අරුණි ශපීරෝ‍ වෙතින්

විෂ පෙවුනු මනස් වල විෂහරණයට අත් උදව්වක්

Posted in Uncategorized by arunishapiro on ජූනි 20, 2012

යථාර්ථය (rational) හි තේරුම වන්නේ අයෙක් තුල විචාරයට (අපෝහනය= reason) ඇති හැකියාවයි. විචාරයෙන් යථාර්ථයට පිවිසෙන්නා එය පාවිච්චියෙන් ඕනෑම ක්‍රියාවක, විශ්වාසයක, ආශාවක යම් තෝරා ගැනීමක් කරයි. අයෙක් තුල ඇති විශ්වාසයන් මොනවා ද? ඒ විශ්වාසයන් ඇති කරගන්නට හේතු මොනවා ද? අයෙක් කරන ක්‍රියාවක් කුමක් ද? ඒ ක්‍රියාව කරන්නට හේතු වූයේ මොනවා ද? මේවා සලකා බැලීම දර්ශනයේ දී සිද්ධ වෙයි. නිරෝගි මොළ ඇති මිනිස් සත්වයන් තුල විචාරයට හැකියාවත් ඉන් යථාර්ථයට පිවිසීමේ හැකියාවත් අනතුරුව තෝරා ගැනීමකට හැකියාවත් සතු ය.

බොහෝ විට ඔවුන් සතු නොවන්නේ ඊට අවශ්‍ය වූ තොරතුරු ය.

සිරියාවේ අගමැති Bashar al-Assad 2000 දී සහ 2007 දී ජනාධිපති බලයට ‘තේරී පත්වන්නේ’ ප්‍රතිවාදියෙක් තරඟ නොකරන මැතිවරණ වලිනි.

1998 දී සිරියාව යෙදී සිටි ලෙබනන් ආක්‍රමණයට ඔහු සහාය වෙයි. වාමාංශිකයන් පරාජයට ක්‍රිස්තියානි ගමක ආරාධනය නිසා සිරියාව විසින් ලෙබනනය ආක්‍රමණය කර සිටින්නේ 1976 දී සිට 2006 දක්වා ය.

Bashar al-Assad ට කළින් සිරියාවේ ජනාධිපති වූයේ (1971 සිට 2000 දක්වා) ඔහුගේ පියා වන Hafez al-Assad ය. 1982 දී හමාස් සමූලඝාතනය මෙහෙයවන Hafez විසින් 40,000 ක් සිරියානුවන් මරන ලදැයි සිරියානු මානව අයිතීන් සංවිධානය කියයි. අරාබි ආණ්ඩුවකින් මැදපෙරදිග වැසියන් වැඩියෙන් ම විනාශ කරන ලද ප්‍රහාරයක් ලෙස එය සැලකේ.

සූක්ෂම ලෙසින් පාලන බලය තාත්තාගෙන් පුතාට යද්දී සිරියාව විසින් ලෙබනනයේ ඇඟිලි ගැසීම් වලට 90 ගනන් වල දී වසරකට ඩොලර් බිලියන දෙකක් බැගින් වැය කර ඇත. අවසානයේ දී ඒවායේ සුල මුල හෙළි වී ලෙබනන් හි Al-Madina බැංකුව 2003 දී කඩා වැටෙයි.

2011 ජූනි මාසය වෙද්දී සිරියානු ජනාධිපතිව බලයෙන් පහ කරන්නට යැයි ජන ඝෝෂා පිණිස පාරට බැස්ස සිරියානු වැසියන් (ඔවුන් ත්‍රස්තවාදීන් නෙමෙයි) 1,100 ක් සිරියාවේ ආරක්ෂක හමුදාවන් විසින් මරා දමන ලදි.

යුක්ති සහගතව බෙදා දෙනවා යැයි කියා වෙහෙසෙන ජනතාවගේ සල්ලි සූරා කන, බලහත්කාරයෙන් ස්වාධීන රටවල් වලට ඇතුල් වෙන අධිරාජ්‍යවාදියා තමන් බව සඟවන්නට පොරවා ගත් බැටළු හමකින් ඉන්නා රුසියාව විසින් ඇමෙරිකාවටත්, නේටෝ සංගමයටත්, සිරියාවේ කලබල වලට එකතු වෙන්න එපා යැයි තරවටු කරන්නේ 2011 ජූනි මාසයේ දී ය. 2012 ජූනි මාසය වෙද්දී සිරියාවේ මරණ සංඛ්‍යාව 10,000 කට අධික වෙයි. 2012 ජූනි මාසය වෙද්දී රුසියාව ප්‍රහාරක හෙලිකොප්ටර් යානා රැගත් නැවක් සිරියාව වෙත යුරෝපා හවුලේ අවි සම්බාධක මධ්‍ය්‍යේ යවා ඇති බව හෙළිවේ.

නැවේ රක්ෂණය අවලංගු කරන බ්‍රිතාන්‍ය රක්ෂණ සමාගම නිසා තතු හෙළි වූ පසු රුසියාව කියන්නේ ඒවා Bashar al-Assad ගේ පියා 80 ගණන් වල දී මිල දී ගත්, පසුව කැඩුණු නිසා අලුත්වැඩියා කරන්නට එවූ හෙලිකොප්ටර් අලුත්වැඩියාවෙන් පසු ආපහු යවනවා කියා ය!!! යුරෝපා හවුලේ අවි සම්බාධකය හදිසියේ ම මතක් වී නොව නැව හරවා ගන්නේ නැවේ රක්ෂණය අවලංගු වූ නිසා ද? තමන් සිරියාවට අවි සැපයූ බව රුසියාවේ ව්ලැඩමියර් පූටින් පිළිගනියි. ඒවා සිරියාවේ සිවිල් යුද්ධ වල දී පාවිච්චි වෙන්නේ නැතැයි ඔහු කියයි!!!!

ලෝකයේ කලින් කලට බිහිවෙන හැම පීඩකයෙක්ට ම මහා අනතුරුදායක තත්වයකට රටක් හා ජනතාවක් ඇදගෙන යන්නට උර දෙන අය ගැන කිසිත් නොකියන බහුතරය තවමත් නිහඬව සිටිති. ඔවුන්ගෙ කටට පණ එන්නේ යම් ආරවුලකට ඇමෙරිකාව එක්වෙන දාට පමණි. ඊට කළින් සිද්ධ වන මිනිස් ඝාතන නොදකින්නට ඇස් පියා ගෙන සිටිති.

අධිරාජ්‍යවාදය නම් කිසිදා අධිරාජ්‍යයක් නොතිබි ඇමෙරිකාවට කියන තවත් නමක් යැයි ඔවුන් සිතනවා විය හැකිය!!!!

මිනිස් ජීවිත මිලියන ගණනින් මරා දැමූ යුරෝපීය අධිරාජ්‍ය්‍යන් අද එකිනෙකා හා යුද්ධ කරන්නේ නැති බව නොදකින බටහිර විරෝධීන් තවමත් තමන් අතර ඇන කොටා ගනිමින් වැරැද්ද බටහිර අත බව කියන මුසා බස් වලින් රැවටුනු මනස් වලට තවත් විෂ පොවති.

බටහිර රටවල දෙමාපියන් සහ දරුවන් අතර සබඳතා බටහිර නොවන රටවල් සේ යහපත් නැතැයි මෙහෙ ඇවිත් බලා සිටියා වගේ කියති.

තමන් වර්ගවාදය පතුරවමින් බටහිර රටවල සුද්දෝ කල්ලන්නට වෙනස් විදියට සලකනවා යැයි කියති.

බටහිර රටවල් පරිසරය විනාශ කරනවා යැයි කියන ඔවුන් දකින්නේ තෙල් ව්‍යසනයක දී තෙලෙන් නැහැවුනු කුරුල්ලෙක් පමණි. ශතකයට වඩා වැඩි කාලයක් කුරුල්ලන් වෙනුවෙන් වෙහෙසෙන Audubon සංගමය නොදකිති. මුහුද අයිනේ වැලිකන්දක් ආරක්ෂා කරගන්නටත් ඇමෙරිකාව වෙහෙසන පින්තුර දකින්නේ නැත. එසේ කරමින් තම දූෂිත ආණ්ඩු තම පරිසරය විනාශ කරන්නේ ද අධිරාජ්‍යවාදය නිසා යැයි සිතති!!!!

බටහිර වැසියෝ සතුට සොයා යන ගමනේ දී ලැබෙන තම සශ්‍රීකත්වයෙන් ආත්මාර්ථකාමී නොවී, අනුන්ට රැවටී තමන්ට බනිනා ලොව අහිංසකයන්ගේ උදව්වට ගොස් තම වස්තූන් පමණක් නොව තම ජීවිත පවා අහිමි කර ගනිති.

කළු කපුටා සුදු යැයි තර්කයෙන් ඔප්පු කරනු නොහැකි බව පෙන්වා දුන්නේ ඇරිස්ටෝටල් ය. සත්‍ය නොවන ප්‍රස්තුත වලින් එසේ තර්ක කරනු හැකි යැයි සිතන්නේ බටහිර තර්ක ශාස්ත්‍රය නොදන්නා අයයි. තොරතුරු සියල්ල සත්‍ය්‍ය දැයි සොයා විචාරයෙන් යථාර්ථයට පිවිසෙන මිනිසාට තෝරා ගැනීමක් ඇත. මිනිස් වර්ගයාගේ උන්නතිය ඒකීය පුද්ගලයාගේ තෝරා ගැනීම අනුව සිද්ධ වේ.

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. vishvanatha said, on ජූනි 20, 2012 at 8:29 පෙ.ව.

    අරුණි ඔබට මෙතන වැරදිලා තියනවා .සිරියාවේ ඒකාධිපති පාලනයක් තියන බව අපි දන්නවා.ලිබියාවෙ වගේ ඒකත් නේටෝ මැදිහත්වීමකින් වැටෙනවානම් අපි කැමතියි.එතකොට ඇමරිකන් සහයෝගයෙන් පවතින සෞදිඅරාබිය වැනි දුර්දාන්ත ආන්ඩු ගැන මොකද කියන්නෙ.ඇමරිකන් ක්‍රමයෙ මොනතරම් දනාත්මක දේ තිබුනත් පවුල් සංස්ථාව දුර්වල බව අපි දන්නවා.මම දැක්ක ආටිකල් මාතෲත්වය හෙලා දකින අන්තවාදී කාන්තා සංවිධානවල ලිපි.සැමියන්ට
    දරුවන්ට වෛර කරන ලිපි.නූපන් දරුවන් මැරීම.බ්‍රා පුලුස්සමින් සැමියන්ට දරුවන්ට ශාප කරපු ගෑනු ඇමරිකාවෙ ඉන්නවා.සැමියන් දරුවන් හෙලා දැකීම ඒ වගේම පිරිමි දරුවන්ට වෙනස්කම් කිරීම වැනි අදහස් මම දැන ගත්තෙ ෆෙමිනිස්ට්ලගෙ ලිපි වලින්මයි.ස්ත්‍රී පුරුෂයන් ලෙස කුලල් කා ගැනීම ඔබ කොහොමද දකින්නෙ මට විශ්වාසයි ඔබ මෙතනදි නිරුත්තරවන බව.මේ වාගෙ අන්තවාදයක් ඇමරිකාවෙ තියනවා නේද? මේ වාගෙ අති භයානක අදහස් දරන කෲර ස්ත්‍රීවාදී ගෑනුන්ගෙ නිජබිම ඇමරිකාව නේද? අපේ රටවල තියන පවුල් සබදතා දෙස බලන විට ඇමරිකානුවා ඉන්නෙ ගවු ගානක් පිටුපසින් නේද? ඇමරිකන් ගෑනු ඒ අතින් සත්තුන්ටත් අන්ත නේද?මම මෙහෙම කියන්නෙ සත්තුත් තමන්ගෙ දරුවන්ට ආදරේ නිසා.

    • arunishapiro said, on ජූනි 20, 2012 at 10:24 පෙ.ව.

      vishvanatha,

      මේ විදියට ප්‍රශ්න ඇසීමේ අරමුණ මාව නිරුත්තර කිරීම නම් සටහනින් කියූ කිසිවකින් ඵලක් නැහැ ඔයාට. දැනට වැරදිලා තියෙන්නෙ සහ අනාගතයේ ද වරදින්නේ ඔයාට.

  2. Nuwan Prabhath said, on ජූනි 20, 2012 at 9:15 පෙ.ව.

    Ai aruni aunt 2007 di International Atomic Energy Agency eken kiwwe evidence thiyenawa kiyala Deir ez-Zor wala thiyena Syrian nuclear site eke nuclear weapons develop karanawa kiyala. Syria walata bari unane eka boru kiyala prove karanna. Itapssene Israeli air force eken air strike ekakin eka nathi kale. Eka hadanna support eka dunne North Korea. Mama nam hithanne nuclear power eka wage destructive power ekak use karanna denna one minissunge kamaththen path una, mole kalpana karala wadakarana leader kenekta witharai. Nathnam wenne nikan eka minihekge puhu ahankare nisa minissu godak nathiwena eka. Bt mole thiyena hithala mathala wada karana minissunta ehema power ekak labuna paliyata eka ekka sellam karanna yanne na. Dan Cuban Missile crisis eke depaththema aya mole kalpana karala wada kala nisa nuclear war ekak nathi una. E para witharai US wala DEFCON meter eka level 2 walata giya ekama para.Eka katha baha karala wisada gaththa.E situation eke John F Kennedy kiyana kathawa mama ahuwa eke last part eka mara important. menna mehemai minssu problem ekakadi wada karanna one mama hithanne. “…..The cost of freedom is always high.but Americans have always paid it. And one path we shall never choose, and that is the path of surrender or submission.Our goal is not the victory of might, but the vindication of right.not peace at the expense of freedom, but both peace and freedom, here in this hemisphere………”

    • arunishapiro said, on ජූනි 20, 2012 at 10:28 පෙ.ව.

      Nuwan Prabhath,

      හොඳ දැක්මක්, කැමැත්තෙන් පත් කරගන්න හැකි නායකයෙක් තීරණයට ජනතාවට ඉඩ දෙන්න බය අය අනිත් අයට පහර දෙන්නෙ තමන්ගෙ බියගුළු කමට කියලා හිතන්නත් පුළුවන්!!!

      සැබැවින් ම, නිදහසේ වැය ඉතාමත් අධිකයි. ඒක හරියාකාරව වැටහෙන ඇමෙරිකානුවන් ද හිඟ වී ගිහින් නැවතත් වැඩි වේගන එන බව සතුටින් කියන්න පුළුවන්.

  3. Gold fish said, on ජූනි 20, 2012 at 10:10 ප.ව.

    ලොකු මාතෘකාවක්…. මට දැනුම මදි යමක් කියන්න… ඒක නිසා අනිත් අය කියන ඒවා බලලා ඉගෙන ගන්නවා.

    • arunishapiro said, on ජූනි 21, 2012 at 7:05 පෙ.ව.

      Gold fish,

      නොදන්න දෙයක් ගැන දැනුමක් ලබන්න නම් කළ යුත්තේ එය ම තමයි. එක පැත්තකින් නොව හැම පැත්තෙන් ම කියන ඒවා අහලා බලලා කරන තෝරා ගැනීම අනුන් විසින් නිර්දේශ කරන ලද්දක් නොව තමන් විසින් ම තෝරාගත්තා වූවක් දැයි සොයන්නත් අමතක කරන්න එපා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: