අරුණි ශපීරෝ‍ වෙතින්

ඇට්ලස් දෙවුර හැකිළීය

Posted in Uncategorized by arunishapiro on ජූනි 25, 2012

ඇට්ලස් දෙවුර හැකිළීය
විකෘතිය
උන්මාදය
මුලාව
වෛරය
නූගත්කම
තමන් තුල බව නොදකින්නට
අනුන් අත යැයි මුරගාන්නට
අන්තිම හුස්ම හෙළනා
විසාද හදවතින්
තමන් වැටෙන අගාධයට
තනිවම යන්න බියෙන්
තවකෙක් ද අල්ලා ගන්නට
වෙර දරනා
බරින් පිරුණු පොදි
හිස තබාගත්
අතින් කටින් එල්ලා ගත්
නොමියෙන මිනිස්සු
අත් හරින්නට
මට අවසර ඇතැයි කියමින්
ඇට්ලස් දෙවුර හැකිළීය.

2012 ඉත්තෑවන්ගේ නිදහස් උත්සවය නිව් හැම්ප්ශයර් ප්‍රාන්තයේ ලැන්කැස්ටර් නගරයේ දී ජූනි 24 දා අවසන් විය.

ඇට්ලස් සමුළුව, ජූනි 28 සිට ජූලි 1 දක්වා වොෂිංටන්, ඩී.සී. හි පැවැත්වේ.

විෂයමූලිකවාදීන්ගේ 2012 ගිම්හාන සම්මන්ත්‍රණය, කැලිෆෝර්නියාවේ සැන් ඩියාගෝ හි ජූනි 30 සිට ජූලි 8 දක්වා පැවැත්වේ.

නිදහස් මනස් සහ නිදහස් වෙළඳපොල කැමැත්තන්ගේ විචාරයේ වැඩමුළුව ඇලස්කාවට යන සුඛෝපභෝගී නෞකාවේ දී අගෝස්තු 11-18 දක්වා පැවැත්වේ.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. Chandani said, on ජූනි 25, 2012 at 9:18 පෙ.ව.

    හකුලා ගත් දෙවුර මතම
    තබා ගෙන මේ මිනිසත් කම
    බෙදා සෙනෙහස ලොවටම
    යන්න ලැබේවා! සසර දිගටම

    • arunishapiro said, on ජූනි 25, 2012 at 2:22 ප.ව.

      Chandani,

      බයවෙන්න දෙයක් නෑ චාන්දි අක්කා, ඇට්ලස් තමන් හකුලා ගත් දෙවුරෙන් අහකට වැටෙන්න හරින්නෙ කිනිතුල්ලෝ වගෙ ලේ උරාබොමින් ජීවත්වන, කිසිදාක වෙනස් කරන්න බැරි පරපෝෂිතයන්ව විතරයි, අහිංසකයන්ව නෙමෙයි.

  2. Gold fish said, on ජූනි 25, 2012 at 10:20 ප.ව.

    කවිත් ලියනවැයි…


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: