අරුණි ශපීරෝ‍ වෙතින්

ඩෙලවෙයාර් හි ගුවාතමාලා සංක්‍රමණිකයන්

Posted in Uncategorized by arunishapiro on ජූනි 21, 2012

සීතල දේශගුණය ඇති රටවල ජීවත්වෙන අයට ගිම්හානයේ ගමන් බිමන් පහසු ය. ඉල්ලුම හා සැපයුම අනුව යාන්තමින් හෝ මිල තීරණය වෙන සමාජයක ජීවත්වෙද්දී බහින පැට්‍රොල් මිලෙන් අඩු වියදමෙන් මෙතෙක් දැක නොගත් දුර බැහැර තැන් වලට යා ගන්නට ද හැකියාව වැඩි ය.

ඩෙලවෙයාර් වලට ගොඩබැසි ඕලන්ද ජාතික ජනපදවැසියන් (colonists) ඩෙලවෙයාර් හි ප්‍රථම ජනපදය පිහිටුවන්නේ 1631 දී ජෝර්ජ්ටවුන් වල ය. අද ඩෙලවෙයාර් ප්‍රාන්තයේ ජෝර්ජ්ටවුන් නගරයේ ජනගහණය 6,422 කි. 2012 වෙද්දී එහි වැඩියෙන් ම පදිංචි වී ඇති නව සංක්‍රමණිකයන් එන්නේ හයිතියෙන් සහ ගුවාතමාලාවෙනි. ඒ එහි ඇති කුකුල් මස් පැසුරුම් (processing) කම්හලක රැකියා සොයාගෙන ය. මුළු ඇමෙරිකාවේ ම ගුවාතමාලාවෙන් ඇවිත් පදිංචි වූ සංක්‍රමණිකයන් 2010 වෙද්දී මිලියනයකට අධික ය.

සංක්‍රමණික ජනතාව වෙතින් ඔවුන්ගේ ආගම සහ සංස්කෘතිය දැනගන්නට මෙහි ඉන්නා අයට අවස්ථාව ලැබේ. ගුවාතමාලාවෙන් එන බහුතරය ඉවැන්ජලිකල් ප්‍රොතෙස්තන්ත්‍ර ආගමිකයන් ය. දෙයියො එක්ක කෙළින් ම කතා කරන්න හැකියාව මිනිසාට තියෙනවා යැයි හිතන ක්‍රිස්තියානි අයට අයිතියි. ඔවුන්ගේ කඩපල වල ආගමික වන්දනාව සඳහා කුඩා ස්ථානයක් වෙන් කර තිබීම දැක ගත හැකිය. බඩු ගන්නට එන අය ද එතැන දී හිස නමා යති. එසේම උපන් රටේ අහිංසකයෙකුගේ ජීවිතය බේරා ගන්නා සැත්කමකට මුදල් එකතු කරන පිං කැටයක් ද කැෂියර් අසල විය.

මේ ගිම්හානයේ දී ස්වේච්ඡා සේවයෙන් ටිකිරි දායක වන Habitat for Humanity කාර්යාලය ද පිහිටා ඇත්තේ ජෝර්ජ්ටවුන් නගරයේ ය. ඔවුන් ස්වේච්ඡා සේවයට ඉදිරිපත් වන පිරිසක් රැගෙන ගුවාතමාලාවට ගොස් නිවාස හදා දීමේ වැඩ සටහනක නිරත වෙති.

සංක්‍රමණිකයන් රටකට ගොස් එහි අයට නොහැකි හෝ අකමැති රැකියාවල් වල නිරත වෙද්දී ලැබෙන්නේ තම රටේ දී උපයා ගතහැකි ආදායම් වලට වඩා වැඩියෙන් ආදායම් පමණක් නොවේ. ඔවුන්ට සාක්ෂාත් කරගත හැක්කේ පරේටෝ ප්‍රශස්තයයි.

පළාතේ රෝහල් වල ස්පාඤ්ඤ බසෙන් හැම තැනම නිවේදන එල්ලා තිබෙනු දැකි මම සුදු අප්පුහාමි ගෙන්, ඔහු ස්පාඤ්ඤ බස දන්නා නිසා, එහි ලියා ඇත්තේ කුමක් දැයි ඇසුවෙමි. එහි සඳහන් වූයේ ඔබ ලිංගික දූෂණයට හසුවූයේ නම් ඒ ගැන වාර්තා කරන්නට බිය වෙන්න එපා කියාය. විවාහක සැමියා අතින් ලිංගික දූෂණයක් වූවානම් එයත් වාර්තා කරන්නට අවසරයක් ඇති රටකි ඇමෙරිකාව.

ඇමෙරිකාවෙන් ඔවුන්ගේ ජීවිතයට එකතු කරගත හැකි යුක්තිය, නීතිය, නිදහස මොනවා දැයි ස්පාඤ්ඤ බසින් කියාදෙන වැඩ සටහන් ජෝර්ජ්ටුවන් හි ඉතා පියකරු ලෙසින් ඉදි වූ අලුත් ම අලුත් පුස්තකාලයේ බොහොමයකි.

තොරතුරු බහුල තක්බීරි ලෝකයක් උදා වී ඇති යුගයකි මේ. තොරතුරු වලින් වැඩගන්නට විජට්ටු හදනා අය බහුල යුගයකි මේ. බහුල තොරතුරු වලින් බහුල විජට්ටු වලින් මිනිසා කරන්නේ කුමක් ද? සමහරු තාමත් යල්පැන ගිය වාදපදයේ නියැළෙති. අනික් අය එදා මෙන් ම මිනිස් උන්නතිය වෙනුවෙන් වෙහෙසෙති. එදා ඉතා දිගු කාලයක් වැය කරමින් ගත් උත්සාහය අද ඉතා අඩු කාලයක දී සාක්ෂාත් කරගන්නට හැකියාව මිනිසා ඉදිරියේ ඇත. මිලියන ගණනින් මිනිස් ජීවිත උන්නතියට ගෙනෙන්නට වෙහෙසි බැරි බ්ලම්බර්ග් වැනි අයට අද තාක්ෂණයෙන් ලැබෙන්නේ මහත් අත් උදව්වකි. ඒවායෙන් ප්‍රයෝජන ගන්නට නම් තොරතුරු ඉදිරියේ, විජට්ටු ඉදිරියේ නිකම් බලාගෙන සිට ඒවායෙන් වැඩ ගන්නා ක්‍රම සොයා ගන්නා අයට බැනීමෙන් ඵලක් නැත.

මිනිස් ජීවිතයේ උන්නතිය සඳහා වෙහෙසෙන්නෝ ලොව සිටිති. මේ තවත් එවැනි පිරිසකි:

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. kathandarakaraya said, on ජූනි 21, 2012 at 9:13 පෙ.ව.

    ඔය ගං පළාතේ කෙහෙල් අන්නාසි ලාබැයි?

    • arunishapiro said, on ජූනි 22, 2012 at 10:07 පෙ.ව.

      kathandarakaraya,

      ගුවාතමාලා කඩවල කෙහෙල් අන්නාසි සුපර්මාකට් එකට වඩා ගණන් වැඩියි. මේරිලැන්ඩ් වල තියන ලංකාවේ කඩේ බඩුත් ලංකාවේ බඩු ගන්න පුළුවන් සුපර්මාකට් එකට වඩා ගණන් වැඩියි. පළාතේ වගා කරන අයගෙන් ගන්න එළවළු පළතුරු සුපර්මාකට් එකට වඩා ගණන් වැඩියි. ඒත් සුපර්මාකට් සමඟ ඒ ඔක්කොම තරඟයේ ඉන්නවා.

  2. Gayan Nadugala said, on ජූනි 21, 2012 at 11:06 පෙ.ව.

    ” බහින පැට්‍රොල් මිලෙන් අඩු වියදමෙන් මෙතෙක් දැක නොගත් දුර බැහැර තැන් වලට යා ගන්නට ද හැකියාව වැඩි ය. ” පෙට්ට්‍රල් මිල බහින බව අද දැන ගතිමි …. මිල බැහැපු පැට්‍රල් වලින් ලාබෙට ගමන් යන බව අසා මා වික්ශිප්ත වූයේ යැ……..

    • arunishapiro said, on ජූනි 22, 2012 at 10:11 පෙ.ව.

      Gayan Nadugala,

      වික්ශිප්ත වූයේ ඇයි? මිල පාලනයක් නැති රටක ප්‍රවාහනය සඳහා අවශ්‍ය පැට්‍රල් මිල බහිද්දි ඒ නිසා ප්‍රවාහන වියදම් බහිද්දි බඩු මිලත් බහිනවා. ගමන් බිමන් යද්දි බඩු මිල බැහැලා තියෙන එක බඩු ගණන් කාලේ එහා මෙහා යනවාට වඩා ලාබයි.

  3. R.p. Susantha said, on ජූනි 22, 2012 at 6:11 පෙ.ව.

    ලිපිය කියවන්න පස්සෙ එනවා. කාලෙකින් මට තිබුනු ප්‍රශ්නයක් අද හදාගත්තා. ඒ වර්ඩ්ප්‍රෙස් සයිට් වලට යන්න බැරිකම. දැන් ඒ බැරි බැරියාව ඉවරයි. ඔක්කොම කියවලා මොනව හරි ලියන්නම් අරුණි අක්කා.
    වෙදගෙදර මහවෙදනා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: