අරුණි ශපීරෝ‍ වෙතින්

Caveat emptor නොහොත් මිල දී ගන්නා ප්‍රවේසම් වීම

Posted in Uncategorized by arunishapiro on ජූලි 30, 2012

Caveat emptor නම් දේපල අයිතිය ගැන වූ නීති භාෂිතයකි. යමක් මිල දී ගත්තාට පසු එහි අඩුපාඩු හා වැරදි කියමින් එය ආපහු දී මුදල් ලබාගත නොහැකියි. එසේ කළ හැකි එකම අවස්ථාව වනුයේ විකුණන දේපලෙහි අගය ගැන විකුණූ අය විසින් බොරු කියා ඇත්නම්.

මෙය දේපල සඳහා පමණක් නොව තම ජීවිතයට ළං කරගන්නා හැම දෙයකට ම අදාළ වෙයි.

දරුවන්ව පාසැල් යවන දෙමව්පියන්, අධ්‍යාපනය නොමිලේ ලැබුනත්, එය බාර ගන්නේ එහි දී බෙදාහරින දැනුමේ අගය ගැන විමසා ද? දරුවන් හැදීම ගුරුවරයන්ට බාර කරද්දී, ලැබෙන ප්‍රතිඵලයේ වටිනාකම තක්සේරු කිරීමේ හැදියාව මෙසේ දකින්නට හැකියි. වැඩියෙන් විභාග පාස්වෙන, වැඩියෙන් රැකියා ලබන, වැඩියෙන් සමාජයේ තැනක් ලැබෙන පාසැල් වලට දරුවන් යවන්නට දෙමව්පියන් පොරකති.

විභාග පාස් වෙන්නට උවමනාවක් ඇති දරුවාව විභාග පාස්වෙන අය වැඩියෙන් ඉන්නා පාසැලකට යවනවා ද? යම් පාසැලකට ගිය පමණින් රැකියාවකට සුදුසුකම් ලබන්නට හැකි නම් වැඩිදුර ඉගෙනීමට නොව රැකියාවකට කැමති දරුවා ඊට යවනවා ද? නැත්නම් සහකරුවෙක්/සහකාරියක් හොයා ගන්නට වැඩියෙන් ඉඩක් ඇති පාසැලකට විවාහයට කැමති දරුවා යවනවා ද?

කිසියම් අවස්ථාවක දී තමන්ගේ නොව දරුවාගේ අභිප්‍රාය කුමක් දැයි විමසනවා ද? විභාග පාස් වෙමින් ඉහළට ඉගෙන ගන්නට ද, රැකියාවක් හොයා ගන්නට ද, නැත්නම් විවාහ වෙන්නට ද යනාදිය විමසනවා ද?

සහකරුවා/සහකාරිය තෝරා ගැනීමත් තව කෙනෙකුට පවරනවා ද? තමන් විසින් විමසිල්ලකින් තොරව යහළුවන් කපුකම් කරපු නිසා ද? දෙමව්පියන් සොයා බලා මෙයා හොඳයි කියූ නිසා ද? ජ්යෝතිශ්ශාස්ත්‍රඥයා ගැලපේ යැයි කියූ නිසා ද? තම දේශපාලන/රැකියා/සමාජ තත්වයට සරිලන නිසා ද? පොලීසියේ අත් අඩංගුවට ගන්නා වරෙන්තුවක් නැති නිසා ද?!!!

තමන් තෝරා ගත්තත්, කවුරු තෝරා දුන්නත්, කුමන හේතුවක් නිසා තෝරා ගැනීම කළත් යුග දිවියේ රස බලන්නේ තමන් ය. ඒ නිසා යුග දිවියට අයෙක් තෝරා ගැනීමේ දී ප්‍රවේසම් විය යුතු වගකීම ඇත්තේ ද තමන්ට ය.

අපරාධකරුවන් ලොව නැති කරන්නට ලෝකයේ කිසිම ආණ්ඩුවක් හෝ සංවිධානයක් සමත් වී නැත. එහෙත් අපරාධකරුවන් ගෙන් ගැල වී ජීවත්වන්නට සමත් වූ අය ලොව බොහොමයකි. එසේ නම් තමන් ආරක්ෂා කර ගැනීමේ වගකීම පැවරිය යුත්තේ කාට දැයි ඔබ සිතන්නේ ද?

විද්වත්ඥානය (intelligence) නම් හැකියාවෙන් පිටත වූ යමක් ඉක්මණින් තේරුම් ගැනීමට සහ ඒ තේරුම් ගැනීම අනුව බුද්ධිමත්ව ක්‍රියාකාරී වීමට පුළුවන්කමක් තිබීමය.” -ඇල්ෆ්‍රඩ් නෝර්ත් වයිට්හෙඩ්, “දෙසැම්බර් 15, 1939″ -(1954) එහෙත් අභාග්‍ය්‍යට අද ලෝකයේ විද්වතුන් (intellectuals) යැයි සැලකෙන බොහොමයක් තුල ද මේ හැකියාව නැත. ගුරු වෘත්තියේ, ආණ්ඩුවේ හා ලෝක සංවිධානයන් හි තනතුරු හොබවන මෙවැනි විද්වත් බහුතරය, තමන් විද්වතුන් යැයි හැඳින්වෙන නිසා අනෙක් අය මෝඩයන් යැයි සලකා අනෙක් අය තමන් කියන්න පිළිගත යුතු යැයි සිතති. සෑම පුද්ගලයෙකුට ම තමන් ගේ යහපත පිණිස කල්පනා කරනු සඳහා තමන්ට ලැබිච්ච මොළයක් ඇතැයි පිළිගන්නේ ම නැත.

ඉල්ලුම හා සැපයුම අනුව බුද්ධිමත් බව හා විද්වත් බව තීරණය කෙරෙන ලෝකයෙන් ඉවත් වී වෙනත් මඟක යද්දී, එනම් දේශපාලන නැඹුරුව අනුව, බලය ඇත්තන්ගේ පිට කහන තරමට!!!, බලය ඇත්තන්ගේ ඥාතී සබඳතා යනාදියෙන් බුද්ධිමත් බව හා විද්වත් බව තීරණය කෙරෙනා විට එසේ අවුල් සහගත තත්වයන් ලොව ඇතිවීම පුදුමයට කරුණක් නොවේ.

ඉල්ලුම හා සැපයුම අනුව බුද්ධිමත් බව හා විද්වත් බව තීරණය වෙච්ච ලෝකයේ කාල් මාක්ස්ගේ පොත් අලෙවි වූයේ නැත!! සෝවියට් දේශයේ බලතණ්හාධිකයන් අතින් කාල් මාක්ස්ගේ අදහස් වලින් පෝෂිත වූ රුසියන් පොත් බලහත්කාරයෙන් කියවන්නට ජනතාවට නියම විය. නමුත් බලහත්කාරයෙන් කරන කිසිම දෙයක් කැමැත්තකින් කරන දෙයක් මෙන් සාර්ථක නොවෙන නිසා වෑයම අසාර්ථක වී සෝවියට් අධිරාජ්‍ය්‍ය කඩා වැටුණි.

පුද්ගලයෙක් තම කැමැත්ත තීරණය කරන්නා සේ වෙළඳපොලේ ඇති ඉල්ලුම හා සැපයුම විසින් වෙළඳපොලේ විකුණන භාණ්ඩයේ අගය තීරණය කරයි. එහෙත් පාලනයක් විසින් හසුරුවන වෙළඳපොලක භාණ්ඩයක අගයක් දැන ගැනීමට පාරිභෝගිකයාට නොහැකිය. එවිට පාරිභෝගිකයා මුලා වෙන්නේ තම යහපත වෙනුවෙන් පාලකයා තීරණය කරන භාණ්ඩ අගයෙන් යුතු යැයි කියාය. සෝවියට් රුසියාවේ ජනතාව කොමියුනිස්ට් දහමේ අගයක් සොයා ගන්නට වසර 69 ක් වෑයම් කළත්, ඔවුන්ට එය බලහත්කාරයෙන් දුන් පාලකයන් සේ ම ඔවුන් ද එය අසාර්ථක උත්සාහයක් යැයි දැක අවසානයේ අත්හැර දැමූහ.

කොමියුනිස්ට්වාදය නිසා අහිමි වූ ජීවිත මිලියන 94 ක් යැයි කියන්නේ The Black Book of Communism: Crimes, Terror, Repression (1997) පොතේ ය.

David Singh Grewal ලියන Network Power (2009) පොත පෙන්වා දෙන්නේ ඒකීය තෝරා ගැනීම් (individual choices) විමසා බැලීමකින් තොරව බාර ගැනීමේ දී, ඒවා සමාජයේ ‘තෝරාගැනීම්’ බවට පත් වී, කිසිවෙක් සවිඥානිකව තෝරාගත්තේ නැති, කාටවත් උවමනා නොවූ ප්‍රතිඵලයක් ලැබෙන ආකාරයයි. විමසා බැලීමකින් තොරව මිල දී ගත් අකමැති බඩුවක් නිසා ලැබෙන්නේ මුදල් පාඩුවකි. විමසා බැලීමකින් තොරව පුද්ගලයෙකු ගත් සමාජ තීරණයක් නිසා නොසිතූ ප්‍රතිඵලයක් ලැබීමෙන් අහිමි වෙන්නේ ජීවිතයයි.

මේ ගැන ලියන්නට හිතුනේ Kenji @ Japan දැමූ ප්‍රතිචාර නිසයි. ඔබට ඉතාමත් ස්තූතියි.

Advertisements

13 Responses

Subscribe to comments with RSS.

  1. vajira said, on ජූලි 30, 2012 at 11:45 පෙ.ව.

    මගේ පෞදගලික අදහස නමි අමෙරිකානුකරණය සමිබන්ද හොදම උදාහරණය ඔබයි .දෟස්ටිවාදය අපි දේවල් විග්‍රහ කරන ආකාරය නම් අමෙරිකානු ව්‍යපෘතිය සාරතකයි ඔබ හොද අමෙරිකානුවෙක් .ඔබට ඇමෙරිකානුවෙක් හෝ වෙන ඕනෑම විදියකට අදහස් ප්‍රකාශකල හැකියි.ඒ අයිතිය අපි පිලිගන්නව එත් ඔබව අනුමත නොකරම්.

    • arunishapiro said, on ජූලි 30, 2012 at 12:51 ප.ව.

      vajira,

      මාව අනුමත නොකරන්නට ඔබට ඇති අයිතිය මාත් පිළිගන්නවා. ඒ වගේ මම අකමැති අයෙක්ව මට අනුමත කරන්න යැයි මගෙන් ඉල්ලන්නේ ද නැත්නම් අපි දෙදෙනාට සතුටින් අපේ පාඩුවේ ඉන්න පුලුවන්.

    • Kevin Perera (@PereraKevin) said, on ජූලි 30, 2012 at 1:19 ප.ව.

      උදේ පාන්දරම වජිරා හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලල ඔය කිව්වෙ. ඔන්න ඔහේ මාත් ඇඟිල්ල ගැනම කියල දානව.කොච්චර ඔරොප්පු කරත් අරුණි තරහ වෙනවැය.. 🙂
      මා අරුණිව දකින්නේ වජිර මෙන් දෘෂ්ථිවාදය තුලින් ඇමරිකාණුකරණය වූ ගැහැණියක් ලෙස නොවේ.. ඇමරිකාණු පුරවැසි අරුණි යනු සුදු අප්පුහාමිගේ ආදරය නිසා ඇය දැන් පැලැඳ සිටින වෙස් මුහුණ්යි.
      //Woman is man’s prosopopea: she is man’s symptom, she has no substance of her own, she is a mask through which man speaks (more precisely, as Otto Weininger demonstrated, a mask through which the fallen nature of man speaks). – Jacques Lacan: A Feminist Introduction //

      • arunishapiro said, on ජූලි 30, 2012 at 1:34 ප.ව.

        Kevin Perera,

        😀 ඒකනෙ කොච්චර ඔරොප්පු කරත් මොකෝ තරහා වෙනවැයි …

        සුදු අප්පුහාමි ගෙන් ඇහැව්වා නම් එයා කෙවින්ට කියන්නෙ මෙහෙමයි: “හාමිනේ ගේ ආදරය නිසා, මම මෙතෙක් පැළඳ සිටි මගෙ වෙස් මුහුණ ගලවා, හාමිනේ තමන්ගෙ මූණ පෙන්වන්න බය නැති විදියට මාත් මගෙ මූණ පෙන්වන්න බය නැති කරගන්න හදනවා” කියලයි!!!!”

    • arunishapiro said, on ජූලි 30, 2012 at 1:52 ප.ව.

      අටම්පහුර,

      මෙහෙම දෙන තරු එකතු කරගෙන මට පුංචි තරු යායක්? මන්දාකිණියක්? හදන්න ලැබේවි ද නැත්නම් අටම්පහුරට අල්ලන්නෙ නැති සටහනක් දාපු දවසට මට වෙන keyboard අක්ෂර එකතුවක් දකින්න ලැබේවි ද?!!!!

  2. Kenji @ Japan said, on ජූලි 30, 2012 at 8:50 ප.ව.

    මම දමපු කොමන්ටුවක් නිසාම හරවත් ලිපියක් ලියා අපව දැනුවත් කිරීම ගැන ඔබට තුති පුදමි! ඉතාම හරවත් ලිපියක්.අද ලිපිය වෙනදට වඩා ඉක්මන් නේද?

  3. රාජ් said, on ජූලි 31, 2012 at 12:03 පෙ.ව.

    නිදහස් වෙළඳපොල ක්‍රමයක් මෙහේ නං ඇතිවෙන එකක් නෑ.

    • arunishapiro said, on අගෝස්තු 1, 2012 at 7:24 පෙ.ව.

      රාජ්,

      නිදහස් වෙළඳපොලක් ලංකාවේ තියෙනවා. ඒක තියන නිසා තමයි තාම පණ අදිමින් හරි රටක් ඉතුරු වෙලා තියෙන්නෙ. ඒත් ඒක දකින්න ලංකාවේ බහුතරයට දුෂ්කර වූ නිසා තමයි මිනිස්සු ඉස්සර වෙන පැත්තක දැන් කා—න් පැත්තෙ යන්න හුරුවෙලා තියෙන්නෙත්.

      ලංකාවේ ඉන්නවා ඇඳුම් මහන නංගියෙක්. අනගි බඩුවක් හා අනගි සේවාවක් ලංකාවේ හදලා ලංකාවේ විකුණලා ගෙයක්, පිටරට සංචාරයට යන්න වගේ තමන් කැමති දේවල් කරන්නට ආර්ථික නිදහස දැනටමත් ලබා ඇති කෙනෙක්. ලංකාවේ ඉන්නවා electrician කෙනෙක්. අනගි සේවාවක් සපයලා දැන් ගෙවල් දෙකක් හදලා තියෙන්නෙ. මගේ තාත්තා ලංකාවේ නිදහස් වෙළඳපොලේ තමන් විසින් ලියූ පොත්පත් විකුණා, තවත් අයට රැකියාවන් ද සපයා තමන්ගේ ජීවිකාව සොයා ගත්තේ 1975 සිට 2002 දක්වා.

      නැහැයි බැහැයි නොකියා, පිටතක ඉන්නා කුමන්ත්‍රණකරුවන්ට ඇඟිලි දික් කරමින් නොසිට, කවදා ඇති වේදැයි පෙරුම් පුරමින් නොසිට, දැනට තියන සම්පත් හා අවස්ථා වලින් තමන් විසින් උත්සාහයක් කරන්නට පටන් ගත් දාට යි වහල් බවින් මිදෙන්නෙ.

      • Kevin Perera (@PereraKevin) said, on අගෝස්තු 1, 2012 at 7:51 පෙ.ව.

        ඔව් ඔබ හරි අරුණි ඒ වගේම දිගුකාලීනව ගොඩයන්න නම් ලංකාවේ වෙලඳ පොලට විතරක් නොවෙයි පිටරට වෙලඳ පොලවල් කරා බඩු යවන්න උත්සාහ කරන උත්සාහවන්තයෝත් අපේ රටට තව අවශ්‍යයි. ebay ,alibaba වැනි දේ උපරිමයෙන් යොදාගන්න ඕනෑ.

  4. අමා said, on ජූලි 31, 2012 at 6:05 පෙ.ව.

    අක්කා කියන්නේ මේක ගැන වෙන්ට ඕනා : “Intelligence is quickness to apprehend, as distinct from ability, which is capacity to act wisely on the thing apprehended.”

    හෆොයි මට ඕක තේරුම් ගන්ට බැරිවෙලා තිබුනේ. අද තමා ඕක තේරුම් ගත්තේ. ස්තුතියි ඒකට ගොඩක්ම. 🙂

    • arunishapiro said, on අගෝස්තු 1, 2012 at 7:33 පෙ.ව.

      අමා,

      සමහර අයට සමහර දේවල් වඩා ඉක්මණින් අල්ලා ගන්නට හැකියි. තමන් කැමති තොරතුරු එකතු කරන ආශාව නිසා, එසේ එකතු කර අමුණා ගන්නා දේවල් වලින් අළුත් දෙයක් පැහැදිලි කරගැනීමේ ඉක්මන තමයි. ඔන්න ඉලක්කම් ගැන මොකක් හරි කිව්වා නම් ඒ ගැන වූ අමා නංගිගේ quickness එක අපිට දකින්නට තිබ්බා. ඊට වෙනස් දේශපාලනය: ඒ ගැන යමක් කිව්වොත් ඒ ඒ අය අල්ලා ගන්නේ තමන් මෙතෙක් අමුණා ගෙන ඇති කරුණු වලින්. අළුත් කරුණු කිව්වත් ඒවා විශ්වාස නොකරනවා විතරක් නෙමෙයි සලකා බලන්නට ද වෑයමක් නොගන්නා හැදියාවෙන්.

      ඉතින් හැම දෙයක් ගැන ම විපරම් කරන්නට හැදිච්ච මොළයක intelligence යන්න වෙනස්, Chief Designer තමයි සියල්ල දන්නේ කියා පිළිගන්නට හැදියාවෙන් වූ මොළයක intelligence යන්න වෙනස්.

      quickness කියන එක නැති වුනත්, කල් ගිහින් හරි තේරුම් ගන්න හැකිනම් ඒක හොඳයි කවදාවත් තේරුම් ගන්න උත්සාහයක් නොගෙන ඉන්නවාට වඩා!!! 😀


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )