොවිරූ දෙයක් නිර්මාණය කරන්නේ ලොව තිබෙන දේවල් වලින් නොදකින ආකාරයෙන් වූවක් දක්ෂ ලෙසින් ගොඩනැඟීමට වෙහෙසක් ගැනීමෙනි.

එහෙත් අනුන්ගේ වෙහෙසින් ඇති නිෂ්පාදනයකට තමන්ගේ හඬ කැවීම කොපි කිරීමයි.

තමන් විසින් තමන් දකින කියවන හා අසන දෑ වලින් මෙතෙක් කිසිවෙක් එකතු කර ඉදිරිපත් කර නැති ආකාරය කුමක් දැයි සොයා ඒ ආකාරයෙන් යමක් නිර්මාණය වෙනසකි, අලුත් දැයක් බිහිකිරීමකි.

ගල්කිස්ස මහ හෝටලයේ සූපවේදී පබ්ලිස් මහතා කියූ පරිදි අපි උයන්නට ඉගෙන ගන්නට ඇත්තේ ලැව් ගින්නකින් පසු පිසුණු අලයක් මුලක් හපා කෑම පහසු හා ඉක්මන් යැයි වටහා ගත් දා සිට ය.

ලෝකයේ මෙතෙක් කවදාවත් නැති වූ අලුත් දෙයක් බිහි කරපු අයෙක් නැත. අලුත් දේවල් සියල්ල ස්වභාව ධර්මයෙන් දැකගත හැකි දේවල් වලින් හෝ මෙතෙක් සොයාගත්තා වූ දැයකින් යමක් ගෙන අයෙක් විසින් සිය වෙහෙස යොදා එය වෙනත් විදියකින් ලොවට ඉදිරිපත් කිරීමයි.

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. kathandarakaraya said, on ජූනි 16, 2012 at 6:58 පෙ.ව.

    මගේ ප්‍රියතම ගායක කණ්ඩායම නං e-Go

    අරුණී කැමති නැද්ද?

  2. Gold fish said, on ජූනි 16, 2012 at 11:47 පෙ.ව.

    කොපි කරන එකත් ලේසි නෑ,.. හොඳම උදාහරනේ චයිනීස් මොබයිල් ෆෝන්…


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: