බැවේරියා රාජධානියේ නිව්ෂ්වාන්ස්ටයින් මාලිගාව බැලීමට ගියෙමි
2009 මාර්තු මාසයේ දී ඉතිහාසයෙන් ඉතිරි වෙච්ච ‘නටඹුන්’ නරඹන්න ජර්මනියට ගිය ගමනක් ගැන මේ.
1825 දී පළමුවැනි ලුඩ්විග් තමයි බැවේරියන් රාජධානියේ ඔටුන්න පළඳින්නෙ. කලාවට ලැදි ලුඩ්විග් පුද්ගලිකව අත දෙනවා බැවේරියාව තුල ලස්සන ගොඩනැඟිලි නිර්මාණයට. ඔහුගේ පාලනය යටතේ කාර්මීකරණයට ද ඉඩක් ලැබෙනවා.
පෘෂියන් අධිරාජ්යෙන් පසු එන ජර්මන් අධිරාජ්‍යය දේශ සීමාවන් වැඩි කර ගනිමින් ගිවිසුම් ගසමින් ගිය අවධියක වෙන්නෙ මොකක් ද කියලා අවුල් ලිහා ගන්න කිසිවෙක් කාලය මිඩංගු කළේ නැහැ.
1848 දී බලග්රහණයක් (coup) මඟ හරින්නට බැරි වී 1848 අරගල නිසා සහ අනියම් සබඳතා බොහොමයක් නිසා ජනප්‍රියත්වය අඩුව සිටි පළමුවැනි ලුඩ්විග් බැවේරියාවේ ඔටුන්න දෙනවා තම පුතා වන දෙවැනි මැක්සිමිලියන්ට.
1864 දී දෙවැනි මැක්සිමිලියන් මිය යනවා. එයාගේ 18 හැවිරිදි පුතා වන දෙවැනි ලුඩ්විග් ට තමයි ඔටුන්න හිමිවෙන්නෙ. නිල නාම අතරින් කවුන්ට් පදවියක් හා ඩ්යුක් පදවියක් ද තිබුණ. මෙයාට වැටිච්ච එක නමක් හංස රජ්ජුරුවෝ. Hohenschwangau මාලිගාව උඩ තියෙන හංසයා රෑට පළාත එළිය කරන්න බැබළෙනවා. තවත් නමක් වුනේ සුරංගනා කතා රජ්ජුරුවෝ. බැවේරියාවේ ජනතාව ‘අපේ රජ්ජුරුවෝ’ යන නාමයෙන් ද ඔහුව හඳුන්වා තියෙනවා.
ජර්මන් අධිරාජ්ය්ය බලවත් වූ සමයේ දී ජර්මන් ආණ්ඩුවේ කොටසක් වෙච්ච බැවේරියා රාජධානිය නියෝජනය කරන දෙවැනි ලුඩ්විග් පැත්තකට වෙලා හිටියේ දේශපාලනය ගැන අප්‍රසාදයකින් යැයි එක මතයක්. සමහරු කිව්වා ඔහු සමරිසියෙක් කියල. සමහරු කිව්වා ඔහු ප්‍රසිද්ධියේ කතා පවත්වන්න අකමැති නිසා කියල.
දෙවැනි ලුඩ්විග් සිය පුද්ගලික වස්තුව වැය කරන්නෙ ලස්සන මාලිගා හදන්නට. මාලිගා ඉදි වූ දුප්පත් ගම්බද ප්‍රදේශයන් හි කම්කරුවන් හා කලාකරුවන් සිය ගණනකට රැකියා ලැබුණ. අදත් එහි වැසියන් මේ මාලිගා නරඹන්නට (වසරකට මිලියන 1.3) එන අයගෙන් ලැබෙන සංචාරක මුදලින් රැකෙනා බව අපිට මාලිගාවේ ඇතුලත මඟපෙන්වන්නිය ඉතා සතුටින් කිව්වා. ඇතුලට යන්න ටිකට් පත €9 ක් එක් අයෙකුට. 18 ට අඩු දරුවන්ට නොමිලේ. ගිම්හානයේ දී එන සංචාරකයන් අධික නිසා ඊට වෙන් වූ ස්ථානයෙන් ටිකට් කළින් ගන්න (€1.80 අමතර මුදල) ඕනා කියල තමයි උපදෙස් දෙන්නෙ. හිම වැටුන දිනයෙක ගිය අපිට පෝලිම් තිබ්බෙ නැහැ.
දෙවැනි ලුඩ්විග් මුලින් ම හදන්නෙ Neuschwanstein. සුරංගනා කතා රජ්ජුරුවන්ගේ ඒ මාලිගාව තමයි ඩිස්නි 1959 දී හදන Sleeping Beauty චිත්‍රපටියේ පින්තූර වලින් දකින්න ලැබෙන්නෙත්.
ඔහු එය හදන්නෙ එයාගේ දෙමව්පියන් පදිංචි වෙලා සිටි Hohenschwangau මාලිගාවේ සිට. ළමයි වෙනුවෙන් වෙන් වු වෙනම පැත්ත තමයි දකුණතින් දකින්න ලැබෙන්නෙ. එහි ඔවුන් නිදාගත් කාමර බලන්න පුළුවන්.
එහි සිට තමයි ඔහු ගල් කන්ද උඩ අළුත් මාලිගාවක් හදන හැටි සිහින මවා තියෙන්නෙ. පහත පින්තූරය Hohenschwangau සිට Neuschwanstein දකින හැටි.
Neuschwanstein ඇතුලත ද සංචාරකයන්ට ගිහින් බලන්න පුළුවන්. රිඩච් වාග්නර් ගේ ඔපෙරාවල කියැවෙන කතන්දර තමයි ඉතා දැකුම්කළු බිතු සිතුවම් වලින් දිග හැරෙන්නේ. වියන් බැඳි ඇඳන්, ලී කැටයම්, ගල් කැටයම් යනාදියෙන් පිරුණු තැනක්.
Herrenchiemsee, Munich Residenz හි රාජකීය නවාතැනක් හා වහල උඩ රක්ෂණගෘහයකින් වූ හේමන්ත උද්‍යානයක් හැදෙන්නේ ද ඔහු අතින්.
මාලිගා තනන්නට තමන්ගෙ සල්ලි වියදම් කළත්, ඒ කාලයේ ජර්මන් අධිරාජ්‍යයේ තිබිච්ච අවුල් නිසාත් (ඒ ගැන පසුව), පාලන කටයුතු වල නිසි සේ නොයෙදීමත්, සෙවීමක් බැලීමක් නැතිව ණය ගත්තු නිසාත්, එයාගෙත් බැවේරියා රාජධානියේත් භාණ්ඩාගාරය හිස් වෙනවා. ලෝක ස්වභාවය හා මිනිස් ස්වභාවය හැමදා එක සෙයින් නිසා, හදන්න පටන් ගත්තු වැඩ ඉවර කරන්න කළින් වැටුනේ අර ඔටුන්න පැළඳි හිස මත හැමදා එල්ලෙන ඩැමොක්ලීස්ගේ කඩුව.
1886 ජූනි 13 වැනිදා දෙවැනි ලුඩ්විග්, එයාව පිස්සන් කොටුවට එක්කන් යන්න ආපු දොස්තර Gudden එක්ක ඇවිදින්න යනවා අසලබඩ විලක් ළඟ. ඔවුන් දෙදෙනාගේ ම මළ සිරුරු තමයි විලෙන් ගොඩ ගැනෙන්නේ. දෙවැනි ලුඩ්විග් සියදිවිනසා ගත්තා යැයි නිල නිවේදයක් වුවත් මෘත පරීක්ෂණයෙන් කියැවුනේ ඔහුගේ පෙනහළු වල වතුර තිබ්බෙ නැහැ කියල. දෙවැනි ලුඩ්විග් හොඳට පිහිනන්න දත් අයෙක්. දොස්තරගෙ සිරුරේ ඔළුවට වැදුන පහරවල් සහ බෙල්ල මිරිකන ලද ලකුණු දකින්නට ලැබෙනවා. ලුඩ්විග් එයාව මරා දැමුවා යැයි සැකයක් ද තියෙනවා. පසු කාලයක දී හෙළිවන වාර්තාවක් අනුව දෙවැනි ලුඩ්විග් විලෙන් එළියට එනකොට කවුදෝ එයාට වෙඩි තබා මැරුවාලු.
ඒ ගමනේ එක කොටසක් ගැන කළින් ලියා තියෙනවා. ස්විට්ස්සර්ලන්තයේ අපන්සෙල් ගමට ගිය විස්තරය මෙතැනින්.
හරියට සුරංගනා කතාවක එන මාලිගාවක් වගේ. හරිම ලස්සනයි. ඔය පැත්තේ ඇවිදලාම නෑ. පින්තූර දකිනකොට යන්ට හිතෙනවා කොහොම හරි. 🙂
praveena,
කොහොම හරි යන්න, තවම වැඩිය වෙනස් වී නැති පරිසරයක්. ඇදී එන සංක්‍රමණික ජනගහණයෙන් ඉදිරියේ දී වෙනසක් ඇතිවීම වළක්වන්න බැරි වෙයි. ටිකට් ගන්න අරන් යා යුත්තෙ යුරෝ ද මාර්ක් ද කියලාත් පිටවෙන්න කළින් සොයා බලන්න අමතක කරන්න එපා!!!
පින්තූර ටිකයි කතාවයි මාර ලස්සනයි අක්කේ… දෙවෙනි පින්තූරේ දැක්කම රොබින් හුඩ් මතක් වෙනවා…
Gold fish,
ස්තූතියි මාළුවෝ.
දෙවැනි ලුඩ්විග් මාලිගා තනන්නට වැය කළේ ඔහුගේ පුද්ගලික දේපල. රස්සා ලැබුනේ පළාතේ අයට.
රොබින් හුඩ් ලා, අනුන් ගෙන් හොරකම් කරලා තව අයට දෙනවා මිසක් තමන්ගෙ වස්තුවක්/හැකියාවක් තුලින් නැති දෙයක් නිෂ්පාදනය කරලා අනිත් අයට රස්සාවල් හෝ ධනය දෙන අය නෙමෙයි.
//රොබින් හුඩ් ලා, අනුන් ගෙන් හොරකම් කරලා තව අයට දෙනවා මිසක් තමන්ගෙ වස්තුවක්/හැකියාවක් තුලින් නැති දෙයක් නිෂ්පාදනය කරලා අනිත් අයට රස්සාවල් හෝ ධනය දෙන අය නෙමෙයි.//
බලාගන ගියාම ඒ කතාවත් ඇත්ත… රොබින් හුඩ්ලා ගැන වෙනස් විදියක හැඳින්වීමක්
සජීව ධනුද්ධර,
ආණ්ඩුවත් රොබින් හුඩ් කෙනෙක් තමයි. බලහත්කාරයෙන් බදු මඟින් තියෙන අයගෙන් සල්ලි අරගෙන ආණ්ඩුවට කැමති අයට බෙදා දෙන 😀
හරිම ලස්සනයි…
හෙළවිජය තරුණ සංවිධානය,
ස්තූතියි.
හනේ හරිම ලස්සනයි..අපේ රටේ ඉතිරිවෙච්චි මාලිගාවකට තියෙන්නෙ දලද ාමාලිගාව විතරයි..අනික්වා නටඹුන් වෙලා නෙව..නාකි උනාම ඉන්දියාවෙ ගිහිං එහෙ තියෙන මාලිගා ටිකක් හරි බලාකියා ගන්ට ඕනි…
indika27,
ඇයි ඒක නාකි වෙනකම් කල් දාන්නේ?