අරුණි ශපීරෝ‍ වෙතින්

එල්විස් ප්‍රෙස්ලි බලන්න ගියෙමි

Posted in Uncategorized by arunishapiro on ජූනි 22, 2012

කළින් සටහන දැම්මට පස්සෙ සිංහල වෙබ් අඩවි වල රවුමක් ගැහැව්වා. හොඳ සංවාදයකට පිවිසෙන්න පුළුවන්කමක් තිබිච්ච මාතෘකාවකින් සටහනක් ලියලා සාබිත් අන්තිමට දාපු ප්‍රතිචාරයක් කියවලා, W3Lanka සිංහල ලියපු “අම්මලා දරුවන් මරන්නේ ඇයි?” සටහන කියවලා ගොඩවැදුනේ දුකා මල්ලිගෙ සටහනට. අනිත් ඒවා කියවලා ඇවිත් ඒක කියවද්දී ඇඬුණා. සිංහලෙන් කියවන අය තාම මෙතැන ද කියලා හිතට ආපු දුක කොච්චරක් ද කියනවා නම් ගිහින් මූදේ පැන්නා!!! මහා ඝෝෂාවකින් රැළි පෙරලිච්ච මුහුදේ ලුණු වතුර නිසා නම් නෙමෙයි ඇස් වලට ගලන කඳුළු නතර නොවුනේ.

ප්‍රංශයේ ඇත්තේ සමාජවාදී පිබිදීමක් කියලා හිතාගෙන ඉන්න අය කොච්චර මුලාවකින් ද ඉන්නෙ? ප්‍රංශයේ ‘මැද්දට බර වමේ ඉන්නා’ යැයි කියාගන්නා සමාජවාදී පක්ෂය ජනාධිපතිවරණයෙන් දිනුවේ තම ණයෙන් තම රටේ වස්තුව ග්‍රීසිය හා බෙදා ගන්නට අකමැති එහෙත් එය කරන්නට යැයි ජර්මනිය කියනවාට එකඟ වෙන සාර්කෝසි පළවා දැමීමට කමැති පුරවැසියන් නිසා යැයි දකින්නේ කී දෙනා ද? කොහෙන් හරි කොණක් අල්ලා ගෙන ඇමෙරිකාවට බනින්න ක්‍රමයක් හදා ගන්න අයට ලංකාවේ වැසියන් දරුවන් මරපු හැටි ගැන රොබට් නොක්ස් ලියූ සටහන් අමතක වෙලා ගිහින්. “අද වන විට සමාජමය වශයෙන් පිරිහී ඇති මට්ටම” ගැන කතා කරන අය බොහෝමයි. ඒත් ඒක අද ඊයේ නෙමේ කාලාන්තරයක් තිස්සේ පැවතියා වූවක් යන්න දකින්නේ කීයෙන් කී දෙනා ද? කෙළ ගහන එක හදා ගන්න, කුණු මහ පාරේ අත හරින එක හදාගන්න ගැන සිංහලෙන් සටහන් 2012 දී ලියවෙද්දී … ඇඬෙනවා. ඉස්සරහට යනවා නෙමෙයි සිංහලෙන් කියවන අය ආපස්සට යනවා ද?!!!!!

සිත දුකින් පුරවා ගෙන ඉන්න කැමති නැති නිසා හවස අසල්වැසි එළිමහන් රඟහලේ නොමිලේ පැවැත්වෙන එල්විස් ප්‍රෙස්ලි සංදර්ශනය බලන්න අකුලා ගත්ත පුටුවක් උස්සාගෙන එතැනට ඇවිද්දා. චීන පෙනුමෙන් වූ මහත්තයයි නෝනයි පුටු දෙකක් බයිසිකල් වල බැඳගෙන එනවා. වයසක ඇත්තන් සහ ආබාධිතයන් රැගෙන ආපු ගමේ බස් සේවාව රෝද පුටු එක්කම එයාලව බස්සලා ඔවුන්ට ම විශේෂ වූ ගේට්ටුවෙන් ඇතුල් කරලා ම ගියේ. ගුවාතමාලා එල්විස් රසික රසිකාවියන් ද ඇවිත් ඉන්නවා දැක්කම සිතට සතුටක් මෝදු වුනා.

එල්විස් මෙන් පෙනී සිටි Jesse Garron වේදිකාවේ සිංදු කියමින් නටන එක, මොහොතකට නවතලා ඒ අසල නටපු පුංචි දරු පැටව් ගෙන් ඇහැව්වා “මම කවුදැයි දන්නවා ද?” කියලා. උන් හැමෝම එක හඬින් “නැහැ,” කියද්දි සභාව සිනාවෙන් පිරිලා ගියා!!!! ඇත්ත කියන සුරතල් පැටව් ගැන දැනුනේ ආදරයක්.

බටහිර රටවල නීත්‍යානුකූලව ප්‍රසිද්ධ අයෙක් මෙන් පෙනී සිටීමෙන් ජීවිකාව උපයා ගැනීමට පුළුවන්. අනුකරණය තාත්වික වැඩි නම් ආදායමත් වැඩියි. උප ජනාධිපති වෙන්නට තරඟ කළ සේරා පේලන් වගේ පෙනී සිට මහත් ආදායමක් උපයා ගත්තේ Tina Fey. සමහර වෙලාවට ප්‍රසිද්ධ අය මෙන් පෙනී සිටින තරඟ වල දී අව්‍යාජ ප්‍රසිද්ධ පුද්ගලයා පරාජය වූ අවස්ථා තියෙනවා. චාලි චැප්ලින් සේ පෙනී සිටින තරඟයෙන් චාලි චැප්ලින් පැරදුනාලු. Jesse Garron ලාස් වේගාස් වල නගරයට යතුරක් බුහුමන දිනාගත්තෙක් වෙනවා.

“ඇමෙරිකන් ත්‍රිකය” An American Trilogy සිංදුව පහත විඩියෝවේ ඇත්තෙ. එය වැඩියෙන් ප්‍රසිද්ධ වූයේ එල්විස් ප්‍රෙස්ලි අතින්. ඇමෙරිකාවේ ඉන්න කළු ජනතාවගේ අධ්‍යාත්මික ගීතිකා වලට සමානත්වයකින් නිර්මාණය වූවක්. එය 70 ගණන් වල එල්විස්ගේ සංදර්ශන වල දී නොවැරදී ම ගායනය වූවක්.

පසුගිය දා දකුණු බැප්ටිස්ට් ආගමික සංවිධානයේ මුලසුන ලැබුනේ Fred Luter නැමති කළු ඇමෙරිකානුවාට. මේක මිලියන 16 ක වැඩියෙන් ම සුදු අයගෙ සාමාජිකත්වයක් තියෙන ආගමික සංවිධානයක්. මූලාරම්භයේ දී වහලුන් තබා ගැනීමට පක්ෂ වූ සහ ඔවුනට සිවිල් අයිතීන් දීමට විරෝධය පෑ සංවිධානයක්. ලූටර් කියන්නෙ ඒ ඉතිහාසය තමන් දැන සිටියේ නැහැ කියල. ඒක දැනගත්තම ඔහු එය විශ්වාස කරල නැහැ. අපි හැමෝටම අතීතයක් තියෙන බව කියන ඔහු අපිට පුළුවන් සමාව අයැදලා ඉස්සහරට යන එක බවයි කියන්නෙ. ඒත් අතීතය නොදකින්න ඇස් පියාගෙන වෙන කාටවත් බනින අය හදාගන්න ඕන වැරදි දකින්නෙ කොහොම ද?!!!!

ඇමෙරිකාව සිටින ලෝකයේ සුවිශේෂී වූ තැන කුමක්දැයි කියා වැටහෙන අය වැඩිවෙච්ච දාට තමයි සෙසු ලෝකයාට දූෂිත පාලනයන් මොනවා ද, අමානුෂික කුරිරු මිනිස්සු කවුදැයි කියා පැහැදිලි වෙන්නෙ. ඒ දවස දකින්න කෙටි කාලීන වූ මගේ ජීවිතයේ දී ඉඩක් මට නොලැබුනාට එය පුළුවන් යැයි පෙන්නා දී ඇති සමාජයක ජීවත්වෙන්න ලැබිච්ච එක ගැන සතුටෙන් හිත පුරවා ගෙනයි ඊයේ රෑ නිදා ගන්න ගියේ.

Advertisements

5 Responses

Subscribe to comments with RSS.

  1. hasithag said, on ජූනි 22, 2012 at 2:03 ප.ව.

    ස්වර්ණවාහිනී Shadow Star මතක් වුණා 🙂

    • arunishapiro said, on ජූනි 22, 2012 at 2:09 ප.ව.

      hasithag,

      ස්තූතියි hasithag. අන්තර්ජාලයෙන් ගිහින් බැලුවා. ඉන්නවා නේන්නම් ලාස් වේගාස් වල එල්විස් මහා තරඟයට යවන්න හැකි එල්විස් කෙනෙකුත්!!!

  2. Gold fish said, on ජූනි 22, 2012 at 10:23 ප.ව.

    මට ලඟදී ඕඩියෝ ඇල්බම් එකක් හම්බුනා. තාම අහන්න නම් බැරි වුනා….

  3. මම හිතන්නෙ ලෝකෙ වැඩියෙන්ම අනුකරණය කිරීමේ තරඟ තියෙන්නෙ එල්විස් ව… ඒ වගේම එල්විස්ට්ස් ඉතාම කිට්ටු අනුකරණ වගේම ඉතාම දුර්වල ඒවාත් තියෙනව …

    • arunishapiro said, on ජූනි 24, 2012 at 7:46 පෙ.ව.

      සපතේරු උන්නැහේ,

      ඔව් මාත් හිතනවා සපතේරු උන්නැහේ මල්ලි, අනුකරණයේ දී එල්විස් තමයි අංක 1 ට ඉන්නෙ කියා. අනිකත් හරි, ඉතාම දුර්වල අනුකරණයන් සෑහෙන්න දැකලා තියෙනව. මම දැක්ක කළු ඇමෙරිකානුවෙක් ගායනයෙන්, කට හඬින් සහ රංගනයෙන් එල්විස්ට ඉතා සමීප වෙනවා උසස් මට්ටමකින්. දැන් එහෙම උත්සාහයන් ටිකක් අඩුයි. ඔබාමා ජනාධිපති වීමත් සමඟ කළු අයට කළු අයගේ දේවල් මිස අනිත් දේවල් වලට ටිකක් තහංචි වැටිලා එයාල අතර ම. ඔබාමා ගියාට පස්සෙ ඒක ආයෙත් හෙමිහිට නැතිවෙලා යාවි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: