අරුණි ශපීරෝ‍ වෙතින්

අධම ස්ත්‍රී පාද යාත්‍රා නොහොත් බහුතරයට ඕනෑ නැති අයිතිවාසිකම් වලට වෙහෙසීම

Posted in Uncategorized by arunishapiro on ජූලි 24, 2012

ළමා අපරාධ සහ ස්ත්‍රි දූෂණ වලට එරෙහිව අධම ස්ත්‍රීන්ගේ පාද යාත්‍රාවක් කොළඹ NGO එකකින් සංවිධානය වෙනවා යැයි අහන්න ලැබුණ. පින්තූරත් තිබ්බ නිසා දැනටමත් තියලා ඉවරදැයි පැහැදිලි නැහැ. ජනාධිපති නීතිඥ වන මගේ බුර්ජුවාසී යෙහෙළියක් තමයි ඒ මෙහෙයුම සංවිධානය.

අපි මෙහෙම යැයි හිතාගෙන ඉන්න අදහසකට යම් ප්‍රහාරයක් එල්ල වෙද්දි ඊට සැනෙකින් ප්‍රතිප්‍රහාර දීම මිනිස් ස්වභාවයක්. හරියට මදුරුවෙක් කනවා යැයි දැනෙන කොට පටස් ගාලා තමන්ට ම ගහනවා වගේ. ඉතා සුළු පිරිසක් තමයි මදුරුවා විදින්න කළින් උගෙන් ගැලවිලා ඉන්නෙ කොහොම දැයි සූදානම් වෙන්නෙ.

ස්ත්‍රී දූෂණ නම්, කාන්තාව ඇඟ එළියේ දාගෙන යන නිසා කුල්මත් වූ සිත් ඇති පුරුෂයන් විසින් කරන්නට පෙළඹෙන්නා වූ අපරාධයක් යැයි කීම අපරාධකරුවන්ගේ නිදහසට කාරණයක් නොවන බව සත්‍ය්‍යක්. ඒ ගැන විවාදයක් නැහැ. ඒත් ඒකට සැනෙකින් ප්‍රතිචාරයක් වශයෙන් වෙනදාට අඳින්නෙත් නැති තරම් කොට සායවල් හා කෙටි බ්ලවුස් ඇඳගෙන ‘slut walk’ යෑම වෙන කාරණයක්.

ඒකෙන් වෙන්නෙ කලිසම් අඳින්න, කොට සායවල් අඳින්න, අඩ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයේ දාන්න, බය නැති මේ ආච්චිත් කැමැත්ත නිසා නෙමෙයි රැල්ල නිසා ‘අධම ස්ත්‍රියක්’ වූවා කියලා හිතන අයයි බිහිවෙන්නෙ!!! එනම්, ක්ෂණික ප්‍රතිචාරයෙන් මදුරුවන්ට තලන අයයි වැඩිවෙන්නෙ!!!!

අනික, අධම ස්ත්‍රී පාද යාත්‍රා නිසා ළමා අපරාධ හා ස්ත්‍රී දූෂණ අඩු වූවා යැයි ලෝකෙ කොහෙන්වත් දත්ත පෙන්වන්නෙත් නැහැ.

ඊටත් වඩා වැදගත් කාරණය තමයි සමාජයේ කීයෙන් කී දෙනාට ද ඕනා බලහත්කාරයෙන් ස්ථාපිත කරන්න හදන එහෙම අයිතියක්? මේ ආච්චි වගේ ඉස්සරත් කලිසමක් හෝ කොට සායක් ඇඳලා බය නැතිව ගිය අය, අදත් යාවි තමන්ගේ රැකගන්න ඕන දෙයක් රැකගෙන. රැල්ලට රැවටෙන අහිංසක කෙල්ලෙක් එහෙම ඇඳගෙන ගිහින් තමන්ව ආරක්ෂා කරගන්න ගට නැති නිසා මාර කරදරයක වැටෙන්නෙ.

බලහත්කාරයෙන් අයිතිවාසිකම් ස්ථාපනය මිනිස් ස්වභාවයට පටහැනියි. යමකට බිය වූ පමණින් යමක් කරන්නට පටන් ගත්තොත් එයින් ඵලක් නැහැ. කෙටි සාය ඇඳීම හෝ දිග සාය ඇඳීම යන දෙකම, ඊට කළින් එය හරි යැයි වූ ස්ථිර විශ්වාසයක් (conviction) නිසා හෝ අනුන්ගේ කැමැත්තට ගෞරව කරන උදාරත්වය (generosity) නිසා සිද්ධ නොවන්නේ නම් එහි පැවැත්ම කෙටි කාලීනයි. එවැනි වෑයමකින් වෙන්නෙ මෙතෙක් එහෙම තම කැමැත්ත කරන්නට ගට හා නිදහස තිබූ අය අඩු වී ‘මදුරුවෝ තලන’ අය වැඩි වීමයි.

අධම ස්ත්‍රී පාද යාත්‍රාවකින් මෙතැන දී හදන්නේ මොන ‘අගැයුම්’ ගැන කතා කරන්න ද? මොකක් තහවුරු කරන්න ද? ආගමික උරුමයක්? දාර්ශනික උරුමයක්? ආචාර ධර්ම විචාරයක්? ජීවන රටාවක්?

ඒවා සංවිධානය කරන අයවත් ඒවා විමසිල්ලට භාජනය කරනවා දැයි සැකයි. මොකද ළමා අපරාධකරුවන්ට හා ස්ත්‍රී දූෂකයන්ට මරණ දණ්ඩනය ගෙනෙන්නට වෙහෙසන යාළුවා (එයා තාමත් යාළුවෙක්) වගේ ම තමයි මෙයත් සංවිධානයට උත්සාහ ගන්නා අය විසින් කාන්තා අයිතීන් ගැන වෙහෙසන්නේ ‘මේ කාන්තා අයිතිය’ අනිත් හැමෝගේ ම අභිප්‍රායක් දැයි නොවිමසා.

බලහත්කාරයෙන් අයෙකුට තමන් හිතන නිදහස ලබාදෙන උත්සාහයන් ගැනීම යුරෝපීය වූ හැදියාවක්. නැපෝලියන් ගෙනා ප්‍රංශය වැනි ඉතිහාසයේ කර ඇති මහත් අපරාධ වසාගන්නට. සිංහලෙන් තියා ඉංග්‍රීසියෙන් වත් යුරෝපයේ අවුල ගැන වැඩිය කාටවත් දැන ගන්න උවමනාවක් නැහැ. සමහරු වැරදියට හිතාගෙන ඉන්නෙ ප්‍රචණ්ඩත්වයෙන් හරි නිදහස ස්ථාපිතය ඇමෙරිකන් උත්සාහයක් කියලා. ඇමෙරිකන් අයගේ පැති දෙකක් තියෙනවා. යුරෝපීය වමට බර බහුතරය, නිතරම ඇමෙරිකන් ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි දකුණ සමඟ දරුණු සටනක. ඒ අතර රට උපන් දා සිට මිනිස් ස්වභාවය සැලකිල්ලට ගෙන ස්ථාපිත වූ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නට ඉදිරිපත් වී ඉන්න සුළු කොටස දකින්න පහුගිය කාලයේ ඇමෙරිකන් දේශපාලනඥයන්ටත් බැරි වූ කල ලෝකයාගෙන් එය ඉල්ලන්නට බැහැනේ!!!

ඒත් ඒ අය ඉන්නා නිසා තමයි බිකිනියක් ඇඳගෙන මුහුදු වෙරළේ ඉන්න හැකි වූවාට, ආමිෂ් ඇඳුම් වලින් සැරසී හැම අත යන්නට හැකි වූවාට, ඇම්ස්ටර්ඩෑම් වල කඩ ජනේල තීරුවල නිරුවත් බවින් ලිංගික සේවය විකුණන කාන්තාවන් දාලා තියෙන පරිසරයක් ඇමෙරිකාවේ නීතිගත වී නැත්තෙ.

බටහිර යුරෝපය, බහුවාර්ගික (multiethnic) සමාජයක් බවට හැරෙන්නෙ ‘මොළය පාවිච්චියෙන්’ තොරව. දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සෙ මහා ජනගැල්මක් ඇදී එනවා ඊට කිසිත් සූදානමකින් නොසිටි යුරෝපීය රටවල් වලට. යුද්ධයෙන් පස්සෙ හිමිහිට නඟින්න ඕනා ආර්ථිකය වෙනුවට සීඝ්‍රයෙන් වර්ධනය කරන්න කැමති, මහා සැලසුම් ගහන ආණ්ඩු නිසා බ්‍රතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤය, ඉතාලිය සහ ස්කැන්ඩිනේවියානු රටවල් වලට ද ජනගැල්මක් ඇදී ඒමක් සිද්ධ වූවා.

අද ලෝකයේ ඉන්නා බිලියන 1.2 ක මුස්ලිම් ජනගහණයෙන් 2.7% ක් ඉන්නෙ යුරෝපයේ. යුරෝපයේ ජනගහණයෙන් 5.8% ක් මුස්ලිම්. යුරෝපීය මුස්ලිම් අයගේ වඩාත්ම ලොකු ජනගහණ වර්ධනය ඊ ළඟ වසර විස්ස ඇතුලත දී සිද්ධ වෙන්නෙ බ්‍රිතාන්‍ය්‍යේ, ප්‍රංශයේ, ඉතාලියේ සහ අනිත් බටහිර, උතුරු හා දකුණු යුරෝපීය රටවල.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව යුරෝපීය රටවලට ඇදී එන සංක්‍රමණිකයන් ගෙන් දළ වශයෙන් භාගයක් පමණ මුස්ලිම්. මොළයෙන් නොව වෙන කුමක් දෝ එකකින් සිතුවිලි මෙහෙය වූ නිසා අවුල් වියවුල් පිරි යුරෝපය ගැන සටහන් පටන් ගන්නම් ඉක්මණින්.

අයෙක් තෝරා ගත යුත්තේ රටේ පාරම්පරික අදහස් වලට පහර දීම නොව, රටේ අලුත් ආගමික නැඹුරුවක් ගැන බියවීම නොව තමන් කළ යුත්තේ කුමක් ද? තමන් ප්‍රිය කරන්නේ කුමක් ද? යන්න විමසීම ය. අන් කෙනෙක් විසින් තමන් වෙත බලහත්කාරයෙන් ස්ථාපිත කරන්නට ගන්නා සියළු වෑයම් තරයේ ප්‍රතික්ෂේප කළේ නැත්නම් නොදැනීම ඒවා නීතිගත වෙති. මෙච්චර කාලයක් තිබිච්ච නීතිමය අයිතියක් ක්‍රියාවට නඟන්න තමන්ට ගටක් තිබ්බෙ නැත්නම්, අනුන් සංවිධානය කරන අධම ස්ත්‍රී පාද යාත්‍රාවල යෑම රැල්ලේ යන තවත් අනුකරණයක් පමණයි.

22 Responses

Subscribe to comments with RSS.

  1. Kevin Perera (@PereraKevin) said, on ජූලි 24, 2012 at 11:45 පෙ.ව.

    In psychoanalysis it is like this ” because she does not know what she wants, the pervert knows precisely what she wants.” මනෝ විශ්ලෙෂණයේ දී මේ තත්වය හඳුන්වන්නේ විපරීත භාවය ලෙසයි (perversion) අනෙකා ගේ සතුට තමා දන්නවා‍යැයි විපරීතයන් සිතයි අනෙකා වෙනුවෙන් අනෙකා නොඉල්ලන සතුට අනිකාට ලබාදීමට වෙහෙසීම විපරීත ලිංගිකත්වයට බොහෝ දුරට නෑකම් කියනවා

    • arunishapiro said, on ජූලි 24, 2012 at 9:15 ප.ව.

      Kevin Perera,

      කාල් මාක්ස් මාක්ස්වාදයෙන් කරන්න හැදුවේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මනෝවිශ්ලේෂණයෙන් පෙන් වූ මේක නේද? 😀

      • kevin perera said, on ජූලි 25, 2012 at 1:27 පෙ.ව.

        මට මතක විදියට මාර්ක්ස් ෆ්‍රොයිඩ් ගෙ සමකාලිකයෙක් මිතුරුකම හින්ද ෆ්‍රොයිඩ් මාර්ක්ස් ගේ perversion රෝග ලක්ෂණය හඳුණාගත්තත් නොකියා ඉන්න ඇති. නිවැරිදිව කියනවනම් මාර්ක්ස් කිසිවක් කරන්න ගියේ නෑ ගෙදර තමන්ගේ දරුව බෙහෙත්, කන්න නැතිව මැරෙනව බලන්නෙ නැතිව තමන්ගේ විපරීත භාවයේ රෝග ලක්ෂණය තඩි පොත් වලට හැරෙව්වා. අපේ රටේ රැවුල වවා ගත්තු විජේවීර වගේ විපරීතයො හිතුව මේ මාක්ස් මාර පොරක් තමන්ගේ ලමය මැරෙනව බලන්නේ නැතිව අපි වෙනුවෙන් පොත් ලිව්වා දෙන්නම් බැටේ කියල ගේමට බැස්සා. 1971 තිස්දාහක් මිනිස් ජීවිත ගඟේ පාවුනා 1989 හැටදාහක් පාරේ මැරුනා.අනිත් විපරීතය ප්‍රභාකරන් උතුරේ දෙමල ජනතාවගේ සතුට තමන් දන්නව කියල හිතපු එකා අවුරුදු 30යි මිනී කීයද? මේ රෝග ලක්ෂණය (symptom ) චරිතයකට (ප්‍රභාකරන්, මාර්ක්ස්, විජේවීර )අදේශ වීම ඉතා භයානක තත්වයක් එහෙම උනාම මේ තනි පුද්ගල රෝග ලක්ෂණය කල්ලියක් තුලට පැතිරිලා සමාජයක් ගිල ගන්නවා.
        මේක ඇත්තටම සායනික තත්වයක් ඉස්පිරිතාලවල දාල ප්‍රතිකාර කරන්න ඕන විපරීතයන් එලියේ හිටියම උන් සමාජයේ කල්ලි සංවිදාන කරල තොග ගනනින් මරණ පාවෙන හැටි,ටයර් වල පිච්චෙන හැටි,ඔලුව වෙන් වෙන්න පුපුරලා යන හැටි enjoy කරනව.
        මෙහෙම මානසික රෝගයක් ජනප්‍රිය පුද්ගල චරිතයක් බවට පත් වෙලා සමාජයක් අපත්තිදායක තත්වයකට පත් කිරීම මනෝ විෂ්ලේශණය තුල හඳුනා ගන්නේ symptom එකක් සින්තෝමයක්(Sinthome) බවට පත්වීම නිවැරිදි ප්‍රංශ වචනය Le sinthome. (ප්‍රංශ දන්න අය මෙතනින් බලන්න http://fr.wikipedia.org/wiki/Sinthome)
        ලාංකීය උදාහරණ:
        චරිතය නලින් සිල්වා රෝග ලක්ශණය සයිකෝසියාව සින්තෝමය දරාගත් සමාජ කල්ලි ගොඩයි (කසිකබල් බටහිර විද්‍යාව ප්‍රතික්ෂේප කරන නාථ දෙවි අදහන)
        චරිතය රෝහණ විජේවීර රෝග ලක්ශණය විපරීත භාවය සින්තෝමය දරාගත් සමාජ කල්ලිය ජ.වි.පෙ,
        චරිතය වෙලුපිල්ලේ ප්‍රභාකරන් රෝග ලක්ශණය විපරීත භාවය සින්තෝමය දරාගත් සමාජ කල්ලිය කොටි සංවිදානය

        • arunishapiro said, on ජූලි 25, 2012 at 7:35 පෙ.ව.

          kevin perera,

          මාක්ස්ට වඩා බාලයි ෆ්‍රොයිඩ්. මාක්ස් ෆ්‍රොයිඩ් හා එකතුවෙන්න ජීවත්ව සිටිය දී හැදුවත් ඊට ඉඩක් ලැබුනෙ නැහැ කියල තමයි මම කියවලා තියෙන්නෙ. මාක්ස් ජීවතුන් අතර සිටි කාලයේ ඔහු එතරම් ප්‍රිය මනාප නොවූයෙන් ජනප්‍රිය පුද්ගලයෙක් වූයේ නැහැ. ඔහු මිය ගියාට පස්සෙයි ඔහුගේ ලියකියවිලි බලතණ්හාවට කැමති අය ඊට සරිලන්න හදාගෙන පාවිච්චියට ගැනෙන්නේ.

          මාක්ස්වාදයෙන් සහ ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණයෙන් න්‍ය්‍යාය හදන්න යන්නෙ මාක්ස් මිය ගිහින් කාලයක් ගියාට පස්සෙ බලතණ්හාධික කොමියුනිස්ට් වාමාංශිකයන් විසින් 1920 ජර්මනියේ දී Freudo-Marxist නමින්. සෝවියට් දාර්ශනික V. Yurinets සහ ෆ්‍රොයිඩියානු විශ්ලේෂක Siegfried Bernfeld දෙදෙනාගේ මූලිකත්වයෙන්. 1929 දී තමයි මූලික ෆ්‍රොයිඩියානු-මාක්ස්වාදී අත්පොත Wilhelm Reich අතින් Dialectical Materialism and Psychoanalysis නමින් ජර්මන් හා රුසියන් බසින් කොමියුනිස්ට් තියරි සඟරාවක Unter dem Banner des Marxismus යැයි ඉදිරිපත් වෙන්නෙ.

          ඒත් ජර්මනියත් රුසියාවත් තම රටවැසියන්ට ම කරපු දේවල් දකින්න බැරි අයට; නලින් ද සිල්වා, රෝහණ විජේවීර හා වේලුපිල්ලේ ප්‍රභාකරන්ලා තම රටවැසියන්ට ම කරලා තියෙන දේවල් දකින්න බැරි අයට; ඒවා තවමත් වටහා ගන්න බැරි මිනිස්සු කොහොම ද ඉරාකයේ සදාම් හුසේන් කරපු දේවල් දකින්නෙ?

          ඒ අයට පෙන්නේ අනුන්ගෙ ම වැරදි විතරයි. තමන් හැමදාම වැරදි කරමින් සිටිය දී, අනුන් එයාලගෙ වැරදි හදා ගන්නා බවත් පේන්නෙ නැහැ.

  2. දූපත් වැසියා said, on ජූලි 24, 2012 at 2:14 ප.ව.

    අධම ස්ත්‍රී පාද යාත්‍රා කීවෙ? වෙන නමක් නැද්ද?
    බුර්ජුවාසී යෙහෙළියක් යනු???

    මට මේවා අබ්ලික් …

    • arunishapiro said, on ජූලි 24, 2012 at 9:23 ප.ව.

      දූපත් වැසියා,

      අධම ස්ත්‍රියක් කියන්නෙ අනුන් විසින් අඩු ආචාර ධර්ම වලින් ඉන්නා අයෙක් යැයි හිතන කෙනෙක්ට. අඩු ආචාර ධර්ම වලින් යුතු කෙනෙක් දැයි සොයා නොබලා නොදත්තාට, පිටතින් පෙනෙන යම් අංගයක් දිහා බලා එසේ යැයි හංවඩු ගැසුවාම ඇති. මම හිතන්නෙ දැන් කාලේ තරුණයන් ‘බඩුවක්’ කියලා නම් කරන්නේ ඒ විදියෙ තරුණියන්ව වෙන්න ඕනෑ.

      බුර්ජුවාසීය කියන්නෙ ප්‍රංශ විප්ලවය කාලයේ පටන් ගත් හැඳින්වීමක්. ඔවුන් උප්පත්තිය නිසා වරප්‍රසාද හිමි රදළ පංතියේ ද නොවන, ඉඩම් හිමි බදු ගෙවන්න නැති පල්ලි සංස්ථාවේ ද නොවන, තම වෙහෙසින් සමාජයේ යම් තත්වයක් කරා ආ අය. එහෙත් ඔවුනට අවශය වෙන්නේ තමන් යටතේ ඉන්නා කම්කරුවන් හා සමතැන් ගන්නට නොවේ; සමාජයේ සියල්ලන්ට ම එකම තලයක තරඟයක් සඳහා ඉඩ දෙන්න නොවේ. ඔවුනට අවශ්‍ය රදළයන් හා පල්ලි සංස්ථාව නම් වූ එකළ ඉහළ සමාජ තත්වයේ වරප්‍රසාද ඒ අය වෙතින් ඉවත් කර ඒ වරප්‍රසාද හා පාලන බලය තමන්ට අල්ලා ගන්නට පමණයි.

  3. සපතේරු උන්නැහේ said, on ජූලි 24, 2012 at 2:45 ප.ව.

    අරුණි අක්කා ,ලංකාවෙ ඉන්නෙ බස් එකේදි තමන්ගෙ ඇඟේ වැරදි අන්දමින් ඇතිල්ලෙන මිනිහෙකුට විරුද්ධ වෙන්න “ගටක්” නැති කාන්තා සමාජයක්… ඉතින් ඔය රැල්ලට Slut Walk ගියාට ඕක ඉවරවෙලා තනියම ගෙදර යන්නෙ බස් එකේ නම් … ඒ වෙලාවට යන්නෙ බයේ මිනිස්සුන්ට ඕන දෙයක් කර ගන්න ඉඩ දෙමින් නම් මොකක්ද ඇති පලේ…

    ……………

    මම මේ කොමෙන්ටුව ලියන්න ගත්තෙ ඇත්තටම ලිපියේ අන්තර්ගතය ගැන කතාකරන්නම නෙමෙයි… මම දන්නව කොමෙන්ට් නොදැම්මට සිංහල බ්ලොග් ලියන හුඟ දෙනෙක් අරුණි අක්කගෙ බ්ලොග් එක කියවනව… මම මේ පෝස්ට් එකේ මුල ඉඳන්ම දැක්ක දෙයක් අපේ බ්ලොග් කරුවො තේරුම් ගන්න වටින… ඒ තමයි අක්කගෙම යාලුවෙක් කරන්න යන ක්‍රියාවකට ඉතාම තාර්කිකව බින්දුවටම වැටෙන්න පහර දෙන අතර ඒ ක්‍රියාව මිසක් යාලුවට වැටෙන්න ගහන්න යන්නෙ නැති එක…
    අක්ක කියනව // (එයා තාමත් යාළුවෙක්) // … thumbs up !

    • arunishapiro said, on ජූලි 24, 2012 at 9:27 ප.ව.

      සපතේරු උන්නැහේ මල්ලි,

      ඵලක් ඇති වැඩ ගොඩක් තියෙද්දි අපි කෙටි වූ වටිනා කාලය ඵලක් නැති දේවල් වලට වැඩිපුර යොදවනවා.

      බෙහෙවින් ස්තූතියි. මම ලියන්නෙ ප්‍රතිචාර නොදැම්මට එන අය සේරට ම. මෙතෙක් හා ඉදිරියටත්.

  4. dgmbassa said, on ජූලි 24, 2012 at 7:13 ප.ව.

    සපතේරු කියල තියන එක හරි. ඒක අපිත් ඉගෙන ගන්න ඕනෙ දෙයක්.

    අද ලංකාවෙ ලමා/ස්ත්‍රී අපචාර ‍රැල්ලක් යනවා. අපි දන්න දෙයක් තමා, ඇත්තම ගණන , රිපොට් වෙන ගානට වඩා ගොඩක් වැඩි බව. “ලංකාවෙ ඉන්නෙ බස් එකේදි තමන්ගෙ ඇඟේ වැරදි අන්දමින් ඇතිල්ලෙන මිනිහෙකුට විරුද්ධ වෙන්න “ගටක්” නැති කාන්තා සමාජයක්” . මෙහෙම වෙලා තියෙන්නෙ ඇයි? සමාජයක් විදිහට අපි මේ ගැන බලන්නෙ උදාසීන විදිහට, කතා නොකලයුතු මාතෘකාවක් විදිහට ( මාරයගෙ ‘පන්සල් සූදුව ‘ලිපිය බලන්න). පැහැදිලිවම පේනවා දේශපාලන ඇඟිලි ගැසීම්, දුෂිකයාට මුක්කු ගහන හැටි. උසාවියෙන් උනත් සමහර විට ලැබෙන්නෙ සුළු දඩුවමක්. එහෙම නඩුවකට මූණදෙන්න තරම ‘ගටක්’ තියෙන කෙල්ලෙකුට වෙන්නෙ, විත්තියෙ නීතිවේදියාගේ හිතාමතාම කරන හාරා ඇවිසීම් හරස් ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න. දන්නා හඳුනණ වයසක පිරිමියෙක් ගෙන් වන අඩතේට්ටම් නිසා එහියෑම ප්‍රතික්ශේප කල දැරියකට, බොරු කීවා කියා, ඇගේම මවගේ බැනුම් අහන්න වුනා කියලා, පසු කලක ඇයම ලියලා තිබුනා. අපි සමාජයක් වශයෙන් මෙහෙම වෙනවා කියලා පිලිගන්නවත් ( බොහෝවිට දූෂකයා වන්නේ දන්නා කියන කෙනෙක්), දරුවන් දැනුවත් කරන්නවත් ලෑස්තිනෑ.

    මෙන්න මේ ලින්ක් දෙකත් බලන්න.
    http://vajiradevi.blogspot.ca/2012/07/blog-post_24.html
    http://ansathudinapotha.blogspot.ca/2012/06/blog-post_26.html
    පහලම ලින්ක් එකේ කමෙන්ට් එක්කම බැලුවොත් මං කියන කතාව තේරෙයි

    මේ තත්ත්වය යටතේ:
    1. අපිට මොකෝ කියලා බකංනිලාගෙන සිටීම
    2. ‘තනි අතින් අප්පුඩි ගහන්න බෑනෙ” කියලා දුෂිකයන්ට සපෝට් එකක් දීම
    හෝ
    3. අකාර්‍යක්ෂම උනත්, මෙවැනි ‘මැටි’ වැඩක් හෝ කර විරුද්ධව ‘හඬක්’ නැගීම යන

    ‍තෝරා ගැනීම් අපට ඇත්නම්, ඔබගේ තේරීම කුමක්ද?

    • arunishapiro said, on ජූලි 24, 2012 at 10:09 ප.ව.

      dgmbassa,

      රොබට් නොක්ස් ලංකාවට ආපු කාලේ ලංකාවේ මිනිස්සු, දරුවෙක් ඉපදුනාට පස්සෙ දරුවා නිසා තමන්ට අපලයි කියල පණපිටින් වළදාල තියෙනවා. ඒ මගේ ද මුතුන් මිත්තො බව මම අමතක කරන්නෙ නැහැ. බොහෝ විට ඒ තමන්ට උපදින පළමු ළමයා නෙමෙයි. පවුලට ළමයි වැඩිවෙන කොට අන්තිමට ලැබෙන අයටයි එහෙම වෙන්නෙ කියලත් සඳහන් වෙනවා.

      ප්‍රේමවතී මනම්පේරි කියන්නෙ කතරගම පැත්තෙ රුප සුන්දරියක් වූවෙක්. ඇය ජවිපෙ සාමාජිකාවක්. නමුත් තවත් ජවිපෙ සාමාජිකයන් සිටිය දී ඇයගේ පමණක් ඇඳුම් ගලවා නිරුවතින් මහපාරේ ඇයට තුවක්කුවක් එල්ල කර ඇවිදින්නට අණ දී මරා දමන්නේ ලංකාවේ නීත්‍යානුකූලව කරන වැඩක් හැටියට. එදා ඇය බේරාගන්නට කිසිත් පිරිමියෙක් හිටියේ නැහැ.

      රටේ බහුතරයා රටේ නීති මොනවා දැයි හරියාකාරව දන්නෙ නැහැ. දැන ගත්තත් වැඩක් නැහැ කියල හිතන්නෙ. කට්ටියකට එක විදියකට සහ තවත් කට්ටියකට තව විදියකටනෙ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ.

      නීතිය රකින්න ඉන්න පොලීසියත් නීතිය යනු කුමක් දැයි දන්නවා ද සැකයි. ට්‍රැෆික් පොලීසිය හිතාගෙන ඉන්නෙ ඒක ආදායම් මාර්ගයක් කියලානේ!!! මිනිස්සු හිතාගෙන ඉන්නෙ ඒක දඩයක් කියලානේ!!!! වැඩිපුර දෙනෙක් කරන්නෙ ‘අහවලාගේ නම’ කියලා වැරැද්දකින් ගැලවෙන්න, ‘අහවලාට කියලා’ අනුන්ට නොලැබෙන අවස්ථාවක් පාදාගන්න. වැරදි කරන අයට තවත් බලය වැඩියෙන් දෙන්නේ තමන් විසින් ම බව අවබෝධ කරගන්නේ කවදාද?

      නිවැරදි තෝරා ගැනීම ඔයා මට choice එකක් හැටියට දීලා නැහැනෙ. නිවැරදි තෝරා ගැනීම නම් ආරක්ෂා කළ යුතු අවස්ථා වල දී තම දරුවන් තමන් විසින් ආරක්ෂා කර ගැනීමයි. දරුවන්ගේ දෙමාපියන්, සියළු සෙසු වැඩිහිටියන් බිය නොවී ඊට ඉදිරිපත් වීමයි.

      නීතිය කුමක් දැයි සොයා බලා තමන් නීත්‍යානුකූලව හැසිරීමයි. ළමා අපචාර මොනවා දැයි කියා සොයා බලා ඒවාට ඉඩක් නොලැබෙන විදියට දරුවන් ආරක්ෂා කරන්නට කාලයක් කැප කිරිමයි.

      අඩුගානේ පාරේ යද්දි පොලීසියට අමතර ආදායම් උපයා ගන්නට හැකිවෙන විදියට නොයා, තමන් දඩකොල ලියවා ගන්නෙ නැතිව යන්නට පටන් ගැනීමයි. තමන්ගේ නිවැරදි තීරණ ගැනීම වෙනුවෙට හැමදාම තව කෙනෙක් කරන දෙයක් පටන් ගන්න කම් බලාගෙන හිටියොත් හැමදාම හැමෝම බලාගෙන ඉන්න ලංකාවක් තමයි වෙන්නෙ. තමන් තමන්ගේ සහ තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නීත්‍යානුකූල ව හැසිරෙන්නට නීතිය නම් කුමක් දැයි සොයා දැනගන්නේ කවදා ද?

      ඔයා ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණය ලංකාවේ නීතිගත වී ඇති විදියන් ගැන සොයා බලා තියෙනවා ද?

  5. praveena said, on ජූලි 24, 2012 at 11:04 ප.ව.

    //දැන් කාලේ තරුණයන් ‘බඩුවක්’ කියලා නම් කරන්නේ ඒ විදියෙ තරුණියන්ව වෙන්න ඕනෑ.//

    ලංකාවේ තරුණයින්ට බඩුවක් වෙන්නේ හැම ගෑනු ලමයම. අධම යැයි කියනා ස්ත්‍රීන් පමනක් නෙමේ. මේ වගේ තරුණියන්ට ගරහන අධම තරුණයින්ට කියනා නමුත් තිබෙනවාද?

    මට තියෙන එක ප්‍රශ්නයක් තමයි ඇයි අපේ පිරිමි නිතරම, සෑම දෙයකටම ගෑනුන්ගේ නිරුවත ඇදලා අරගන්නේ කියන එක. මේකට හේතුවක් තියනවද?

    • arunishapiro said, on ජූලි 25, 2012 at 7:18 පෙ.ව.

      praveena,

      //ලංකාවේ තරුණයින්ට බඩුවක් වෙන්නේ හැම ගෑනු ලමයම.// මටත් එහෙම හිතුණ ප්‍රවීනා, ඒත් ෂුවර් එකක් තිබ්බෙ නැහැ.

      මුලින් ම සිංහල බ්ලොග් පටන් ගත්ත කාලයේ එහෙ මෙහෙ යද්දි දැක්කා අන්වර්ථ නාමයකින් සැහෙන්න ප්‍රතිචාර දාපු කෙනෙක්, ඇමෙරිකන් බඩුවකට සෙට් වෙන්න ඉඩක් තියෙන කෙනෙකුට දීපු ඇඩ්වයිස් එකක්. එයා කියලා තිබුනේ ඇමෙරිකන් කෙල්ලො ලේසියෙන් දෙන ඒවා ගිහින් ගනින්, මොකට ද හැමදාම තියාගන්නවා ද වගේ ඇඩ්වයිස් එකක්. ඒක දැකලා මට හිතුනේ අපේ අය රැවටිලා ඉන්න රැවටිල්ල කොච්චර ද කියලා. මනුෂ්‍යත්වය කියන්නෙ විදේශිකයෙක් නිසා, අන්‍ය ආගමිකයෙක් නිසා, හමේ පාට වෙනස් වූ නිසා වෙනස් විදියකට සැලකෙන දෙයක් වගේ. මේ අය දන්නෙ නැහැ ලාංකික ඉතිහාසයේ පිරිමි එදා හෙළදිව තමන්ගෙ ගෙදරට ආපු අමුත්තන්ට සංග්‍රහ කරන්න දවසක් දෙකක් ගෙදර නවතිනවා නම් තමන්ගෙ භාර්යාව ද දුන්නා කියල. ඒ වගේ ම විවාහය තෙක් පිරිමියෙක් එක්ක සංසර්ගයේ නොයෙදෙන ඇමෙරිකාවේ කෙල්ලො ඕන තරම් ඉන්නවා කියල.

      තමන් දන්නවා යැයි හිතන මුලාවන් හි ඇලී ගැලී සතුටින් සිටීම ඔවුනට ඉතා රසවත්. ඒත් එහෙමයි කියල අපිත් කටවල් වහාගෙන හිටියොත් වෙන්නෙ සිංහලෙන් ලියන අය හැමෝටම තියෙන්නෙ ඔවුන්ගේ මතය විතරයි කියලා හිතන්නෙ.

      ඒ වගේ අධම තරුණයන්ට කියන නම මැටි මෝල්ලු වෙන්න ඕනෑ!!!

      ගැහැණියකගේ නිරුවත නෙමෙයි මේ දවස්වල හැම දෙයකම නිරුවත ගැන කතා කරනවා. එයින් හදන්නෙ සත්‍ය්‍ය හෙළි කරනවා යැයි පෙන්වන්නට. ඒත් සත්‍යය කුමක් දැයි නොදන්නා අය විසින් සත්‍ය්‍ය හෙළිකරන්නට යද්දි වෙන්නෙ නම් තම තමන් පොරවා ගත් බැටළු හම් විසිවෙලා ඔවුන් වෘකයෝ බව පෙනී යාමයි. අනික අපේ පිරිමි විතරක් කරන දෙයකුත් නෙමෙයි, අපේ පිරිමි පටන් ගත්ත දෙයකුත් නෙමෙයි, ඕවා. අධිරාජ්‍යයවාදීන්ට හොඳ වැඩක් දෙනවා යැයි කියමින් අතීතයේ සිට තමන් අධිරාජ්‍යවාදීන් යැයි වසා ගන්නට බැටළු හම් පොරවා ගත් අය විසින් කරලා වැරදිලා ඒත් පාඩම් ඉගෙන නොගත්තු උප්පරවැටි. ලංකාවට හැම දෙයක් ම එන්නෙ ටිකක් කල් ගිහින්, එහෙම ගේන හොටු යවා ගන්නත් හැකියාව ඇත්තෙ ටිකක් කල් ගියාම!!!

      සිරැරේ නිරුවත දකින්නට තියා ඒ ගැන අත්‍යාවශ්‍ය වූ දේවල් කතාබහට තහනම් දමා ඇති සමාජයක, නිරුවත කුමක් දැයි කිසිවෙක් දන්නවා ද? ලංකාවේ පිරිමි කීයෙන් කී දෙනා ද තමන්ගේ විවාහක භාර්යාවගේ සම්පූර්ණ නිරුවත වුවත් දැක තියෙන්නේ කියා අහන්න ගියොත් සදාචාරය ඇදලා ගනිවී. ඒත් ඒ එක්කම එක පැත්තකින් මරණ දණ්ඩනයත් තවත් පැත්තකින් slut walk එකකුත් යන්නට හදනවා ස්ත්‍රී දූෂක වසංගතයක් පැතිරෙනවා කිය කියා!!!!

      රටේ නිරුවත දකින්නට තියා ඒ ගැන අත්‍යාවශ්‍ය වූ දේවල් කතාබහට තහනම් දමා ඇති සමාජයක, රටේ නිරුවත කුමක් දැයි කිසිවෙක් දන්නවා ද? මැතිවරණයක් ළඟ එද්දී චන්දෙ ඉල්ලන අයගේ සම්පූර්ණ නිරුවත කොතරම් තරමකට දකිනවා දැයි අහන්න ගියොත් යටියන්තොට යන්න වෙයි කියලානේ කියන්නෙ!!! ඒත් ඒ එක්කම එක පැත්තකින් ඇමෙරිකාවට බනිනවා කොතල හිඹුටු උදුරාගෙන ගියා කියල, අනිත් පැත්තෙන් බටහිර අශීලාචාර හැදියාවට බනිනවා. බටහිර තියන නීතියේ රීතිය නොදකින්නට ඇස් පියාගෙන, බටහිර හොටු විතරක් අනුකරණය කරන තමන්ගෙ ම නිරුවත් දේශපාලනඥයන්, තමන්ගේ ම රට වැසියන්, තමන්ගේ ම පිරිමින් සහ ගැහැණුන් දකින්නෙ නැහැ. වසංගතයක් වගේ බෝවෙනවා කියලා හිතාගෙන හිටියට, ඒ විදියට අවලාද කිව්වට ඒක ඩෙංගු වගේ අකමැති වුනත් බෝවෙන වසංගතයක් නෙමෙයි, මේක කැමැත්තෙන් ම ගිහින් බාරගන්න අය අද ඉන්න HIV/AIDS වගේ “වසංගතයක්” බව දකින්නෙ නැහැ.

      මැතිවරණය අවසන් වෙද්දී ස්ත්‍රී දූෂකයන්, ළමා අපාරධකරුවන් ගැන වූ වසංගතයේ පැතිරීම ගැන අහන්නට ලැබීම අඩු වී යයි ද?!!! එහෙම වූවොත් එතැන තිබියේ ඇත්තට ම වසංගතයක් ද?!!!!!

      • arunishapiro said, on ජූලි 25, 2012 at 9:57 පෙ.ව.

        Kevin Perera,

        නිරුවත සාමාන්‍ය්‍යක් වූ ජර්මන් බාත් එකකට ගියොත් එක්කො කලන්තෙ දාලා වැටෙයි, නැත්නම් ජර්මන් අයෙක් ගෙන් ගුටි කයි.

        ඒකීය පුද්ගල අයිතිය කුමක් දැයි නොදන්නා මිනිස්සුන්ට ස්වභාවික ඉල්ලුමක් සපයන්න, නිරුවත පෙන්වන්න කැමති අයට ගෙවලා බලන්න ඇම්ස්ටර්ඩෑම් වල වගේ තැනක් හදා දුන්නත් එතැනත් වරප්‍රසාද ඇති අය රජ කරාවි, අල්ලසක් දී අඩුවෙන් හෝ හොරෙන් නොමිලේ බලන්න මඟක් හදා ගනිවී.

  6. chandi said, on ජූලි 25, 2012 at 8:25 පෙ.ව.

    ලංකාවෙ වැඩට යන හැම අම්මෙක්ම හිතන්නෙ කාට හරි තම දරුවාව භාර දී වැඩට ගියොත් හරි කියල. නමුත් කෙනෙක් හිතන්නෙ නෑ ඒ දීලා යන හැමෝම තම දරුවාව තමන් වගේම බලා ගන්නවාද? කියල. මේ වගේ අපචාර වලට ලක් උන දරුවන් අනන්තයි.
    මගේ සොයුරියක් ගෙදර ආයම්මාට තම තරුණ දියණිය ( ඈ ඔටිසම් තත්වයෙන් පෙළෙන දැරියක් ) බලා කියා ගන්නට දී රැකියාවට ගියා. දිනක් ඈ අහම්බෙන් වරුවෙන් ගෙදර එනවිට ගේට්ටුවෙන් පිරිමියෙක් පිටව යනවා දැක තිබුනා. පසුව සොයාබලන විට මේ මිනිසා මෙහෙකාරියගේ අනියම් සැමියා. අන්තිමට තම දරුවාට අකරතැබ්බයක් උනාද කියා බලන්නට වෛද්‍ය පරීක්ෂණ වලට පවා යොමු කරන්නට සිදු උනා. මෙතනදී වරද කාගෙද? මම දකින විදිහට සම්පූර්ණයෙන්ම අම්මාගෙ. ඇය රැකියාවට නොයා දියණිය කොහොම හරි බලා ගන්නට තිබුනා. ඒ දියණියට කිසිවක් තේරුම් කරන්නට වත් තේරෙන්නෙ නෑ නේ. මා පුතුන් තිදෙනා ලොකු මහත් වන තෙක් රැකියාවකට හියේ නෑ. එයාලට තේරෙන කාලෙ ආවහම රැකියාවක් කලා.

    //බටහිර අශීලාචාර හැදියාවට බනිනවා. බටහිර තියන නීතියේ රීතිය නොදකින්නට ඇස් පියාගෙන, බටහිර හොටු විතරක් අනුකරණය කරන තමන්ගෙ ම නිරුවත් දේශපාලනඥයන්, තමන්ගේ ම රට වැසියන්, තමන්ගේ ම පිරිමින් සහ ගැහැණුන් දකින්නෙ නැහැ.//

    මෙන්න මේ ටික දකිනවා නම් ඒ හොඳටම ඇති. මහලොකු පෙළපාලි අවශ්‍ය නෑ. මේ දේශපාලඥයො තම තමන් ගේ නිරුවත ප්‍රදර්ශණය නොකර තමන්ට අවංකව කටයුතු කරනවා නම් මේ වැනි විපත් වෙන්නේ නෑ. කොතන හරි වැරැද්දක් ඇති නිසාමනේ මේ දේවල් සිදු වෙන්නෙ.

    • arunishapiro said, on ජූලි 25, 2012 at 9:07 පෙ.ව.

      chandi,

      චාන්දි අක්කා, සිංහලයන්ගේ ලැජ්ජා නැති වැඩ ගැන වසන් කරගෙන විදේශීය කුමන්ත්‍රණ වලට බැනීම ඵෛතිහාසික වූ හුරුවක්.

      අද විවාහයක් ආරක්ෂා කරගන්න වෑයමක් ගන්න තරුණ අය උත්සාහයක් ගන්නෙ නැහැ. විවාහය කුමක් දැයි දන්නවා ද සැකයි.

      දරුවෝ ඇතිදැඩි කරන බාරදූර වගකීම දෙමාපියන්ගේ වූවක් බව ඉගෙන ගන්න උත්සාහයක් නැහැ, දරුවෙක් වැදූ පමණින් හැදුවා යැයි හිතනවා.

      එක පැත්තකින් මිනිස් ස්වභාවය කුමක් දැයි නොදැන ආගම එපා කියන අය විද්‍යාඥයෝ වෙන්න යනවා. අනිත් පැත්තෙන් මේ ඔක්කොම වැරදි අර ආගම නිසා යැයි තවත් ආගමකට ඇඟිල්ල දික් කරනවා. තවත් පැත්තකින් මේ ඔක්කොම බටහිර ආකල්ප රිංගා ගෙන නිසා යැයි බනිනවා, බටහිර හොටු රිංගන්නේ තමන් හොටු බාරගන්න බව නිසා යැයි නොදැක. ඒ ඔක්කොම අස්සෙන් පැත්තක ඉඳලා මාළු බාන අය මේ පිට දාලා නීති වැඩි කරගන්නයි, ආණ්ඩු පෙරළන්නයි හදනවා.

      වැරද්ද ඇත්තේ අපි හැමෝම අත. හදාගත යුත්තේ නිහඬව නොසිටීමෙන්. වැරදි පෙන්වා දීමෙන්. කරපු වැරදි පිළිගෙන ඒවා හදා ගැනීමෙන්.

  7. ravisandu said, on ජූලි 25, 2012 at 4:12 ප.ව.

    / අනික, අධම ස්ත්‍රී පාද යාත්‍රා නිසා ළමා අපරාධ හා ස්ත්‍රී දූෂණ අඩු වූවා යැයි ලෝකෙ කොහෙන්වත් දත්ත පෙන්වන්නෙත් නැහැ./

    අධම ස්ත්‍රී පාද යාත්‍රා කියල දෙයක් ලෝකෙ මුලින්ම ඇති උනේ 2011 වර්ෂයේදි. .තවම ගත උනේ යන්තම් වසරක් විතරයි. එතකොට ඒ පාදයාත්‍රා නිසා ස්ත්‍රී දූෂණ අඩු උනේ නැහැ කියන්නට මේ සුළු කාලය ප්‍රමාණවත්ද?….අනික අරුණි කවුරු හරි එහෙම පර්යේෂණයක් දත්ත රැස් කිරීමක් කරල තියනවද? ඒ වගේම මේ බෙහෙත නිසා මේ අසනීපෙ හොඳ වෙනව කියනව වගේ එහෙම පාදයාත්‍රාවක් නිසා ස්ත්‍රී දූෂණ අඩු උනා එහෙම නැත්නම් නෑ කියල එකෙහෙලාම කියන්න පුළුවන්ද?

    / ඊටත් වඩා වැදගත් කාරණය තමයි සමාජයේ කීයෙන් කී දෙනාට ද ඕනා බලහත්කාරයෙන් ස්ථාපිත කරන්න හදන එහෙම අයිතියක්? /

    එහෙම වෙන්නම ඕනද අරුණි?… තමන්ට මෙහෙම ඇඳගෙන යන්ට මෙහෙම හැසිරෙන්ට අයිතියක් තියෙන්න ඕන කියල එළිපිට ප්‍රකාශ කරන්න එහෙම නැත්නම් යමකට විරුද්ධත්වය ප්‍රකාශ කරන්න කලින් ඒක බහුතරයක් අනුමත කරනවාදැයි සැක හැර ස්ථිර කර ගන්ටම ඕනද?….තමන්ට වෙන අසාධාරනයක් ගැන තමන්ට විරෝධය දක්වන්න අයිතියක් නැද්ද?

    / අධම ස්ත්‍රී පාද යාත්‍රාවකින් මෙතැන දී හදන්නේ මොන ‘අගැයුම්’ ගැන කතා කරන්න ද? මොකක් තහවුරු කරන්න ද? ආගමික උරුමයක්? දාර්ශනික උරුමයක්? ආචාර ධර්ම විචාරයක්? ජීවන රටාවක්? /

    විරෝධතාවයකින් අදහස් කරන්නෙ මොකක්ද?….යමෙකුට, යම්දෙයකට, යම් ප්‍රකාශයකට හෝ යම් පිළිගැනීමකට තම විරෝධය ප්‍රකාශ කරන එක.තහවුරු කරන්න හදන්නෙ වෙන මොකවත් නෙවෙයි තමන් අඳින පලඳින අයුරු තීරණය කරන්නෙ තමන් වෙන කාටවත් ඒ අයිතිය තමන්ගෙන් උදුරා ගන්ට බෑ කියන අනුල්ලංඝනීය අයිතියයි. වෙන මොකවත් නෙවෙයි.

    අරුණි නිතරම කතාකරන පෞද්ගලික නිදහස, විරෝධය පෑමේ අයිතිය මෙතනදි ප්‍රයෝජනයට ගත්තා පමණයි කියලයි මට හිතෙන්නෙ…

    • arunishapiro said, on ජූලි 25, 2012 at 5:37 ප.ව.

      ravisandu,

      ගම්වලට ගිහින් හැට්ට ගලවා පියයුරු එකිනෙකාට පෙන්වීමට බිය නොවීම කාන්තා අයිතීන් තහවුරු කරගන්නට පුළුවන් ආකාරයක් යැයි කියූ කාන්තා නායිකාවන් වසර විස්සක් තිහක් තිස්සේ සිටින ලංකාවේ, සමහරු එක්සත් ජාතීන්ගෙන් ද ඒවාට සම්මාන දිනාගෙන ඇති බැවින්!!! ද, කාන්තා විමුක්ති ව්‍යාපාරය ගැන රවි කොතරම් දන්නවා දැයි මම නොදන්න නිසාත්, ඒ අසාර්ථක ව්‍යාපාරය ගැන ලිවීම කාලය නාස්ති වෙන වැඩක් නිසාත් ඒ පැත්තට නොයා ඉම්මු!!!

      අධම ස්ත්‍රී පාද යාත්‍රාවකින් මෙතෙක් සිද්ධ වී ඇත්තේ මුළු ගැන් වී සිටි කාන්තාවන් empower වීම නොව එදා හැට්ට ගලවන්නට ගිය බුර්ජුවාසියට අද තවත් විදියක බුර්ජුවාසියක් එක් වී එදා කරපු විදියේ අසාර්ථක වෑයමක අදත් නිරත වෙන්නට අවස්ථාවක් පෑදීම පමණයි.

      ටොරොන්ටෝ වල ස්ත්‍රී දූෂණ දත්ත එදා ඒ විදියට ම අදත් හෙමින් ඉහළ යනවා දකින්න තියෙනවා. එයින් පහත වැටීමක් සිද්ධ වුනේ නැහැ කියන්න පුළුවන් පොලිස් වාර්තා වලින්. රවී එක්ක එකඟ වෙන්න බැහැ මේ සොයා බැලීමට කාලය මදි කියලා. මොකද ඒක පටන් ගත් දා සිට ලෝකය පුරා තිබිච්ච හැම උත්සාහයකම දකින්න පුළුවන් වූයේ ලැජ්ජා බිය තියෙන ගෑණු එදාට පැත්තෙ පළාතේ නොයෑම සහ කුතුහලයෙන් වූ පිරිමි පාර දෙපැත්තෙ වටවෙලා තමන්ගෙ කැමරා වලින් සිත් පිරෙන කම් ඡායාරූප ගැනීමයි!!!!! නියම eye candy!!! අන්තිමේ වාසිය ඒවා බලන්න කැමති පිරිමින්ට සහ ඇඟ එළියේ දක්වා අනුන්ට පෙන්වන්නට කැමති කාන්තාවන්ටයි. කාන්තා ආරක්ෂාවක් නෙමෙයි එයින් වූයේ කියලා දත්ත බලන්න ඇත්තෙ මම විතරක් වෙන්නැති slut walk තිබ්බ නගර වල පොලිස් වාර්තා කියවා. ඒ සොයා ගැනීම පළ කරන්න මොන NGO එක ද රවී මට ඉඩක් දෙන්නෙ?!!!!

      මේකට වචනෙ මොකක් ද- intimidation? වලින් වෙනස් කරන්න හදපු දෙයක් ලෝකයේ කිසිදාක සාර්ථක වෙලා නැහැ. මෙතැන විරෝධතාවයක් දක්වන්නේ කවුරු විසින් කාට ද? ඇඟ එළියේ දාගෙන යන්න කැමති කාන්තාවන් විසින් එහෙම කරනවාට අකමැති පිරිමින්ට, ඇඟ වසාගෙන යන්නට කැමත්ත ඇති කාන්තාවන්ට සහ රටේ යම් ආගමික නායකයන් සඳහා ද නොවේ ද? හැම පිරිමියෙක් ම ස්ත්‍රී දූෂකයෙක් ද? බාල අපරාධකාරයෙක් ද? ඇඟ වසාගෙන යන්නට කැමති කාන්තාවන් එසේ යන නිසා ඔවුන් අතින් තම ඇඟ එළියේ දාගෙන යන අනිත් කාන්තාවන්ට අකටයුත්තක් වී ඇඟ එළියෙ දාගෙන යන කාන්තාවන්ව දූෂණය කරන්නට පිරිමින්ට සහාය දීමක් වෙනවා ද? යම් ආගමික නායකයෙක් තමන්ගෙ ආගම තුල එහෙම කරන්න කියා ඇත්නම් ඒ ආගම පිළිපදින කාන්තාවන්ට කාන්තා විමුක්තිය නොලැබි අය හැටියට සැලකෙනවා ද?

      තමන් හදාගත යුතු හැදියාවක්, එනම් තමන්ගේ පෞරුෂය වර්ධනය කර ගැනීමෙන් හා ලෝකය ගැන දැනුවත් වීමෙන්, සත්‍යයෙන් ම ස්ත්‍රී දූෂණ අඩු කරගත හැකියාව තිබිය දී, ඒවාට වැදගත් කමක් නොදී මෙතැන දී වෙන්නෙ අහක ඉන්නා සමාජයේ ඊට මෙතෙක් සැලකිල්ලක් නොදැක් වූ කට්ටියකට dare කිරීමයි. ඒකෙන් වෙන්නෙ මුස්ලිම් වස්ත්‍ර හැඳගෙන යන කාන්තාවන් දැක්ක බුද්ධාගමේ හාමුදුරුවරු බුද්ධාගමේ කාන්තාවන්ට දිග සායවල් ඇඳගෙන මිසක් පංසලට එන්න එපා කියලා නීති දානවා වගේ එකට එකක් කරන මිනිස් ස්වභාවය ඉස්මතු වෙලා, පෞරැෂ වර්ධනයක් නැති ලෝකය ගැන දැනුවත් නැති මිනිහා එහෙම දැනුවත් නැති ගෑණිට ගහලා ඇය තමන්ට පහත් වූවෙක් ලෙස තියාගන්නට දරණ වෑයමකින් තවත් කාලයක් ඇයව දූෂණය කරන එක.

      තමන්ට කැමති වස්ත්‍රයක් ඇඳගෙන යෑමේ නිදහස අද ලංකාවට වඩා 70 ගණන් වල ලංකාවේ වැඩියෙන් තිබ්බනේ. එදා දළදා මාලිගාවට ගවුමක් ඇඳන් යද්දි රෙද්දක් පටලවා ගන්න සිද්ධ වුනේ නැහැනේ. ඔව්, අනුන්ට අයිතීන් උදුරා ගන්නට බැහැ, ඒත් අපි විසින් කැමැත්තෙන් ම අයිතීන් අත්හරින්නෙ මේ වගේ අසාර්ථක විරෝධතාවයන් නිසා. හැමෝම එකට පාරේ ගියේ නැහැ 70 ගණන් වල දී කොට ගවුමක් අඳින අයිතියක් දිනාගන්න. ඒ අයිතිය තිබ්බා. මිනිස්සු විසින් කැමැත්තෙන් ම ඒ අයිතිය අත්හැරලා නම් ආයේ ඒ අයිතිය විරෝධතා පෙලපාලියක් ගිහින් බලහත්කාරයෙන් ගෙනෙන්න බැහැ. මිනිස්සු විසින් කැමැත්තෙන් ම එකින් එකා ගෙනෙන්නට අවශ්‍ය වූවක්.

      විරෝධතාවය දක්වන්නට අයිතියක් නැහැ කිව්වෙත් නැහැනේ. මේකත් අර wall street විරෝධතාවාදීන් වගේ හේතුව කුමක් නිසාදැයි නොදැක ඵලය වෙනස් කරන්නට කරන අසාර්ථක වූ කාලය නාස්ති කිරීමක්.

    • dgmbassa said, on ජූලි 26, 2012 at 9:00 පෙ.ව.

      රවි එක්ක මාත් එකඟයි. මාත් කියන්න හැදුවෙ , අපගේ ශක්තියව යෙදිය යුත්තේ මේ විශම චක්‍රයට/ දූශකයන් විරුද්ධව විනා , අකාර්යක්ෂම වුවද ඒ වෙනුවෙන් විරෝධය පාන්නන්ට විරුද්ධව නොවේ කියලයි.

      • arunishapiro said, on ජූලි 26, 2012 at 9:04 පෙ.ව.

        dgmbassa,

        ඔයාල දෙන්නම අමතක කරන වැදගත් ම වැදගත් වූව තමයි එහෙම අකාර්යක්ෂම විරෝධය පාන්නන් ඉදිරියේ නිහඬ වීමෙන්, අකාර්යක්ෂම බවට විරුද්ධ නොවීමෙන්, නොසිතූ ප්‍රතිඵල ඇති වී තිබුණාටත් වඩා අයහපත්, නීත්‍යානුකූල වූ විෂම චක්‍රයක් හා නීත්‍යානුකූල වූ දූෂකයන්ට ඉඩක් කැමැත්තෙන් ම ගෙන්වා ගන්නා බවයි.

        ඔබේ ශක්තිය ඊට වඩා පැහැදිලිව ප්‍රතිඵල ගෙන දෙන, ඔබට ද, ඔබේ දරුවන්ට ද, ඔබ දන්නා හඳුනන අනිත් අයට ද ළමා අපරාධ වලින් හා ස්ත්‍රී දූෂකයන් ගෙන් ගැලවීම සඳහා දැනුවත් වීමට යොදවන්නට ඕනා කීමට එකඟ වෙන්න ඔයතරම් අකමැති ඇයි?

  8. Shanthi Chandrasekera said, on ජූලි 26, 2012 at 2:27 පෙ.ව.

    Ma hithawath Aruni,oya samnga hama athinma math ekangai. oya pada charika nikan boru dewal kiya eka dakkama matath hithuna. obata subadawasak.


arunishapiro වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න