අරුණි ශපීරෝ‍ වෙතින්

සංක්‍රමණිකයන් එකතුවෙන සමාජයට අනුකූල නොවෙනවා ද?

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 21, 2012

යුරෝපීය අධිරාජ්‍යවාදීන් විසින් ශතක ගණනාවක් තිස්සේ ආර්ථික සුරා කෑමක් කළ නිසා ඊට හසු වූ රටවල අද වැසියන්ට යුරෝපයට එන්නට හිමිකමක් තියෙනවා යන්න සමහරුන්ගේ මතයයි. විචාරයට හැකි අය අහන්නෙ ඉතින් අධිරාජ්‍යවාදීන් පිටවෙලා ගියාට පස්සෙ අද වෙනතෙක් ඇයි නැත්තෙ කිසිම දියුණුවක් කියායි.

මතකනෙ ලංකාවට ආපු එරික් සෝල්හයිම්. සුඩානයේ සාම සාකච්ඡා පවත්වන්නටත් එයා හවුල් වුනා!!! සුඩානය හැර දා ගිය 1,318 ක් නෝර්වේ හි පදිංචියි. සාම සාකච්ඡා පවත්වන්නේ රටක් සාමකාමී කර එහි වැසියන් සතුටු කරන්නට. සාම සාකච්ඡා වැරදුනාම වෙන මොනා කරන්න ද, ඒ අයට සාම සාකච්ඡා ගෙනෙන රටවල සරණාගත බව නොදී?!!!!

ඔවුන්ව සූරා කන්නේ විදේශිකයන් යැයි රටේ මිනිස්සු මුලා කර, පිටරටවල් වලින් එන මුදල් ආධාර තම පොකැට්ටු වලට දාගන්න හැකි සාම සාකච්ඡා පවත්වා, ඊට පස්සෙ රටේ පිරිසක් එහාට යවාගන්න හැකිනම්, තමන්ගෙ රටවල් සාමකාමී කර වැඩි දියුණු කරන්නට උවමනාවක් ඇති වේවි ද? ඒවාට සහාය දෙන එරික් සෝල්හයිම්ලා බටහිර රටවලින් හොයා ගන්නට පුළුවනි!!!

රටක යම් අංශයක් දියුණු වෙද්දී ඊට අවශ්‍ය වූ කුසලතා හා පුහුණුව ඇති සංක්‍රමණිකයන් ආවම රටට වාසියි, එන ඔවුන්ටත් වාසියි. ඒ ඒ කාලයට දියුණු වෙන භාණ්ඩ හා සේවා අනුව බිහිවෙන රැකියාවන් සඳහා පුහුණු ශ්‍රම බලකායක් එද්දී, පුහුණුවක් නැති ශ්‍රමිකයන්ට ද අනිත් අය කරන්න අකමැති රැකියා වලින් ආදායම් උපයා ගන්න ඉඩ ලැබෙනවා. ඒත් ආදායමක් උපයන්නට පහසු, රෙගුලාසි අඩු වාතාවරණයක් තියෙන රටක් වෙත වෙහෙසෙන්නට කැමති අය පමණක් නෙමෙයි ඇදී එන්නෙ. අනුන්ගෙ මහන්සියෙන් ජීවත්වෙන්නට බලන පරපෝෂිතයන් ද ඇදී එනවා.

අනතුරුව ඔවුන්ගේ සහාය ලැබී, රෙගුලාසි වැඩි වී, වෙහෙසෙන පමණට වාසිදායක තත්වයක් නැති කල (ස්වීඩනයේ යුරෝපීය බ්ලූබෙරි කඩන්නෝ වගේ) ලැබෙන සුබ සාධන වලින් ජීවත් වෙන්නට ජනතාව හුරු වෙති. ඔවුන් නොකරන වැඩ කරවා ගන්න අලුත් අය ගෙන්නා ගන්නට සිද්ධ වෙයි. ගෙන්වා නොගත්තොත් රටේ වැඩ කරන්න මිනිස්සු නැහැ. එන බහුතරය සමාජයට අනුකූල නොවුනොත් ඇතිවන ගිණිකෙළි වලින් රටට පාඩුයි.

විසඳුමක් එන්නේ තාක්ෂණයෙන්. එහෙත් පාරම්පරික වගා ක්‍රම හා මහා පරිමාණ කෘෂිකාර්මික අංශයක් නැති යුරෝපයේ මිනිස් ශ්‍රමය තමයි තවමත් වැඩියෙන් යොදා ගැනෙන්නේ. 1992 දී ජර්මනියේ නීත්‍යානුකූලව ඍතුමය රැකියා සොයා එන ශ්‍රමිකයන් ගෙන් 54% ක් සේවය කර ඇත්තේ කෘෂිකර්මයේ. ප්‍රංශයේ 1970 ගණන් වල සිට වගා කාලයට ලක්ෂයක් පමණ කෘෂිකාර්මික සේවකයන්ට රැකියා අවස්ථා ලැබෙනවා. ඉතාලියේ ද වයින් පිණිස වවන මිදි වතු වල, තක්කාලි සහ දුම්කොළ වගාවට ගැනෙන්නේ විදේශික ශ්‍රමය. ස්පාඤ්ඤයේ නීත්‍යානුකූලව ඉන්නා 15.2% යුරෝපීය නොවන පදිංචිකරුවන් 1996 දී සේවය කරන්නේ කෘෂිකාර්මික රැකියාවන් වල. නීත්‍යානුකූල නොමැතිව රැකියා කරන අය අතර ද දකින්නට ලැබෙන්නේ එවැනි ම වූ ප්‍රවණතාවක්.

රෙගුලාසි අඩු කරන්න අකමැති යුරෝපීය කොමිසම (යුරෝපීය යුනියනයේ විධායකය) ගෙන එන්නෙ තවත් රෙගුලාසි. යුරෝපීය යුනියනයේ නොවන විදේශික වෘත්තීවේදීන්ට යුරෝපීය යුනියනයේ පහසුවෙන් රැකියා සොයා යන්නට ඔවුන් නිල් කාඩ් එකක් ගෙනෙනවා. තමන් ඇතුල් වෙච්ච රටේ වසර හතරක් සිටියාට පසු වෙන යුරෝපීය යුනියන් රටකට යා හැකියාව ලැබෙන්නක්. ඒ නිල් කාඩ් තියෙන අයට ඊ ළඟට යන රටේ දී සාමාන්‍ය මුළු වාර්ෂික ආදායමෙන් අඩු ගානේ 1.5 ගුණයක් වත් ගෙවිය යුතුයි. විද්‍යා හා ඉංජිනේරු රැකියාවන් කරන අයට ඊ ළඟට යන රටේ දී 1.2 ගුණයකින් වැඩි පඩි ගෙවිය යුතුයි. 2011 ජූනි වෙද්දී මේ නිල් කාඩ් වැඩ සටහන දියත් වුනත්, හැමෝම නීති පිළිපදින්නේ නැහැ.

තම පුරවැසියන්ට වෙඩි තියන ආණ්ඩු ඉස්සර කාලෙත් තිබ්බා. දකුණු අප්‍රිකාවේ සුද්දෝ පාලනයේ ඉන්දැද්දී එහෙම සිද්ධියක් ඇහුනම ලංකාවේ හිටන් පෝස්ටර් ඇලවිච්ච කාලයක් තිබ්බ. ඒත් දැන් කළු හම ඇති පාලකයන් අතින් කළු හම ඇති පුරවැසියන් මරා දැමෙන කොට වෘත්තීය සමිති පැත්තෙන්, පත්තර වලින්, කාගෙන් වත් සද්දයක් නැහැ.

තම වැසියන්ට නිල් කාඩ් එකකින් යුරෝපයේ රැකියාවක් සඳහා යන්න අවස්ථාවක් ලැබෙනවා කිය දැනගත්ත ගමන් පුහුණු ශ්‍රමය හොරකම් කරනවා යැයි අවලාද කිව්වෙ Dr. Mantombazana ‘Manto’ Edmie Tshabalala-Msimang විසින්. එයා සෞඛ්‍ය ඇමතිනිය වූ කාලයේ දී ඒඩ්ස් වලින් ගැලවෙන්නට මත්පැන් යහමින් ගත්තම, සුදුළුනු හා බීට්රූට් වැනි එළවළු කෑවම හැකි යැයි කියා ද කිව්වා!!!

2010 දී යුරෝපීය යුනියනයේ නායකයන් විසින් පොදු යුරෝපීය සංක්‍රමණ සැලසුමක් හදන්නට වෑයමක් ගත් විට විරෝධය ආවේ නොසිතූ පැත්තකින්. ආජන්ටීනා, බ්‍රසීල්, පැරගුවේ, උරුගුවේ හා වෙනිසියුලාව හදා ඇති Mercosur නම් හවුලෙන්. එහි සාමාජිකත්වය ඇති බොලීවියාවේ අගමැති Evo Morales කියනවා “ඔවුන්ට වැටහෙන්න ඕනා, කන්න ලැබීම මානුෂික අයිතියක්” කියලා. හැබැයි වැරදිලාවත් කුකුල් මස් කන්න එපා, මොකද ඒ ජනාධිපතිට අනුව එක්කො තට්ටෙ පැදේවි නැත්නම් සමලිංගිකයෙක් වෙවි!!!

ඔබලාට කන්න ලැබීමට ඇති අයිතියේ හිමිකම දිනාගන්න බටහිර රටවල් වලට යන්න අයිතියක් ද තියෙනවා කිව්වම ඒ මුලාවෙන් රැවටුන මිනිස්සු යන්නේ වෙහෙසී සංවර්ධනයට දායක වෙන්න නෙමෙයි, තමන්ට හිමිකමක් ඇති උරුමය කාලා බීලා ජොලියේ ඉන්න ගමන් ගිණිකෙළියක් දෙකක් පවත්වන්න.

තමන්ගේ රටේ පාලකයන් විසින්, වෙහෙසී ඉපැයූ අයගේ ආදායම කාලා බීලා ජොලි කරලා ඒවා ඔක්කොම ඉවර කරලා, අනේ උඹලාව විදේශිකයන් විසින් සූරා කෑවා කියන මුලාවට රැවටිලා, උඹේ හිමිකම අන්න යුරෝපයේ කියන මුලාවටත් රැවටිලා, සරණාගතයෙක් හැටියට තමන්ට යා යන්න ලැබෙන රටක දී ත් එහෙම කළාම, එතකොට කවුද ලෝකයේ ඉතුරු වෙන්නෙ එයාට කන්න දෙන්න?!!!!

ඒත් ඉතින් ඒ නොදියුණු රටවල් වල නායකයන් ගැන කුමන කතා ද, Todd Akin වගේ අයෙක්ට අඟහරු වෙත රොබෝ යන්ත්‍රයක් යවන්න සමත් වෙච්ච ඇමෙරිකාවේ සෙනෙට් සභිකයෙක් වෙන්න හැකියාව තිබෙද්දී. ඔහු පසුගිය දිනයෙක ‘සුජාතක (legitimate) ලිංගික දූෂණයට’ ලක් වූ කාන්තාවන් තුල ඇති ස්වභාවික පද්ධතියකින් දරුගැබ් පිළිසිඳ ගැනීම නවතා දැමිය හැකි යැයි කිව්වා. ඒ නිසා ලිංගික දූෂණයට ලක් වු කාන්තාවන්ට ගබ්සාව තහනම් කිරීම ඔහුගේ කැමැත්තයි. 1990 දී රිපබ්ලිකන් ටෙක්සාස් ධනවතෙක් වූ Clayton Williams ද ඒ වගේ මුග්ධ කතාවක් කිව්වා: කාලගුණය එතරම් යහපත් නැත්නම් වෙන කරන්න දෙයක් නැහැ, “ඒක හරියට ලිංගික දූෂණයක් වගෙයි, ඒක නියත නම් සැහැල්ලු වෙලා ආශ්වාදයක් ලබන්න.” පහසුවෙන් දිනන්න තිබිච්ච චන්දෙන් ඔහු පැරදුනා. ක්ලේටන් වගේ ම ටොඩ් විසින් ද සමාව අයැදලා තියෙනවා. 1990 ඇමෙරිකන් ඉතිහාසය 2012 දී රිපීට් කරාවි ද?

***

පින්තූර වර්ජීනියාවේ ෆෙයාර්ෆැක්ස් නගරයේ ඇති කොරියන් බේකරියේ දී. වැඩ කරන කොරියන් කෙල්ලන්ට ඉංග්‍රීසි වැඩිය බැහැ, ඒත් මේවා ගන්නයි මේවා කන්නයි භාෂාවක් ඕනැයෑ!!!

Advertisements

12 Responses

Subscribe to comments with RSS.

  1. Yasith said, on අගෝස්තු 21, 2012 at 9:05 පෙ.ව.

    Samahara wita lankawa thamat yatath vijithayak una nam meeta wada godak diyunu wenna thibuna.meeta wada aparada adu wenna tibuna…

    • arunishapiro said, on අගෝස්තු 21, 2012 at 9:07 පෙ.ව.

      Yasith,

      යටත් විජිතයක් ද නැද්ද කියන එක මත නෙමෙයි අපරාධ අඩු වැඩි වීම රඳන්නේ, පුරවැසියන් සියල්ලන්ට ම එක හා සමාන අන්දමින් තියෙන නීති රීතීන් ක්‍රියාත්මක වෙනවා ද නැද්ද යන්න මතයි.

  2. සොසී said, on අගෝස්තු 21, 2012 at 9:11 පෙ.ව.

    ඔවු….
    “ මටත් දෙන්න මෙන්න මෙයින් එකක් “ කියල පෙන්නල ඉල්ලතෑකි නෙව.

    සංක්‍රමණිකයින් පවතින සමාජයට අනුගත වෙන්නෙ නැහැ කියල මටත් හිතෙනවා. මොකද කියනව නම් ලංකාවෙ ඉදල වෙනත් රටවලට. විශේෂයෙන් බටහිර රටවලට යුරෝපයට ගිය අය ඉන්නේ එහේ වුනාට කරන්නෙ /කරන්න කැමැති ලංකාවෙ විදිහ නිසා. එහෙම නැතිනම් එයාල ඒ බව අපිට පෙන්වනවා.එහෙමත් නැතිනම් එයාල අපි ලව්වා ලංකාව ආරක්ෂා කරවන්න.ලංකාවේ දේ අපි ලව්වා සංරක්ෂණය කර ගන්න හදනවා.

    ඒත් ඒ රටවලදි ඉපදෙන ඔවුන්ගේ දරුවන් බොහොම ඉක්මනින් ඒ සමාජයට අනුගත වෙනවා.ඊට පස්සෙ ඒ සමහර දෙමාපියන්ට ඕනි වෙනවා ඒ දරුවන්ව එහෙ හිටියට ලංකාවෙ ක්‍රෙම් පුරුදු කරන්න.

    මම කීවේ හැමෝ ගැනම නෙමෙයි.ඇතැමුන් ගැන.

    අක්කා, ඔයා ඇමරිකාව වගේ රටකට ලංකාව වගේ රටක ඉන්න මම වගේ කෙනෙක්ට සංක්‍රමණය වෙන්න පුලුවන් විදි , මොනාද සපුරන්න ඕනි සුදුසුකම් වගේ දේ ගැන ලිපියක් ලියල තියෙනව ද?

  3. Gold fish said, on අගෝස්තු 21, 2012 at 10:44 පෙ.ව.

    කෙල උනන එක නවත්ත ගන්න නම් කෑම තියෙන පින්තූර නොබල ඉන්නම වෙනවා…!!!

    • arunishapiro said, on අගෝස්තු 21, 2012 at 10:48 පෙ.ව.

      Gold fish,

      ඒ පැත්තෙ යන හැම දවසක ම නොවැරදීම ගොඩවෙන තැනක් වුනාට, මටත් මේ පින්තූර බලද්දී කටට කෙළ උණනවා … නිරෝගී මනසක් අපිට තියෙන්නේ!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: