අරුණි ශපීරෝ‍ වෙතින්

ඔලිම්පික් රත්තරන් පදක්කමක වටිනාකම කීය ද?

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 3, 2012

ඔලිම්පික් පදක්කමක් දිනා ගත්තොත් එය හැම තැනම පැළඳිය යුතු යැයි ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට කවුරුත් කියන්නට අවශ්‍ය නැත. ඔවුන් එය කරන්නේ කැමැත්තෙනි, අභිමානයෙනි.

බ්‍රසීලයේ ජූඩෝ ජයග්‍රාහකයා Felipe Kitadai තුන්වැනි තැන දිනාගත් නිසා ලැබුණු ලෝකඩ පදක්කම පැළැඳගෙන නාන්නට ගියේය. එය දත් අතර හිර කරගත්තේ වතුරෙන් තෙමෙනවා වළක්වා ගන්නටලු. එහෙත් එය බිමට වැටී කැඩී ඇත. බ්‍රසීලයේ ඔලිම්පික් කමිටුව අළුත් පදක්කමක් ඉල්ලා ගන්නට යැයි ඔහුට කියා ඇත. ලන්ඩන් ඔලිම්පික් කමිටුව විසින් ඔහුට අළුත් පදක්කමක් නිකුත් කරනවාලු.

මෙවර ඔලිම්පික් හි දී ගිම්හාන ඔලිම්පික් සඳහා ප්‍රදානය වෙන වඩාත්ම විශාලතම හා වඩාත්ම බරැති රත්තරන් පදක්කම් ප්‍රදානය කෙරෙයි. අවුන්ස 14 (ග්‍රෑම් 400) බරැති ය. පසුගිය තරඟ පහේ දී දුන් පදක්කම් වල සාමාන්‍ය්‍යට වඩා දෙගුණයකින් බරැති ය. 1917 දී ස්ටොක්හොම් ඔලිම්පික් හි දුන් පදක්කමට වඩා 17 ගුණයකින් බරැති ය.

1912 ස්ටොක්හොම් හි දී ප්‍රදානය වූ රත්තරන් පදක්කම් තනිකරම රත්තරන් වලින් නිමැ වූ ඒවාය. අද ප්‍රදානය වෙන්නේ වැඩියෙන් රිදී ඇති 1.5% ක තුනී රත්තරන් ආලේපයක් ඇති පදක්කම් ය. ෆෙලීපේ කීතාඩායි ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව කියෙව්වා නම් වැඩිය හයියෙන් පදක්කම හපන්න එපා යැයි දුන් අවවාදය දකිනවා ඇත.

ඔලිම්පික් ජාත්‍යන්තර කමිටුව විසින් දෙන උපදෙස් අනුව (රත්තරන් පදක්කම් වල අවම වශයෙන් 92.5%ක රිදී සහ රත්තරන් ග්‍රෑම් හයක් අඩංගු විය යුතුය) තරඟ පවත්වන රට විසින් එය කෙසේ නිර්මාණය කරන්නේ ද හා ඊට වැඩියෙන් අඩංගු වන රත්තරන්, රීදි හා තඹ ප්‍රමාණයන් තීරණය කරයි. ලන්ඩනයේ පදක්කමක අවම වශයෙන් නියම කරන ලද රත්තරන් හා රීදි වලට අමතරව ඉතිරිය පිරෙන්නේ තඹ වලිනි.

2012 අප්‍රේල් 7 වැනිදා රත්තරන් හා රිදී වෙළඳපොලේ මිල අනුව ලන්ඩන් ඔලිම්පික් රත්තරන් පදක්කමක වටිනාකම $706 ක් වේ යැයි ‘ද ඉකොනොමිස්ට්’ සඟරාව ගණන් බලා ඇත. එහි අඩංගු රත්තරන් ප්‍රමාණය අඩු නිසා, රත්තරන් හා රිදී දෙකම වෙළඳපොලේ ඉහළ අගයකින් පවතින නිසා එහි ඇති රත්තරන් වල මුළු වටිනාකමට වඩා රීදි වල මුළු වටිනාකම වැඩි ය.

පදක්කමේ වටිනාකම එහි අඩංගු රත්තරන්, රිදී හා තඹ වල වටිනාකමට වඩා ඉහළ බව ඔලිම්පික් අගයන ඕනෑම කෙනෙකු පිළිගනු ඇත. 1996 දී දිනාගත් රත්තරන් පදක්කම Wladimir Klitschko නම් යුක්රේනියන් බොක්සිං ශූරියා විසින් පින් කටයුත්තක් වෙනුවෙන් වෙන්දේසි කර ඇත්තේ ඩොලර් මිලියනයකට ය. වෙන්දේසියේ දී එය වෙනුවෙන් තරඟ කර ඩොලර් මිලියනයක් දී පදක්කම දිනුවත් දානපතියා පදක්කම ආපසු ව්ලැඩිමියර් වෙත බාර දෙයි. ස්වභාවයෙන් ම මොළය නිර්මාණය කර ඇත්තේ ත්‍යාගශීලී ධනවතුන් බවට සෝවියට් රුසියාවේ හිටපු රටකින් ම උදාහරණයක් ඒ!!!

ජූඩෝ වලට රත්තරන් පදක්කමක් දිනාගත් ප්‍රථම ඇමෙරිකානුවා වීමේ භාග්‍ය්‍ය ලැබෙන්නේ අයින් රෑන්ඩ් ගේ “ඇට්ලස් හැකිළුණි” තම ප්‍රියතම පොත යැයි කියන Kayla Harrison ට ය.

සටහන ‘ද ඉකොනොමිස්ට්‘ සඟරාව ඇසුරිනි.

Advertisements

9 Responses

Subscribe to comments with RSS.

  1. සුදීක said, on අගෝස්තු 3, 2012 at 6:28 ප.ව.

    මම පළවෙනිය වෙන්න ඕනේ. මමත් ඔලිම්පික් ගැන පොස්ට් එකක් මේ දැන් පොස්ට් කලා. ඒ සඳහා තරග තෝරා ගන්නා ආකාරය ගැන සෑහීමකට පත් වෙන්න පුලුවන්ද ? මගේ අදහස් බලන්න පහළ ලින්ක් එකෙන්. ඇත්තටම දිනාපු පදක්කම් අහිමි කරගත් ශ්‍රී ලාංකිකයෙකු ගැන ඔබ අසා තිබෙනවාද. ඒ ශ්‍රී ලංකාවේ සුනිල් ගුණවර්ධන මහතා. එතුමාගේ නිවසේ ප්‍රධාන දොරේ එම ලාංචනය කොටලා තියෙන්නේ ඒ පදක්කම සිහි වෙන්න බවයි මට හිතෙන්නේ.

    http://awidda-paya.blogspot.com/2012/08/blog-post.html

    • arunishapiro said, on අගෝස්තු 3, 2012 at 6:52 ප.ව.

      සුදීක,

      මෙහෙ ගොඩවෙන හැමෝටම, මොනවා හරි කුරුටු ගෑවත් නොගෑවත් පළවෙනි තැන දෙන්නෙ මම!!!

      මොනා කරන්න ද? අනුන්ගෙ ක්ලබ් එකකට සෙල්ලම් කරද්දි එයාලගේ නීති රීති තමයි. ඉස්සර කාලේ තරඟ බලා ඇත්නම් ජිම්නාස්ටික් වගේ ඒවයේ සීතල යුද්ධ යන හැටිත් දකිනවා.

      මම දන්න තරමින් එයා පදක්කමක් දිනුවෙ නැහැනෙ.

  2. Kenji @ Japan said, on අගෝස්තු 3, 2012 at 7:08 ප.ව.

    නොදන්නා දෙයක් ගැන දැනුවත් කළාට තුති!

  3. buddie-බුඩී said, on අගෝස්තු 3, 2012 at 10:20 ප.ව.

    හ්ම්ම්ම් ඒකත් එහෙමද??

  4. kathandarakaraya said, on අගෝස්තු 3, 2012 at 10:56 ප.ව.

    Felipe Kitadai නාන්න යනකොට පදක්කම අරං ගියේ ඇයි කියලා අරුණී දන්නවාද? මං නං දන්නවා!

  5. wicharaka විචාරක said, on අගෝස්තු 4, 2012 at 3:20 පෙ.ව.

    වෙන්දේසි කරපු රන් පදක්කම වෙන්දේසි කරුටම ආපසු දීමනම් රත්තරන් වැඩක්. පදක්කමක වටිනාකම මුදලෙන් තක්සේරු කිරීම නම් මහා නොමිනිස් වැඩක්.

    මම අහන්නමයි හිටියේ.
    1. කොහොමද මධ්‍යම ඇමරිකාවේ නියං තත්වය?
    2. කොහොමද ඇමරිකානු නගරක් බංකොලොත් (bankrupt) වුනේ?

    • arunishapiro said, on අගෝස්තු 4, 2012 at 1:57 ප.ව.

      wicharaka විචාරක,

      1. කෙටි කාලයක් තිබියා වුවත් නියඟ සෑහෙන්න බරපතල විපාක ගෙනාවා. තිරිඟු වතුයායන් පිටින් වේලිලා ගියා. දැනටමත් ඒවා අයින් කරලා සෝයා බෝංචි වවලා. මෙක්සිකෝව පහුගියදා ඇමෙරිකාවේ අනාගත තිරිඟු තොග වැඩියෙන් මිල දී ගත්තා. ඉතින් එහෙම සල්ලි කළින් වෙන් කරන්න පුළුවන් රටවල් තිරිඟු ගොඩ ගහ ගත්තොත්, ඒක දැකලා අනිත් රටවල් ද ගොඩ ගහන්න ගත්තොත් වෙළඳපොලේ ඉල්ලුම වැඩි වී සැපයුම අඩු නිසා දුප්පත් රටවල් වලට වෙන්නෙ ඉහළ මිලට ගන්න තමා. මේකෙන් හොඳක් වුනොත් ඒක තමයි තෙල් වලට තිරිඟු වවන එක අඩුවෙලා ගිහින් හිමිහිට නැවතීම … ඒත් ඒක දැනට නම් සිහිනයක් මොකද තෙල් වලට තිරිඟු වැවීම සහනාධාර ලැබෙන වැඩක් නිසා ගොවියන්ට වාසියි. ඒක ඉවත් කළොත් මධ්‍ය්‍යම ඇමෙරිකාවේ චන්ද දිනන්න වෙන්නෙ නැහැ කාටවත්. විමසා නොබලා ගෙනෙන සැලසුම් නිසා සිද්ධ වී ඇති තවත් නොසිතූ ප්‍රතිඵලයක්.

      2. මිනිස් ස්වභාවය නොදැක විමසා නොබලා ගෙනා සැලසුම් වල පරිපාලන දුර්වලතා තමයි මේකටත් හේතුව. හොඳම උදාහරණයක් තමයි ස්ටොක්ටන්, කැලිෆෝනියාව. නගරයේ ජනගහණය වැඩි වෙද්දී ඔවුන් හිතනවා හැමදාම එහෙම ජනගහණය වැඩිවේ යැයි කියා. ඉතින් එන්න ඉන්න අය ගෙන් අය කරගන්න හැකි බදු වලට ද ගණන් හදලා ඔවුන් එන්න කළින් ම වැය පටන් ගන්නවා. යුනියන් සංගම් වල (පොලීසිය, ගුරුවරු, නගර සභා සේවකයන් ..) ඉල්ලීම අනුව වේතන, සහනාධාර සහ විශ්‍රාම වැටුප් හදන නගර සභාව පොලිස් ලොක්කා Tom Morris ව වසර හතරකට පෙර බඳවා ගන්නවා. එයා වැඩ කළේ මාස අටක්. දැන් වයස 52 දී විශ්‍රාම යන ඔහුගේ වාර්ෂික පෙන්ෂන් වැටුප $204,000 ක්. ඒ තනතුරේ සිටිය පොලිස් ලොක්කො හතර දෙනාගෙන් තුන් දෙනෙකුට වසර තුනකට වඩා අඩු කාලයක සේවයෙන් පසු එයාලගෙ අවසන් වැටුපෙන් 92% ක් ඇතිව විශ්‍රාම යන්නට ලැබිලා තියෙනවා. කැලිෆෝනියාවේ පොලිස් නිලධාරීන්ට ආබාධිත තත්වයක් පෙන්නලා වැඩි විශ්‍රාම වැටුප් ගන්නට හැකියාව දුන්නම විශ්‍රාම යන්න ළං වෙද්දි ආබාධිත තත්වයන් ඇති පොලිස් නිලධාරියන් ගණන ඉතා අධික වශයෙන් ඉහළ ගියා.

      නගර සභාව ලාභ උපයන පුද්ගලික කොම්පැණි ක්‍රමයට දුවන නගර බංකොළොත් නැහැ.

  6. රූ said, on අගෝස්තු 4, 2012 at 2:50 ප.ව.

    ඉකොනොමිස්ට් සඟරාව හරි ඔලිම්පික් පදක්කමේ භෞතික වටිනාකම මැනපු එක වටිනවා..වෙන්දේසියකදී වැඩි වෙන වටිනාකම එය දිනාගත් ක්‍රීඩකයාගේ value addition එක විදිහට සලකන්න පුළුවනි එතකොට..

    • arunishapiro said, on අගෝස්තු 4, 2012 at 2:53 ප.ව.

      රූ,

      මරාට් සැෆින් නම් වූ රුසියන් ටෙනිස් ක්‍රීඩකයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක ඩේට් එකක් යන්න රුසියන් ධනකුවේරයෙක් ඩොලර් මිලියනයක් (රූබල් නෙමෙයි) ගෙව්වා. ඒක කාගේ value addition එක ද? 😀


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: