අරුණි ශපීරෝ‍ වෙතින්

ඇනෝ ලියන ඔලිම්පික් රහස්, මින්ක්ස් වලින් ආ ගේ කුරුල්ලා සහ නොමිලේ දෙන කොන්ඩොම්

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 6, 2012

මුලින් ම කියන්නම්, නොමිලේ කොන්ඩොම් නම් මගෙන් නෙමෙයි!!! කොන්ඩොම් 150,000 ක් නොමිලේ බෙදා හරින්නෙ ඔලිම්පික් ගමේ. කර්කශ ආර්ථික පසුබිමක වූ 1948 ඔලිම්පික් තරඟාවලියට ගිය එදා ක්‍රීඩකයන්ට තමන්ගෙ තුවා අරන් එන්න යැයි කියා තිබුණාලු. එදා ඔලිම්පික් ගමක් තිබිලා නැහැ. 2012 ලන්ඩන් වල ඔලිම්පික් ගමට එන ක්‍රීඩක ක්‍රිඩිකාවන් සංඛ්‍යාව 14,000 යි, පැරා ඔලිම්පික් ක්‍රීඩක/ක්‍රිඩිකා සංඛ්‍යාව 170 යි. සමහරුන්ට තරඟ වලින් පරාද වුනත් ආපහු යන්න හදිසියක් නැතිලු!!!

The Secret Olympian: The Inside Story of Olympic Excellence (2012) ලියන්නෙ ඇනෝ කෙනෙක්. එයාට අනුව ඔලිම්පික් ගම්මානයේ ඇතිවෙන්න ලිංගික සතුටක් ලබන්න හැමෝම සූදානමින්ලු ඉන්නෙ. මම ඒ පොත කියවා නැහැ. මුලින් ම කොන්ඩොම් සැලකිය යුතු ප්‍රමාණයක් බෙදාහැරීම පටන් ගෙන තියෙන්නෙ 1988 සෝල් වල දී. 1990 දී ඇබර්ට්විල්, ප්‍රංශයේ පැවතිච්ච හේමන්ත ඔලිම්පික් වල දී පැය දෙකෙන් දෙකට කොන්ඩොම් බෙදාහරින මැෂින් පුරවන්නට සිද්ධ වුනාලු. බාර්සලෝනා හි දී ක්‍රීඩකයන්/ක්‍රීඩිකාවන් 9,500 කට කොන්ඩොම් පනස්දාහක්-අසූදාහක් අතර ගාණක් බෙදන්නට සිද්ධ වෙලා. ඇත්ලැන්ටා වල දී නම් ක්‍රීඩක/ක්‍රීඩිකාවන් 10,500 කට බෙදා දීලා තියෙන්නෙ කොන්ඩොම් 15,000 යි. සිඩ්නි වල දී 80,000 ක්. 2002 සෝල්ට් ලේක් සිටි වල දී ලක්ෂයක්; ඇතැන්ස් වල දී 130,000 ක්; බෙයිජිං වල දී ලක්ෂයක්; වැන්කුවර් හි දී ද ලක්ෂයක්.

නූතන ඔලිම්පික් හි පියා සේ සැලකෙන Pierre de Frédy නමින් වූ අධ්‍යාපන විද්වතෙක් සහ ඉතිහාසඥයෙක් ලෙස හැඳින්වෙච්ච එක්කෙනා කිව්වෙ කාන්තා ක්‍රීඩා එක්ක ගැවසීම (පිරිමි) ක්‍රීඩකයන්ට නරක නිසා ඒවා ඔලිම්පික් වලින් අයින් කරලා දාන්න ඕන කියලයි. එහෙම කළා නම් එදා, ඇලන් ටුරින් ජීවත් වූ ලන්ඩන් හි පැවැත්වෙන මෙදා ඔලිම්පික් වල දී කොන්ඩොම් බෙදීම මීට වැඩිවෙයි ද? අඩුවෙයි ද? නොසිතූ ප්‍රතිඵල ම සිදුවේ ද?!!!!

ඒත් කාන්තා ක්‍රීඩා නැවතුවා නම් ‘මින්ක්ස් වලින් ආ ගේ කුරුල්ලා’ නම වැටෙන Olga Korbut කියන රුසියානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාව ගැන අහන්න ලැබෙන්නෙත් නැහැ. දේශපාලන කැපිලි මැද්දේ දැක්වූ ඇයගේ දක්ෂතාවයන් නිසා කාන්තා ජිම්නාස්ටික් ලෝකයේ වෙනසක් සිද්ධ වූවා යන කියමනට කිසිවෙක් විරුද්ධ වෙන්නෙ නැහැ.

Pierre de Frédy ඔලිම්පික් වෙනුවෙන් වෙහෙසෙන්නෙ ප්‍රංශ ප්‍රෂියන් (ජර්මන්) යුද්ධයට පැරදිච්ච තමන්ගෙ රටට ගෞරවයක් ගෙනෙන්නට.

යුද්ධයක් නිසා අවලංගු කරන නූතන ඔලිම්පික් පළමු වැන්න 1916 බර්ලින් හි ගිම්හාන තරඟ. 1920 හා 1924 ඔලිම්පික් වලට ජර්මනියට සහභාගී වීම තහනම් වෙනවා. හිට්ලර්ගේ නාට්සි පක්ෂයේ ආගමනයෙන් ප්‍රසිද්ධ වෙන ජර්මනියට 1936 ඔලිම්පික් පවත්වන්න ලැබෙනවා. ඒත් 1940 ටෝකියෝ වලට ජර්මනියේ ඔලිම්පික් පන්දම යන්නෙ නැහැ. යුද්ධයකට සැරසෙන ඉම්පීරියල් ජපානය ඔලිම්පික් වලින් අයින් වෙනවා. ඒක හෙල්සින්කි වෙත ගෙන ගියත් දෙවැනි ලෝක යුද්ධය පටන් ගැනීමෙන් එය අවලංගු වෙනවා. එක පැත්තකින් ජර්මනියත් තව පැත්තකින් රුසියාවත් පෝලන්තය ආක්‍රමණය නිසා දෙවැනි ලෝක යුද්ධය පටන් ගෙන 1944 ලන්ඩන් හේමන්ත ඔලිම්පික් ද අවලංගු වෙනවා. 1948 නැවතත් ජර්මනියට ගිම්හාන ඔලිම්පික් තහනම් වෙනවා.

රටවල අදහස් නිසා එහෙම වෙද්දි ක්‍රිඩකයන්ගේ අදහස් නිසා මෙහෙම වෙනවා: 1968 දී මෙක්සිකෝ නගරයේ දී Tommy Smith සහ John Carlos දෙදෙනාට පදක්කම් ප්‍රදානයේ දී කළු ඇමෙරිකානුවන්ගේ සැලියුට් එකක් ගැහැව්වා යැයි චෝදනාවක් වැදී ගෙදර යන්නට සිද්ධ වෙනවා. එතැන ඔවුන් සමඟ හිටගත් අදටත් නොකැඩී ඇති මීටර් 200 දිවීමේ ඔස්ට්‍රේලියානු වාර්තාව තැබූ ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩක Peter Norman ද මානුෂික අයිතීන් සඳහා පෙනී සිටින ඔලිම්පික් ව්‍යාපෘතියේ ලාංඡනයක් පැළඳගෙන ඔවුන්ට සහාය දෙනවා. පීටර් වත් කැපිලා යනවා ඔස්ට්‍රේලියාවේ ඔලිම්පික් වලින්. ටොමී ස්මිත් පසුකාලයේ දී තම චරිතපදානයෙන් කියන්නෙ එයා ගැහැව්වේ කළු සැලියුට් එකක් නෙමෙයි මානුෂික අයිතීන් වෙනුවෙන් ගහපු සැලියුට් එකක් බව. ඒ ගැන චිත්‍රපටිය තමයි Salute (2008).

හැබැයි වැඩේ මේකයි: මේ තුන්දෙනාගේ වැඩ වලින් විකල් වෙච්ච ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ලොක්කා Avery Brundage තමයි 1936 දි හිට්ලර්ගෙ නාට්සි ජර්මනිය යුදෙව්වන්ට හරියට සලකන්නෙ නැහැ කියල බර්ලිනයට ඔලිම්පික් දෙන්න එපා කියනවාට එකඟ නොවී ඒක ජර්මනියට ලබා දෙන්න සෑහෙන වෑයමක් ගත්තෙ. ඊට පස්සෙ තමයි එයාට සභාපතිකම ලැබෙන්නෙ. හිට්ලර් ගේ නාට්සි ජර්මනිය යුදෙව්වො, ස්ලාවික් සහ කළු ජාතිකයන් වගේ අඩු ජන්මයෙන් වූවන් එක්ක තරඟ කරන්න ජර්මන් අයට ඉඩ දෙන්න අවශ්‍යතාවයක් නැහැයි කිව්ව අය. එදා Avery Brundage නාට්සි සැලියුට් ගහනවාට සභාපති වශයෙන් කිසිම විරුද්ධතාවයක් දැක්වූයේ නැහැ. එයා කිව්වා ඒක ජාතික සැලියුට් එකක් කියල!!! කළු ඇමෙරිකන් ක්‍රීඩකයන්ගේ සැලියුට් එක ජාතික නොවන නිසයිලු ඒකට ඉඩ දෙන්න බැහැයි කියල තියෙන්නෙ!!!

ඉතින් ඊට පස්සෙ 1972 මියුනික් හි දී පලස්තීන ත්‍රස්තවාදීන් ජර්මන් නව-නාට්සි හිතවාදීන් එක්ක එකතුවෙලා ඊශ්‍රයල් ඔලිම්පික් කණ්ඩායම පැහැර ගෙන ගිහින් ක්‍රිඩක හා පුහුණුකරුවන් 11 දෙනෙක් මරා දානව.

2012 ලන්ඩන් වැටෙන්නෙ මියුනික් ඝාතනයෙන් වසර 40 ක් පිරෙන සංවත්සරයට. මහා බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවාවේ ගුණ වයන්නට කාලයක් තිබුණට ඔලිම්පික් ඉතිහාසයේ ම දරුණු ම වූ ඝාතනය ගැන මොහොතක් නිහඬ වෙන්නට කිසිවෙකුටත් අවශ්‍යතාවයක් තිබ්බෙ නැහැ. ප්‍රතිවාදියාගේ පුරවැසි බවට අකමැති නිසා තරඟයේ නොයෙදීමට ඉඩක් නැති ඔලිම්පික් රීතියක් තිබ්බත් ඉරානයේ ජූඩෝ ක්‍රීඩකයා අයින් වෙනවා ඊශ්‍රායෙල් ක්‍රීඩකයාට මුහුණ දෙන්න වෙයි කියන අවස්ථාව මඟහරින්නට.

‘මින්ක්ස් හි ගේ කුරුල්ලා’ දැන් ජීවත්වෙන්නෙ ඇමෙරිකාවේ ඇරිසෝනාවේ. සිඩ්නි ඔලිම්පික් වල දී Peter Norman ට කිසිම තැනක් නොදී ඉන්න හදන ඔස්ට්‍රේලියන් කමිටුවට ඉඩක් නොලැබෙන්නෙ ඇමරිකන් අය එයාව තමන්ගෙ සාදයට එකතු කරගන්න නිසයි. මහා ගුණ වයන සෞඛ්‍ය සේවාවක් ඇති මහා බ්‍රිතාන්‍ය්‍යේ ඔලිම්පික් තරඟ පැවැත්වෙන පැත්තෙ Homerton Hospital එකට £4.8 මිලියන අධි තාක්ෂණ incubators ප්‍රදානය කරන්නෙ ඇමෙරිකාවේ GE කොම්පැණිය. ටොමී ස්මිත්ලා, ජෝන් කාලොස්ලා එදා සටන් වැදී දිනාගත් අයිතීන් වලින් පස්සෙ එන තමා කළු ජාතිකයෙක් යැයි නොකියා කියන ඇමෙරිකන් ජනාධිපති තමයි සෞඛ්‍ය පනතකින්, තමන්ගෙ දස්කමක් ගැන මහා ගුණ වයන මහා බ්‍රිතාන්‍ය්‍යටත් අධි තාක්ෂණ යන්ත්‍ර තෑගි කරන්නට හැකි දැනට තියෙන පුද්ගලික සෞඛ්‍ය සේවාවන් අවලංගු කරලා, ජාතික සෞඛ්‍ය සේවාවක් ගෙන්න හදන්නෙ. එතකොට අනාගතයේ දවසක අපිට incubators දෙන්න ඉතිරි වෙන්නෙ කවුද?!!!!

මේ දවස්වල ලන්ඩන් පැත්තෙ නාට්සි යැයි සැලකෙන්නෙ යුදෙව්වන්ව. යුදෙව්වො යැයි සැලකෙන්නෙ මුස්ලිම් අයව … අනාගත් ලෝකයක මාර අවුල ගැන තමයි ඊ ළඟට.

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. kathandarakaraya said, on අගෝස්තු 6, 2012 at 9:14 පෙ.ව.

    නිකං දෙන කොට අහුරු පිටින් ගන්නවා කියලයි කියන්නේ!

  2. Tharu said, on අගෝස්තු 6, 2012 at 10:49 පෙ.ව.

    ක්‍රීඩාවට මොන කලුසුදු භේදද? ඕකට හොඳම උත්තරේ දුන්නෙ ජෙසී ඔවන්ස්..
    මට තියෙන ප්‍රශ්නෙ කොන්ඩම් 150,000ක් පාවිච්චි කරන්න ලන්ඩන් වල කෙල්ලො කී දෙනෙක් දායක වුනාද කියලා :-).
    කට්ටිය කාගෙන ඔලිම්පික් යන්නෙ මේකයි එහෙනම් හෙහ් හෙහ් හෙහ්..

  3. wicharaka විචාරක said, on අගෝස්තු 6, 2012 at 12:42 ප.ව.

    1960 ගණන් වලදී ‘ටෝකියෝ ඔලිම්පියාඩ්’ චිත්‍රපටිය බැලීමෙන් පසුව තමයි මට ඔලිම්පික් ගැන උනන්දුවක් ඇතිවුනේ. 1972 මියුනිච් ඝාතන සිද්ධියත් හොඳට මතකයි. දැන් බලනකොට ඔලිම්පික් කියන්නෙත් පුදුම මගුල් සක්වලක්නේ අරුණි. අර ඇනෝගේ විස්තරය නොමිලේ අහන්න බැරිනිසා ඇහුවේ නැහැ. මම හිතන්නේ සමහරු ඔලිම්පික් බලන්න යන්නේ sex tourism එකත් අරමුණු කරගෙන වගෙයි. සමහර ක්‍රීඩක ක්රීඩිකාවනුත් විකිනෙනවා ඇති.
    ඔබට හිතෙන්නේ නැද්ද කුරුස යුද්ධය තවම ඉවර නෑ කියලා.

    • arunishapiro said, on අගෝස්තු 7, 2012 at 1:35 ප.ව.

      wicharaka විචාරක,

      ඉවර නැති අරගලයක් නම් තියෙනවා, ඒත් ඒකට ‘කුරුස යුද්ධය’ යන්න පාවිච්චි කරන්න පුළුවන් වෙයි ද කියල නම් සැකයි.

  4. indika27 said, on අගෝස්තු 6, 2012 at 11:08 ප.ව.

    මටත් ඔලිම්පික් යන්න ආසාවක් ඇති උණා….

  5. Kenji @ Japan said, on අගෝස්තු 6, 2012 at 11:32 ප.ව.

    ලංකාවේ ක්‍රීඩකයෝ 7 ක් යද්දී නිලධාරියෝ 23 ක් යන්නේ ඒකයි රහස. වැඩිපුර ක්‍රීඩකයෝ ගිහිල්ල නරක වැඩවලට පුරුදුවෙයි කියල බයට.”දිනුවට පස්සේ මගේ ජාතික කොඩිය මාව බදාගන්න හැදුව. මොකද ජාතික කොඩිය මගේ ජයග්‍රහණය ගැන හරියට සතුටු උනා. ඒ නිසා ඔහු [කොඩිය] මා වටා එතුන” සෙරින විලියම්ස් තම කුලුදුල් ඔලිම්පික් රන් පදක්කම දිනාගනිමින් පවසා තිබුන.[උපුටා ගැනීම “අද” පුවත්පත් 12-08-2012]

  6. Kenji @ Japan said, on අගෝස්තු 7, 2012 at 2:32 පෙ.ව.

    කොන්ඩම් භාවිතා කරලා කරන ක්‍රීඩාවේ වෘතීමය වශයෙන් නියැලෙන අය ඔය වගේ උත්සව තිබෙන රටවලට ගොස් එම දින කීපයට හොද ගානක් හොයාගෙන යන අයත් ඉන්නවලු!!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: