අරුණි ශපීරෝ‍ වෙතින්

එක් පැත්තකින් වෝල්ටෙයාර්ට අනෙක් පැත්තෙන් මොහම්මඩ්ට මැදි වූ ක්‍රිස්තියානි දහම

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 10, 2012

යුරෝපයේ 1558-1648 දක්වා පැවතුනේ විචාරයේ ආරම්භයයි. ශේක්ස්පියර්, ෆ්‍රැන්සිස් බේකන්, මොනටන්යෙ, රෙම්බ්‍රෑන්ඩ්ට්, ගැලීලියෝ සහ රෙනෙ ඩෙකාට් වැන්නවුන් අතින් අළුත් අදහස් ලෝකයට බිහි වූ සමයයි. අනතුරුව එන්නේ වෝලටෙයාර්, රූසෝ, හා ‘විද්වතුන්’ වූ මැඩාම්ලා ප්‍රංශයේ සැලොන් හල් වල දාර්ශනික විචාරයේ යෙදි සමයයි. ආගම ඇදහීම නූගතුන්ගේ වැඩක් යැයි ‘විද්වතුන්’ කියූ සමයයි. ක්‍රිස්තියානි ආගම එපා යැයි කියද්දී බහුවාර්ගිකත්වය අගයන සමයයි. සැමට එක අයිතීන් ඉල්ලන මුවාවෙන් තමන්ගේ අයිතීන් වැඩි කරගන්නට හදනා බුර්ජුවාසී විප්ලවයකින් එකිනෙකාව මරා ගනිද්දී පැත්තකින් නැඟී ආවේ යටපත් කළ නොහැකි විශ්වාස කරන්නට යමක් සෙවූ ස්වභාවික මිනිසාගේ කුතුහලයයි.

****

1683 දී වියානාවෙන් තුර්කි හමුදාවන්ට පලා යන්නට සිද්ධ වුවත් මොරොක්කෝවේ, ඇල්ජීරියාවේ, ටියුනීසියාවේ, ලිබියාවේ, ඊජිප්තුවේ, පලස්තීනයේ, පර්සියාවේ, දකුණු රුසියාවේ, බුල්ගේරියාවේ, සර්බියාවේ යනාදී රටවල මුස්ලිම් හමුදා බලය තිබිණ. පර්සියාව (ඉරානය) හැරෙන්නට ඒ මහා විශාල අධිරාජ්‍යය ඔටෝමාන් තුර්කියේ ආධිපත්‍ය්‍ය යටතේ විය.

හංගේරියාවෙන් මුස්ලිම් දේශ දක්වා යන අයෙකුට ක්‍රිස්තියානි සහ මොහම්මදන සංස්කෘති වල වැඩි වෙනසක් නොපෙනුණි. දුප්පත් ආගමික වූ ගම්බද වැසියන් පොළව කෙටුවේ දක්ෂ හා පරම්පරා උරුමයන් වූ ධනවතුන් යටතේ ය. යුරෝපයත් ආසියාවත් මායිම් සනිටුහන් කරන Bosphorus වලට පසුව එන කාන්තාර දේශයන් හි වගාබිම් හිඟය. Bedouin කාන්තාර වැසියන් ජීවත් වූ, වෙළඳාම හා සත්ව පාලනයෙන් ජීවිකාව උපයන ක්‍රිස්තියානි ලෝකයට වඩා නිවාඩු පාඩුවෙන් කාලය ගෙවුනු පරිසරයකි එහි වූයේ.

තුර්කි ජනතාව තම ජීවන රටාව ගැන කොතරම් පැහැදී සිටියා ද කිව්වොත් ශතක ගණනාවක් යනතුරු එහි වෙනසක් කරන්නේ නැත!!!

ප්‍රංශ විප්ලවයෙන් ඇරඹී අගාරික පිබිදීමෙන් පසු ඔවුන් බලන්නට ගිය යුරෝපීයයන් ඔවුන්ගේ ආගමික නැඹුරුව දැක විස්මයට පත් වූහ. ක්‍රිස්තියානි ලෝකයට වඩා ඔවුන්ගේ ආගම වඩාත් බලසම්පන්න හා බැතිමතුන් නම්මා ගත හැකියාවෙන් යුතු විය. කුරානය ආගමික නායකයාගේ වදන් සේ ම නීතිය ද වූයේය. එහි එන නීතිය නිල වශයෙන් පරිවර්තනය බාර වූයේ දේවධර්මධරයන්ට (theologians) ය. දුහුවිල්ලෙන් වැසී යන පාරවල් මැදින් ඇදෙනා වාර්ෂික මක්කම බලා යන වන්දනා පිරිස් බලා සිටින්නන්ගේ සිත් කුල්මත් කරවන දර්ශනයන් විය. ඉහළ පංතිවල විචාරාත්මක මුස්ලිම් අදහස් 18 වැනි සියවසේ දී යළිත් Muʿtazilah මුස්ලිම් කිවිඳුන් අතින් මේ ආගමික යුගයේ පැතිර යද්දී ඊට රහසින් අනුමතය ලැබිණ.

1719 දී තම තානාපති සැමියා සමඟ කොන්ස්තන්තිනෝපල් යන Lady Mary Wortley Montagu ලිපි ලියයි. ඒවා “තුර්කියේ සිට ලියූ ලිපි” එකතුවේ Muslim Orient ගැන කාන්තාවක් විසින් තැබූ ප්‍රථම අගාරික සටහන් වශයෙන් ඉතිහාසයට එකතු වෙයි.

1853 දී බ්‍රිතාන්‍ය ගවේෂකයෙක් වූ Sir Richard Francis Burton වෙස්වලා ගෙන එතෙක් ක්‍රිස්තියානි ආගමිකයන්ට තහනම් වූ මෙදීනා සහ මෙකා නගරවල ආගමික වන්දනාවන්ට සහභාගි විය. ඔහු කවුදැයි හෙළිදරව් වූයේ නම් දඬුවම මරණයයි. ඔහු බ්‍රිතාන්‍ය යටත්විජිත ඉන්දියාවේ සේවය කළ සමයේ ඉස්ලාම් දහම ඉගෙන ගෙන අරාබි ඇතුළු ආසියානු, අප්‍රිකානු හා යුරෝපීය භාෂා 29 ක් දත්තෙකි යැයි කියැවේ. ගමන ගැන ලියූ වෙළුම් තුනකින් වූ පොත යුරෝපයේ මහත් ජනප්‍රියත්වයක් ලැබීය.

කතෝලික හා පොතෙස්ත්‍රන්ත්‍ර යන ක්‍රිස්තියානි බෙදිල්ල මෙන් ඉස්ලාමයේ ද සුන්නි හා ෂියා බෙදිල්ලක් එවක ද විය. 18 වැනි සියවසේ දී ඊට Wahhabism නමින් අළුත් එකතුවක් විය. ඔවුන් සාන්තුවරයන් ඇදහීම තහනම් කළහ. සාන්තුවරයන් සහ ප්‍රාණත්‍යාගියන් (martyrs) වෙනුවෙන් ඉදි කරන ලද වන්දනා ස්ථාන කඩා බිඳ දැමූහ. සිල්ක් ඇඳීම සහ දුම්කොළ පාවිච්චිය හෙළා දැක්කහ. කුරානය ඒ ඒ පුද්ගලයා කැමති අන්දමින් පරිවර්තන කරන අයිතිය වෙනුවෙන් පෙනී සිටියහ.

මධ්‍යයතන ඉස්ලාම් ප්‍රගතියෙන් ඈත් වූ 18 වැනි සියවසේ ඉස්ලාම් බැතිමතුන් අධ්‍යාපනයේ අයිතිය දුන්නේ ආගමික නායකයන්ට ය. හොඳ පුරවැසියන් හෝ දේශප්‍රේමී ගෝත්‍රික නායකයන් හැදෙන්නේ පෞරැෂ ශික්ෂණයෙන් යැයි කියූ ඔවුන් බුද්ධි විචාරයට තැනක් දුන්නේ නැත. විද්‍යාඥයන්ට, දාර්ශනිකයන්ට, ඉතිහාසඥයන්ට හිමි තැන ආගමික නායකයන් ගත්හ. තාරකා ශාස්ත්‍රය ජ්යෝතිශ්ශාස්ත්‍රය බවට පත්වුණි. රසායන විද්‍යාව සින්දුරම් ශාස්ත්‍රය (alchemy) බවට හැරැණි. වෛද්‍ය විද්‍යාව මැජික් ක්‍රම වලට නැඹුරු විය. ඉතිහාසය පුරාවෘත්තයන්ට (legends) ගියේය.

1717 දී Lady Mary Wortley Montagu සටහන් කළේ තුර්කියේ මිනිස්සු හා කතාබහ කිරීම ඉතාලියේ අයෙක් හා කතාබහ කිරීම තරම් ශිෂ්ඨ සම්පන්න වූ බවයි.

අනියම් සබඳතා පවත්වන කාන්තාවන්ට දැඩි දඬුවම් ලැබිණ. ක්‍රිස්තියානි ලෝකයත්, ඉන්දියානු සභ්‍යත්වයත් මෙන් ම අරාබිකරය ද දැක්කේ අනියම් සබඳතාවයක දී කාන්තාවගේ වැරැද්ද පමණකි!!!

ලේඩි මේරි ලියන විස්තර අනුව තුර්කියේ කාන්තාවන් තමන්ට සමාජයෙන් මුළුගැන්වී සිටින්නට වීම ගැන කණගාටුවකින් සිටියේ නැත. Adrianople ස්ත්‍රීන්ට පමණක් වෙන් වූ නාන ස්ථානයක දී ඇයගේ යට ඇඳුම් දැක මුස්ලිම් කාන්තාවන් “අනේ බලන්න මේ අහිංසක ඉංග්‍රීසි කාන්තාවන්ව එයාලගෙ සැමියන් පාවිච්චි කරන හැටි” යැයි කියා ඇත. එදා තුර්කියේ නාන ස්ථාන වලට ඉහළ හා මධ්‍යයම පංති වැසියන් සතියකට වරක් දෙවරක් ගොඩ වැදුනහ. වෙනත් පැතිර ගිය රෝග තිබුණ ද එදා තුර්කියේ වැසියන් යුරෝපීයයන්ට smallpox වලින් ගැලවීම කියා දුන්හ. ඒ උත්සාහයේ පළමු පියවරක් ගත්තේ ලේඩි මේරි විසිනි.

එදා ඊජිප්තුව ඔටොමාන් අධිරාජ්‍යයට අයත් විය. කයිරෝ හි මුස්ලිම් පල්ලි 300 ක් විය. El-Azhar ඉස්ලාමයේ විශ්ව විද්‍යාලයක් විය. ඊට (මැලේසියාව වැනි ඈත රටවලින් පවා) දෙතුන් දහසක සිසුන් පැමිණියහ. ඔවුන් ඉගෙන ගත්තේ කුරානයයි. රූප අඳින චිත්‍රකලාවන් නැවතිණ. එහෙත් ගෘහ නිර්මාණ ශිල්පයට වැදගත් තැනක් හිමිවිය. බහු භාර්යාවන් අනුමත වූ අතර ඊජිප්තුවේ අබිසරුලියන් ද සිටියහ. සෑම ජනාවාසී නගරයකම ඔවුන් වෙනුවෙන් වූ වෙනම කොටසක නීතියෙන් ලැබෙන රැකවරණයෙන් තම වෘත්තීය කරගෙන යන්නට ඉඩ ලැබිණ.

1833 දී Edward Lane විසින් බෙලි ඩාන්සින් නටන අය ගැන විස්තර ලියයි. සංගීත වාදනයට හපන් ගැහැණු පිරිමි දෙකම සිටින බව සටහන් කරයි. ඒවා රසවිඳින්නට කාන්තාවන් ද ආ බව ලියයි. මිහිරි නාදයක් පතුරුවන kemengeh සංගීත භාණ්ඩය වෙනත් කිසිම සංගීතයක් හා සමාන නැතැයි කියයි.

18 වැනි සියවස පර්සියාව (ඉරානය) ගිණිකොනින් ඇෆ්ගන් ආක්‍රමණයෙන් ද, වහල් සේවයට වැසියන් අල්ලා ගන්නට එන උස්බෙක් අයගෙන් ඊසාන දිගින් ද, උතුරෙන් රුසියන් ආක්‍රමණ වලින් ද, බටහිරින් ආ විසල් තුර්කි හමුදාවන් වලින් ද බැට කෑ සමයකි. රට ගලවා ගන්නට ශක්තිමතෙක් ඉදිරියට ආවේය. පර්සියාවේ Nadir Shah තුර්කියත් පර්සියාවත් අතර අර්බූද පැවතෙනුයේ ආගමික වෙනස්කම් නිසා යැයි සිතා ඔහු ෂියා ඇදහීම හැර දමා සුන්නි ඉස්ලාමයට එකතු විය.

Nadir Shah, වසර 200 ක් ඉරානයේ බලය තිබි Safavid dynasty යේ අන්තිමයාව මරා දමා 1736 දී බලය අල්ලා ගත්තේය. ඔහු ආක්‍රමණය කරන ලද දේශ සීමාවන් ලැයිස්තුවට අද ඉරානය, ඉරාකය, ඇෆගනිස්තානය, පාකිස්තානය, උස්බෙකිස්තානය, ඉන්දියාව, ආර්මේනියාව, අස්රාබජාන්, රැසියාව හා ඕමාන් ද අයිති වෙයි. ඔහු ඉන්දු නදිය තරණය කොට දිල්ලියට සැතපුම් හැටක් ළං වී සිටිය දී ඔහුගේ සොල්දාදුවන් හා රටවැසියන් අතර කලබැගෑනියක් ඇති විය. ඔහු පැය හතක් ඇතුලත දී ලක්ෂයක් වැසියන් මරා දමන්නට තම සොල්දාදුවන්ට අවසර දුනි. 1747 දී ඔහුගේ ම භටයන් හතර දෙනෙක් ඇතුල් වී ඔහුව මරා දමන්නට තැත් කළහ. එයින් දෙදෙනෙක්ව මරන්නට ඔහුට හැකිවිය. එහෙත් අනිත් දෙදෙනා ඔහුව මරා දමන ලදි. ඒ වෙන විට ඔහුගේ සටන් වලින් මුළු ඉස්ලාමීය ලෝකයම බැට කා වෙහෙස වී සිටියහ. ඔවුන් සියල්ලෝ ම සැනසුම් සුසුම් හෙලූහ. මෝගල් අධිරාජ්‍ය්‍යත් ඔටෝමාන් අධිරාජ්‍ය්‍යත් තරම් ඉහළකට ඉරානයේ බලය ස්ථාපිත කළ අයෙකු ලෙසින් ඔහු ඉතිහාසයට එකතු විය.

Advertisements

20 Responses

Subscribe to comments with RSS.

  1. wicharaka said, on අගෝස්තු 10, 2012 at 9:20 පෙ.ව.

    දීර්ඝ විස්තර කියවිය හැකි මූලාශ්‍ර කීපයක් දෙනවද කරුණා කරලා. පොත් වුනත් කමක් නැහැ.

  2. chandi said, on අගෝස්තු 10, 2012 at 11:46 පෙ.ව.

    කොහෙන් පටන් ගෙන කොහෙන් ඉවර කරන්නද? අරුණි නංගී. මේ දිගු ව්ස්තරයට ස්තූතියි. ඉවර තියෙන වෙලාවට කියවන්නම් සබැඳියන් ටිකත්.

    • arunishapiro said, on අගෝස්තු 10, 2012 at 12:02 ප.ව.

      චාන්දි අක්කා,

      සිංහලෙන් කියවන්නට නැති තොරතුරු බොහොමයයි. මෙතැන ඇත්තේ ඩිංගිත්තක්. සබැඳි වලින් තමයි තව විස්තර දැනගන්නට පුළුවන්.

  3. Kenji @ Japan said, on අගෝස්තු 10, 2012 at 11:48 පෙ.ව.

    ඔය හැම දේකදිම වෙන්නේ +සහ – නස් මාරු කරගෙන දත කට මුට්ටු කරගන්න එකද? නැත්නම් දාපු කොමෙන්ටුව මකල දාල “පඩි” ටෝක් එකක් දීල,දාපු එඋවන්ට දත කට මැදගෙන නිහඩව ඉන්න කියන එකද ? ඇන්ටි?

    • arunishapiro said, on අගෝස්තු 10, 2012 at 12:00 ප.ව.

      Kenji @ Japan,

      ඔච්චර රිදෙනවා නම් ඇයි මෙහෙ එන්නෙ? ඇයි මෙතැන කොමෙන්ටු දාන්නෙ? තමන් කැමැත්තක් ලියාගෙන තමන් කැමැත්තක් කියවාගෙන ඉන්නෙ නැතිව. අනුන්ගෙ තැනකට යනවා නම් එතැන නීතිය රීතියට ගෞරවයක් තියෙන්න ඕනා. ඒක ආචාරශීලී ලෝකයේ චාරිත්‍රයක්. ඊට අකමැති නම් නොගිහින් ඉන්න. ඒත් බලහත්කාරයෙන් අනුන් ගේ තැනකට ගිහින් එතැන තමන්ට මල පහරන්නට ඉඩක් ඉල්ලීම අයිතියක් කියා වරදවා ගන්න එපා. ඒවා සුද්ද කරන්න යැයි ඔවුන්ගෙන් ඉල්ලීමත් තම අයිතියක් කියා වරදවා ගන්න එපා.

  4. චින්තක ටිකිරිබන්ඩාර said, on අගෝස්තු 10, 2012 at 10:43 ප.ව.

    අගාරික යන්න වඩාත් පැහැදිලි කලොත් හොදයි කියා මට හිතෙනවා ..ඔබ එය යොදාගත්තේ අනගාරික යන්නෙහි විරුද්ධාර්ථයෙන් නම් එය වඩාත් සන්කීර්ණයි අරුණි…

  5. Dinesh said, on අගෝස්තු 11, 2012 at 3:23 පෙ.ව.

    Obama-care ගැන ඔබේ මතය ලියන්න.

  6. රාජ් said, on අගෝස්තු 11, 2012 at 3:26 පෙ.ව.

    අරුණි අක්කගෙ “ලිපියක” (බොහෝ ලිපිවලට මේක පොදුයි) කියන්න උත්සාහ කරන්නෙ මොකක්ද කියල පැහැදිලි කරගන්න කිහිපවරක් කියවන්න සිද්ධවෙනව. ඒ කියන්නෙ ලිපියක් තනි වාක්‍යකට සාරාංශ කරන්න කියල කිව්වොත්, ඒක කරන්න බැරි ගතියක් තියනව. තවදුරටත් පැහැදිලි කලොත් ලිපියෙන් කියන්න අදහස් කරන්නෙ මොකක්ද කියල හරියටම හිතාගන්න බෑ. (තේරුනාද මංද). එහෙම වෙන්න හේතුව ඉංග්‍රීසියෙන් හිතල සිංහලෙන් ලිවීමද? නැත්තං කතාකරන විශයයන් වල තියන සංකීර්ණ ගතියද කියල හිතාගන්න බෑ 🙂

    • arunishapiro said, on අගෝස්තු 11, 2012 at 7:41 පෙ.ව.

      රාජ්,

      ඒකනෙ රාජ්, පැහැදිලිව ලියපු කොහෙන් හරි තැනකින් අරන් කොපියක් ගැහැව්වා නම් වැඩේ හරි!!!

      ලෝකය සංකීර්ණයි. මිනිසා අරුම පුදුමයි. දර්ශනය කියන්නෙ තමන් විසින් ඥානය හඹා යන වෑයමක්. අයෙක් විසින් තවත් කෙනෙකු පිණිස සාරාංශ කරන්න බැරි අදහස්. සටහනක වෑයම ඒවා තුලින් තමන් විසින් වටහා ගත හැකි එක දෙයක් ගැන හෝ තව දුරටත් විමසා බැලීමක් තමන් තුලින් ඇති කරන්නට ඉඩක් සැලසීම. ඒකයි කියන්නෙ මොකක්ද කියලා හරියට ම හිතාගන්න බැරිකමක් තියෙන්නෙ. කතාබහ කරන මාතෘකා වල පසුබිම් ගොඩක් සිංහලෙන් කියවන්නාට නුහුරුයි. ඒත් කියවන්න කැමති, දාර්ශනික විචාරය හුරු අය බොහොමයක් ඉන්නවා. මම ලියන්නෙ ඒ අය වෙනුවෙන්.

  7. Kasun said, on අගෝස්තු 11, 2012 at 8:34 පෙ.ව.

    අරුණි ශපීරෝ,

    ඔබ ඇමරිකානුවෙක්ද?

    ශ්‍රී ලාංකිකයෙක්ද?

    යුදෙව්වෙක්ද?

    සිංහලයෙක්ද?

    • arunishapiro said, on අගෝස්තු 11, 2012 at 9:56 පෙ.ව.

      Kasun,

      මම ඇමෙරිකානුවෙක්මි.

      ලංකාවේ උපන්නාට තව දුරටත් ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවෙමි.

      යුදෙව්වෙක් නොවෙමි. (මගේ ආගම බෞද්ධාගමයි)

      සිංහල මවකටත් සිංහල පියෙකුටත් දාව උපන් නිසා සිංහලයෙක් ද වෙමි.

  8. ravi said, on අගෝස්තු 11, 2012 at 11:13 පෙ.ව.

    ශ්‍රීමත් රිචර්ඩ් බර්ටන් ගැන මුලින්ම දැන ගත්තෙ අනික් වඩා ප්‍රසිද්ධ රිචර්ඩ් බර්ටන් ගැන අන්තර් ජාලයෙ හොයද්දි….

    ඊට පස්සෙ මෙහෙ පොත් සාප්පුවකින් ගත්ත එක්දහස් එක් රැය….. පරිවර්තකයා ඔහුමයි.

    / ඒත් කියවන්න කැමති, දාර්ශනික විචාරය හුරු අය බොහොමයක් ඉන්නවා. මම ලියන්නෙ ඒ අය වෙනුවෙන්. /

    ඔබ හරි අරුණි…ඔබ කියන්නට උත්සාහ කරන සියල්ල තේරුම් ගැනීමට අපහසු වෙන්න පුළුවන්…ඒත් යමක් අළුතින් හිතන්න මනසට උත්තේජකයක් විදිහට ඔබේ ලිපි වැදගත් 🙂


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: